19 April, 2024

Blog

මහ බැංකුව වටලමුද?

මහේෂ් සේනානායක

මහේෂ් සේනානායක

මහේෂ් සේනානායක

රටක මූල්‍ය ප‍්‍රතිපත්ති හා ඒ තුලින් ඇතිවන නිසි මූල්‍ය කළමණාකරනයකින් තොරව එරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම අති දුෂ්කරයග මූල්‍ය පද්ධතියල බැංකුල අනෙකුත් මූල්‍ය ආයතන හා රක්ෂණ ප‍්‍රමුඛ රටේ සමස්ත නිෂ්පාදනයල පරිභෝජනය ඇතුලු සියලු ආර්ථික සේවාවන්ගේ මෙහෙයුම් මධ්‍යස්ථානීය කේන්ද්‍රය වන්නේ එ රටේ මහ බැංකුව Central Bank හෙවත් මධ්‍යම බැංකුවයි.

මෙරට මහ බැංකු අධිපතිවරයා ඉංග‍්‍රීසියෙන් භාෂාවෙන් හදුන්වන නිළ නාමය වන්නෙ Governor යන්නයි. සාමාන්‍ය බැංකුවක කළමණාකරුවා යන අර්ථයට වඩා ශ්‍රේෂ්ඨ තනතුරු නාමයක් මේ නිලයට දී තිබෙන්නේ නිකම්ම නිකන් නොවේ.

උසස් පෙළ ආර්ථික විද්‍යාවට ටියුෂන් දුන් ගුරුවරුන් බැංකු කරුවන්ගේ බැංකුව ලෙසද මහ බැංකුව හැඳින්වුවත් මහ බැංකුවේ කාර්යභාරය අතිශය දැවැන්තය. පුරවැසියාගේ හුස්ම වැටීමේ සිට හුස්ම නැවතීම දක්වා ලෞකික රාජ්‍යයක් තුළ Secular State සියලු කටයුතු සම්බන්ධීකරණය, සමස්ත ආර්ථිකය පිළිබඳ අධ්‍යයනය කිරීමල උපකල්පනය කිරීම පමණක් නොව සමස්ත සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට මගපෙන්වන්නේද මහ බැංකුවයි. මේ තත්වය නිසා කිසියම් රටක මහ බැංකුවට හෝ එහි අධිපතිවරයාට ආර්ථික කටයුත්තක් නිමිත්තෙන් ආන්දෝලනාත්මක විවේචන ජනමාධ්‍ය ඔස්සේ එල්ල කරන්නේනම්, එරට ආර්ථික වගකීම් අරබයා ජාත්‍යන්තරව මැවෙන ප‍්‍රතිරූපය කිසිසේත් සුබවාදී නොවේ. මේ කරුණම වෙනත් අන්දමකින් පවසන්නේ නම් මහ බැංකුව හෝ එහි අධිපතිවරයාගේ රාජකාරිමය කටයුතුවල ගැටලුවක් ඇත්නම් වගකිවයුතු පුරවැසියන් කළයුත්තේ, ඒ ගැටලු වලට අප‍්‍රසිද්ධියේ විසඳුම් යෝජනාකර, රට ජාත්‍යන්තර අසාදු ලේඛනයට යෑමෙන් වැලැක්වීමයි.

මහ බැංකු අධිපති

මහ බැංකු අධිපති

ශ‍්‍රී ලංකාවේ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහ​ය තුල අවශ්‍යම නම් උසාවියට හෝ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට(FCID) අප‍්‍රසිද්ධියේ පැමිණිල්ලක් කිරීමේ හැකියාව පවා වගකිවයුතු පුරවැසියෙකුට කළ හැකි කාර්යයකි.

මේ ලියුම්කරුගේ අරමුණ, හිටපු මුදල් ඇමති, අමාත්‍යාංශ ලේකම් හෝ මහ බැංකු අධිපතිතුමා හෝ අන් කවරෙකුවත් බාල්දු කිරීමට හෝ වත්මන් මුදල් ඇමති, අමාත්‍යාංශ ලේකම් හා මහබැංකු අධිපතිට සුදුහුණු ගෑම නොවේ. ශ‍්‍රී ලංකාවල ආර්ථික ගෝලය තුල අසාදු ලේඛනයට යාමෙන් හෝ එවැනි උත්සාහයන්ගෙන් බේරා ගැනීමේ පැහැදිල චේතනාවක්ම පමණි. මේ කරුණු උදාහරණ සහිතව තරමක් විස්තර කිරීම වටී.

2015 ජනවාරි 8 දා පරාජය වූ ආණ්ඩුවට තම නියමිත නිල කාලය පවා ගෙනයාමට නොහැකි වූයේ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ආර්ථික අසාදු ලේඛනයට ඇතුල් වී තිබීම නිසා මිස වෙනත් දේශපාලන අර්බුධයන් හේතුවෙන් නොවේග කෙටියෙන් කිවහොත් එකල මහබැංකුව තුල පවා විනයක් හෝ නවීකරණයක් නොවු බව ජාතික දේශපාලනයට කලින් ජාත්‍යන්තර දේශපාලනය අවබෝධ කරගෙන තිබුණි. GSP + සහනය නැතිවී යාම, මත්ස්‍ය තහනම වැනි සිද්ධි එකල රටේ විනය පිළිබඳ තිබුණ ගැටලුවල ගෝලීය ප‍්‍රතිඵලයයි.

සංස්කෘතික සිහින තුල කවුරු පුරසාරම් දෙඩුවත් ආර්ථික වශයෙන් අපේ රට පැවත එන්නේ ණය ගැනීම් + ණය වාරික+ පොලී ගෙවීම් යන දුෂ්ඨ චක‍්‍රය වටා ය. පසුගිය ආණ්ඩු සමයේ එම තත්වය වඩාත් භයානක කලාය යන චෝදනාව මුසාවක් නොවන බව බොහෝ මධ්‍යස්ථ පුර වැසියන්ගෙ අදහසයි. කරුණු එසේ නම් වත්මන් ආණ්ඩුව පොදු ජනයාගේ තේරීමක් බැවින් පොදු ජන යහපතට පිටින් ඇති ආර්ථික ක‍්‍රියාවල ආණ්ඩුව නොයෙදෙන බව පොදු ජනයා පිළිගනී.

නව ආණ්ඩුවේ මහ බැංකුව හෝ එහි අධිපතිවරයා බැඳුම්කර නිකුතුවේදී මූල්‍ය විනයට හානිකර ඇතැයි මහා කලබගෑනියක් ගෙන යන කාණ්ඩ දෙකක් අප හඳුනාගෙන සිටී. පළමු කාණ්ඩය පරාජිත ආණ්ඩුවේ හිත්වේදනාව සහිතව නැවත බලය සඳහා ඉව අල්ලන පිරිස්ය. දෙවන කාණඩය වන්නේ මූල්‍ය විනය ගිලිහී ගිය යුගයේ බැඳුම්කර හා බැඳුනු ඉහළ පෙළේ දුෂිත ව්‍යාපාරික කල්ලියයි. මීට අමතරව ජනවාරි 8 ජයග‍්‍රහණයේ පියවරුන් ලෙසට පෙනී සිටීමට උත්සහ ගන්නා අහංකාරයින් කීප දෙනෙකුද නැතුවා නොවේ.

පොදුවේ ගත් කල මේ කාණඩ එක වල්ලේ පොල් බඳුය. ඔවුන් මහ බැංකු අධිපතිවරයා ගෙදර යනු කියා මොර දෙන්නේ ජන බලයෙන් පත්වූ ආණ්ඩුව දුබල කිරීමේ යටි අරමුණින් මිස මහබැංකු අධිපතිවරයා සමග ඇති ආරොවකට නොවේ. එසේ වීමෙන් සිදු වන්නේ නැවතත් දුෂිතයන්ට හිස එසවීමට ඉඩ තැබීමයි.

මහ බැංකුවේ නිලධාරීන් යනු තරග විභාගයකින් තෝරා ගන්නා, ආර්ථික කටයුතු පිළිබද දේශීය හා ජාත්‍යන්තර පුහුණුවකින් හෙබි සහ එම විෂය පථය පිළිබඳ ලංකවේ සිටින හොදම සහ දක්ෂතම පිරිසයි. නමුත් එවැනි බුද්ධිමත් චරිත වෙත විවේචන එල්ල කරන බහුතරයක් දෙනා ආර්ථිකය ගැන කිසි දෙයක් නොදන්නා අයවලුන්ය. ලංකවේ ආර්ථිකය ගැන සද්භාවයෙන් ධනාත්මක විවේචනයක් කරනවා වෙනුවට බහුතරයක් දෙනා කර ඇත්තේ පටු දේශපාලනික අරමුණු මුදුන් පමුනවා ගැනීම වෙනුවෙන් මහ බැංකුවේ නිලධාරීන් නිර්දය ලෙස විවේචනය කිරීමයි. එහි අවසන් ප‍්‍රතිපලය වන්නේ එම නිලධාරින්ද විවිධ දේශපාලන පක්ෂ සම්බන්ද කර ගනිමින් ඔවුන්ට විවේචනයක් එල්ලවේයැයි බියෙන් සමහර ආර්ථික තීරණ සම්බන්ධයෙන් මහජනතාව ඉදිරියේ පෙනී සිටීමට බිය වීමයි. මෙවැනි සිදුවීම් සිදු වනවිට එම නිලධාරීන්ට තම වෘත්තිමය ගරුත්වය ආරක්ෂා කිරීම සදහා දැඩි අරගලයක නිරත වීමට සිදුවී තිබේ.

බුද්ධි ගලනය වලක්වාගැනීම ට ජාත්‍යන්තරය ජයගත් බුද්ධිමතුන්ට ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නයැයි වත්මන් රජය ආරාධනා කර ඇත. නමුත් මෙවැනි නිර්දය විවේචන මගින් සිදුවන්නේ අනාගතයේ මෙරටට ඒමට බලාපොරොත්තු වන බුද්ධිමතුන් ද රටට නොපැමිණි සිටීමයි.

පසුගිය රජයන්ගේ අත්තනෝමතික ආර්ථික තීරණ හේතුවෙන් ලංකාව ආර්ථික අගාධයකට වැටී තිබුණි. අප අදටත් වන්දි ගෙවන්නේ එම වැරදි තීරණ වල ප‍්‍රතිපලයි. ඒමනිසා දැන් කල යුතුව ඇත්තේ මහ බැංකුව වැටලීම නොව එම ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට වර්තමාන මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් ට හා පාලකයින්ට උදව් කිරීමයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.