2 June, 2023

Blog

19 වන ව්‍යවස්ථා සංශෝධනය: පාර්ලිමේන්තුවේ සියලූම මහජන නියෝජිතතුමන්ලා වෙත කෙරෙන කාරුණික ආයාචනයි

මහාචාර්ය ක‍්‍රිෂාන් දෙහෙරගොඩ

මහාචාර්ය ක‍්‍රිෂාන් දෙහෙරගොඩ

ගරු මහජන නියෝජීතතුමනි!

ශ‍්‍රී ලාංකික විද්‍යාර්ථීන්්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය වශයෙන් අප නියෝජනය කරනු ලබන්නේ තමන් ලත් නිදහස් අධ්‍යාපනයේ තිළිණය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකීය ජනතාවට කෘතඥවන උගතුන්, වියතුන් හා වෘත්තිකයින්ය. ශ්‍රී ලංකා මාතාව, අපටත් අපගේ මතු පරම්පරාවන්ටත්, ජීවත්වීම සඳහා වඩා යහපත් දේශයක් බවට පත් කිරීම අප එ්කායන අරමුණ සේ හැඳින සිටින අපි, එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ඇප කැප වී සිටිමු.

පසුගිය දශක කිහිපය තුළ අප රටේ ජාතික සමඟිය, අභිමානය, සාමය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය, පුරවැසි අයිතිවාසිකම් සහ සමාජ වටිනාකම් ක‍්‍රමාණුකූලව සෝදාපාළුවට ලක් වී ඇති අතර, අද වන විට අපගේ සියළු සමාජ නිර්මිතයන් බිඳ වැටී තිබීම අප සැවොම එක්ව පරාජය කිරීම මූලික ජාතික ප‍්‍රමුඛතාවය බවට පත්ව ඇත. මෙම විනාශයේ ගමන් මඟ හැරදා, අපගේ චින්තන ක‍්‍රමයේ සහ භාවිතයේ දැනුවත් වෙනසක් ඇතිකර නොගතහොත්, වඩා යහපත් ලංකාවක් පිළිබඳව අපගේ සියළු අභිලාශයන්, හුදූ මායවක් බවට පත්වනු නිසැකය.

පසුගිය ජනාධිපතිවරණයට ඉදීරිපත්වු ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනාම තමන්ගේ ජනාධිපතිවරණ ප‍්‍රකාශනයන් මග‘න් ව්‍යවස්ථා සංශෝධනය, යහපාලනය හා වෙනත් ජනතාවාදී ප‍්‍රතිසංස්කරණයන් සඳහා දුන් පොරොන්දු අපි සාදරයෙන් පිළිගතිිමු. එ් සඳහා මෙරට ඡන්දදායක ජනතාව පිළිවෙළින් ලක්‍ෂ 62ක් සහ 58ක් සිය කැමැත්ත ප‍්‍රකාශ කොට ඇත. සමස්ත ව්‍යවස්ථාවම වෙනස් කල යූතු බව අප සංගමයේ් ස්ථාවරයයි. ඵසේ වූවද, ඵළඹ ඇති අවස්ථාව පැහැර නොහැර, දීර්ඝ කාලීනව හා ජාතික වැදගත්කමකින් යුත් මතු දැක්වෙන ස’මිත ව්‍යවස්ථාමය වෙනස්කම් හෝ සම්මත කරගැනීමට පාර්ළිමේන්තුවේ සියළු දේශපාලන පක්‍ෂ විසින් හැකි උපරිම එකඟතාවකින් කි‍්‍රයා කරනු ඇතැයි මේ වේලාවේදී අපි උදක්ම බලාපොරොත්තු වෙමු:

1. 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාත්මක කළ, ඵහෙත් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ක‍්‍රියා විරහිතවූ, යහපාලනයක් ඇති කිරීමට මූලික පදනම සපයන ස්වාධීන කොමිෂන් සභා යෝජිත සංශෝධන සහිතව 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් යළි ස්ථාපණය කිරීම;

2. ජනමත විමසුමකට නොගොස් පාර්ළිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයෙන් ඉවත් කලහැකි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලසා ඇති ඉඩකඩ තුළ ජනාධිපතිවරයාගේ බලතල වලින් කොටසක් පාර්ලිමේන්තුව තුළින් තෝරා පත්කර ගනු ලබත මහජන නියෝජිතතුමන්ලාගෙන් සමන්විත විධායකය වෙත පැවරීම; සහ

3. දැනට ක‍්‍රියාත්මක දූෂිත, වෛරය වපුරණ, නාස්තිකාර ඡුන්ද ක‍්‍රමය වෙනස්කරණ නව මැතිවරණ ක‍්‍රමයක් බළාත්මක කිරීම.

සමස්ත ශ්‍රී ලාංකික සමාජයම නව රජයෙන් සහ දැනට පාර්ළිමේන්තුවේ සිටින සෑම පක්ෂයකටම අයත් මහජන නියෝජිතතුමන්ලාගෙන් බලාපොරොත්තු වන්නේ ඉහත සඳහන් මූලික සංශෝධනයන් සියල්ල සම්මත කිරීමයි. ඵහෙත්, යෝජිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළු කොට ඇත්තේ් ඉහත සඳහන් 1 සහ 2 යන අවශ්‍යතා පමණක් බවට මේ වනවිටත් චෝදනා ඵල්ලවෙමින් පවතී. මෙම තත්‍වය හමුවේ ඉහත දැක්වෙන පොදූ අවශ්‍යතාව සම්බන්ධයෙන් පාර්ළිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත‍්‍රී වරුන් අතර දක්නට තිබූ පුළුල් එකඟතාව හා අන්නෝන්‍්‍ය විශ්වාශයද වඩ වඩා ශක්තිමත් කර ගත යුතුව ඇත.

එබැවින් අපි නව රජයටත්, පාර්ළිමේන්තුව නියෝජනය කරන ඔබ සැමටත් ආයාචනා කරන්නේ, එළැඹ ඇති සුවිශේෂී කෙටිකාල’න දේශපාලනික පෙළගැස්ම, යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට මාහැඟි අවස්ථාවක්සේ සළකා අප මව්බිමට සාධාණය ඉටුුකරන ලෙසය. මෙවන් සාධනීය වෙනසක් සඳහා අපහට ඵළැබෙන අවසාන අවස්ථාවද මෙය විය හැක. එනිසා උදාවී ඇති නව ෙඓතිහාසිික විවරය ස්වාර්ථයෙන් තොරව මනා ලෙස කළමනාකරණය කරගනිමින්, ඵය සමස්ථ ශ්‍රී ලාංකික සමාජයේම හැරවුම් ලක්‍ෂයක් කර සාමය, සාධාරණත්වය සහ අභිමානය යළි ස්ථාපිත කිරීම සඳහා වන නව ආරම්භයකට මුලපිරීමට ලාංකීය ජාතිය වශයෙන් මේ හෝරාවේදී අපි සෑම එකාවන්ව ඇප කැප වී කටයුතු කළ යුතු බව මතු පරපුරේ නාමයෙන් අවධාරණය කරමු.

පාර්ළිමේන්තුවේ මහජන නියෝජිතතුමන්ලාගෙන් අති බහුතරය යෝජිත 19වන ව්‍යවස්ථා සංශෝධනයට ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී තිබීම සතුටුවිය හැකි කාරණයකි. ඵය මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති සංවාදයේ ප‍්‍රතිථලයක් වශයෙනි. ඵහෙත් මැතිවරණ නීතියෙහි ඇතිවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් තුළ සද්භාවයෙන් යුතුව හා ප‍්‍රමාණවත්ව සාකච්ඡුාවන් සිදූ වීදැයි සැක සහිතය. ඵ් සම්බන්ධයෙන් දැනට මතුව ඇති සංවාදයෙන් ගම්‍ය වන්නේ් ඵයයි. මෙතැනදී ප‍්‍රමුඛතාවය දිය යත්තේ සැමට පිළිගත හැකිි, වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ප‍්‍රායෝගික මැතිවරණ ක‍්‍රමයකට ද, නැති නම් තම පක්‍ෂයට හෝ තම පෞද්ගලික දේශපාලන අභිලාශයන්ට වඩා වාසි සහගත මැතිවරණ ක‍්‍රමයකට ද යන්න ඔබත් අපත් විසින් වහා තෝරා ඛේරා ගත යුතුව ඇත. විවිිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සමග අප සංගමය කල සාකච්ඡුා වලදී පෙනීගිය කරුණක් නම් සුළු පක්‍ෂ හා සුළු ආගමික කණ්ඩායම් පූර්ණ සමානුපාතික නියෝජන ක‍්‍රමයකට වඩා කැමති වන අතර, දකුණේ පමණක් නොව උතුරේද ආසන මට්ටමෙන් විශාල ඡන්ද පදනමක් ඇති ඇතැම් පක්‍ෂ සමානුපාතික හා කේවල මිශ‍්‍ර ඡන්ද ක‍්‍රමයකට වඩා කැමති බවයි. සියළුම පක්‍ෂ පාහේ මනාප ඡන්ද ක‍්‍රමය මුළුමනින්ම ඉවත් කිරීම සිදුවිය යුතු බවට අඩු වැඩි වශයෙන් සිය ඵකඟථාවය ප‍්‍රකාශ කල අතර, අප සංගමය සිටිනුයේ ද මනාප ක‍්‍රමය සහමුලින්ම උපුටා දැමිය යුතුය යන සථාවරයේය.

මැතිවරණ නීතිය වෙනස් කිරීම ඉතා දුෂ්කර දීර්ඝ කාලීන ප‍්‍රයත්නයක් යන සාවද්‍යය මතය ඇතැමුන්් විසින් සමාජගත කිරීමට මහත් වෑයමක් දරනුයේ පවතින ක‍්‍රමය තුල ඔවුන්ගේ ආත්මාර්ථකාමී අවශ්‍යයතාවයන් අන්තර්ග‍්‍රහණයවී තිබීම නිසා බව විද්වත්් අදහසයි. ඵම මතවාදය ඇතැම්විට මැතිවරණ නීතිය වෙනස් කිරීමේ ජාතික අවශ්‍යතාව පසුපසට තල්ලු කිරීම සාධාරණීයකරනය කිරීමටම යොදා ගැනෙන වක‍්‍ර උපක‍්‍රමයක්ද විය හැක. මැතිවරණ නීතිය වෙනස් කිරීම සඳහා ඇති සරළ විකල්පය නම්, මැතිවරණ ක‍්‍රමයට වෙනස්කම් යෝජනා කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පත් කිරීමය. එය යෝජීත 20 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් කල හැක. ඵවැනි ස්වාධීන කොමිෂන් සභාවක් සඳහා තුන් මසක කාලයක් හොඳටම ප‍්‍රමානවත් යැයි අපි සිතමු. යම් හෙයකින් මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට අදාල උක්ත ස්වාධීන කොමිෂන් සභාවේ යෝජනා ඉදිරිපත් වීමට පෙර ඊලඟ පාර්ළිමේන්තු මැතිවරණ පැවැත් වීමට අවශ්‍යය නම්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්ම දැනට ක‍්‍රියාත්මක මනාප ඡන්ද ක‍්‍රමය ඉවත් කොට, අන්තර්වාර පියවරක් ලෙස එය ද කල හැක.

විචාරශීලී හා බුද්ධිමත් විභාගාපේක්ෂකයා අපහසු ප‍්‍රශ්නයට පිළිතුරු සැපයීමට මුළු කාලයම ගත කරමින් පහසු ප‍්‍රශ්න වලට පිළිතුරු සැපයීම කල් දමන්නේ නැත. දැන් අප හමුවේ ඇති ප‍්‍රශ්න වලදීද පහසු ප‍්‍රශ්න වලට කඩිනමින් පිළිතුරු සපයමු. අපහසු ප‍්‍රශ්නත් මේ මොහොතේදී නොසලකා නොහරිමු. ඒවාටද නිවැරදි පිළිතුරු සොයමු. පහසු ප‍්‍රශ්න වලට පළමුව පිළිතුරු දීම පිළිබඳ බුද්ධිමත් විභාගාපේක්ෂකයාගේ ආදර්ශය මෙහිදීද යොදා ගැනීම ජනතා අපේක්‍ෂාවයි.

එමනිසා මහජන අභිලාශයන් නියෝජනය කරණ මහජන නියෝජිතයින් වන ඔබගෙන් අප ආයාචනා කරන්නේ ලැබී ඇති මෙම ෙඓතිහාසික අවස්ථාව පැහැර නොහැර වගකීමකින් කටයුතු කරන ලෙසය. සත්‍යය, යතාර්ථය හා සාධාරණත්වය හමුවේ නොපැකිලිව අකුටිලිව නිවැරදි තීන්දුව ගන්නා ලෙස අපි ඔබෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

තවද අප සැවොම මෙහිදී සිතිය යුත්තේ ලංකා මාතාවගේ අනාගත දරු කැළ කෙරෙහි සුවිශේෂ අවධානය යොමු කරමිනි. ඵබැවින්, අපගේ මෙම දේශය මතු පරම්පරාවන්ට ද නිදහස්ව, නිවහල්ව, බියෙන් සැකයෙන් තොරව, සමගියෙන් සමාදානයෙන් සහ ගෙඃරවාන්විතව ජීවත් වීමට හැකි ස්ථානයක් කිරීම අද ජීවත්වන අප සැමගේම පොදු අරමුණ විය යුත්තේය.

ගරු මහජන නියෝජීතතුමනී, අපගේ දූ දරුවන්ට නිවහල්ව දෙපයින් නැගී සිටිය හැකි රටක් අත්කර දීමට මෙම ෙඓතිහාසික අවස්ථාවේදී පරාර්ථකාමීව සහ දේශපේ‍්‍රමීව තීරණ ගැනීම ඔබගේ සදාචාරාත්මක යුතුුකම සහ ජාතික අවශ්‍යතාව බව අවධාරණය කරමින්, මෙම ෙඓතිහාසික ස්වර්ණමය අවස්ථාවෙන් උපරීම ප‍්‍රතිලාභ ජනතාවට ලබා දෙන මෙන් අපි ඔබෙන් නැවත නැවතත් ආයාචනය කර සිටිමු. මෙම සාධනීය තත්වය උදා කරදීමට දායකවීම ජාතිය වෙනුවෙන් ඔබතුමන්ගේ යුතුකම ඉටු කිරීමක් වන අතර එයට එරෙහි වීම ජාතියේ අධ්‍යාත්මය විනාශකර දැමීමේ පාප කර්මයක් වන බවද අවධාරණය කරමු!

ස්තුතියි.

මහාචාර්ය ක‍්‍රිෂාන් දෙහෙරගොඩ
සභාපති – ශ‍්‍රී ලාංකික විද්‍යාර්ථීන්්ගේ හා වෘත්තිකයින්ගේ සංගමය
වර්ෂ 2015 ක්වූ අප්රියෙල් මස 15 වන දින,
කොළඹදීය.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    සමාජ විචාර

    Prof. Deheragoda is well qualified to write on the subject

    Chairman,
    Colombo Land and Development Co. PLC
    September 2013 – Present (1 year 8 months)Liberty Plaza Shopping Complex, Colombo – 3, Sri Lanka Chairman
    Sri Lanka Sustainable Energy Authority
    November 2008 – January 2010 (1 year 3 months)
    Chairman
    Ceylon Shipping Corporation
    January 2005 – August 2006 (1 year 8 months)Colombo, Sri Lanka
    Vice Chairman
    Sri Lanka Ports Authority
    March 2004 – July 2006 (2 years 5 months)Colombo, Sri Lanka
    Chairman
    Urban Development Authority of Sri Lanka
    September 2000 – January 2002 (1 year 5 months) Consultant – Higher Education for the Twenty-first Century (HETC) Project
    Ministry of Higher Education of Sri Lanka
    June 2011 – January 2013 (1 year 8 months) Godahewa steps down, Deheragoda new Chairman at Colombo Land
    Published : 1:43 am July 23, 2013 | 2,183 views | No comments so far | Print This Post | E-mail to friend
    Share Button
    TwitterFacebookGoogle PlusPinterestLinkedinDelicious
    Prof. Krishan Deheragoda was appointed the Chairman of Colombo Land and Development Company Plc on Friday after the incumbent Dr. Nalaka Godahewa stepped down.
    Previously, Deheragoda was the Deputy Chairman and Executive Director, and he also held the Chairmanship some time back.
    Daily FT learns Dr. Godahewa had informed the Board he would step down to focus more on his role as the Chairman of the Securities and Exchange Commission.
    Largest shareholder of Colombo Land is a consortium of Singapore parties and individuals with around 30% stake followed by Kalpitiya Beach Resort (20%) and UDA (17.5%). Godahewa also holds 1% stake in the company.
    Deheragoda serves as a Professor of Geography at the University of Sri Jayewardenepura and has previously been the Chairman of Colombo Land from 1999-2001 as well as Vice Chairman from 2006-2010.
    Prof. Deheragoda has held the chairmanship in number of public and corporate sectors including the Urban Development Authority (2000-2002), Ceylon Shipping Corporation, Sustainable Energy Authority, Sri Lanka Ports Authority (Vice Chairman), Onali Holdings Ltd., Ocean View Development Ltd., Peliyagoda Warehouse Complex Ltd., Real Estate Exchange Ltd. etc.
    He has served as an advisor to several ministries, including Urban Development and Housing, Transport, and Ports and Shipping. Prof. Deheragoda was a member of over 30 governing and advisory boards in addition to holding key positions in academia. He has a PhD in Recreational Geography (Bulgaria), MSc in Natural Resource Management (Sofia) and post graduate diplomas in Urban and Regional Development Planning (Nagoya), Resource Survey and Mapping (Colombo), and is currently the President of Sri Lanka Association of Geographers.
    The Colombo Land Board of Directors comprises Krishan Deheragoda (Chairman), N.Y. Tong, N.Y. Xing, D.S. Jayaweera, M.U.M.A. Sabry, M.D.S. Goonatilake and W.K.J. Karannagoda.

    http://www.ft.lk/…/godahewa-steps-down-deheragoda-new…/ https://lk.linkedin.com/…/prof-krishan…/39/a1/b83 http://www.cse.lk/…/upload_cse…/4321374551106_.pdf

  • 1
    0

    Kottaasa kramaya ha anupaadita dekama mishra metivarna kramaya vidhaayaka janapatita gelapenne nehe. Koi velet doshabiyogayen ivat karanna ida tiyanawa. 5/6 balaya himivune JR ta anupaadhayenda?

  • 1
    0

    විවිධ අය විවිධ අපේක්‍ෂා උදෙසා පොදු අපේක්‍ෂකයාට චන්දය දුන් බව පොදු අපේක්‍ෂකයා මැතිවරණ වෙදිකාවල දුන් පොරොන්දු රොත්තෙන්ම පැහැදිලිවෙයි. නමුත් එජාප මාන බලන්නේ පසුගිය ජනාධිපතිවරණය ව්‍යවස්ථාව සංශෝධනයක් සඳහා ජනමත විචාරනයක් ලෙස යොදා ගෙන විධායක බලය කොල්ල කා ගැනීමටය. එය එසේ විය නොහැකි බවත් සමහර වගන්ති පමනක් පාර්ලිමේන්තුවේ 2/3කේ චන්දයෙන් සංශෝධනය කල හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලිය. කෙසේ වෙතත් මැතිවරණ ක්‍රමයත් එක වර සංශෝධනය කරන්නේ නම් පමනක් ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට ශ්‍රිලනිප එකඟ වී අැත. දැන් ඉතින් එජාප යට මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී යන අකර තැබ්බයට මුහුන දීමට සිදුව අැත.

    උතුරේ අති බහුතර අාසන ගනන දිනන්නේ ටිඑන්එ් කොටි කකුල්ය. නැගෙනහිර බහුතර අාසන සංඛයාව දිනන්නේ කොටින්ට සහ ජිහාඩියන්ට බර පක්‍ෂය. දයා ගමගේට අම්පාර අාසනයක් දිනා ගැනීමට බැරි උනොත් අපි පුදුම නොවෙමු. දකුනේ චන්ද වලින් අති බහුතරය (75%) සිංහල බෞද්ධයන්ය. ඔවුන් බහුතරය රනිල්ගේ එජාප ට චන්දය දෙන්නේ නැත. අලුත් විදිහට (first past the post) වන්දය තිබ්බොත් එජාප ය කම්මුතුය. පරන විදිහට තිබ්බොත් එජාප යට යන්තම් ජාම බේරා ගත හැකි බව ඔවුන් දනී. එනිසා එජාප යට මනාප ක්‍රමය නැතුව බැරිය.

    රනිල්ගේ සරදියෙල් අය-වැයෙන් පොරොන්දු වූ රබර් කි.1 ට රු.350/- උකස් කල රත්තරන් වලට ගෙවනවා යයි කියූ පොලිය වැනි සහන තොගයක්ම ප්‍රලාප වී අැත. දකහ ගා ගෙන පාන් කා කොත්තමල්ලි බොන්න දුන් සහනත් අද හේදී ගොහින්ය. දින 100 ‘යහපාලන’ වැඩ සටහනේ කෙරුනු වැඩ අැත්තේ ඉතා ටිකක්ය, නොකෙරුන වැඩ බොහෝය. අද මේවා නොදන්න අය ගම් වල නැත. එ් අනුව දැනටමත් පාර්ලිමේන්තු වන්දය පරක්කු වැඩි බව රනිල් දනී. කෙසේ වෙතත් මේ මාසය අවසන් වීමට ප්‍රථම රනිල් පාර්ලිමේන්තුව විසිරවන ලෙස සිරිසේන ජනාධිපතිට උපදෙස් දෙනු අැත. අකිල වැන්නන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ජාතික අාණ්ඩුවක් පිහිටුවනවා යයි පාරාම් බෑමෙන්ම එජාපයේ ඉදිරි බලාපොරොත්තු පැහැදිලිය. ජයම්පතිගේ ව්‍යවස්ථාව සංශෝධනය නොකෙරෙන වෙද කමක් වී අැති බවත් පැහැදිලිය. කෝ මේ සිංහලයට කඹ ගිලින්න දුන්න සොපිත හිමි?

    අකිල ලා ජාතික අාණ්ඩු පිහිටුවන්න ගනන් හදන්නේ සිරිසේනගේ ශ්‍රිලනිප සැලකිය යුතු අාසන සංඛයාවක් ගනීවි යන්න මතය. නමුත් එම ගනන් හැදීම සියයට සියයක් වැරදිය. දැන් තිබෙන්නේ මහින්දගේ නායකත්වය යටතේ තිබූ ශ්‍රිලනිප නොව චන්ද්‍රිකා/සිරිසේන ගේ ශ්‍රිලනිප යකි. එනිසා මහින්දට ලැබුනු ලක්‍ෂ 58.5 න් 5% ක් වත් සිරිසේනගේ ශ්‍රිලනිප ට ලැබෙන්නේ නැත. එම ලක්‍ෂ 58.5 න් 95% කට සිරිසේනගේ ‘යහපාලනය’ ජහ පාලනයක් වී අැත. ඔවුන් 95% ක් පක්‍ෂය නොබලා මහින්දට සහ ඔහුගේ අනුගාමිකයන්ට චන්දය දෙනු අැත. මහින්ද වන්දනා නඩ සහ වීරවංශලාගේ රැස්වීම් වල ප්‍රමානයෙන් එ් බව කාට කාටත් තහවුරු වනු අැත.

    තව එකක්. පාවෙන චන්ද ලක්‍ෂ 10ක් වත් සිරිසේනට ලැබුනි. එ් පා වෙන චන්ද සිරිසේනට දුන්නේ ‘වෙනසකට’ ය.දැනටමත් යහපාලනයෙන් ලැබී අැති ‘වෙනස’ ඔවුන්ට එපා වී අැත. එජාප පච වලට රැවටුන බව ඔවුන්ට දැන් තේරී හමාරය. පා වෙන චන්ද වලින් 75% ක් දැනට මත් මහින්දට දෙන බව ඔවුන් කියයි. ඉදිරියට එම 75% හ 100% උනොත් පුදුම විය යුතු නැත. මහින්දගේ අනුගාමිකයන්ට 99 ක් ලැබෙන විට සිරිසේනගේ ශ්‍රිලනිප ට ලැබෙන්නේ 1 අාසනයක් බව වැඩිකල් නොගොස් කා ටත් දැක ගත හැක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.