26 April, 2024

Blog

සමාජ නිර්වින්දනය සහ වික්‍රමසිංහගේ ශල්‍ය කර්මය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

අර්බුද සමයකදී ජනතා අපේක්ෂාවන්හි නියෝජිතයා බවට පත්වීම සඳහා දේශපාලන නායකත්වයන් අතර පවතින තරඟය වඩාත් උග්‍ර හා තීව්‍ර වේ. කිසියම් නායකත්වයක් එම තරඟයේ ජයග්‍රාහකයා බවට පත්ව ඇති බවක් එක්වරම පෙනී ගියද ඉතාම ඉක්මණින් එය ව්‍යාජයක් බව පසක් වේ. දේශපාලන නායකත්වයන් සේම පොදුජන කොටස්ද ක්‍රියාත්මක වන්නේ (හෝ නොවන්නේ) තමන්ගේම කියවා ගැනීම් සහ ගණන් බැලීම් අනුවය. අප ජීවත් වන යුගයේ වෘත්තීය දේශපාලකයින් සේම පොදුජන කොටස්ද ක්‍රියාත්මක වන්නේ තත්කාර්යවාදී (pragmatic) තර්කණයකට අනුවය. උපායික සිතීම් ඇත්තේ දේශපාලකයින්ට පමණක් නොවේ. ජනතා කණ්ඩායම්වලටද ඔවුනගේම උපායික දැක්මවල් තිබේ. නිදසුනක් ලෙස, ඔවුන් ඇතැම් නායකත්වයන්ට එරෙහිව එක්වරම නැගී නොසිට යම් කාලයක් නිහඬව බලා සිටිය හැකිය. ඒ ඔවුන් එම නායකත්වයන්ට පක්ෂපාතීත්වය දක්වන නිසාම නොවේ. ඇතැම්විට, දේවල් පවතින තත්ත්වයට වඩා තරමක් හෝ යහපත් අතට හැරෙනු ඇතැයි තම පොදුජන අවබෝධයට අනුව ඔවුන් විශ්වාස කරන නිසාය. විශේෂයෙන්ම ප්‍රබල මහජන නැගී සිටීමක ජයග්‍රාහී අත්දැකීම් තිබෙන ජනතාවක් නිහඬව සිටින්නේද සුපරීක්ෂාකාරීත්වයකින් යුක්තවය. එබැවින් ඔවුනගේ නිහඬතාව තමන් කෙරෙහි දක්වන පක්ෂපාතීත්වයක් යැයි කිසියම් පාලක ප්‍රභූ තන්ත්‍රයක් කල්පනා කරන්නේ නම්, එය විශාල අත්වැරදීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය සති කිහිපයේ දේශපාලන චලනය නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ වික්‍රමසිංහ පාලනාධිකාරයේ තාවකාලික ස්ථාවරත්වය ක්‍රම ක්‍රමයෙන් අර්බුදයට ලක්වෙමින් පවතින බවය. එක් අතකින් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ නායක කොටස් අතර ලියලන නොකඟතා තවදුරටත් සැඟවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත. අනෙක් අතින්, සමගි ජන බලවේගයේ ඇතැම් කොටස් වික්‍රමසිංහ පරිපාලනය දෙසට ආකර්ෂණය වීම වැලැක්වීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සජිත් ප්‍රේමදාස හට සිදුව තිබේ. ඉදිරි ජනාධිපතිවරණයක් ඉලක්ක කරගෙන සුළුතර ජන කණ්ඩායම්වල සහයෝගය දිනාගැනීමේ උපායික මෙහෙයුමක් වික්‍රමසිංහ විසින් ක්‍රියාත්මක කරමින් සිටියද (ඊනියා 13 සංශෝධනය ක්‍රියාවට නැගීමේ සාකච්ජාව) දැන් එයද සාර්ථක වන හැඩක් නැත. දක්ෂිණාංශයේ සියළුම පක්ෂ අර්බුදයට පත්වෙමින් තිබෙන තත්ත්වයක් තුළ එය තමන්ගේ තීරණාත්මක දේශපාලන ජයග්‍රහණයක් බවට හරවා ගන්නට මධ්‍ය-වාමාංශික ජවිපෙ/ජාජබ තවමත් සමත් ඇත්තේද නැත. මන්ද යත්, මැතිවරණ පවත්වන්නේ කෙදිනද සහ කෙසේද යන්න දැන් දේශපාලන ගේම් එකේම කොටසක් වී ඇති නිසාය. තරඟයේ රීතීන් සකස් කිරීමද තරඟයේම කොටසක් වී ඇත. නමුත්, තවමත් කැපී පෙනෙන ජනතා ආකර්ෂණයක් තිබෙන මධ්‍ය-වාමාංශයේ නායකත්වය නිරතව සිටින්නේ පැරණි තරඟයේ ය. එනම්, කෙදිනක හෝ කවර ලෙසින් හෝ මැතිවරණයක් පවත්වන තෙක් තම ජනතා ආකර්ෂණය අඛණ්ඩව පවතීය යන විශ්වාසය පෙරටු කොටගෙනය. එවන් තෝරා ගැනීමක් විසින් යමෙකු පොළඹවනු ලබන්නේ ක්‍රියාකාරී මැදිහත්වීමක් දෙසට නොව නිෂ්ක්‍රීයව මග බලා සිටීමක් දෙසටය.

පොරොත්තුව සිටීමේ දේශපාලනය

මෙම මග බලා සිටීමේ චර්යාව තුළ මග හැරී යන භයානක අතුරු අන්තරාවක් වන්නේ වාම-ජනතාවාදයේ අභියෝගයට නව හැඩයකින් මුහුණ දීම අරමුණු කොටගෙන නැවත සකස් වීමට අන්ත දක්ෂිණාංශික බළමුළුවලට කාලය හා අවකාශය විවෘත වීමයි. නිදසුනක් ලෙස, චම්පික රණවකගේ එක්සත් ජනරජ පක්ෂය සහ විමල් වීරවංශගේ උත්තර ලංකා සභාව ප්‍රයත්න දරන්නේ පොහොට්ටුවෙන් ගිලිහෙන මධ්‍යම පන්තික ශ්‍රේණීන් මධ්‍ය-වාමාංශය හෝ රැඩිකල් වාමාංශය වෙතට ආකර්ෂණය වීම වළක්වා විකල්ප බලවේගයක් ලෙස තමන්ව ස්ථානගත කර ගැනීමටයි. දශක එක හමාරකට වඩා කල් පැවති රාජපක්ෂ හෙජමොනික නිර්මිතය බිඳ වැටීම තුළ නව දේශපාලන පර්යායකට ඉඩක් විවරව තිබෙන බව දකුණේ නායකයන්ද අවබෝධ කරගෙන සිටින බව අප අමතක නොකළ යුතුය. වීරවංශ සහ රණවක මේ මොහොතේදී දෘෂ්‍යමාන වන්නේ ග්‍රාම්ස්චිගේ වචනයෙන් කිවහොත්, ‘හමුදාවක් නොමැති සෙනෙවිවරුන්’ ලෙසින් වුවද, ඔවුනට අවශ්‍ය විටෙක හමුදාවක් ගොඩ නගා ගැනීමේ ශක්‍යතාව තිබෙන බවද සිහි තබා ගත යුතුය.

තවද, දක්ෂිණාංශික නායකත්වයන් අතර කොතරම් ගැටුම් හා බල තරඟ පැවතුණද ප්‍රභූ සංස්ථාපිතයෙන් බලය ගිලිහී නොයාම සඳහා වූ අප්‍රකාශිත එකඟතාවක් (කිසියම් පන්ති විඥානයක්) ඔවුන් අතර පවතින බවක්ද පසුගිය කාලය පුරාම නිරීක්ෂණය කළ හැකි විය. එම එකඟතාව වන්නේ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ එක් හෝ තවත් කොටසකට නිශ්චිතව බලය තහවුරු කර ගත හැකි යැයි සහතික වන තෙක් කෙසේ හෝ මැතිවරණ ක්‍රියාවලිය අත්හිටුවා තැබීමයි. එබැවින්, ප්‍රභූ නායකත්වයන් අතර පවතින ගැටුම්වල අතුරු පලයක් ලෙස මැතිවරණයක් ලැබෙනු ඇතැයි සිතීම උගහටය.

කම්පන ප්‍රතිකාරය

මේ අනුව දැන් උදාව තිබෙන්නේ ප්‍රධාන ධාරාවේ කිසිදු පක්ෂයකට පැහැදිලිව තම ආධිපත්‍ය ස්ථාපිත කරගත නොහැකි තත්ත්වයකි. තම තරඟකරුවන් දුර්වල කිරීමට සැමෙකෙක්ම සමත්ය; නමුත්, තරඟකරුවන් අභිබවා ගොස් ජයග්‍රහණය තහවුරු කරගන්නට කිසිවෙකුත් සමත් නැත. දේශපාලනය එකතැන සිරවී තිබෙන බවක් දෘෂ්‍යමාන වන්නේ එහෙයිනි. මීට සමගාමීව ජන අරගලයේ නැවත පැන නැගීමක් තවමත් දක්නට ලැබෙන්නේද නැත. මෙවන් එකතැන සිරවීමක අහිතකර ප්‍රතිපලයක් වන්නේ තම පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මකව බලපාන ඇතැම් කාරණා ඉදිරියේ පවා බලවත් විරෝධයක් සංවිධානය කර ගන්නට ජනතා කොටස් අසමත් වීමයි. අරගලයට සක්‍රීයව සම්බන්ධ වූ ඇතැම් මධ්‍යම පන්තික ශ්‍රේණීන්ද මෙම සමස්ත සිරවීමේ සහ අවිනිශ්චිත බවේ කොටස්කරුවන් වී ඇති සෙයකි. ඔවුනගේ පාර්ශ්වයෙන් සිරවීම ප්‍රකාශයට පත්වන්නේ දේවල් සතුටුදායක නොවූවද යළිත් වරක් පාරට බැසීමට තරම් සූදානමක්ද නොදක්වන චර්යාවක් ලෙසිනි. මෙයින් අදහස් වන්නේ මහජන නැගී සිටීමකට යා හැකි උපරිම දුර පසුගිය වසරේදී ගිය බැවින් යළිත් එවැන්නක් සඳහා ඉඩක් නොමැතිය යන නියතිවාදී ප්‍රවාදය නිවැරදි බව නොවේ. දේශපාලන ලෝකයේ එවන් අනිවාර්ය නීතීන් නොමැත. දේශපාලනිකය තාර්කික (logical) පිළිවෙලක් අනුයන්නේ නැත. දරුණු ආර්ථික සහ සමාජමය අර්බුදවලට මුහුණ දුන් ලොව බොහෝ රටවල මහජන නැගී සිටීම් නැවත නැවතත් සිදුව ඇත. නමුත්, කාරණය නම් රැඩිකල් වාමාංශය ඇතුළු තවමත් අරගලය අත් නොහැර සිටින කණ්ඩායම් අපේක්ෂා කරන ආකාරයෙන් සහ අපේක්ෂා කරන වේගයෙන් මහජන තලයේ චලනයන් සිදු නොවීමයි.

මේ අනුව, සංක්ෂිප්තව, වත්මන් නිමේෂය හඳුනාගත හැක්කේ මෙවන් ගති ලක්ෂණවල එකතුවක් ලෙසිනි; අනෙකා දුර්වල කිරීමට සමත් වුවද තම බලය තහවුරු කරගන්නට අසමත් දක්ෂිණාංශික නායකත්වයන් කිහිපයක්; දේශපාලනිකයේ නිමේෂයට රැඩිකල් ලෙස අවතීර්ණ වී තරඟ රීතින් වෙනස් කරන්නට දුර්මුඛ වන ජනප්‍රිය මධ්‍ය-වාමාංශයක්; ඉදිරියේදී කවර නායකත්වයක් හා සන්ධානගත වන්නේදැයි අතීරණයක සිටිමින් කල්යල් බලන සුළුතර පක්ෂ කිහිපයක්; ගතානුගතික පක්ෂවල කැබලිවීම හා බිඳ වැටීම හමුවේ නව හැඩයකින් මතුවන්නට ප්‍රයත්න දරන අන්ත දක්ෂිණාංශික කොටස්; ජනතා ක්‍රියාකාරීත්වයේ තලයට සාපේක්ෂව අධි-ක්‍රියාකාරීත්වයක් පෙන්වන රැඩිකල් වාමාංශයක්; සමස්ත දේශපාලන සිරවීමේ කොටස්කරුවන් බවට පත් වූ සමාජ ශ්‍රේණීන් ගණනාවක්; දේශපාලනික අවකාශයෙන් බැහැර කරන ලද දරිද්‍ර හා පීඩිත සමාජ කණ්ඩායම්.

බැලූ බැල්මට දේශපාලනයේ සිරවීමට සමාන්තරව සමාජ අවකාශය නිර්වින්දනයට ලක්වෙමින් තිබේ. නමුත්, එය මතුපිටින් පෙනෙන නිර්වින්දනයට යටින් කැකෑරෙන වේදනාවක් සහිත සමාජ දේහයකි. එබැවින් මතුපිටින් පෙනෙන නිර්වින්දනය වුවත් තාවකාලික වූවක් වනු ඇතැයි යන්න මගේ අදහසයි. නිර්වින්දනය සාමාන්‍යයෙන් දේශපාලනයට අහිතකර තත්ත්වයක් යැයි සලකනු ලැබූවද, ඒ සෑම ආකාරයකම දේශපාලනයට අදාළව නොවේ. ඒකාධිපති දේශපාලනය සමාජ නිර්වින්දනය ප්‍රිය කරයි. නිදසුනක් ලෙස, මහජන රැස්වීම් පැවැත්විය යුත්තේ මිනිසුන් වෙහෙසට පත්ව සිටින සැන්දෑ කාලයේ යැයි ඇඩොල්ෆ් හිට්ලර් පවසා ඇති බව එරික් ෆ්‍රොම් ඔහුගේ ‘නිදහසෙන් පලායාම’ (escape from freedom) කෘතියේ සඳහන් කරයි.

එලෙසම, නිර්වින්දනය ප්‍රිය කරන තවත් දේශපාලනයක් තිබේ. එනම්, නව-ලිබරල් දේශපාලනයයි. නයෝමි ක්ලයින් නිදසුන් ගණනාවක් මගින් පෙන්වා දෙන පරිදි පිනෝචේගේ චිලී දේශයේ සිට සුනාමි සමයේ ශ්‍රී ලංකාව දක්වා බොහෝ තැන්වල නව-ලිබරල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූයේ විශාල ආපදාවකින් පසුව නිර්මාණය වූ සමාජ නිර්වින්දනය පසුබිම් කරගෙනය. නව-ලිබරල්වාදයේ ගුරෙකු වූ මිල්ටන් ෆ්‍රීඩ්මාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කත්‍රිනා සුළි කුණාටුව පසුබිම් කරගෙන පොදු පාසැල් පෞද්ගලීකරණය කිරීමේ ඔහුගේ අවසන් මෙහෙයුමට නායකත්වය දුන් ආකාරය ක්ලයින් මනාව පැහැදිලි කරයි. “මිනිසුන් පියවි සිහියට පැමිණ දේවල් වටහා ගන්නට පෙර කළ යුතු ශල්‍ය කර්මය ඉක්මණින් හමාර කළ යුතුය” යන්න ෆ්‍රීඩ්මාන්ගේ උපදෙස විය. දැන් ශ්‍රී ලංකාව තුළ වික්‍රමසිංහ පරිපාලනය විසින් සිදු කරමින් සිටින්නේද එවන් බරපතල ආර්ථික ශල්‍ය කර්මයකි. පොදු දේපළ පෞද්ගලීකරණය කිරීම, රාජ්‍ය සුභසාධන අයිතීන් අහිමි කිරීම, කෘෂි ඉඩම් හුවමාරු භාණ්ඩකරණය කිරීම, නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීම, දරිද්‍ර ජනයා තවදුරටත් අසන්තක කිරීම යනාදී අංග ගණනාවක් මෙම ශල්‍ය කර්මයට අයත්ය. සමාජ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයක දීර්ඝ උරුමයක් තිබෙන රටක් තුළ, දශක හතරකට වඩා දිගු ආර්ථික විවෘතකරණයේ යුගයක් තුළ පවා සුභසාධක ප්‍රතිපත්තීන් සහමුළින්ම හකුළුවා දැමිය නොහැකි වූ රටක් තුළ ජන සමාජය නිර්වින්දනයට ලක් නොකර මෙවන් ශල්‍ය කර්මයක් කිරීම පහසු නොවේ. දැන් වික්‍රමසිංහ කරමින් සිටින්නේ එම අසීරු දෙයයි. ඔහු වැල් පාළම තරණය කරනවා යැයි කියන්නේ එයටයි. වෙනත් වචනයෙන් කිව හොත්, දේශපාලනයේ එකතැන සිරවීමත් සමාජයේ මතුපිට තලයේ නිර්වින්දනයත් හමුවේ නව-ලිබරල්වාදයේ දේශපාලන ආර්ථික මෙහෙයුම ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    1
    1/
    මහින්ද රාජපක්ෂ දිවයිනේ බහුතරයකගේ මනෝවිද්‍යාවම දනී. ඒ නිසාම ඔහු ජනප්‍රියම දේශපාලඥයා බවට පත් වූ නමුත් එම ජනතාවම නැවත නැවතත් දන්නේ නැත.
    එය අලංකාර බාහිර ආවරණයක් වැනි ය, නමුත් එහි අන්තර්ගතය විෂ සහිත ය. මේ මිනිසාට හදවතක් නැත, කිසි විටෙකත් හදවතක් හෝ මිනිසුන්ට කරුණාවන්ත නොවනු ඇත. ඔහු තම බල තණ්හා උපක්‍රමවලට ඇබ්බැහි වී ඇත.
    .
    දුප්පතුන්ගේ දුක නොතකා තම සහෝදර සහෝදරියන් සහ දරුවන් බලයේ තබා ගැනීමට රැවටිලිකාර මනස හැසිරවීමට සහ ඡන්දදායකයින් ලබා ගැනීමට ඔහු දනී. එතුමා ඇතුළු ඥාතීන්ට බලය ලැබුණට පස්සේ දුප්පත්කම නැති කරලා ජනතාවට සංවර්ධනය ගෙනියන්න ඔය වගේ කිසිම දෙයක් ගැන තැකීමක් නොකළ නමුත් 2010 ඉඳන් අපි ඒක අත්විඳිනකොට ඒක හැමදාම ඇනහිට තිබෙනවා.
    එය පාඨක සටහන සඳහා පහත සාරාංශගත කර ඇත

    A. 2010-2015 – අතිරික්ත ජනවරම ලබා ගත් නමුත් ඔහුගේ පාර්ලිමේන්තුව හෝ කැබිනට් මණ්ඩලය විසින් නව නීති බලාත්මක කිරීම වැනි ප්‍රතිසංස්කරණ ගෙන ආවේ නැත. ඒ වෙනුවට, ඔවුන්ගේ නොහැකියාව සඳහා නිදහසට කරුණක් ලෙස සේවය කිරීම සඳහා රතු සිවුර බලකාය ඔවුන්ගේ උපදේශක කමිටුව බවට පත් විය.

    tbc

  • 0
    0

    cont.
    .

    B. 2015-නොවැ 2019 – යහපාලන ආණ්ඩුව සාපේක්‍ෂව ජනතාවට වැඩි කැමැත්තක් දැක්වූ නමුත් එදා මරා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය පොළොන්නරුවේ මහා මෝඩයාට එම කාර්යය තනිවම කර ගැනීමට ඉඩ දුන්නේ නැත. වාරයේ අවසන් අදියරේදී සොරිසේන පෙනුනේ එම රාජපක්ෂලා විසින්ම පාලනය කරන ලද අපරාධ කල්ලියක ගොදුරක් ලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස, අහිංසක පල්ලි යන 270කට අධික පිරිසක් මෙම ක්‍රීඩාවේදී මනුෂ්‍ය පූජාවන් බවට පත් වූ අතර ක්‍රිස්තියානි බැතිමතුන් දහස් ගණනක් තුවාල ලැබූහ. නමුත් මහින්ද රාජපක්ෂ මහතාට මෙතෙක් දේව බලවේග දඬුවම් කර නැහැ.
    .
    c. නොවැම්බර් 2019- ජූලි 2022- මිනිසුන්ට හිතකර කිසිවක් ඉටු නොවේ. එහෙත් රාජපක්ෂ ප්‍රමුඛ අපරාධකරුවන්ට පක්ෂව ඔවුන් ගොනු කළ අපරාධ නඩුවලින් බහුතරයක් නිදහස් විය.
    ඔවුන්ගේ බල ලෝභ උපක්‍රම නිසා අහිංසක මිනිසුන් 17000කට වැඩි පිරිසකට COVID 19 වලින් “මිය යාමට” ඉඩ සැලසීය.
    හොදින් හෝ නරකින් රසායනික හා පොහොර නොමැතිව ගොවිතැන් කිරීමට ගෝඨා # තීරණය කළ නිසා ගොවියන්ට තම ජීවනෝපාය පවත්වා ගැනීමට නොහැකි වූ සියල්ල පාහේ අහිමි විය. අප වැනි අඩු ආදායම්ලාභී රටකට එය ප්‍රායෝගික නොවන නමුත් ඔවුන්ගෙන් එයට ගරු කළේ නැත. වසර 3ක පාලන කාලය තුළ ගෝඨා නිල වශයෙන් රට බංකොලොත් රාජ්‍යයක් ලෙස හංවඩු ගැසුවේය.
    සමස්තයක් වශයෙන් ගත් කල, ජනතාව සහ නීති පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නම්, මේ රාජපක්ෂලා හිරගෙවල්වලින් එළියට නොඑනු ඇත, නමුත් නීතියේ අඩුපාඩු ඇති රටක දරුණුතම අපරාධකරුවන් පවා දෙවිවරුන් බවට පත් වී එම මිනිසුන්ගේ ප්‍රශංසාවට ලක් වේ. Gadafis ඔවුන්ගේ මැරයන් විසින් මරා දැමීමෙන් පසු කාණු වල තිබී සොයා ගැනීමට පෙර ට්‍රිපොලි හි එය භුක්ති වින්ද ආකාරය.

  • 0
    0

    අපේ රටේ මිනිස්සු මොලේ පාවිච්චි කරලා ක්‍රියා කරලා නෑ, මෑත ඉතිහාසයේ එක පාරක් නෙවෙයි කීප වතාවක්ම මැතිවරණවලින් රටට යහපතක් ගෙනාවේ නැහැ.

    ජාතික ආරක්‍ෂාව නැතිකම සහ බලය උදුරා ගැනීම සඳහා මැරයන් පිරිසක් අහිංසක කිතුනු බැතිමතුන් මරා දැමූ පමණින් හොඳම උදාහරණය සාධාරණ හේතුවක් නොමැතිව බහුතර ජනතාවගේ සහාය එකවරම ලැබුණි.
    අපගේ මිනිසුන්ගේ මනෝවිද්‍යාව පහසුවෙන් වෙනස් නොවනු ඇත, ඔවුන් කම්පන ප්‍රතිකාර වලට යටත් නොවන්නේ නම්. කියන්න කණගාටුයි, සමහර විට, ඔවුන්ට සියලු ආර්ථික පසුබෑම ලැබිය යුතුය, මන්ද ඔවුන් මැදමුලන තිරිසනුන් නැවත බලයට ගෙන ආ අය බැවිනි.
    .
    “පාස්කු ඉරිදා බෝම්බ ව්‍යසනය” හෙවත් “පාස්කු ඉරිදා බෝම්බ ව්‍යසනය” සිදු වීමට මාස කිහිපයකට පෙර, “රාජපක්ෂ සහෝදරයන් විසින් කතා කරන ලද එම පොහොට්ටුවට” සහය දෙන දේශපාලකයින්, ශ්‍රී ලංකාවේ ගෞරවනීය ආයතනය වන පාර්ලිමේන්තුවේ, ලෝකය පුරා පණිවිඩය යවමින්, අශිෂ්ට ලෙස හැසිරුණේය. අපේ මහජන නියෝජිතයන් නීතියට බැඳුණු මිනිසුන්ට වඩා විනාශකාරීන් බව.
    පුදුමයට කරුණක් නම්, “එවිට කථානායක # අසුනට මුත්‍රා දැමූ” පුද්ගලයා නැවත තේරී පත්වීමයි. යම් අධ්‍යාපනයක් ඇති කෙනෙකුට එයට ගරු කළ හැකිද? ඒ කියන්නේ ඔය වල් පොහොට්ටුව බල්ලන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ටත් එක වගේ බනිනවා.

    විවිධ ජාතීන්ගෙන් පැමිණි ලොව පුරා සිටින මගේ මිතුරු මිතුරියන් අපේ මිනිසුන්ගේ මනෝවිද්‍යාවේ ස්වභාවය ගැන මගෙන් ප්‍රශ්න කළහ. ඔබ තුෂ්නිම්භූත වූ එම පිරිසම එම වාර්තාවම බිඳ දැමූ අපරාධකාර රාජපක්ෂයන්ගේ රසිකයින් බවට පත් වූහ. ඒක නෙවෙයිද මිනිස්සුන්ගේ මෝඩකම ඔප්පු කරන්න හොඳම සාක්ෂිය.
    apē raṭē minissu molē pāvicci karalā kriyā karalā nǣ, mǣta itih

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.