19 April, 2024

Blog

සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු සහ හොරු සමඟ මැරවරු

ජයශ්‍රී ප්‍රියලාල්

ජයශ්‍රී ප්‍රියලාල්

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට හඳුන්වා දීමෙන් අනතුරුව විවිධ මතවාදයන් සහ ඡන්ද දායකයින්ගේ උවමනා එපාකම් මත මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම උදෙසා දේශපාලන පක්ෂ බිහිවිය. මේ අතරින් එක්සත් ජාතික පක්ෂය (එ. ජා. ප.) මෙරට බිහිවුනු ප්‍රථම දේශපාලන පක්ෂය ලෙස ඉතිහාසගතව ඇත. එම පක්ෂයට 2020 මැතිවරණයේදී අත්වුනු ඉරණම ද ඒ අයුරින්ම ඉතිහාස ගතවුයේ ඒකදු ආසනයක්වත් රැක ගැනීමට නොහැකි තරමටම ඡන්ද දායකයින්ගේ විශ්වාසය ගිලිහී යාමෙනි.

එජාප යෙන් බිඳීගිය කොටසකින් ජාතික සහ නිදහස් මත දාරීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තේ 1952 දීය. ශ්‍රීලනිපය සිය ඉලක්ක ගත සමාජ පදනමේ සංයුතිය වුයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගයයි. ශ්‍රීලනිපයටද 2020 සිය අනන්‍යතාවය රැක ගනිමින් දිනාගත හැකිවුයේ එකම එක ආසනයකි.

සියළු බලවේගයන් වෙනස්වන පරම සත්‍ය පසක් කරමින් සෑම දේශපාලන පක්ෂයකම ගාමක බලවේගයේ සංයුතිය සහ බලකේන්ද්‍රය කාලයගේ ඇවෑමෙන් වෙනස්ව ඇත. වෙනස්වීම් ගැන පොදුවේ සුභවාදී අපේක්ෂාවන් ඇති කරගත්තද, එහි සමස්ථය  වෙනස්වන සාධක වලින් අත්වෙන ප්‍රතිපලය පැවතුන හෝ පවත්වාගෙන යන ලද තත්වයන්ට වඩා යහපත් වියයුතුවේ, එසේ නොවීමේ ප්‍රථිවිපාක අප දැන් අත්විදින්නෙමු.

සන්ධාන, පෙරමුණු

ඒ අනුසාරයෙන් ගත්කල, ශ්‍රීලනිපය 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධානගත වීය. 2022 මැයි මස 09 වෙනිදින ශ්‍රීලනිපයෙන් දේශපාලන අත්පොත් ලබාගත් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගේ නිල නිවාසය වන අරලියගහ මන්දිරයෙන් නිරායුධ සාමකාමී විරෝධතා කරුවන් වෙත එල්ල කරන ලද මැර ප්‍රහාරය සැළසුම් කර ක්‍රියාත්මක කර ඇත්තේ දැනට පොදුජන සංධානය වටා රොඳබැද ඇති ගාමක හොර සහ මැර බලවේගයන් බවට සාක්ෂි මතුවෙමින් පවතී. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් දේශපාලන බලය පලාත් මට්ටමින් විමධ්‍යගත කරනු වෙනුවට සිදුව ඇත්තේ මැර බලය ප්‍රාදේශිය නායකයින් වෙත පැවරීමය. 2022 මැයි මස 9 වැනිදින අරලියගහ මන්දිරයට රොඳබැන්දේ මෙකී ප්‍රචණ්ඩයින්ය, ඔවුන් විසින් මැරදේශපාලනය පවත්වාගෙන යාමට ගත් උත්සහයට සුදුසු ප්‍රතිචාරය ලැබිනි. නැවත මැර බලය දේශපාලන න්‍යායපත්‍ර සකස් කලහැකි ඉඩ කඩ බඩ කට පුරා ලද සංග්‍රහ වලින් ලද පාඩම් තුලින් හමාර වේ යැයි අනුමාණ කරමු. ශ්‍රීලනිප යේ මැර බලය ශක්තිමත් කිරීමට, දකුනෙන් රංජි මල්ලිලා, වම්බට්ටා, රත්නවීරලාද, නැගෙනහිරින් කරුණා අම්මාන් සහ පිල්ලයාන්ද දායකවූ ආකාරයේ තරම පසුගිය දශක කිහිපයකම ජනමාධ්‍ය වාර්තා කර ඇත. 

මෙම සංයුතියට නව ජවයක් සැපයීමට ගෝණවල සුනිල් නම් මැරයාගෙන් දේශපාලන අත්පොත් ලත් බියගම වීරයා, ගෝඨාභයගේ නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීම, ශ්‍රී ලංකා දේශපාලන ක්‍රමවේදය කඩාවැටීමේ තරම කොපමණද යන්න විශ්ලේශනය කිරීමට මෙම සිද්ධිය සාධක කරගත හැක. ගෝණවල සුනිල් යන මැරයා විසින් කල සාපරාධී ක්‍රියාවලින් නිදොස් කොට නිදහස් කර සාමදාන විනිශ්චකරුවෙකු බවට පත්කරවීමට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාව පෙලැඹවීමට තරුණ රනිල් වික්‍රමසිංහ මහතා කාරුණික වුයේ සිය ගුරුදේවයන්ට ගරු බුහුමන් දක්වමිනි. 1977 ඒ ජා පය ලද ජනවරම උඩුයටිකුරු කරමින්, ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා මැර දේශපාලනය සමාජගත කලේය. ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරවීමට 1977 ජනවරමක් ලබා බලයට පැමිණි ජේ ආර් ජයවර්ධන මහතා මැර බලයට ලංසු තැබුවේ කළු ලකීලා වන් මැරයන්ගේ සහාය ලබාගෙන, සිය රජයට අවාසි තීන්දු දුන් විණිසුරුවරුන්ගේ නිවාස වලට ගල් ගසා තර්ජනය කරමින්ය. 

මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට සෘජුව සහ වක්‍රව දායකවූ අයෙකු ලෙසට චෝදනා ලද පුද්ගලයෙකු වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ සිය නීතිඥ වෘත්තියට පනස් වසරක් සපිරීම උදෙසා සිය හිතවතුන් උදෙසා කොළඹ නගරයේ සම්භාෂනයක් පැවැත්වීය. නීතිය පිළිබද පරිචයක් සහිත පුද්ගලයන් ලෙස දේශපාලනයට පිවිස නීති රීති ව්‍යවස්තාගත කරමින් පසුගිය අඩ සියවසක කාලය තුල සිදුකර ඇත්තේ සක්‍රිය අධිකරණ පද්ධතියක් මහජන මුදලින් නඩත්තු කර සාමාන්‍ය පුරවැසියාට හිමි විය යුතු යුක්තිය අහිමි කරවීමය. මෙකී සියළු අවැඩ අභිබවා මෙකී දේශපාලකයින් සිය බලය පවත්වාගෙන යාමට සිය විරුද්ධ මතදාරීන් නිහඬ කරවීමට පවතින නීතිරීති සහ අධිකරණ පද්ධතිය අවභාවිතා කරවීම අප සමාජයේ මුල් බැසගත් සියළුම හර පද්ධතීන් සුණු විසුණු කර ඇත. 

දේශපාලන මැර ක්‍රියා

මෙකී දේශපාලනඥයන්ගේ හිතුවක්කාර මැර ක්‍රියාවලියන්ගේ ප්‍රතිවිපාක කෙලවර වුයේ තිස්වසරක ත්‍රස්වාදයකට මුල පෑදූ උතුරු නැඟෙනහිර LTTE භීෂණයට අත වනමිනි. 1980 මුල බාගයේදීම උතුරේ තරුණයින් දකුනේ දේශපාලකයින් සමග කේවල් කිරීමට ත්‍රස්වාදය සහ භීෂණය තෝරා ගත්තේ ඉහත කී සිද්ධි දාමයේ ප්‍රතිඵලයන් ඔස්සේය. මෙයට සමගාමීව නැවතත් දකුනේ තරුණ තරුණියන් කීර්ති විජයබාහුගේ සන්නාමය සමග 1987/88 ජනතා විමුක්ති පෙරමුණ වටා එක් රොක් වී වටිනා ජීවිත හා දේපල නිරපරාදීව නැති කරගත්තේද මෙකී උද්දචිඡ බැටළු හම් පොරවාගෙන සිටින වෘකයන් වන් දෙබිඩි දේශපාලන චරිතයන්ගේ නොමනා ක්‍රියා කාරකම් නිසාය. 1971 කැරැල්ල දියත් කල ජවිපෙ නැවතත් ත්‍රස්තවාදය යොදා ගෙන භීෂන දේශපාලනයට පිවිසීම මෙම ලියුම් කරු කිසිසේත් අනුමත නොකරයි.

තත්වය කෙසේ වෙතත්, අරගල භූමියට බැස මහජන මතය හඬනඟා ජනතා විරෝධය රොඳ බැඳ නුසුදුසු රාජ්‍ය පාලකයා පලවා හැරවීමට ශ්‍රී ලාංකේයන්ට හැකිවීම කඩා වැටෙමින් පවතින, මහජන විශ්වාසය බිද වැටී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයකට නැවතත් තිරිහන් කරවීමට හැක යන සංඥාව ලබාදී ඇත. සියළුම බලතල වලින් විරාජමාණ වූ, තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් සහිත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිම ලේ වැගිරවීමකින් තොරව සවිබල වූ ජනවිරෝධයකින් 2022 ජූලි මස 09 වැනිදින ශ්‍රී ලංකාවෙන් පලවා හැරීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයකි.

තරුණ ජයග්‍රහණ

මෙම සිද්ධීන් ආවර්ජනය කරන්නේ පද්ධතිමය වෙනසක් අපේක්ෂා කරමින් ගාළු මුව දොර කෑ මොරදුන් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ‍දේශපාලන කරලියේ බඩ පිණුම් ගසන දේශපාලන කෙළි කාරයින්ගේ දෙබිඩි චරිත නැවත මතක් කර දීමටය. කල දුටු විට වල ඉහ ගැනීමට රුසි යල්පැණගිය දේශපාලනඥයෙකුට අරගලයෙන් අනපේක්ෂිත ලෙසට ජනාධිපති පදවියට පත්වීමට අවස්තාව උදාවීම ගැන, අරගලයට දායකවූ කිසිවෙක් කලකිරීමට පත්විය යුතු නොවේ.

මෙකී ඓතිහාසික අරගලයින් ශක්තියක් ලබා වෙනත් රටවල ඒකාධිපතියන් පාලකයින් පලවා හැරීමට නව සහශ්‍රයේ තරුණ තරූණියන් දිවි පරදුවට තබා විරෝධතාවන් පැවැත්වීමට වීදි බැස ඇති ආකාරය යම් තාක් දුරට අස්වැසිල්ලක් සපයා ඇත. මහජන විශ්වාසයක් නොමැතිව ශ්‍රී ලංකාවේ දැනට නොයෙක් දේශපාලන පදවි තානාන්තර දරන සි‍යළු දෙනා මෙම විකාශණයන් සහ ඒවායේ අනිටු ප්‍රථිඵල අත්වීදීමට සුදානම් වියයුතුවේ. 

මෙම සටහන දැනට පද්ධතිමය වෙනසක් උදෙසා අරගල භූමියට ඒක්ව ඇත සියළු තරුණ තරුණියන් ගේ දැනගැනීම පිණිස සකස් කලේ, දේශපාලනික ඉතිහාසය සිහි කරවීමට සහ මැර දේශපාලනය කිසි විටෙක තම අරමුණු උදෙසා යොදා නොගත යුතු බවට අවධාරණය කිරීමටය. හැම සැරයටම වඩා හීං සැරය ප්‍රභල බව මතක තබා ගනිමින්, ඉවසීමෙන් සංයමයකින් තම අරගලය නොකඩවා පවත්වා ගෙන යායුතුව ඇත. ශ්‍රී ලංකාවේ අනාගත සශ්‍රීකත්වය ගොඩනගා ගැනීමට සුදුසු පද්ධතිමය වෙනස අරගල භූමියේ සිටින නව පරම්පරාව විසින්ම තනා ගතයුතු බව මේ ලියුම් කරු විශ්වාස කරනුයේ ඉහත සදහන් දේශපාලන චරිතවලට හිමි වටිනාකමක්, දැනීමක්, නිර්මානශීලී නැවුම් අදහස් සහ පැහැදිලි වැඩපිලිවෙලක් නොමැති නිසාය. අපට අවශ්‍ය නව පද්ධතිය සාධාරණ පාලන ක්‍රම වේදය කුමක්ද යන්න නිවැරදිව හඳුනාගැනීමට සමාජ කතිකාවන් ඇරඹීමට නායකත්වය සහ මූලිකත්වය ගන්නා ලෙසට නිර්පාක්ෂික අරගල කරුවන්ට ආයාචනා කරමි. 

ශ්‍රී ලංකාවට සුදුසු සමාජ ‍ආර්ථික සහ දේශපාලන ක්‍රම වේදය නැවුම්, නිර්මානශීලී නව සහශ්‍රයට සහ සුහුරු තාක්ෂණයට අනුගතව හඳුන්වාදෙමින්, දැයේ අනාගත පරපුරට අභිමාණයෙන් හිස ඔසවා සිටිය හැකි ජාතියක් බවට පරිවර්තනය කල හැකි යුග මෙහෙවරකට ජාති හිතෛෂී සියළු දෙනාම එකමුතුව කටයුතු කිරීමෙන් නිර්මානය කරගත හැකි යන්න මෙම ලියුම් කරුගේ විශ්වාසයයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    Dear Priyalal,
    .
    දයාබර ලේඛකයාණෙනි, සග වෙද, ගොවි, ගුරු, කම්කරු, හොරු, රාජපක්ෂ, කලකරුවෝ, අද වන විට සියල්ලෝම එම පොකුරේ සිටිති. මෙය ආරම්භ කළේ උදාර හැඟීම් ඇතිවය, කෙසේ වෙතත්, ඩී.ඒ.රාජක්ෂේස් අවජාතක පුතුන් එය විනාශ කළේ 2004 දෙසැම්බර් මාසයේදී දිවයිනේ බටහිර වෙරළ තීරය සුනාමි රළ පහරින් විනාශ කළ ආකාරයටම ය.
    .
    ඒ නිසා රාජපක්ෂලා ගොඩනැගූ මානව පලිහ චීන පවුරට සමාන වුව ද එහි ප්‍රතිඵල භයානක ය. අපි ඉතා අවාසනාවන්ත ජාතියක් වන අතර, අපව කන්නට ආශා කරන ඕනෑම බාහිර බලවේගයකට වඩා අපගේම දුෂ්ට දේශපාලකයන්ට පහසුවෙන් ගොදුරු වේ.
    :
    අපි අවසාන වශයෙන් මේ මානසික ප්‍රශ්නවලට එරෙහිව සටන් කර අනාගත පරපුර වෙනුවෙන් ඔබ්බට සිතිය හැකි ජාතිය යළි ගොඩනැගිය යුතුයි. කාලය ගෙවී ගොස් ඇත, අපේ වැඩිහිටියන් බිහිරි සහ අන්ධ ලෙස හැසිරේ, කෙසේ වෙතත් වත්මන් පරම්පරාව අනාගත පරම්පරාව සඳහා කාර්යය කළ යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.