23 September, 2020

Blog

ජිංපිං හා මෝදි මචං කියන දවසක් අවොත්?

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

අනේ ලංකාවට ඇවිත් යන්නැයි අපේ ජනාධිපති චීන ජනාධිපති ෂී ජිංපිංට කළ ආරාධනය පිළිගෙන තිබේ. ජිංපිංගේ පැමිණීම අපේ අතිවිශිෂ්ට රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය නිසා සිදුවන්නක් යැයි කට්ටිය උඩ පනිනු ඇත. අපේ විදේශ සේවයත් ඥාතිමිත‍්‍ර සංග‍්‍රහයෙන් සෑහෙන තරම් දියුණු වී ඇති බව අනුර දිසානායක මහතා මෑතකදී පාර්ලිමේන්තුවෙත් කීවේය. කට්ටියට කට උත්තර නැති විය. චීන ආධාර ඇතිව කරන මහා පරිමාණ ආයෝජන අපට ඉදිරිපත් කෙරෙන්නේ මැතිණියගේ නොබැඳි පිළිවෙතට දෙවැනි නැති උපායික රාජ්‍යතාන්ත‍්‍රික ජයග‍්‍රහණ ලෙසය. අපේ කට්ටියගේ විදේශ ප‍්‍රතිපත්තියේ ප‍්‍රඥාවන්තභාවයේ ජයග‍්‍රහණ ලෙසය. එහෙත් චීනය ඔස්සේ එන්නේ බටහිරින් එනවාටත් වඩා නරක ධනවාදයක් හා ප‍්‍රාග්ධන ආක‍්‍රමණයක් බව දැන් කාටත් පැහැදිලිය. අධිරාජ්‍යවාදියා යනු සුද්දෙකු පමණිකියි සිතන අයට විතරක් නොපෙනේ. හැබැයි චීන ආයෝජකයන්ගේ පූර්ණ අනුග‍්‍රහයද විශාල කොමිස් කුට්ටිද ඇතිව කොළඹ අහස වසා ගොඩ නගන බිල්ඩිංවලට විදුලිය සහ ජලය සපයන්නටවත් අපට හය්යක් නැතැයි චම්පික රණවක ඇමතිවරයාම කියයි. ඔහු මේ බව කීයේ අගෝස්තු 11 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය.

ජිංපිං එන එක හොඳය. ඔහු පිළිගැනීමේ උත්සවයට නටා අපේ රජවාසල නැට්ටුවන්ට නැටුමකට ලක්ෂ දහයක් පහලොවක් කඩා ගත හැක. ජිංපිංට සිංදු කියා සිංදුවකට මිලියනයක් දෙකක් කඩා ගන්නට අපේ සිංදු මල්ලිලාට පුළුවන. ජිංපිංගේ ගමන් වෙනුවෙනියි කියා ඕන් නං තව ලැම්බෝගිනියක් දෙකක් ගොඩබාගන්නටත් හැකියාව ඇත. එහෙත් ඇත්තටම ජිංපිංගේ ගමන අපේ කට්ටියගේ රාජ්‍යතාන්ත‍්‍රික ජයග‍්‍රහණයක්ද?

මේ ගැන හෙමින් සැරේ කරුණු ටිකක් සොයා බැලීම වටී. පසුගිය අවුරුද්දේ මැයි මාසයේදී දෙරටේ ලොක්කො දෙන්නා උපායික සහයෝගීතා ගිවිසුමක්ද අත්සන් කළහ. ඒ අත්සන ගැසීමට මෙයා කට්ටියද රැුගෙන එයා ළ`ගටම ගියේය. ”උපායික සහයෝගිතා” යන්න හරි අමුතු යෙදුමකි. ඒ ගිවිසුමට අනුව කරන ලද පළමු වැනි වැඩක් නම් ගුවන් හමුදාවට අයත් නඩත්තු වැඩබිමක් තිරිකුණාමලේ කිට්ටුව ආරම්භ කිරීම චීනෙට බාරදීමය. මෙවැනි මිලිටරි වැඩක් සුදු හම ගෑවිලාවත් තිබුණ රටකට දුන්නේ නම් කොළඹ දේශපේ‍්‍රමියෝ උඩ පැන පැන හූකියති.

මේ උපායික සහයෝගිතා ගිවිසුම ටිකක් විතර හබක් වෙන ලකුණු දැන් පහළ වී තිබේ. ඉන්දීය අගමැති චීනය සමග අලූත් සම්බන්ධතා විධියක් පරිකල්පනය කරන්නට පටන් ගෙන ඇත. ඒ නිසා ඉන්දියාවේ ආයෝජන සහ වෙළඳ අවස්ථා දැක චීන කටට කෙළ උනන ලකුණු පහළ වී තිබේ. ඉන්දියාව යනු උපක‍්‍රමික අතිනුත් වෙළඳාම අතිනුත් ලංකාවට වඩා බොහෝ වැදගත් රටකියි චීනෙටද වැටහෙමින් ඇති බව සවුත් ඒෂියා ඇලිලිසිස් වෙත ලියන කර්නල් හරිහරන් කියයි. ජිංපිං සහ මෝදී මෑතකදී බ‍්‍රසීලයේදී මුණ ගැසුණහ. විනාඩි 80ක් පැවති ඒ හමුවෙන් පසුව දෙරට අතර නව සම්බන්ධතා ගැන සිතා බලන්නට දෙදෙනාම එක`ග වූ බව කියවේ. ජිංපිං දැන් සැප්තැම්බර් මාසේදී ඉන්දියාවේ සංචාරය කරන්නටද එක`ග වී ඇත.

මේ විශාල බලවතුන් දෙදෙනා අතර සම්බන්ධතා වර්ධනය වුවහොත් ලංකාව වැනි අනික් දකුණු ආසියානු රටවලට ඒ යථාර්ථයට මුහුණදීමට සිදු වන බව හරිහරන් විශ්ලේෂණය කරයි. ඒ යථාර්ථය කුමක්දැයි අපි හරියට නොදනිමු. අතිවිශාල ණය කන්දක් නම් චීනෙට ගෙවන්නට ඇත. ඒ ණය දාහෙ කොළවලින් ගෙන අසුරන්නට හම්බන්තොට ශ‍්‍රීමත් මහින්ද රාජපක්ෂ වරායත් මදිවේ.

ඉන්දියානු සාගර කලාපයේ නාවික හා මුල්‍යමය කේන්ද්‍රය හැටියට ලංකාව ගොඩ නැගීමේ අපේ සංකල්පය සමග මේ කලාපය පිළිබඳ චීන පරිකල්පනය සෑහෙන තරම් දුරට පෑහීම ලංකාවේ මිතුරා ලෙස චීනයේ මතුවීමට එක හේතුවකි. මේ පෑහීමෙන් වාසිගන්නට අපිත් කල්පනා කළෙමු. චීනය ලංකාවේ, බංග්ලාදේශයේ සහ පාකිස්ථානයේ වරාය සංවර්ධන ව්‍යාපෘතිවලට විශාල වශයෙන් ආයෝජනය කළේ හුදෙක් වෙළඳ කටයුතු සඳහාම නොව මිලිටරි උපායික කටයුතු සඳහාද බව ඉන්දීය විශ්ලේෂකයෝ කලෙක සිට කියති. කර්නල් හරිහරන්ද අගෝස්තු 4 වැනිදා ලියූ ලිපියෙහි එසේ කියයි. ඔහු තව දුරටත් ඉ`ගි කරන්නේ අපේ අයගේ මෑත කාලීන චීන ගැතිකම නිසා ඉන්දු-ලංකා සම්බන්ධතාවල සමබරතාව ගිලිහී ඇති බවයි. කලාපීය භූ දේශපාලනයේ ”විශාල චිත‍්‍රය” දැකීමට හෙවත් එය සමස්තයක් ලෙස වටහා ගැනීමට අපේ එක්කෙනාගේ ඇති ”අසමත්කම” මීට හේතුව යැයි මේ ඉන්දීය විශ්ලේෂකයා කියයි. ඔහු දකින හැටියට චීන තර්ජනය වෙත ඉන්දියාව ඉදිරිපත් කරනු ඇත්තේ ලංකාවේ අවස්ථාවාදී චීන ගැතිකමට වඩා සාකල්‍යවාදී වැඩපිළිවෙලකි. මීට හේතුව ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය හා විදේශ සේවය අපට වඩා ගැඹුරු වෘත්තීයභාවයකින් යුතු වීමයි. පවුලේ හිතවතුන් හෝ පවුලේ හිතවත් පවුල්වල හිතවතුන් විදේශ සේවයට උන්හිටි ගමන් පත් කර යැවීමේ එදාවේල විදේශ ප‍්‍රතිපත්තියක් ඉන්දියාවේ නැත. ඒ නිසා අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ කී නම් ලැයිස්තුවේ සිටි අය ඇත්තටම පිටරටවල ගොස් කරන්නේ මොනවාදැයි සොයා බැලිය යුතුය. දිසානායක මහතා කීවේ මාගලක් විතර නම් ලැයිස්තුවකින් කොටසක් පමණි.

හරිහරන් සිය ලිපිය අවසන් කරන්නේ ඉන්දු-චීන- ලංකා ත‍්‍රිකෝණ සම්බන්ධය සාර්ථක කර ගැනීමට නම් ඉවසීම සහ අවබෝධය අවශ්‍ය බව කියමිනි. ඒ දෙකම අඩුම රට වන්නේ මේ තුනෙන් කුඩාම රට බව පෙනෙන්නේ තමන්ගේ තරමටත් වැඩි විශාල ව්‍යාපෘතිවලට බක බක ගගා පනින්නේ ඒ රට නිසාය. ඒ රටේ ඇමති කෙනෙකු වන චම්පික රණවක මහතා මේ කරන ”සංවර්ධනය” සංවර්ධනයදැයි අසන්නට පටන්ගෙන තිබෙන්නේද ඒකය. එයාලා එහෙම අසන්නේ අවංකවදැයි අපි නම් නොදනිමු.

ජනතාව නම් මේ ත‍්‍රිකෝණ සම්බන්ධය හෙමින් සැරේ සලකා බැලිය යුතුය. ඉන්දු-චීන සම්බන්ධය කිරිපැණි සේ පෑහුණහොත් වෙන්නේ මාර වැඩකි. දෙමළ ජනතාවට ලංකාවේ ප‍්‍රශ්නයක් ඇතැයි ඉන්දියාව කියන විට චීනයද එය අනුමත කරනු ඇත. චීනය අපට ණය දෙද්දීද අප ගත් ණයට පොලිය හද්දීද අපේ මානවහිමිකම් වාර්තාව පරීක්ෂා කරනු ඇත. අය්යලා මල්ලිලා කට්ටිය නම් තව අවුරුදු කීපයකින් ”හරිහම්බ කරගත්” මහා ධනයත් රැුගෙන ෂීෂෙල්ස් වත් යනු ඇත. ධනපති හොරුන්ට ධනය රැුස්කිරීම නිසා ද`ඩුවම්දීම යනු ඇමරිකාවේ සිරිතක් නොවන නිසා එහෙ උනත් යන්නට බැරි නැත. චොරබොර වූ ඉන්දියානු සාගරයේ දූපතක තනි වූ අපේ දරුවන්ට සහ දරුවන්ගේ දරුවන්ට ණය බර අදින්නට සිදු වනු ඇත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Modi and chinese PM’s are already Machans. India and china already have and will have enhanced relations. Neither of the countries would go to war with each other.

    But both the countries are engaged in an economic war. India consider SL as an indian economic space, india’s market and that SL should depend on India economically. And it is true we have to depend on them.
    Therefore the inroads of chinese into SL is more abt economic in nature and not about defence. The economic matters will not rest even if Modi and chinese PM become best of best friends.

    There is a reason chinese PM is visiting SL for the first time along with enhanced india-china bhai bhai. :)

    And anothe thing, for SL china will forever remain as an important ally.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.