19 April, 2024

Blog

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහලම අණදෙන නිලධාරීන් බරපතල අපරාධවලට සම්බන්ධයි

නාවික පරිශ්‍ර තුලදී 2008-14 කාල වකවානුවේ සිදුකරන ලද වධහිංසා, අතුරුදහන් කිරීම් සහ මිනීමැරුම් වලට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහළම තලයේ අණදෙන්නන් විශාල සංඛ්‍යාවක් සම්බන්ධ බව හෙළි කොටගෙන තිබෙන සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යන සියලු නාවික සහයෝගිතා නැවත සලකා බලන ලෙස ඉල්ලා සිටී.  

ITJP විසින් පලකරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාව: සාමුහිකව ඇස් වසා ගැනීම (The Sri Lankan Navy: Turning a Collective Blind Eye)” වාර්තාව ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ දී අතුරුදහන් වූ පිරිමි 11 දෙනකු පිළිබඳව දශකයක් තිස්සේ ශ්‍රී ලංකාව තුල කෙරෙන පොලිස් පරීක්ෂණ වලට අදාළ ලිපිලේඛන, සිද්ධීන් සියැසින් දුටු දිවි ගලවාගත්තවුන්ගේ සහ අභ්‍යන්තර සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සමග සංසන්දනය කර තිබේ. එයින් වැටහී ගොස් ඇත්තේ ශ්‍රී ලාංකික  විමර්ශනයේ බරපතල දෝෂ, බැඳියාවන් අතර ගැටුම් සහ ඊට කෙරෙන දේශපාලන මැදිහත්වීම් ඇති බවයි. නාවික හමුදාව විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝන සිවිල් යුද්ධය අවසන් වූ 2009 න් නොනැවතුනු අතර වධහිංසා පැමිණවීම් එක නාවික කඳවුරකට සීමා නොවූ බවත් එහි දැක්වෙයි. 

ත්‍රිකුණාමලයේ 11 පැහැරගැනීමේ නඩු විභාගය ශ්‍රී ලංකාවේ යුක්තිය ජයගැනීම පිළිබඳ මහා අන්දරය වීමට නියම වී තිබුනත්, ශෝචනීය ලෙස එය අසාර්ථකත්වයේ සංකේතයක් බවට පත්වී තිබේ. නාවික බුද්ධි අංශයේ විධාන ව්‍යුහය භාර හෝ ත්‍රිකුණාමලයේ රාජකාරියේ යොදවා සිටි හෝ බොහෝ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්ගෙන්  ප්‍රශ්න කිරීමක්වත් කර නැත. අපරාධ කළ බවට සැක කෙරෙන්නන්ට ආරක්ෂාව සලසා උසස් වීම් දී  තිබෙන අතර ජීවතුන් අතර සිටින වින්දිතයන් කිසිවිටෙකත් සම්මුඛ පරීක්ෂාවට ලක් කර නැත,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය. 

විශේෂ බුද්ධි ඒකකයේ ක්‍රියාකාරකම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැන සිටින්නට ඇත. එය එවක නාවික හමුදාපති විසින් පුද්ගලිකව නාවික බුද්ධි අංශය තුලම පිහිටුවන ලද රහසිගත මෙහෙයුම් ඒකකයකි. විශේෂ බුද්ධි ඒකකයේ සාමාජිකයෝ, සිදුකළ වෙනත් කටයුතු අතර, ශ්‍රී ලංකාවේ වැඩිම ආරක්ෂාවක් සහිත නාවික කඳවුර තුල අවුරුදු කිහිපයක් තිස්සේ සිරකරුවන් ගණනාවක් බිම්ගෙවල සිරකොට තබාගෙන සිටි බවට චෝදනා ලබති. මේ අඩවියට රැඳවියන් ගෙන ඒම සහ යාමත්, ඒසා විශාල පිරිසකගෙන් ප්‍රශ්න කිරීම, ඔවුන්ට ආහාර දීම හා ඔවුන් මුර කිරීමත් නාවික හමුදා විධාන ව්‍යුහයේ හවුල් වීමකින් තොරව සිදුකිරීම අපහසු බවට වාර්තාව තර්ක කරයි.   

අප විසින් කතා කරනු ලැබූ නාවික හමුදා නිලධාරීන් පවසන්නේ සිද්ධවන දේ සම්බන්ධයෙන්  සාමුහිකව ඇස් වසාගෙනසිටිය යුතු යැයි හැමදෙනාම දැන සිටි බවයි. සමස්ත නාවික විධාන ව්‍යුහයම මේ උල්ලංඝන වලට හවුල් වූ ආකාරයක් පෙනීයන අතර ඔවුහු බෙහෙවින්ම දූෂිත වී සිටිති,” යි යැස්මින් සූකා පවසයි. “අන්තිම අවම වශයෙන් පොලිස් පරීක්ෂණවලට පූර්ණ සහාය ලබා දී මෙම නඩුකරයේ සැකකරුවන්ට වරදාන ලබාදීම අත්හිටුවන තුරු, නාවික හමුදාවට එරෙහිව තහංචි පැනවීමට කාලය එළැඹ තිබේ. දැන් ගැන දැනුවත් වී සිටින  ජාත්‍යන්තර හවුල් කරුවන්ට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාපරාධීකාරිත්වය නොදුටු ලෙසින් තව දුරටත් ඇස් වසාගෙන සිටිය නොහැකිය.”

තවමත් යුක්තිය පතා සිටින වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල් වලට මහත් සේ වේදනාකාරී නොවන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව: සාමුහිකව ඇස් වසා ගැනීමවාර්තාවේ දැක්වෙන බියජනක විස්තර ත්‍රාසජනක ප්‍රබන්ධයකට තරම් වෙයි. පොලිසිය ඉන්ටර්පොල් නිවේදනයක් නිකුත් කර තිබූ සැකකරුවකු  එක් අවස්ථාවකදී නාවික හමුදා මූලස්ථානයේ සඟවා තබා ගත් බවට චෝදනා ලබන ශ්‍රී ලංකාවේ ඉහළම හමුදා නිලධාරියා ඉන් අනතුරුව සාක්ෂිකරුවකු පැහැර ගැනීමට තැත් කළ බවට චෝදනා ලබයි. එක් අයකු හැර සියලුම සැකකරුවන් ඇප මත මුදා හැර තිබෙන අතර බරපතල චෝදනා එල්ලවී තිබියදීත් කිහිප දෙනකුටම උසස්වීම් ලබා දී තිබේ. 

ත්‍රිකුණාමලයේ භූගත අඩවියේ පිහිටීම ගෝලීය ස්ථාන සෙවුම් පද්ධති (GPS) ඛණ්ඩාංක දක්වා 2015 දී මුලින්ම ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ ITJP විසිනි. පසුව එම අවුරුද්දේම එතැනට ගිය එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් විසින් භූගත රැඳවුම් කුටි තිබුණු බව තහවුරු කරන ලදී. 

වාර්තාව මෙතනින්

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.