19 April, 2024

Blog

ජනාධිපති තාත්තා

හේමන්ත වර්ණකුලසූරිය​ –

හේමන්ත වර්ණකුලසූරිය​

චතුරිකා සිරිසේන මහත්මිය විසින් ලියන ලද ජනාධිපති තාත්තා නමැති කෘතිය තරම් මහත් ආන්දෝලනයට ලක්වූ කෘතියක් පසුගිය වසර කීපය තුල රචනා නොවූ බව මම සිතමි.

බොහෝ දෙනෙකු මේ කෘතිය දෙස බැළුවේ විෂම වෛර සහගත නෙතිනි. බොහෝ දෙනෙකු මේ කෘතියේ කිසිම හොඳක් දැක නැත. කලින්ම, මෙම කෘතිය ලියුවේ සුනිල් මාධව ප්‍රේමතිලක යයි පැවසූහ. එයට ඔහුට ලක්ෂ 25 ක් ගෙවීමට තිබුණු බව පැවසිණි. එය නැවතුණේ සුනිල් මාධව ප්‍රේමතිලක නමැති කෘතහස්ත ලේඛකයා අතිශයින්ම රෝගීව සිටින බව ප්‍රසිද්ධ වූ පසුවය. මේ අනුව, මෙම ග්‍රන්ථය හෙලා දැකීමේ කුමන්ත්‍රණය දියත් කිරීමට කෙසේ ක්‍රියාකර ඇත්දැයි මට සිතුණි.

මෙම ග්‍රන්ථය පමණක් නොව, බොහෝ දේශපාලඥයින් නමින් ලියැවෙන පොත් ලියා ඇත්තේ වෙනත් කර්තෘවරු බව හැමදෙනාම දනිති. එය නොදන්නේ ශ්‍රී ලංකාවේ සිටින බත්බැලයින් පමණි. මෙම පොත චතුරිකා ලියූව ද, ඇයගෙන් අදහස් ගෙන වෙන කෙනෙකු ලියුව ද ප්‍රශ්ණයක් නම් නැත. මෙම ග්‍රන්ථය ඉතා දෘඪ ලෙස හෙලා දකින බොහෝ දෙනා මෙම පොතේ වචනයක්වත් කියවා නැති බව මට පැහැදිලිය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම දරාගත නොහැකි අය මෙම කුමන්ත්‍රණය දියත් කර ඇති බව පැහැදිලිය.

චතුරිකා දියණියනි, ඔබගේ පියා ඔහුගේ ජීවිතය ගැන මට කියා ඇති කථා අතිශයින්ම රසවත්ය. ඔහු මන්ත්‍රීවරයෙකුගේ හවඩියක් නැතිවීම ගැන කියූ කථාවක් මට යාන්තමින් හෝ මතකය. බොහෝවිට චරිතාපදානවල කියවෙන්නේ ඒ තැනැත්තාගේ සුදු චරිතය ගැන පමණි. කළු චරිතය ගැන නොලියවෙන්නේ ඒ තැනැත්තාගේ චරිතයට හානියක් වියහැකි බව චරිතයට සම්බන්ධ බොහෝදෙනා සිතනා හෙයිනි. ඒ නිසා ලංකාවේ පළවුනු චන්ද්‍රිකා බණ්ඩාරනායක ගැන ලියු චරිතාපදානය ලිවීමට රජයේ මුදල් මිලියන 20 ක් වියදම් වු බව ප්‍රකටය. චරිතාපදානයේ ඇය ‘විහාර මහා දේවියක්’ ලෙස පළවූවත් මෙරට විනාශයට මග පෑදු නායිකාවක ලෙස බොහෝ අය හැඳින්වීය. ඇය විසින් ලියාගත් චරිතාපදානයට වඩා වික්ටර් අයිවන් ලියූ “චෞර රැජින” පොත විකිණී ඇති බව පැහැදිලිය.

ඔබ පියාගේ ජයග්‍රහණය, මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුතු යැයි අදිටන් කරගත් ළඟ පෙනෙන අන්ධකාර ඒකාධිපතිවාදයෙන් මිදී මෙරට නැවතත් මිනිසුන්ට සුදුවෑන් වලින් සහ රාජ්‍ය ත්‍රස්තවාද‍යෙන් මිදුණු රටක් ගොඩ නැගීමට ඡන්දය දුන් මිනිසුන්ගේ ජයග්‍රහණයකි. ඊටපසු වූ දේවල් හා නොවිය යුතු දේවල් ගැන ඔබ වගකිව යුතු නොවේ.

තරුණ දියණියක් වශයෙන් ඔබගේ පියාගේ කථාව ඔබේ ඇසින්, වෙන කවුරුන් හෝ ලවා ලිවීම ගැන ඇත්ත වශයෙන්ම සතුටුවිය යුතුය. මෙයට එරෙහි වන්නේ හුදෙක් ගෝත්‍රික අන්ධ ආගම් භක්තියෙන් හා ජාත්‍යාලයෙන්, පෙලෙන මිත්‍යාවෙන් හා ම්ලේච්ඡත්වයෙන් පිරුණු ජන කොටසක්වේ. මුහුණු පොතේ සටහන් වලින් ඒ බව පැහැදිලිය. එයින් ඔබ කිසිසේත්ම අධෛර්යය නොවිය යුතුය. ඔබගේ පියාමෙන් තිර අධිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුය. එබැවින් මෙම පොත එලිදැක්වීම සම්බන්ධයෙන් යාන්තමින් පොතක් කියවන්නෙකු ලෙස මට ඇත්තේ සතුටකි. ඔබ මතක තබා ගන්න ලෝක පුජිත ඇමරිකානු ජනාධිපති ජෝන් කෙනඩිගේ දේශන හා කෘතීන් ලියන ලද්දේ ටෙඩී සොරෙන්සන් නමැති සෙනෙට් සභිකයා බව. එහෙත්, ජනතාව එය කෙනඩිගේ පොතක් ලෙස පිලිගත්තා පමණක් නොව, ඔහුගේ කියමන් අදටත්, ඇමරිකානු වැසියන් උද්දාමයෙන් පුනරුච්චාරණය කරනු ලබයි. මා හිතන අන්දමට ඒබ්‍රහම් ලින්කන් වැනි පැරණි ජනාධිපතිවරුන් මෙන්ම, බෙන්ජමින් ඩිස්රායල් වැනි අගමැතිවරුන් හැර අනෙකුත් බොහෝ නායකයන්ගේ ප්‍රකාශන හා ලියවිලි වලට පිටුපස අපට නොපෙනෙන හොල්මන් කතුවරයෙකු සිටී.

මෙම කෘතිය ඔබ ලීව ද, වෙන කෙනෙකු ලවා ලියවා ගත්ත ද, වැදගත් වන්නේ පොතේ ඇති අදහස්ය. ඒ නිසා එවැනි චෝදනා ගැන කම්පාවෙනවා වෙනුවට ඔබ දිරිමත් විය යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    තානාපති කමක් වත් ගන්නද තෙල් ගාන්නේ? චරිතාපදාන ලියන්න කරලා තියෙන්නේ මොනවාද ? ලෝකයේ ජන නායකයින් ගැන ලියලා තියන දේවල් කියවන විට තේරුම් ගන්න පුළුවන් ‘ජනාධිපති තාත්තා ‘ මොන තරම් මෝඩ චුන් එකක් ද කියලා…

  • 1
    0

    “ඔබ පියාගේ ජයග්‍රහණය, මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුතු යැයි අදිටන් කරගත් ළඟ පෙනෙන අන්ධකාර ඒකාධිපතිවාදයෙන් මිදී මෙරට නැවතත් මිනිසුන්ට සුදුවෑන් වලින් සහ රාජ්‍ය ත්‍රස්තවාද‍යෙන් මිදුණු රටක් ගොඩ නැගීමට ඡන්දය දුන් මිනිසුන්ගේ ජයග්‍රහණයකි”. very interesting to see this piece of writing by Mr. Hemantha Warnakulasooriya. It seems that Hemantha was not advocating and/or was not worked with the previous government which, according to him, was practicing ‘state terrorism’ (raajaya thusthawadaya) under MR’s leadership !! Was the Rajapakasa’s government practicing this sort of ‘terrorism’ when Mr Warnakulasooriya was in Italy as ‘MR’s handpicked Ambassador’ or was it happen after he completed his tenure? I don’t have any issue with Hemantha if he thinks that he should be critical on MR or Previous government. But it is rather pity to see a person worked under ‘state terrorism’ by his own interest and by the invitation of such ‘terrorist state’!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.