18 June, 2019

Blog

ඩේලි නිවුස් ! දයාසිරිට ලිංගික අතවර කළේ කවුද?

ජෝන් අමරතුංග

දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා එක්සත් ජාතික පක්‍ෂයෙන් මෙන්ම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයෙන්ද ඉල්ලා අස්වූ අතර, පාර්ලිමේන්තුවේදී ඔහු කළ කතාව මම හෙළා දකිනවා. එහිදී ඔහු කියූ කරුණු අසත්‍ය බවද සඳහන් කළ යුතුයි. දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා ඉල්ලා අස්වීමට පෙර දින වයඹ පළාත් සභා මැතිවරණය පිළිබඳ එක්සත් ජාතික පක්‍ෂය විසින් සිදු කරන ලද සාකච්ඡාවේදී ඔහු ඉදිරි මැතිවරණ කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන ආකාරයට අදහස් ප‍්‍රකාශ කළා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම හදිසියේ ගත් තීරණයක් බව පෙන්වීමට උත්සාහ කර ඇති බව දැන් පැහැදිලිව පෙනෙනවා.

දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාගේ ඉල්ලා අස්වීම හදිසියේ ගත් තීරණයක් නොවන අතර, එය අවුරුදු 3-4 ක් තිස්සේ ගනු ලැබූ තීරණයක් බව කිව යුතුයි. මීට පෙර පැවැති වයඹ පළාත් සභා මැතිවරණයේදීත් ඔහු ආණ්ඩුවට එක්වීම පිළිබඳව කසුකුසුවක් පැවතුණා. පක්‍ෂය තුළ ආරවුල් ඇති කොට පක්‍ෂය හැර යාම සඳහා ඔහු හේතු සාධක සෙවීමට උත්සාහ කළා.

මීට මාස 7-8 කට පඹණ ඉහතදී ‘වයඹට සිරි – දයා සිරි’ යනුවෙන් පෝස්ටර් මුද්‍රණය කළ බවට ප‍්‍රවෘත්ති පළ වනවා. මාකොළ පිහිටි මුද්‍රණාලයක දී ඒ කටයුතු සිදු කොට තිබෙනවා. ඔහු ඉතාම කපටි දේශපාලනඥයෙක් ලෙස පක්‍ෂය අස්ථාවර කිරීමට මැතිවරණයක් කට ළඟට පැමිණ තිබියදී එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වීමට තීරණය කළා.

තමන්ට ජාතික සේවක සංගමයේ සභාපති ධූරය අවශ්‍ය යැයි කියමින් දයාසිරි ජයසේකර මීට පෙර ප‍්‍රශ්නයක් ඇති කළා. එසේ ඉල්ලා සිටියේ එහි සභාපති ධූරයට මා පත් කිරීමෙන් පසුවයි. නමුත් ජාතික සේවක සංගමයේ සභාපතිවරයා පත් කරන්නේ එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉල්ලීමක් අනුවයි. එම ඉල්ලීම එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ යුතුය.

පක්‍ෂයට විරුද්ධව අදහස් ප‍්‍රකාශ නොකරන බව කියමින් විනය කමිටුව හමුවේ සමාව ඉල්ලූ නිසා ඔහුගේ විනය පරීක්‍ෂණ අවසන් කිරීමට තීරණය කළා. ඔහු ඒ සඳහා කළ ප‍්‍රකාශයේ ලිඛිත සාක්‍ෂි අප ළඟ තිබෙනවා. එමෙන්ම, පළාත් සභා මැතිවරණයේ වැඩ කටයුතු කිරීම සඳහා කොට්ඨාශයක් භාර දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා.

දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වීම පිළිබඳව මේ වන විට ආණ්ඩුව තුළම විශාල කැළඹීමක් ඇති වී තිබෙනවා. වයඹ පළාත් සභාව පරාජයට පත් වනු ඇතැයි ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ සංවිධාන කමිටුව බිය වී සිටියා. එම නිසා එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙක් ලබා ගනිමින් එම පරාජයට මුහුණදීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා. වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍ය ධූරය සඳහා දයාසිරි ජයසේකර නම් කිරීම පිළිබඳව
ආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම තුළ අර්බුද ඇති වී තිබෙනවා. එම නිසා ඔහු එම තනතුරට නම් කරාවි දැයි ප‍්‍රශ්නාර්ථයක් අද තිබෙනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට එම තනතුර ලබාදිය යුතු බව බොහෝ දෙනෙකුගේ අදහස් වී තිබෙනවා.

දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා ලිංගික අතවර සිදු වූ නිසා පක්‍ෂයෙන් ගිය බවට වාර්තාවක් ‘ඬේලි නිවුස්’ පුවත්පතේ පළ කොට තිබෙනවා. එම අතවරය සිදු වූයේ කාන්තාවකගෙන්ද, එසේත් නැතිනම් පිරිමියෙකුගෙන් දැයි මා දන්නේ නැහැ. වගකිව යුතු ජාතික පුවත්පතක් එවැනි පුවතක් පළ කරන්නේ කුමන පදනමක් යටතේ ද?

*2013-07-25 වැනි දින කොළඹ – රාජගිරිය ජාතික වතුකම්කරු සංගම් ශාලාවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක සහ ජාතික සේවක සංගමයේ සභාපති ජෝන් අමරතුංග මහතා.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අනේ බලා පල්ලකො රනිලගේ කටේ වටප්ප්‍රමාණය….

  • 0
    0

    UNP එක ලිංගික අතවර කර කෙලෙසුවේ කව්රුන්ද????? මලා ජොන් මහත්තයො…

  • 0
    0

    දැන් ඉතින් සිරිකොතේ ඉන්න අලියගේ ඉතුරුවෙලා තියෙන්නේ හොඩයි, ඉස්සරහ අතයි, පස්සේ කකුලයි විතරයි… ඔය 3නෙන් දැන් මොනවා කොරන්න්ද???
    දැන් ඉතින් ඔහෙලටත තියෙන්නේ SFගේ 3නේන්වත් ප්‍රයොජනයක් ගන්න එක තමා..

  • 0
    0

    දැන් ඉතින් සිරිකොත් අතුලේ බෙහෙතකටවත් මිනිහෙක් හොයාගන්න බැරි වෙයි නේ ???…හැබැයි හරක් ටිකක් නම් හොයාගන්න පුළුවන් වෙයි …බැරි වෙන එකක් නැ

  • 0
    0

    නොකියා කියන්නේ නායක තුමාගේ වැඩක් කියලනේ..ඕක ඉතින් අහන්න දෙයක් යෑ

  • 0
    0

    තව ඉස්සරට රනිල්ට කියන්න වෙන්නේ,, සිරිකොතට ඉන්නේ මන් විතරයි මට තියෙන්නේ සිරිකොත විතරයි කියල තමා…

  • 0
    0

    හූ හූ ..මමනේ….

  • 0
    0

    දයාසිරි ගියේ රනිල්ගේ කෙනෙහිලිකන් නිසාලු .මෙයා මෙහෙම කරලා විපක්ෂය විනාස කලාම ඒකෙන් ලැබෙන ප්‍රතිපල වලටත් වන්දි ගෙවන්න වෙයි .විපක්ෂේ ඔහොම දුර්වල කලාම විපක්ෂෙට දෙමල සන්දානය හරි මුස්ලිම් කොන්ග්‍රසය හරි ආවොත් මොකද කරන්නේ ?

  • 0
    0

    please john… don’t tell us. your are age is very bad please get the pension with your leader.

  • 0
    0

    Dear Moda John,
    Don’t tell stories, Dayasri is not the first person left from U.N.P. he is the 60th M.P. left. for old dying days you will see some day dreams but it never true. Dayasri is a young man he have a long future but you are in counting your last days of your life. best thing is you leave from politics and go to the church and pray for your self and future of your party. now only few old bulls are with Ranil. not for the future of the party, they know they have no place to go.
    Dear John,
    try to win the forthcoming provincial elections even one electrical division.
    for you age you can see beautiful dreams. it is natural.be happy with those dreams.

  • 0
    0

    තව ටික දවසක් යනකොට සිරිකොතේ මොනවා වෙයිද දන්නෑ….මෙච්චර දේවල් සිරිකොත ඇතුලේ වෙලානේ…..එකනේ කට්ටිය ඔක්කොම පක්ෂය මාරු කරන්නේ…..

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.