13 March, 2026

Blog

විදුලි කොටන හෙණ ගෙඩියක් අරන් වරෙන්; විවෘත වීදි නාට්‍ය කණ්ඩායමට වසර 50යි!

කංචුකා ධර්මසිරි

යදම් බිඳලා ගෙජ්ජි මාල තනා ගනින්…. ඉඟ සොලවා අත්තටු ටික හදා ගනින්…. ඉගිල්ලිලා ගිහින් අහස බදා ගනින්,…රන් කුරුලෝ රන් කුරුලෝ…

ගාමිණි හත්තොටුවේගම

මහත් බර වූ යදම්කිංකිණි නද දෙන ගෙජ්ජි සහ මාල බවට පත්වේපීඩනයේ මෙවලම් ප්‍රකාශනයේ මාධ්‍ය බවට පෙරලේකුරුලා උස් ආකාසයට පියඹා ගොස් එය වැලද ගනීඅකාසයපක්ෂියා සහ තටු විමුක්තියේ අනුරූපයක් චිත්‍රයට නැගීමට එකිනෙක හා සම්බන්ධ වේකථකයා තවදුරටත් සීමා අතික්‍රමණය කරන ලෙසවිය නොහැක්කත් කිරීමට උත්සාහ කරන ලෙසපක්ෂියාගෙන් අයැද සිටින්නේ වලාකුළින් කිරි දොවන ලෙසත්විදුලි කොටන හෙණ ගෙඩියක් අතට ගන්නා ලෙසත් පවසන විටය ඉන්පසුව වැහි දෙවියන්ගේ රහස රැගෙන පැමිණෙන ලෙස පක්ෂියාගෙන් ඉල්ලා සිටීමෙම අතික්‍රමණ කාර්යයන් කිරීමෙන් පසුවපෘථිවියට නැවත පැමිණ සශ්‍රීකත්වයේ සංකේතයක් වන වී කරලක් ගන්නා මෙන් අයැද සිටියිඅසීමාන්තික චලනය සහ නිදහස සංඥා කරවනඋස් ආකාසයේ සැරිසරන පක්ෂියාගේ රූපයවිවෘත බව සහ වියහැකියාවන් අඟවන විශාල නිල් අහස් තලය හා සමාන්තර තලයක තබයිමෙම රූපය ශ්‍රී රාහුල හිමියන්ගේ සැලළිහිණි සංදේශ කාව්‍යයේ පහත ඇති දේ නරඹමින් නිල් අහසේ පියාසර කරන සැළලිහිණියා සහ පර්සි බීෂ් ෂෙලීගේ කුඩා ලිහිණියෙකුට” කවියේ පක්ෂියා ඉහළට සහ තවත් ඉහළට” පනින ආකාරය නරඹන මොහොත හා සම්බන්ධවේකුණාටුවගින්නඅකුණු සහ දෙවියන්ගෙන් කෙරෙන සොරකම වැනි රූප හරහා ප්‍රොමිතියස්ට කරන ව්‍යංග්‍යයන් උතුරා යයිමේ අන්තර්පඨිතමය සහ සාහිත්‍යමය ඉඟි මේ ගීතයට විවිධ වූ සංඥාකරණයන් ලබා දෙයිරන් කුරුලා නිල් ආකාසයේ නිල් මෝස්තරයක් වියන ආකාරයට සමානව විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ප්‍රේක්ෂකයාගේ මනසේ බහුවිධ මෝස්තර වියමන් කරයි.

විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ගීතකෙටි රංගයන් සහ නාට්‍යයන් බොහොමයක් නරඹන්නාගේ සිතෙහි විචිත‍්‍ර සංකල්පනාවන් මවන මේ ආකාරයේ සිත්ගන්නාසුලු සහ ප්‍රබල රූපවලින් පරිපූර්ණ වී ඇතබොහෝ විට අප වීදි නාට්‍ය දෙස බලන්නේ සමාජීය සහ දේශපාලනික පැතිමානයකිනිඑහි ඇති සාහිත්‍යයික ගුණයන් එහි දේශපාලනය හා සම්බන්ධ වන ආකාරය විචාරයට ලක් කරන්නේ අල්ප වශයෙනිඇත්ත වශයෙන්ම කියතොත්විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ ගීත බහුතරයක් අප ජීවත් වන මේ දේශපාලනිකආර්ථික සහ සමාජීය තත්වය මනා ලෙස නිරූපණය කරයි. “සිහින ලොවකි හෙළබිමේ” ගීතය එයට හොඳම නිදසුනකිගීතය ආරම්භ වන්නේ ම සිහින ලොවක් පිළිබඳ ගීයකින් කෙනෙකු අපේක්ෂා කරන දෙයට පරස්පරව යන “everything O you can sell”/”ඔබට සෑම දෙයක්ම විකිණිය හැක” යන නිවේදනයෙනි:

Everything O you can sell

Business going on very well

Country flowing milk and honey

We are rolling money money

ඔබට සෑම දෙයක්ම විකිණිය හැක

වෙළඳාම ඉතා හොඳින් සිදු වෙයි

රට කිරියෙන් පැණියෙන් ඉතිරෙයි

අපි සල්ලිවලසල්ලිවල රෝල් වෙයි

වෙළඳපල ආර්ථිකය පාදක කරගත් “rolling in money” (“සල්ලි වල එතී පෙරලීම“) පිළිබඳ සිහිනය නවලිබරල්වාදයේ ගෝලීය ෆැන්ටසියෙහි දිගුවක් වෙයිමෙහිදී අවකාශය එක වර ම නවලිබරල් සංකල්ප විසින් විජිතකරණයට හා කෙළෙසීමට ලක් වන අතර සාම්ප්‍රදායික කතිකාවන් ද (කිරියෙන් පැණියෙන් ඉතිරීම වැනිධනවාදියාගේ වාංමාලාවට ඇතුළත් කරගෙන ඇත.

ඉන් පසු ගීතය සංචාරක ප‍්‍රචාරක පත‍්‍රිකාවක් හෝ ශ්‍රී ලංකාව පිළිබඳ දේශගවේශකයින්ගේ රචනා වෙතින් කෙලින් ම උපුටාගත් වැකිවලටසිහින ලොවපාරාදීසය වැනිමාරු වෙමින් අසමාන ගෝලීය බල දේශපාලනයක අඛණ්ඩතාවක් හඟවයිකෙසේ වතුදුපාරාදීසය පිළිබඳ අදහස සාම කලාපය පිළිබඳ සඳහන සහිත අවසන් පේළි දෙකෙන් සුනුවිසුනු වෙයිදශක ගණනාවක් පුරා ඇදී ගිය රජයේ හමුදා හා දෙමළ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊඅතර යුද්ධය මෙහි දී පෙරබිමට ගෙන එනු ලබයිසංචාරකයින්ගේ යාම් ඊම් මැද සෝල්හයිම් ද පැමිණ යයි – මේ යාම් ඊම්වලට දේශපාලන මෙහෙයුමක නියුතුව සිටි සෝල්හයිම් සහභාගී වීම හරහා ගීතය විදහාපාන්නේ දෛනික ජීවිතය හා ගෝලීය දේශපාලනය අතර සම්බන්ධය යි (කණ්ඩායම බොහෝ විට යම් කාලයකදී ලංකාවට එන දේශපාලනික චරිත මේ ගීයට යොදා ගනී).

යටත්විජිතවාදයනවයටත්විජිතවාදයනවලිබරල්වාදයධනවාදයජාතිකවාදය මෙන් ම සංචාරක කර්මාන්තය තුළ ද ගැබ් ව ඇති ප‍්‍රචණ්ඩත්වය අවසන් පැදියෙහි සංග්‍රහ කෙරේ.

මස් ලේ ඇට හරි විකුණන්නේ

දූදරුවන් අපි බිලිදෙන්නේ

වෙළඳපොලේ අපි නැටවෙන්නේ

බහුජාතින්ටය රට යන්නේ

අවසානයේ සිහින ලොවකි හෙළ බිමේ” හෝ පාරාදීසයෙ මුදුන් මලේ” පිළිබඳ සංඥාකාරකයසංඥාකරණ තල ගණනාවක් ඔස්සේ ගමන් කරන අතර අනන්ත සංඛ්‍යවක සංඥාආදේශන ක්‍රියාත්මක වීමට පටන්ගනියිසංචාරක පත්‍රිකාවකින් ගන්නා ලද මේ පේළි දෙකපාරාදීසයක් හැටියට රටේ ප්‍රතිරූපය ගොඩනඟන ජාතිකවාදී කතිකාව සමඟ අන්තර්ඡේදනය වෙමින් උත්ප්‍රාසවත් පරිකථනයක යෙදෙයිගීතයෙහි සන්දර්භය තුළ පරිභෝජනවාදයදේශපාලනය හා ළමා ලිංගික ශ්‍රමික වෙළඳාම සහ පාරාදීසය පිළිබඳ අදහස සංකීර්ණ අන්දමින් එකිනෙක වෙළෙයිඅපට සියලු දේ විකිණිය හැකි හෙයින් අපි ළමුන් විදේශිකයින්ට ද රට බහුජාතික සමාගම්වලට ද විකුණමුසියල්ල විකිණීමට ඇති හැකියාව රට සමෘද්ධිමත් කිරීමේ යථාර්ථවත් කොන්දේසිය බවට පත් වෙයිමේ හා සමාන අන්දමින් දරුවන් බිලි දීම පිළිබඳ අදහසදහස් සඛ්‍යාත තරුණ ජීවිත බිල්ලට දුන් යුද්ධය හා කැරලිකාරී නැඟිටීම් පිළිබඳ ඓතිහාසික නිමේෂයන් කරා ආපසු ගමන් කරයිමෙසේ ගත් කළ මේ ගීත වලින් සිදු කෙරෙන අර්ථ උත්පාදන ක්‍රියාවලිය අපරිමිත ය.

විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ කෘති බොහොමයක් මේ ආකාරයේ අර්ථ ජනනය කරයිඇත්ත වශයෙන්ම කියතොත් ලංකාවේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමඉන්දියාවේ ජන නාට්‍ය මන්ච්ඇමරාකාවේ බ්‍රෙඩ් ඇන්ඩ් පපට් වැනි වීදි නාට්‍ය කණ්ඩායම් ආරම්භ වන්නේම නාට්‍ය ශාලා ජනතාවගෙන් වැඩි පිරිසකට පිවිසිය නොහැකි වාණිජ අවකාශ බවට පත් වෙමින් පවතින හා නූතන රංග කලාව නගරවලපැහැදිලි ව සීමාංකනය කෙරුණු අවකාශය තුළ සිදු වන ක්‍රියාකාරකමක් බවට පත් වන සන්ධිස්ථානයක දී යවිවෘත වීදි නාට්‍ය කණ්ඩායම තමන්ගේ පළමු නාට්‍ය දැක්ම ඉදිරිපත් කරන්නේ 1974 ජූනි වැනි දින අනුරාධපුරයේදීයඑදින ගාමිණි හත්තොටුවේගම ඇතුළු එහි මුල්ම සාමාජිකයින්පරාක‍්‍රම නිරිඇල්ලඑච්පෙරේරාගාමිණි හෙට්ටිආරච්චිහේමසිරි අබේවර්ධනනිමල් චන්ද්‍රසිරි සහ තවත් බොහෝ දෙනා (මොවුහු එවක රංග ශිල්ප ශාලිකාවේ ශිෂ්‍යයන්ව සිටියෝ යකොළඹ පිහිටි ප්‍රභූනගර කේන්ද්‍රීය නාට්‍ය අවකාශයෙන් ඔබ්බටසංවෘත ප්‍රොසීනියම් ගොඩනැඟිල්ලේ සිට පාසැල් ක්‍රීඩාංගනයක පස් දමා එසවූ කරලියකට මාරු වීමේ අවදානම ගත්තේ නාට්‍ය කලාව ප්‍රේක්ෂකයා වෙත ගෙන යා යුතුයැයි යන අදහසිනිඑදින රාත්‍රියේ ඔවුහු විදුලි බුබුළු පහක ආලෝකය යටතේ රජ දැක්මබෝසත් දැක්මසහ මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද? යන නාට්‍ය රඟදැක්වූහ.

ඊළඟ උදෑසන හටගත් සිද්ධිය අද දක්වාත් ශ්‍රී ලංකාවේ දේශපාලන වීදි නාට්‍ය ඉතිහාසයේ අතිශයින් ම වැදගත් මොහොතක් ලෙස සැලකිය හැකඅනුරාධපුර දුම්රිය ස්ථානයේ වේදිකාවේ කොළඹ දුම්රිය පැමිණෙන තෙක් රැඳී සිටින අතර කණ්ඩායම හිටි වන ම රැඟු‍මක් ඉදිරිපත් කිරීමට තීරණය කළෝ යඔවුන්ට පැන නැගුණු ප්‍රශ්නය වූයේ රංගය ඉදිරිපත් කරන්නේ කොතැනද යන්න පිළිබඳවයිඑවිට ගාමිණි හත්තොටුවේගම කඩුවක් රැගෙන එය හරඹ කරමින් කවාකාර ව ගමන් කර නිශ්චිත තැනක බිම ඇන මෙන්න මෙතනයි අපි නාට්‍ය පෙන්නන්නේ” යනුවෙන් නිවේදනය කළ අයුරු පරාක‍්‍රම නිරිඇල්ල රසවත් ලෙස ආවර්ජනය කරයිහත්තොටුවේගමගේ ගමන හා චලන එක් වර ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරගනිමින් රංග භූමියේ සීමා සලකුණු කළේ යඑවිට රැස් වූ ප්‍රේක්ෂකයින්ට මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරි දනාට්‍යයේ කොටස් දැකගැනීමට ලැබිණිඑහි සිටි ජංගම ප්‍රේක්ෂක සමූහය දුම්රිය පැමිණීම හා පිටත් වීම අනුව වරින් වර වෙනස් වියඅවසන් මොහොත එළඹියේ නාට්‍යය අතර මැද කොළඹ දුම්රිය පැමිණීම නිසා නළුනිළියන්ට දුම්රියට නැඟීමට සිදු වීමෙනිඅනුරාධපුරයේ ඉදිරිපත් කෙරුණු මේ රැඟු‍ම් දෙක ශ්‍රී ලංකාවේ දේශපාලන වීදි නාට්‍යයේ ආරම්භය සලකුණු කළේ යමේ රංගය ”අතිශයින් ම ක්ෂණිකප‍්‍රතික‍්‍රීයක හා නම්‍යශීලී” ද ” ඕනෑ ම තැනකඕනෑ ම විදිහකටඕනෑ ම අවස්ථාවක” රඟදැක්විය හැකි බව දගාමිණි හත්තොටුවේගමගේ වචනවලින්සනාථ විය.

හත්තොටුවේගම ඇතුළු පිරිස විවෘත වීදි නාට්‍ය කණ්ඩායම ආරම්භ කර මේ 2024 ජූනි මස වෙනිදාට අවුරුදු පනහකිමේ කණ්ඩායමේ ගීත වෙනදාටත් වඩා අද තීව්ර ලෙස දැනේවෙළදපල ආර්ථිකය සාමාන්‍යකරණය වී ඇති මේ සන්දර්භය තුළවිවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නාට්‍ය සහ ගීත අපව නැවතත් අප මේ ඉන්නා තත්වය දෙස විවේචනාත්මකව බැලීමට පොළඹවයිසීගල් සඟරාවේ බිරන් දාස් ෂර්මා සමග සාකච්ඡාවක යෙදෙන හත්තොටුවේගම පවසන්නේ, ”ප්‍රචණ්ඩත්වය කියන්නේ තුවක්කුබෝම්බකලකෝහාල විතරක් නෙවෙයිප්‍රචණ්ඩත්වයට තවත් බොහෝ ස්වරූප තියෙනවාඋදාහරණයක් විදිහට එළිපිට පෙනෙන වාණිජවාදී ප්‍රචණ්ඩත්වය.” මානව සහ ආධ්‍යාත්මික සම්බන්ධතා සහ පරමාදර්ශ ද්‍රව්‍යවාදී වාණිජවාදී වටිනා කම් වලින් ප‍්‍රචණ්ඩ ආකාරයෙන් විනාශ කරන ආකාරය ගැන හත්තොටුවේගම විවේචනාත්මක වියද්‍රව්‍යමය වටිනාකම් වලින් තොර මනුෂ්‍ය සම්බන්ධතාඅධ්‍යාපනය සහ චින්තනය ගැන සිතීමට නොහැකි අනාගතයක් කරා අපව රැගෙන යන මේ මොහොතේ මේ කෘති දෙස විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ කාර්යයන් දෙසඔවුන් මේ කෘති ඉදිරියට ගෙන යාමට දරන තැත පිළිබඳව අප අවධානය යොමු කළ යුත්තේ එබැවිනිඑදා මෙදා තුර මේ වීදි නාට්‍ය ඉදිරියට ගෙන යන දීපානි සිල්වාසමන් හේමරත්නඋපාලි වීරසිංහචමරු පතිරණමනෝජ් යාලගලගේඑරංග ප්‍රනාන්දු ඇතුළු විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ අඛණ්ඩතාව නියෝජනය කරන තවන් නාට්‍ය කලා නියුක්තිකයින් බොහෝ දෙනා තවමත් සක්‍රියව සිටීම අප තුළ බලාපොරොත්තු රඳවයි.

අප මේ සිටිනා මොහොත වෙළඳපල ආර්ථිකය සාමාන්‍ය දෙයක්ස්වභාවික දෙයක් ලෙස පිළිගන්නට බල කරන්නකිසියල්ල සිද්ධ වන්නේ දේපලමුදල්ආර්ථික හුවමාරු හරහායකිසිවෙකුටත් අයිති නැති ස්වභාවික පරිසරය අපට විකිණිය හැක්කේ කෙසේදබහුතරයක් මිනිසුන්ගේ ශ්‍රමය සුළු පිරිසකට සොරාකෑමට හැකි වී ඇත්තේ කෙසේදධනවාදී සංවර්ධනය නාමයෙන් සිද්ධවන පරිසර ව්‍යසනයන් නිසා දිනෙන් දින අප වෙසෙන පෘථිවිය අපටම නැති වී යන ආකාරය ගැන අපි මෙයට වඩා කතා නොකරන්නේ මන්දවෙන කිසිදාකටත් වඩා වේගයෙන් වැඩෙන ඇති නැති පරතරයඒ අතර මිනිසුන්ගේ ශරීර වල කොටස්මිනිස් වෙළඳාම සිදුවන සංදර්භයක අප විවේචනාත්මක ව මේ ආර්ථික දේශපාලනික සන්දර්භය විශ්ලේෂණය කරන්නේ කෙසේදවර්තමාන සන්දර්භය තුළ මේ කෘති කියවන්නේ කෙසේද? “අපට වෙනත් ක්‍රමයක් නැතඅපට කළ හැක්කේ මේ ක‍්‍රමයට අනුගත වීමට” යයි නැවත නැවතත් ප්‍රකාශයට පත් කරන සංස්ථාපිතයක් තුළ විවෘත වීදි නාට්‍ය ගීත සහ නාට්‍ය අපට මතක් කර දෙන්නේ මේ යදම් සදාකාලික නොවන බවයිවිමුක්තිය පිළිබඳ සිහිනය තවමත් ජීවමාන බවයිවිවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ වසර පනහක ගමන් මගට සුබ පතමින් ඔවුන්ගේ යදම් බිඳලා ගීතයේ අවසන් පද කීපයෙන් මේ ලිපිය අවසන් කරමි.

ඉර සිඹපන් බුදු අම්මෝ හොරෙන් හොරෙන්

විදුලි කොටන හෙණ ගෙඩියක් අරන් වරෙන්

මෙහෙට ඇවිත් වී කරලක් අතට ගනින්

රන් කුරුලෝ… රන් කුරුලෝ… 

Latest comment

  • 1
    0

    Nice article. 50 years have gone by. I knew Hatha at Vidyalankara (later Kelaniya U). He was charismatic.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.