10 June, 2023

Blog

පොදු අපේක්ෂකයා දිනවන්නේ කුමට ද ?

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

පසුගිය සති අන්ත ‘‘රාවය’’ පුවත් පතේ ‘‘පොදු අපේක්ෂකයා’’ ගැන සංවාදයට සැළකිය යුතු ඉඩක් හා අවධාරණයක් ලබා දී තිබිණ. ඒ අවධාරණය තිබුණේ පුවත් පතේ ප‍්‍රධාන කර්තෘ වන ජනරංජන ද ඔහුගේ නමින්ම පොදු අපේක්ෂකයෙකු සඳහා තර්ක ඉදිරිපත් කිරීම නිසාවෙනි. ඒ වෙනුවෙන් ඔහු ජනාධිපතිවරණය ජය ගැනීමට රනිල් වික‍්‍රමසිංහ එතරම් සාර්ථක පොදු අපේක්ෂකයෙකු නොවන්නේ යැයි තර්ක කර ‘‘රනිල්ගේ ක‍්‍රමය කුමක්ද?’’ යැයි ලිපියක් ලියා තිබිණ. එ.ජා.පය පැත්තකින් තබා රනිල්ගේ අපේක්ෂකත්වය වෙනම ගෙන ජනරංජන කළ තක්සේරුව අනුව ඔහු දුප්පත් ජනාධිපති අපේක්ෂකයෙකු බැව් මම ද එක`ග වෙමි. එනමුත් ජනරංජන ඒ මැනීම කරන්නේ, ඊට වඩා ශක්තිමත් පොදු අපේක්ෂකයෙකු ගැන කතා කිරීමට ය. ඔහු නම නොකියන පොදු අපේක්ෂකයා මාදුළුවාවේ සෝභිත හිමි විය යුතු යැයි රාවයෙහි පළ කෙරුනු වෙනත් අදහස් දැක්වීම් මගින් යෝජනා වන්නේය.

පොදු අපේක්ෂකයෙකු වෙනුවට එක් එක් පක්ෂ වලට තම තමන්ගේ වැඩ පිළිවෙලක් සමගින් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම, වඩා යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් යැයි මම කියමි. එවැනි විටෙක, මෙතැනින් එහාට මේ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව විකල්ප යෝජනා දෙක තුනක් සැසඳීමේ වැඩි ඉඩක්, හැකියාවක් සමාජ මත ගොඩ නගන බහුතර කි‍්‍රයාකාරීන්ට ලැබෙනු ඇත. එය දියුණු සමාජ කතිකාවකට, වඩා යහපත් තත්ත්වයකි. පොදු අපේක්ෂකයෙකු හා ඒ වෙනුවෙන් රටේ සියල්ල විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ තනි යෝජනා මාලාවකට ලඝු කර ඉදිරිපත් කිරීමෙන් සිදු වන්නේ, මේ රට ගොඩ ගැනීම පිළිබඳ පුළුල් සමාජ සංවාදයකට තිබිය හැකි අවකාශය පටු වීම ය. දැන් සිදු වන්නේ රටේ අනාගතය පිළිබඳව තීන්දු ගැනීමේ වගකීම තමන් වෙත පවරා ගත් කණ්ඩායමේ තේරීම, හරිද වැරදිද කියා තර්ක කිරීම පමණි. රටේ වැදගත්ම කාරණා ගැන කළ යුතු සංවාදයට ලැබෙන අවධානය හා වැදගත්කම, ඇහිරී යන බැව් දැනටත් දැකිය හැක්කකි.

Ranil Chandrikaමා මීට පෙරද කියා ඇති අයුරු, මේ ඉදිරිපත් කෙරෙන්නේ මහින්ද රාජපක්ෂ පැරදවීමට හැකි හොඳ සිංහල බෞද්ධ අපේක්ෂකයෙකු සෙවීමේ ව්‍යාපෘතියකි. බාලගිරි දෝසය වැනි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අවුරුදු 20 ක් පැරණි යෝජනාව අතිශය හදිසි කාරණාවක් ලෙස පෙරට තල්ලූ කර ඇත්තේ ඒ සිංහල බෞද්ධ තේරීම වසන් කර, විපක්ෂයේ පොදු එක`ගත්වය ලබා ගැනීමටය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා කෙරෙන ඔවුන්ගේ පැහැදිලි කිරීම් සියල්ලෙහි පාර්ලිමේන්තුවේ 2/3 ක බලය පිළිබඳ කතාව එනිසාම යට ගසා ඇත. ඒ ගැන කතා කිරීමෙන්, පොදු අපේක්ෂකයෙකු පිළිබඳ කතාව අවුල් වන බැවිනි. එහෙත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ දී වඩා වැදගත් වන්නේ ජනාධිපතිවරයෙකු නොව, පාර්ලිමේන්තුවේ 2/3 ක බලයයි. නැතිනම් ජනමත විචාරණයකින් ගන්නා තීන්දුවකි.

ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටවත් වෙනස් කිරීමටවත් ජනාධිපතිවරයෙකුට බලයක් නැත. ඒ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට ය. පාර්ලිමේන්තුවට එවැන්නක් කළ හැක්කේද තුනෙන් දෙකේ බලයක් ඇත්නම් පමණි. ඊළ`ග ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ ජනාධිපති පරාජය කළ පමණින් හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වෙනුවෙන් කාල වකවානු ගැන පොරොන්දු ලබා දුන් පමණින්, විධායක ජනාධිපති ධුරය අහෝසි කළ නොහැක. එය කළ හැක්කේ අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් වත්මන් විපක්ෂයේ සියලූ දෙනාට, නව පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 151 දෙනෙකු සිටියහොත් පමණි.

කලෙක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේද ව්‍යවස්ථා කටයුතු පිළිබඳ උපදේශකයෙකු ලෙස කටයුතු කළ, ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, සෝභිත හිමි කැඳවුම්කරු වන ‘‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික(?) ව්‍යාපාරය’’ වෙනුවෙන් ඉකුත් ජූලි 24 වන දින, ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මාර්ග සැළැස්ම’’ කොළඹ ප‍්‍රභූන් හමුවේ ඉදිරිපත් කළේ ය. ඔහුගේ එම කතාවෙන් පාර්ලිමේන්තුවේ මේ 2/3 බලය පිළිබඳ කාරණාව උපුටා දැක්වීම උචිත යැයි සිතමි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නට ඔහුම කියන අයුරු, ‘‘….අවශ්‍ය 2/3 වැඩි ඡුන්දය පාර්ලිමේන්තුවේ ලබා ගන්නේ කෙසේ දැයි යන්න, වලංගු ප‍්‍රශ්නයකි.’’ ඒ වලංගු ප‍්‍රශ්නය වෙනුවෙන් ඔහු ලබා දෙන උත්තරය, අඩමාන අවිශ්වාස සහගත උත්තරයකි. පාර්ලිමේන්තුවේ අවශ්‍ය 2/3 බලය ලබා ගැනීමේ ඔහුගේ හීනය වන්නේ ‘‘…වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන පක්ෂයේ මන්තී‍්‍රවරුන් ගණනාවක්ද එහි වත්මන් හවුල්කාර පක්ෂ ගණනාවක් ද මෙම සංශෝධනය කි‍්‍රයාත්මක කිරීමට කැප වූ පොදු අපේක්ෂකයෙකුට සහාය දෙනු ඇත.’’ යන්නයි. එවැනි හීන දකින්නට ඔහුට අයිතියක් ඇත. එහෙත් මේ රටේ ජනතාව අනුන්ගේ අවසන් නොවුනු හීන බාර ගැනීමට බැඳී නැත.

රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ශවකරුවන් ජයම්පති යෝජනා කරන පොදු අපේක්ෂකයාට සහාය දෙන්නේ යැයි මොහොතකට සිතමු. ඒ සහායෙන් මහින්ද රාජපක්ෂ පරාජය කළ හැකියැයිද කියමු. ප‍්‍රශ්නය වන්නේ එපමණින් පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් නොලැබීමය. ඒ 2/3 බලය ලබා ගන්නේ කෙසේ ද ? ඒ 2/3 බලය ගත හැකි දැයි බැලීමට රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට බසින හොර තක්කඩින් රොත්ත ද ඊළ`ග පාර්ලිමේන්තු මැතිවරණයට හවුල් කර ගැනීමට සිදුවන්නේ ය. ලජ්ජා නැති එවැනි හවුලකින් ඊළග පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා ගත්තද ඔවුන්ට 2/3 ක බලයක් ලැබේදැයි එමගින්ද සහතික ලිවිය නොහැක. ඒ පමණට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අවිනිශ්චිත ය.

ඒ එක කතාවකි. අනෙක, පොදු අපේක්ෂකයාට සහාය ලබා ගන්නට හැකි යැයි ජයම්පති කියන්නේ, රාජපක්ෂ පාලනයේ සියලූ දූෂණ, වංචා, නීති උල්ලංඝණය කිරීම් හා මැරකම්, පාදඩකම් ඇතුලූ අද විපක්ෂයේ බරපතල විවේචනයට, විරෝධයට ලක් වන, මේ ආණ්ඩුවේ හැම කාලකණ්නි කමෙකටම වගකිව යුතු හොර තක්කඩි පිරිසක ගෙනි. තමන්ට අවශ්‍ය යැයි සිතන සැළකිල්ල රාජපක්ෂලාගෙන් නොලැබෙන කෝන්තරය මිස මේ රොත්ත පාර පැණීමට වෙන කිසිදු හේතුවක් නැත. එවැනි දූෂිතයින් අපතයින් සමගින් විධායක ජනාධිපති ධුරය අහෝසිකර ඇති කරන්නට පොරොන්දුවන යහපත් ශිෂ්ඨ පාලනය, කිසිදු වගකීමක් ඇතිව ලබා දෙන පොරොන්දුවක් නොවන්නේ ය.

තවමත් ආණ්ඩුවේ ලැග ඉන්නා අනෙක් පක්ෂ වල සහාය පොදු අපේක්ෂකයාට ලැබීම ගැන ජයම්පති සහතික දෙන්නේ කෙසේ ද යන්නත් මහා ගැටළුවකි. එවැනි සහතිකයක් ඔහුට ඔහුගේ සමසමාජ පක්ෂය වෙනුවෙන් හෝ ලබාදීමට, නොහැකි යැයි මම කියමි. ආණ්ඩුවේ කෙසේ හෝ රැුඳී සිටීමට සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් ප‍්‍රතිපත්ති විරහිතව කි‍්‍රයාකරන නිවට ආකාරය අපි උදේ හවස දකිමු. ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායකත්වය හැසිරෙන ආකාරයත් අපි දනිමු. එනිසා මේ කිසිවකු කවර ගණයේ පොදු අපේක්ෂකයකු වෙනුවෙන් හෝ කිසි දිනෙක කල් තියා සහාය පල කරන්නේ නැත. ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් කෙරෙන තුරු, ඔවුන් රාජපක්ෂ ආණ්ඩුව අත හරින්නේ නැතැයි ද සැක හැර කිව හැකිය. එනිසා, ‘‘අවශ්‍ය 2/3 වැඩි ඡුන්දය පාර්ලිමේන්තුවේ
ලබා ගන්නේ කෙසේ දැයි යන්න’’ වලංගු ප‍්‍රශ්නයක් ලෙස ජනාධිපතිවරණය අවසන් වූ පසුවත් උත්තර නැතිව එලෙසින්ම ඉතිරි වන්නකි.

පොදු අපේක්ෂකයා ගැන කතාව එබැවින්, ලොකු සල්ලිකාරයින් කැසිනෝ ගැසීම වැනි මහා සූදුවකි. එක් අතකින් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ මේ රටේ ප‍්‍රධානම, වැදගත්ම ප‍්‍රශ්නය වන නිදහස ලැබූ දින සිට ඔද්දල් කරමින් ජීවිත දහස් ගණනක් හා කෝටි ගණන් දේපළ විනාශ කරමින් ලෝකයා හමුවේද රටක් ලෙස පාච්චල් වන දෙමළ ජාතික ප‍්‍රශ්නය ගැන කිසිදු සංවේදි බවක් නැති සිංහල බෞද්ධ අපේක්ෂකයෙකි. ඊට හවුල් වන්නේ ද දෙමළ ජාතික ප‍්‍රශ්නය ගැන විවෘතව හා සෘජු ලෙස කතා කිරීමට සූදානම් නැති කණ්ඩායමකි.

අන්‍ය ආගමිකයින් ගැන කිසිදු සැළකීමක් නැතිව බුද්ධාගම පමණක් සිහි කළ සංඝායනාවෙහි පොදු අපේක්ෂකයා සම්බන්ධ ව්‍යාපෘතිය ඉදිරිපත් කරන්නට හවුල් වූ ජයම්පති ඔවුන්ගේ ඒ නොහැකියාවට උත්තර බඳින්නේ, වැරදි නිදසුන් සමගින් පමණක් නොව, සිංහලවාදී අර්ථකතන ද සමගින් ය. ඒ වෙනුවෙන් ඔහුගේ පළමු ප‍්‍රශ්නයම, මේ රටේ මේ මොහොතේ නොඇසිය යුතු ප‍්‍රශ්නයකි. ‘‘අද පූර්ණ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් ඇති කිරීම කෙතරම් ප‍්‍රායෝගික ද?’’ ඔහු අසන්නේය. ඊට ඔහුගේ උත්තරය වන්නේ, ‘‘1994-2000 කාලය තුල උත්සාහ කළාක් මෙන් (ඒ උත්සාහය ගැන පසුවට) ‘නව මූලික අයිතිවාසිකම් පරිච්ෙඡ්දයක්, මැතිවරණ ප‍්‍රතිසංස්කරණ, ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක්‘ ආදිය ඇතුළත් ප‍්‍රතිසංස්කරණයක් කළ හැකි නම් මමද ඊට කැමැත්තෙමි. එහෙත් එවැනි කාරණා පිළිබඳ බරපතල කතිකාවක් කළ හැකි පසුබිමක් හෝ අද තිබේද?’’ යන්න ය. උත්තරය කෙටියෙන්, එවන් කතිකාවක් අද කළ නොහැක.

ඔහු කියන ආකාරයට, 1994-2000 කාලයේ එවැනි කිසිදු ප‍්‍රතිසංස්කරණයක් සඳහා ‘‘පොදු ජන එක්සත් පෙරමුණ ඇතුළත පවා එක`ගත්වයක් නොතිබුණි.’’ එනිසා ඒවා ඉදිරිපත් කර ඇත්තේ විවිධ උප්පරවැට්ටි මගින් ය. එහෙත් ඒවාට අදත් එක`ගත්වයක් නැතැයි ඔහු කියයි. සැබෑය. එය සරළ සත්‍යයකි. ඔහු කියූ නොකියූ විවිධ උප්පරවැට්ටි මගින් හැදෙන්නේ තාවකාලික සම්මුතීන්ය. පාර්ලිමේන්තු බල බෙදීම් මත එවැනි නායක එක`ගතා ඇති කරගත්තද ඒවා පවත්වා ගැනීමට සමාජය බැඳෙන්නේ නැත. වික්ටර් අයිවන් දීර්ග ලෙස කරුණු දැක්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ ඓතිහාසික අත්දැකීම් කීවේ ද ඒ කාරණාවම ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හැදිය යුත්තේ පක්ෂ කිහිපයක නායකයින් අතර ඇති කර ගන්නා සම්මුති ගැසීම් මත හෝ විශේෂඥයින් ගේ කීම අනුව නොවන බැව්, වික්ටර් අයිවන් ගේ දීර්ග කරුණු දැක්වීම විය.

මේ කණ්ඩායම සිංහල ජාතිවාදයට අනුගත වී කටයුතු කරන බැව් තහවුරු වන්නේ ද ජයම්පතිගේ කරුණු දැක්වීම් මත ය. 1994-2000 කාලයේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වීමට දෙමළ පක්ෂ ඔවුන්ගේ ඉල්ලීම් අත හරින්නට සූදානම් නොවීමද හේතුවිනැයි ඔහු කියන්නේය. ‘‘දේශපාලන විසඳුමක් ද ඇතුලත් නව ව්‍යවස්ථාවක් ඇති කරන්නේ නම් පමණක්’’ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එක`ගවන බැව් දෙමළ පක්ෂ පැවසූ නිසා, ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය ඇදී ගොස් අවසානයේ දී අසාර්ථක වූයේ යැයි ඔහු සිය කතාවෙහි හේතු දක්වයි. එහි එකම තේරුම නම්, සිංහල නායකයින්ගේ යෝජනා වලට දෙමළ නායකයින් කොන්දේසි නැතිව සහාය දිය යුතු බව ය. සිංහල වෙළඳුන්ගේ දේශපාලන නායකයින්ට අවශ්‍ය ආකාරයේ විසඳුම් සඳහා දෙමළ දේශපාලනය එක`ග නොවීම ගැන කෙරෙන සිංහල වර්ගවාදී දොස් පැවරීම් වලට වඩා කිසිදු වෙනසක් ජයම්පති ගේ මේ හේතු දැක්වීමේ මට දැකිය නොහැක.

මේ කාලය පූර්ණ ප‍්‍රතිසංස්කරණ සඳහා ඉඩක් ඇති කාලයක් නොවේ යැයි කීමත් සිංහලයින්ගේ වුවමනාවන්ට සීමා වීමේ කතාවකි. නිදහසින් පසු අපේ ඉතිහාසයේ 1972 පළමු හා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව ස්ථාපිත කළ යුගය මෙන් නොව, මේ මොහොත, අතිශය අර්බූදකාරී යුගයකි. යුධ සමයේ වූ සියලූ අපරාධ, දෙමළ ජනතාවට විඳින්නට සිදුවූ අනේක විධ ප‍්‍රචණ්ඩත්වය, තවමත් ඔවුන් හමුදා පාලනයකට යටත් කර තැබීම, ඒ හමුදා බලය දේශපේ‍්‍රමයක් බවට හරවා ගෙන මහ පරිමාණ දූෂණ, වංචා සමග රාජ්‍යයේ සියලූ අංගෝපාංග විකෘති පාලනයකට යටත් කර තිබීම නිසා සමාජයේ යහ පැවැත්ම මේ කාල වකවානුව තරම් බරපතල තර්ජනයකට ලක්ව ඇති වෙනත් කාලයක් අපේ ඉතිහාසයේ නොවුනි. එනිසාම අද මේ මොහොත තරම්, දුර දිග යන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටින වෙනත් මොහොතක් නැත. අප පය ගසා ඇති මේ කාල වකවානුව, තව දුරටත් පැලැස්තර අලවා අනාගතයට ඇද ගෙන යා හැකි වකවානුවක් නොවේ.

එවැනි කාරණා පිළිබඳව මේ සමාජය හමුවේ බරපතල කතිකාවක් කළ නොහැකි යැයි කීමෙන්, ජයම්පති ඔවුන්ගේ පොදු අපේක්ෂකයා ඇතුළත් සමස්ථ ව්‍යාපෘතිය අභියෝගයට ලක් කෙරෙන වැදගත් දේශපාලන ප‍්‍රශ්නයක් මතු කරන්නේ ය. සමසමාජ නායකයෙකු ලෙස ඔහු එවැනි කතාවක් කීම, එය වඩාත් උග‍්‍ර කරන්නකි. සමසමාජ පක්ෂය ගොඩ නැගෙන්නේම, එදා පැවතුනු සමාජයේ බොහෝ දේ අභියෝග කරමින් ඒවා වෙනස් කිරීමට ය. ඒ වෙනස් කිරීම වෙනුවෙන් එතෙක් ලංකාවේ සමාජය නොදැන සිටි අලූත් දර්ශනයක්, මතවාදයක් සමසමාජ පක්ෂය සමාජගත කළේ ය. වෙනසක් වෙනුවෙන් ජනතාව සංවිධානය කළේ ය. උද්ඝෝෂණ, විරෝධතා සංවිධානය කළේ ය. පැවති සමාජයත් සමග සම්මුති ගැසීම, ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට අදාල නොවුනකි.

මහනුවර මහේස්ත‍්‍රාත් උසාවියේ 1944 පෙබරවාරි 08 වන දින, සිරබාරයෙන් පැන යාමේ වරදට ඇන්.ඇම්ට සහ පිලිප්ට විරුද්ධව නඩු අසන ලද අවස්ථාවේ, හිරෙන් පැන යාම නිවැරදි යැයි තර්ක කරමින් ඇන්.ඇම් කළ දීර්ග කතාවෙහි ඔහු මෙවැන්නක් කියා ඇත. ‘‘අත්අඩංගුවට ගැනීමට තරම් මාත් මගේ සහෝදරයිනුත් කර ඇති වරද කුමක් ද? ඇත්තෙන්ම අපේ කීර්තියට බොහෝ දේ ඇත. 1933 සිට අපේ සියලූ ශක්තීන් යෙදෙව්වේ විiාත්මක සමාජවාදය පිළිබඳව දැනුවත් කිරීමට ය. සමාජවාදය දිනා ගැනීම සඳහා විප්ලවවාදී ජනතා ව්‍යාපාරයක් ගොඩ නැගීමට ය. මේ වන විට ලංකාවේ දේශපාලනය පුද්ගලවාදී වුවා මිස ප‍්‍රතිපත්තිමය වූවක් නොවේ. දේශපාලනය හා දේශපාලන කතිකා, විද්වතුන්ගේ සුවිශේෂි අඩවියක් විය. කොළඹ කුරුඳුවත්තටත් නුවරළියේ උස් පරිසරයටත් සීමා විය. දේශපාලනය සවිස්තරව කියා දෙමින් දේශපාලන අරගලයේ කරළියට ජනතාව ගොනු කළ පළමු පක්ෂය ලෙස අපි ආඩම්බර වෙමු….’’ (NM – In His Own Words / As Seen By Others – පිටුව 67)

සමසමාජ පක්ෂය වෙනුවෙන් ඇන්.ඇම් රුවන්වැල්ල ආසනයේ ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට ගොස් ලස්සණ කතා පවත්වා එන්නට නොවේ. ඔහු සමසමාජ පක්ෂයේ පුරෝගාමිකයෙකු වූයේ උඩු කය වසන්නට ගැහැණුන්ට අවසර නොතිබුණු සමාජයට අභියෝග කරමින් ඒ සමාජය යහපත් ලෙස වෙනස් කරන්නට ය. විශේෂයෙන් වාමාංශික පක්ෂ හැදෙන්නේ පවතින්නට අනුගත වීමට නොව, පවතින්න යහපත් ලෙස වෙනස් කිරීමට ය. රැුල්ලට යන්නෝ නායකයින් නොවෙති. රැුල්ලේ යාම ඕනෑම අඳබාලයෙකුට කළ හැකි ය.

නායකත්වයක් සමාජයට අවශ්‍ය වන්නේ වෙනසක් සඳහා ය. ඒ වෙනස සඳහා මතවාදයක්ද සමාජය හමුවේ තබන්නට හැකි නායකත්වයක් සමාජයට අවශ්‍ය වන්නේ ය. මේ පොදු අපෙක්ෂකයා ඉදිරිපත් කිරීමෙන් යෝජනා කරන්නේ එවැනි වෙනසක් නොවන බව ඉතා පැහැදිලි ය. මේ යෝජනා කරන්නේ බෝට්ටුව නොසොල්ලා ඉවුර මාරු කිරීමට ය. එය කිසිවිටෙක කළ හැකි දෙයක් නොවේ. එනිසා මේ පොදු අපේක්ෂකයා ගැන කතාව පැත්තකින් තබා, යහපත් සමාජ වෙනසක් සඳහා පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බැව් මෙහි අවධාරණය කෙරෙන්නකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    “පොදු අපේක්ෂකයා දිනවන්නේ කුමට ද?” කෙටි කෙලින් උත්තරය: රට අස්ථාවර කර ඊලම සාදා දීමටය.

  • 0
    0

    පොදු අපේක්ෂකයා දිනවන්නේ කුමට ද ?

    දිනවන්නේ කුමට ද ?

    Para-Ballo Elevanna.

    To Chase the Para dags who are biting and eating the people.

  • 0
    0

    උගතුන්යයි කියාගන්නා කොටසකටත්, බටහිර තානාපති පිල්ලිවලටත්, බෙදුම්වාදීන්ටත්, එන්ඡීඹි නඩයටත්, ඉවැන්ඡලිස්ට්ලාටත්, තව්හීදිලාටත්, ෆොනීගෙ මිලිටරි පක්ෂෙටත්, ඡේවීපීයටත්, යූඑන්පීයටත් තියෙන්නෙ වෙන වෙන අවශ්‍යතාවයන්.

    උගතුන් යයි කියන කොටස සිහින ලෝකයක සිට හිතන්නේත් පතන්නේත් බටහිර ලිබරල් ක්‍රමයයි. දුප්පත් රටවල් කොල්ලකා දියුනුවී පසුව ලිබරල් ක්‍රමය වැලඳ ගත්තා මිස ලිබරල් ක්‍රමය වැලඳගෙන පසුව දියුනුවූ රටක් ලෝකයේ කොහේවත් නැත. සිංගප්පූරුව, කොරියාව, තායිවානය, මලයාසියාව දැන් තියන තරමටවත් ලිබරල් උනේ එ්කාධිපති පාලනයකින් එ් රටවල් දියුනුවූ පසුවයි. සුද්දන්ට අවශ්‍ය යුද්ධය දීනාදුන් නායකයින් දංගෙඩියට යවා උන්ගේ රූකඩ පාලකයන් අප ලවා පත්කරවා ගැනීමයි. ටීඑන්එ් බෙදුම්වාදීන්ට අවශ්‍ය ෂයිලොක්ට වගේ රට බෙදීමේ මස් රාත්තලමයි. ඉවැන්ඡලිස්ට්ලාට අවශ්‍ය නිදහසේ මුලු ශ්‍රි ලංකාවම ක්‍රිස්තියානිකරනය කරන්නයි. ලංකාවේ තව්හීදිලාට අවශ්‍ය දැන් ISIS මුඡහිඩ්ලා ඉරාකයට කරනවා වගේ ලංකාවේත් කැලිෆේට් කොටසක් වෙන්කර ගැනීමයි. යූඑන්පීයට අවශ්‍ය කෙසේ හෝ රාඡ්‍ය බලය ඩැහැ ගැනීමයි. රනිල් හිතන්නෙ උතුරට අැසිමෙට්‍රික් දී රීගේනින් ලංකා නැවත බලගැන්වූ විට හැමෝටම බ්‍රේස්ලට් දැමිය හැකි බවයි. ඡේවීපීයට අවශ්‍ය පරන ගේම අලුත් ක්‍රමයට ගහන්නයි. ෆොනීට අවශ්‍ය රාඡපක්ෂලා පැදුරු කොට්ට සමග බෝගම්බරට ගාල්කිිරීමයි.

    මට නම් පෙනෙන්නෙ නැහැ බහුතර ඡනතාවට ඡනාධිපති තනතුර අහෝසි කරන්න ඔීනෑ කියල ගායක් තවම නම් හැදිල කියල. සෝභිත හාමුදුරුවන් කියන විධියට නම් අද රටේ තියන ලොකුම ප්‍රශ්ණෙ ඡනාධිපතිධූරය තමයි. එයා කතාකරන්නෙ ඡනාධිපතිධූරය අහෝසිකලහම මුලු රටම කිරියෙන් පැනියෙන් ඉතිරෙන ගානටයි. සෝභිත හාමුදුරුවො කියන්නෙ එයා චන්දෙ දිනල ඡනාධිපතිධූරය අහෝසිකරල රට කරගනයන්න අගමැතිට බාරදීල අාපහු පන්සලට වඩිනවලු. මේවා බහුබූත කතානෙ.

    හොඳයි සෝභිත හාමුදුරුවො ඡනාධිපති උනා කියමුකො. කුසල් හරි ව්‍යවස්ථාව සංශෝධනය කරන්න එයාට කොහෙන්ද පාර්ලිමේන්තුවෙ 2/3 ක බලයක්? බහුතරය තියෙන්නෙ පොදු පෙරමුනටනෙ. ඉතින් සෝභිත ඡනාධිපති උතුමානන්ට වෙන්නෙ එක්කො වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න දීමූවම අගමැති කොරන්න නැතිනම් පාර්ලිමේන්තුව විසිරවන්න. මොකා අගමැති කොරත් එ් අගමැතිටත් වෙන්නෙ අැට්ටකුනා වෙච්ච පුද්ගලික න්‍යාය පත්‍ර තිබෙන මැත්තන් ඔක්කොටම අැමතිකම් දීල හරි එකට තියාගන අලුත් ව්‍යවස්ථාව හදන්න. මේවා කෙරෙන වැඩද? මතකනෙ ඡනාධිපතිධූරය අහෝසිකරන්න චන්ද්‍රිකා ගෙනඅාපු ව්‍යවස්ථාවට රනිල් කරපුදේ.

    හොඳයි අැට්ටකුනා වෙච්ච මැත්තන් ටික වෙනුවට ඡනතාවට අවංක මංත්‍රිල (එන්ඡීඔි කාරයො වගේ) පත්කොරගන්න සෝභිත ඡනාධිපති උතුමානන් පාර්ලිමේන්තුව විසිරෙව්වා කියල. හැබැයි එ් පාර්ලිමේන්තු චන්දෙන් පස්සේ ඡනතාව එක පක්ෂයට බහුතර මන්ත්‍රි ගනනක් දුන්නත් නුදුන්නත් වසරක් යනකන් සෝභිත ඡනාධිපති උතුමානන් නිකම්ම නිකන් නාමික ඡනාධිපති කෙනෙක් වෙනව. අළුත් මනිත්‍රිල සෝභිත ඡනාධිපතිව තඹයකට මායිමි කරන්නේ නැහැ. මොකද සෝභිත ඡනාධිපතිට පක්ෂ මන්ත්‍රීලත් නැහැ පක්ෂයකුත් නැහැ.

    1994 දි රැල්ලක් තිබියදීත් චන්ද්‍රිකාට දිනාගිනීමට පුළුවන් උනේ එක් බහුතර මන්ත්‍රී අාසනයක් පමනයි. එනිසා එවැනි වාතාවරණයක කිසිම පක්ෂයකට බහුතරයක් නොලැබෙන බව සක්සුදක්සේ පැහැදිලියි. එවිට සිදුවන්නේ හවුල් අාන්ඩුවක් පිහිටුවීමයි. මතකද! විධායක ඡනාධිපති බලතල තිබෙද්දීත් චන්ද්‍රිකාට හවුල් අාන්ඩුවක් කරන්න පුලුවන් උනේ ඉතාම ටිකකාලයකටයි. හවුලෙ කැඳ උයන්නවත් බැරිලු. අහල තියනවනෙ අාඩි හත් දෙනාගෙ කැඳහැලිය. වෙන්නෙ මුලුරටම අස්ථාවර වෙනඑක විතරයි. අසූගනන්වල වගේ අන්ත වාමවාදී ඡේවීපීයයි අන්ත බටහිරගැති යූඑන්පීයයි මහපාෙර මරාගනියි. ටීඑන්එ් එක උතුරේ කොටි කෑලි එක්ක අරාබි ස්ප්‍රිං කෙලිය පටන් ගනියි. අපි බැටකයි. රට කොට උඩ යයි.

    ප්‍රඡාතන්ත්‍රවාදී රටක හවුල් රඡයක් ගෙනියන්න පුලුවන් මහින්ද වගේ දක්ෂ කපටි දේශපාලඥයෙකුට පමණයි. සෝභිත හාමුදුරුවො මේවා නොදන්නවා නොවෙයි. සෝභිත හාමුදුරුවො කියන්නෙ මෝඩයෙකුත් නෙවෙයි. ඉතින් මට නම් හොදටම පැහැදිලියි එයාගෙ පලැන් එක අාපහු පන්සල් වඩින්න නෙවෙයි රාෂ්ඨ පාලනය කරගනයන්නයි කියල. කුසල් හරිි, “එනිසා මේ පොදු අපේක්ෂකයා ගැන කතාව පැත්තකින් තබා, යහපත් සමාජ වෙනසක් සඳහා පුළුල් සමාජ කතිකාවක් අවශ්‍ය බැව් මෙහි අවධාරණය කෙරෙන්නකි.”

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.