25 April, 2024

Blog

පාස්කු ඉරිදා කොමිසන් සභා වාර්තාව හා හරසුන් විවේචන​

රුසිරිපාල තෙන්නකෝන්

රුසිරිපාල තෙන්නකෝන්

අප රටේ දේශපාලන ඉතිහාසයට තවත් එක් කොමිෂන් සභා වර්තාවක් එක් වී ඇත. හා බැඳුණු අතීත කතාව ඉතාමත් ආස්වාදජනකය. සපා කෑ නොහැකි , දත් නැති පරීක්‍ෂණ​ යාන්ත්‍රණ පත් කිරීම, ක්‍රියාත්මක වීම සහ ඒවායෙන් උද්ගත වූ සමාජ ව්‍යාකූලත්වයන් දෙස හැරී බලන විට, ආණ්ඩු කාලවලදී පිහිටුවන ලද කොමිෂන් සභා සහ  හා සමාන වූ විවිධ පරීක්ෂණ කමිටු, අතිශයින් ප්‍රතිඵල රහිත ශූන්‍ය ක්‍රියාවන් බවට අවසාන විග්‍රහයේ දී පත්ව ඇත. ලබා දුන් වරම විෂය ක්ෂේත්‍රයේ සහ ඒවායේ ස්වාධීනත්වය සෑම විටම ප්‍රශ්නගත ස්වරූපයකට පත්වී තිබේ. එබදු යාන්ත්‍රණ ඵලදායි ලෙසින් ක්‍රියාත්මකවී නොමැති බවට සැකයක් ඇතිවිය නොහැක. බොහෝ විට තමාගේ දේශපාලන විරුද්ධවාදීන්ට දඩුවම් පැමිණවීමට හෝ ස්ථීර වශයෙන්ම වැරදිකරුවන් හෝ වගකිවයුත්තන් බවට පත්ව ඇති පුද්ගලයන් හෝ ආයතන නිසි වගකීමෙන් ආරක්ෂා කරමින් ඔවුන්ට රැකවරණය සැලසීම මෙවැනි යාන්ත්‍රණ වලින් පෙන්නුම් කෙරෙන පක්ෂග්‍රාහී අරමුණ වී ඇති බව පෙනී යයි.

2019 අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාර සිදුවන විට රටේ ජනාධිපතිවරයෙක් හෝ ආරක්ෂක අමත්‍යවරයෙක් රටතුල නොවීය. සිරිසේන ජනාධිපතිවරයා අසනීප තත්වයක් නිසාවෙන් ඉන්දියානු සංචාරකින් පසුව සිංගප්පූරු ගත වී සිටීමද;

ඔහු විසින් පත්කරන ලද ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින්ම ප්‍රකාශ කරන අන්දමට ඔහුට ජනාධිපතිවරයා හමුවීමට, ඇමතීමට, වාර්තා කිරීමට හා උපදෙස් ලබා ගැනීමට පැහැදිලි විවෘත මාර්ගයක් නොතිබීමද;

නිසා අරාක්ෂාව අතින් ඉතා පැහැදිලි අරාජික තත්වයක් රට තුල නිර්මාණයවී තිබුණ අවස්ථාවකදී මෙම ප්‍රහාරය දියත් වී ඇත.

එම සිද්ධියට අදාලව අරුම පුදුම අහඹු සිදුවීම් කිහිපයක්ද වර්තාවේ. ජනාධිපති රටේ නැත වැඩබලන ආරක්ෂක ඇමතිවරයෙකුද​ නැත. ආරක්ෂක ලේකම් කලක සිට කටයුතු කර ඇත්තේ මගියෙකු හැටියටය. පොලිස්පති ආරක්ෂක කවුන්සිලයට නොපැමිණේ. අගමැති එයට කැඳවන තුරු බලා සිටී. බෝම්බ පුපුරා යනතෙක් පිළිබද වාර්තා වී තිබුන තොරතුරු බැරූරැම් ලෙසින් භාර ගත්තේ නැත. ආරක්ෂක මණ්ඩලයේ ප්‍රශ්නවලට භාජනය වී සිටි කිසිවෙක් ගැන පාර්ලිමේන්තුව, අමාත්‍යංශය හෝ වෙනත් කිසිම ආයතනයක් දැනුවත් කර නොතිබුණි. පිටපලාත්වල පොලිසිය විසින් සොයා බලා හෙලිදරවු කරගත් වහා සිදුවන්නට යන විනාශකාරී කටයුතු පිළිබද තොරතුරු ඉහල මට්ටමින් එකිනෙකා අතර සංසරණය වූ ආරංචි මාත්‍ර හැටියට පමණක් තිබී ඇත.

මෙවන් පසුබිමක් තුල මුළු ලෝකයම කම්පා කරමින් සිදු වූ ව්‍යසනය ගැන සොයා බැලූ කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වීමත් සමග ප්‍රධාන මාතෘකාව වී පවතින්නේ කවුරු කාට වගකීම පැවරිය යුතුද නැතහොත් වගකීම පැවරි ඇති අය එයින් නිදොස් වන්නේ කෙසේද යන කාරණා පිළිබදවය. ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම්, පොලිස්පති ඇතුලු සියලු දෙනා සිය තනතුරුවලින් ඉවත්වයා යුතුව තුබුණේ අප්‍රේල් 21 වැනි දින දීමය. එහෙත් මෙතරම් සාක්ෂි හෙලිදරවු වීමෙන් පසුවද මොවුන්ගේ එකම අභිලාෂය වී පවතින්නේ වගකීමෙන් නිදහස් වන්නේ කෙසේද යනවගයි.

සදහා විවිධ උප්පරවැට්ටි, උපක්‍රම සහ බලපෑම් ඇති කරමින් සිටින බව ඉතා හොදින් පැහැදිලිය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව, පෙරලා පැමිණ සිරිසේන ජනාධිපතිවරයා විනිසුරු විජිත මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රි පුද්ගල කොමිටියක් පත්කරමින් කුමක් කළ යුතුද සොයා බලයි.

කාරණය පිළිබද විස්තර සොයා බැලීමක් සදහා ජනාධිපති කොමිෂන් සභාවක් පත්කලයුතු බව එම කමිටුව නිර්දේශ කරයි. එම නිර්දේශය එසේ තිබියදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු පිරිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරයි. එම තේරීම් කාරක සභාව මාධ්‍යට විවෘත කොට ජනතාවට සියලු තොරතුරු හෙළිදරව් කළ යුතු බව තීරණය කරයි. පාර්ලිමේන්තුව තුල නියෝජිත වන පක්ෂ කිහිපයකම මන්ත්‍රීවරු එකයට පත්වේ J.V.P,- U.N.P, T.N.A. ඇතුළු පක්ෂ එයට අයත් වේ.

විභාගය පවත්වයි. වගකිවයුත්තන් කැදවයි. සාක්ෂි විභාග කරයි. ඇතැම් දේ හැරෙන්නට බොහෝ දේ ජනතාවට දැන ගන්නට සලස්වයි. කමිටුවේ කටයුතු විනිද භාවයෙන් කිරීමට එකඟ​ වූ අයම පාර්ලිමේන්තුවෙන් පිටත තැන්වල රැස්වෙමින් රහසිගත රාජ්‍ය නිලධාරීන්ගේ සාක්ෂි හා තොරතුරු ලබා ගත් බවද වාර්තා වේ. අවසානයේදී ඔවුනටද මහා මොළකරුවකු හමු වී නැත. රජය සිටි ඇතැම් ඇමතිවරු හා මන්ත්‍රීවරු එම සිද්ධියට වගකීමක් නැති බව ප්‍රකාශ වීම හැරෙන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සොයාගත් දෙයක් දැනගන්නට නැත. ජනතාවට හෙළිදරව් කළ දේකුත් නැත.

ජනාධිපති සිරිසේන පාස්කු කොමිසම පත්කරන්නේ මෙබදු තත්වයක් තුලදීය.

2019 සැප්තැම්බර් 25 වැනි දින ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත්කරමින් අප්‍රේල් 21 වැනි දින සිදුවූ බෝම්බ ප්‍රහරය සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා වන ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළ බව නිවේදනය කරයි.

එම පත්කිරීම පිළිබද සියලු තොරතුරු හා කොමිසමට පැවරෙන විෂය නිර්දේශය ගැසට් පත්‍රිකාවක් මගින් නිවේදනය කෙරේ. එම නිවේදනයේ සොයා බැලිය යුතු කරුණු වශයෙන් නිර්දේශිත කරුණු හා විධි නියෝගයන් අංක 1 සිට 13 දක්වා සදහන් කර ප්‍රසිද්ධ කර තිබේ.

එම සියලුම කරුණුවලට පාදක වී තිබෙන්නේ “……… සිදුවූ බෝම්බ පිපිරීමට සෘජුව හෝ වක්රව සම්බන්ධතා ඇතැයි සැලකෙන හෝ එසේ සිදුවී ඇතැයි කියනු ලබන බලය අවභාවිතය හෝ අනිසි ලෙස යොදා ගැනීමේ ක්රියාවන් සහ එබදු වෙනත් ක්රියවන් / හෝ වගකීම් පැහැර හැරීම් සම්බන්ධයෙන් රජයේ සේවකයින්/ නිලධාරීන් වශයෙන් සිටි හෝ දැනට සිටින තැනැත්තන්ට හෝ වෙනත් තැනත්තන්ට එරෙහිව මහජන පමිණිලි තොරතුරු හා වෙනත් සාක්ෂි කැදවීම සහ ඒවා ලබා ගැනීම

“…….. එම තොරතුරු පැමිණිලි හා වෙනත් කරුණු පිළිබද කඩිනමින් විමර්ශනය හා පරීක්ෂණ පැවැත්වීම…..”

එම ත්‍රස්ත ක්‍රියාවට සෘජුව හා වක්‍රව සම්බන්ධතාවක් ඇති පුද්ගලයන් හා සංවිධාන හදුනා ගැනීම

මෙබදු ක්‍රියාකාරකම් රට තුල සිදුවන බවට පූර්ව නිගමනය කර ගැනීම, නිශ්චිතව කරුණු සොයා ගැනීම සහ නීතියට අනුව ක්‍රියා කිරීම, සම්බන්ධව පැහැර හැරීම් හා නොසලකා හැරීම් වලට වගකිවයුතු නිලධාරීන් හා බලධාරීන් හදුනා ගැනීම.

යනාදී කරුණු කාරණාවන්ය.

කොමිසම පත්කරන අවස්ථාවේ නිකුත් කරනලද මෙම විෂයය නිර්දේශය සහ සොයා බැලිය යුතු කරුණු අතරට මහා මොළකරුවන් සෙවීම ඇතුලත්ව නොතිබුන බව අද විශාල ඝෝෂාවක් නගන කිසිවකුට එදා පෙනී ගොස් නැත. සිරිසේන ජනාධිපතිවරයාට ඉතා පැහැදිලිව අවශ්‍ය වී තිබුන කාරණා පමණක් එම නිවේදනයට ඇතුලත් වී ඇත.

ඒනිසා කොමිෂන් සභා වාර්තාව නිශේධනය කිරීම හරහා තම තමගේත් පාක්ෂිකයන්ගේත්, හිතවතුන්ගේත්, “ගැලවිජ්ජාවනිර්මාණය කර ගැනීමේ කූට අරමුණ සහිතව කටයුතු කරන අය, සිදුවූ මෙම මහා ව්‍යසනය මගින් සිදුකළ අපරාධයටත් වැඩි අපරාධයක් බව වටහා ගත යුතුව ඇත.

සාක්ෂි දීමකදී තමා විසින්ම සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇති බවක් හෙළිදරව් වන්නේ නම් නීතිය එබඳු අයටද එරෙහිව ක්‍රියාත්මක වීම අවශ්‍යම කාරණයකි. වෙන කෙනෙකුටද වරද පැටවීම, තව කෙනෙකු නිදොස් වීම වැනි කාරණා ඉස්මතු කිරීම් වැනි රැවටිලි වලින් තම තමාගේ සාපරාධී මගහැරීම් හා නොසැලකිලිමත් කම්වලින් බැහැර වීමට සහ පැන යාමට් කොතරම් බලවතෙකුට වුවද ඉඩ දිය යුතු නැත.

කොමිසන් සභා වාර්තාව කියවා බැලීමේදී අන්තවාදී ආගමික උන්මාදයකින් සහ අන්ධ විශ්වාසයෙන් වෙලී ගිය පිරිසකගෙ ක්‍රියකාරීත්වයක් මෙයට හේතු වී තිබෙන බව පැහැදිලි සාක්ෂි මගින් කොමිසන් සභාව සනාථ කරගෙන තිබියදී ඒවා පිළිබද නිසි අධ්‍යනයක් නොකරමින් එල්ල කරන විවේචන සමාජයට ඉතාමත් අහිතකර සමාජ වීරෝධී ක්‍රියාවන් බව සදහන් කලයුතුය.

කොමිසන් සභා වාර්තාවේ සොයා ගැනීම්, නිර්දේශ හා නිගමන ඇතුලත් කොටස් දැනට නිකුත්කර ඇත. සාක්ෂි සටහන් හා ඇමුණුම් ලියකියවිලි අඩංගු වෙළුම් දෙකක් තවත් නිදහස් කර නැතත් ඒවාද නීතිපතිට භාරදී ඇත. එසේ තිබියදී අසම්පූර්ණ වාර්තාවක් යයි චෝදනා කරන අයගේ කූට අරමුණු හෙලාදැකිය යුතුව ඇත.

මින්පෙර බැදුම්කර කොමිසම ලබාදුන් වංක සහයෝගයෙන් යුතුව අල්ලස් හෝ අනුග්‍රාහාත්මක දීමනා වශයෙන් චෙක්පත් ලබාගත් මැතිඇමතිවරුන්ගේ නම් ලැයිස්තුව ඇතුලත් කොටස් සමාජ ගත නොකර සඟවාගෙන​ සිටි ආකාරය​ අපට මතක ඇත. ඒවා පිළිබද හඩක් නොනැගූ බොහෝ දෙනෙක් පාස්කු ප්‍රහාරය පිළිබද කොමිසන් සභා වාර්තාව හෑල්ලුවට ලක් කරමින් ප්‍රතික්ෂේප කිරීමට උත්සහ දරන්නේ දේශපාලන වශයෙන් තම තමාට සිදුවන හෝ සිදුවිය හැකි බවට අනුමාන කරන කාරණා පදනම් කරගෙන බවට සැකයක් නැත.

අවශ්‍ය වී තිබෙන ප්‍රධාන කාරණය විය යුත්තේ අපරාධයක් සිදු කිරීමට යන බවට ඉතා විශ්වාස දායක අයුරින් තොරතුරු කලින්ම ලැබී තිබියදී, ආරක්ෂක අංශවල මෙහෙයවුම් සම්බන්ධයෙන් පැවති බලවත් අඩුපාඩුකම් වලට හේතුවද එම සිද්ධීන් වලක්වා ගැනිම පැහැර හැරියේ කවුද එසේ කිරීමට ඔවුනට හේතුවූ කාරණා මොනවද යන්න සොයා බැලීමටය. රටේ ආරක්ෂාව භාරව සිටියවුන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් පීඩාවට පත්ව ඇත්තේ අසරණ ජනතාවය.

අති  උත්තම මැල්කම් රංජිත් කාදිනල් තුමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් වීම පිළිබදව ඇතැමුන් චෝදනා එල්ල කරන බවක් පෙනෙන්නට ඇත. දයාසිරි ජයසේකර ප්‍රසිද්ධ ප්‍රකාශයකින් සදහන් කර ඇත්තේ එතුමන්ගේ කතාව පිටුපස දේශපාලන හස්තයක් ඇත් දැයි සැකයියනුවෙනි.

සමස්ත කතෝලික ජනතාවගේ වැදගත් ආගමික දිනයකදී දෙව් මැදුරු වලට රැස්වී සිටි ආගමික කටයුතුවල යෙදී සිටි අසරණයන් සිය ගණනකගේ ජීවිත අහිමි කරමින්ද , අතිවිශාල සංඛ්‍යාවක් ආබාධිත බවට පත් කරමින්ද, දරු පවුල් දහස් ගණනකට සංවේගදායී තත්වයක් උදා කරමින්ද, දියත් කල එම තිරිසන් බෝම්බ ප්‍රහාරය ගැන විවේචනාත්මක කථා කිරීමට කාදිනල් උතුමන්ට වඩා වැදගත්කමක් හෝ උනන්දුවක් දේශපාලකයින්ට තිබිය නොහැකිය.

එදා උද්ගතවූ අතිශයින් භයංකාර උද්වේගකාරී තත්වය වඩාත් හානිකර තත්වයකට පත් නොවීමට උන්වහන්සේගේ මැදිහත්වීම ප්‍රධාන සාධකය වූ බව මුළු ලෝකයම අගය කරන කාරණයකි. එදා කරලියේ දක්නට නොතිබුනු අළුත් මුහුණු කීපයක්ම දොරට වැඩම කර තිබෙන අතර, එම රංගන පිටුපස පවතින පෙළඹවීම් මොනවාද යන වග සමාජයට හෙලිදරව් වීමට වැඩි කලක්  ගත නොවනු ඇත.

එදා සිටම විපතට පත්වූ අය පිළිබදවත්, ඔවුන්ගේ දරු පවුල් පිළිබදවත්, අඛණ්ඩව මැදිහත් වෙමින් ආගමික නායකයෙකු හැටියට කාදිනල් උතුමන් කටයුතු කරගෙන යමින් සිටින බව කිතුවන් පමණක් නොව මුලු රටම දන්නා කාරණයකි. විපතට පත්වූවන්ට සහන ලබා ගැනීමේ කටයුතුවලදී අවශ්‍ය නීති සහය, උපදෙස් ඔවුනට ලබාදීමට උන්වහන්සේ බලවත් කැපවීමෙන් දිගටම කටයුතු කරමින් සිටී.

මෙම මහා අපරාධය වලක්වා ගැනීම පැහැර හැරීම එම අපරාධය තරමටම බරපතල අපරාධයක් බව, දේශපාලන වන්දි බට්ටයන්ට නොපෙනුනද මුළු රටම එය ඉතා හොදින් අවබෝධ කරගෙන අවසානය කිසිම දේශපාලනමය හා රාජකාරීමය වගවීම් පැහැර හැරීමේ චෝදනාවට භාජනය වූ සියල්ලන්ටම දඩුවම් ලබාදීම ඉල්ලා සිටීම පිටිපස කිසිම දේශපාලනයක් නොපෙනේ. ඒය විය යුතු කාරණයකි. කාදිනල් තුමන් එසේ දඩුවම් පැමිණවීම ප්‍රමාද කිරීම පිළිබද රජයට පවා සිය අප්‍රසාදය ඉතා තදින් පලකර තිබෙන බව මේ අයට නොපෙනීම පුදුමයකි.

පුද්ගලයන් ආරක්ෂා කර ගැනීමට මුග්ධ ප්‍රකාශ කරමින් විවිධ පාවාදීම් කිරීම වෙනම කාරණයකි. අපරාධයක් සිදුවීම වලක්වා නොගැනීම නිසා මහා විනාශයක් සිදු කල වුවන් නීතිය ඉදිරියට පැමිණවීම තවත් කාරණයකි. මේවා පිළිබද රට වැසියන් ඉතා හොදින් දැනුවත්ව සිටින බව රහසක් නොවේ.

හම්බන්තොට වරායේ දැවැන්ත කළුගල් පර්වතය, 2015 ජනාධිපතිවරණයේදී කුරුනෑගල ප්රදේශයෙන් නැගුනුහිටං හුටංඅපහසය, බැදුම්කර හොරා ලබා දුන් අනුග්රහාත්මක චෙක්පත් කමිටු සාමාජිකයින්ව සිටියදී ලබා ගත් දේශපාලුවන් පිළිබද ඉතිහාසයද මෙබදු විවේචන අතරින් අපගේ මතකයට නැගේ.

එමනිසා අපරාධයටඅපහාසයද එකතු කර එය තවත් බැරෑරුම් නොකරන ලෙසට මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉල්ලා සිටිය යුතුව ඇත.

එමෙන්ම අපරාධයේ වගකීමෙන් කොතරම් බලවතෙක් වුවද ගැලවී යමට ඉඩ නොතැබිය යුතු බව අවධාරනය කරමු.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.