
ජෙහාන් පෙරේරා
ලෝක යුද්ධ දෙකක අවසානයේ ගොඩනැගුණු අන්තර්ජාතික පද්ධතිය, ගෝලීය සාමය ආරක්ෂා කිරීම, යුක්තිය ප්‍රවර්ධනය කිරීම සහ නීති මත පදනම් වූ අන්තර්ජාතික නියෝගයන් හරහා ස්ථාවරත්වය සහතික කිරීමේ අභිලාෂය ඇතිව නිර්මාණය කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුති සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන මෙම පද්ධතියේ කොඳුනාරටිය විය. මානව හිමිකම් සම්මතයන් සහ අන්තර්ජාතික නීතිය ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක වේදිකා ලෙස ඒවා කටයුතු කළේය. ඒවායේ බොහෝ අසම්පූර්ණකම් තිබියදීත්, මෙම පද්ධතිය ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට වැදගත් වන අතර, මහා බල දේශපාලනයේ පීඩනයන්ට එරෙහිව යම් ප්‍රමාණයක ආරක්ෂාවක් එමගින් ලබාදෙයි. කෙසේවෙතත්, මෙම අන්තර්ජාතික නියෝගය විවේචනයෙන් නිදහස් වී නොමැත. විශේෂයෙන් බලවත් බටහිර රාජ්‍යයන් විසින් අන්තර්ජාතික සම්මතයන් සිය අභිමතයට අනුව තෝරාගෙන භාවිතයේ යෙදවීම හේතුවෙන්, කාලයත් සමඟ ඒවායේ නීත්‍යනුකූලභාවය දුර්වල කර ඇත.
යුක්රේනයේ වැනි සමහර ගැටුම්වලදී කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සහ පලස්තීනය වැනි අනෙකුත් රටවලදී පෙන්වන අක්‍රියතාව සමඟ ද්විත්ව ප්‍රමිතීන් අනුගමනය කිරීම, විශේෂයෙන් බටහිර නොවන රටවල් අතර විශ්වසනීයත්වයේ පරතරයක් නිර්මාණය කර ඇත. කෙසේවෙතත්, යුක්තිය, සමානාත්මතාව සහ සාමය වැනි එක්සත් ජාතීන්ගේ පද්ධතියට පාදක වන මූලික පරමාදර්ශ, විශේෂයෙන් ජාතික සංහිඳියාව සහ තිරසර සංවර්ධනය තහවුරු කිරීමට ප්‍රයත්න දරන ශ්‍රී ලංකාව වැනි රටවලට, තවමත් මෙම පද්ධතිය ඔස්සේ උත්සාහ කිරීම සුදුසුය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය(UNHRC) සමඟ ශ්‍රී ලංකාවේ පශ්චාත් යුධ සබඳතාව ස්වෛරීභාවය සහ වගවීම අතර ආතතීන් ඉස්මතු කර තිබේ. 2009 දී, දශක තුනක සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසුව, ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්තිය, මානව හිමිකම් උල්ලංඝනයන් සඳහා වගවීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින UNHRC හි යෝජනා රැසකට මුහුණ දුන්නේය. 2015 දී, 30/1 යෝජනාව යටතේ, ශ්‍රී ලංකාව සත්‍ය සෙවීම, වන්දි ගෙවීම් සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඇතුළුව පුළුල් සංක්‍රාන්ති යුක්ති රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා සන්ධිස්ථානීය කැපවීමකට සම-අනුග්‍රහය දැක්වීය.
කෙසේවෙතත්, මෙම පොරොන්දු ක්‍රියාත්මක කිරීම මන්දගාමී හා අසමාන වී ඇත. 2019 වනවිට, ස්වෛරීභාවය සහ බාහිර මැදිහත්වීම් පිළිබඳ කනස්සල්ල පිළිබඳව පවසමින් ශ්‍රී ලංකාව UNHRC යෝජනාවට 30/1 සඳහා වූ සහයෝගය නිල වශයෙන් ඉල්ලා අස්කර ගත්තේය. මෙය තීරණය හේතුවෙන්, UNHRC වේදිකාවේ ශ්‍රී ලංකාවට සම්බන්ධ යෝජනා නිතිපතා සම්මත කිරීමේ ගැඹුරු චක්‍රයක් නිර්මාණය ඇති අතර, සුළුතරයේ තෘප්තිය සඳහා අන්තර්ජාතික පරීක්ෂාවේ විෂයපථය පුළුල් කරන අතර, බහුතර ප්‍රජාව තුළ එයට ප්‍රතිරෝධය වර්ධනය වේ. 2022දී ඉදිරිපත්වූ 51/1 යෝජනාව මෙම ප්‍රවණතාවය පිළිබිඹු කරන අතර, ජිනීවාහි බාහිර අධීක්ෂණ යාන්ත්‍රණයක් පිහිටුවීම ඇතුළු පුළුල් පරාසයක නිර්දේශ එහි පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව අද තීරණාත්මක සන්ධිස්ථානයක සිටී. අතීත උල්ලංඝනයන් සඳහා සෘජුවම සම්බන්ධවීමෙන් නිදහස් වූ සහ සමානාත්මතාවය හා සියල්ලන් ඇතුළත් පාලනය පිළිබඳ මූලධර්මවලට කැපවී සිටින නව පාලනයක් දැන් ශ්‍රී ලංකාවේ බලයේ සිටී. මෙය රටේ ප්‍රතිරූපයට බලපා ඇති යෝජනා චක්‍රයෙන් සහ සෘණාත්මක අන්තර්ජාතික අවධානයෙන් මිදීමට පෙර නොවූ විරූ අවස්ථාවක් සපයයි.
GSP+ රඳවා තබාගැනීම
ජනවාර්ගිකත්වය, ආගම හෝ කලාපය නොසළකා සියලුම පුරවැසියන්ට එක හා සමානව සැළකීමට ඇති කැපවීම ජාතික ජන බලවේග ආණ්ඩුව අවධාරණය කර ඇත. මෙම කැපවීම දඬුවම් කිරීමට නොව, ධනාත්මක වෙනසක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන එක්සත් ජාතීන්ගේ පද්ධතියේ ආත්මයට අනුරූප වේ.
එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික අවශ්‍යතාව වන්නේ, විරුද්ධවාදියකු ලෙස නොව, යුක්තිය සහ සංහිඳියාව කරා යන හවුල් ගමනක හවුල්කරුවකු ලෙස UNHRC වෙත ප්‍රවේශ වීමයි. ශ්‍රී ලංකාව ද වර්තමාන අන්තර්ජාතික පද්ධතියේ අඩුපාඩු පිළිබඳ අවබෝධයකින් මෙම සම්බන්ධතාවට ප්‍රවේශ විය යුතුය. බටහිර රටවල් මානව හිමිකම් සම්මතයන් තෝරා බේරා ක්‍රියාත්මක කිරීම විසින් එහි අවිශ්වාසයක් ඇතිකර තිබේ. විශේෂයෙන් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම කෙරෙහි බටහිර රටවල ප්‍රතිචාරය, පලස්තීනුවන්ගේ දුක්ඛිත තත්ත්වයට හෝ ලිබියාවේ සහ ඉරාකයේ මැදිහත්වීම්වලට දැක්වූ නිහඬ ප්‍රතිචාර සමඟ සසඳන විට, ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳ ශ්‍රී ලංකාවේ චෝදනා වලංගු වේ.
කෙසේවෙතත්, කුහකකම පෙන්වාදීමෙන් පමණක් ශ්‍රී ලංකාවට තමන්ගේම බැඳීම්වලින් නිදහස්වීමට හැකියාව ලැබෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවට ස්වදේශීය වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී වඩාත් විශ්වාසදායක සහ ස්ථාවර වන තරමට, සාධාරණ හා සාධාරණ අන්තර්ජාතික වැඩපිළිවෙලක් ඉල්ලා සිටීමේදී සිය සදාචාරාත්මක ස්ථාවරය ශක්තිමත් කරගත හැකිය. එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ අඛණ්ඩතාවයේ ස්ථානයක සිට සම්බන්ධවීමෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික හවුල්කාරිත්වයන් ශක්තිමත් වේ. එසේම, යුරෝපා සංගමය සමඟ GSP+ වැනි තීරණාත්මක ආර්ථික ප්‍රතිලාභ ආරක්ෂා කරගැනීමේ අවස්ථාව උදාවන අතරම, අත්‍යවශ්‍ය විදේශ ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරනු ඇත. GSP+ සහනය අඛණ්ඩව පවත්වාගෙන යෑම රඳාපවතින්නේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ප්‍රමිතීන් සහ යහපාලනයට අදාළ අන්තර්ජාතික සම්මුතීන් 27 කට ශ්‍රී ලංකාව අනුගත වීම මතය. යුරොපා සංගමයේ අධීක්ෂණ කටයුත්තේ යෙදී සිටින නියෝකිත කණ්ඩායමේ මේ දිනවල සිදුකෙරෙන සංචාරය මෙම ප්‍රමිතීන් කෙරෙහි ඇති කැපවීම පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාවට ඇති වැදගත් අවස්ථාවකි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ කනස්සල්ල හේතුවෙන් 2010 දී ශ්‍රී ලංකාවට GSP+ සහනය අහිමි වූ බව මතක තබාගත යුතුය. 2017 දී එය නැවත ලබාගත්තද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අඛණ්ඩ භාවිතය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ පුළුල් ගැටළු උපුටා දක්වමින් යුරෝපීය පාර්ලිමේන්තුව නැවත ඒ පිළිබඳ තක්සේරුවක් ඉල්ලා සිටි විට, 2021 දී නැවතත් මෙම සහනයේ අඛණ්ඩතාව පිළිබඳ සැකයන් මතුවිය.
රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලට ඇති කැපවීම්ව සඳහා දක්වන බැරෑරුම්කමම, එහා සමානව GSP+ බැඳීම්වලටද දැක්විය යුතුය. මැතිවරණයට පෙර, ජාතික ජන බලවේගය බලයට පත්වුවහොත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කරන බවට පොරොන්දු විය. මාතකදීද මෙම පනත භාවිතයට ගැනුණු සිදුවීම් වාර්තාවී තිබේ. වසර ගණනාවක් තිස්සේ නීතිපතිවරයාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටිමින්, අධික වැඩ නිසා කිසිදු වෙනසක් සිදුනොකෙරුණු, මෙම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අධිකරණවල නීතිමය ක්‍රියාමාර්ග ගොනුකර ඇති අවස්ථා රැසක් වාර්තා වී ඇත. මෙම කුරිරු නීතිය යටතේ රඳවාගෙන සිටින අය විසින් ගෙවන ලද මිල දරාගත නොහැකි තරම් ඉහළ ය. මානව හිමිකම් ප්‍රමිතීන් සපුරාලීම සඳහා පමණක් නොව, ශ්‍රී ලංකාවේ අවංකභාවය පිළිබඳව යුරෝපා සංගමයට සහතික කිරීම සඳහා ද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීම හෝ එහි සැළකිව යුතු ප්‍රතිසංස්කරණ සිදුකිරීම හදිසි වේ. නව නීති සම්පාදනය කිරීම සඳහා රජය කමිටුවක් පිහිටුවා ඇත. රජය විසින් ශ්‍රී ලංකාවට පැමිණි නියෝජිත පිරිසට පොරොන්දුවලට වඩා සංයුක්ත ක්‍රියාමාර්ග මගින් පිටුබලය ලබන ප්‍රතිසංස්කරණ සඳහා විශ්වාසදායක සහ විනිවිද පෙනෙන මාර්ග සිතියමක් ඉදිරිපත් කළ යුතුය. මෙම අවස්ථාවේදී හොඳහිත පෙන්වීම විසින්, GSP+ සහනය ආරක්ෂා කරනවා පමණක් නොව, අනාගත වෙළඳ සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලදී ශ්‍රී ලංකාවේ දෑත ශක්තිමත් කරනු ඇත.
අන්තර්ජාතික හවුල්කාරිත්වය
යහපාලනය, ආර්ථික ප්‍රකෘතිය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග කෙරෙහි රජය මෑතකදී දැක්වූ අවධානය ධනාත්මක පදනමකි. එහෙත් අත්දැකීම්වලින් පෙනීයන පරිදි, ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවේ. දේශපාලන ප්‍රතිසංස්කරණ, විශේෂයෙන් සුළුතර ප්‍රජාවන්ගේ දුක්ගැනවිලි ආමන්ත්‍රණය කරන සහ මානව හිමිකම් ආරක්ෂා කරන ප්‍රතිසංස්කරණ, ජාතික ස්ථාවරත්වයට සහ සමෘද්ධියට එකසේ තීරණාත්මක වේ. යථාර්ථයේ දී මේවා නොසළකා හරිමින්, සියල්ලන්ම පුරවැසියන් වන බැවින් සුළුතරයක් හෝ බහුතරයක් නොමැති බව ප්‍රකාශ කිරීමට රජය මෑත කාලීනව කටයුතු කර ඇත. එහෙත් සුළුතර ප්‍රජාවන් විසින් එය බොහෝ ගැටලු යටපත් කිරීමක් ලෙස සළකනු ලැබේ. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කවුන්සිලයට බහුතර ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් පත්කිරීම හෝ බොහෝ ඉහළ මට්ටමේ රාජ්‍ය කමිටුවල සුළුතර නියෝජනයක් නොමැති වීම උදාහරණ වේ. මෙම මානයන් නොසළකා හැරීම ඔස්සේ අභ්‍යන්තර බෙදීම් පවත්වාගෙන යෑමේ අවදානමක් ඇතිකරන අතර, බාහිර විවේචකයන්ට උත්තේජනයන් ලබාදෙයි. රජයේ දේශපාලන කැමැත්ත ආර්ථික කළමනාකරණයෙන් ඔබ්බට සැබෑ ජාතික සංහිඳියාව දක්වා විහිදිය යුතුය. බරක් ලෙස දැකීම වෙනුවට, යුරෝපා සංගමයේ GSP+ සහනය සහ UNHRC යෝජනාවේ 51/1 හි බැඳීම් සපුරාලීම මාර්ග සිතියමක් සපයන කාරණයක් ලෙස සැළකිය හැකිය.
රජය ඉදිරියේ ඇති කර්තව්‍යය වන්නේ, යහපත් විශ්වාසයක් පෙන්නුම් කරමින් සහ අන්තර්ජාතික විශ්වාසය ගොඩනඟමින්, වත්මන් දේශපාලන හා ආයතනික සන්දර්භය තුළ ස්පර්ශ්‍ය ප්‍රගතියක් ලබාගත හැකි ප්‍රධාන ක්ෂේත්‍ර තෝරාගැනීමයි. 51/1 යෝජනාවේ ඇති නිර්දේශ කිහිපයක් ජාතික ස්වෛරීභාවයට හානි නොකර යථාර්ථවාදීව ක්‍රියාත්මක කළ හැකිය. සත්‍යය සෙවීම දියුණු කිරීම සහ ගැටුමේ වින්දිතයන්ට වන්දි ලබාදීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, පළාත් සභා බලගැන්වීමෙන් බලය බෙදාහැරීම පුනර්ජීවනය කිරීම, ආණ්ඩුකාරවරුන්ගේ අත්තනෝමතික බලතල අඩුකිරීම මෙන්ම දිගු කලක් ප්‍රමාද වූ මැතිවරණ පැවැත්වීම යන සියල්ල කළහැකි සහ බලපෑම් සහගත පියවර වේ. අත්පත් කරගත් ඉඩම් ආපසු ලබාදීම, වින්දිතයන්ට වන්දි ගෙවීම සහ සියලු මට්ටම්වල සුළුතර ප්‍රජාවන් පාලනයට ඇතුළත් කිරීම ද ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය රාමුව සහ දේශපාලන යථාර්ථය තුළ සාක්ෂාත් කරගත හැකි පියවර වේ. මේවා තීරණාත්මක ලෙස, මෙම UNHRC නිර්දේශ සමඟ සම්බන්ධ වන අතරම, ඊට සමගාමිව රජය සංහිඳියාව සහ යුක්තිය පිළිබඳ තමන්ගේම දැක්ම ප්‍රකාශ කළ යුතුය. බාහිර පීඩනයට පමණක් ප්‍රතිචාර දක්වන බවක් පෙන්වීමට වඩා, ජාතික අවශ්‍යතා නව්‍යකරණය කිරීම සඳහා දේශීය න්‍යාය පත්‍රයක කොටසක් ලෙස රජය තම උත්සාහයන් කල්තියා සකස් කළ යුතුය. එසේ කිරීමෙන් අන්තර්ජාතික වගකීම පෙන්නුම් කරන අතරම ජාතික ගෞරවය ආරක්ෂා වනු ඇත.
ජාතික ජන බලවේග ආණ්ඩුව අතීත අපයෝජනයන්ට හවුල්වීමෙන් නිදහස් වී ඇති අතර, වෙනසක් සඳහා වූ ජනවරමකින් ඉදිරියට තල්ලු වී ඇත. එමනිසා ඊට දුර්ලභ අවස්ථාවක් ලැබී තිබේ. GSP+ සහනය ආරක්ෂා කිරීම සඳහා අතීතයේ දී යුරෝපා සංගමය වෙත ලබාදුන් සහතික ක්‍රියාත්මක කිරීමට තීරණාත්මකව කටයුතු කිරීමෙන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ අවංකව සම්බන්ධ වීමෙන්, ශ්‍රී ලංකාවට අවසානයේ අන්තර්ජාතික වාරණයේ චක්‍රයෙන් මිදීමට සහ සංහිඳියාව හා අන්තර්ජාතික හවුල්කාරිත්වය මත පදනම් වූ නව මාවතක් සකස් කළ හැකිය. අන්තර්ජාතික නීති මත පදනම් වූ අනුපිළිවෙල ඛාදනය වීම දිගටම පවතින අතර, මහා බලවතුන්ගේ එදිරිවාදිකම් තීව්‍ර වන විට, ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන් හවුල්කාරිත්වයන් සහ බහුපාර්ශ්වික මැදිහත්වීම් හරහා තම ස්ථාන සුරක්ෂිත කරගත යුතුය. කිසිවක් නොමිලේ නොලැබෙන නමුත්, සියල්ල දීම සහ ගැනීම මත පදනම්වන ගනුදෙනු ලෝකයක, විශ්වාසය කිසිදාකටත් වඩා වැදගත් වේ. අන්තර්ජාතික ප්‍රජාව තෘප්තිමත් කිරීමට පමණක් නොව, වඩා හොඳ පාලනයක් සඳහා සහ අභ්‍යන්තරව විශ්වාසය වර්ධනය කිරීමට මානව හිමිකම්, සංහිඳියාව සහ සියල්ලන් ඇතුළත් පාලනයක් සඳහා ඇති කැපවීම පෙන්නුම් කිරීමෙන්, ශ්‍රී ලංකාවට අන්තර්ජාතික තම දෑත් ශක්තිමත් කර වඩාත් ස්ථාවර හා සමෘද්ධිමත් අනාගතයක් උදාකරගත හැකිය.
leelagemalli / May 5, 2025
රජය රට තුළ විවිධ ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීමට දැඩි ලෙස විරුද්ධ බව මම විශ්වාස කරමි. ඔවුන් දැන් මේ ජාතියේ පාලකයන් වන දා සිට ඔවුන්ගේ භාවිතයෙන් එය ඔප්පු කර ඇත.
.
සැමට එක හා සමානව සැලකීමේ අවසාන ඉලක්කය සපුරා ගැනීම සඳහා මාධ්‍ය උල්ලංඝනය කරන්නන් එකම කුඩයක් යටතට ගෙන ඒමට හැකි වන පරිදි ඔවුන් නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුය. වචනයෙන් පමණක් නොව, ක්‍රියාවෙන් ද. විශේෂයෙන් දේශපාලනඥයින් ප්‍රජා වෙන් කිරීම සාකච්ඡා කිරීමෙන් වැළකී සිටිය යුතුය. වාර්ගික හා ආගමික කණ්ඩායම් නැවැත්වීම සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සලකා බැලිය යුතුය. ඔවුන්ගේ පොරොන්දු ඉටු වන බව සහතික කිරීමට කටයුතු කරනවාට වඩා ඔවුන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට නිරන්තරයෙන් පහර දී ඇති නිසා, JVP කරුවන්ට එය කළ හැකි යැයි මම සැක කරමි. AKD නායකත්වය තවමත් ඔවුන් දුන් එක විශාල පොරොන්දුවක්වත් ඉටු කර නැත.
/
leelagemalli / May 5, 2025
Under new leadership, crime rates are increasing, driven by the underworld. Even though it has been 7 months since they were elected by the people, they have yet to take harsher actions.
–
Furthermore, the elected president has continued to blame others since becoming president of this nation. The AKD’s public speeches are provocative rather than conciliatory.
–
Besides, If the EU parliament can pass new laws regarding state reconciliation almost every week, why can’t we, a smaller nation, pass any laws in the last 8 months? AKD should become serious with his public satements and pave the way his cabinet to behave decently.
–
I have the impression that the AKD leadership is more concerned with lip service when it comes to new laws and reforms than with implementing real change. They either lack expertise or move slow deliberately.
/
leelagemalli / May 5, 2025
Oh, what a great country. Is this the shift we anticipated the AKD leadership would permit? In the southern highway, his supporters have acted like savages.
Despite being in Sinhala, this is worth seeing.
–
https://www.youtube.com/watch?v=XsTbc-cde6I&t=345s
–
I believe it is time for our people to see it again and get an update on why they keep falling for the same scams and are duped by dishonest politicians. The AKD and its leaders have consistently opposed all of this country’s development initiatives. Amazingly, he is acting as though his past has completely vanished today.
/
leelagemalli / May 5, 2025
1. Feudalism and Civilization in Sri Lanka
Sri Lanka, like many countries, has gone through a long historical evolution—from early civilization centered around ancient kingdoms (like Anuradhapura and Polonnaruwa), to colonial rule, and eventually to modern governance.
The transition from feudal structures to modern democratic governance was gradual and, as you noted, hard-earned through political reform, education, and resistance movements.
2. Current Leadership and Governance
You describe the current government as “Leftist.” Depending on the time and leadership in question (e.g., SLPP, SJB, or other parties), there may be varying degrees of socialist, populist, or nationalist influence.
The role of a government in infrastructure development is significant, and ideological leanings can shape how projects are planned, approved, and regulated.
3. Southern Highway and Alleged Violations
The Southern Expressway (E01) is one of Sri Lanka’s major infrastructure projects, connecting Colombo to southern cities like Galle, Matara, and Hambantota.
Concerns have been raised over the years about environmental impact, land acquisition, transparency in funding (especially with foreign loans, such as from China), and compliance with international engineering or environmental standards.
/
leelagemalli / May 6, 2025
මව මාරාන්තික ලෙස රෝගාතුර වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත්, ඇගේ ජීවිතය බේරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍යවරුන්ට සහ කණ්ඩායම් සාමාජිකයින්ට එකඟ විය නොහැක. සමහර වෛද්‍යවරුන් සහ මණ්ඩල නායකයා ඇයව ජලයෙන් ඉහළට ඔසවා තබා ඇයට ජීවත් වීමට ඉඩ සැලසීමට උපරිම උත්සාහයක් ගත් නමුත් ඇගේ ජීවිතය බේරා ගැනීමට එතරම් දෙයක් කර නැත. ඒ හා සමානව, හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ කුඩා කැබිනට් මණ්ඩලය මෙන්ම ජනතාවගේ යහපත සඳහා ඔවුන් දැරූ නොපසුබට උත්සාහයට ස්තූතිවන්ත වන්නට ආර්ථික පුනර්ජීවනය සාර්ථක විය. කෙසේ වෙතත්, එල්-මණ්ඩල සාමාජිකයෙකු ජනාධිපති ලෙස තේරී පත් වූ පසු, කිසිවක් වෙනස් වන බවක් නොපෙනේ; අපි නැවත එකතැන පල්වීමට පැමිණ ඇත්තෙමු. එබැවින්, තත්වයේ බරපතලකම තේරුම් ගැනීම ඉතා වැදගත් වේ. හෙට ප්‍රමාද වැඩියි.
ට්‍රම්ප් එක්සත් ජනපදයට කරන දේශීය අපනයන සඳහා දරාගත නොහැකි 44% ක තීරුබදු පැනවූ අතර එමඟින් ඉදිරියට යන ඉලක්කගත විදේශ විනිමය අඩු වනු ඇත. ජාතියේ වාර්ෂික ආදායමෙන් 25% ක සැලකිය යුතු පහත වැටීමක් පවතී. මේ සියල්ල මුලින් පෙනෙන ප්‍රමාණයට වඩා බොහෝ වැදගත්කමකින් යුතුව හැසිරවිය යුතුය. නමුත් පාලක පක්ෂයේ අද්දැකීම් අඩු පිරිමින් එයට ප්‍රමුඛත්වය දෙන බවක් නොපෙනේ.
ඊට අමතරව, ඉදිරි වසර ආරම්භයේදී GSP Plus ඉවත් කරනු ලැබේ. මෙය තවත් ප්‍රධාන ගැටළුවකි. යථාර්ථය මෙය වුවද, වත්මන් රජය අප ඉදිරියේ කිසිදු තර්ජනයක් නොමැති බව සලකන ආකාරය පැන නගින්නේ තීරණ ගැනීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික කුසලතා නොමැතිකම හේතුවෙනි.
/
leelagemalli / May 7, 2025
The NPP was rejected within six months by one-third of the voters who brought them into power. This is a direct message to the NPP from the people who elected them to the parliament. India has been blatantly defrauding the new international politician, the AKD. It would never have happened if Mr. RW had been in charge. Despite his friendship with India and other neighbors, he never betrayed them in the way that the radical, powerful, and uneducated AKD did. However, the nature of the formal agreements signed between India and Sri Lanka is still unclear to the public. Parliament and the public are kept in the dark by the AKD leadership. Why do our people remain silent in the face of such massive lies?
/
whywhy / May 7, 2025
L M ,
Tamils in the North and Muslims in the East and some parts of the
South and especially Akurana and Beruwela have reacted against
N P P rogue policy of double standard . I think if you remember , only
last week I reiterated my position about the N P P of not having a
single Muslim in their cabinet and for the whole of past six months
I had been predicting that at the fist given opportunity the Muslims
will react against this Racism . If not for Muslims , C M C would have
gone . That would be a fall from the coconut tree for the opposition .
Even the S L P P was made to feel that they are not HORU to everybody .
NAYA man Dilith too gained some confidence which is not bad .
/