21 October, 2019

Blog

යු.ඇන්.පී විරෝධය වෙනුවෙන් කලාකණ්නි ජාතිවාදි ආණඩු හැදීම හා ‘පොදු’’ අපේක්ෂකයෙකුගේ සිංහල ව්‍යවස්ථාව

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘යම් ලෙසකින් වත්මන් ආණ්ඩුව ඒ සඳහා එක`ග නොවන්නේ නම්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමති වන ජනාධිපති ධුරාපේක්ෂකයා ප‍්‍රමුඛතාවය දිය යුත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමටයි. එබඳු අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක සැබවින්ම සිය මැතිවරණ ප‍්‍රකාශය එයම බවට පත්වන, ව්‍යවස්ථාමය සංශෝධන කෙටුම් පතක් වෙනුවෙන් කැප විය යුතු ය. එබඳු අපේක්ෂකයෙකු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතාවගේ කැමැත්ත ඉල්ලා සිටිය යුතු ය.’’ – සාධාරණ සමාජයක් වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරය ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනාවලියෙන්

ඊළග ජනාධිපතිවරණය කවදා ද? අවසාන වරට ජනාධිපතිවරණයක් පැවතියේ 2010 ජනවාරියේ දීය. රටේ නීතියට අනුව, එක් ජනාධිපතිවරණයකින් පසු, ඊළග ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිට දින නියම කළ හැක්කේ වසර 04 ට පසුව ය. ඒ අනුව, වසර 04 ගණන් හැදෙන්නේ කවදා සිට ද ? එය ජනාධිපතිවරණය පැවැත් වූ 2010 ජනවාරි අග සිට ගණන් හැදෙනු ඇති ද ? නැතිනම්, ජනාධිපති ලෙස දිවුරුම් දුන් 2010 නොවැම්බරයේ සිට ගණන් හැදෙනු ඇති ද ?

තම ජනපි‍්‍රයත්වය සැළකිය යුතු අයුරු තව කලක් රඳවා ගත හැකි යැයි ගණන් හැදුනෝතින්, ජනාධිපතිවරණය 2014 අවසානයේ පැවැත්වීමට හෝ අවුරුදු 06 කෙළවර 2016 දී පැවැත් වීමට ජනාධිපති රාජපක්ෂ තීන්දු කළ හැක. එසේ නැතිව, රටේ තත්ත්වය තමන්ගේ කැමැත්ත නොතකා බිඳ වැටෙන්නේ යැයි තේරුම් ගියහොත්, ජනාධිපතිවරණය 2014 ජනවාරි අවසානයේ එළැඹිය හැක. සියල්ල අවසාන වශයෙන් තීන්දු වනු ඇත්තේ රාජපක්ෂ පාලනයේ අනාගතය ගැන ඔවුන් ගණන් හදන ආකාරයට සහ ඔවුන්ගේ උප්පරවැට්ටි අනුව ය. එබැවින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත හැකි සරළ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති සහ පාර්ලිමේන්තු ධුර කාලය තවත් වාරයකින් දීර්ඝ කිරීමත් විකල්පයක් වන්නට ඉඩ ඇත. ඒ වෙනුවෙන් නීතිපති හෝ අධිකරණ අර්ථකතන ලබා ගැනීම, රාජපක්ෂලාට ප‍්‍රශ්නයක් නොවන බව, වීරකැටියේ පමණක් නොව වන්නියේ අහිංසකයින් ද දන්නා කාරණයකි. සරළව කිවහොත්, ඊළග ජනාධිපතිවරණය සඳහා දින තීන්දු කිරීමේ ශක්තියක් විපක්ෂයට නැතිවා සේම, එය කෙළෙස තීන්දු වේද යන්න පිළබඳව, දැනට අනාවැකි කීමට ද නොහැකි ය.

කරුණු කාරණා එසේ වූවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවක් ඒ අතරතුර, සමාජය හමුවේ තැබෙන්නේ ය. පූජ්‍ය මාදු`ඵවාවේ සෝභිත හිමිගේ ප‍්‍රධානත්වයෙන් වන සාධාරණ, යුක්තිසහගත සමාජයක් වෙනුවෙන් වන ජාතික ව්‍යාපාරය විසින් වහා සිදු කළ යුතු ව්‍යවස්ථා සංශෝධන ලෙසින් එම යෝජනා මාලාව පසුගිය 05 වන දින මාධ්‍යයට ප‍්‍රකාශ කෙරිණ. එය නිල වශයෙන් පළමුව බාර දෙනු ලැබූයේ මල්වතු පාර්ශවයේ ශ්‍යාමෝපාලි සියම් නිකායේ මහ නායක, අති පූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහ නායක හමුදුරුවන්ට ය. නෝක්කාඩු නොකියවෙන්නට මෙන් පසුව, අනෙක් ආගමික නායකයින්ට ද බාර දුන් බවට වාර්තා විය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව ප‍්‍රධාන පක්ෂ නායකයින්ට ඇත්තේ නොරිස්සුම් සහගත කැමැත්තකි. වට පිටාවේ ඊට විරුද්ධව කතා නොවන්නේ නම්, ඔවුන් හැම විධායක ජනාධිපති ධුරයට කැමත්තාහ. නගරයේ ඉහළ මැද පංතිය අතර ඇත්තේ ද අපැහැදිලි විරෝධයකි. විධායක ජනාධිපති ධුරයට විරුද්ධ සමාජ මතයක් ඇතැයි කියන්නේ මේ සමාජ කතිකාවට ය. මේ විධායක ජනාධිපති ධුරය, ඉතා හොඳ සිංහල බෞද්ධයෙකුට පමණක් සීමා කළ හැකි යැයි සහතිකයක් තිබේ නම්, ග‍්‍රාමීය සමාජයටත් පොදුවේ සිංහල බෞද්ධ සමාජයටත් ඊට වඩා හොඳ පාලන ක‍්‍රමයක් නොවනු ඇත. එසේ නොවුනත් සෝභිත හාමුදුරුවන්ගේ යෝජනා මාලාවෙන් ඉස්මතු කෙරෙන ආකාරයේ, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සමාජ ඉල්ලූමක් මේ රටේ නොතිබිණ. එනිසාම, විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට පොරොන්දු වූ චන්ද්‍රිකා කුමාරණතුංගටත් මහින්ද රාජපක්ෂටත් ඒ පොරොන්දුව අත හැර දමා, වෙනත් පොරොන්දු මත දෙවන වරටත් ජනාධිපති වන්නට, ජනතාව ඡුන්දය ලබා දුන්හ.

රාජපක්ෂ පාලනයේ අවසානයක් දකින්නට දැන් දැන් කැමැත්තක් දක්වන කොළඹ නාගරික මැද පංතියේ අසරණ වූ දේශපාලනයට රාජපක්ෂලාගේ අධිකාරවාදී සිංහල බෞද්ධ පැවැත්ම අභියෝග කිරීමට ඇති බිය හා චකිතය හේතුවෙන් ඔවුන්ට වැඩි එක`ගත්වයක් ලබා ගත හැක්කේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සටන් පාඨය මත යැයි ඔවුන් තීන්දු කර ඇත. එනිසාම මේ විධායක ජනාධිපති ධුරය ජනතාවට වග කියන්නා වූ, අධිකරණය හමුවේ ප‍්‍රශ්න කිරීමට යටත් කෙරෙන ජනාධිපති ධුරයක් බවට පත් කළ හැකි යැයි ඔවුහු නොකියති. එවැනි ව්‍යවස්ථාමය වෙනස් කම් ගැන කතා නොකරති. ජනතාවට වග කියන, නීතියට යටත් ජනාධිපති ධුරයක් ගැන ඔවුන් සිතන්නේවත් නැත. ඔවුන් යොමු වන්නේ මේ රටේ පාර්ලිමේන්තු ආණ්ඩු හැදීමේ කතාවට ය.

මේ රටේ පාර්ලිමේන්තු ක‍්‍රමය බෙහෙවින් අසාර්ථක වූ පාලන ක‍්‍රමයක් බව ඔවුහු නොකියති. ඒ මග හැරීමත් සමග, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සහ කලෙක ජනාධිපති උපදේශකයෙකු ද වූ ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න වැනි විද්වතුන් ද සමගින් ලියැවුනු මෙම යෝජනා මාලාව ආරම්භයේ දීම සඳහන් කරන්නේ, ‘‘විධායක ජනාධිපති ධුරය වහාම සහ මුලූමනින්ම අහෝසි කොට, පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් වෙත යා යුතුය.’’ යනුවෙනි.

මේ නැවත යෝජනා කරන පාර්ලිමේන්තු ආණ්ඩු පාලන ක‍්‍රමය කුමක් ද ? නිදහස ලැබූ 1948 සිට 1978 තෙක් අපි පාර්ලිමේන්තු ආණ්ඩු පාලන දෙකක් අවුරුදු 30 ක් අත් දැක්කෙමු. ඉන් පළමු වැන්න තේරුම් කරනු ලැබූයේ, සු`ඵ ජන කොටස් සඳහා මනා ආරක්ෂාවක් සඳහා දෙවන මන්ත‍්‍රණ සභාවක් සහ 29 වන වගන්තිය යටතේ ව්‍යවස්ථාමය පියවර ඇතුළත් කෙරුනු පාර්ලිමේන්තු පාලනයක් ලෙස ය. එහෙත් ඒ පාර්ලිමේන්තුවෙන් සිදු වූයේ කුමක් ද ? ඒ පාර්ලිමේන්තුව, ඉන්දීය සම්භවයත් ඇති වැවිලිකරයේ දෙමළ ජනතාවට ඔවුන්ගේ පුරවැසි අයිතියත් ඡුන්ද බලයත් අහෝසි කළේ ය. ඒ පාර්ලිමේන්තුව මේ රටේ සියලූ ජනතාවගේ රාජ්‍ය භාෂාව සිංහල පමණකැයි 1956 දී තීන්දු කළේ ය. එනිසා දෙමළ, මුස්ලිම් සහ ලන්සි ජනතාවත් සිංහල භාෂාව ඔවුන්ගේ භාෂාව ලෙස භාර ගත යුතු විය. දෙවන මන්ත‍්‍රණ සභාව හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය හෝ ඔවුන්ට ඒ කිසි විටෙක අදාල නොවුනි.

දෙවැනි පාර්ලිමේන්තු පාලනය 1972 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමගින් තහවුරු කෙරුණකි. එහි සිදුවූයේ කුමක් ද ? ‘72 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරම්භ වන්නේම, මේ රටේ බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය පැවැත්ම ප‍්‍රතික්ෂේප කරමින් ය. එම ව්‍යවස්ථාව ඒ අනුව, එක් රැුයක් එළිවන විට සියල්ලන් පොදු නාමයක් යටතේ ‘‘ශී‍්‍ර ලාංකික’’ පුරවැසියන් බවට පත් කළේය. අනතුරුව, රාජ්‍යයේ ස්වාධීනත්වයත් අධිකරණයේ ස්වාධීනත්වයත් ඇමති මණ්ඩලයට යට කළේ ය. එතෙක් නොවුනු විශේෂ රාජ්‍ය අනුග‍්‍රහයක් බෞද්ධාගමට ලබා දුනි. විශ්ව විiාල ප‍්‍රවේශය සඳහා 1974 සිට කි‍්‍රයාත්මක කළ ප‍්‍රමිතිකරණය යටතේ වාර්ගික තේරීමකට ඉඩ ලබා දෙමින් දෙමළ තරුණ දේශපාලනය වඩා සටන්කාමී දේශපාලනයක් කිරීමට දායක විය. විධායක ජනාධිපති ධුරයක් නොතිබුණු මේ පාර්ලිමේන්තු පාලන ක‍්‍රම විසින් අවුරුදු 30 ක් ඇතුළත, මේ රටේ ම්ලේච්ඡු වාර්ගික යුද්ධයකට පාර කැපුවේ එසේ ය.

එපමණක්ම නොවේ. මේ පාර්ලිමේන්තු පාලන විසින් ආර්ථික වර්ධනයට හා සමාජ සංවර්ධනයට එකතු කළ වැදගත් කිසිත් ඇත්තේ ද නැත. ඒ වසර තිහේ හැම ආණ්ඩු මාරුවක්ම කලින් ආණ්ඩු පාලනයේ වැරදි පෙන්වා කෙරුනු ආණ්ඩු මාරුවීම් ය. 70 දසකය ආරම්භ වන විට උපාධිධාරී විරැුකියාවත් බරපතල ප‍්‍රශ්නයක්ව තිබිණ. සාම්ප‍්‍රදායික වාමාංශය ප‍්‍රතික්ෂේප කරමින් දකුණේ සිංහල තරුණන් 1971 දී පළමු වරට සන්නද්ධ කැරැුල්ලක් ගැසූයේ ද සමාජ ආර්ථික ප‍්‍රශ්න මුල් කර ගෙන, විකල්ප සමාජ ක‍්‍රමයක් වෙනුවෙනි. පාර්ලිමේන්තු පාලනයේ තිබූ මේ සියලූ අසාර්ථකවීම්, විධායක ජනාධිපති පාලනයකට මාරු වන්නට, ජේ.ආර් ජයවර්ධන විසින් හේතු සාධක ලෙස ඉදිරිපත් කළ බව, නැවත පාර්ලිමේන්තු ආණ්ඩු පාලනයක් සඳහා යෝජනා ඉදිරිපත් කරන අය අමතක කරති.

මේ යෝජනාවලිය තුල එවැනි අසාර්ථක වූ පාර්ලිමේන්තු පාලනයකට අප නැවත යා යුත්තේ ඇයි දැයි යන්නට කිසිදු වැදගත් පිළිතුරක් සොයා ගත නොහැක. විශේෂයෙන් දෙමළ ජනතාව මෙයට ඡුන්දය දිය යුත්තේ ඇයි දැයි යන ප‍්‍රශ්නයට, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනා කරන කිසිවකු තවම පිළිතුරු ලබා දී නැත.

ඇත්තටම නැවත පාර්ලිමේන්තු පාලනයකට යාමට අවශ්‍ය නම්, මූලික වශයෙන් යෝජනා කළ යුතු වූයේ ම්ලේච්ඡු යුද්ධයකින් පසු නොවිසඳී ඉතිරිව ඇති දෙමළ ජනතාවගේ දේශපාලන අපේක්ෂාවන් සඳහා විසඳුම් සමගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධන ය. එවැනි කිසිවක් සඳහා අදහසක්වත් මෙහි නැත. මෙය එක් අතකින් 1972 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බාල අනුරුවකි. මෙහි සියලූ ජන කොටස් සඳහා සමානත්වයක් ගැන කතා කිරීමට යෝජනා කර ඇති සියල්ල, 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි ඇතුළත් කර තිබිණ. සාධාරණ සමාජයක් වෙනුවෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනා කරන සෝභිත හාමුදුරුවන් ප‍්‍රමුඛ පිරිස, සමානාත්මතාවය වෙනුවෙන් ලියා ඇත්තේ මෙවැනි යාං හෑල්ලකි.

‘‘අංක (3* 111 – ශී‍්‍ර ලංකාවේ සියලූම ජන කොට්ඨාශ එක්ව සැදි ශී‍්‍ර ලාංකික ජනතාවට, මොනයම් හෝ ආකාරයකින් එම පොදු ශී‍්‍ර ලාංකික අනන්‍යතාවය දුර්වල කිරීමෙන් තොරව, තම තමන්ගේ භාෂාව දියුණු කිරීමට, තම ආගම ආරක්ෂා කිරීමට, තමන්ගේ සංස්කෘතිය සංවර්ධනය කොට ප‍්‍රවර්ධනය කිරීමට, තමන්ගේ ඉතිහාසය සංරක්ෂණය කිරීමට රාජ්‍ය ආයතනයන්හි නියෝජනය ද ඇතුලූව, රාජ්‍ය බලය පිලිබඳව තමන්ට හිමි කොටස පිළිබඳව ද හිමිකම් ඇත්තේ ය. මෙය කිසිම ආකාරයකින් ජනරජයේ භෞමික අඛණ්ඩතාවය, දේශපාලන සමගිය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් කඩ කිරීමට හෝ ඊට හානි කිරීමට දෙන අනුමැතියක් හෝ දිරි ගැන්වීමක් ලෙස වටහා නොගත යුතු ය.’’

අදහසක් හැටියට හෝ මෙහි කිසි තැනක මේ රටේ වාර්ගික හා ආගමික වෙනස්කම් ඇතැයි පිළිගැනුමක් නැත. මෙහි අඩංගු ‘‘පොදු ශී‍්‍ර ලාංකික අනන්‍යතාවය’’ පැහැදිලි බොරුවකි. මේ යෝජකයින් එය 1972 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ලබා ගත්තකි. එය සාධාරණය කරනු වස් ඔවුන් යොදා ඇති අනෙක් සියලූ අයිතීන් පිලිබඳව ඇති සඳහන් කිරිම් ද ’72 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි 16(2*අ, ඈ, උ, 16(4*, 16(6*, 16(7* සහ 16(9* යන ව්‍යවස්ථාවන්හි සඳහන්ව ඇති කාරණා ය. දෙමළ ජනතාවට 1974 දී වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා තීන්දු ගැනීමට වඩුක්කොඩෙයි සමු`ඵව පැවැත්වීමට සිදුවුයේ, ‘72 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබූ ඒ හිස් කම නිසාවෙනි.

‘‘ශී‍්‍ර ලාංකීය පොදු අනන්‍යතාවය’’ ලෙසින් මේ ඉදිරිපත් කර ඇති සඳහන් කිරීම, එදා 1972 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි වාගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවක් ඉන්නා බහුත්ව ශී‍්‍ර ලංකාවක් පිළිගැනීමෙන් පැන යාමට සහ සිංහල ජාතිවාදය වසන් කර ගැනීමට නැවතත් යොදා ගන්නා හිස් ලේබලයක් පමණි. මේ රටේ බහුත්ව සමාජ පැවැත්ම පිළිනොගෙන ලියන අයිතීන් සතු ව්‍යවස්ථාමය බලයක් නැති බව, ‘72 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හොඳින් ඔප්පු කෙරුවකි.

ශී‍්‍ර ලාංකික යැයි භාෂාවක් නැත. ශී‍්‍ර ලාංකික යැයි ආගමක් නැත. ශී‍්‍ර ලාංකික යැයි පොදු සංස්කෘතියක්ද නැත. ශී‍්‍ර ලාංකික යැයි ජනතාවක් ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කරන ගමන් බලපත‍්‍රයෙහි පමණි. එවැන්නක් ජාතික හැඳුනුම් පතෙහි ද නැත. මේ රටේ පොදු ශී‍්‍ර ලාංකීය අනන්‍යතාවය යැයි කතා වන්නේ සිංහල අනන්‍යතාවයට පමණි. දැන් එය ‘‘සිංහල-බෞද්ධ’’ අනන්‍යතාවයට ද යටත් වන්නකි. එසේ නොවන්නට නම්, සිංහලයින්ට මෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනතාවට ද ඔවුන්ගේ අනන්‍යතාවය සමගින් ශී‍්‍ර ලංකාවේ පුරවැසියෙකු යැයි කීමට තරම් ආඩම්බරයක් ඇති බහුත්වවාදී රාජ්‍යක ජීවත් වන්නට ඔවුන්ට ඉඩ තිබිය යුතු ය. එය ශී‍්‍ර ලාංකික පොදු අනන්‍යතාවයක් නොවේ. එබැවින් මේ යෝජනාවලියේ ඇත්තේ ද 1972 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් උපුටා ගත් වසන් කෙරුණු සිංහල ජාතිවාදයක් පමණි.

ඇත්තටම මේ යෝජකයින්ට අවශ්‍ය වූවා නම්, දෙමළ හා මුස්ලිම් ජනතාවගේ ගරුත්වය සඳහා ද යෝජනා මෙහි අඩංගු කිරීමට ඕනෑ තරම් ඉඩ තිබිණ. එවැනි යෝජනා ඉතා පැහැදිලිව, සර්ව පාක්ෂික නියෝජිත කමිටුව විසින් සකස් කළ ඔවුන්ගේ අවසන් වාර්තාවේ ඇත. සාධාරණ සමාජයක් සඳහා වන මේ අලූත් යෝජනාවට ඇතුලූ කරන්නට මැලි වූ, ද්වි මන්ත‍්‍රණ පාර්ලිමේන්තුවක් සමගින් බලය බෙදීම සඳහා වන යෝජනා කෙටුම්පත් සර්ව පාක්ෂික නියෝජන කමිටු අවසන් වාර්තාවේ ඉතා පැහැදිලි ලෙස සඳහන් වේ. එහි ජනතා නියෝජනයක් සහිතව පළාත් සභා ශක්තිමත් කිරීමේ යෝජනා ද අඩංගු ය. ඊටත් අමතරව, ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනතාවට හා නැගෙනහිරෙන් පිටත ජීවත් වන මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය වෙනුවෙන් මැදිහත් වන්නට ජාතික නියෝජන කමිටු පත් කරන්නටත් යෝජනා ඇත.

ඒ අනුව ඉතා විවෘතව හා පැහැදිලිව මේ රටේ ඉදිරි අනාගතයට අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පියවර සමගින් වාර්ගික අර්බූදය සඳහාත් සු`ඵතර ජනතාවගේ ගරුත්වය සඳහාත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පොදු එක`ගතාවක් ඇතිව ඉදිරිපත් කෙරෙන්නේ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව විසින් ය. සෝභිත හාමුදුරුවන් ප‍්‍රමුඛ පිරිසෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට යෝජනා කරන මේ යෝජනාවලියෙන්
1. මේ රටේ බහුත්ව පැවැත්ම නොපිළිගැනීමත්
2. මේ රටේ අනාගත පැවැත්ම සඳහා අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක් වන බලය බෙදීම සඳහා කිසිදු අවධානයක් නොතිබීමත්
3. පැරණි පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයෙහි ඇති කිසිදු අඩුපාඩුවක් ගැන කිසිදු සඳහනක් නොකිරීමත්
4. සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව මගින් ඉදිරිපත් කෙරෙන විසඳුම් සතු වැදගත්කම ගැන කිසිදු සඳහනක් හෝ පිළිගැනීමක් නොතිබීමත්
සමග, මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ඇති වැදගත්කම කුමක් දැයි ප‍්‍රශ්න කළ යුත්තකි.

එහි පැහැදිලි දේශපාලනයක් ඇත. සෝභිත හාමුදුරුවන් ඉදිරියට දමමින් මේ යෝජනාවලිය ඉදරිපත් කෙරෙන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් පිටතට විසි වූවන් දෙපිරිසක් විසිනි. එක් කොටසක් ඔවුන්ගේ සිංහල ජාතිවාදී පැවැත්ම සමග යු.ඇන්.පියේ ප‍්‍රධාන දේශපාලන කි‍්‍රයාකාරිත්වයෙන් පිට මං ව ඇති පිරිසකි. තව දුරටත් යු.ඇන්.පියේ වැදගත් තැනක් ලබා ගැනීමේ ඉඩක් නැතැයි යන සැකය මත ඔවුන්ට අලූත් දේශපාලන වේදිකාවක අවශ්‍යතාවය මතුව ඇත. අනෙක් පිරිස රාජපක්ෂ පාලනයේ නිල කොටස්කරුවන් වූවත් ඔවුන්ට සමාජය හමුවේ තවදුරටත් රාජපක්ෂ පාලනය වෙනුවෙන් පෙනී සිටින්නට නොහැකි සාම්ප‍්‍රදායික වමේ මැද පංතික විද්වතුන් ය. ඔවුන් ගේ ප‍්‍රශ්නය වී ඇත්තේ රාජපක්ෂ පාලනයට එරෙහි වන්නට යු.ඇන්.පීයෙන් දුරස්ථ වූ වේදිකාවක් හදා ගැනීමේ ප‍්‍රශ්නයයි. ඊටත් අද්දරින් තවත් නාගරික මැද පංතික ‘‘රාජපක්ෂ විරෝධී’’ වෘත්තීකයින් පිරිසක් ද හවුල් වන්නේ ය.

එක පැත්තකින් ගත් විට, මේ හවුල එතරම් අලූත් හවුලක් ද නොවේ. නිදහස් ලංකාවේ සාම්ප‍්‍රදායික වාමාංශය, ඔවුන්ගේ යු.ඇන්.පී විරෝධය වෙනුවෙන් මේ රටේ ඉතාම කලාකණ්නි ජාතිවාදි ආණඩු හැදීමට මෙවැනි සිංහලවාදී දේශපාලනයක් සමග ඉතිහාසයේ බොහෝ අවස්ථාවල හවුල්වී ඇත. එවැනි සිංහල ජාතිවාදී හවුල් ප‍්‍රගතිශීලි යැයි තර්ක කෙරුණේ ඒවා යු.ඇන්.පී විරෝධී යැයි තර්ක කිරීමෙනි. ඒවා සිංහල ජාතිවාදී පෙරමුණු හෙයින් අන්ත ප‍්‍රතිගාමී යැයි කීමට, යු.ඇන්.පියට නොහැකි වීම, ඔවුන්ට එදා තිබූ වාසිය ය. මේ සිදුවන්නේත් එළෙසින්ම ඉතිහාසයේ පුරුද්ද මත කි‍්‍රයාත්මක වීමක් පමණි. එනිසාම මෙය, සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව මෙන් අවංක හා පූර්ණ යෝජනාවලියක් නොවේ. සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව මෙන් මේ යෝජනාව, ප‍්‍රගතිශීලී ද නොවේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Very good Kusal. Somehow, break this possible coalition against MR. Please come out with more theories and save MR. You are doing a great job. Attack Sobitha more. Don’t let the opposition unite.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.