
ජෙහාන් පෙරේරා
බොහෝ කාලයක් ප්‍රමාද වී සහ බොහෝ අපේක්ෂාවෙන් සිටි පළාත් පාලන මැතිවරණය, මෑත අතීතය දක්වා දක්නට ලැබුණු, රජයේ බලය අයුතු ලෙස භාවිත කිරීමකින් තොරව සාමකාමී ආකාරයකින් පැවැත්විණි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ, පෙර ආණ්ඩු විසින් පවත්වන ලද මැතිවරණවලදී මහා පරිමාණයෙන් සිදු වූ අපයෝජනයන්ගෙන් මෙම මැතිවරණ නිදහස් බවයි. ප්‍රධාන විපක්ෂයට ලැබුණු ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් පාලක පක්ෂය ලබාගත් නමුත්, පසුගිය මැතිවරණ දෙකේදී උතුර හා නැගෙනහිර පළාත්වල ආණ්ඩු පක්ෂය ලබාගත් ශක්තිමත් ප්‍රතිඵලය නැවත පෙන්වීමට නොහැකි විය. මැතිවරණ පොරොන්දු ඉටුනොකිරීම සම්බන්ධයෙන් විවේචකයන් විසින් ජාතික ජන බලවේග ආණ්ඩුවට චෝදනා කරන බැවින්, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය විශේෂයෙන් වැදගත් වනු ඇත.
මහාපරිමාණ දූෂණ සහ දඬුවම් නොලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින විපක්ෂ නායකයන් නීතිය හමුවට පමුණුවා ගැනීමට අපොහොසත් වීම, දූෂණය ගැඹුරින් මුල් බැස ඇති බව දන්නා රජයේ ආයතනවල දූෂණය නැවැත්වීමට අපොහොසත් වීම, පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස වැරදිකරුවන් සොයාගැනීමට අපොහොසත් වීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි කුරිරු නීති අවලංගු කිරීමට අපොහොසත් වීම ඊට උදාහරණ වේ. උතුර සහ නැගෙනහිර පැරණි යුද කලාපවල, අතුරුදහන්වූවන්, දිගු කලක් නඩු විභාගයකින් තොරව සිරගත කර සිටින අය සහ හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් ආපසු ලබාදීමේ ගැටලුව විසඳීමට රජය ප්‍රමාද වන බවට හැඟීමක් ද පවතී. එහෙත් මෑතකදී, නව ගැටළුවක් මතු වී ඇති අතර, මාස තුනක් ඇතුළත පෞද්ගලික අයිතිය පිළිබඳ හිමිකම් නොලැබුණහොත් උතුරු පළාතේ ඉඩම් අක්කර 6000කට ආසන්න ප්‍රමාණයක් රජයේ ඉඩම් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජය ප්‍රකාශ කළේය.
මාස තුනකින් පවරාගන්නා ඉඩම් පිළිබඳ ප්‍රකාශය, අදාළ ඉඩම වසර 30 කට වැඩි කාලයක් හමුදා අත්පත් කරගැනීම යටතේ රඳවාගෙන සිටින අතර ජනතාවට ඒවාට ප්‍රවේශ විය නොහැකි තත්වයක් තුළ, යථාර්ථවාදී නොවන කාල රාමුවක් සහිතව රජයේ අනුකම්පා විරහිත ක්‍රියාමාර්ගයක් ලෙස සැළකේ. තවද, හිමිකම් නොකියන ලද ඉඩම් ‘රජයේ ඉඩම්’ ලෙස නම්කිරීමේ චක්‍රලේඛයේ අභිප්‍රාය පිළිබඳව ප්‍රශ්න මතුකරයි. එය උතුර හා නැගෙනහිර ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරයට බාධාවූ බව කිවයුතුය. පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයක් අතරතුර ජනාධිපතිවරයා, අගමැතිවරිය සහ කැබිනට් අමාත්‍යවරුන් මෙම ප්‍රදේශවලට කළ ඉහළ මට්ටමේ සංචාර පෙර නොවූ විරූ නමුත් ජනතාවගේ ඡන්දය ලබාගැනීමට ඒවා ප්‍රමාණවත් නොවීය.
ආර්ථික දිරිගැන්වීම්
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැති මහමැතිවරණයේදී, දෙමළ දේශපාලන පක්ෂ දුර්වල ලෙස ක්‍රියාකර ඇති අතර, ඔවුන්ම පෞද්ගලික එදිරිවාදිකම් නිසා බෙදීගොස් එක්සත් පෙරමුණක් පිහිටුවීමට නොහැකි විය. විශේෂයෙන් තරුණ හා ආර්ථික වශයෙන් ඡන්ද බලය අහිමි වූ ඡන්දදායකයන්ට, මෙම එකමුතුවක් නොමැතිකම සහ ධනාත්මක න්‍යාය පත්‍රයක් නොමැතිකම පාලක පක්ෂයට විශ්වාසදායක විකල්පයක් ලෙස පෙනීසිටීමට දොර විවර කළේය. පාරම්පරික දේශපාලනයේ මාරුවීම් ද මෙහිදී ක්‍රියාත්මක වන්නට ඇත. අතීතයේ ආඛ්‍යාන කෙරෙහි අඩු උනන්දුවක් දක්වන තරුණ ඡන්දදායකයන් පාලක පක්ෂයේ ප්‍රවේශයට පක්ෂවන නිර්ණායක ලෙස කාර්යසාධනය, විනිවිදභාවය සහ අවස්ථාව මත පදනම්ව අපේක්ෂකයන් ඇගැයීමට වඩාත් විවෘත විය. එහි ප්‍රතිඵලයක් ලෙස, මඩකලපුව හැර උතුර හා නැගෙනහිර සියලුම දිස්ත්‍රික්කවල පාලක පක්ෂය පෙර නොවූ විරූ බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත්තේය. එහෙත් පළාත් පාලන මැතිවරණයේදී පාලක පක්ෂයට හේතු ගණනාවක් නිසා ඔවුන්ගේ ස්ථාවරය පවත්වාගැනීමට නොහැකි විය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී දෙමළ දේශපාලන පක්ෂ ජනතාවට ඒත්තු ගැන්වෙන ලෙස තර්ක කළේ, අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටුකිරීම, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ආපසු ලබාදීම, දිගු කාලීන දෙමළ සිරකරුවන් නිදහස් කිරීම සහ ඓතිහාසික වශයෙන් දෙමළ සහ මුස්ලිම් ඉඩම් බෞද්ධයන් විසින් අත්පත් කරගැනීමෙන් ආරක්ෂා කිරීම වැනි ප්‍රධාන කරුණු ඉටුකිරීමට රජය අපොහොසත් වී ඇති බවයි. ආර්ථික සංවර්ධනය වැදගත් වුවද, එය සැබෑ දේශපාලන ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය සඳහා ආදේශ කළ නොහැකි බව ඔවුහු පෙන්වාදුන්හ. හුදෙකළාව ගත්කළ, උතුරේ ඉඩම් ගැටළුවක් විසඳීමට රජය අසමත් වීම සහ එහිදී පෞද්ගලික ඉඩමක බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීමත්, එය බහුතර ජනවාර්ගික හැඟීම් කෙරෙහි රජයේ ගෞරවය පිළිබිඹු කරන බවත් ඉස්මතු කර තිබේ.
ඊට අමතරව, මහමැතිවරණයෙන් පසු ගතවූ මාස හතර තුළ, උතුර හා නැගෙනහිර පළාත්වල තේරී පත් වූ ආණ්ඩු පක්ෂයට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරිත්වය සිත් ඇදගන්නාසුළු නොවීය. ඔවුන් පාර්ලිමේන්තුව තුළ තම ක්‍රියාකාරිත්වය පෙන්නුම් නොකළ අතර, ඔවුන්ගේ ප්‍රදේශවල කතා පැවැත්වූ නමුත්, ඔවුන්ගේ ඡන්දදායකයන් ආකර්ෂණය කර ගැනීමට අසමත් විය. දේශපාලනයේ අත්දැකීම් අඩුවීම සහ ආණ්ඩු පක්ෂය තුළ සිටින සැබෑ නියෝජිතයන් නොවීම නිසා, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව විරුද්ධ පක්ෂවල ඔවුන්ගේ පළපුරුදු සගයන් සමඟ සැසඳීමට නොහැකි විය. සියලු පුරවැසියන්ට එක හා සමානව සළකන බවටත්, වාර්ගිකව පදනම් වූ බලය බෙදාගැනීමේ අවශ්‍යතාව අඩුකරන බවටත් රජය දරන ස්ථාවරය සාධාරණීකරණය කිරීමට හෝ පැහැදිලි කිරීමට ඔවුන්ට නොහැකි විය.
පුළුල් දැක්මක්
රජයේ මාක්ස්වාදී-නැඹුරුව සහිත දේශපාලන දෘෂ්ටිවාදය ව්‍යුහාත්මක සමානාත්මතාවය සහ ආර්ථික යුක්තිය අනුව සංහිඳියාව දැකීමට නැඹුරුවීමක් පෙන්නුම් කරයි. එය ජනවාර්ගික-ආගමික අනන්‍යතාව කෙරෙහි ද අවධානය යොමුනොකරයි. එහෙත් මේවා උතුර හා නැගෙනහිර ජීවත් වන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දිගුකාලීන ඉල්ලීම් විය. මහමැතිවරණයේදී මෙන් උතුර හා නැගෙනහිර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව හොඳින් ක්‍රියාකළේ නම්, වාර්ගිකත්වයට වඩා සමානාත්මතාවය මත පදනම් වූ සංහිඳියාව සඳහා වූ තම ප්‍රවේශයට ප්‍රජාතන්ත්‍රවාදී අනුමැතියක් ලැබී ඇති බවට වන සිය තර්කය ශක්තිමත් කිරීමට ආණ්ඩුවට හැකිවන්නට තිබිණි. එහෙත් ආණ්ඩුවට එම දෙවැනි ජනවරම නොලැබිණි. බහු-වාර්ගික සහ බහුත්ව තීරණ ගැනීමේ ක්‍රියාවලියක් බවට පත්නොකර මධ්‍යගත තීරණ ගැනීම පිළිබව අත්හදාබැලීම දෙමළ සහ මුස්ලිම් ඡන්දදායකයන් විසින් පිළිගෙන නොමැත.
වර්තමානයේ ආණ්ඩුවට අන්තර්ජාතික පීඩනය, විශේෂයෙන් ඉන්දියාවෙන් මෙන්ම බටහිර රටවලින් ද එල්ල වන පීඩනයට මුහුණදීමට සිදුවෙමින් පවතී. ආණ්ඩුවට පළාත් සභා මැතිවරණ කඩිනම් කිරීමට සිදුවනු ඇත. පළාත් සභා මැතිවරණ වැඩි ස්වාධීනත්වයක් සඳහා මාවතක් ලෙස කලක් සළකනු ලැබීය. විශේෂයෙන් 13 වැනි සංශෝධන රාමුව මත පමණක් රඳානොපවතින බලය බෙදාගැනීමේ යාන්ත්‍රණයන් පිළිබඳ පුළුල් සංවාදයක් ආරම්භ කිරීම සමඟ ඒකාබද්ධ කළහොත්, පළාත් සභා මැතිවරණ පැවැත්වීම හරහා ඒවා යථා තත්ත්වයට පත්කිරීම දෙමළ ජනතාවගේ ගැටළු සමනය කිරීමට උපකාරී වනු ඇත.
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට සහ ඔවුන් විරුද්ධවාදීන් හෝ ප්‍රතිවාදීන් ලෙස පමණක් නොසැළකීමට, උතුර නැගෙනහිර පළාත්වල පාලන මැතිවරණයේ ප්‍රතිඵලය සංඥාවක් ලෙස ආණ්ඩුව බාරගත යුතුව ඇත. කෙසේවෙතත් බහුතර ජනතාව අතර ශක්තිමත් පදනමක් අඛණ්ඩව පවතින බව ආණ්ඩුව පෙන්වාදුන්නේය. රට ප්‍රතිනිර්මාණය කිරීම සඳහා නීති සහ ව්‍යවස්ථාව වෙනස්කිරීමට සහ ජනතාව විසින් තෝරා පත්කර ගත් පද්ධති වෙනස ලබාදීමට ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් ඇත. ජාතික සාකච්ඡාවලින් සහ අනෙකුත් දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමෙන් පසු එවැනි වෙනස්කම් සිදුකරන තාක් දුරට, වෙනස්කම් වඩාත් තිරසාර වනු ඇත. පළාත් පාලන මැතිවරණයෙන් පසු, ආණ්ඩුව පොරොන්දු වලින් ප්‍රතිඵල කරා ගමන් කළ යුතු අතර, ජනවරම දිගු කල් පවතින ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ වහාම එය කළ යුතුය.
leelagemalli / May 11, 2025
May those who were unaware of money printing machines be endowed with knowledge. Regarding the printing of currency on other nations’ orders, which has been going on since 1989, I am not in favor of Rajapkashes.
DTG and similar groups are attempting to blame us by claiming that we are supporting Rajapkshes. It was me who consistently opposed RAJAPKASHHE.-CRIMES
–
https://www.youtube.com/watch?v=1bMrh009xeM&t=6s
/
leelagemalli / May 11, 2025
වඩාත් සාම්ප්‍රදායික මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රීඩා කළ ප්‍රතිවාදී දේශපාලනඥයන් මෙන් නොව, ජනාධිපතිවරයාම බිම් මට්ටමේ උත්සාහයන් මෙහෙයවීය – ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු තරඟ වලදී ඔහු කළාක් මෙන්, පෙරමුණෙන් නායකත්වය දුන්නේය.
–
අපේ මෝඩයන්ගේ රටේ බොහෝ අය සිතන්නේ AKD දක්ෂ බවත් ගැලරි නායකත්වයෙන් යුත් කණ්ඩායම් ඔහුට ඔවුන්ගේ හදවත් සහ මනස ලබා දීමට හැසිරවිය හැකි බවත්ය. මෙය බුදුරදුන්ගේ යැයි සැලකෙන සෝමාවතියේ ආලෝක කිරණ හා සැසඳිය හැකිය. පාසල් භෞතික විද්‍යාව පිළිබඳ යම් දැනුමක් ඇති අයට අනුව, එය බුදුරදුන්ගේ නොව, දාගැබ් සහ පල්ලිවල ඉහළ ස්ථානවල ආරම්භයේදී ආලෝකයේ වර්තනය සහ පරාවර්තනයයි. කෙසේ වෙතත්, නූගත් භික්ෂුවක් යමක් නම් කළහොත්, අනෙක් සියල්ලන්ම මීයෙකු මෙන් එය අනුගමනය කරයි.
–
මේ හේතුව නිසා, තේරී පත් වූ ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ජාතිය පුරා සංචාරය කිරීමෙන් සහ මහජන රැස්වීම් ගණනාවක් පැවැත්වීමෙන් අතිවිශාල මහජන අරමුදල් නාස්ති කළේය. ඇත්ත වශයෙන්ම, ඔහු ට්‍රම්ප්ගේ යුද්ධයට අදාළ තීරුබදු මෙන්ම බලයට පත්වීමෙන් පසු ඔහු ඉටු කිරීමට අපේක්ෂා කළ තවත් බොහෝ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම නොසලකා හැරියේය.
–
/
leelagemalli / May 13, 2025
OMG, this government has no respect for human dignity. Those who are arrested for minor offenses frequently die within a short period of time. POLICE crimes and JVPrs should work together. I think this country’s crime situation is on the rise, as in Latin America.
–
https://www.youtube.com/watch?v=tfz-aBofoR8
/
leelagemalli / May 13, 2025
The current AKD-led government has already demonstrated that dealing with even minor issues for the benefit of the country is difficult.
–
His rhetoric prior to the election was completely based on “hatreds” and “teenager-like” without proper research.
People, on the other hand, gave them the opportunity to demonstrate that their abilities would propel the country forward.
The opposite is demonstrated by the inability to do anything in the last 7 months.
–
Instead, they have elevated them to the status of BIG LIARS both on the island and around the world.
–
There is no credibility for the AKD’s public speeches, as well as those of the Premier and so-called powerful ministers, because they are true “big liars”.
/
leelagemalli / May 13, 2025
රටේ යහපත සඳහා සුළු ගැටළු පවා සමඟ කටයුතු කිරීම දුෂ්කර බව වත්මන් AKD නායකත්වයෙන් යුත් රජය දැනටමත් පෙන්නුම් කර ඇත.
–
මැතිවරණයට පෙර ඔහුගේ වාචාලකම සම්පූර්ණයෙන්ම පදනම් වූයේ නිසි පර්යේෂණයකින් තොරව “වෛරී” සහ “යෞවනයන් වැනි” මත ය.
–
අනෙක් අතට, ඔවුන්ගේ හැකියාවන් රට ඉදිරියට ගෙන යන බව පෙන්වීමට ජනතාව ඔවුන්ට අවස්ථාව ලබා දුන්හ.
–
පසුගිය මාස 7 තුළ කිසිවක් කිරීමට නොහැකි වීමෙන් ප්‍රතිවිරුද්ධ දෙය පෙන්නුම් කෙරේ.
–
ඒ වෙනුවට, ඔවුන් දිවයිනේ සහ ලොව පුරා මහා බොරුකාරයින්ගේ තත්ත්වයට ඔවුන්ව උසස් කර ඇත.
–
AKD හි ප්‍රසිද්ධ කථා මෙන්ම අගමැති සහ ඊනියා බලවත් ඇමතිවරුන්ගේ කථා සඳහා විශ්වසනීයත්වයක් නොමැත, මන්ද ඔවුන් සැබෑ “මහා බොරුකාරයින්” ය.
/