26 April, 2024

Blog

ජනාධිපති ඉල්ලා අස්විය යුත්තේ ඇයි?

ලාල් විජේනායක

ලාල් විජේනායක

ජනාධිපති හා මහින්ද රාජපක්‍ෂ කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ගත් කි‍්‍රයා මාර්ගය සිවිල් යුධ තත්වයකින් කෙළවරවීමේ අවධානමට පත්ව තිබිය දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව හේතුකොට ගෙන එම අර්බුදය සමනය වී ඇති නමුත්, එම කි‍්‍රයාවලිය තුලින් මතුවූ දේශපාලන අර්බුදය සමනය වී නොමැත. පාර්ලිමේන්තුවක් පත් වීමෙන් පසු පළමුවන වසර 4 1/2 තුල එම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිට බලයක් නොමැති බවට හා පාර්ලිමේන්තුව එම කාලය තුල විසිරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කරනු ලබන යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව ඉල්ලා සිටි අවස්ථාවක දි පමණක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අදාල විධි විධාන අර්ථ නිරූපණය කරමින් නිගමනය කර ඇත.

ජනාධිපති විසින් රනිල් වික‍්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම, මහින්ද රාජපක්‍ෂ අගමැති වශයෙන් පත් කිරීම, පාර්ලිමේන්තුව කල් දැමීම හා පාර්ලිමේන්තුව විසුවා හැරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිදු කර ඇති කි‍්‍රයාවලියක් වේ. ජනාධිපති තම ධූරයට පත් වීමේදී දෙන ලද ප‍්‍රතිඥාව වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂාකොට අනුගමනය කරන බවටය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාට අගමැති ඉවත්කිරීමේ බලයක් පවරා නොමැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ යුතුව ඇත. මෙහි ජනාධිපතිවරයාගේ මතය යන්න මනස්කල්පිත මතයක් විය නොහැකි අතර එය පාර්ලිමේන්තුවේ යථා තත්වය මත පදනම් වූ වාස්තවික මතය විය යුතුය. එමගින් ජනාධිපතිවරයාට පරම අභිමතයක් නොපැවරේ. කෙසේ වෙතත් එම අභිමතය භාවිතා කිරීමෙන් පසුව එම අභිමතය අවසන් වන අතර එසේ පත් කරනු ලබන අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිට බලයක් පැවරී නොමැත.
අග‍්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමෙන් පසුව එම තැනැත්තාගේ අගමැති ධූරය අවසන් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අවස්ථාවලදී පමණකි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(2)(අ) ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හා 46(2)(ආ) ව්‍යවස්ථාව යටතේ තවදුරටත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු නොවුවහොත් පමණක් අගමැති ධූරය අහිමිවන අතර එම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන යටතේ යම්තාක් කල් එම ධුරය දරන්නේය. අගමැතිවරයාගේ ධූරය අහිමිවිය හැකි අනෙක් විධි විධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 48(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති අන්දමට පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හෝ විසර්ජන කෙටුම්පත හෝ ප‍්‍රතික්ශේප කළහොත්, එවිටද ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කළහොත් පමණි. ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරිම හා මහින්ද රාජපක්‍ෂ අගමැති ලෙස පත් කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හිතා මතා උල්ලංඝණය කිරීමකි.

ජනාධිපතිවරයාගේ මෙම කි‍්‍රයාවලියේ මීළඟ පියවර වශයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ භාවාර්ථය උල්ලංඝණය කිරීමකි. පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පවරා ඇත. එය පාර්ලිමේන්තුව කල් තැබීම සඳහා පවරා ඇති මූලික බලය වේ. එහෙත් එම බලය භාවිතා කිරීමේදී පිළිගත් පාර්ලිමේන්තු ක‍්‍රමයේ සම්ප‍්‍රදායන් වලින් පාලනය වේ. ලෝකයේ පිළිගත් දියුණු පාර්ලිමේන්තු ක‍්‍රමයක් ඇති බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුව කල් තැබීම පිළිබඳ සම්ප‍්‍රදායක් පිළිගැනිම අපගේ ද සම්ප‍්‍රදාය වී ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව කල් තබනු ලබන්නේ පර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට දීර්ඝ සැසිවාරයකින් පසුව විවේකයකේ අවශ්‍ය විටකදි හා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකය සාකච්ඡුාවට ගෙන නොමැති නොයෙකුත් යෝජනාවලින් පිරී ඇති විටකදී එම න්‍යාය පුස්ථකය හිස් කර නව සැසිවාරයක් තුලින් අලූත් න්‍යාය පුස්ථකයක් මත ආරම්භ කිරීමය. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ, ඉන්දියාවේ මෙන්ම අප රටේද පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය වී ඇත්තේ එම හේතු මත පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවක දී අගමැති ගේ උපදෙස් මත කථානායක වරයා ද විමසීමෙන් පසුව එය සිදු කිරිමය.

එසේ නොමැතිව ඔීනෑම අවස්ථාවක දී ජනාධිපතිගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව කල් දැමීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බවට පළල් අර්ථ නිරූපණයක් පිළිගතහොත් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කල් දැමීමේ බලය භාමිතා කර පාර්ලිමේන්තුව කි‍්‍රයා කිරීම අඩපණ කරනු ලැබිය හැකිය’ එවැනි අර්ථකථනයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති ජනතාවගේ පරමාධිපත්‍යය උල්ලංඝණය කිරීමය.

අපගේ පොදු නීතිය යටතේ කිසිදු බලධරයෙකු වෙත පරම අභිමතයක් පැවරෙන්නේ නැත. බලධරයෙක් මත පවරා ඇති අභිමතය ඔහු වෙත එම අභිමතය පැවරීමේදී බලාපොරොත්තු වූ අරමුණ ඉටු කර ගැනීම සඳහා පමණක් භාවිතා කරනු ඇතැයි යන විශ්වාසය මත පවරනු ලබන අභිමතයකි. එම අභිමතය වෙනත් අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා භාවිතා කළ නොහැක. මෙය අපගේ නීතියේ බාර සිද්ධාන්තය ලෙස සැලකේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල්තබන ලද්දේ පාර්ලිමේන්තුව විසින් ඉතා වැදගත් පනතක් වන විසර්ජන කෙටුම්පත සාකච්ඡුාවට ලක් කිරීමට ආසන්නව තිබියදීය. පාර්ලිමේන්තුව මෙම අවස්ථාවේදී කල් තබන ලද්දේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව ගෙනයෑම සඳහා අවශ්‍ය මන්තී‍්‍ර සංඛ්‍යාව වන මන්තී‍්‍රවරුන් 113ක් සොයා ගැනීම සඳහා අවස්ථාව සැලැස්වීමට බවට සැකයක් නොමැත’ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට මන්තී‍්‍රවරුන් 113ක් සොයා ගැනීමට නොහැකි වූයේ මන්තී‍්‍රවරුන් තමන්ගේ මිල රුපියල් මිලියන 500 දක්වා ඉහළ දැමීම බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශයෙන් මෙය පැහැදිලි වේ.

එහෙයින් පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී කි‍්‍රයාවක නිරතවීම සඳහා ලබාදුන් අවස්ථාවක් බව පැහැදිලිය. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී, බලය අනිසි ලෙස භාවිතා කිරීමකි.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට අවශ්‍ය මන්ත්ි‍්‍රවරුන් සොයාගත නොහැකි බව පෙනී ගිය විට ජනාධිපතිරයා පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හිතා මතා උල්ලංඝණය කිරීමකි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවෙන්ද මෙය සනාථ වේ.
රනිල් වික‍්‍රමසිංහ අගමැති ලෙස පත් කරන ලෙස මුළු පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 225 දෙනා ඉල්ලා සිටියත් තමන් රනිල් වික‍්‍රමසිංහ අගමැති වශයෙන් පත් නොකරන ලෙසට ජනාධිපතිවරයා විසින් කළ ප‍්‍රකාශය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හිතා මතාම උල්ලංඝණය කරන බවට කළ තර්ජනයකි. මෙම කි‍්‍රයාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ බරපතල කි‍්‍රයාවක් ලෙස සැලකිය යුතුව ඇත.

එපමණක් නොව ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකයා බව ප‍්‍රකාශ කර සිටී. මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලෙස පත් කරන ලෙසට ද ඉල්ලා සිටී. එයට අමතරව ජනාධිපතිවරයා යටතේ අමාත්‍යංශ 3ක් එනම් පරිසර, මහවැලි සංවර්ධන හා ආරක්‍ෂක අමාත්‍යංශ පවතී. ජනාධිපති ඇත්ත වශයෙන්ම ප‍්‍රධාන විපක්‍ෂයේ නායකයා, කැබිනට් ඇමති ධූර දරන්නෙකු මෙන්ම කැබිනට් මණ්ඩයේ සභාපති ද වේ. මෙම තනතුරු දැරීම පැහැදිළිවම ගැටුම් සහිත තත්වයකි. එහෙයින් මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හිතා මතා උල්ලංඝණය කිරීමකි.

ඉහත කරුණු හේතුවෙන් ජනාධිපතිවරයාට එම තනතුරේ රැුඳී සිටීමේ සදාචාරාත්මක අයිතියක් නොමැත. මේ ආකාරයට ජනාධිපති ධූරයේ රැුඳී සිටීම රට තුළ යහපත් පාලනයක් ගෙන යෑමට බාධාවක් වේ. එහෙයින් ජනාධිපතිවරයා සිය තනතුරෙන් ඉවත් වී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගරු කරනු ලබන පාලනයක් ගෙන යෑම සඳහා අවස්ථාව සැලසිය යුතුය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.