Colombo Telegraph

මෙවර බෙදුණු මැයි දිනයේ වාසිය

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

මැයි දිනය කුමක් සඳහා ද ? එය වමේ හයිය පෙන්වා සටන් පාඨ ඉදිරිපත් කිරීමට දිනයක් යැයි වමේ ඇතැම්හූ සිතති. පක්ෂ දේශපාලනයෙන් පිටත සිටින වෘත්තීය සමිති වලට එය ඔවුන්ගේ එක්සත්කම ප‍්‍රදර්ශනය කිරීමටත් ඉල්ලීම් ඉදිරිපත් කිරීමටත් දිනයකි. එහෙත් මැයි දිනය ඇත්තෙන්ම ජාත්‍යන්තර සැමරුම් දිනයකි. වැඩ කරන දිනයක් යනු පැය 08 ක් යැයි මු`ඵ ලොවටම සහතික කිරීමට, 1886 මැයි මස පළමු වැනි දින චිකාගෝ නුවර ‘‘හේ-මාකට්’’ චතුරශ‍්‍රයේ දී ජීවිත කැප කළ කම්කරුවන් සැමරීම සඳහා ලොව පුරා කම්කරුවන් එක් වන දිනයකි. පැය 08 ක වැඩ දිනය දිනා ගැනීම සැමරීමට මැයි පළමු දින වැඩ වරා එකතු වන ලෙස සමාජවාදී ජාත්‍යන්තරය 1904 දී කැඳවීමක් කළේ ය. මේ වන විට රටවල් 80 ක පමණ මැයි දිනය ප‍්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇත.

අපේ රටේ මේ දිනයට අලූත් වටිනාකමක් පෙනුමක් එක් කෙරෙන්නේ, සමසමාජය ඇතුලූ වාමාංශික පක්ෂ විසින් ය. 40 දසකයේ සිට, විශේෂයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු අපේ රටේ ප‍්‍රධාන වාමාංශික පක්ෂ, මෙදින ඔවුන්ගේ දේශපාලන ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමටත් ඔවුන් ගේ දේශපාලනයේ ඉදිරි යෝජනා රට හමුවේ තබන්නටත් උපයෝගි කර ගත්තකි. අනතුරුව 60 දසකය වන විට මැයි දිනය, වමේ දේශපාලනයේ ශී‍්‍ර.ල.නි.ප හවුල රට හමුවේ තබන්නටත් යු.ඇන්.පී ආණ්ඩු ඔවුන් සතු කම්කරු පිළිගැනීම ඔප්පු කිරීමටත් යොදා ගන්නා දිනයක් බවට පත් විය. එනමුත් මේ රටේ වෘත්තීය සමිති අතර එක්සත් කමක් හා වමේ දේශපාලන එකමුතුවක් වෙනුවෙන් සාර්ථක පොදු වේදිකා කිසි විටෙක, මැයි දිනයෙන් සකසා සපයා නැත.

මෙතෙක් මෙරට ඉතිහාසයේ ශක්තිමත්ම කම්කරු පංති එකතුව ගොනු වූයේ 1963 අගෝස්තු 12 වන දිනයේ දීය. එදින ‘53 හර්තාලයේ 10 වන සැමරුම් දිනය විය. ස්වාධීන යැයි අද මෙන් වෘත්තීය සමිති නොවුනු එකල, පොදු එක`ගත්වයක් මත වාමාංශික පක්ෂ සමගින් වූ වෘත්තීය සමිති සම්මේලන ‘‘ඉල්ලීම් 21 ව්‍යාපාරය’’ ලෙස එදින ගොනු වූයේ මාස ගණනාවක් පුරා පැවති සාකච්ඡුා වට ගණනාවක ප‍්‍රතිඵලයක් හැටියට ය. ඒ වෘත්තීය සමිති ගොනුව, බොහෝ කලකට පසු නාගරික හා වතුකරයේ වෘත්තීය සමිති එකම වේදිකාවකට ගෙන ඒමට සමත් වූවකි. මේ ඉල්ලීම් 21 ව්‍යාපාරයට මග පෑදුණේ ඊට පෙර ගොනු වූ වාමාංශික එක්සත් පෙරමුණ මගින් ය. සමසමාජ, කොමියුනිස්ට් සහ මහජන එක්සත් පෙරමුණ එක් වී හදා ගත් වාමාංශික එක්සත් පෙරමුණ දොරට වැඩියේ 1963 මැයි දිනයේ දීය. එදා ඇන්.ඇම්, පිලිප් සහ එස්.ඒ. වික‍්‍රමසිංහ ති‍්‍රත්වය, විවෘත ජීප් රථයක නංවා වමේ දැවැන්ත එක්සත් මැයි පෙළපාලිය ඉදිරියෙන් ගෙන යනු ලැබිණ. කොළඹ නගරයට මෙතෙක් එක් රැුස් වූ ඒ මහා ජනතා එකතුව මු`ඵ දුන්නේ ගෝල් ෆේස් පිට්ටනියේ ය. එම මැයි දිනයට මේ වමේ පක්ෂ තුන ගොනු කළ සියලූ වෘත්තීය සමිති හා සම්මේලන අනතුරුව, පොදු ඉල්ලීම් මාලාවක් වෙනුවෙන් සාකච්ඡුා ආරම්භ කළහ. 1963 අගෝස්තු 12 වන දින ‘‘ඉල්ලීම් 21 ව්‍යාපාරය’’ ලෙස ප‍්‍රකාශයට පත් වූ වෘත්තීය සමිති එක්සත්කම ගොනු වූයේ එළෙසිනි.

ඊළග අවුරුද්දේ, 1964 මැයි 01 දිනය සඳහා වාමාංශික එක්සත් පෙරමුණක් හෝ ඉල්ලීම් 21 ව්‍යාපාරයක් හෝ නොතිබිණ. කලින් වසරේ වූ මහා එකතුව 1964 ජූනි වන විට, ප‍්‍රසිද්ධියේම අවසන් විය. සමසමාජ පක්ෂය කාණ්ඩ තුනකට කැඞී, ඇන්.ඇම් – විවියන් කණ්ඩායම, 1964 ජූනි 04 වන දින බණ්ඩාරනායක අගමැතිනිය ගේ ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත්හ. එඞ්මන් සමරක්කොඩි, පෑලිස් සේරසිංහ, තම්පෝ, කාරාලසිංහම් වැනි ප‍්‍රබලයින් සමසමාජ පක්ෂයෙන් එළියට බැස වෙනම දේශපාලනයකට ගියහ. ලෙස්ලි සහ කොල්වින් කණ්ඩායම, නිහ`ඩ පේ‍්‍රක්ෂකයින් ලෙස ඇන්.ඇම් ලා පිටු පසින් සිට ගත්හ. සමසමාජ – ශී‍්‍ර.ල.නි.ප සභාගයට ඇතුලූ වන්නට, කොමියුනිස්ට් පක්ෂය ගණන් හදන්නට පටන් ගත්තේ ය. ඊළග අවුරුද්දේ, 1965 මහ මැතිවරණයේ දී පිලිප් ගුණවර්ධන යු.ඇන්.පිය සමග හවුල් වී තරග කර, ඩඞ්ලි සේනානායක ගේ ආණ්ඩුවේ ඇමති කමක් ද ලබා ගත්තේ ය.

කම්කරු පංතිය එදා මෙදා තුර අතිශය ඛේදජනක ඉරණමකට ගොදුරු වූවකි. වෘත්තීය සමිති නායක සංඛ්‍යාව වැඩි වී ඇති නමුත් වෘත්තීය සමිති සාමාජිකත්වය වැඩි වන්නේ නැත. අති විශාල සේවක සංඛ්‍යාවක් සංවිධාන තුල නැති හෙයින්, හැම තැන ඉන්නා කම්කරු නායකයින් සංඛ්‍යාව අනුව සේවකයින් බෙදෙන්නේ ද නැත. කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ත‍්‍රාර් යටතේ 1999 දී ලියා පදිංචිව කි‍්‍රයාත්මක යැයි සඳහන් වන වෘත්තීය සමිති සංඛ්‍යාව වූයේ 1,532 කි. පසුගිය 2010 වසර වන විට කි‍්‍රයාත්මක යැයි සඳහන් වෘත්තීය සමිති සංඛ්‍යාව, 2,020 ක් විය. සෑම අවුරුද්දකම වාගේ අලූතින් වෘත්තීය සමිති බිහි වී ඇත. ඒ අනුව වෘත්තීය සමිති නායකයින් සංඛ්‍යාව වැඩි වන නමුත් ඔවුන්ගේ සාමාජිකයින් සංඛ්‍යාව වසරක් පාසා අඩු වී ඇත. 1999 දී සාමාජිකයින් 6,93,513 ක් වී යැයි දක්වන වෘත්තීය සමිති රෙජිස්ත‍්‍රාර්ගේ ලේඛන අනුව, 2009 දී සාමාජික සංඛ්‍යාව 3,22,477 දක්වා අඩු වී තිබිණ. එහි 2010 සාමාජික එකතුව දක්වා නැත. එනමුත් 1999 සිට පොදු නියමයක් ලෙස සාමාජික සංඛ්‍යාව අඩුවන හෙයින් අවුරුදු 03 ට පසු 2012 දී සාමාජික සංඛ්‍යාව ලක්ෂ 03 ටත් වඩා අඩු වන්නට ඇත. එම වසරේ තෙවන කාර්තුව වන විට අවුරුදු 20 ට වැඩි රැුකියාවේ නියුතු පුද්ගල සංඛ්‍යාව 78,47,664 ක් යැයි සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියයි. ඉන් ග‍්‍රාමීය කෘෂි රැුකියා ක්ෂේත‍්‍රය මුලූමනින් අත හැරි විට, ඉතිරිය 13,82,213 කි. ඉන් තුනෙන් පංගුවක් ස්වයං රැුකියා නැතිනම් අසංවිධිත ශ‍්‍රමය යැයි කිවහොත්, සංවිධිත ක්ෂේත‍්‍රයන්හි සේවක සංඛ්‍යාව 9,20,000 ට වැඩි ය. එසේ වූ කල, සියයට 80 ක් පමණ වෘත්තීය සමිති සාමාජිකත්වය ලබා ඇති වැවිලිකරයත් ඇතුලූව මේ වෘත්තීය සමිති සතු සාමාජිකත්වය, පොත් වලට අනුව සියයට 25 ක් පමණි. කම්කරු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කියන අයුරු මේ සාමාජික ගණන් සේරම ‘‘එල් පෝරමය’’ සඳහා පුම්බන ලද ගණන් ය.

මැයි දිනයේ එක්සත්කම් ගැන කතා ඇත්තේ එවැනි පසු බිමක ය. පසුගිය වසරේද මේ වසරේ මෙන්ම, වෘත්තීය සමිති එක්සත්කම සමග වාමාංශික පක්ෂ එක්සත් කිරීමේ සැළකිය යුතු උනන්දුවක්, වුවමනාවක් සිංහල-හින්දු අ`ඵත් අවුරුද්ද හෙට අනිද්දා කියා තිබිය දී ඉස්මත්තට ආවේ ය. මැයි දිනයේ ඒ එක්සත්කම සමගින් ආස්වාදයක් ලැබූයේ, පැරණි වාමාංශික ව්‍යාපාරයේ හයිය ගැන කතා කරන්නට තරම් මතකයක් තිබූ අතළොස්සකි. එය ද මැයි 02 දින එළි වන විට අවසන් වූ එක්සත් කමකි. එදා මෙදා තුර ගෙවී ගිය අවුරුද්දේ, යළි එක්සත්කම් ගැන සිංහල-හින්දු අලූත් අවුරුද්ද අද්දර කතා කරන තුරු වමේ එකතුවකින් හෝ වෘත්තීය සමිති එක්සත්කමකින් හෝ සිදු වූ, සිදු කළ කිසිත් නැත. මෙවර මැයි දිනය ඒ ඇත්ත, ඒ යතාර්ථය බොරුවකින්, වසන් කිරීමකින් තොරව ප‍්‍රදර්ශනය කරන දිනයක් ලෙස සටහන් තැබෙන දිනයකි. මේ මැයි දිනයේ ඇති ඉතාම වැදගත් ලක්ෂණය එයයි.

අවුරුදු පතා ආණ්ඩුවේ වරදාන බුක්ති විඳින කට්ටිය ඔවුන්ගේ පැරණි රතු කමිස ටික ප‍්‍රදර්ශනය කිරීම වෙනුවෙන් එක තැනකට එකතු වෙති. තනිව මැයි දිනයක් තියා ගැනීමට නොහැකි නව වම, ජාතිවාදයට එරෙහිව යැයි සටන් පාඨයක් ඔසවා ගෙන තවත් එවැනිම සු`ඵතරයින් කිහිප දෙනෙකු සමග වෙනම තැනක ය. ආණ්ඩු පක්ෂ හා විපක්ෂ සමග රහසින් ගනු දෙනු කරනමුත් පක්ෂ දේශපාලනයක් නැතැයි දිවුරුම් දෙන ස්වාධීන වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙක් තවත් තැනක ය. තම්පෝ ඔහුගේ මැයි දිනයට සමිති මූලස්ථානයේදී රැුස් වන්නේ ය. නිදහස් වෙළඳ කලාප සහ ඇ`ග`ඵම් ශ‍්‍රමිකයින් තමන්ගේ හයියෙන් ඛෙත්තාරාමයේ ය. ජ.වි.පෙ සුපුරුදු තනි ගමනක යන අතර, ඔවුන්ගෙන් වෙන් වූ පෙරටුගාමීහු ද තනිව පෙළපාලි යති. යු.ඇන්.පියට මැයි දිනය වැදගත් වන්නේ ඔවුන්ගේ විපක්ෂ හයිය ප‍්‍රදර්ශනය කරන්නට මුත් එය එක තැනකට ගොනු කර ගැනීමටවත් ඔවුන්ට හැකියාවක් නොමැති විය.

එබැවින් මෙදා මැයි දිනය වැදගත් වන්නේ මීට වසර 127 ට පෙර හේ-මාකට් චතුරශ‍්‍රයේ දී පැය 08 ක වැඩ දිනය වෙනුවෙන් දිවි පි¥ සහෘදයින් ගේ දිනය ලෙස පමණි. ඉන් ඔබ්බට මේ මැයි දිනය වැදගත් විය හැක්කේ, කොතැන කොයි තරමින් කවුරුන් මැයි දින සැමරුම් පැවැත් වූවත් ඔවුන් බහුතරයකට මේ ආණ්ඩුවේ කල්කිරියාවට එරෙහි වන්නට සිදුවීමෙහි ය. ආණ්ඩුවට එක හෙළා විරුද්ධ වන්නට තරම් දේශපාලන ධෛර්යක් නොමැති වුන්ට පවා මෙවර ආණ්ඩුවට දොස් නොකියා කතා කරන්නට නොහැකි වන මැයි දිනයකි. මේ මැයි දිනයේ එක්සත්කම හැදෙන්නේ ඒ මතින් ය.

මැයි දිනයේ සැමරුම් රැුළි කෙතරම් වූවත් ඒ වන විට විදුලි බිලට එරෙහි පොදු එක`ගත්වයකට වෘත්තීය සමිති තල්ලූ වනු ඇත. විදුලි බිල වැඩි කිරීම විසින් මාසික විදුලි ගාස්තුව පමණක් නොව, අනෙක් හැම පාරිභෝගික භාණ්ඩයකම මිල ඉහළ දැමීමත් වැඩි දිනක් නොගොසින් බස් ගාස්තු ද වැඩි වීමට ඇති ඇ`ගවීමත්, දැන් විවෘත කතාවකි. ආණ්ඩුවේ දේශපාලන ආර්ථිකයේ බංකොලොත්කම, සමාජ විරෝධයකට දැනටමත් එළෙසින් ආරාධනා කර හමාර ය. එය මග හැරීමට නොහැකි හෙයින් මෙදා මැයි දිනයේ බෙදීම් නොසළකා වෘත්තීය සමිති එක්සත් කිරීමට නිමිත්තක් ආණ්ඩුවම ලබා දී ඇත.

එනිසා මෙදා මැයි දිනය වැදගත් වනුයේ, එවැනි පොදු ජනතා වුවමනාවක් වෙනුවෙන් පොදු හඩක්, පොදු මතයක් හැම මැයි දින වේදිකාවකම ගොනු වීමෙහි ය. මැයි දින සැමරුම් අවසානයේ, පොදු එක්සත්කමක් සඳහා ඒ අනුව ඉඩ ලැබීමෙහි ය. එය හුදු මැයි දින එකතුවකට තාවකාලිකව හදා ගන්නා කෘතීම එක්සත් කමකට වඩා බෙහෙවින් වැඩදායක වනු ඇත.

එනමුත් පොදු හඩක් තිබීම ශක්තිමත් සංවිධානාත්මක ගොනුවකට එකවර මාරු වන්නේ නැත. ඒ වෙනුවෙන් පුරවා ගත යුතු හිඩැසක් ඇත. කම්කරු පංතිය සතු කි‍්‍රයාකාරි ශක්තිය හැම විට ඇත්තේ තරුණ ශ‍්‍රමිකයින් අත ය. වත්මන් තරුණ ශ‍්‍රමිකයින් අයත් වන්නේ 1990 න් පමණ පසු පාසල් ජීවිතය අවසානයේ රැුකියා සොයා පැමිණි පරම්පරාවට ය. ගෙවී ගිය ඒ වසර 20 ක පමණ කාලයේ මේ වෘත්තීය සමිති හා වමේ දේශපාලනයක් ඔවුන්ගේ සමාජ සිතියමේ කොතැනකවත් නැත. එනිසා අද මේ සාම්ප‍්‍රදායික වෘත්තීය සමිති හා නායකයින් මේ තරුණ පරම්පරාවට වැදගත් ආකර්ශනයක් නොවේ. වෘත්තීය සමිති සමගින් තවමත් නැති සියයට 75 ට වැඩි පිරිස හැදෙන්නේ මොවුන් ගෙන් ය. එනිසා මැයි දිනය අවසන් වනු ඇත්තේ, මතුවන ආණ්ඩු විරෝධයෙහි මේ අලූත් තරුණ ශ‍්‍රමිකයින් ස්ථානගත කිරීමට, ඔවුන් ආකර්ශනය කර ගැනීමට, වෘත්තීය සමිති නායකයින්යට ඇති වුවමනාව හා හැකියාව උරගා බැලීමේ අභියෝගය ද ඇතිව ය.

Back to Home page