17 October, 2021

Blog

මැතිවරණ කොමිසමේ “සංස්කෘතික පොලිස්” භූමිකාව

ජයම්පති වික්‍රමරත්න

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රම​රත්න

දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන්නේජාතිකපක්ෂ ලෙස නිසා නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. දැනටමත් ලියාපදිංචි පක්ෂ වල නමෙහි හෝ ව්‍යවස්ථාවේ එවැනි සඳහනක් ඇත්නම් එවැනි  සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා වෙනස් කල යුතුය. එසේ නොකළහොත් එවැනි පක්ෂවල ලියාපදිංචිය අවලංගු වන වන බව එයින් ගම්‍ය වේ.

මැතිවරණ කොමිසමට නීති සෑදිය නොහැක

පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 7වන වගන්තිය අනුව ලියාපදිංචිය ඉල්ලා සිටින පක්ෂයක් පනත යටතේ මැතිවරණයක් තරඟ කිරීමට සංවිධාන වී සිටිය යුතුය. එවැනි පක්ෂයක් පිළිගැනීමට නම් ඊට කලින්වූ  සිව් වසර කාලය තුල පක්ෂය දේශපාලන ක්‍රියාවන්වල යෙදී සිටියේ යයි කොමිසම සෑහීමට පත් විය යුතුය. එසේ නොමැති නම් අවසාන පාර්ලිමේන්තු මැතිවරණයේදී එම පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයින් අඩුම වශයෙන් දෙදෙනෙක් අතරින් අඩුම වශයෙන් එක අයෙකු තේරී පත් වූවා විය යුතුය. නැතහොත් අවසාන පළාත් සභා මැතිවරණ වලදී එම පක්ෂයෙන් වෙනස් පළාත් සභා පහකට ඉදිරිපත් වූ අපේක්ෂකයින් අඩුම වශයෙන් පස් දෙනෙකු අතරින් අඩුම වශයෙන් තිදෙනෙකු තේරී පත් වූවා විය යුතුය. එම පනත යටතේ ලියා පදිංචි පක්ෂ අනෙකුත් මැතිවරණ සඳහාත් පිළිගනු ලැබේ.

දේශපාලන පක්ෂයක් පිළිගැනීම සඳහා, එයජාතිකමට්ටමින්, එනම් දිවයින පුරා මැතිවරණ තරඟ කිරීමට සංවිධානවී තිබීමේ අවශ්‍යතාවයක් නීතියේ නොමැත. රටේ එක් ප්‍රදේශයකට සීමාවී දිස්ත්‍රික්ක සීමාසහිත ගණනක තරඟ කිරීමට බාධාවක් නැත.

පක්ෂයක නමෙහි ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් වීමට පනතින් තහනමක් නැත. එකම සීමාව වන්නේ පක්ෂයක නම තවත් පක්ෂයක නම සමග සමාන නොවීම සහ නොමග යැවීමට හෝ ව්‍යාකූල කිරීමට හෝ මුලා කිරීමට තරම් සමාන නොවීම පමණි.

මේ අනුව කොමිසම උත්සාහ කරන්නේ ලියාපදිංචිය සඳහා තව අවශ්‍යතා එකතුකිරීම මගින් තමන්ට නැති ව්‍යවස්ථාදායක බලයක් පවරා ගැනීමටය. එතැනින් නොනැවතී දැනට ලියාපදිංචි පක්ෂ වලට තම නම් සහ ව්‍යවස්ථා වෙනස් කිරීමටද බල කරයි.

මූලික අයිතිවාසිකම් වලට ඇති බලපෑම

අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තියෙන් සමාගමයේ නිදහස සහතික කර ඇත. දේශපාලන පක්ෂ පිහිටුවීමට සහ ඒවාට බැඳීමට ඇති අයිතියේ දේශපාලන වැදගත් කම අවධාරණය කිරීම අවශ්‍ය නැත. සමාගමයේ නිදහසට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ රැස්වීමේ නිදහස සමග සමීප සම්බන්ධයක් ඇත. සමාගමයේ නිදහස උල්ලංඝනය කෙරෙන බොහෝ අවස්ථා වලදී නිදහස්ද උල්ලංඝනය වේ. සමාගමයේ නිදහසට බලපාන තවත් අයිතීන් දෙකක් 14(1) වගන්තියෙන් සහතික කර ඇත. ඒවා නම්එකලාව හෝ අන් අය සමග එක්වතම ආගම හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහස සහඑකලාව හෝ අන් අය සමග  එක්වස්වකීය සංස්කෘතිය බුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසයි.

දේශපාලන පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යාවශ්‍ය ස්වෙච්ඡා සංවිධාන වෙති. “ප්‍රජාතන්ත්‍රවාදී සමාජය නම් සංකල්පයේ හරය වන දේශපාලන කතිකාවට දේශපාලන පක්ෂ ප්‍රතිස්ථාපනය කල නොහැකි දායකත්වයක් ලබාදෙයියනුවෙන් තුර්කියේ එක්සත් කොමියුනිස්ට් පක්ෂය එදිරිව තුර්කි නම් නඩුවේදී ප්‍රකාශ කල යුරෝපීය මානව හිමිකම් අධිකරණය, සමාගමයේ අයිතිය දේශපාලන පක්ෂ වලට අදාළ නැති බවට තුර්කි ගෙනා ර්ක ප්‍රතික්ෂේප කළේය.

සමසමාජ සම්ප්‍රදායේ හැදුනු කෙනෙක් ලෙස මේ ලියුම්කරුගේ බලාපොරොත්තුව සෑම දේශපාලන පක්ෂයක්ම තවත් අරුතකින්, එනම් සෑම ජනවාර්ගි සහ ආගමික කණ්ඩායම්වල ඕනෑඑපාකම් සහ අභිලාෂයන් අනුව කටයුතු කරමින්, “ජාතිකදේශපාලන පක්ෂ වීමය. එහෙත් ඊට වෙනස් මතයක් දරන බොහෝ දෙනා සිටිති. තමන්ගේ ඕනෑඑපාකම් පිළිබඳවජාතිකපක්ෂ උනන්දු නොවන බව බොහෝ දෙමළ, මුස්ලිම් සහ කඳුරට දෙමළ මිතුරන් පවසති. ජාතික හෙළ උරුමය සහ පිවිතුරු හෙළ උරුමය පිහිටුවා ගන්නා ලද්දේජාතිකපක්ෂ සිංහලයන්ගේ ඕනෑඑපාකම් නොසලකා හරින බව විශ්වාස කරන සිංහලයින් විසිනි. ඒවා ඔවුන්ගේ විශ්වාසයන් වන අතර එම විශ්වාසයන්ට අනිකුත් අය ගරු කල යුතුය.

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් විය යුතු යයි විශ්වාස කරන කොතරම් කුඩා පිරිසකට වුවද, එය අරමුණ කරගත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට, බව එහි ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා සිටීමට සහ තම පක්ෂයශ්‍රී ලංකා බෞද්ධ රාජ්‍ය පක්ෂයලෙස නම් කිරීමට අයිතියක් තිබිය යුතු නොවේද?

.පී.ඩී.පී. සහ ටෙලෝ වැනි පක්ෂ වල නම් වලටඊලාම්යන වචනය ඇතුලත්වී තිබීම මැතිවරණ කොමිසමට ප්‍රශ්නයක් නොවේ. ඊලාම්යනුලංකාහෝඉලන්කෙයියන්නට තව වචනයක් යයි එම පක්ෂ කියා සිටින නිසාද? පක්ෂයේ නමෙහි යම් ජනවර්ගයක් හෝ ආගමක් සඳහන් නොවුනත් යම් විශේෂිත ජනවර්ගයක හෝ ආගමික කොටසක ඕනෑඑපාකම් වෙනුවෙන් පැහැදිලිවම පෙනී සිටින පක්ෂ ගැනද කොමිසමට ප්‍රශ්නයක් නැත. ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ මෙන් තම නමෙහිමුස්ලිම්යන වචනය ඇතුලත් නොවුනද, සමස්ත ලංකා මක්කල් පක්ෂය මූලික වශයෙන් මුස්ලිම් ප්‍රජාවගේ පක්ෂයකි. ලංකා කම්කරු කොංග්‍රසය සහ කඳුරට ජනතා පෙරමුණ, කඳුරට දෙමල ජනතාවගේ ඕනෑඑපාකම් වෙනුවෙන් පෙනී සිටිති.

සංස්කෘතික පොලිස්භූමිකාව

කොමිසමට අනුව දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවේ හෝ ජනවර්ගයක හෝ ආගමක නම සඳහන් නොවිය යුතුය. එවැනි පක්ෂයකට ලියාපදිංචි වීමට හෝ ලියාපදිංචි පක්ෂයක් ලෙස තව දුරටත් කටයුතු කිරීමට  නොහැක. එහෙත් එසේ සඳහන් ප්‍රකාශිතව නොවුනද, යම් ජනකොටසක් වෙනුවෙන් පමනක් පෙනී සිටීමේ වරදක් කොමිසමට නොපෙනේ. කොමිසමට අනුව වැරැද්ද තියෙන්නේ නමේය.

කොමිසමට අනුව ඉහතකී සඳහන් කිරීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. පුරවැසියන්  තම ජන කොටසේ අයිතීන් පිලිබඳ යම් ස්ථාවරයක් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද? එකම  අදහස් ඇති පිරිසකට තම ස්ථාවරය සාමූහිකව සහ වඩා පලදායී ලෙස ප්‍රකාශ කිරීම සඳහා දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට අයිතියක් නැද්ද? එවැනි පක්ෂ මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැර කල යුතුද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දේශපාලන පක්ෂයක් බලරහිත කල හැක්කේ 157 වගන්තිය යටතේ පමණි. ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක්  පිහිටුවීම යම් පක්ෂයක හෝ සංවිධානයක අරමුණු අතුරට ගැනෙන විට එය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැක. චන්ද්‍රසෝම එදිරිව මාවයි එස්. සේනාධිරාජා  නඩුවේ දී ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ෆෙඩරල් පක්ෂය එසේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගත් පක්ෂයක් ලෙස ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින ලදී. තමන් එක්සත් ශ්‍රී ලංකාවක් තුල ෆෙඩරල් ක්‍රමයක් මිස වෙනම රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කර ගත් පක්ෂයක් නොවන බව එම පක්ෂය තහවුරු කර ඇතැයි තීරණය කල ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම ඉවත දැමීය. එහෙත් මැතිවරණ කොමිසමේ නිර්ණායක අනුවදෙමළයන වචනය තම නමෙහි ඇතුලත් නිසා එම පක්ෂයට  ලියාපදිංචි පක්ෂයක් ලෙස ඉදිරියට කටයුතු කල නොහැක.

සංස්කෘතික පොලීසියක්වීමට උත්සාහ කරනු වෙනුවට මැතිවරණ කොමිසම කලයුත්තේ ව්‍යවස්ථාවේ 103 (2) වගන්තිය ප්‍රකාර තම ව්‍යවස්ථානුකූල යුතුකම ඉෂ්ට කිරීමට තම කාලය සහ ශක්තිය යෙදවීමයි. එම වගන්තිය මෙසේය: “නිදහස් සහ සාධාරණ චන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම කොමිෂන්  සභාවේ පරමාර්ථ විය යුත්තේය.”

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.