11 April, 2026

Blog

සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ සංවර්ධනයේ අපගමනයට සැළකිව යුතු ලෙස දායක විය. මෙම ගුණාංග අඛණ්ඩව පවත්වාගෙන යෑම සහතික කිරීම සඳහා රජය බරපතල උත්සාහයක් දරන බව දැකගත හැකි වීම, රටට වඩා හොඳ අනාගතයක් හිමිවනු ඇති බවට ඇති හොඳම පුරෝකථනයයි. තව බොහෝ දුර යා යුතුව තිබේ. ආර්ථික පිරමීඩයේ පහළම සිටින අයට සහ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනගහනයෙන් හතරෙන් එකකට, සෘජුවම ප්‍රතිලාභ ලබාදෙන, පොරොන්දු වූ වැඩසටහන් තවමත් ක්‍රියාත්මක වී නොමැත. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත වැටී නොමැති අතර, සමහරක් සහල් සහ පොල් වැනි භාණ්ඩවල තියුණු මිල වැඩිවීමක් දැකගත හැකිවේ. වේගවත් සංවර්ධනයක් ඉදිරියේදී සිදුවනු ඇති බවට ජනතාවට බලාපොරොත්තුවක් ලබාදෙන මහාපරිමාණ ව්‍යාපෘති කිසිවක් තවමත් ආරම්භවී නොමැත.

අතීතයේ දී ආණ්ඩු බලයට පත් වූ වහාම ජනතාවට අනාගතය පිළිබඳ විශාල බලාපොරොත්තු ලබාදීමට සමත් වූ අවස්ථා තිබිණි. 1977 මැතිවරණයෙන් පසු රජය ආර්ථිකය ලිහිල් කිරීම සඳහා ගත් පියවරත් සමඟ, සමහර විට ඉතිහාසයේ විශාලතම යැයි සැළකිව හැකි බලාපොරොත්තුව ඇති විය. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඔහුගේ කණ්ඩායම ත්‍යාගශීලී අන්තර්ජාතික ආධාර රැස්කිරීමට සමත් වූ අතර, එයින් වැඩි ප්‍රමාණයක් ප්‍රදාන ආකාරයෙන් ලැබිණි. එමඟින් වසර 30 ක මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය වසර හයක් දක්වා වේගවත් කිරීමට උපකාරී විය. 1992 දී ජනාධිපති රණසිංහ ප්‍රේමදාස තම ආණ්ඩුව ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීමට සහ දරිද්‍රතාවය තුරන්කිරීමට රට පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ක් ස්ථාපිත කළ විට මහාපරිමාණ අපේක්ෂාවක් විය. මෙම මහාපරිමාණ ව්‍යාපෘති ජනතාවගේ ජීවිතවලට ක්ෂණික බලාපොරොත්තුවක් ගෙන ආවේය.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය, මත්තල ගුවන්තොටුපොළ සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඔස්සේ, ඒවා ආරම්භ කරන අවස්ථාවේ ජනප්‍රිය පරිකල්පනය මත මහා සංවර්ධනයක් පොරොන්දු වූ නමුත්, ඒ සියල්ලම අපේක්ෂා කළ ඉලක්කවලට අනුව ක්‍රියාත්මක නොවීය. මෙම ව්‍යාපෘති මෙහෙයවනු ලැබුවේ ණය බර සහ ඌණ උපයෝගීතාවයට හේතු වන ආර්ථික කරුණු සැළකිල්ලට ගෙන නොව, ප්‍රධාන ලෙස දේශපාලන අවශ්‍යතා මත කොමිස් නියෝජිතයන් විසිනි. වේගවත් ආර්ථික වර්ධනයක් සඳහා ජනතාවට බලාපොරොත්තුවක් ලබාදිය හැකි මේ හා සමාන මහා ව්‍යාපෘති ගෙන ඒම පිළිබඳව ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රවේශම් විය යුතුය. ඉන්දියාවට සහ චීනයට කළ සංචාර අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක එම රටවල රජයන් සමඟ ගිවිසුම් විශාල සංඛ්‍යාවක් අත්සන් කළ නමුත් ඒවායේ ප්‍රතිඵල අපැහැදිලිය. ඉන්දියානු සහයෝගීතාවෙන් සුළං බලය ජනනය කිරීම සඳහා වූ ඇමරිකානු ඩොලර් බිලියන 1 ක අදානි ව්‍යාපෘතිය ඇණහිට ඇති බව පෙනේ. තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා වූ ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක චීන යෝජනාව ද ක්‍රියාත්මක තලයේ නැත.

අලුත් කළ වර්ධනය

ආදායම් උත්පාදනය කර රට ඉහළ සංවර්ධන මට්ටමකට ගෙන යෑමට ඉහළ පෙළේ ආයෝජන හෝ ව්‍යාපෘති නොමැති වීම රජයේ සංවර්ධන සැලසුම්වල ඇති අඩුපාඩුවකි. සාම්ප්‍රදායිකව බලයේ සිටින විපක්ෂයේ දේශපාලන පක්ෂවල සිටින අය හා සසඳන විට නව ආණ්ඩුවට ආර්ථිකය වෙනස් කිරීමට සහ සංවර්ධනය කිරීමට ඇති හැකියාව අතර අශෝභන සැසඳීම් සඳහා එය දොර විවර කර දී තිබේ. කෙසේවෙතත්, පසුගිය වසර තුළ ආර්ථික වර්ධනය පිළිබඳ මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද සංඛ්‍යාලේඛනවලින් පෙනීයන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා හොඳින් ක්‍රියාත්මක වන බවයි.

2024 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5 කින් වර්ධනය වූ අතර, 2023 වසර සඳහා වර්ධන වේගය සියයට 2.3 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එම තත්වය වසර දෙකක ආර්ථික හැකිළීම ආපසු හරවා ඇති බව ප්‍රදර්ශනය කරයි. විශේෂයෙන් පිළිගත හැකි කාරණය වන්නේ, 2024 සිව්වැනි කාර්තුව සඳහා (නව ආණ්ඩුව පත්වීමෙන් පසු) ආර්ථික වර්ධන වේගය සියයට 5.4 ක් වීමයි. වත්මන් කාර්තුව සඳහා ආර්ථික වර්ධන සංඛ්‍යාලේඛන ද වර්තමාන ප්‍රවණතාවයේ අඛණ්ඩ පැවැත්මක් ලෙස දැකගැනීමට හැකියාව පවතී.

අතීතයේ දී ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වය වූයේ එහි ආර්ථික වර්ධන අනුපාත පවත්වා ගැනීමට නොහැකි වීමයි. විවිධ පාලනයන් යටතේ රට ඉහළ වර්ධන අනුපාත සමඟ ආරම්භ වුවද, එම ජයග්‍රහණය විනාශ කළ නාස්තිය සහ දූෂණය පිළිබඳ ගැටළුවලට ඉක්මණින්ම මුහුණදීමට රටට සිදුවිය. 1970 දශකයේ අගභාගයේ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවේ ආරම්භක කාලය තුළ, දැවැන්ත ව්‍යාපෘතිවල සහාය ඇතිව ආර්ථිකය සියයට 8 කට ආසන්න වර්ධනයක් වාර්තා කළ නමුත් එය පවත්වා ගැනීමට නොහැකි විය. ප්‍රචණ්ඩ ගැටුම්, නාස්තිය සහ දූෂණය පෙරට පැමිණි අතර එමඟින් ආර්ථිකය අඩපණ විය. රාජ්‍යයට එරෙහිව කැරලි ගැසූවන් සමග සටන් කිරීම සඳහා ආරක්ෂක හමුදා වෙනුවෙන් වැඩි වැඩියෙන් මුදල් වැයකිරීමත්, නාස්තිය සහ දූෂණය අහස උසට නැඟීමත් සමඟ ආර්ථික සංවර්ධනය සඳහා වැඩි යමක් ඉතිරි නොවීය.

නාස්තිය සහ දූෂණය අඩුකිරීමට රජය දක්වන කැපවීම, එමඟින් සම්පත් ඉතිරි කර ආර්ථික වර්ධනයට දායක කරගත හැකි වන පරිදි එය අනුගමනය කරන දැඩි විනය තුළින් දැකිය හැකිය. රජය සිය කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 25 දෙනකුට සීමාකර ඇති අතර, අතීතයේ දී එම අගය බොහෝ විට එමෙන් දෙගුණයක් විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වෛද්‍ය රක්ෂණය ඇතුළු නිල වරප්‍රසාද අඩුකිරීමට ද රජය ප්‍රතිපාදන සලසා ඇත. මෙම දෙවැනි පියවරේ වටිනාකම නම්, පෙර පාලනයන් සිදුකළාක් මෙන් එය අක්‍රිය කිරීම වෙනුවට, මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැන් දිරිගැන්වීමක් ලැබිමයි. රක්ෂණ ආවරණය අඩුකිරීමත් සමඟ, ඔවුන්ට පෞද්ගලික සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට වඩා මහජන සෞඛ්‍ය පහසුකම් භාවිත කිරීමට සිදුවනු ඇත.

කැපවී සිටින රජය

වර්තමානයේ වඩාත්ම ධණාත්මක ලක්ෂණය වන්නේ, දූෂණය මුලිනුපුටා දැමීමට රජය බරපතල උත්සාහයක් දරමින් සිටීමයි. අල්ලස් හා දූෂණ කොමිසම වැනි කළින් නිද්‍රාශීලීව පැවැති වගවීමේ ආයතනවල ප්‍රබෝධය සහ බලයේ සිටින කණ්ඩායම සමඟ ඇති සම්බන්ධතා හේතුවෙන් නීතියට ළඟාවිය නොහැකි යැයි කළින් සළකනු ලැබූ පුද්ගලයන් පසුපස හඹායෑමට නීතිපති දෙපාර්තමේන්තුවේ කැමැත්ත තුළින් මෙය දැකිය හැකිය. පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන පොලිස්පතිවරයා අධිකරණ නියෝගයක් මත සිරගත කර තිබීම නීතියේ ආධිපත්‍යය බැරෑරුම් ලෙස සැළකීමට පටන් ගෙන ඇති බවට ඇඟවීමකි. වියදම් අඩුකිරීම, දූෂණය තුරන්කිරීම සහ නීතියේ ආධිපත්‍යයට අවනතවීම මගින් රජය සංවර්ධනයට ඇති බාධක ඉවත් කරමින් සිටී. අතීතයේ දී ක්‍රියාත්මක කළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, ඒවායේ සම්පූර්ණ ප්‍රතිලාභ ලබාදීමට අපොහොසත් වූයේ, ඒවා ප්‍රචණ්ඩ ගැටුම් සහ ඇතුළු දූෂිත හා නාස්තිකාර භාවිතයන් වැනි තත්වයන් අතර අතරමං වූ බැවිනි.

කෙසේවෙතත්, රජය තුළ අනිවාර්යයෙන්ම නොමැති දැනුම සහ විශේෂඥතාව අවශ්‍ය වන නව්‍ය සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍යතාවක් පවතී. මේ දක්වා, රජය ප්‍රධාන තීරණ ගන්නන් තෝරාගැනීම තමන් දන්නා, වැඩ කළ සහ දිගුකාලීන ඇසුර නිසා විශ්වාස කරන අයට සීමාකරමින් සිටින බව පෙනේ. රජය මෑතකදී පත්කළ කමිටු දෙකක් වන ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකාය සහ සංචාරක උපදේශක කමිටුව රටේ බහුතර ප්‍රජාවේ පිරිමින්ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාව එහි සම්පූර්ණ විභවය ප්‍රයෝජනයට ගැනීමට නම්, උතුර හා නැගෙනහිර නියෝජනය ඇතුළුව රටේ බහු වාර්ගික සහ බහු ආගමික ජනගහණයෙන් කාන්තාවන් සහ විවිධ දෘෂ්ටිකෝණ සහිත සියල්ල ඇතුළත් ප්‍රවේශයක් රජය විසින් වැළඳගත යුතුය. සියල්ලන් ඇතුළත් වන සහ සියල්ලන් විසින් පිළිගන්නා සංවර්ධනයක් සඳහා, රට විසින් මෙතෙක් ස්ඵර්ශ නොකළ විශාල සම්පත්වලින් ප්‍රයෝජන ගත යුතුය.

රජයේ තීරණ ගැනීමේ ආයතනවල කාන්තාවන් සහ වාර්ගික සුළුතරයන් නියෝජනය කරන පිරිස් සිටින බව බව සහතික කිරීමෙන්, රජයට පුළුල් පරාසයක කුසලතා, අත්දැකීම් සහ ඉදිරි දර්ශන උපයෝගී කර ගත හැකි අතර, අවසානයේ වඩාත් ඵලදායී හා තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති කරා යොමුවිය හැකිය. තිරසර සංවර්ධනය යනු හුදෙක් ආර්ථික වර්ධනය ගැන නොවේ; එය සියල්ල ඇතුළත් කිරීම සහ හවුල්කාරිත්වය ගැන කියැවෙන්නකි. තම නායකත්වය යටතේ විවිධත්වයට ප්‍රමුඛත්වය දෙන පාලනයක්, අනපේක්ෂිත ලෙස පැනනැගිය හැකි අභියෝගවලට මුහුණදීම සඳහා වඩා හොඳින් සන්නද්ධ වනු ඇත. තම උපදේශන පදනම පුළුල් කිරීමෙන් සහ පුළුල් හඬවල් මාලාවක් ඒකාබද්ධ කිරීමෙන්, රජයට ඵලදායී පමණක් නොව සාධාරණ ප්‍රතිපත්ති නිර්මාණය කළ හැකිය. සියල්ල ඇතුළත් පාලනය මගින්, වගකිවයුතු ආර්ථික කළමනාකරණය සහ නව්‍ය සංවර්ධන උපායමාර්ග හරහා රජය නිසැකවම රටේ සියලු ජනතාවට ප්‍රතිලාභ ලැබෙන අනාගතයක් කරා ගෙනයනු ඇත.

Latest comments

  • 1
    0

    Dear Readers,
    Many factors contribute to the challenges that this society faces in developing. Culture, attitudes, religion, and so on.
    Above all, people are unproductive and only criticize others. I watched a documentary about Ethiopia yet today.
    https://www.youtube.com/watch?v=9pkVFfPoZ0w
    For some reason, I felt that if the AKD leadership continues in the short term in the future, Sri Lanka will stay the same. YouTube videos of locals are useful for determining how intelligent people’s thinking has become. Compared to many video producers from the outside world, many of them do not think about what they are broadcasting through their videos. Narrow-mindedness is our people’s cancer. Their narrow-minded criticism destroys everything, like a glass wall collapsing, so they prevent new reforms from being implemented.
    Btw, I have the impression that the entire online space is being squandered unnecessarily by a donkey who has been braying all along for his own motives, which is to stand out by calling himself an Engineer while everyone else, according to his donkey mentality, should be morons or foolish. I accused the averge of being stupid, but I never stated that the CT forum is full of idiots.
    https://www.colombotelegraph.com/index.php/fragile-relationships-burst-asunder-guns-suicide-bombers-rule-the-day/comment-page-1/#comment-2520094

    • 0
      0

      තරුනකමේ අවසානය මහලුවීමයි…නිරෝගීකමේ අවසානය රෝගීවිමයි.. රූපය ධනය බලය මේ සියල්ල කුසල් සංස්කාර වල ඵලයන්මයි..

      Sri Lankan “Isaac Newton”: https://www.youtube.com/watch?v=5f4TudqQbdQ&t=521s

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.