24 October, 2020

Blog

ශ්‍රීලනිපයේ අනාගතය හා රටේ අනාගතය

ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ලාංකේය ඡන්දදායකයන් 6,217,162ක්, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්‍ෂව කතිරය ගැසුවේ බලාපොරොත්තු රාශියක් පොදි බැඳගෙනය. වළපල්ලට වැටී තිබුණු නීතියේ ආධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම ප‍්‍රමුඛව, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තුව මුලට එන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, රටේ ඒකීයභාවය රැුකගන්නා අතරම ස්ථිරසාර ජාතික සංහිඳියාවකට මං පාදන උපරිම බලය බෙදාහැරීමක් ක‍්‍රියාවට නැංවීම, මානව අයිතීන් හා මාධ්‍ය නිදහස තහවුරු කිරීම යනාදී වශයෙන් වූ බලාපොරොත්තු රාශියක් ඒ අතර වූූයේය. ලාංකේය මැතිවරණ ඉතිහාසය තුළ සාමාන්‍යයෙන් දක්නට ලැබෙනා පරිදි, ආර්ථික වාසි (පොරොන්දු) මුල්තැනට එනු වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවශ්‍යතා ඉදිරියට පැමිණීම, 2015 ජනවාරි විප්ලවය තුළ දක්නට ලැබුණු සුවිශේෂී ලක්‍ෂණයක් වූයේය. මෙහිදී, ලක්‍ෂ හැට දෙකක් වූ ඡන්දදායකයන්ගෙන් වෙන් වෙන්ව විමසනු ලැබුවහොත්, ඔවුන් සිය කතිරයෙන් අපේක්‍ෂා කළ දෑ අතර බහු විවිධත්‍වයක් තිබිය හැකි වුවද, මේ හැම කෙනෙකුට ම අවශ්‍ය වූයේ එවකට පැවති මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමය. රාජපක්‍ෂ පවුල් පාලනයෙන් රට බේරා ගැනීමය.

Maithri Mahinda2015 ජනවාරි ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කළ කෙනෙකුට ම අවශ්‍ය වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්‍වයෙන් යුත් ශ්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධාන රජය පෙරළා දැමීමය. ඔවුන් ඡන්දය ප‍්‍රකාශ කළේ ශ්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයට විරුද්ධවය. ශ්‍රීලනිපය ප‍්‍රමුඛ සන්ධානයේ අපේක්‍ෂකයාට විරුද්ධවය. ශ්‍රීලනිපයේ වර්තමාන අර්බුදයට විවිධ අර්ථකතන සපයන උදවිය මෙම සරල යතාර්තය මතකයේ තබාගැනීම ප‍්‍රයෝජනවත්ය. 2014 නොවැම්බර් 21 වැනිදා, මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රමුඛ ශ්‍රීලනිප මැතිඅමැතිවරුන් කණ්ඩායමක් විපක්‍ෂයට එක්වීමෙන් පසුව, ශ්‍රීලනිප නායකයෝ විශාල පිරිසක් පක්‍ෂය තුළ රැුඳෙමින් දිගටම මහින්ද රාජපක්‍ෂ මහතාට සහයෝගය පළකළහ. ශ්‍රීලනිප-සන්ධාන මැති අමැතිවරුන් විශාල පිරිසක් ජනාධිපතිවරණ සමයේදී විපක්‍ෂය හා එක්වනු ඇති බවට පළකෙරුණු අනාවැකි සැබෑවූයේ නැත. 2015 ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව, මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්‍වය බාරගැනීම, ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටි බලවේග පුදුමයට පත්කරවනු ලැබූ සිද්ධියක් වූයේය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිපය අතර දශක ගණනාවක් තිස්සේ පැවති කිට්ටු සබඳතාවය දෙස බලනා විට, ඔහු ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසුව යළි ශ්‍රීලනිප මහගෙදරට පා තැබීම පුදුමයට කරුණක් නොවූවද, මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවුණු බලවේග සියල්ලක් ම පෙනී සිටියේ එවකට ශ්‍රීලනිප නායකත්‍වයට විරුද්ධව බව අමතක නොකළ යුතුය.

ශ්‍රීලනිප නායකත්‍වය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට බාරදීම පිළිබඳව මෛතී‍්‍ර-මහින්ද දෙපාර්ශ්වයෙන් අපට අසන්නට ලැබෙන්නේ කතාන්දර දෙකකි. 2015 ජනවාරියේ සිටම මෛතී‍්‍ර පාර්ශ්වය පවසා සිටින්නේ, පක්‍ෂ නායකත්‍වය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කිසිදු කොන්දේසියකින් තොරව එකඟ වූ බවයි. මුලදී මේ පිළිබඳව නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ මහින්ද හිතවාදීන් දැන් උත්සාහ දරන්නේ, මෛතී‍්‍ර පාර්ශ්වය බලෙන් පක්‍ෂ නායකත්‍වය ඩැහැගත් බවක් පෙන්වීමටය. කෙසේ වුවද, මේ සම්බන්ධ සත්‍යය හරිහැටි දන්නේ ඒ සාකච්ඡාවලට සෘජුවම සම්බන්ධ වූ උදවිය පමණය. අනෙක් අතට, ශ්‍රීලනිප නායකත්‍වය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට බාරදීමට මහින්ද රාජපක්‍ෂ මහතා එකඟවීම දේශපාලන ගනුදෙනුවක් බව, ලාංකේය දේශපාලන යතාර්තය පිළිබඳ දැනුම් තේරුම් ඇති උදවියට අමුතුවෙන් පහදා දියයුතු නැත්තේය. ශ්‍රීලනිප නායකත්‍වය බාරදීමෙන් පසුව, තමන්ටත් තම පවුලේ උදවියටත් එරෙහිව එල්ල විය හැකි චෝදනාවලින් තමන්ව බේරාගැනීමට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇතැයි මහින්ද රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කළා විය හැකිය. පක්‍ෂ නායකත්‍වය ලබාදීම වෙනුවෙන් එවැනි ප‍්‍රතිඋපකාරයක් (ගෙවීමක්) කරන්නට මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් වනු ඇතැයි මහින්ද රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කළා විය හැකිය. ඒ අනුව බලනා විට, ශ්‍රීලනිප නායකත්‍වය මෛතී‍්‍රපාල සිරිසේන මහතාට පැවරීම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පැත්තෙන් දේශපාලන ‘ඞීල් එකක්’වන්නට පිළිවන.

එහෙත්, මහින්ද රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කළ ආකාරයේ සාමකාමී, නිදහස් ජීවිතයක් ගතකරන්නට ඔහුටත් පවුලේ සාමාජිකයන්ටත් ඉඩක් නොලැබුණේය. පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ හා වංචාවලට වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමේ ක‍්‍රියාදාමය, මන්දගාමී ස්වරූපයකින් වුවද ඉදිරියට ඇදෙන්නට පටන් ගත්තේය. රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් මෙන්ම දූෂණ චෝදනා ලැබ සිටින පසුගිය සන්ධාන රජයේ හිටපු මැතිඇමතිවරුන් රැුසක් ද කලබලයට පත්වන්නේ මෙම පසුබිම තුළය. පුළුල් ඡන්ද පදනමක් නොමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිහිටෙන් පාර්ලිමේන්තුවේ එල්ලී සිටින කුඩා දේශපාලන පක්‍ෂවල නායකයන් මෙන්ම චෝදනා එල්ල වූ සමහර ශ්‍රීලනිප නායකයන් ද මහින්ද සමඟ යළි නැගිටීමේ උත්සාහයක නිරත වන්නේ මෙම පසුබිම තුළය. මහින්ද රාජපක්‍ෂ නමැති දේශපාලන චරිතය වටා ගොනුවී තිබුණු ජනපදනම උපක‍්‍රමශීලීව සිය වාසියට යොදාගැනීමට මහින්දවාදීන් ප‍්‍රබල උත්සාහයක නිරත වුවද, රාජ්‍ය බලය අහිමිවීමෙන් පසුව එම ජන පදනම සීඝ‍්‍රයෙන් ක්‍ෂයවෙමින් පවතින බව ඔවුනට නොවැටහීම කනගාටුවට කරුණකි. 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී සන්ධාන අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා 5,768,090ක ඡන්ද ප‍්‍රමාණයක් ලබාගත් අතර, 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත්තේ ඡන්ද 4,732,664ක් පමණය. එනම්, රාජ්‍ය බලය අහිමිවීමෙන් පසුව මාස අටක කාලයක් තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනම ලක්‍ෂ දහයකින් අඩුවූයේය.

එනමුදු, 2015 අගෝස්තු මැතිවරණයේදී සන්ධාන මන්තී‍්‍රවරුන් 95 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් මහින්දවාදීහු යළිත් වතාවක් සාවද්‍ය අධි තක්සේරුවකට එළැඹුණහ. යටකී පරිදි, බලයේ සිටිනා විට පවතින ජනප‍්‍රියතාවය, ජන පදනම, රාජ්‍ය බලය අහිමිවීමෙන් පසුව වේගයෙන් අඩු වන බව නොවැටහීම (හෝ අමතකවීම) මහින්දවාදීන්ට අවාසියක් වී ඇත්තේය. ඒ අනුව බලනා විට, දැනට වසර එකහමාරක කාලයක් තිස්සේ ඇදීයන ශ්‍රීලනිප බල අරගලයේ වැඩි වාසිය මේ වන විට අත්කරගෙන සිටින්නේ රාජ්‍ය බලය හිමි මෛත‍්‍රී පාර්ශ්වයයි. පසුගිය මැයි පළමුවෙනිදා කිරුළපන පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ රැුළියට වඩා විශාල පිරිසක් ගාල්ල සමනළ ක‍්‍රීඩාංගනයට එක්වීමෙන් ඒ බව තහවුරු වූයේය. එමෙන්ම රට පුරා පැවති අනෙකුත් මැයි රැුළි හැමෙකක් ම පාහේ මහින්ද විරෝධී ඒවා වූ අතර, ඒවාට සහභාගී වූ පිරිස කිරුළපන හා සසඳන විට ඉතා විශාලය. ඉන් කියැවෙන්නේ, රට පුරා විසිරී ඇති මහින්ද විරෝධී බලවේගවල ශක්තිය කිසිසේත් ම අඩුවී නැති බවය. 2015 ජනවාරියට පෙර පැවති රාජපක්‍ෂ පවුල් පාලනය විරුද්ධ වූ බලවේගවල ශක්තිය කිසිසේත් ම අඩුවී නැති බවය.

කෙසේ වුවද, පක්‍ෂය තුළ බලය තහවුරු කරගැනීම සඳහා තනතුරු-වරප‍්‍රසාද ලබාදීමේ මහින්ද රාජපක්‍ෂ ප‍්‍රතිපත්තිය මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ද අනුගමනය කිරීම, යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙකුගේ කනගාටුවට හේතුවී ඇත්තේය. දූෂණ චෝදනා රැුසක් එල්ල වී සිටින සජින් වාස් ගුණවර්ධන මහතා යළි ශ්‍රීලනිපයේ කරළියට පිවිසීම මෑතකාලීන එක් උදාහරණයකි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ නිරතව සිටි අලූත් පරපුරේ කලාකරුවන්ට පහරදුන් පුද්ගලයා ශ්‍රීලනිපයේ හිරියාල ආසන සංවිධායක ධූරයට පත්කිරීම තවත් උදාහරණයකි. එපමණක් නොව, ශ්‍රීලනිපයේ ගාල්ල කණ්ඩායම සහ කිරුළපන කණ්ඩායම එකතු කිරීම සඳහා දෙපාර්ශ්වයේ ම ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සාකච්ඡුා කරනා බව වාර්තා වන්නේය. කිරුළපන මැයි රැුළියට සහභාගී වූ අයට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග නොගන්නැයි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට පිරිසක් සූදානම් වන බව ද වාර්තා වන්නේය.

මේ සියල්ලෙන් ම පැහැදිලි වන්නේ, යටකී පරිදි, මේ වන විට ශ්‍රීලනිපයේ බල අරගලය මෛත‍්‍රී පාර්ශ්වයට වාසිදායක තත්ත්වයකට පත්ව ඇති බවයි. ඊට සමගාමීව, මහින්ද රාජපක්‍ෂ නමැති දේශපාලන චරිතය වටා ගොනුවී තිබුණු ජන පදනම වේගයෙන් අඩුවෙමින් පවතින බවයි. තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීම උදෙසා දේශපාලන නායකත්‍වය ලබාදීමේ සුවිශේෂී ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහතාට අනිවාර්යයෙන්ම හිමිවන අතර, ඒ නිසා ම ඔහුට ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගැනීමේ අවස්ථාවක් ලබාදිය යුතුව තිබුණේය. (රාජපක්‍ෂ පාලන සමයේ, විශේෂයෙන් එහි අවසාන භාගයේ සිදුවූ දහසකුත් එකක් දූෂණ හා වංචා අමතක කොට දැමිය යුතු බවක් ඉන් කිසිසේත් ම කියැවෙන්නේ නැත.) කෙසේ වුවද, ඒ ගෞරවාන්විත සමුගැනීමට තිබුණු ඉඩකඩ දැන් සම්පූණයෙන් ම වැසී තිබෙනාතර, ලාංකේය දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ මහින්ද රාජපක්‍ෂ සාධකය මැකීයාමේ තර්ජනයක් ද මතුව ඇත්තේය. වෙනත් වචනවලින් කියතොත්, දැන් මතුව ඇත්තේ ශ්‍රීලනිපයේ අනාගතය මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්‍වය මත පවතින තත්ත්වයකි. ඒ අතර, මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්‍වය පිළිගැනීමට අකමැති පිරිසක් ශ්‍රීලනිපයෙන් ඉවත්ව අලූත් පක්‍ෂයක් පිහිටුවීමේ ඉඩක් ද මතුව ඇත්තේය. එම නව පක්‍ෂයේ නායකත්‍වයට රාජපක්‍ෂ පවුලේ සාමාජිකයෙකු පත්වීමට ද ඉඩ ඇත්තේය.

කෙසේ වුවද, 2015 ජනවාරි 8 වැනිදා අපේක්‍ෂා කරනු ලැබූ වෙනස නැතහොත් පරිවර්තනය ශ්‍රීලනිපයේ අනාගතය මත පමණට වඩා රැුඳී පැවතීම, රටේ අනාගතයට හිතකර නොවන්නේය. 2015 ජනවාරි විප්ලවයට නායකත්‍වය සැපයූ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්‍වයට පත්වීම නිසාවෙන්, රටේ අනාගතය ශ්‍රීලනිපයේ අනාගතය මත රඳා පැවතිය යුතු නැත්තේය. ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුද රටේ ඉදිරි ගමනට බාධාවක් නොවිය යුතුය. නීතියේ ආධිපත්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීමේ ක‍්‍රියාදාමයට ශ්‍රීලනිපයේ අභ්‍යන්තර අර්බුද බාධාවක් නොවිය යුතුය. එසේ නොවුණහොත්, 2015 ජනවාරි 8 වැනිදා මෛතී‍්‍රපාල සිරිසේන මහතාට ඡන්දය දුන් 6,217,162ක් වූ පිරිස තැබූ බලාපොරොත්තු සුන්වීමට ඉඩ ඇත්තේය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    /අලූත් පරපුරේ කලාකරුවන්ට පහරදුන් පුද්ගලයා ශ්‍රීලනිපයේ හිරියාල ආසන සංවිධායක ධූරයට පත්කිරීම/.. ශි‍්‍රලනීපයේ ආසන සංවිධායක කම් අලුත් පරපුරට අවශ්‍ය ආකාරයට දෙන්නේ කෙසේද?

    • 1
      1

      Unfortunately, future of SLFP is destroyed by MR led culprits. They just hang on the party for their personal gains. Let alone now people should realize it .. then the futre of the party cant go lie wrong.

  • 1
    0

    CT,

    why you just put a small pic in the background of a big picture of MOST ABUSIVE president MR ?

    Are u doing this intentionally ?

    We all know how MR governed the country. Reverberations are still there.

    • 1
      0

      ‌ෙම් මජර ආංඩුව කරන විගඩම් දකින ‌ෙකාට අපට නං හි‌ෙතන්‌ෙන MR දාස් වාරයක් ‌ෙහාදා කියලා ‌සැමු‌ෙවල් ‌ෙගායි‌ෙයා! ඔ‌ෙහ් ව‌ෙග් ‌ෙද්ශපාලන මැටි ‌ෙමා්‌ෙලකුට ඒවා ‌ෙපන්නෑ. ‌ෙහ්තුව මහින්ද ‌ෙ‌ෙව‌ෙර ඇ‌ෙරන්න ‌ෙවන ‌ෙමාන බම්බුවක් වත් ඔ‌ෙහ්‌ෙග ඔලු‌ෙව නැති නිසා.

  • 0
    0

    රැසියා‌ෙව් සිටින අවදි‌ෙය් සිටම ‌ෙද්ශපාලන විචාර නමින් ‌විහිලු සැපැයී‌ෙම් දක්ෂයකු වන ජයන්ත ලාල් රත්න‌ෙස්කර වන ‌‌ෙමම ලිපි‌ෙය් කර්තෘ යළිත් අපට ‌ෙපන්වා ‌ෙදන්‌ෙන් තම ‌ෙද්ශපාලන බිලිදු බව සහ දුගී බවමය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.