
ජෙහාන් පෙරේරා
අලුත් අවුරුද්ද උදාවූයේ සාමාන්‍ය බලාපොරොත්තුවේ ස්වරුපයෙන් නොව, බොහෝදෙනකුට චකිතය අත්කර දෙමින් සහ බලාපොරොත්තු සුන්කරවමිනි. පසුගිය සති කිහිපය තුළ සාකච්ඡාවේ සහ අවධානයේ ප්‍රධාන මාතෘකාව වී තිබුණේ සියයට 18ක එකතු කළ අගය මත බද්දේ (වැට්) බලපෑම වන අතර, එය අයිතම කිහිපයක් හැර අනෙකුත් සියලුම භාණ්ඩ සඳහා ව්‍යාප්ත කර තිබේ. අපේක්ෂා කරන මිල ඉහළ යෑම, කලක් භුක්ති විඳි ජීවන රටාව තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා ආදායම් නොලැබෙන ජනතාවට බරපතල බලපෑමක් ඇතිකරනු ලබයි. මිල වැඩිවීම විසින් දුෂ්කර තත්ත්වය තවත් නරක අතට හරවනු ඇත. අන්තර්ජාතික ආයතන සහ රජය විසින්ම ඉදිරිපත් කරන ලද මෑත කාලීන තොරතුරු ගැටලුවේ සැබෑ ස්වරූපය පෙන්නුම් කරයි.
රජයේ සහ ව්‍යාපාරවල ඉහළ මට්ටම්වල සිටින සහ අනුමාන වශයෙන් තොරතුරු දන්නා අය අතර පවතින සාමාන්‍ය අවබෝධය වන්නේ, මෙම තත්වයට පිළියමක් සඳහා වැඩි යමක් කළ නොහැකි බවයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය දිගටම පැවැතීමට නම්, ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වත්මන් මාවත අනුගමනය කළ යුතු බවත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව රට වඩාත් දරුණු විපතකට මුහුණදෙන බවත් මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කර ඇත. ඔහු පවසන්නේ, “ඉදිරි වසර හතර සඳහා කුමන ආණ්ඩුවක් බලයේ සිටියත්, නියමිත වේලාවට ප්‍රතිපත්ති වෙනස් කිරීම නැවත සාකච්ඡා කිරීමේ අඛණ්ඩ ක්‍රියාවලියක් වනු ඇත. ඒ සඳහා සීමාවන් නොමැත. එහෙත්, ප්‍රධාන අංගය වන්නේ අන්තර්ජාතික සහයෝගය ලබාගැනීම සඳහා අපි වැඩසටහන සමඟ ඉදිරියට යා යුතු බවයි.” යනුවෙනි. කෙසේවෙතත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි සපුරාලීමේදී ආර්ථිකයේ බර බෙදාහැරීම පිළිබඳ ගැටළුව පිළිබඳව එතරම් සාකච්ඡා නොකෙරේ.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) වාර්තාවක් පවසන්නේ, ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉහළම සියයට 01ට රටේ සමස්ත පෞද්ගලික ධනයෙන් සියයට 31ක් හිමි වන අතර, පහළ සියයට 50ට හිමිවන්නේ ඉන් සියයට 04කට අඩු ප්‍රමාණයක් බවයි. ජනගහණයෙන් සියයට 33.4ක් ණයෙන් මිරිකීම හේතුවෙන් අවදානම් සහ අහිමිවීම් සමඟ පොරබදමින් සිටින බව ද එම වාර්තාව පවසයි. මෙම වාර්තාවේ ඇති කරුණු සහ සංඛ්‍යාලේඛන පෙන්වාදෙන්නේ, වත්මන් ආණ්ඩුව හිතාමතාම වැඩකරන සහ දේපළ නොමැති ජනතාව මත පැටවීමට තෝරාගෙන ඇති ආර්ථික බර බෙදාගැනීම වෙනුවට විකල්ප තෝරාගෙන ඇති බවයි. රජය, රාජ්‍ය හා වාණිජ බැංකුවලට ගෙවිය යුතු ණයවලට වඩා සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තෝරාගත්තේය. වෙනස සිදුකළ යුතු ස්ථානය මෙයදැයි යන්න සම්බන්ධයෙන්, කරුණු මත පදනම්ව සිදුකෙරුණු විශ්ලේෂණ දැකගත නොහැකිය.
ආර්ථික ප්‍රකෘතියේ බර පැටවීම සම්බන්ධයෙන් ආණ්ඩුව තෝරාගෙන ඇති විකල්පවල ප්‍රතිවිපාක ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් පැහැදිලිව දැකගත හැකිය. එය හෙළිදරව් කරන්නේ සියයට 60.5ක පවුල්, ඔවුන්ගේ මුළු සාමාන්‍ය මාසික ආදායමේ පහත වැටීමක් අත්විඳ ඇති බවයි. ආසන්න වශයෙන් සියයට 97.2ක් පමණ පවුල් තම පවුලේ වියදම් කළමනාකරණය කිරීම සඳහා අවම වශයෙන් එක් වෙනත් උපාය මාර්ගයක් හෝ භාවිත කර ඇත. සියයට 75.2 ක් ආහාර වේලෙහි වෙනසක් සිදුකර ඇති අතර, සියයට 46.4 ක් ඉතුරුම් හෝ ඔවුන්ගේ අනෙකුත් වියදම් අඩුකර ඇති බව සඳහන් කර තිබේ. සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 21.3 ක් ණය ලබාගෙන, වත්කම් විකුණා හෝ දේපළ උකස් කර ඇත. තමන් වෙහෙස මහන්සිවී වැඩ කළත්, තම පවුලට අවශ්‍ය පහසුකම් සපයාගත නොහැකි බව අවබෝධ කරගන්නා මිනිසුන් තුළ පවතින බලාපොරොත්තු සුන්වීම සමනය කළ යුතුය.
පළමු බලාපොරොත්තුව
මීට වසර දෙකකට පෙර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ මිල ඉහළ යෑම තවදුරටත් දරාගත නොහැකිවූ රටේ ජනතාව තවදුරටත් ඉවසිය යුතු නැතැයි තීරණය කර, පාරට බැස, රට ආර්ථික ව්‍යසනයකට ගෙන යෑමට වගකිව යුතු පුද්ගලයන් ඉවත්විය යුතුයැයි බලකර සිටියහ. මාස හතරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා විරෝධතා ව්‍යාපාරයවූ ‘අරගලය’ ලොව පුරා ප්‍රධාන පුවත බවට පත්විය. මිනිසුන් විසින් පොළඹවනු ලැබූ කල වෙනසක් සිදු විය හැකි බවත්, දූෂිත හා අසාර්ථක ආණ්ඩු සාමකාමීව බලයෙන් ඉවත්කළ හැකි බවත්, ශ්‍රී ලංකාව පෙන්වාදුන් බවට බලාපොරොත්තු සහගත පණිවිඩයක් ද ඒ සමඟ විය.
කෙසේවෙතත්, ආගමේ සඳහන් පරිදි, නපුරේ මූලධර්ම ගැඹුරින් මුල්බැස ස්ථාපිතවී ඇත. ආත්මාර්ථකාමී, දූෂිත සහ දැඩි හදවත් ඇති පුද්ගලයෝ, බිඳදැමිය නොහැකි තරම් බල හා වරප්‍රසාද සහිත පද්ධතිවල මුල්බැස ගනිති. නපුරේ මූලධර්ම තුළ, නීතියේ නාමය පවතින තැන පවා ආත්මය නොපවතින බව සහතික කිරීම සඳහා, නීති අනිසි ලෙස භාවිත කර, වැරදි ලෙස ක්‍රියාත්මක වේ. ආණ්ඩුවේ නායකයන් වගවීම් දැරිය යුතු බවටත්, වධහිංසා පැමිණවීම හා ඒ ආශ්‍රිත බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් ඉවත් කළ යුතු බවටත් මෑත කාලීන නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවලින් කිසිදු බලපෑමක් සිදුවී නැත.
මැතිවරණ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම සටහන් කර ඇති නීතිය මගින්, ජනවරම මත නව පාලනයක් පිහිටුවීමට හැකිවීම අලුත් අවුරුද්දේ එක් බලාපොරොත්තුවක් වනු ඇත. ජනාධිපතිවරණය මේ වසරේ පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති අතර, ඉන් අනතුරුව මහ මැතිවරණ සහ කල්දැමූ පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ ද පවත්වන බව සඳහන් කර තිබේ. අරගලය නම් වූ ජනතා ව්‍යාපාරයට ආණ්ඩු වෙනසක් ඇතිකර ගැනීමට නොහැකි විය. නීතියේ ආධිපත්‍යය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක කිරීමෙන්, මහජන ව්‍යාපාරයට අත්කර ගැනීමට නොහැකි වූ දේ සාක්ෂාත් කරගත හැකිය. කෙසේවෙතත් මෙම මැතිවරණ සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතභාවයක් පවතී. එම කනස්සල්ලට හේතුව වන්නේ, මේ වසරේ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මඟහරවා ගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමටත්, ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් ඉඩ තිබීමයි.
එහෙත් අලුත් අවුරුද්දේ විශාල බලාපොරොත්තුවක් ද ඇත. එය නරක දේට වඩා හොඳ දේ මත පදනම් වේ. සිවිල් සමාජයේ කුඩා කොටසක් සහ දෙමළ ඩයස්පෝරාවේ තවත් කුඩා කොටසක් එක්ව, රට තුළ ස්ථාවරව සිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ සංවාදයේ යෙදෙමින්, එම කණ්ඩායමේ නායකත්වය සපයන ජාතික සංහිඳියාව කරා යන ගමනක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. දිගුකාලීන ගැටුම් නිමාකිරීමේ මූලික අවශ්‍යතා සහිත එවැනි ක්‍රියාවලියකදී, සමහරුන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර අනෙක් අය ඉවත් වනු ඇතැයි යන කනස්සල්ල වැඩිවන විට, නිරන්තරයෙන් සැකය සහ ඊර්ෂ්‍යාව ඇති කරයි. හිමාලයා ප්‍රකාශනයට මේ වන විටත් පවතින විවෘත හා කටුක විරෝධය දෙපාර්ශ්වයෙන්ම තවදුරටත් පැමිණීමට නියමිතය. එහෙත් එය විසින් සාමය ගොඩනැගීමේ ක්‍රියාවලිය අඩපණ නොකළ යුතුය.
විශාල බලාපොරොත්තුව
සාමයේ ඉදිරි ගමනකට අඩිතාලම දැමීමට වර්තමාන කාලය සුදුසු වේ. පවතින ආර්ථික අර්බුදය විසින් ජනතාව එකිනෙකාගේ සතුරන් නොවන බව පෙන්වා දී ඇති අතර, එහිදී වෙනත් සාධක ක්‍රියාත්මක වේ. විරෝධතා ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව වන විට බොහෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වූ තරුණ තරුණියන්, ජාති භේද අවුළුවන දේශපාලකයන්ට තමන් රැවටී ඇති බවට සටන් පාඨ කියූ අතර, මේ තරුණ පිරිසට අවශ්‍ය වූයේ සැමට සමානාත්මතාවයෙන් හා ගෞරවයෙන් සළකන අලුත් රටකි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රධාන කථිකයා වූ සාමය සඳහා වූ ශ්‍රී ලංකා ආගමික සභාව විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකින් ද එවැනිම පණිවිඩයක් ලැබිණි. ඇය සියලු වාර්ගික සහ ආගමික ප්‍රජාවන් සඳහා යුක්තිය සඳහා කැපවීමේ ජීවමාන ප්‍රතිමූර්තියක් ලෙස සිටින්නීය; ඇයට එක ඇසක පෙනීම අහිමි කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වෛරයක් හෝ සතුරුකමක් නොපෙන්වීමට හෝ සමස්ත ප්‍රජාවක්ම ඊට වගකිව යුතු නැති බව පෙන්වීම සහ සමාව දීමට ඇති හැකියාව හා කැමැත්ත, ශ්‍රී ලංකාවේ අපට නෙල්සන් මැන්ඩෙලා ගැන වැඩිදුරක් සොයා බැලිය යුතු නැති බවට සාක්ෂියකි.
ශ්‍රී ලාංකීය ජනතාව ජාතිවාදී නොවන නමුත් දේශපාලකයන් විසින් ප්‍රකෝප කරන ලද ජනතාවක් බව හිටපු ජනාධිපතිවරිය මෙහිදී සඳහන් කළාය. ඇය පවසන ලද්දේ, ඇගේ කාලයේ දී, පැවැති යුද්ධය නොතකා, නායකත්වය සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන්, වසර දෙකක් ඇතුළත සියයට 23 සිට සියයට 68 දක්වා, පළාත් මට්ටමට අන්තර් වාර්ගික බලය බෙදාගැනීම සහ බලය බෙදීම පදනම් කරගත් දේශපාලන විසඳුමකට මහජන මතය හිතකර වී තිබුණු බවයි.
දේශපාලන විසඳුම ගිවිසුම්ගත කිරීම සහ එය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම කෙසේවෙතත්, අවම වශයෙන් බහු-පක්ෂ එකඟතාවකින් ඊට පදනම සකස් කිරීමට, මෙම වසර සාමයේ ඉදිරි ගමනක හොඳම අවස්ථාව නිර්මාණය කරදී තිබේ. අලුත් අවුරුද්දේ පිළිතුරු දිය යුතු ප්‍රශ්නය නම් සාමය සහ සංහිඳියාව යථාර්ථයක් බවට පත්කර ස්වයංපෝෂිත සංවර්ධනයක් කරා රට නැඟීමට ඇති එක් විශාල බාධාවක් (බොහෝ දේ අතරින්) ඉවත් කිරීමට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්නයි. සෑම අර්බුදයක් සමඟම අවස්ථාවක්ද පැමිණේ. සැමට යුක්තිය සහ සියල්ල ඇතුළත් සංවර්ධනය ප්‍රවර්ධනය කරන දූරදර්ශී හා බහු-පාක්ෂික නායකත්වය සමඟ රටේ ඉරණම වෙනස් කිරීම සඳහා, 2024 වර්ෂය ශ්‍රී ලංකාවට තීරණාත්මක අවස්ථාවක් ලබාදී ඇත.
leelagemalli / January 5, 2024
Former President C.B.K. has said that Sri Lankan people are not racist but they are a people who are provoked by politicians.
–
This is not entirely correct.
There are real racists in our Sinhalese nation. But politicians like Mahinda Rajapaksa caused them to increase in the south and other parts of the country. Man is not forgiven for his deliberate actions on this line. Janata Vimukthi Peramuna also swallowed it as “patriotism” and worked together with Mahinda Paraya.
Her period, no matter what anyone said or did, they were at peace with the late Kadiragamer for a long time. But the Sinhala extremists who came from the Mahinda thought went on a journey to increase their numbers for their political gains.
.
The power-based political solution to inter-communal power-sharing and division of provinces is not partisan, as some idiots are forced to think, by the will of the masses.
/
leelagemalli / January 5, 2024
හිටපු ජනාධිපති සී.බී.කේ. ශ්‍රී ලාංකීය ජනතාව ජාතිවාදී නොවුණත් ඔවුන් දේශපාලකයින් විසින් කුපිත කරන ජනතාවක්.
–
මෙය සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ.
අපේ සිංහල ජාතියේ ඉන්නේ නියම ජාතිවාදීන්. නමුත් දකුණේ සහ රටේ අනෙකුත් ප්‍රදේශවල ඒවා වැඩි වීමට මහින්ද රාජපක්ෂ වැනි දේශපාලනඥයන් හේතු විය. මෙම රේඛාව මත ඔහුගේ හිතාමතා ක්රියාවන් සඳහා මිනිසාට සමාව නොලැබේ. JVP එකත් “දේශප්‍රේමය” කියල ගිලගෙන මහින්ද පරයත් එක්ක එකට වැඩ කළා.
ඇයගේ කාලසීමාව, කවුරුන් කුමක් කීවත්, කුමක් කළත්, ඔවුන් බොහෝ කලක් දිවංගත කදිරගාමර් සමඟ සමාදානයෙන් සිටියහ. That was misinterpreted by MARA biased supporters. නමුත් මහින්ද චින්තනයෙන් ආපු සිංහල අන්තවාදීන් තමන්ගේ දේශපාලන වාසි තකා තමන්ගේ ගාණ වැඩි කරගන්න ගමනක් ගියා.
.
අන්තර් වාර්ගික බලය බෙදා ගැනීම සහ පළාත් බෙදීම සඳහා බලය පදනම් කරගත් දේශපාලන විසඳුම, ජනතාවගේ කැමැත්තෙන්, සමහර මෝඩයන්ට සිතන්නට බල කෙරෙන පරිදි, පක්ෂග්‍රාහී නොවේ.
/
leelagemalli / January 7, 2024
ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල චරිත අධිතක්සේරු කිරීම හෝ අවතක්සේරු කිරීම සමඟ ලක්ෂණ ව්‍යාකූල වී ඇත. රටේ දේශපාලනයේ සැබෑ චිත්‍රය මිනිසුන්ට වැටහෙන්නේ නැත. දකුණේ ඈත ප්‍රදේශවලට, කෙනෙකුට පහසුවෙන්ම පෙනෙනවා, මිනිසුන්ගේ සිතිවිලි රාජපක්ෂවාදයේ හංවඩු ගැසුවාක් මෙන් බව.
ප්‍රධාන ප්‍රවාහ මාධ්‍ය (රූපවාහිනී නාලිකා අනෙක් අයට වඩා ඉහළින්, ඔවුන්ගේ වාණිජ ක්‍රීඩා වලට වඩා මිනිසුන්ගේ පැත්ත ගත යුතුය).
–
මේ නිසා ශ්‍රී ලාංකේය සංස්කෘතියට අයත් දේශීය චිත්‍රපට වෙනුවට ඉන්දීය චිත්‍රපට විකාශය කිරීමට ඉඩ ලබා දීම වැනි ඉල්ලීම් මහින්ද බලවේගය විසින් ක්‍රියාත්මක කර ඇත. මේ සියල්ල කළේ කලා කර්මාන්තයට ලාංකීය ආචාර ධර්ම නොතකා ය. ප්‍රධාන ධාරාවේ නාලිකා සහ ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය අතර ඇති එම බැඳීම් විකාශක හිමිකරුවන් සඳහා ඉතා ඉහළ ලාභදායී ගනුදෙනු වේ. කෙසේ වෙතත්, ලාංකීය කලා කර්මාන්තය මාන්දම්මා සමඟ සැලකූ අතර අද සංස්කෘතිය විකෘති වී ඇත, සෑම සන්ධ්‍යාවකම ප්‍රේක්ෂකයන්ට රූපවාහිනී සැසි නැරඹීමට බල කෙරෙන සෑම අවස්ථාවකම. හිරු ටීවී සහ දෙරණ ටීවී ශ්‍රී ලංකාවට මෙම විකෘති බලපෑමට වග කිව යුතුය.
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කරන්නේ බැසිල් රාජපක්ෂ සැඟවුණු බලවේග විසින් රාජපක්ෂවාදයට අනුවය. පදනම් විරහිත ප්‍රවෘත්ති උදේ සිට සවස් වනතුරු ඔවුන්ගේ “ශීර්ෂ පාඨය” සහ “බ්‍රේකින් නිව්ස්” බවට පත් විය.
.
තොරතුරු තාක්‍ෂණයේ විප්ලවීය ලෝකය සමඟ උඩු යටිකුරු වී ඇති දුප්පත් ජනතාව එය පසුව අවශෝෂණය කරති. අද මිනිස්සු ගොළු වෙලා, මොනවා කරන්නද දන්නේ නැහැ, තාමත් කියනවා “මහින්ද පාරවල් හදලා හොඳ වැඩක් කළා” කියලා. ඔහුගේ නීති විරෝධී ප්‍රතිපත්ති රට පුරා සිටින ග්‍රාමීය මැරයන්ට පොහොසත් වීමට ඉඩ දුන්නේය. මත්ද්‍රව්‍ය ව්‍යාපාරය වේවා, ස්පා ව්‍යාපාරය වේවා, හෝටල් කර්මාන්තය වේවා, ඔවුහු තම අරමුදල් පැහැර ගත්හ. බදු අය කරන්නවත් ඒ මිනිස්සු පාලනය කරන්නවත් කවුරුත් හිටියේ නැහැ. මම පසුගිය දිනක ශ්‍රී ලංකා සංචාරයේදී මිරිස්ස ප්‍රදේශයේ නැවතී සිටියෙමි, එහි සිටින මිනිසුන් සැබෑ මැරයන් ය. උන්ට නීතිය හා සාමය වැඩක් නෑ.
/