

ජෙහාන් පෙරේරා
ජනාධිපති අනුර කුමාර දිසානායක, සාම්ප්‍රදායිකව රට පාලනය කළ අයගේ පැරණි ක්‍රමවලට අභියෝග කිරීමෙන් තනි පුද්ගලයකුට නිර්මාණය කළහැකි යහපත් වෙනසක් ප්‍රදර්ශනය කරමින් සිටී. ප්‍රවෘත්ති වාර්තා සහ යාපනයේදී සම්බන්ධ කරගත් විශ්වාසදායක විචාරකයන්ගේ පළමු වාර්තාවලට අනුව, පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ යාපනය අර්ධද්වීපයේ සංචාරය රටේ ඒකීයභාවයට හිතකර අතිවිශිෂ්ට සාර්ථක පියවරක් විය. අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත ඉදිරි පළාත් පාලන මැතිවරණ සන්දර්භය තුළ ජනාධිපතිවරයා උතුරට කළ සංචාරය සඳහා කාලය වෙන්කළ බව පෙනෙන්නට තිබිණි.
දෙමළ ජනතාවගේ ශිෂ්ටාචාරික ආසනය ලෙස යාපනය සතු කේන්ද්‍රීය ස්ථානය පදනම් කරගෙන ඔහුගේ සංචාරයේදී යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබිණි. ජනාධිපතිවරයා යාපනයට වෙන්කළ කාලය ඇතුළත, දශක ගණනාවක් තිස්සේ කලාපීය ස්වයං පාලනය, බලය බෙදාහැරීම සහ සමාන අයිතිවාසිකම් සඳහා දෙමළ අරගලයේ පෙරමුණ ගෙන සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ (ෆෙඩරල් පක්ෂයේ) නායකයාට අවසන් ගෞරව දැක්වීමට යොදාගත්තේය. මියගිය එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් ස්ථානය වූ වැල්වැටිතුරෙයි වෙත ගොස් එහි ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ද ඔහුට විශ්වාසයක් පැවැතිණි.
ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවූයේ සුපුරුදු පරිදි ඉහළ ආරක්ෂාවක් නොමැතිවය. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකු සංචාරය කරන ප්‍රදේශවල පමණක් නොව යාපනයට පිවිසෙන මාර්ගවල ද විශාල සොල්දාදුවන් සංඛ්‍යාවක් උපායමාර්ගික ස්ථානවල ස්ථානගත කරනු ලැබේ. මාර්ග වසාදමා ජනයා බහුලව භාවිත කරන ප්‍රදේශයන්හි මාර්ගවල පැය 24 පුරාම ආරක්ෂක නිලධාරීන් ස්ථානගත කරනු ලබන අතීතයට සාපේක්ෂව මෙවර ආරක්ෂකයන් යෙදවීම අඩු බව ප්‍රදේශවාසීන්ට දැකගත හැකිවිය. ආරක්ෂක මට්ටම අඩුවීමෙන් පෙන්නුම් කළේ, ජනාධිපතිවරයාට ජනතාවගේ හොඳහිත කෙරෙහි ඇති විශ්වාසයයි. ඔහුගේ සංචාරය අතරතුර ඔහු ජනතාව සමඟ සමීපව කතාබහ කළ අතර, ඔවුන් වැළඳගෙන ඔවුන් සමඟ ඔහුගේ ඡායාරූපද ගන්නා ලදී.
එදිනෙදා අවධානය
ජනතාව අමතමින් ජනාධිපති දිසානායක යාපනයට සංවර්ධනය ගෙනඑන බවට පොරොන්දු විය. යාපනයේ දරුණු සටන් ආරම්භ වී එහි නිවාස හා කර්මාන්තශාලා විනාශ වීමට පෙර වසරවල්වලදී, යාපනයේ කර්මාන්ත අතලොස්සක් තිබූ අතර, ඒවා අතර ප්‍රධාන වූයේ පරන්තන්හි ලුණු ලේවාය සහ කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හලයි. රැකියා සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා මෙම කර්මාන්ත නැවත ගොඩනඟා ගැනීමට සහ පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරෙයි හි නව කාර්මික කලාප තුනක් ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා පොරොන්දු විය. යුද්ධය හේතුවෙන් සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයන්ට මෙම ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට ආරාධනා කරන ලදී.
රට තුළ පැවැති ජනවාර්ගික ගැටුමට හේතු විශ්ලේෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා සිය සංචාරයේදී අවස්ථාව වෙන්කර ගත්තේය. පෙර පරම්පරාවල දේශපාලනඥයන් මැතිවරණ ජයග්‍රහණය කිරීමේ මාධ්‍යයක් ලෙස ජනවාර්ගික ජාතිකවාදය භාවිත කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස එකිනෙකා විශ්වාස නොකරන විවිධ ප්‍රජාවන් අතර, ජනතාව බෙදීමට ලක්වූ බවත් ඔහු පැවැසීය. කෙසේවෙතත්, ජාතික ජන බලවේගය බලයට පත්කළ පසුගිය මහමැතිවරණයේදී, ජනතාව ප්‍රභූ පවුල්වලින් පැමිණි සාම්ප්‍රදායික දේශපාලන නායකයන් ප්‍රතික්ෂේප කරන බව දැකගත හැකිවිය. ඒ වෙනුවට, ඔවුන් ජනවාර්ගිකත්වය, ආගම හෝ කලාපය නොසළකා ජාතික ජන බලවේගයට ඡන්දය දී තිබිණි. මෙය නව වර්ධනයක් බව ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැති මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගය උතුර හා නැගෙනහිර පළාත්වල බහුතර පාර්ලිමේන්තු ආසන දිනාගත්තේ වාර්ගික දෙමළ ජාතිකවාදී රේඛාවක ගමන්ගන්නා දෙමළ දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික බලවේගය බිඳදමමිනි. ජනතාව ඉදිරිපත් කර ඇති ප්‍රධාන ගැටළු වූයේ. උතුර හා නැගෙනහිර දෙමළ සමානාත්මතාව සහ ස්වයං පාලනයයි. කෙසේවෙතත්, එම පක්ෂ කිසි විටෙකත් මැතිවරණවලදී ලැබුණු ජනවරම ඉටුකිරීමට සමත් වී නැත. අතීතයේදී සමහර දෙමළ පක්ෂ පාලක පක්ෂ සමඟ ගිවිසුම්වලට එළඹුණු නමුත්, එම ගිවිසුම් සෑමවිටම අසාර්ථක විය. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දයදීමට ඔවුන් පෙළඹවීමේදී ජනාධිපතිවරයාගේ එදිනෙදා ගැටලු කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාව
අතීතයේ දී උතුරේ ජනයා කනස්සල්ලට පත්කළ දෙමළ ජාතිකවාදය සහ ස්වයං පාලනය පිළිබඳ ගැටළු ආමන්ත්‍රණය නොකළද, ජනාධිපති දිසානායක යාපනයේ ජනතාව කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ බව සඳහන් කිරීම වටී. ඉදිරි මැතිවරණ ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ වීම හේතුවෙන් ජාතික ගැටළුවල වැදගත්කම ද අඩුකරයි. ලොව පුරා පළාත් පාලන මැතිවරණවලදී අවධානය යොමුවන්නේ, ජාතික ගැටළුවලට වඩා ප්‍රාදේශීය මට්ටමේ ගැටළු පිළිබඳව ය. රාජ්‍ය ආයතනවල පුරප්පාඩු 30,000ක් පිරවීමේදී, රැකියා විරහිත විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රැකියා ලබාදීම ගැන ජනාධිපතිවරයා සිය ප්‍රසිද්ධ කථාවලදී සඳහන් කළේය. දෙමළ භාෂාව කතාකරන පොලිස් නිලධාරීන් බඳවාගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. උතුරේ ජනතාව වෙනුවෙන් ජල සැපයුම් යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම ගැන ද ඔහු සඳහන් කළ අතර, ඔවුන් රටේ අඩුම නල පානීය ජලය පරිභෝජනය කරන පිරිස බව හඳුනාගත්තේය.
දෙමළ ජාතිකවාදය පෝෂණය කිරීම සඳහා තමා ලබාදෙන ඕනෑම සහනයක් රටේ දකුණේ ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් විසින් සිංහල ජාතිකවාදය ඇවිස්සීම සඳහා අල්ලා ගන්නා බව ජනාධිපතිවරයා දැන සිටිය යුතුය. පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී පරාජයට පත් වූ හිටපු පාලක පක්ෂ එකිනෙකා සමඟ එකතු වී නැවත බලයට පැමිණීමට උත්සාහ කරන බවට සලකුණු තිබේ. ආත්මාර්ථකාමී සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූන්ට ජනතාව බෙදීමට රජය තවදුරටත් ඉඩ නොදෙන බවටත්, දේශපාලකයන් සිදුකළ දූෂණ සම්බන්ධයෙන් ඉදිරියේ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවටත් ජනාධිපතිවරයා යාපනයේදී කළ ප්‍රකාශ මගින් වත්මන් දේශපාලන වර්ධනයන් පිළිබඳ ඔවුන්ගේ අවධානය වැඩි වන්නට ඇත.
මැතිවරණවලදී ජයග්‍රහණය කිරීම සඳහා සහාය ලබාගැනීම වෙනුවෙන් ප්‍රතිවාදී දේශපාලන පක්ෂ විසින් වාර්ගික ජාතිකවාදය භාවිත කළ බවට ජනාධිපතිවරයා යාපනයේදී කළ විශ්ලේෂණය නිවැරදි එකකි. කෙසේවෙතත්, වාර්ගික ජාතිකවාදී දේශපාලනඥයන් බලයට පත්වීම සඳහා භාවිත කළ, මතුපිට තලයට යටින් පවතින ගැටළු, සියලු ප්‍රජාවන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි ආකාරයකින් විසඳාගත යුතුය. යුද්ධයක් නොමැති නමුත්, ශ්‍රී ලංකාව තවමත් යුද්ධයෙන් පසු තත්වයක පවතින බව වටහාගත යුතුය. යුද්ධයේ හේතු සහ ප්‍රතිවිපාක තවමත් නොවිසඳී පවතී. එනම් අතුරුදන් වූවන්, දිගුකාලීන සිරකරුවන්, හමුදා අත්පත් කරගෙන සිටින ඉඩම් සහ රටේ උතුර හා නැගෙනහිර ප්‍රදේශයේ අඛණ්ඩව ඉහළ හමුදා පැවැත්මක් පැවතීම යන කරුණු ය.
ශ්‍රී ලංකාව දැන් පශ්චාත් ගැටුම් සමාජයක් බවට පත්විය යුතුය. යුද්ධයේ නොවිසඳුණු ගැටළු තවදුරටත් ප්‍රමාදයකින් තොරව විසඳාගත යුතු බව මෙයින් අදහස් කෙරේ. ජිනීවාහි නැවත නැවතත් මතුවන යෝජනාවලින් කියැවෙන්නේ මෙයයි. අතීතයේ දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමග ගිවිසුම් 16ක් අත්සන් කෙරුණු නමුත් එක් ආණ්ඩුවකටවත් ඒවා අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකාව හොඳ ආර්ථික පදනමක් කරා ගෙනයෑම සඳහා වත්මන් ආණ්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ. ජනවාර්ගික ගැටුම දේශපාලනිකව විසඳීම සඳහා බොහෝ දේශපාලන විසඳුම් යෝජනා කර ඇත. එහෙත් ඒවා ඉදිරියට ගෙනයෑමට සහ තිරසාර ජාතික සමගිය සහතික කිරීමට කිසිදු ආණ්ඩුවකට ශක්තියක් හෝ විශ්වාසයක් නොතිබිණි. සමහර විට ජනාධිපති දිසානායකගේ නායකත්වයෙන් යුත් පාලනයක් එසේ කරනු ඇත.
leelagemalli / February 9, 2025
යාපනයේ AKD#S හැසිරීමට ඇත්තටම ලොකු අර්ථයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. බොහෝ නායකයින් ආරම්භයේදීම එහෙමයි. විශේෂයෙන් අද්දැකීම් අඩු නායකයෙක් විදිහට AKD, අපිට ඇත්තටම වැඩිය බලාපොරොත්තු වෙන්න බැහැ. කොළඹදී, දේශපාලන නායකත්වය සඳහා පළපුරුදු දේශපාලනඥයෙක් නොවූ ගෝඨාභයගේ ප්‍රශ්නවලට සමාන සුළු මූලික ගැටළු පවා විසඳීමට ඔහු අසමත් වී තිබෙනවා. දැන් මිනිස්සු AKD සහ අගමැති හරිනි කෙරෙහි තබා තිබූ ඔවුන්ගේ විශාල බලාපොරොත්තු සෙමින් බිඳ දමමින් සිටිනවා.
අගමැති හරිනි කිසිවක් ගැන දෙවරක් නොසිතන නමුත් හඳුන්නෙත්ති, ජයතිස්ස, විද්‍යාරත්න, වසන්ත සහ නාමල් කරුණාරත්න පාර්ලිමේන්තුවේ සිටින අනෙක් කිසිවෙකු මෙන් නොව පරිසරය විනාශ කරන ආකාරයටම හැසිරෙනවා. සවස් කාලයේ ආචාර්ය දේවසිරිගේ කතාවට සවන් දීමට මට අවස්ථාව ලැබුණා, ලංකාවේ බොහෝ දෙනෙක් ඉතා නරක සතියක් ගත කරනවා, වත්මන් රජය ඔවුන්ගේ ජනප්‍රියත්වය කොතරම් ඉක්මනින් නැති කර ගැනීමට ආසන්නද යන්න පිළිගැනීමට නොහැකිව.
/