19 April, 2024

Blog

මැයි දිනෙන් පසු ‘‘සමස්ථය’’ සෙවීම

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

තවත් එක් මැයි දිනයක් අවසන් විය. තවත් අවුරුද්දකින් මහ`ඵ වූ පිරිසක් පරණ පුරුද්දට කොළඹ නගරයට පැමිණ සටන් පාඨ කියමින් යෑම කවදත් සිදු වූවකි. ගිය අවුරුද්දේ කිසිදු වැදගත් දේශපාලන යෝජනාවක් වැඩ පිළිවෙලක් නැතිව තනි වේදිකාවකට ගොඩ වී පසු දිනයේ සිට තනි පංගලමේ තැන තැන ගිය පැතලි වමේ පක්ෂ, පුද්ගල කණ්ඩායම් හා වෘත්තීය සමිති නායකයින් තමන්ගේ මහපට ඇ`ගිල්ලේ තරමට මෙදා මැයි දිනය අවසන් කිරීම, එක අතකින් වැදගත් ය. එහෙත් වැටුපක් සඳහා නගරයේ ආර්ථික කි‍්‍රයාවලිය තුල නොයෙකුත් තාක්ෂණික, ශිල්පීය හා වෘත්තීය ක්ෂේත‍්‍රයන්හි හැඩකාර සංස්කෘතියක් සමගින් ගොනුව ඉන්නා දහස් ගණනක තරුණ පිරිස් මැයි දිනයේ දී කුමක් කළේ දැයි ඒ කිසිවකු නොදනී. මේ දහස් ගණනක නව පරම්පරාවේ තරුණ සේවක සේවිකාවන් ගැන කිසිදු අවධානයක් නැති සාම්ප‍්‍රදායක වෘත්තීය සමිති හා පක්ෂ නායකයින් පුවත් පත් සාකච්ඡුා වලදී කියන සියල්ල, මැයි දින එළිමහන් රැළියේ දී කීවත්, මෙතැන් සිට රටේ දේශපාලන දේහයේ සිදු වන්නේ කුමක් දැයි කතා කිරීම, දැනුවත් සමාජයට ඉතිරි වන්නකි.

මැයි දින වේදිකා මතින් ප‍්‍රකාශ වන රාජපක්ෂ විරෝධයෙහි ඇත්තේ අධිරාජ්‍යවාදීන්ගේ කරට අත දා ගැනීමට විරුද්ධ කතා, ¥ෂණය හා මර්දනය ගැන ජනපි‍්‍රය විවේචන සහ ඒ සමග එන විදුලි බිල වැඩි කිරීමට හා ජීවන වියදම වැඩි කිරීමට විරුද්ධව අර්ථ ගැන්වෙන, සරළ දේශපාලනයකි. ඒ සමග වූවත් නොසෑහෙන ආකාරයෙන් ගොඩ ගැසෙන ආර්ථික බර පිළිබඳව වෘත්තීය සමිති නායකයින්ගේ විරෝධය ප‍්‍රකාශ වූයේ මැයි දිනයට පෙර සිට ය. විශේෂයෙන් විදුලි බිල ඉහළ දැමීමත් ජීවන වියදම දිගින් දිගටම ඉහළ යෑමත් මේ රාජපක්ෂ පාලනයේ වගකීම් විරහිත පැවැත්ම නිසාවෙන් සිදු වන්නේ යැයි පොදු සමාජ විරෝධයක් එදිනෙදා සමාජ අත්දැකීම් සමග මෝරමින් ඇත. ඒ පොදු සමාජ විරෝධය මත මේ රටේ සේවක පිරිස් මැයි දිනයේ දී එක ගොනුවකට ගෙනෙන්නට හැකි දේශපාලන කියැවීමක් වෘත්තීය සමිති හා දේශපාලන නායකයින් නොදන්නෙහි ය. එබැවින් රාජපක්ෂ ආණ්ඩුවේ කල්කිරියාවට විරුද්ධව දින නියම කෙරුණු සංකේත වර්ජනයක් හෝ මේ ලෝක කම්කරු දින වේදිකා වලින් ප‍්‍රකාශයට පත් කරන්නට ඔවුනට නුපු`ඵවන් විය.

විපක්ෂයේ හා වෘත්තීය සමිති නායකයින් ගේ නොහැකියාව හමුවේ රාජපක්ෂ ජනාධිපති රට ගොඩ නගන්නට කම්කරු පංතිය ලබා දෙන ශක්තිය අගය කරමින් මැයි දින ප‍්‍රකාශයක් ද කරන්නේ ය. කම්කරු පංතියේ හයිය ගැන කියමින් ආණ්ඩුව ඔවුන්ගේ විනාශකාරී පිළිවෙත වෙනුවෙන් තව තවත් කටුක පියවර ගැනීමට ද සූදානම් වන්නේ ය. විදුලි බිල පිටුපසින් අනෙක් සියලූ භාණ්ඩ හා සේවා වියදම් ඉහළ දැමෙන බව මේ රටේ සියල්ලෝ දනිති. විදුලි බල මණ්ඩලය මෙන්ම කෝටි ගණනින් පාඩු ලබන ඛනිජ තෙල් සංස්ථාව ගොඩ ගැනීමට ද මේ රාජපක්ෂ ආණ්ඩුවට කළ හැක්කේ ඉන්ධන මිල ඉහළ දැමීම පමණි. එවිට, විදුලි බල මණ්ඩලයේ පාඩුව නැවත ඉහළ යනු ඇත. එසේ වූ විට යළි වරක් විදුලි බිල වැඩි කරන්නට සිදු වේ.

කිසිදු වැදගත් දේශපාලන යෝජනාවක් වැඩ පිළිවෙලක් නැතිව තනි වේදිකාවකට ගොඩ වී පසු දිනයේ සිට තනි පංගලමේ තැන තැන ගිය පැතලි වමේ පක්ෂ

ආණ්ඩුවකට එවැනි සහ අනෙක් සියලූ වියදම් සඳහා ඇති ප‍්‍රධානම ආදායම් මාර්ගය ජාතික බදු අය කිරීම් ය. වෙනත් ලාබ ලැබීම්, පොලී එකතු කිරීම් ආදියෙන් වර්ෂයකට ලැබෙන්නේ සියයට 02 – 05 ත් අතර ආදායමකි. එනිසා මේ පාඩු සඳහා මුදල් හොයන්නට රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික පණ්ඩිතයින් කිහිප දෙන ‘‘උපයන විට ගෙවන බදු’’ සීමාව තව පහළ දමමින් වැඩි සංඛ්‍යාවකින් බදු ගැනීමටත් දැනට පෞද්ගලිකව ආදායම් බදු අය කරන වාර්ෂික සීමාව රුපියල් ලක්ෂ 06 සිට 04 දක්වා අඩු කර, බදු ගෙවන්නන් බවට වැඩි පිරිසක් පත් කර ගන්නටත් යෝජනා සාකච්ඡුා කරති.

උතුරේ ඉඩම් කොල්ලය සහ උදයන් පුවත් පත ඉලක්ක කරමින් දියත් කෙරෙන මර්දනයට යටින් දෙමළ සමාජය මත ජාලගත කෙරුණු හමුදා පාලනයත් ඒ හේතුවෙන් සිදුවන, වාර්තා වන හා නොවන අපරාධ, අපහාස සහ අසාධාරණය, සිංහල සමාජයට මුහුණ දෙන්නට සිදුවන ආර්ථික පීඩාව සමගින් වසන් වන්නේ ය. ඒ සමග සිංහල සමාජය වාර්ගික ගොනුවක් ලෙස තම දේශපාලන භාරයේ තබා ගන්නට ආණ්ඩුවේ නූල් සූත්තර මගින් නටවන බොදු බල සේනා, රාවනා කල්ලි හන්දි ගානේ නටවති. ආණ්ඩුවේ එවැනි කි‍්‍රයා සමග, දෙමළ සමාජයට පශ්චාත් යුධ ශී‍්‍ර ලංකාවේ කිසිදු දේශපාලන පැවැත්මක් නැතැයි රාජපක්ෂ විරෝධී තවත් ව්‍යාපාරයක් තමිල් නාඩුවේ සහ ජාත්‍යන්තරව දැන් ඉතා වේගයෙන් පැතිරෙන්නේ ය. විවිධ ජාත්‍යන්තර පෙරමුණු වල සහ ජාත්‍යන්තර නිරීක්ෂණ ආයතන වල ශී‍්‍ර ලංකාවට එරෙහි පියවර සාකච්ඡුා වන්නේ ය.

එවැනි විරෝධයන් සමගින් ගමන් ගැනීමේ බලාපොරොත්තුවක් මෙරට විපක්ෂ ගොනු වලද කාලයක් තිස්සේ පවතින්නේ ය. එය මාධ්‍ය විසින් ද එසැ වෙන්නේ ය. ඒ අනුව, ජිනීවා හි සම්මත වූ යෝජනාවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක හමුව නොවැම්බරයේ මෙරට පැවැත්වීමත් ලොකු සංවාදයකට හසුව ඇත. එහි දේශපාලන වැදගත් කමක් නැතුවා ද නොවේ. විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායක හමුව මෙරට පැවැත් වීමෙන් ජනාධිපති රාජපක්ෂ ඉදිරි අවුරුදු දෙකෙහි පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිත්වයට පත් වීමෙන් ලැබෙන ජාත්‍යන්තර පිළිගැනුම, මේ රාජපක්ෂ ආණ්ඩුවට අමිල ප‍්‍රදානයකි. ප‍්‍රශ්නය වන්නේ, එසේ වූවත් නොවූවත්, පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුව වර්ජනය කිරීම වැනි ජාත්‍යන්තර මැදිහත් වීම් ඔස්සේ රාජපක්ෂ පාලනයට අභියෝග කිරීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට ලැබේ ද යන්නයි.

මෙතෙක් සිදු වූ එවැනි ආණ්ඩු මාරු මගින් රටේ ජනතාවට ලැබුණු කිසි වාසියක් නැත. තියෙන රාජ්‍යයන් කඩා බිඳ දැමීමට මිස, අලූතින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන හැදීමට තරම් බාහිර විසඳුම් කොතැනකවත් ප‍්‍රයෝජනවත් වී නැත. බි‍්‍රතාන්‍ය සහ ඇමෙරිකානු රාජ්‍යයන් ඉරාකයට එරෙහිව මහ පරිමාන විනාශකාරි අවි ඇතැයි නැගූ චෝදනා හමුවේ ඉරාකයේ සදාම් හුසේන් ඉවත් කරන්නට ඉඩ දුන් නමුත් ඒ සියලූ චෝදනා අමූලික බොරු බව දැන ගන්නා විට, ඉරාකයේ අවසන් නොවන මහ විනාශයක් අලූතින් ආරම්භ වී තිබිණ. අපේ‍්‍රල් 09 වන දින බැග්ඩෑඞ් නගර මධ්‍යයේ වූ සදාම් හුසේන් ගේ ප‍්‍රතාපවත් පිළිරුව හරහා දමා, ඔහුගේ රාජ්‍ය පාලනය 2003 අපේ‍්‍රල් 14 වන දින අවසන් කර ලබා ගෙන ඇත්තේ නව අන්තවාදී මෘග ගැටුම් හා ඉරාක පොළොවේ පැල නොවුනු ආණ්ඩු පාලනයක් පමණි. සදාම් ඉවත් කර අවුරුදු 10 ක් ගත වූ පසුව හෝ තවමත් තහවුරු වූ විසඳුමක් ඉරාකයින්ට ලැබී නැත.

ලිබියාවේ තත්ත්වය ඊටත් වඩා කරුම තත්ත්වයකි. මුඅමර් ඛඩාෆි පැන්නීමට නේටෝ රටවලින් හැ¥ කැරළිකරුවන්ට ලබා දුන් අවි ආවුද ඛඩාෆි මරා දමා අවුරුද්දකුත් මාස හයක් ගත වූවත් ඔවුන් බිම තබන්නේ නැත. අවි බිම තැබීමේ වුවමනාවක් ද ඔවුන්ට නැත. ලිබියාවේ පාලනයට බලපෑම් කළ හැක්කේ අවි අත තිබෙන තාක් යැයි ඔවුහු කියති. එනිසා ඔබාමා සහ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වූ නේටෝ සංවිධානය අටවා ඇති ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීම් කෙතරම් ලබා දුන්නත් රට පාලනය කළ නොහැක. පසු ගිය අපේ‍්‍රල් 27 වන දින ටි‍්‍රපොලියේ පිහිටි ලිබියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සන්නද්ධ කැරළිකරුවන් විසින් වට කර, එහි සේවය කරන ඛඩාෆිවාදීන් වහා ඉවත් කරන්නට යැයි නියෝග දුන්නේ ඔවුන් අත ඇති ආවුද බලය මත ය. දැන් ඒ රටේ ඇත්තේ තම පැවැත්ම වෙනුවෙන් සන්නද්ධ කැරළිකරුවන් හා සම්මුති ගසන්නා වූ පාලකයින් පිරිසක් මිස, සංවර්ධනය සඳහා ආර්ථික සැළැස්මක්, සාමය වෙනුවෙන් නීතියක් ඇතිව රට පාලනය කරන්නා වූ ආණ්ඩුවක් නොවේ.

ඇෆ්ගනිස්ථානයට ගොඩ වී තමන්ගේ අභිමතයට රට පාලනය කරන කොමියුනිස්ට් පක්ෂ පාලනයක් පැරණි සෝවියට් රුසියානු බලය විසින් කාබුල් හි තහවුරු කිරීමට විරුද්ධව, ඇමෙරිකාව තලේබාන් සංවිධාන හදා සෝවියට් පාලනය බිඳ දැමුවේ ය. 1989 පෙබරවාරි වන විට සෝවියට් හමුදා ඉවත් වී අවුරුදු 23 ක් ඉකුත් වුව ද, ඇෆ්ගන් ජනතාව තවමත් කාලකණ්නි යුද්ධයකට කොටු වී සිටිති. ඇමෙරිකාව එරට ජනතාව මත පමණක් නොව, අසල්වැසි පාකිස්තානි ජනතාව මත ද බෝම්බ හෙළති.

සිරියානු බෂාර් අසාද් ආණ්ඩුව දැන් රසායනික අවි ප‍්‍රහාර තම පුරවැසියන්ට එරෙහිව දියත් කරන්නේ යැයි නැගෙන චෝදනා සමග, මේ කාරණා දැන් ජාත්‍යන්තර දේශපාලන කතිකාවකට ඇතුලූ වී ඇත. ඇත්ත ප‍්‍රශ්නය වන්නේ අසාද් පාලනය තම පුරවැසියනට එරෙහිව රසායනික අවි භාවිත කිරීම දිගු ඇදෙන, විවිධ ආගමික අන්තවාදී සන්නද්ධ කල්ලි ගොඩ බසින කාලකණ්නි යුද්ධයක් බවට පත්ව, විශාල ජීවිත හා සමාජ විනාශයක් ඇති කිරීමත් එය වහා නතර කර ගන්නේ කෙසේ ද යන්නට උත්තර සෙවීමත් යැයි මතයක් දැන් ඉදිරිපත් වන්නේ ය. කවුරුන් කෙසේ කීවත්, කවුරුන් කවර තර්ක මත ඉල්ලා සිටියත්, ඔබාමාට ඉරාකයේ සිදු වන නිමක් නැති අපරාධ සහ ඇෆ්ගනිස්ථානයේ දියත් වන පාපකාරී යුද්ධය හමුවේ, තවත් යුද්ධයකට පැටලීමේ අවසරය ඇමෙරිකානු සමාජය විසින් ලබා නොදෙන බව, මේ පැහැදිලි කිරීමෙන් කියැවේ. තවමත් ආර්ථික අවපාතයක නැගිටින්නට බැරිව දණ ගාන යුරෝපීය සහ බි‍්‍රතාන්‍යය නායකයින්ට ද යුද්ධයකට තල්ලූ විය හැකි තීන්දු ගැනීමට නොහැකි බව ද ඒ සමග පැහැදිලි කෙරෙන්නකි.

එසේ නම්, විසඳුම කුමක් ද යන්න ඊළ`ග අනිවාර්ය ප‍්‍රශ්නය වන්නේ ය. මේ විකල්පවාදීන්ට අනුව, දැනට කතා කරනුයේ සිරියානු ජනතාවගේ විසඳුම් ගැන නොව, ඔවුන්ට පිටතින් පටවන විසඳුම් ගැන ය. එවැනි විසඳුම් ඉරාකයේ සිට ලිබියාව හරහා ඇෆ්ගනිස්ථානය දක්වාම විනාශයන් පිළිබඳ උදාහරණ සපයන්නේ යැයි ඔවුහු කියති. අසීරු වූවත් විසඳුම විය යුත්තේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික මාර්ග සිතියමකට එක`ග වන ලෙස, අසාද්ට සහ සිරියානු විපක්ෂයට බලපෑම් කිරීම යැයි ඒ අනුව තර්ක කෙරෙන්නේ ය. ස්ථාවර විසඳුමක් සඳහා වන යෝජනා සිරියානු ජනතාව සමග ඇති කර ගන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන එක`ගතාවක් විය යුතු බව ඉන් අවධාරණය වේ. එහෙත් එවැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමනකට මුල පුරන්නට නම්, රටේ සමාජ බලවේග ඒ සඳහා සූදානම්ව සිටිය යුතු ය. ඉතා කෙටියෙන් කියන්නේ නම්, රටේ සමාජ බලවේග සතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන වුවමනාවක් හා මැදිහත් වීමක් නොමැතිව, එය සිදු නොවේ. එය දැන් අපටත් වලංගු කොන්දේසියකි.

අප දැන් ගමන් කරන්නේ, එදිනෙදා ප‍්‍රශ්න සඳහා වෙන වෙනම උත්තර ලබා ගත හැකි යුගයකට නොවේ. රාජපක්ෂ පාලනය විසින් එවැනි ඉඩක් ඉතිරි කර නැත. විදුලිය ගාස්තු වෙනුවෙන්, ජනාධිපති සුදනා වන්නට කවර සහනයක් මේ මොහොතේ දුන්නත්, එය මේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ හෙටට වලංගු නොවන්නකි. වැටුප් සඳහා ඉල්ලා සිටින වැඩි කිරීම් සම්බන්ධ කාරණයත් ආර්ථිකයේ බිඳ වැටීම හමුවේ ඊට වෙනස් නැත. ව්‍යවස්ථාමය අයිතීන්, නීතිය හා සාමය, අධිකරණය ගැන ඇති ජනතා විශ්වාසය, අධ්‍යාපනයෙන් තරුණ තරුණියන්ට ලැබිය හැකි සුරක්ෂිත අනාගතය, පොදු ප‍්‍රවාහනය, සෞඛ්‍ය හා රෝහල් සේවා, මේ කිසිවක් 2005 නොවැම්බරයේ ජයග‍්‍රාහී ජනාධිපති අපේක්ෂක ලෙස අගමැති මහින්ද රාජපක්ෂ පළමු වර ජනාධිපති ධුර පදවි ප‍්‍රාප්තිය ලබන විට තිබූ තත්ත්වයේ හෝ මට්ටමේ අහලකවත් අද නැත. ඉදිරි මැතිවරණයක් රාජපක්ෂ ජනාධිපති විසින් ලබා දුනහොත් මේ කිසිවක් ගැන කතා කිරීමට මේ ආණ්ඩුව ඉඩ තියන්නේ ද නැත. ඒ රාජකාරිය ආණ්ඩුවේ කොන්තරාත්තුවක් ලෙස ස්වේච්ඡුාවෙන් බාර ගන්නා බොදු බැලයින් සහ රාවනාලාත් අලූතින් පැන එන්නට හැකි හනුමාන්ලාත් කර ගසන්නට බෙහෙවින් ඉඩ ඇත.

එවැනි පරිසරයක, දෛනික ප‍්‍රශ්න ලෙස අප හමුවට එන පවිත‍්‍ර විදුලි බිල්, සුන්දර අඩු වැටුප්, කුමාර බස් ගාස්තු වෙනුවෙන් නිහ`ඩව සිටිය නොහැකි වූවත්, දුර දිග යන අවසන් විසඳුමක් අත ඇතිව ඒවාට කර තියන්නට බල කෙරෙන්නේ ය. එය පැහැදිලි රාජ්‍ය ප‍්‍රතිසංස්කරණයක් සහිතව කතා කළ යුතු අධ්‍යාපන, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, බල ශක්ති, ග‍්‍රාමීය සංවර්ධනය සහ ඉතාම පැහැදිලිව පළාත් බද දේශපාලන බලය වැනි අත්‍යාවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදී විෂය ක්ෂේත‍්‍ර සඳහා ජාතික ප‍්‍රතිපත්ති සහ සැළසුම් පිළිබඳ සමාජ කතිකාවකි.

දැනට ඒ සඳහා ඉතා වැදගත් මුල පිරුමක් වන්නේ ජනාධිපති රාජපක්ෂ විසින් තවමත් ස`ගවා ගෙන ඉන්නා සහ ඔහුගේ සිංහල සගයින් දැනුවත්ව එක`ග වූ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාව ය. ඒ අවසන් වාර්තාවට, හෙළ උරුමයේ සිට දිනේශ් ගේ මහජන එක්සත් පෙරමුණ හරහා ශී‍්‍ර.ල.නි.ප දක්වාත් සමසමාජ, කොමියුනිස්ට් සහ මුස්ලිම් කොන්ග‍්‍රසයත් ඩග්ලස් දේවානන්ද සහ මනෝ ගනේෂනුත් බලය බෙදීමට සහ රාජ්‍ය ප‍්‍රජාතන්තී‍්‍රය කිරීමේ සියලූ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් අත්සන් තැබූවකි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් යහපත් සාධාරණ සමාජයක් වෙනුවෙන් ඉදිරිපත් වන පූජ්‍ය මාදු`ඵවාවේ සෝභිත හිමි ප‍්‍රමුඛ උන්වහන්සේගේ සියලූ අනුගාමිකයින්ටත් එම අවසන් වාර්තාව ප‍්‍රතික්ෂේප කළ නොහැක්කකි. උන්වහන්සේගේ ඉල්ලීම, උන්වහන්සේ ගේ යෝජනාවේ සටහන් වනවාටත් වඩා හොඳින් සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසන් වාර්තාවෙහි සටහන් වන්නේ ය. යු.ඇන්.පියටත් ජ.වි.පෙටත් කෙතරම් අකමැති වූවත් එක`ග වන්නට සිදුවන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් එහි අඩංගු ය. එවැනි පසු බිමක, දෙමළ ජාතික සන්ධානයට එය සාකච්ඡුා කිරීමට අසුන් නොගෙන සිටිය නොහැක.

එවන් සම්පූර්ණ විසඳුමක් සමග ජාතික සංවර්ධන ප‍්‍රතිපත්ති මාලාවක් ගැන කතාව අත නොහැරිය යුතු අවදියකට රාජපක්ෂ පාලනය අපව කැන්දා ගෙන විත් ඇති බව, මැයි දින අවසාන වන විට තැබිය යුතු පළමු සටහන යැයි සිතමි. විශ්වාස කරමි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    පරිපාලනය, නීතිය, හා පාලනය යන සියල්ල දේශපාලනීකරණය වීම හරහා දේශපාලකයින් යනු මිහිපිට දෙවියන් මට්ටමට පැමිණ ඇති යුගයකි එලඹෙන්නට ඇත්තේ.
    එවන් යුගයක් තුල අපි ආපසු රජ කාලයේ තිබූ ඒකාධිපති දැක්මට යනවා විනා දියුනු ලෝකය කරා පියමැනීමක් සිද්ද වන්නේ නැත.
    තව නොබෝ කලකින් දේශපාලකයාට ලැබෙන තැන පුරාණ ප්‍රාෙද්ශිය රජකුට මුහන්දිරම් කෙනෙකුට ලැබෙන බලයට සමාන වනු ඇත.
    නීතියේ උණුසුම් වායු පොදවත් රාජ්‍ය පාලනයේ මූලික රීති වලින් වත් තොර වූ හුදෙක් ඉහල නිලධාරි බලධාරින්ගේ ඕනා එපාකම් ඉටුකරලීමට සියලු පාලකයෝ උත්සකු වෙනු ඇත.

    බහුතර ජනතාව ඉතා සුළුතරයක් හරහා බෙදී යන සම්පත් වලින් කුඩා දංකුඩ කැබලි වන් කොටස් වෙනුවෙන් සිය ජීවිතය කැපකර මියයනවා ඇත. මෙවන් ක්‍රමයක් තුල බහුතරය අර පෙර කී වංශවත් සුළුතරයෙන් මස් කටු හෝ සුප් ලබාගන්නට වෙහෙසෙනවා මිස නැවතත් කිසිදු එරෙහි වීමකට යන්නේ නැත.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.