
ජයන්ත වැලිවිට
සෑම වසරකම, මැයි 9 ට පෙර, ලෙනින්ගේ ප්‍රධාන ස්මාරකයක් වන මොස්කව්හී, රතු චතුරශ්‍රයේ ලෙනින්ගේ සොහොන් ගෙය වසා “චිත්‍ර ඇඳ” ඇත. රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කලකට පෙර මෙය ආරම්භවූ බව සඳහන්වේ. සමහරවිට, රුසියාවේම සෝවියට් විරෝධී අපතයින්ගේ ජයග්‍රාහී නියෝගයෙන් සොහොන් ගෙය වැසුවාද? යැයි ප්‍රශ්නයකි.
ජයග්‍රහණයේ සංවත්සරයට හරියටම නියමිත වේලාවට සොහොන් ගෙය “ආවරණ” කිරීමේ විලාසිතාව මතුවීම දකින්නට පුළුවන. ඊට විරුද්ධ නඩු විභාගයක්ද වසරක් පුරා පැවතුනි. එහි ප්‍රතිඵලයක් ලෙ, 2004 මැයි 9 වන දින, එහි මුහුණත කොඩි කණු තීරුවකින් පමණක් වට කර තිබුණි.
1941 නොවැම්බර් 7 වන දින ෆැසිස්ට් සතුරා මොස්කව් වෙත ළඟාවෙමින් සිටියදී පැවති හමුදා පෙළපාළිය අමතමින්, සෝවියට් නායක ජෝසප් ස්ටාලින්ගේ කතාව සොහොන් ගෙය මත වේදිකොවේ සිට පවත්වනු ලැබුණි. ඒ දිනවල සෝවියට් සංගමයට පමණක් නොව, එහි පෙළපාළිය ධෛර්යයේ විශිෂ්ට උදාහරණයක් ලෙස හැඳින්වූ අනෙකුත් රටවලටද ඉතා වැදගත් විය. 1945 ජුනි 24 වන දින, ෆැසිස්ට් ජර්මනියට එරෙහි ජයග්‍රහණය, සොහොන් ගෙයි වේදිකාව මත සිට මානව ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණය ලෙස ඔවුන් දුටුවෝය. ඒ මොස්කව් බේරාගැනීමේ ජයග්‍රහණය ද විය. එහිදී ස්ටාලින්ගේ ප්‍රතිභාව වඩාත් පැහැදිලිව පෙනුණි. ස්ටාලින් මොස්කව් හැර ගියා නම්, එය හිමි නොවනු ඇතැයි ඉතිහාසඥයන් පවසා සිටී.
1990 ගණන්වල ගර්බචෝව්වරුන් සහ යෙල්සින්වරුන් විසින් සිදුකරන ලද, සෝවියට් යුගයේ මහා පාවාදීම පිළිබඳ අවංක තක්සේරුවකින් තොරව, සුවයක් නොලැබෙනු ඇතැයි රුසියාවේ ෆැසිස්ට් විරෝධීන් පවසනු ලබති. වාර්ෂිකව මැයි 9 වන දින සමරනු ලබන මොස්කව්හි ජයග්‍රාහී දිනය, සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු පැවති ප්‍රධාන ජුබිලි සංවත්සරවලදී බටහිර නායකයින්ගේ සැලකිය යුතු සහභාගීත්වයක් දක්නට ලැබුණි.
1995 වසරේ මුලින්ම 50 වන සංවත්සරය සඳහා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්, බ්‍රිතාන්‍ය අගමැති ජෝන් මේජර් සහ කැනේඩියානු අගමැති ජීන් ක්‍රෙටියන්ද සැමරුම සඳහා සහභාගී විය. වඩාත්ම කැපී පෙනෙන අවස්ථා අතරට, 2005 වසරේ 60 වන සංවත්සරය ඇතුලත්වේ. මෙය ලෝක නායකයින් පැමිණීමේ ඉහළම අවස්ථාව විය. එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, ප්‍රංශ ජනාධිපති ජැක් චිරාක්, ජර්මානු චාන්සලර් ගෙහාඩ් ෂ්‍රෝඩ සහ අනෙකුත් බටහිර රාජ්‍ය නායකයින් සහභාගී විය. නමුත්, 2005 මැයි 9 වන විට, රතු චතුරස්‍රයේ ලෙනින් සොහොන් ගෙය, ස්ටාලින් පිලිරුව සහිත සොහොන අතුලු සෝවියට් නායකයින්ගේ සොහොන්, පින්තාරු කරන ලද ප්ලයිවුඩ් පලිහකින් සිරකර වසා දමන්නට විය. 2010 දී 65 වන සංවත්සරය සඳහා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් රතු චතුරශ්‍රයට පැමිණි අතර වඩ වඩාත් දුර්ලභ බටහිර නායක පැමිණීමක් වාර්තා කළේය. එම කාලය ජනාධිපති පූටින්ගේ නැටෝවට හා යුරෝපා සංගමයට ඇතුලත්වීමේ වැරදුනු සිහිනය අවබෝධ කරගත් සමයද විය.
රුසියාව 2014 දී ක්‍රිමියාව ඈඳා ගැනීමෙන් පසු 2015 වසරේ යුධ ජයග්‍රාහී දින පෙළපාළි බටහිර නායකයින් බොහෝ දුරට වර්ජනය කළ අතර, 2022 දී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු බටහිර නායක පැමිණීම සම්පූර්ණයෙන්ම නතර විය.
වසර ගණනාවක් ගෙවී ගිය අතර, “අමුත්තන්” බොහෝ කලක්, අඩුම තරමින් සැසඳිය හැකි තරාතිරමක රාජ්‍ය නායකයින් පැමිණීම නතර වී තිබුණි. නමුත්, 2025 මැයි 9 වන දින පැවති ජයග්‍රාහී දිනයේ 80 වන සංවත්සරය වෙනුවෙන්, යුක්රේන ගැටුම මධ්‍යයේ වුවද ජාත්‍යන්තර සබඳතාවල ශක්තිය ප්‍රදර්ශනය කරමින් විදේශීය නායකයින් 29 දෙනෙකු මොස්කව්හි රතු චතුරශ්‍රයේ සැමරුමට සහභාගී වූහ. ප්‍රධාන නායකයින් අතර චීනය, බ්‍රසීලය, බෙලරුසියාව, කසක්ස්තානය, කියුබාව, සර්බියාව, ස්ලෝවැකියාව සහ විවිධ ලතින් ඇමරිකානු, අප්‍රිකානු සහ ආසියානු ජාතීන්ගේ නායකයින් ඇතුළත් විය. විදේශීය රටවල් 13 ක භට පිරිස් පෙළපාළියේ පෙළපාළියේ ගමන් කළහ.
රුසියානුවිදේශඅමාත්‍යාංශයවිසින්නිකුත්කරනලද 2026 ලැයිස්තුව, මොස්කව් වලට පැමිණීම නූතන ඉතිහාසයේ අඩුම සහභාගිත්වය වේ. මැයි 09 වන සෙනසුරාදා, රතු චතුරශ්‍රයේ අපේක්ෂා කරන අය අතර ජාත්‍යන්තර නායකයින් දෙදෙනෙකු පමණක් සිටිති. ලාඕස ජනාධිපති තොන්ග්ලූන් සිසොලිත් සහ මැලේසියානු පාලක සුල්තාන් ඉබ්‍රාහිම්ය. අර්බුද මධ්‍යයේ ස්ලෝවැක් අගමැති රොබට් ෆිකෝ ද සහභාගී වන බව ක්‍රෙම්ලිනය අවධාරනය කර ඇත.
ෆැසිස්ට්යුධ ජයග්‍රහණය, සුළු දෙයක් නොවන බවත්, සෝවියට් යුගය ඉතිහාසයේ අසාර්ථක කාල පරිච්ඡේදයක් නොවන බවත්, රට දැඩි ලෙස නවීකරණය කිරීමේ මෙහෙවර ඉටු කළ ඓතිහාසික කාල පරිච්ඡේදයක් බවත්, එය නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බවත් ඉතිහාසඥයෝ සඳහන් කරති.
ජයග්‍රාහී දින පෙළපාළිය කඩාකප්පල් කරන බවට තර්ජනය කරන “කල් ඉකුත් වූ” උක්‍රයින ජනාධිපතිවරයා සමඟ, මීට සතියකට පෙර, මුළු නේටෝ හා යුරෝපා සංගම් කල්ලියම, පැරණි සෝවියට් සමූහආණ්ඩුවක් වූ අර්මේනියානු අගනුවර වන යෙරෙවාන් හි රැස්ව, රුසියාවට තර්ජනය කරනු දුටු විට කොතරම් නින්දාවක් දැයි රුසියානුවන් පවසයි. වර්තමානයේදී යුරෝපා සංගමය, යුක්රේනය, ඇමරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල ඉතිහාසය විකෘති කිරීම ගැන හා එහි ෆැසිස්ට්වාදී මතවාදය යුක්රේනය, පෝලන්තය, එස්තෝනියාව, බටහිර රටවල මතුවීම ගැන නැවතත් අවධාරණය කරති. නව නාසීන්, ෆැසිස්ට්වාදීන්, හිට්ලර් සමග අත්වැල් බැඳගත් උක්‍රයින බන්දෙරාවාදීන් සහ ත්‍රස්තවාදීන් සමඟ පොරබැදීම දුෂ්කර වී තිබේ. ඒ වගේම “කල් ඉකුත් වූ” උක්‍රයින ජනාධිපතිවරයා කියෙව් සිට රතු චතුරශ්‍රයේ පෙළපාළියට බාධා කරන බවට තර්ජනය කරයි. මැයි 09 වෙනිදාට මොස්කව් නගරයට බෝම්බ හෙලීම වැළැක්වීමට, රට පුරා පියාසර කරන දහස් ගණනක් ඩ්‍රෝන යානාවලින් නිදහස් කරගැනීමට, ආරක්ෂාව සහතික කරන පියවර ගන්නා ලෙස මොස්කව් පාලනයට රුසියානුවෝ බලපෑම් කරමින් සිටිති.
මැයි 9 වන දින සන්දර්භය තුළ ඓතිහාසික සත්‍යය නම්, මහා දේශප්‍රේමී යුද්ධය ජයග්‍රහණය කළ සෝවියට් දේශය සහ එහි හමුදාවේ ප්‍රධාන අණ දෙන නිලධාරියා වූ ජෝසප් ස්ටාලින් ය. ඔහු ජයග්‍රාහී පෙළපාළිය පිළිගනිමින්, ව්ලැඩිමීර් ඉලිච් ලෙනින්ගේ සොහොන්ගෙයි වේදිකාව මත සිටගෙන සිටියේය. වෙනත් කිසිදු ගොඩනැගිල්ලක නොව, හරියටම සොහොන් ගෙය පාමුලට, රතු හමුදාවේ සොල්දාදුවන් විසින් පෙරලා දැමූ ෆැසිස්ට් ජර්මනියේ සහ එහි සහචරයින්ගේ හිට්ලර් ධජ පතාක සහ කොඩි විසි කළහ. මතකයේ ග්‍රහණය අත්කරගත් සෝවියට් භූමියේ ඓතිහාසික සත්‍යය මෙයවිය. රුසියානු ලිබරල්වාදීන් යථාර්ථය සැඟවීමට උත්සාහ කරන්නේ, මිශ්‍ර වර්ණයෙන් නිර්මිත කල ප්ලයිවුඩ් තිර රෙදි වලින් වසා, ශ්‍රේෂ්ඨ රටක සැබෑ ඉතිහාසය අමතක කරවීමටයි.
සොහොන්ගෙය කෙසේ වසා දැමුවත්, ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ සිදුවීම් කෙසේ අර්ථකථනය කළත්, එය ශ්‍රේෂ්ඨ යුධ ජයග්‍රහණයක් විය. අද එහි මතකය පවතී සහ අනාගතයේදීත් පවතිනු ඇත.
මුළු මහත් මිනිස් සංහතියටම නිදහස සහ ස්වාධීනත්වය ලබාදුන් එය පූජනීයයි!! එය සෝවියට් බලයේ ජයග්‍රහණයයි. එය පුරෝගාමීන්ගේ ජයග්‍රහණයයි. එය සෝවියට් බලයෙන් එක්සත් වූ කම්කරු හා සටන් පෙරමුණු වල ජයග්‍රහණයයි.
2015 මැයි 07 දින ‘ෆිදෙල් කැස්ත්‍රෝ’ මෙසේ සඳහන් කලේය,
“මහා දේශප්‍රේමී යුද්ධයේ 70 වන සංවත්සරය සැමරීම සඳහා, මානව වර්ගයාට දැවැන්ත සේවාවක් ලබා දුන් වීරෝදාර සෝවියට් ජනතාව කෙරෙහි අපගේ ගැඹුරු ප්‍රශංසාව පලකිරීමට මම කැමැත්තෙමි. අද අපි රුසියානු සමූහාණ්ඩුවේ ජනතාව – රාජ්‍යය සහ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය වන මහජන චීන සමූහාණ්ඩුව සමඟ ඇති ශක්තිමත් සන්ධානය දකිමු. රටවල් දෙකම, ඔවුන්ගේ සමීප සහයෝගීතාවයෙන්, නවීන විද්‍යාව සහ බලවත් හමුදාවන් සහ නිර්භීත සොල්දාදුවන් ලෝක සාමයේ සහ ආරක්ෂාවේ බලවත් පලිහක් වන අතර එමඟින් අපගේ ජාතීන්ගේ ජීවිතය ආරක්ෂා විය හැකිය.
ශාරීරික හා මානසික සෞඛ්‍යය සහ සහයෝගීතාවයේ අධ්‍යාත්මය පැවතිය යුතු සම්මතයන් වේ. නැතහොත් අප දන්නා පරිදි මානව වර්ගයාගේ අනාගතය සදහටම නැති වී යනු ඇත. ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේදී මියගිය මිලියන 27 ක සෝවියට් ජනතාව ද එසේ කළේ මනුෂ්‍යත්වය සහ සිතීමට ඇති අයිතියට සහ සමාජවාදීන් වීමට, මාක්ස්–ලෙනින්වාදීන් වීමට, කොමියුනිස්ට්වාදීන් වීමට සහ අඳුරු යුගයන් අතහැර දැමීමට ඇති අයිතිය වෙනුවෙන් ය.”