1 October, 2020

Blog

අන්තවාදී ව්‍යාපාරවල අභ්‍යන්තරය වටහා ගැනීම සහ විචාරාත්මක පරීක්ෂාව

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ඇමරිකාව ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමණය කළේ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටු වන බව කියමිනි. තලිබාන්වරුන් යටතේ ස්ත‍්‍රීන්ට හිමිව තිබූ පීඩිත තත්වයෙන් ස්ත‍්‍රීන් මුදා ගැනීමත් ඇෆ්ඝනිස්ථාන්යේ මානවහිමිකම් තත්ත්වය ඉහළ දැමීමත් ඒ ආක‍්‍රමණයට හේතු සේ දැක්විණ. එහිලා තලිිබාන් රිජීමය විනාශ කිරීම අවශ්‍ය බව තර්ක කෙරිණ. ඒ ආක‍්‍රමණයෙන් සිදු වූ විනාශය අතිවිශාලය. ජිවිතද දේපොළද විනාශ විය. සංස්කෘතියද විනාශ විය.

නේපාලයෙන් පළවන හිමාල් ස`ගරාව 2014 වර්ෂයේ පළමු කලාපය වෙන් කළේ නව ඇෆ්ඝනිස්ථානය වටහා ගැනීම පිණිසය. එම කලාපයේ පළ වන ලිපි හුදෙක් දේශපාලන විග‍්‍රහයන් පමණක් නොවේ. මෑත කාලයේ ඇෆ්ඝනිස්ථානයෙන් පහළ වු සාහිත්යික රචනාද එහි අඩංගු වේ. දශක ගණනාවක සිට දේශපාලන අර්බුදවලටත් ගෝලීය බලවතුන්ගේ ආක‍්‍රමණවලටත් ඇෆ්ඝනිස්ථානය ගොදුරු විය(සෝවියට් දේශයද හැත්තෑව දශකය අගදී ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමණය කළේය). විදේශීය බලවතුන්ගේ අතපෙවීම්වලට විරුද්ධව දේශීය වශයෙන් සීමාන්තික ප‍්‍රවණතා ඇති විය. දේශීය සීමාන්තිකයෝද රටෙහි ප‍්‍රජාතන්තවාදී ව්‍යූහය අතිශයින්ම දුර්වල කළහ. මේ අතර මේ දෙගොල්ලම ඇෆ්ඝනිස්ථානයේ විනාශකයෝ බව වටහා ගත් බොහෝ පිරිසක් එරට සිටියහ. එහෙත් ඔවුන්ගේ කටහ`ඩට ඉඩ තිබුණේ නැත. විචාරාත්මකව කරුණු වටහා ගත් අය මුලින්ම නිහ`ඩ කෙරිණ. ඒ පිරිස දුර්වල වූ කල අන්තවාදයන්ට රජ කරන්නට ඉඩ ලැබිණි.

දැන් ඇෆ්ඝනිස්ථානය දේශපාලන ආර්ථික වශයෙන් දුර්වල වී ඇතත් මධ්‍යස්ථ මතධාරී කටහ`ඩවල් යළි මතු වෙමින් පවතී. අධිරාජ්‍යවාදයටත් ආගමික මූලධර්මවාදයටත් විරුද්ධ අදහස්ද යන්තමින් හෝ මතු වේ. සාහිත්‍යය මේ අදහස් හා හැ`ගීම් ප‍්‍රකාශනයේ ප‍්‍රධාන මාධ්‍යයක් වී තිබේ.

ඊටත් වඩා සිත්ගන්නා දේ නම් තලිිබාන් දෘෂ්ටිවාදයට පක්ෂපාත අය හෝ විවිධ හේතු නිසා තලෙයිබාන්වරුන්ට කැමති වූ අය හෝ තලෙයිබාන් සාමාජිකයන්ව සිටි අය හො ලියූ සාහිත්යික හෝ නිර්-සාහිත්යික රචනායි. එරට භාෂා හොඳ හැටි කතා කළ හැකි විදේශිකයන් දෙදෙනෙකු සංස්කරණය කළ පොයටි‍්‍ර ඔෆ් ද තලිිබාන් කෘතිය මෑතකදී ලෝකයේ පැවති අතිශය දරුණුද සීමාන්තිකද වූ ව්‍යාපාරයක විඥානය වටහා ගැනීමට උදව්වේ.

තලිිබාන් යනු හිතක් පපුවක් නැති මිනීමරු කණ්ඩායමකිය යන්න ලෝකයේ ඇති සාමාන්‍ය විශ්වාසයයි. එවැන්නවුන්ට කවිය ගැන අදහසක් තිබිය හැකියැයි පවා අපට සිතෙන්නේ නැත. ඔවුන් කළ දරුණු අපරාධ ගැන අමතක නොකළ යුතු බව ඇත්තය. එහෙත් ඔවුන් නිර්මානුෂිකකරණය නොකර ඔවුන්ගේ විඥානය වටහා ගැනීමට අපට මේ කවි උපකාර වේ. මේ ඇතැම් කවි ඕනෑම ප‍්‍රජාවක් ලියන්නට ඉඩ ඇති කවි වැනිය. ඇතැම් කවි තලිිබාන් ප‍්‍රචාර පත‍්‍රිකා වැනිය. කාව්‍ය සාහිත්‍යාදිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් පැවති ප‍්‍රජාවන් ගණනාවක් විසූ ඇෆ්ඝනිස්ථානය බාහිරෙන් එන අධිරාජ්‍යවාදයේත් ඇතුළතින් එන ආගමික අන්තවාදයන්ගේත් ගොදුරක් වූයේ කෙසේද යන්න වටහා ගැනීමේදී ඒ ඒ ප‍්‍රජාවේ අභ්‍යන්තරික භාවමය ලෝකය දැක ගැනීම ප‍්‍රයෝජනවත්ය.

තලිිබාන් නායකත්වයේ සිටි හෝ ඒ නායකත්වයට සමීපව සිටි අයගේ මතක පොත් සහ ස්වයං-චරිතාපදානද දැන් දැන් පළ වේ. මේ ස්වයං-චරිතාපදාන දැන් දැන් පළ වීමට පෙර බොහෝ දෙනෙකු තලිිබාන් ව්‍යාපාරය වටහා ගැනීමට කළේ පිටස්තර පුද්ගලයන් ඒ ව්‍යාපාරය ගැන ලියූ දේ කියවීමයි. විලියම් මලේගේ ෆන්ඩමෙන්ටලිස්ම් රිබෝර්න්(1998) හෙවත් මූලධර්මවාදය යළි උපදිය කෘතිය එවැන්නකි. අහ්මඞ් රශීඞ් ලියූ තලිිබාන්(2001) තව එකකි. මෙම කෘති තලිිබාන් ව්‍යාපාරය තේරුම් ගැනීමට බොහෝ අය විසින් භාවිත කෙරිණ. එමගින් ඇති වූ වැරදි වැටහීම්ද ඇත. විශේෂයෙන් අල්කයිඩා සහ තලිිබාරන්වරුන් අතර සම්බන්ධය එසේ වැරදියට වටහා ගැනුණකි. ඒ ව්‍යාපාර දෙක අතර වූයේ ගැටුම්කාරී සම්බන්ධයක් වුවද ඇමරිකාව ප‍්‍රමුඛ ආක‍්‍රමණිකයෝ් ඒ දෙකම එකක් යැයි සැලකූහ. තවත් වරදක් නම් තලිබාන් ව්‍යාපාරයේ සමස්ත චින්තනය ජියාඞ්වාදයට අනුගත යැයි සැලකීමයි. ජිහාඞ්වාදය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ඉස්ලාමීය ආගමික දේශපාලන කටයුතු වෙනුවෙන් සන්නද්ධව අරගල කිරීමයි. ජිහාඞ් යන අරාබි වචනයද අරගලය යන අරුත ඇත්තකි. එහෙත් මුස්ලිම්වරුන් සංවිධානය වන සෑම තැනක්ම ජිහාඞ්වාදය ඇති තැනක් යැයි දැකීම ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ දැක්මකි. මේ නිසා ඇෆ්ඝන්වරුන් විසින්ම ලියන ලද ලේඛන මතු වී ඒම වැදගත් වර්ධනයකි.
හිටපු සහ දැනටත් සිටින තලිිබාන්වරුන් තමන්ගේ අත්දැකීම් හා ජීවන විත්ති ලේඛන ගත කිරීමට දැන් දැන් පටන් ගෙන ඇත. යසිෆ් නමැති මුල්ලාවරයෙකු විසින් ලියන ලද මයි ලයිෆ් විත් ද තලිබාන් එවැනි කෘතියකි. යසිෆ් දරුවා කන්දහාර් ප‍්‍රදේශයේ දුප්පත් පවුලක උපන්නේය. ඔහු ඉතා ළාබාල වියේදී දෙමාපියෝ මිය ගියහ. ඉන්පසු 1979 දී සෝවියට් දේශය ඇෆ්ඝනිස්ථානය ආක‍්‍රමණය කළේය. ඒ නිසා පාකිස්ථානයට පලා ගිය ඔහුට 1983 දී සිටම අවිගත් සටනෙහි යෙදෙන්නට සිදු විය. ඔහු නැවත ඇෆ්ඝනිස්ථානයට පැමිණ සන්සුන් දිවියක ගෙවන්නට පටන් ගත්තද සෝවියට් හමුදා පිටව ගිය තැන් සිට විවිධ ගෝත‍්‍ර අතර සටන් ඇති විය. ඒ නිසා 1994 දී තලිබාන් ව්‍යාපාරය ආරම්භ කිරීම දක්වා වර්ධනය වූ සාකච්ඡුාවලට ඔහුද ඇදී ගියේය. ඇමරිකානු ආක‍්‍රමණය සිදුවන විට ඔහු පාකිස්ථානයේ ඇෆ්ඝන් තානාපතිවරයා විය. 2002 ඇමරිකානු අත්අඩංගුවට පත් වූ ඔහු අවුරුදු හතරමාරක් සිරබාරයේ සිටියේය.

තම රට තමන්ට හැකි පමණින් ගොඩනගන්නට තැත් කළ තරුණ පිරිසකට වැරදුණු තැන් ගැන අපූරු තොරතුරුද මේ පොතේ එයි. අවවරප‍්‍රසාදිත සමාජ පසුබිම්වලින් එන වැඩිමනත් අධ්‍යාපනයක්ද නැති තරුණ පිරිසක් තමන්ට තේරෙන හැටියට රටක් කරන්නට යාමේදී ඔවුන්ට පහසුවෙන් ලබා ගත හැකි ආගමික අන්තවාදී මතවාදවලට ගොදුරු වීමේ සංකීර්ණ කතාව මේ පොතෙහි අඩංගු වේ. මෙවැනි තවත් පොත් කීපයක් ගැන හිමාල් ස`ගරාව සාකච්ඡුා කරයි.

පීඩිත පසුබිම්වලින් එන තරුණ පිරිස් දේශපාලනිකව ක‍්‍රියාකාරී වන්නේ තම සමාජ වෙනස් කිරීමටය. එය හොඳ දෙයකි. එවැනි පිරිස් සමග විචාරාත්මකව ගැටෙමින් ඔවුන් දැනුමින්, චින්තනයෙන් හා භාවමය වශයෙන් වර්ධනය කිරීමට දායකවීම එම සමාජවල සිටින දැනුවත් පුරවැසියන්ගේ වගකීමකි. එය එවේලේම කළ යුතු වැඩකි. ඒ තරුණ පිරිස් අන්තවාදයන්ගේ ගොදුරු බවට පත් වූ පසු ඔවුන්ගේ ”දැනුම” අභියෝගයට ලක් කිරීමට ඉඩක් ලැබෙන්නේ නැත. ඉන් පසු ‘දැනුම’ සපයන්නට තැත් කරන අයට සිදුවන්නේ ද්‍රෝහීන් සේ වෙඩිකා මිය යන්නටය. තලිිබාන් යනු ලෝකයට පාඩමකි. එය දෙවරක් නූගත යුතු පාඩමකි. එහෙත් අප පාඩම ඉගෙනීම වෙනුවට කරන්නේ තලිබාන් චින්තන ආකෘතියේ සංවිධාන හැම සංස්කෘතියකින්ම පැන නැංවීමයි.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    මෙම ලේඛකයාට පෙනෙන්නේ “එහෙත් මුස්ලිම්වරුන් සංවිධානය වන සෑම තැනක්ම ජිහාඞ්වාදය ඇති තැනක් යැයි දැකීම ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ (වැරදි) දැක්මකි” යන්නයි. නමුත් මම නම් සිතන්නේ තලිිබාන්, අල් කයිදා, ISIS, හමාස් හෝ වෙනත් ඔිනෑම මුස්ලිම් සංවිධානයක් තේරුම් ගැනීමට නම් ඔවුන්ගේ මූලික අරමුණ නොහොත් ඔවුන් පෙනීසිටින්නේ කුමක් සඳහාද යන්න තේරුමි ගතයුතු බවයි.

    සෑම මුසල්මනයෙක්ම උත්සාහකරන්නේ සුන්නාවල හෝ හදිත්වල කියා අැති පරිදි මොහම්මඩ්ගේ ඡිවන රටාව අකුරට අනුගමනය කර අල්ලාහ් සමග සදාකාලිකව විසීමට ඔහුගේ දෙව්ලොවට යෑමටයි. අැත්තම කියන්නේනම් කිසිම මුසල්මනයෙකුට අල්ලාහ් සහ කුරාණය සහ මොහම්මඩ්ගේ ඉගැන්වීමිවලට ඉහලින් හියුමන් රයිට් හෝ යහ පාලනය හෝ ඩිමොක්‍රසි හෙවත් ප්‍රඡාතන්ත්‍රවාදය හෝ වෙන කිසිවක් කථාකිරීමට තබා හිතීමටවත් බැරිය. සියල්ල කල යුත්තේ අල්ලාහ්ගේ වචනයට යටත්වය. අල්ලාහ්ගේ වචනය මිස වෙන කිසිවක් කුරාණයේ නැත.

    කුරාණයේ අැති කියුම් සහ මොහම්මඩ්ගේ ඡිවන රටාව අකුරට අනුගමනය කර එ් අනුව ඡීවත්වීම ‘ඡිහාද්’ යයි මුසල්මනයන් අපට කියයි. එ් අනුව සෑම මුසල්මනයෙක්ම මොහම්මඩ්ගේ ඡිවන රටාව අකුරට අනුගමනය කලයුතුය. එවිට ‘මධ්‍යස්ථ මතධාරී කටහ`ඩවල්’ කියා දෙයක් තිබෙන්නට විධියක් නැත.

    මොහම්මඩ්ගේ ඡීවත්වූයේ 7වන ශතවර්ෂයේය. මොහම්මඩ්ගේ ඡිවන රටාව අකුරට අනුගමනය කිරීමට නම් 7වන ශතවර්ෂයේ මොහම්මඩ් කලකී දේ අධ්‍යනය කලයුතුය. එ් අනුව කුරාණයේ පද සහ හදිත් සහ සුන්නා හැදෑරිය යුතුය. අගත් මුලක් නැති කුරාණය හැදෑරීම එසේ මෙසේ කාරියක් නොවේ. වහබි සහ සලාෆි මුල්ලහ්ලා මද්රාසා තුලිින් එය නියමෙට කරගෙන යයි. එ් අනුව මුසල්මනයන් සියළුදෙනාම මූලධර්මවාදීන් හෙවත් ෆන්ඩමෙන්ටලිස්ට් හෙවත් තව්හීද් යනුවෙන් හැඳින්වුවහොත් එහි වරදක් අැතැයි මටනම් නොසිතෙයි. එවිට මුසල්මන් නොවන්නන්ට ප්‍රශ්ණය වන්නේ අැයි 90% ලෝකයේ අැති යුද්ධවලට මුසල්මනයන් සම්බන්දවී අැත්තේ යන්නය.

    බින් ලාඩන් ඉතා හොඳ භක්තිවන්ත මුසල්මනයෙකි. කුරාණයේ සහ මොහම්මඩ්ගේ කියුම් කෙරුම් තේරුම්ගෙන ක්‍රියාවෙන්ම ‘ඡිහාද්’ එක ඔප්පුකල අයෙකි. බින් ලාඩන් එය නියම ‘ඡිහාද්’ යයි ඔහුගේ අනුගාමිකයින්ට කියා දුන්නේය. නමුත් බින් ලාඩන් විසින් ‘අල්ලාහ් සහ කුරාණය සහ මොහම්මඩ්ගේ ඡීවන රටාව’ වැරදියට තේරුම් ගත්තේ යයි කියන මුසල්මනයන්ද සිටී. මුසල්මනයන්ගේ මේ බෙදීම පුදුමයක් නොවන්නේ නමුත් ප්‍රශ්ණයක් වන්නේ මොහම්මඩ්ගෙන් පසු බලයට පත් මොහම්මඩ්ගේ සගයන් හතර දෙනාම සහාසික ලෙස මොහම්මඩ්ගේ අනුගාමිකයින් විසින්ම මරා දැමූ නිසාය. මොහම්මඩ්ටද යුද්ධවලින් තොර ඡීවියක් නොවීය. එනිසාම එදා සිට අද වනතෙක් මුසල්මන්-මුසල්මන් සහ මුසල්මන්-මුසල්මන්නෙවන මරාගැනීම්වල නිමක් නොතිබුනි, ඉදිරියටත් අනිවාර්යයෙන්ම තිබේවී.

    ඉතින් එවැනි ගහමරාගන්නා සමාඡයක මෙම ලේඛකයා කියන පරිදි ‘තම සමාජ වෙනස් කිරීම සදහා’ විවේචන ඉදිරිපත් කිරීම නම් මහා විහිලුවක්ය. කල යුත්තේ එවැනි ගහමරාගන්නා සමාඡයක් අැතිකල මොහම්මඩ්ගේ කියුම් කෙරුම්වල වැරදි පෙන්වාදීමය. නමුත් එසේ කියන්නටවත් මෙවැනි ලේඛකයින් බයය. එසේ කලොත් ඔවුන්ට වෙන්නෙත් සල්මන් රෂ්ඩි වගේම හැංගී හැංගී ඡීවත්වීමටය. එනිසා මෙවැන්න් කරන්නේ ගහමරාගන්නා සමාඡය අැතිවූයේ කෙසේදැයි පෙන්වා දෙන්නන් අන්තවාදීන් සහ අාගම්වාදීන්ලෙස හන්වඩු ගැසීමය. මෙම ලේඛකයා කියන පරිදි ‘තම සමාජ වෙනස් කිරීම’ තලිබාන් රටේ තබා ප්‍රඡාතන්ත්‍රවාදීයයි කියන පකිස්තානයේවත් කල නොහැකිය. සවුදියේ එය නීතියෙන්ම තහනම්ය. ලේඛකයා කියනදේ සුළුවෙන් පවා කිරීමට මෑතකාලයේදී උත්සාහකල කී දෙනෙක් පකිස්තානය වැනි රටවල මරාදමා අැද්ද. අහම්මඩියා මුසල්මනයන් සරණාගතයන් ලෙස අාගමික නිදහස නැතැයි එන්ඡීඔි කාරයන් පුනපුනා කියන ලංකාවේ සරණපතා පැමිණ අැද්ද?

    අද ලෝකයේ පවතින යුද්ධවලින් 90%ක්ම මුසල්මනයන් සම්බන්ධ (මුසල්මන්-මුසල්මන් හෝ මුසල්මන්-වෙනත් ඡාතීන්) යුද්ධ වීම පුදුමයක් නොවේ. එ් අනුව බලනකොට මෙම ලේඛකයා විවේචනාත්මකව සදහන් කල අැමරිකානුවන්ගේ දැක්මෙහි වරදක් අැතැයි මට නම් නොසිතේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.