25 April, 2024

Blog

වම රොද බැඳීම හා මහින්දාගමනය

කිත්සිරි පලිහවඩන –

1977 යනු වම සෝදා පාලූ වූ වසරකි. එතැන් පටන් ලංකාවේ වාමාංශික පක්‍ෂ අනෙකුත් ප‍්‍රධාන දේශපාලන ධාරාවේ ගොරකා කරපිංචා ගානට වැටුනා මිස ශක්තිමත් බල තුලනයක් ගොඩ නගා නොගත්හ. ජනතා විමුක්ති පෙරමුණ එක් අවස්ථාවකදි අසීමාන්තික බලයක් පෙන්නුම් කළද එය මුහුදු රැුල්ලක් ගසන්නාක් මෙන් නැවත ධනේෂ්වර ක‍්‍රමය තුලම දියවී යනු දැකිය හැකි විය. එදා පැවති තත්ත්වය නරක නම් අද පවත්නා තත්ත්වය වමට හොඳදැයි කෙනෙක් මෙහිදි අසන්නට පුලූවන. මේ ලිපියේ පූර්විකාව එයයි. අද තත්ත්වය කොහොමද…?

Mahinda_Rajapaksaවෘත්තීය සමිති කි‍්‍රයාකාරිකයෙක්, වීදි සටන් කරුවෙක්, උද්ඝෝෂණ සංවිධායකයෙක්, වාම නැඹුරුවක් සහිත පුද්ගලයෙක් වශයෙන් කීර්තිමත් අතීතයක් ඇති මහින්ද රාජපක්‍ෂ මහතා අද ලංකාවේ ජනාධිපතිය. යුද්ධය නිම කිරීම, යටිතල පහසුකම් දියුණු කිරීම ආදී බොහෝ ධනාත්මක සාධක තුලින් ඔහු ලකුණු දාගෙන තිබේ. එසේම දේශපාලන දාම් පෙත එළෙන ආකාරය ගැන මහින්ද රාජපක්‍ෂ මහතාට ඇත්තේ ගණදෙවි නුවණකි. මේ නිසාම කර අඹන ලද එක්සත් ජාතික පක්‍ෂයත්, බෙලහීන කළ ජනතා විමුක්ති පෙරමුණත් සමග ඔහුට ඇත්තේ ගේමක් නැති තරගයකි. මේ බව නොදන්නා කෙනෙක්ද නැත. මහින්ද නැත්තං කවුද ඉන්නේ කියා බොහෝ දෙනා විමසන්නේ එබැවිනි. මීලඟ ජනාධිපතිවරණයට ලංකාව මුහුණ දෙන්නේ මෙන්න මේ පසුබිම තුලය.

පක්‍ෂයකට තමන්ගේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා තෝරාගන්නට නොහැකි නම් එය විශාල අනුවේදනීය තත්ත්වයකි. විපක්‍ෂයේ පක්‍ෂ සියල්ල එකමුතු වී ජනතා ආකල්ප තේරුම් ගත හැකි, පොදු ජන හදගැස්මට අනුව කි‍්‍රයාත්මක විය හැකි අපේක්‍ෂකයෙක් තෝරාගන්නට නොහැකි නම් එය දේශයකම අවාසනාවක් විය හැකිය. තත්ත්වය මෙසේ තිබියදි දේශපාලන බල තුලනයේ පවුරු පදනම් දෙදරවාලන සුළු ඉඟිබිඟි කිහිපයක් පසුගිය කෙටි කාල පරිච්ෙඡ්දය පුරා දැකිය හැකි විය.

2014. 05. 20 දින සරත් මුත්තෙට්ටුවේගම ගුණ සමරේදි දේශනයක් කළ ආචාර්ය දයාන් ජයතිලක පැවසුවේ රටේ වත්මන් දේශපාලන කි‍්‍රයාකාරිත්වය තුල වාමාංශික ව්‍යාපාරයන්හි එකමුතුවක් වහාම අවශ්‍ය බවයි. මෙය කදිම සිහිනයකි. න්‍යායාත්මක හේතු මත, ජාත්‍යන්තරයන්හි කරුණු කාරණා මත, දේශපාලන බලය සම්බන්ධයෙන් ඇති කෑදරකම මත, අනෙකා මරා රජවීමේ පටු අදහස් මත එකිනෙකා ගැටෙමින් ඇමීබාකරණයට ලක් වූ ශී‍්‍ර ලාංකික වම නැවත එක් වීම පිලිබඳ සිහින දකින්නෙකු ඔල්මොරොන්දම්කාරයෙක් ලෙස සාමාන්‍ය කෙනෙකුට පෙනෙන්නට පුලූවන.

නමුත් දේශපාලන විශ්ලේෂකයෙක් වන දයාන් ජයතිලක වැන්නෙක් එවැනි මතයක් ප‍්‍රකාශ කිරීම සුළුවන් තැකිය හැක්කක් නොවේ. කි‍්‍රයාකාරි දේශපාලනයේ නියුතු පුද්ගලයෙක් වශයෙන්ද, න්‍යායික හා විෂයමූල කරුණු පිලිබඳ පුහුදුන් පුද්ගලයෙක් වශයෙන්ද, ජාත්‍යන්තරයේ දේශපාලන සුළං හමන අත මැනවින් හඳුනාගත හැකි විචාරකයෙක් වශයෙන්ද ඔහු තුල ඇති සියුම් ඉව අතිශයින් බල සම්පන්නය.

මේ වනවිට මීලඟ ජනාධිපතිවරණය නිල වශයෙන් ප‍්‍රකාශයට පත්ව නැති නමුත් කස පුපුරන හෙක්‍ෂන් අපට උපකල්පනය කළ හැක්කේ පෙරහැර අත ලඟ බවයි. ආන්ඩුවේ අපේක්‍ෂකයා පිලිබඳව කිසිවෙකුට සැක සාංකාවක් නැත. නමුත් අද මුළු රටේම ජනතාව බලාගෙන සිටින්නේ විපක්‍ෂය විසින් ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයා කවුරුන්ද යන්න දෙසය. මේ කාරණාවේදි පූජ්‍ය මාදුලූවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ මැදිහත්වීම අතිශයින්ම වැදගත් කරුණකි. උන්වහන්සේ වරෙක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡුා කළ සේක. ඒ අතරේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හට සාකච්ඡුාවක් සඳහා ඇරයුම් කරමින් ලිපියක් එවු සේක. එසේම අනෙකුත් වාමාංශික දේශපාලඥයන්ට හා ප‍්‍රගතිශිලි අදහස් දරන පුද්ගලයන්ට මෙවැනි ආරාධනා උන් වහන්සේගෙන් ලැබී තිබේ.

පූජ්‍ය මාදුලූවාවේ සෝභිත හිමියෝ අනාදිමත් කාලයක් පුරා ලාංකේය දේශපාලනය තුල මානව හිතවාදය වගා කරන්නට ඉමහත් වෙහෙසක් ගත් බුද්ධ පුත‍්‍රයෙක් බැව් අවිවාදිතය. ජේ. ආර්. යුගයේ හෝ පේ‍්‍රමදාස යුගයේ විපක්‍ෂය පවා තම සමාජ වගකීම කර ඇරි අවස්ථාවන්හිදි සෝභිත ස්වාමින් වහන්සේ පොදු ජන අයිතිවාසිකම් වෙනුවෙන්, මානව හිතවාදය වෙනුවෙන් අභීතව කථා කළ සේක. චන්ද්‍රිකා බණ්ඩාරනායක සේම, මහින්ද රාජපක්‍ෂ, රනිල් වික‍්‍රමසිංහ, සරත් ෆොන්සේකා ඇතුළු අනේක විධ නායකයන්ට කෝට්ටේ නාග විහාරය ආගන්තුක ස්ථානයක් නොවේ. මේ නිසා අද වාමාංශික දේශපාලඥයන්ට, මානව හිතවාදීන්ට, ප‍්‍රගතිශිලි අදහස් වෙනුවෙන් පෙනී සිටින්නන්ට සෝභිත හාමුදුරුවන්ගෙන් ඇරයුම් ඒම පුදුමයට කරුණක් ලෙස සැලකිය නොහැක.

නමුත් සැමදා ජනහිතකාමීත්වය වෙනුවෙන් පෙනී සිටි සෝභිත හිමියෝ අමතක වූ යමක් මතක් වූවාක් මෙන් එක්වරම වමට අත වනන්නේ ඇයිද යන්න විමසා බැලීම වැදගත්ය. බොහොම කෙටියෙන් කිව්වොත් උන් වහන්සේ වමේ බලය දන්නා නිසාය. වමේ වගකීම හඳුනන නිසාය. වම එකතු කරගත්තොත් මහමෙරක් වුව පෙරළන්නට හැකි බව ප‍්‍රත්‍යක්‍ෂ නිසාය. මෙන්න මේ කරුණු අරභයා සෝභිත හිමියෝ වාමාංශික පක්‍ෂ හා වාම අදහස් දරන නැතහොත් ප‍්‍රගතිශිලි අදහස් දරණ බොහෝ දෙනා සමග නැවුම් කතිකාවතක් ගොඩනගන්නට කිසියම් වෙහෙසක් කරන බැව් පැහැදිලිය.

මේ අතරේ සම්ප‍්‍රදායික වාමාංශික පක්‍ෂ නයාට අඳුකොළ මෙන් සිටි ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලන ගමන් මග ආරම්භ කළ විමල් වීරවංශ මැතිතුමාගේ ඇරයුමක් පිට ඔහුගේ පක්‍ෂ සම්මේලනය සඳහා වාසුදේව නානායක්කාර මහතාද සහභාගි වූයේ නොබෝ දාය. මෙය දේශපාලනික උඩු සුළඟක කිසියම් ඉඟියක් ලෙස වටහා ගත හැකිය.

අනෙක් පැත්තෙන් ගත්තොත් ආණ්ඩුව ඇතුලේ වමක් තිබේ. ඒ වමට වාමාංශික දේශපාලන පක්‍ෂ සාමාජිකයන් ඇතුලත්ය. එසේම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඇතුලේද වමක් තිබේ. රාජිත සේනාරත්න, රෙජිනෝල්ඞ් කුරේ, ආතාවුද සෙනවිරත්න, වැන්නවුන්ද අයත්ය. ඒ වමත්, මේ වමත් හැරෙන්නට තවත් වමවල් ඇත්දැයි මහින්ද ඇසුවොත් එසේයැයි බය නැතිව කට ඇර කියන්නට පුලූවන් මහාචාර්ය තිස්ස විතාරණලාද මවත් සමග හිඳියි. මහින්දත් එසේ අසතැයි සිතන්නට බැරිය. මන්ද කිසියම් කාලයක මහින්දද වාමාංශික අදහස් උදහස් හා ප‍්‍රගතිශිලි මති මතාන්තර වෙනුවෙන් ඍජුව පෙනී සිටි කීර්තිමත් චරිතයක් බැවිනි.

මෙය අන්තෝජටා බහී ජටා තත්ත්වයක් බව ඇතමෙකුට පෙනෙන්නට පුලූවන. නමුත් චිත‍්‍රය දෙස පුළුල් දෘෂ්ඨියකින් බැලූවහොත් එහි පොදු සාධක පැහැදිලිය. එනම් අලූත් පුනරුද වමක් තුලින් අලූත් ප‍්‍රගතිශිලි දේශපාලනික ගමනකට මුල පුරන බවය. අනෙක් අතින් මේ පුනරුද වම ඉල්ලා සිටින්නේ මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට විශාල බාධකයක් වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ලෙසය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ මෙම අදහස වෙනුවෙන් ඍජුවම පෙනී සිටින සේක. මේ ලෙසින් විමසා බලන විට පෙනෙන්නේ අද පුනරුද වමක් පුනරුද දේශපාලන කතිකාවතක් උදෙසා වේගයෙන් ලියලමින් සිටින බවයි.
මේ සියල්ල ගෙන හැර බැලීමේදි වාමාංශික අදහස් වලින් පෝෂණය වූ මහින්ද රාජපක්‍ෂ තාමත් ප‍්‍රමාද නැත. යුද්ධය නිමා කර රටට සාමය ගෙන ආ ආකාරයටම විධායක ජනාධිපති ක‍්‍රමය නම් කටු ඔටුන්න පසෙක ලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙරට ස්ථාපිත කරමින් මහින්ද රාජපක්‍ෂ නාමය සැම අතකින්ම ඉතිහාස ගත කරන්නට මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ඇත්තේ සුවිශාල අවකාශයකි. අවශ්‍ය මොහොතේදි ඉවසීමත්, අවශ්‍ය මොහොතේදි සටන් වැදීමත්, අවශ්‍ය මොහොතේදි සටනට අවතීර්ණවීමත් අවශ්‍ය මොහොතේදි බලය ලබා ගැනීමත්, අවශ්‍ය මොහොතේදි බලය අතහැරීමත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ අපරාජිත කීර්තිමත් දේශපාලන ගමන් මගේ සදාකාලික ජීවය බැව් එතුමන්ගේ දේශපාලන ගමන දෙස විමසිල්ලෙන් බලන්නෙකුට පෙනේ. එලෙසින් බලන කළ වමේ රොද බැඳීමද ඔහුගේම විජයග‍්‍රාහී පියවරක් වනු ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.