19 September, 2020

Blog

උත්සන්න වෙමින් පවතින මුස්ලිම් ද්වේෂයට පිළියම්; ලාංකික මුස්ලිම්වරුන් ෂූරා සභාව නමින් ආයතනයනක් පිහිටුවා ගනිති

ලතීෆ් ෆාරුක්

ලතීෆ් ෆාරුක්

ලතීෆ් ෆාරුක්

ශ‍්‍රී ලංකාවේ ඇති විවිධ මුස්ලිම් ආගමික හා සංස්කෘතික සංවිධාන එක් වී තමතමන්ගේ න්‍යායාත්මක විවිධත්ව පසෙකලා පසුගිය 2014 ජනවාරි 25 වැනි දින ජාතික ෂූරා සභාව නමින් සභාවක් පිහිටුවා ගෙන ඇත. (ෂූරා යනුිසාකච්ඡුා කිරීම’ යනු අරුත් ඇති අරාබි වචනයකි). මෙම මූලාරම්භයට ලාංකික මුස්ලිම් වියතුන් හා වෘතිකයන් ගණනවාකගේද දායකත්වය ලැබී ඇත. මෙම සභාව පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ලාංකික මුස්ලිම් ප‍්‍රජාවට අර්බූදකාරී තත්වයන් මෙහි පැන නගින විට තමන්ගේ සංවිධානමය වෙනස් කම් සියල්ල පසෙක තබා උද්ගත වී ඇති ප‍්‍රශ්නයට එක්සත්ව විසඳුම් සෙවීමය. මේ සඳහා වන ප‍්‍රාරම්භක ප‍්‍රකාශය සිදු කරන ලද්දේ 2013 මැයි මස 2 වැනි දින කොළඹදීය.
මෙවන් සභාවක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා වන ක‍්‍රමවේදයක් ගැන ගත වූ වසරක කාලයක් මුළුල්ලේ විවිධ මුස්ලිම් සංවිධානවල ප‍්‍රධානීන් සහ සමූහයේ ප‍්‍රමූඛ පෙළේ විද්වතුන් එක්ව දිගින් දිගටම සාකච්ඡුා පැවත්වූහග එහි ප‍්‍රතිඵලයක් ලෙසින් ස්ථාපනය කර ඇති මෙම සභාවේ කාරක සභා මණ්ඩලයක්ද එහි ප‍්‍රථම රැුස්වීම් වාරයෙහි තෝරා පත් රක ගන්නා ලදී.

ජනාදරය දිනා සිටි අභාවයට පත් මුස්ලිම් ජනනායකයෙකු සහ දේශපාලනඥයෙකුව වූ ආචාර්ය බදියුදීන් මහ්මූද්ගේ පුත් තාරික් මහ්මූද් ජාතික ෂූරා සභාවේ අතුරු කාරක කමිටුවේ සභාපති ලෙසින් නිතරඟයෙන්ම තේරී පත් වී ඇත.

16 වැනි සහ 17 වැනි සියවස්වල පෘතුගීසින්ගෙන් ලාංකික මුස්ලිම්වරුන්ට සිදු වුනු හිංසාවලින් පසුව ඔවුන්ට මෙරටේ ඇති වුනු ඉතා දුෂ්කරතම කාල පරිච්ෙඡ්දයක වන වත්මන වකවානුවෙහි සිදු කර ඇති මෙම කාලෝචිත මූලාරම්භයට සියලූම තරාතිරමේ මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශංසාව නොමසුරුව පළ වී ඇත.

වසර තිහක් පමණ අප රටේ පැවති බෙදුම්වාදී ගැටුම කරණ කොට හා එයට සහය පළ නොකර බහුතර සිංහළ ජනයා සහ රජය සමග එක් වී රට බෙදීමට එරෙහිව සිටීම නිසා රටේ නැගෙනහිර බහුලව වාසය කරන මුස්ලිම්වරුන් ඇතුලූ මේ රටේ සෑම ප‍්‍රදේශයකම පාහේ වාසය කරන මුස්ලිම් ප‍්‍රජාව අතිශයින්ම පීඩා විඳි බව නොරහසකිග ඒ නිසාම සරණාගත කඳවුරුවල මුස්ලිම්වරුන් බොහෝ දෙනෙකු සිරවූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පරම්පරාවක කාලයක් පමණ තවමත් ඒවායෙහි ලැගුම් ගෙන දුක් විඳිමින් සිටිති.  2009 කොටින් පරාජය කිරීමෙන් අනතුරුව ගැටුම නිමාවනවාත් සමගම තමන්ට සැනසුමක් ලැබෙනු ඇත යැයි මුස්ලිම්වරුන් අපේක්‍ෂා කළද සිදු වූයේ අනෙකකි කළ හොඳ පස්සෙන් පැන්නීමක් පමණි.

දයාව හා මෛති‍්‍රය මුල්කරගත් බුදුරජානන්ගේ උතුම් දෙසුම් සියල්ලට පයින් ගසමින් මැරයන් මෙන් කි‍්‍රයා කරන අතලොස්සක් චීවරධාරීන් පිරිසක් පෙරමුණ ගත් කල්ලියක් මේ රටේ කවදත් සාමකාමී ලෙස මහ ජාතිය හා මාරුවෙන් මාරුවට පත් වන ආණ්ඩු සමග අත්වැල් බැඳ ගනිමින් රටේ පොදු යහපතට මුල් තැන දෙමින් කි‍්‍රයා කරමින් සිටින දේශ හිතෛෂී මුස්ලිම්වරුන්ට එරෙහිව බහුතර සිංහළ ජනයා අතර ද්වේෂ රැුල්ලක් වැපිරීමට දැඩි වෑයමක යෙදෙමින් සිටිති. මාධ්‍ය වාර්තා අනුව පසුගිය 2013 වසරෙහි පමණක් ලාංකික මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිදු කරන ලද ලොකු කුඩා ප‍්‍රහාර සංඛ්‍යාව 250 ක් පමණක් විය. 83 කළු ජූලියෙහි සිංහළ රණිවරුන් කිහිප දෙනෙකු උතුරේ ඝාතණය කළ සමයෙහි පවා මෙවන් විශාල සංඛාවක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සුළු ජනකොටසකට එරෙහිව වාර්තා නොවීය.

මෙහි සංවේගය හා කම්පාව දනවන තවත් කරුණක් නම් මේ රටේම පුරවැසියන් වන සුලූ කොටසකට එරෙහිව හේතු රහිතව මෙසේ සිදු කරනු ලබන ද්ෙවිෂ සහගත ප‍්‍රචණ්ඩ කි‍්‍රයා විෂයයෙහි රජයද මුණිවත රැුකීමය. එපමණක් නොව රාජ්‍ය අනුග‍්‍රහයද මෙම කි‍්‍රයාවලට ඇති බවට සාධක අපමණ මතු වෙමින් තිබීම තත්වය තවත් බිහිසුණු කර ඇත. මුස්ලිම් ව්‍යාපාර ස්ථානයකට භික්ෂුවක් ප‍්‍රහාර එල්ල කරන විට පොලිස් නිලධාරීන්ිබකං නිලාගෙන’ සිටි සැටි දක්වන සජීවී රූපරාමු ලොව පුරා ප‍්‍රචාරය වී, සුළු ජාතීන්ට මෙම රජය හොඳින් සලකන්නේය යන ප‍්‍රකාශය ගැන කාටත් සාධාරණ සැකයක් ඇති කර ඇත.

කිසිදු සැලකිය යුතු වරදක් මුස්ලිම්වරුන්ගෙන් සිදු නොවී තිබෙන තත්වයක සැබෑ බෞද්ධයන් නොවන සිවුරු වෙස් ගත්තවුන්ගෙන් සන්නද්ධ වූ ඇතැම් අන්තවාදී කල්ලි විසින් වසර දෙකකට වැඩි කාලයක් මොළවනු ලැබෙමින් තිබෙන මෙම ක්‍රෝධයේ ගින්න නිසා කුඩා සිංහළ දූදරුවන්ගේ හදවත්වල පවා ද්වේෂයේ ගිනිපුපුරු නලියන්නට පටන් ගෙන ඇත.

අසමගිය නිසා දශක ගණනාවක් ආපස්සට ගිය අපගේ මෙම සුන්දර දිවයින නැවතත් නගාසිටුවා සංවර්ධනය කරන්නට නම්, අපට වඩාත් අවශ්‍ය වන්නේ මුල්‍ය ප‍්‍රතිපාදන හෝ සිමෙන්ති, ගල්, යකඩ ඇතුළු මූලද්‍රව්‍ය පමණක් නොවේ. ඒ සඳහා සියලූ ජනකොටස් අතර සමගිය හා සුහදත්වයද තිබිය යුතුය. විශේෂයෙන් සුළු ජාතීන්ට වෙනස්කම් පෙන්වන බවට හා යුද්ධයේ මුවාවෙන් දහස් ගණනින් සිවිල් වැසියන් ඝාතණය කළ බවට ජගත් අධිකරණවල අප රටට එරෙහිව නඩු ගොනු කරන්නට ලෝක ප‍්‍රජාව යුහුසුළු වෙමින් සිටින මෙවන් තත්වයක රටේ මෙවැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පැතිරීම කිිසිසේත් රටට හෝ රජයට යහපතක් ඇති කරන්නේ නැතග තවද අප රටට සහය දක්වන හා අවංකවම අපට උදව් කරන රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ මුස්ලිම් හා අරාබි රටවල්ය යන තත්වය සලකා බලන කල නැණවත් විදේශ ප‍්‍රතිපත්තියක් වන්නේද මේ රටේ වාසය කරන මුස්ලිම් ජනයා සමග සාමයෙන් කටයුතු කිරීමය. එමෙන්ම දමිළ ජනයා ඇතුලූ මෙහි වාසය කරන අන් සෑම සුලූ ජනකොටසක්ම ලාංකිකයන් බව කිසිවෙක් අමතක නොකළ යුතුයග

මෙම තත්වය සමනය කිරීමට මුස්ලිම් දේශපාලන ප‍්‍රධානීන් ඉදිරිපත් වෙතැයි අසරණ වූ මුස්ලිම් ප‍්‍රජාව අපේක්‍ෂා කළද තමතමන්ගේ තනතුරු ගැන පමණක් සිතමින් දේශපාලන දුරාචාරයක යෙදෙමින් සිටින්නන්ගෙන් එවන් උදාර මෙහෙයක් ඉටු වෙතැයි විශ්වාස කිරීම මෝඩකමක්ය යන සත්‍යය දැන් මුස්ලිම්වරුන්ට ප‍්‍රත්‍යක්‍ෂ වී ඇත.

මෙවන් තත්වයක සමස්තයක් ලෙසින් මුළු රටට මෙන්ම සිය ජනකොටසට අවංක ලෙසින් ආදරය කරන මුස්ලිම් ආගමික ප‍්‍රධානීන්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත පිරිසක් එක් වී දේශීය ලෙසින් මුස්ලිම් ප‍්‍රජාවට රටේ ඇති වන දුෂ්කරතා මෙන්ම දේශයක් ලෙසින් ශ‍්‍රී ලංකාවට ජගත් වේදිකාවේ ඇති වන අසීරුතාවලින් රට ජාතිය බේරා ගැනීමේ උසස් අරමුණු සහිතව ජාතික ෂූරා සභාව නම් වන මෙම සාම සංවිධානය පිහිටුවා ගෙන සිටිති.

රටේ ජනසමගියට එරෙහිව ඇති වන දෙස් විදෙස් කුමන්ත‍්‍රණ හා තර්ජන හඳුනා එය මුලිනුපුටා දැමීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග සොයනා අතරම දේශයේ පොදු යහපතට මුල්තැන දෙමින් සියලූම ජාතීන් සමගියෙන් වාසය කිරීමට අවශ්‍ය පිළියම් සියලූම මුස්ලිම් සංවිධානවල දායකත්වයෙන් ඝවේෂණය මෙම සභාවේ මූලිකතම කි‍්‍රයාකාරකම වෙයි.

 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    16 වැනි සහ 17 වැනි සියවස්වල පෘතුගීසින්ගෙන් ලාංකික මුස්ලිම්වරුන්ට සිදු වුනු හිංසාවලින් පසුව ඔවුන්ට මෙරටේ ඇති වුනු ඉතා දුෂ්කරතම කාල පරිච්ෙඡ්දයක වන වත්මන වකවානුවෙහි සිදු කර ඇති මෙම කාලෝචිත මූලාරම්භයට සියලූම තරාතිරමේ මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශංසාව නොමසුරුව පළ වී ඇත.

    kauda me kale musalmanuwanwa beragaththe ?, Sinhala un thama lokuma waradda kale munta guti kaka inda denne nathuwa. Munwa beragaththa kiyala mun unta wiruddhawa satan kaleth naha

    වසර තිහක් පමණ අප රටේ පැවති බෙදුම්වාදී ගැටුම කරණ කොට හා එයට සහය පළ නොකර බහුතර සිංහළ ජනයා සහ රජය සමග එක් වී රට බෙදීමට එරෙහිව සිටීම නිසා රටේ නැගෙනහිර බහුලව වාසය කරන මුස්ලිම්වරුන් ඇතුලූ මේ රටේ සෑම ප‍්‍රදේශයකම පාහේ වාසය කරන මුස්ලිම් ප‍්‍රජාව අතිශයින්ම පීඩා විඳි බව නොරහසකි

    Muslim un rajaya sahaya dunne e paththe inna unge unta LTTE eke paya 48 – 24 kalaya athulatha yanda kiyapu hinda. Naththam thama support dan wage thama.

    2013 වසරෙහි පමණක් ලාංකික මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිදු කරන ලද ලොකු කුඩා ප‍්‍රහාර සංඛ්‍යාව 250 ක් පමණක් විය.

    mewwa praharada ?, demala minssunta gahapu ekanam prahara kiyanda puluwan. Eth me wage chooti chooti ewwa nikan sulu dewal.

    අප රටට සහය දක්වන හා අවංකවම අපට උදව් කරන රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ මුස්ලිම් හා අරාබි රටවල්ය යන තත්වය සලකා බලන කල නැණවත් විදේශ ප‍්‍රතිපත්තියක් වන්නේද මේ රටේ වාසය කරන මුස්ලිම් ජනයා සමග සාමයෙන් කටයුතු කිරීමය.

    Awankawa sahaya denne naha unuth lankawa wage thama, Manawa himikam chodana ehema thiyenawane. ekayi sahaya denne. kohoma unath e ratawala Muslim minussu kiyan ewwalin penawa un lankawe muslim unta wada hodayi kiyala

    Muslim minissunta me thaththwe athi une bauddhayanta prasna 10 k deela meeta passewth gon wada nokara inda.

  • 0
    0

    muslim un babala…ane mage kata…ape pansal kadala, ape idam allagena mun ballo balallu wage pataw gahala….hama thanama goni billo….hama thanama adona madu…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.