19 April, 2025

Blog

විශ්‍රාමික විනිශ්චයකාරවරුන් පුද්ගලික වාසිතකා වැඩ නොකළ යුතුය: නීතිඥ සාමූහිකය

විශ්‍රාමික විනිශ්චයකාරවරුන් තනතුරුවලට පත්කිරීම පිළිබදව නීතිඥ සාමූහිකයේ ප්‍රකාශය

විශ්‍රාමික විනිශ්චයකාරවරුන්, විශේෂයෙන්ම උපරිමාධිකරණවලින් විශ්‍රාමලැබූ විනිශ්චයකාරවරුන්, රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම තනතුරු සඳහා පත් කිරීම ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවලද නීති ප්‍රජාවගේ සහ සාමාන්‍ය මහජනතාවගේ අවධානයට ලක් වූ කරුණකි. එවැනි පත්කිරීම් ඔවුන්ගේ නඩු තීන්දුවල ගුණාත්මක භාවය පැත්තකින් තබා  ඒවායේ පරිශුද්ධභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරයි. එසේම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය පළුදු කිරීමට ද නැඹුරු වේ. විශ්‍රාම ගිය වහාම පත්වීමක් සිදු කරන විට එය වඩාත් නරක ය.

විනිශ්චයකාරවරුන් ලබා ගත් වටිනා අත්දැකීම් සහ අවබෝධය විශ්‍රාම ගිය පසු අපතේ හැරිය යුතු බවක් මින් අදහස් නොවේ. ඔවුන් තම ධූර කාලය තුළ අපක්ෂපාතීව කටයුතු කළේ නැතැයි යන සැකය මතු නොවන අයුරින් ඔවුන්ගේ දැනුමෙන් හොඳ ප්‍රයෝජන ගත යුතුය. පත්වීම් පිළිබඳ ජාතික එකඟත්වයක් සහතික කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැනි යාන්ත්‍රණයන් හරහා පත් කරනු ලැබුවහොත්, විශ්‍රාමික විනිශ්චයකාරවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවා ඇති කොමිෂන් සභා, විමර්ශන කොමිෂන් සභා හෝ ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව වැනි ආයතනවල සාමාජිකයන් හෝ සභාපතිවරුන් ලෙස පත් කිරීමට විරුද්ධත්වයක් තිබිය නොහැක. ඔවුන්ගේ විශේෂඥ දැනුම නීති අධ්‍යාපනය සහ විනිශ්චයකාරවරුන් සහ නීතිඥයින් පුහුණු කිරීම සඳහා ද යොදා ගත හැකිය.

උපරිමාධිකරණවලින් විශ්‍රාමගත් විනිශ්චයකාරවරුන් සඳහා වන විශ්‍රාම ප්‍රතිලාභ සේවයේ සිටින විනිශ්චයකාරවරුන්ගේ වැටුප් හා ප්‍රතිලාභවලට සමාන විය යුතු බව නීතිඥ සාමූහිකය යෝජනා කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ ලිඛිත නීතියෙන් අවසර දී ඇති පරිදි මිස ඔවුන්ට මුදල් ලාභයක්, වාසියක් හෝ ප්‍රතිලාභයක් ගෙන දෙන කිසිදු කාර්යයක් ඔවුන් ඉටු නොකළ යුතුය. මෙම කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ නීතිමය විධිවිධාන මගින් නියාමනය කළ යුතුය.

නීතිඥ සාමූහිකය වෙනුවෙන්, මෙයට විශ්වාසී,

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

මහාචාර්ය, නීතිඥ සාවිත්‍රි ගුණසේකර

ජනාධිපති නීතිඥ එම්.. සුමන්තිරන්

ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

ජනාධිපති නීතිඥ එස්.ටී. ජයනාග

මහාචාර්ය දීපිකා උඩගම

නීතිඥනොයෙල්ඩයස්පියතුමා

නීතිඥ කේ.ඩබ්ලියු. ජනරංජන

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

නීතිඥ අර්මීසා ටීගල්

නීතිඥ දර්ශන කුරුප්පු

නීතිඥ මනෝජ් නානායක්කාර

නීතිඥ අමිල එගොඩමහවත්ත

නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.