9 August, 2020

Blog

අපූරු සංවර්ධනයේ නොකියන විකෘතිය

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘ඉතා කෙටි කාලයකින් ඒක පුද්ගල ආදායම ඩොලර් 2,900 දක්වා දෙගුණයකින් ඉහළ ගියා. ඒ සමග ‘නැගී එන වෙළඳ පල ආර්ථිකයක් ඇති රටක’ තත්ත්වයට රට උසස් වුනා. 2004 ඩොලර් දස ලක්ෂ 2,400 ක් පමණ වුන ආර්ථිකය, ඩොලර් දස ලක්ෂ 5,900 ක ශක්තිමත් ආර්ථිකයක් ලෙස වර්ධනය වුනා. අවුරුදු හතර හමාරකට වැඩි කාලයක් පුරා, උද්ධමනය තනි ඉලක්කමකට සීමා කෙරුණා. දුප්පත්කම සියයට 15 ක සීමාවේ සිට සියයට 06 ට පමණ අඩු කෙරුණා. රටේ විරැුකියාව සියයට 04 ටත් වඩා අඩු කෙරුවා. යටිතල පහසුකම් වෙනත් නැගී එන වෙළඳ පල ආර්ථික වල තත්ත්වයට දියුණු කෙරුවා……….ප‍්‍රාදේශීය සංවර්ධනය සැළකිය යුතු මට්ටමකට දියුණු කිරීමෙන් දළ දේශීය නිෂ්පාදනයේ බස්නාහිර පළාත් පංගුව 2005 තිබූ සියයට 51 සිට සියයට 43 ට පමණ සීමා කෙරුණා.’’

පසුගිය ඔක්තෝම්බර 08 වන දින වෘත්තීය බැංකුකරුවන්ගේ එකමුතුවෙහි 25 වන සංවත්සර සමු`ඵව ඉතා උත්කර්ශවත් ලෙස කොළඹ කිංස්බරි හෝටලයේ දී පැවැත් වින. එයට ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති නිවාඞ් කබ්රාල් මහතා විශේෂ දේශනයක් සඳහා ආරාධිතයෙකු ලෙස සහභාගි විය. සංවත්සර සමු`ඵවෙහි තේමාව වූයේ ‘‘වර්ධනයෙන් ඔබ්බට – සාර්ථකත්වය සඳහා වූ සූත‍්‍රයක්’’ යන තේමාව ය. ඉහතින් උපුටා දැක්වෙන්නේ, ඒ තේමාව යටතේ කබ්රාල් මහතා කළ දේශනයෙහි අපේ රටේ ආර්ථික ජයග‍්‍රහණ ගැන ඔහු කළ දිගු සඳහනක එක කොටසකි. මා ආර්ථික විiාව ඉගෙන ගත්තකු නොවේ. එනිසා ඔහු කියූ ඒ සියල්ලෙහි මට, බහුමාන ගැට`ඵ බොහෝ ඇත.

එනිසා ආරම්භයකට මෙසේ ඇසුවහොත් ? මේ රටේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ඉතා කෙටි කලෙකින් ඇමෙරිකානු ඩොලර 2,900 ක් දක්වා ඉහළ ගියේ යැයි කබ්රාල් මහතා ආඩම්බරයෙන් කියන විට, ඔහු ඉන් අදහස් කරන්නේ කුමක් ද ? ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 132 ක් වූවහොත් ඒක පුද්ගල ආදායම රුපියල් 3,82,800 කි. මසකට රුපියල් 31,900 කි. මේ රටේ දෛනික හා මාසික වැටුප් ලබන රජයේ, රාජ්‍ය සංස්ථා, සමූපකාර සහ පෞද්ගලික අංශ සේවක සෙවිකාවන්ට අමතරව, ස්වයං රැුකියා කරන සහ වෙනත් ආදායම්ලාභී මිලියන 12 ක පමණ ජනතාවක් ඇත. කබ්රාල් මහතා බැංකුකරුවන්ට ආඩම්බරයෙන් කියන්නේ මේ සෑම පුද්ගලයෙකුම මසකට රුපියල් 31,900 බැගින් වාර්ෂිකව උපයන බව ද ? මෙය සැබෑ නම්, සමෘද්ධි සමග දිවි නැගුමට දෙපාර්තමේන්තුවක් කුමට ද ?

රජයේ සේවාවේ අවම මාසික වැටුපට ජීවන දීමනාවත් එකතු කළ විට එය රුපියල් 17,500 ක් පමණි. දැන් ඔවුන්ට අග‍්‍රහාර රක්ෂණය ද නැත. ඉහළ යනවා යැයි කියන ආර්ථිකයේ භාරකරුවන් වන මහ භාණ්ඩාගාරයට ඒ සඳහා මුදල් නැත. රජයේ ගුරු සේවාව සම්බන්ධ 2007 අගෝස්තුවේ නිකුත් කළ පරිපාලන චක‍්‍ර ලේඛ 6/2006 යටතේ උපාධිධාරි ගුරුවරයෙකු පිහිටුවන්නේ රුපියල් 15,395 ක ආරම්භක වැටුපක ය. කබ්රාල් මහතා කියන ඒක පුද්ගල ආදායම ලබන්නට මේ උපාධිධාරි ගුරුවරයා/ගුරුවරිය අවුරුදු 30 ක් ඉදිරියට සේවය කළ යුතු ය. එනමුත් ප‍්‍රශ්නය වන්නේ ඒ අවුරුදු 30 ගෙවෙන විට, කබ්රාල් මහතා කියන ආර්ථිකය තව කෙතරම් ඉහළ ගොස් තිබේද යන්න ය.

මේ රටේ විදේශ විනිමය ආදායමෙන් සියයට 40 ට වඩා උපයන්නේ ඇ`ග`ඵම් සහ තේ කර්මාන්තයේ සේවක සේවිකාවන් ය. ඇ`ග`ඵම් සේවිකාවන් ගෙන් අති බහුතරයක් අතිකාල, ටාගට්, නිවාඩු දීමනා ගැනීමට සම්පූර්ණ මාසයක් කඹුරා ගෙදර ගෙන යන්නේ රුපියල් 12,000 ක් 14,000 ක් අතර මුදලකි. පසු ගිය අපේ‍්‍රල් මස අත්සන් තැබුණු සාමුහික ගිවිසුමෙන් වැඩි කළ සියයට 20 ත් සමග දැන් දින 25 ක් වැඩ කර තේ කර්මාන්තයේ කම්කරුවෙකුට උපයා ගත හැක්කේ රුපියල් 15,500 ක් පමණි. ඒ කබ්රාල් මහතා ආඩම්බර වන ඒක පුද්ගල ආදායමෙන් දෙකෙන් පංගුවකි. එනිසා කබ්රාල් මහතා මෙන් ආඩම්බර වන්නට අපට මෙහි කිසිවක් නැත. ඔහු කියන සංවර්ධනයක් ද අපට නැත. වත් පොහොසත්කම් ඇත්තේ ද ඔහු වැනි කිහිප දෙනෙකුට මිස බහුතර අපට නොවේ.

ආදායම් හා වත්කම් බෙදී යාම ගැන ද කබ්රාල් මහතා කියන අරුම (නරුම ?) කතාව, සමස්ථ ජනතාවගේ සංවර්ධනය ගැන කතාවක් නොවේ. ඔහු කියන ආකාරයට දළ ජාතික නිශ්පාදනයෙන් සියයට 43 ක් අයිති බස්නාහිර පළාතට ය. එහෙත් එයද ඒක පුද්ගල ආදායම වැනිය. ඒ කියන සියයට 43 ක පංගුව, බස්නාහිර පළාතේ සෑම පුරවැසියකුටම හිමි නැත. එය හන්දියේ තී‍්‍ර රෝද රථ රියැදුරාටවත් පෞද්ගලික බස් රථවල බෙරිහන් දෙන කොන්දොස්තරලාටවත් රියැදුරන්ටවත් හිමි නැත. හැම තැනම කැප් තොප්පි අන්දවා සිටුවා ඉන්නා සිකියුරිටිලාට ද අයිති නැත. එයද කබ්රාල් මහත්මයාලාගේ පංතියට පමණක් සීමා වූ පංගුවකි. එහි අනෙක් තේරුම නම්, ඉතිරි පළාත් 08 ඔවුන් අතර ඉතිරි සියයට 57, සියයට 6.6 බැගින් බෙදා ගත යුතු බව ය. මේ දුප්පත් පළාත් අතර ද බරපතල විෂමතා ඇත. අප කවුරුත් දන්නා අයුරු උතුරු හා නැගෙනහිර පළාත් ගැන කතා නොකළත් වයඹ හා සබරගමුව, ඌව හා උතුරු මැද පළාත් අතරත් විශාල විෂමතාවක් ඇත.

පසු ගිය සතියේ ‘‘ටීජීඅයි ෆ‍්‍රයිඬේ’’ නම් ආපන ශාලා රටවල් 60 ක පවත්වා ගෙන යන ඇමෙරිකානු කාල්සන් සමූහ ව්‍යාපාර ජාලයේ ආපන හලක් කොළඹ කොටුවේ කැනල් රෝ වීදියේ විවෘත කරනු ලැබූයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ ප‍්‍රධානත්වයෙනි. ලබන වසර වන විට නැගෙනහිර වෙරළ තීරුවෙහි බැසිල් රාජපක්ෂ ඇමතිගේ උනන්දුව සමග අලූතින් කාමර 500 ක් පමණ එකතු වනු ඇතැයි ද වාර්තා විය. ආරක්ෂක අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ වාර්තාවකට අනුව සංචාරකයින් දස ලක්ෂ 2.5 ක් බලාපොරොත්තුවෙන් අලූතින් හෝටල් කාමර 50,000 ක් 2016 වන විට සම්පූර්ණ කෙරෙන්නේ ය. එහිම සටහන් වූ අයුරු දුප්පත්කම තුරන් කිරීමේ වැදගත් අංශයක් ලෙස ඇමති බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම ය.

එහෙත් ඒ සංචාරක ගණන් වල ඇත්තේ ද බරපතල මායාවකි. ඉකුත් මාස 09 යේ සංචාරක දත්ත අනුව පසුගිය වසරට වඩා සියයට 15.5 කින් ඉහළ ගිය සංචාරක පැමිණීම් වූයේ ලක්ෂ 08 ට යාන්තමින් වැඩි සංඛ්‍යාවකි. එනමුත් මේ පැමිණෙන බහුතරය ඉන්දියානුවන් ය. ඔවුන්ගේ ප‍්‍රතිශතය සියයට 17 ක් පමණය. ඉන්දියානුවන්ගේ පැමිණීම සියයට 19 කින් වැඩි වන්නේ යැයි ද සංචාරක දත්ත පෙන්වයි. එහෙත් ඔවුන් ඇත්ත සංචාරකයින් නොවේ. වසරකට කිහිප වර පැමිණෙන අති බහුතරයක් ඉන්දියානුවන් රැුඳෙන්නේ කොළඹ ය. අපේ පිරිස් බැකොක්, සංගප්පූරු ගොසින් බඩු මලූ ගැනවිත් මෙහි කඩ සාප්පු වලට අලෙවි කරන ආකාරයේ වෙළඳාමට එන ඔවුන් රාජපක්ෂලා හදන හෝටල් කාමර වල නතර වන්නට එන සංචාරකයින් නොවේ. එබැවින් ඔවුන් සංචාරකයින් ලෙස ඇතුළත් කරගෙන ගණන් හදන සංචාරක ව්‍යාපාරයේ දියුණුව නතර වන්නේ පැකර්ලාගේ කැසිනෝ සංචාරක මොඩලය සමගින් ය.

මේ ආණ්ඩුවෙන් වරදාන, වරප‍්‍රසාද හා ලාභ ලබන අලූත් පැලැන්තියේ බලවතුන් මහා ඉහළින් කතා කරන, යෝධ සංවර්ධනයක් යැයි ලෝකෙටම කියන මේ මහා විකෘතිය පිළිබඳ ගණන් හිලව් ගැන කතාව ඒ පමණින් නතර කරමි. රටක සංවර්ධනය යනු ආර්ථිකයට අයත් මේ ඉලක්කම්ම නොවේ. රටක් සංවර්ධනය වීමේ දී ජනතාවට අවශ්‍ය සේවාවන් බාධාවකින් හා විෂමතාවකින් තොරව ඔවුන්ට ලබා ගත හැකි ද යන සාධකය ඉතා වැදගත් ය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය, ස්ථාවර නිවාස, සනීපාරක්ෂක පහසුකම්, පානීය ජලය වැනි අනිවාර්ය අවශ්‍යතා කෙතරම් යහපත් ලෙස හා පහසුවට ජනතාවට ලබා ගත හැකි ද යන්න එනිසා සංවර්ධනය ඇගයීමේ දී මූලික සාධක වේ. එවැනි අවශ්‍යතා සපුරා ගැනීමට හැකි ප‍්‍රාදේශීය සහ පළාත් බද පාලන ක‍්‍රම කෙතරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ද, කෙතරම් විවෘතව හා වගවීමෙන් කි‍්‍රයා කරන්නේ ද යන්න. එබැවින් අතිශය වැදගත් කාරණා ය.

රටක සංවර්ධනය ඇගයීමට එනිසා ජනතාව පාලනය වන්නේ කෙසේද යන කාරණා ද ඇතුළත් ය. පැහැදිලිව කිවහොත් ¥ෂිත, මිනීමරු ඉඩි අමීන් හෝ මුගාබේ ගේ වැනි පාලනයක, කබ්රාල් මහතා ආඩම්බර වන ඒක පුද්ගල ආදායම ඩොලර 5,000 ක් වූවත් ජනතාවට ඉන් ලැබෙන සංවර්ධනයක් නැත. මුගාබේ වැන්නකු විසින් තරුණන් හමුදා පොලිසි, ග‍්‍රාමීය ආරක්ෂක සේවාවන්ට බඳවා ගෙන, තවත් පිරිස් විදේශ ශ‍්‍රමිකයින් ලෙස පිටත් කර හැර, දැන් විරැුකියාව සියයට 05 ටත් වඩා අඩු යැයි කීවාට, රටේ ඇති වන සංවර්ධනයක් නැත. 2001 න් පසු කිසිදු ජාතික රාජ්‍ය පාලනයක් නැති කොල්ලකරුවන් පිරි සොමාලියාවේ තවමත් සියයට 03 ක වර්ධනයක් ඇත. මුහුදු මංකොල්ලකරුවන් ගේ සොමාලියාවේ 2012 වසරේ දළ ජාතික නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් 610 කි. ඔවුන් තව තවත් මංකොල්ල කමින් සොමාලියාවට කප්පම් මුදල් රැුගෙන විත්, එය 2014 දී දෙගුණ කළහොත් සොමාලියාවත් ඉලක්කම් දෙගුණ කරන ‘‘සංවර්ධනයකට’’ හිමිකම් කියනු ඇත.

එබැවින් නිසි පාලනයක් නැති කොල්ලකන සමාජයක ආර්ථික ගොඩ ගැසීම් යනු සමාජ සංවර්ධනයක් නොවේ. සංවර්ධනයට ඊට වඩා යහපත් ගුණාංග අයත් විය යුතු ය. සංවර්ධනය සඳහා රටක නීතිය, සාධාරණව හා ස්වාධීනව, සැමට සමානව කි‍්‍රයාත්මක විය යුතු ය. ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වන්නට අයිතියක් තිබිය යුතු ය. ඒක පුද්ගල ආදායම ඩොලර් 2,900 ක් යැයි කියන අපේ රටේ විශේෂයෙන් ග‍්‍රාමීය ජනතාවට එවැනි අයිතියක් නිදහසක් නැත.

ආණ්ඩු පක්ෂය පාලනය කරන මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් 254 දෙනකු පසුගිය දිනෙක ජනාධිපති විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබිණ. මාධ්‍ය වාර්තා අනුව, ජනාධිපතිම ඔවුන් අමතා පවසා තිබූයේ ආණ්ඩු පක්ෂයේ නගරාධිපතිවරුන්, සභාපතිවරුන් සහ සභිකයින් 238 දෙනෙකුට එරෙහිව අල්ලස් සහ විනය චෝදනා ඇති බව ය. පසුගිය කාලයේ එවැනි චෝදනා විශාල වශයෙන් ඉදිරිපත් වූ බවත් ජනාධිපති පවසා තිබිණ. තමා ජනාධිපති කාර්යාලයේ සිටියත් සභාපතිවරුන්, මන්තී‍්‍රවරුන් කරන කියන දේ සම්බන්ධයෙන් තමන්ට ලිපිගොනු ලැබෙන බවත් ඇතැම් අවස්ථාවන්හි ‘‘සීඞී තැටි’’ පවා ලැබෙන බවත් පවසමින් එවන් එක් තැටියක් සියල්ලන්ට නැරඹීමට ප‍්‍රදර්ශනය කළ බවත් එක් පුවත් පතක පළ විය. එහෙත් දැනටත් චෝදනා ඇතැයි කියූ 238 දෙනාගේ පාක්ෂිකත්වය තහනම් කිරීමක් හෝ ඔවුන්ට විරුද්ධ විනය පියවරක් හෝ නොගත් බව සහතික ය.

රාජ්‍ය බලයත් ඇති එවැනි අන්ත ¥ෂිත ප‍්‍රාදේශීය දේශපාලකයින් එතැනින් නතර නොවේ. තංගල්ලේ සංචාරක හෝටලයක දී රුසියානු තරුණියකට බරපතල තුවාල සිදු කර, ඇයව ¥ෂණය කර, ඇයගේ සහකරු වූ බි‍්‍රතාන්‍ය ජාතික ඛුරාම් ෂයික් නමැති තරුණයා ඝාතනය කිරීම සම්බන්ධව මෙතුවක් කල් තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිට එරෙහිව නීතිය නිසියාකාරව හා ප‍්‍රමාණවත් ලෙස කි‍්‍රයාවට නොදැමුනු බව කවුරුත් දන්නා කාරණාවකි. එනිසා එය ප‍්‍රශ්න කිරීමට, පොදු රාජ්‍ය මණ්ඩල නායක සමු`ඵවෙහි ආරම්භක උත්සවයට එංගලන්ත මහ රැුජින නියෝජනය කරමින් මෙහි පැමිණීමට නියමිත චාල්ස් කුමරු සූදානම් වන්නේ යැයි වාර්තා වූ පමාවෙන් සැකකාර ප‍්‍රාදේශීය සභා සභාපතිට එරෙහිව නඩු පැවරීම දින කිහිපයක් ඇතුළත වහා සිදු කෙරුණි. නීතිය කි‍්‍රයාවට නැගීම අතහැර තිබූ තවත් ඝාතන සම්බන්ධව ද වහා පියවර ගනු ලැබුණේ පොදු රද මඩුල්ලේ බලයෙනි.

බරපතල අපරාධ චෝදනා සහිත ආණ්ඩු පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්, සභාපතිවරුන් පළාත් සභා මැති ඇමතිවරුන් තව විශාල පිරිසක් සිටිති. ස්තී‍්‍ර ඝාතන, ස්තී‍්‍ර ¥ෂණ, දරුවන් කෙළසීම, ලිංගික අපචාර හා හිංසන, වෙඩි තැබීම්, ඝාතන, කප්පම් ගැනීම්, රජයේ නිලධාරීන්ට පහර දීම් සහ රාජකාරී කටයුතු වලට බාධා කිරීම් වැනි චෝදනා මත අත් අඩංගුවට ගත් නොගත්, ඇප ලබා දී තවමත් නඩු නැති, පොලිස් පරීක්ෂණ අවසන් නොකෙරුනු, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් ඉන්නා රටක, සංවර්ධනය ගැන කතා කළ යුත්තේ ආර්ථික ඉලක්කම් වලට වඩා බරපතල දේශපාලන ඉලක්කම් සමගින් ය. අල්ලස් හා ¥ෂණ චෝදනා ඇති 283 දෙනා පමණක් නොව, මේ අපරාධ වලට චෝදනා ලබා ඇති කිසිවකුටත් ශී‍්‍ර.ල.නි.ප නායකත්වයේ විනය පොල්ල දිගු වන්නේ නැත.

මහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට ද පක්ෂයේ විනය පොල්ල අදාල නැති, තම පළාත් සහ ප‍්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් දූෂිතයින් අපරාධකරුවන් යැයි ජනාධිපති පවා ප‍්‍රකාශ කරන ආණ්ඩුවක ගණන් හිලව්, චීන ගණන් හිලව් වන්නට නොහැකි ද ? චීනයේ සංවර්ධනයට අදාල දත්ත හා සංඛ්‍යා ලේඛන හැදෙන හැටි, චීන සින්හුවා ප‍්‍රවෘත්ති සේවාව උපුටමින් එංගලන්තයේ ‘‘ද ගාඩියන්’’ පුවත් පත ඉකුත් සැප්තැම්බර 06 වන දින වාර්තා කර තිබිණ. ජාතික සංඛ්‍යාලේඛන බියුරෝවේ නිලධරයින් පවසා ඇති ආකාරයට, ප‍්‍රාන්ත ආණ්ඩු ඔවුන්ගේ පළාතේ කොම්පැණි වලට වැඩි වටිනාකම් සහිත ආර්ථික අගයන් ඇතුලූ කර වාර්තා ඉදිරිපත් කිරීමට බල කරති. යූනාන් ප‍්‍රාන්තයේ පමණක් එවැනි සමාගම් 28 ට යුආන් බිලියන 6.34 (බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 665) ක කාර්මික නිෂ්පාදන කළේ යැයි වාර්තා කිරීමට බල කර තිබිණ. චීනය ආවරණය කරන විශේෂඥයින් කියන්නේ, නිවැරදි දත්ත හා සංඛ්‍යාලේඛන චීනයෙන් ලබා ගැනීම අති දුෂ්කර කාර්යක් බව ය. එයට හේතුව, වාසිදායක ඉලක්කම් ලබා දෙන නිලධරයින්ට උසස්වීම් හා වරදාන ලැබෙන දේශපාලන අධිකාරයක් එහි තිබීම යැයි ඔවුහු කියති. වත්මන් වීනය ගැන ලියැවුනු ‘‘රතු ධනවාදය’’ නැමති සුප‍්‍රසිද්ධ කෘතියෙහි සම කර්තෘ වන ෆේ‍්‍රස හෝවී කියන්නේ, ‘‘චීන ප‍්‍රාන්ත වල දළ දේශීය නිෂ්පාදන අගයන් එකතු කිරීමෙන් කිසි දිනෙක චීනයේ ජාතික දළ දේශීය නිෂ්පාදනය හදා ගත නොහැකි බව. දසක කිහිපයක සිට අප දන්නවා, ඒ දත්ත අතර මූලික විෂමතාවක් පවතිනවා.’’

අපේ රටේ සංවර්ධනයට අදාලව කබ්රාල් මහතා ඉදිරිපත් කරන දත්ත සහ ඉලක්කම් ගැන කතාවද ඊට සමාන විය හැක. එසේ නොවුනත්, ආණ්ඩු පාලනයේ ඉහළ ඉන්නා උදවියගේ කල්කිරියාවත් ඔවුන්ගේ සමීපතමයින් හා ඔවුන් ප‍්‍රාදේශීයව නඩත්තු කරන්නා වූ මැරයින්ගේ පැවැත්මත් සමග නීතිය ගැන කිසිදු විශ්වාසයක් තබන්නට නොහැකි සමාජයක කතා කළ හැකි සංවර්ධනය කුමක් දැයි අප අපෙන්ම ඇසිය යුතුව ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.