25 April, 2024

Blog

ආණ්ඩුවේ මැතිවරණ තේරීම

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු නැගෙනහිර දෙමළ පක්‍ෂ සමඟ මේ වනවිට ආරම්භ කර ඇති සාකච්ඡා, එම පළාත් දෙකේ මැතිවරණ සඳහා විය හැකි පෙර නිමිත්තක් ලෙස සැලකේ. සාකච්ඡා දින තුනක් පුරා පැවැත්වීමට නියමිතය. පළාත් පාලන මැතිවරණය නියමිත කාලයේදී පැවැත්වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආණ්ඩුවේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය හෑල්ලූවට ලක්ව ඇති බැවින්, යම් ආකාරයක මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට උනන්දුවක් පවතින බව පෙනේ. ජනතාව විසින් නොව, පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නා ආකාරය ආමන්ත්‍රණය කළ යුතු, සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිර්මාණයවී ඇති බවට ජනාධිපතිවරයා දැනුවත්ව සිටී. ජනතාව විසින් නොව, පාර්ලිමේන්තුවෙන් තමාව තෝරා පත් කරගත් ආකාරයේ සදාචාරාත්මක නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවක් පවතින බව ජනාධිපතිවරයා දනී. පළාත් පාලන මැතිවරණය නැවත නැවත කල්දැමීමට හේතුව, මුදල් නොමැති බව හෝ වෙනත් කාරණයක් වෙනුවෙන් වඩා ප්‍රමුඛතාව ලබාදිය යුතුවීමය යන්න, ප්‍රජාතන්ත්‍රවාදයට අනුව හෝ නීතියේ ආධිපත්‍යයට අනුව හෝ පැහැදිලිවම පිළිගත නොහැක්කකි. 

වසර අවසානයේ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිත ජනාධිපතිවරණයට පෙර, පළාත් සභා මැතිවරණ පැවැත්වෙනු ඇති බවට මත පළවෙමින් පවතින අතර, ජනාධිපතිවරයා දෙමළ දේශපාලන පක්‍ෂ සමඟ සාකච්ඡා කිරීමට හේතුව මෙයයි. එහිදී සාකච්ඡාවට බඳුන් වූ එක් කරුණක් ලෙස පැවසෙන්නේ, දැනට බෞද්ධයන් අඩුවෙන් ජිවත්වන ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන කිහිපයක් ඉදිකිරීම, එහි වෙසෙන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ දැඩි හිත් වේදනාවට හේතු වන කරුණක් වන බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් උතුර සහ නැගෙනහිර විවිධ ප්‍රදේශවලින් පෞරාණික බෞද්ධ නටබුන් යළි සොයා ගැනේ. ඒ අතරම, පැරණි මෙන්ම මෑතකාලීනව ඉදිකළ හින්දු සිද්ධස්ථාන නාඳුනන කණ්ඩායම් විසින් විනාශ කර ඇති අතර, එම ප්‍රදේශවල ආරක්ෂක අංශ විශාල වශයෙන් සිටීම හේතුවෙන් රජයේ හස්තයක් එම ක්‍රියාවන් පිටුපස ඇති බවට සැකයක් මතුව තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ මෙම කරුණු සාකච්ඡා කර ගැටලු විසඳීමට ජනාධිපති වික්‍රමසිංහ මහතා කඩිනම් පියවර ගෙන ඇත. රජයට මුදල් නොමැති බැවින්, උතුර සහ නැගෙනහිර පුරාවිද්‍යා කටයුතු සඳහා රජයෙන් නොව බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රතිපාදන ලැබෙන බව, ඔවුන්ගෙන් විමසා බැලීමේදී මේ වනවිට අනාවරණය වී ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන ලද්දේ, මේ වන විට උතුරට සහ නැගෙනහිරට ප්‍රමුඛත්වය ලබාදී ඇත්තේ, වසර 30ක් තිස්සේ එම පළාත් නොසළකා හැර තිබූ නිසාත්, වැඩි වශයෙන් රජයේ මුදල් නොලැබෙන නිසාත්, විවිධ ආයතනවලින් අරමුදල් සපයන නිසාත් බවයි. ඇතැම් විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මුදල් ලබා දෙන්නේ භික්ෂූන් වහන්සේලා බව එම නිලධාරියා පැවසීය. පුරාවිද්‍යා ස්ථාන රටට අයිති බවත් ඒවා නඩත්තු කළයුත්තේ රජය විසින් බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබිණි.

ඒකාබද්ධ ප්‍රවේශය

ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය රටේ වාර්ගික සහ ආගමික බහුතරය තුළ ගැඹුරින් පවතින හැඟීමක් වන අතර, එය බොහෝ විට රාජ්‍යය තුළම පිළිබිඹු වේ. වෙනත් ආගම්වලට යොමුවීමට සහ පිළිපැදීමට අයිතිය ලබාදෙන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීමටද පියවර ගෙන ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනය, රටේ බෞද්ධ උරුමයේ වඩාත්ම දෘශ්‍යමාන අංගය වන ස්තූපයේ රූපයකි. ආගම හෝ ජාතිය හෝ දෙකම ඒකාකාරයෙන් අවදානමට ලක්ව ඇති බවත්, තමන් බලයට පත් කළහොත්, තමන් සහ රට ආරක්ෂා කරන බවත් පවසන දේශපාලකයෝ ශ්‍රී ලංකාවේ බුද්ධාගමට හිමි විශේෂ ස්ථානය දේශපාලන අවශ්‍යතා සඳහා අවභාවිත කරමින් සිටිති. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් තම ජාතිකවාදී දෘෂ්ටිකෝණ තහවුරු කර ගැනීම සඳහා කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රකාශ කිරීමෙන් දිවි රැකගන්නා බව පෙනේ. ජාතික මට්ටමේ දේශපාලඥයන් අතලොස්සක් පමණක් මෙම සංජානනීය ජාතිකවාදයට එරෙහිව කටයුතු කිරීමට කැමැත්තක් දක්වා ඇත. වත්මන් ජනාධිපතිවරයා ඉන් එක් අයෙකි.

අරගලය පැවැති කාලයේදී රටේ ආර්ථික කඩාවැටීමත් සමඟ එවකට බලයේ සිටි දේශපාලන නායකයන්ගේ තුච්ඡභාවය හෙළිදරව් විය. එවැනි ප්‍රකාශවලට තමන් තවදුරටත් රැවටෙන්නේ නැති බවත්, ජාතිආගම් භේදයකින් තොරව සැමදෙනාම සමාන පුරවැසියන් බවත් ප්‍රකාශ කිරීමට, විශ්වවිද්‍යාලවල බොහෝ තරුණ විරෝධතාකරුවන්ට එය හේතු විය. තම පූර්වගාමියා එළවා දැමූ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස, ජනාධිපති පුටුවේ හිනිපෙත්තටම නැඟීමෙන් පසු, සමානාත්මතාවය, යුක්තිය සහ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටි තරුණ හඬ නිහඬ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම හාස්‍යජනකය. හැකි සෑම අවස්ථාවකදීම මංකොල්ලකෑමකින් තොරව, රටත් ආර්ථිකයත් දියුණු කිරීමට එකමුතු වූ ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමේ මහඟු කර්තව්‍යයට, එම පිරිස්වල ජවය සහ දැක්ම යොදාගැනීමේ අභියෝගය ජනාධිපතිවරයා භාරගත්තේ නම් වඩාත් හොඳය.

ජනාධිපතිවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ඇමතූ සරල විලාසය විසින්, රාජ්‍යය එහි වාර්ගික හා ආගමික බහුත්වයේ මධ්‍යස්ථ තීරකයා ලෙස කටයුතු කරන හර පද්ධතියක් පිළිබිඹු කරයි. විවෘතව සහ පැහැදිලිව කථා කිරීමටත්, රාජ්‍ය ආයතන සියල්ලඒකාබද්ධ මාවතකටයොමු කිරීමටත් ඔහු දක්වන කැමැත්ත, වාර්ගික හා ආගමික සුළුතරයන් විසින් බෙහෙවින් අගය කරනු ඇත. ජනාධිපතිවරයාගේ මෙම තාර්කික ගුණය, මීට මාස කිහිපයකට පෙර, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාගත් අවස්ථාවේදීද දැකගත හැකිවිය. අවාසනාවකට මෙන්, මෙම යහපත් චේතනා වචනවලට පමණක් සීමාවී ඇති අතර, ඒවා තවමත් භූමියේ ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබී නොමැත.

අඳුරු අපේක්ෂාවන්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ප්‍රධාන ලක්ෂණය වන්නේ පළාත් සභා සඳහා බලය බෙදා හැරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම වන අතර, එමඟින් එක් එක් පළාතේ ජනතාවට නිශ්චිත විෂය ක්ෂේත්‍රවලදී තමන්ව පාලනය කරන නායකයන් තෝරා පත් කර ගැනීමට බලය ලබාදෙනු ලැබේ. කෙසේ වෙතත්, වසර හතරකට වැඩි කාලයක් පළාත් සභා මැතිවරණ පවත්වා නොමැති අතර, ඒවා බලය බෙදා හැර ඇති ආයතන ලෙස ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට එම පළාත් පාලනය කරන්නේ, බලය බෙදීම විහිළුවක් බවට පත්කළ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරුන් විසිනි. එමනිසා, පළාතේ ජනතාවගේ අදහස් විමසීමකින් තොරව අත්තනෝමතික ලෙස ක්‍රියා කළ හැකි, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයකු විසින් පාලනය කරනු ලබන පරිපාලන ආයතන බවට පළාත් සභා පත්ව ඇත. ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයන්ට වඩා වැඩි බලතල ආණ්ඩුකාරවරුන්ට ලබාදෙන පළාත් සභා නීතිය සංශෝධනය කළ යුතු වන්නේ එබැවිනි.

අවාසනාවකට මෙන්, 1987 ඉන්දුලංකා සාම ගිවිසුමට සමගාමීව ස්ථාපිත කෙරුණු පළාත් සභා ක්‍රමය, ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කරන ඉන්දියානු යෝජනාවක් ලෙස සිංහල බහුතරය විසින් යම් තරමක සැකයකින් යුතුව බලන තත්වයට පත්ව ඇත. ඉන්දුලංකා සාම ගිවිසුම අත්සන් කරන විට එය මතභේදයට තුඩු දුන් අතර, එය රටේ මහජනතාව අතර දිගින් දිගටම හෑල්ලූවට ලක් විය. එහි සඳහන් පරිදි ඉන්දියාව කොටි සංවිධානය නිරායුධ කිරීමට එකඟ වූ අතර, ශ්‍රී ලංකාව ඉන්දීය ආකෘතියට පළාත් සභා පිහිටුවීමට එකඟ විය. ඒ දෙකම සම්පූර්ණයෙන් සිදු වූයේ නැත. අද පළාත් සභා ක්‍රමය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා එම ආයතනසුදු අලිබවට පත්ව ඇත. 

උතුරු හා නැඟෙනහිර පළාත්වලින් පටන් ගෙන පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ ගැටලුව වන්නේ, දැනට රටේ බල කේන්ද්‍රයෙන් තරමක් ඈත්ව සිටින ජාතිකවාදී කණ්ඩායම්වලට එහිදීසිංහල භීතිකාවන්ඇති කළ හැකි වීමයි. ජනාධිපතිවරයා දෙමළ ජනයාට අනුග්‍රහය දක්වන බවත්, උතුරු නැගෙනහිර ඉන්දියාවේ ආධිපත්‍යයට පාර කපන බවත්, හෝ වෙනත් බිය ගැන්වීමේ ප්‍රකාශයක් කිරීමට ඔවුන්ට කිසිදු බාධාවක් නොවනු ඇත. පළාත් සභා මැතිවරණ පවත්වන්නේ නම්, එය මුළු රටටම සහ සියලුම පළාත්වලට එකවර පැවැත්විය යුතුය. එවැනි තත්ත්වයක් තුළ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට තීරණය කිරීමේදී මුහුණ දුන් අකරතැබ්බයටම ආණ්ඩුවට මුහුණදීමට සිදුවේ. එබැවින් නුදුරු අනාගතයේ මැතිවරණ සඳහා ඇති අපේක්ෂාවන් තවදුරටත් අඳුරු ය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    2

    මීළඟ මැතිවරණයේදී මැදමූලනගේ බිරිඳ (ගෝල්ඩ් බිස්කට් රැජින හෙවත් ශිරන්ති) මීළඟ අපේක්ෂකයා වුවහොත් ඇයට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකිද? හොරා කාපු සල්ලි දීපා දුප්පතුන්ට බෙදුවොත් එතුමිය ඒ විදියටම මීළඟ ජනාධිපතිනිය වෙනවා නොඅනුමානයි. ගෝඨාගේ ජනාධිපතිකම බිහිවිය. ඒත් එක්කම “බෝධි ලෙවකමින්” “ප්‍රසිද්ධියේ දුප්පත් මිනිස්සුන්ගෙ බබාලව සිපගෙන” වටේ යන්න ඕන “සාම්ප්‍රදායික සරමක් ඇඳගෙන, ඒත් කවදාවත් එයා කැමති මිනි සායක්” ඇඳගෙන :::::: මේවා මහින්දගේ කුරිරු මනසේ හංවඩු ගැහෙනවා.
    AKD මීළඟ නායකයා වීමට නම් මහින්ද පරයාගෙන් ටියුෂන් ගත යුතුය. මිනිසුන් පෙනෙනවාට වඩා මෝඩ බව මහින්ද දනී, නමුත් A.K.D හෝ එවැනි අය යථාර්ථයෙන් බොහෝ දුරස් නමුත් 70 දශකයේ අගභාගයේදී VASIDEWA එය කළාක් මෙන් ඔහුගේ සෙනඟට විනෝද විය. AKD සුළු ජාතීන්ටත් පහර දීම ආරම්භ කළ යුතුයි. ජයග්‍රාහී අපේක්ෂකයෙකු රැගෙන යා යුතු අනෙක් පූර්ව අවශ්‍යතාවය එයයි. දරුණු බල්ලන් කරනවා වගේ, ඔවුන් බෞද්ධ භික්ෂූන් ඉදිරිපිට බිම පෙරළිය යුතු අතර, අනෙක දළදා වහන්සේ ය. මේ සියල්ල AKD ට ඉතා පැහැදිලි විය යුතුය, ඔහුට මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම්, ඔහුගේ රැලි සෙනග සහ වේදිකා කථා ගැන රස විඳීම ඔහුට උපකාරී නොවනු ඇත.
    .
    Tbc

    • 0
      1

      to be continued. ඒ කියන්නේ මැතිවරණ ප්‍රතිඵලවලින් වැඩක් නැහැ. ඒ නිසා JVP කාරයෝ එක්ක කාලය නාස්ති කරනවා වෙනුවට අපි කළ යුතු එකම හොඳ වැඩේ තමයි මේ අතුරු කාලසීමාව තුළ මිනිසුන්ට මොලේ පාවිච්චි කරන්න කියලා දෙන එක.
      .
      නිර්පාක්ෂික අපේක්ෂකයින්ට ශ්‍රී ලංකා දේශපාලනයට ඉඩ සැලසීමට වැඩි යමක් කළ හැකි බව ඔවුන්ගේ අදහස විය. තම මින්මැදුරේ සිටින රුදුරු මෝරුන් සතුටු කිරීමට බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීමට වඩා වැඩි දෙයක් නොදන්නා මිනිසෙක් මේ රටේ ජනාධිපති වන්නේ එබැවිනි. කෙසේ වෙතත්, ප්‍රාදේශීය පුවත්පත් නිර්දය ලෙස මෙම “අශීලාචාර මිනිසුන්” සමාජයේ ඔවුන්ගේ ස්ථානයට ප්‍රවර්ධනය කළ අතර ඡන්දදායකයින් ඒ අනුව සූදානම් වීමට තුඩු දෙන “ව්‍යාජ මහජන අවබෝධයක්” ගොඩනැගීමට ඔවුන්ට උපකාර කළහ.
      නිර්පාක්ෂික අපේක්ෂකයා එකම විකල්පය විය හැකි නමුත් ඔවුන්ගේ තේරීම සම්පූර්ණයෙන්ම අවධානයෙන් බැහැර විය. අපක්ෂපාතී පුද්ගලයා උගත් පුද්ගලයෙක් නම්, ඒ වෙනුවට, කාර්මික ලෝකය අසාර්ථක වූ “100% කාබනික ආහාර කෙරෙහි විශ්වාසය” වැනි දේවල් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම නොතිබෙනු ඇත.
      දැන් ම්ලේච්ඡයන් අතට ගෙන අන් සියල්ලන්ටම කිරීමට අපොහොසත් වූ දේ සමථයකට පත් කිරීමේ රැල්ල ඉහළ යමින් පවතී – ම්ලේච්ඡයන් විසින් මේ රටේ තරුණ තරුණියන් 50 000 කට වැඩි ප්‍රමාණයක් මරා දමා ඇති බව වාර්තා වේ, එය COVID වලින් මියගිය මුළු සංඛ්‍යාව මෙන් 3 ගුණයකි. පැතිරුණු වසංගතය.

  • 1
    0

    සජිත් සහ අනුර මේ රටේ බුද්ධිමතුන් යැයි කියාගන්නා කුඩා කොටස්වලට වඩා ගැලරිය නොමඟ යවන්නේ කෙසේදැයි පුහුණු කළ යුතුය.
    ගැලරිය යනු ශ්‍රී ලංකාවේ මැතිවරණ ජයග්‍රහණය සඳහා වඩාත්ම දෝලනය වන ප්‍රශ්නය සහ තීරණාත්මක සාධකයයි.
    දාසයන්ගේ අධ්‍යාත්මය දීර්ඝ කාලීනව අධ්‍යයනය කළ මහින්ද පරයා තනිව භාවිත කළ දේශපාලන ගතිකත්වයන් මේවාය. මෙය MLECHCHA පක්ෂග්‍රාහී මාධ්‍ය විසින් උද්දීපනය කරන ලද්දේ “මේ ජාතියේ ගැලවුම්කාරයන් වන රාජපක්ෂ පවුලේ වතුරට වඩා ලේ ඝනයි” යනුවෙනි.
    .
    ඔවුන් දෙදෙනා එය සාක්ෂාත් කර ගත හැකි ආකාරය පහත ලැයිස්තුගත කර ඇත. අනාගතයේදී සත්‍ය ඒවා සාර්ථක නොවනු ඇත. මේ ජාතිය සදහටම අමූලික මෝඩයන් ලෙස පවතී. අපට අවස්ථාව මග හැරුණි, COVID කාර්යය කළේ නම්, වඩා හොඳ ජාතියක් සඳහා දේවල් ඉක්මනින් වේගවත් වනු ඇත.

    1) මහානායාණන් වහන්සේට පූජා කරන පුජා වට්ටියේ ප්‍රමාණය ඝනකම සහ වෙළුම් ප්‍රමාණයෙන් යුක්ත විය යුතු අතර දූත පිරිස දැනට වඩා සරසා තිබිය යුතුය / දීමනා ප්‍රමාණය අනුව ඔබ කොපමණ පින් උපදවා ගන්නේද යන්න තීරණය කරන්න.:::: : ඒක තාර්කිකව අසත්‍යයක්, නමුත් ශ්‍රී ලංකාවේ පිංගෝනා විශ්වාස කරනවා.

    tbc

    • 0
      0

      tbc

      2) අනුර අනියම් සහ පරීක්ෂා කළ කමිස වෙනුවට ජාතික ඇඳුමක් ඇඳීමට පටන් ගත යුතුය. එතකොට තමයි ජාතිය නොමග යවන්න පුළුවන් වෙන්නේ. ඔහු කැමති නම්, ඔහුට පණිවිඩය යවමින් බෙල්ලේ පටියක් පැළඳිය හැකිය.
      .
      3) මහානාහිමියන් හෝ වෙනත් චීවරධාරියන් ඉදිරියේ දණින් වැටී සිටීම අනන්‍ය වූ විලාසයකට (90% බුද්ධාගම හාමුදුරුවන්ගේ ඔළුවේ සීලය නැත) වැඩි වැඩියෙන් විකාශය කළ යුතුය, එවිට සිංහල බෞද්ධයන්ගේ (අතිමණ මෝඩ බහුතරයක්) විරෝධයක් නැත. ඔවුන්ගේ චාරිත්ර ගැන.

      4) මැර කණ්ඩායමක් පත් කර සමහර බෞද්ධ ස්ථානවලට සහ ප්‍රතිමාවලට පහර දීම (සරත් වීරසේකර, මධුමාදව සහ බල්ලන්ගේ ජාන ඇති ජයසුමන ඔහු ඒ විෂයෙහි ප්‍රවීණයන්ය. මන්ද යත්, මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරය ආරම්භ වීමට ටික වේලාවකට පෙර සෑම අවස්ථාවකදීම බගර් මෙවැනි විනාශකාරී ක්‍රියාවලට නායකත්වය දුන් බැවිනි. නමුත් එය කළ යුත්තේ සුළු ජාතීන් (මුස්ලිම්) මත වරද පටවමිනි. මේවා ලෝක ප්‍රජාවගේ මනස විකෘති කිරීමට සුළු ජාතිකයන් මේ රටේ බහුතරයකට හානි කරන ආකාරය ලොවට පෙන්වීමට ගණනය කරන ලද ම්ලේච්ඡ ක්‍රියා ය.

  • 0
    0

    NPP/JVP නායකත්වයට සාලිය පීරිස් හෝ හරිනි අමරසූරිය පත්වනු ඇති බවට රාවයක් පැතිරෙමින් තිබේ.
    AKD හි වීර නමස්කාර කරන්නන් CT නරඹන්නන්ට මෙය පැහැදිලි කළ යුතුය.
    .
    එහි යම් සත්‍යතාවක් තිබේද?

    නැත්නම් වැරදිකරුවන්ගේ කටකතාවක් පමණක්ද?

    tbc

  • 1
    0

    cont.
    .
    1994 – චන්ද්‍රිකා සරණං ගච්ඡාමි
    2005 – මහින්ද සරණං ගච්ඡාමි
    2010 – මහින්ද /සරත් ෆොන්සේකා සරණං ගච්ඡාමි
    2015- සොරිසේන සරණං ගච්ඡාමි
    2019 – ගෝඨාභය සරණං ගච්ඡාමි
    2024 හෝ ඊට පෙර – RW/AKD /සජිත් සරණං ගචාමි

    සනාථ නොවන ප්‍රවෘත්ති සිරස්තල මගින් මේ රට පැය විසිහතර පුරාම නොමඟ යවයි. සමාජ මාධ්‍ය ප්‍රවෘත්ති සහ MAIN STREAM මාධ්‍ය ආයතන විසින් විකාශනය කරන ප්‍රවෘත්ති අතර පැහැදිලි රේඛාවක් නොමැත.
    .
    AKD ගේ පුද්ගලයා පුම්බා ඇත්තේ සිංහල හරියට තේරුම් ගැනීමට නොහැකි පාණිනි එදිරිසිංහ විසිනි. ඕනම දෙයක් ගැන දුරස්ථ සුදුසුකම් තියෙන ගෝඨාභය එක්කත් මෝඩ මාධ්‍ය එහෙම කළා.
    .
    අද වන විට විශාල ජනතාවක් සිටින්නේ අන්ත අසරණ තත්ත්වයකය. ඔවුන් සෑම අංශයකින්ම පසුබෑමකට ලක්ව සිටිති. නායකයන් ද කාගේත් විවේචනයට ලක් වේ. සෞඛ්‍ය ප‍්‍රශ්නයට නිසි ලෙස මුහුණ දීමට නොහැකිව කනස්සල්ලට පත්වීම මිස මැතිවරණ පැවැත්වීම ගැන ඔවුන්ට සිතාගත නොහැකිය.
    බරපතළ තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ඇමැතිවරයා පැහැදිලි කරයි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.