24 April, 2024

Blog

අරගලයේ දිශානතිය සහ බලය

මහින්ද ගුණරත්න​ –

සති දෙකකට අධික කාලයක් තිස්සේ අඛන්ඩව පවත්වාගෙන යනුලබන ගෝල්ෆේස් අරගලය නොහොත් “ගෝඨාගෝගම” අන්දරය පිලිබඳ අටුවාටීකා ලිවීම අනවශ්‍යය. එළඹෙන දිනයේදී මෙම නවපන්නයේ තරුණ අරගලය අඛන්ඩ ජයග්‍රහන අප මාතෘභූමිය වෙත ගෙනඒමට නියමිතය. එය අපගේ මහජන නැගිටීම් පිලිබඳ පක්ෂවාදී පිලිවෙත සහමුලින්ම පෙරලාදමා නව අධිවේගී පිවිසුමක් සකසා ඇතිබව පැහැදිලිය. දැනුවත්ව හෝ නොදැනුවත්වම මුළු රටම එම අරගලයේ මාවතට පිවිසඇති අතර බලකාමී දූෂිත රාජපක්ෂ රෙජිමය තනි අතකින් මහා ගංගාවක් හරවන්නට උත්සාහ කරනුයේ මුග්ධභාවයේ කඩතුරාවෙන් ඔවුන් අන්ධ වී සිටින බැවිනි. රට තුල මෙන්ම විදේශයන්හිද බුර බුරා නැගෙන රාජපක්ෂ විරෝධය අපට තහවුරු කරනුයේ චෞර රාජ්‍යයේ පවුරු පදනම් දෙදරා ගොස් ඇති බවයි. ඔවුන් තවමත් ඉවත්ව යාමට සූදානම් නැති නමුත් නින්දිතව පලා යාමට සිදුවන බව ඉතා පැහැදිලිය.

අපගේ කෙටිකාලින දේශපාලන ඉතිහාසය තුල තරුණ අරගල පිලිබඳ මතකය අතිශයින්ම සාහසිකය, කෘරය, බියකරුය. ඒ නිසාමදෝ පසුගිය දශකය තුල තරුණ දේශපාලන ක්‍රියාකාරිත්වය මන්දගාමී සහ පාක්‍ෂික දේශපාලනයකට ලඝු විය. නමුත් තරුණ බහුතරය සමාජ මාධ්‍ය මත පදනම්ව ඇඟිලි තුඩින් විප්ලව කරන්නන් ලෙස හඳුන්වා දෙනු ලැබීය. නමුත් එම ඇඟිලිතුඩු, ඉතා බලසම්පන්න යැයි හඳුන්වාදුන් රාජපක්ෂ රෙජීමය නිවාස අඩස්සියේ තැබීමට අවශ්‍ය කරන ජවය සහ මගපෙන්වීම ගෙනඑනු ලැබීය. දිවයිනේ නන්දෙසින් ඇරඹී අගනුවර වීදි යටකරගෙන ගලන මහා ජනගඟ ගාලු මුවදොර කරා ගලනුයේ සයුර කරා ඇදීඑන මහා ගංගාවන් ලෙසිනි. මෙම නිදහසේ ජලධාරාවන් අප පෙළන මෙම දූෂිත චෞර රාජ්‍යයෙහි පවුරු පදනම් පෙරළා දමා කුණු වී දුගඳ හමන්නාවූ පවතින ජඩ දේශපාලනය මුලිනුපුටා දැමීමට නියමිතව ඇත.

අන්ධභක්තියෙන් යුතුව කතිරගැසීමේ දේශපාලනයේ සිට අඛණ්ඩ වාඩිලාගැනීමක් දක්වා රාජ්‍යය වෙනස්වීම සඳහා ගතවූයේ වසර දෙකක් පමණි. එතැන් සිට වාඩිලා ගන්නන්ගේ අවශ්‍යතාවය හදුනාගෙන ඒ අනුව පාලන තන්ත්‍රය සැකැසිය යුතු බවට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ අවබෝධ කරගැනීමට සහ එවැනි පාලනයක් සැකසීමට සුදුසු මංපෙත් සොයා බැලීමට ගතවූයේ සතියකට අඩු කාලයකි. වෙනදා දේශපාලකයාගේ කීමට අනුව කටයුතු කරන ජනතාව තමන්ට ඇවැසි ආකාරයට පාලකයා ව හැසිරවිය හැකිබව අවබෝධ කරගැනීම මෙම අරගලයේ අතිශයින් ම වර්ධනීය අවස්ථාවයි. මෙම අරගලය ඉදිරියට ගෙනයමින් දුෂ්ඨ පාලන තන්ත්‍රය වනසා දමා පත්කර ගන්නා වූ නව පාලනය සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහලම අංග ලක්ෂණ වලින් සමන්විත දියුණු රාජ්‍යයක ව්‍යුහයෙන්, ධුරයන් හා ක්‍රියාවලීන්ගෙන් සමන්විත වන බවට වගබලා ගැනීම අප සැමගේ වගකීම වේ. ඒ සඳහාවන පලමු කොන්දේසිය වනුයේ අබන්ඩ අරගලය සමග අපගේ උසස්ම බලාපොරොත්තු විධිමත්ව බද්ධ කර අදාල වෙනස්කම් මහපොලවේ පැල කිරීමට පෙරමුණ ගැනීමය.

ඒ අනුව අප සමාජයේ සියළුම ජන කොටස්, විවිධ සමාජ සංස්ථාවන්, ස්ථරයන් සහ සමාජ දහරාවන් තරුණ ජවය සමඟ ඒකාත්මික වෙමින් ඔවුන් හා එක් වීමට ග්‍රාමීය, ප්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමින් බලකඳවුරු තර කරමින්, මහමඟ අරගල භූමිය කරගනිමින් අගනුවර කර ඇදෙමින් පවතී. අඛණ්ඩ වාඩිලා ගැනීම විසින් බොහෝ සුවපහසුව වැතිරීසිටි පාලකයා සිංහාසනයෙන් බිමට ඇදදමන දිනය වැඩි ඈතක නොවේ. ඒ සමගම දශක ගණනාවක් කුඨප්‍රාප්තිව පැවති දේශපාලන මතවාදයන්, භාවිතයන් මෙන්ම පාලන තන්ත්‍රයන් ද අහෝසි වී යනු ඇත. 73 වසරක සාපය අවසන් කිරීම සඳහාවන ජනතා හඬ අපට පැහැදිලි කර දෙනුයේ එයයි. එයට තමන් අයිති නැතය යි ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන මෙන් බල තන්ත්‍රයේ සෑම පුරුකකම පරම වගකීම බව අප හඬගා කිව යුතුය.

දූෂිත රාජපක්ෂ රෙජිමයේ දේශපාලනය අප රට විනාස කිරීමට මෙන් ම සිහිය විකල් වී සිටි ජනයා අවදි කිරීමට ද හේතු වූ බව මෙහිලා සඳහන් කරනුයේ ඉදිරියේ එන කවර පාලකයකුට වුවද කරන අනතුරු ඇඟවීමක් ලෙසිනි. බලය දුන් කෙනා විසින්ම බලය ආපසු ගන්නා බවට මෙය කදිම උදාහරණයකි. පාලකයින්ගේ අසාධාරණය හා අයුක්තිය හමුවේ තවදුරටත් නිහඬව සිටීමට අප සූදානම් නැති බව අප හඬගා කියමු. එසේම අප ඔවුන්ගේ අනුගාමිකයින් නොව ඔවුන් අපගේ සේවකයින් බව පාලකයින් සියලු දෙනාම වටහා ගත යුතුය.

පවතින විකෘති ප්‍රජාතන්ත්‍රවාදයේ සරදම වනුයේ පවතින පාලන තන්ත්‍රය පවතින පාර්ලිමේන්තුව තුළින් ම වෙනස් කර ගැනීමට සිදුව තිබීමය. රාජ්‍යය මුහුණ දී තිබෙන බරපතළ ආර්ථික, සමාජීය, හා දේශපාලනික අර්බුදයේ ගැඹුර විසින් විපක්ෂයේ කොටස් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තල්ලුකර ඇතිබව පැහැදිලි ය. නමුත් මෙම ක්‍රියාවලිය ඉතාම කඩිනම් විය යුතුය. හැම දිනකම අප මහා ඛේදවාචකයක් දෙසට ගමන් ගන්නා බව පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය කරන්නන් දැනගත යුතුය. එසේම කෙටිකාලීන ජයග්‍රහණ දිගුකාලින ජයග්‍රහන සඳහා පදනම් සකසන බවද එය රැඳී පවතිනුයේ පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවකින් පමනක් බවද යන්න සරල ගණිත අවබෝධයකි. මන්ද යත් මේ මොහොතේ සුළුතරය බහුතරය වෙනවා විනා අලුත් මැතිවරණයකට යාම කිසිසේත්ම පහසු ක්‍රියාවක් නොවන බැවිනි.

කෙසේ නමුත් අපට තිබුණු ස්වර්ණමය අවස්ථාවක් විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කළ බව ඔවුන් තේරුම් ගත යුතුයි. එනම් අරගලයේ පළමු සතියේ දී අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වූ අවස්ථාවේ දී ආණ්ඩුව ඉතාම දුර්වලව පැවති නමුත් විපක්ෂය විසින් රාජ්‍ය බලය භාරගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබීමය. ඒ සඳහා ඔළුගෙඩි එහාමෙහා කළහැකි බව සහ එසේ ඒමට කැමති අය රජය පාර්ශවයේ සිටි බවද අප සැවොම දන්නා කරුණකි. ඒ වෙනුවට ජනතා වරමක් පැතීම මුග්ධ ක්‍රියාවක් බව මේ වනවිට තහවුරු වී ඇත. එබැවින් විශ්වාසභංග හරහා, දෝෂාභියෝග හරහා විපක්ෂයට දැන් කිරීමට සිදුව ඇත්තේ ද ඔළුගෙඩි මාරුවකින් පාර්ලිමේන්තුව ඇතුළේ බලය තහවුරු කරගැනීමය. නමුත් ආණ්ඩුව දුර්වලව පැවතියේ ජන බලය හමුවේ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීම සිදුවූ අවස්ථාවේ මිස ඉන් පසු සතියේ නොවන බව විපක්ෂයේ කිහිප දෙනෙක් රජයට එක් වීමෙන් ඔප්පුකර පෙන්විය.

රටට සිදුවූ විනාශයට පසු දිනයේ සිට ආණ්ඩුවට බැන වදිනවා වෙනුවට ආණ්ඩුපක්ෂයෙන් දැන් එකතුකර ගැනීමට මාන බලන කොටස එකතු කරගෙන එදා ආණ්ඩුවට බහුතරය නැති බව තහවුරුකර පාර්ලිමේන්තුවේ බලය ඉතා පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබුණු බව පැහැදිලිය. මේ සඳහා රාජපක්ෂ රෙජීමයට තිබෙනවාට වඩා දේශපාලන පරිණතභාවයක් සහ භාවිතයක් විපක්ෂයට තිබිය යුතුය. ඩීල් දේශපාලනය මෙම මොහොතේදී අවශ්‍යවන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත මෙම ගැටය ලිහා ගැනීම ඉතාම සංකීර්ණ මෙන්ම අවදානම් කාරණයක් වන බැවිනි. එසේම මං සුදනා රංගනය තවදුරටත් වලංගු නොවන බවත් විධායකයේ සහ ව්‍යාවස්ථාදායකයේ සෑම දෙනාගේම දෑත්වල යහමින් ලේ තැවරී ඇති බවත් ඔවුන් අවබෝධ කරගත යුතුය. අධිකරණයද නාමික ස්වාධීනත්වයෙන් එහාට යමින් ජනතාවට පක්ෂපාතීවීම සහ ජන අරගලය ආරක්ෂා කිරීමට සක්‍රීයව දායක වීම සිය වගකීමව ඇත. ඒ සඳහා අධිකරණය විධායකයෙන් මුළුමනින්ම ස්වාධීන කිරීම හා පවතින නීති ක්‍රමයේ බරපතල සංශෝධනයන් කිරීමද අත්‍යවශාව ඇත. මෙය පොලිසිය, ත්‍රිවිධ හමුදාව ඇතුලුව සමස්ථ රාජ්‍ය තන්ත්‍රයටම අදාලය.

නූතන ප්‍රජාතන්ත්‍රවාදය අනුව බලය ගොඩ නැගෙන්නේ ඔළුගෙඩි තුළිනි. ඡන්දයේදී වැඩි ඔලුගෙඩි ගණනක් ගන්නා පක්ෂය ජයග්‍රහණය කරයි. නමුත් පාර්ලිමේන්තුව තුළ ඔලුගෙඩි එහා මෙහා කර රාජපක්ෂ රෙජීමය ජනතා පරමාධිපත්‍යය කිළුටු කළේ වරක් දෙවරක් නොවෙයි. මුළු රටම මෙවන් බරපතල අර්බුදයක ගිලී තිබියදී පවා ඔලු ගෙඩි මාරුකර කැබිනැට්ටු සකසන්නේ දේශපාලන කුමන්ත්‍රන ඔවුන්ගේ ජම්ම ගතිය වන බැවිනි. කෙසේ වෙතත් ඌරාගේ මාළු උගේ ඇඟේම තබා කැපීමේ කලාව විපක්ෂය තවම ඉගෙනගෙන නැති හැඩයි. නමුත් පාර්ලිමේන්තුවට ගෙනඑනවා යැයි කියන විශ්වාසභංගය සහ දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා ඔවුන්ට හෙට දිනයේ මෙය කිරීමට සිදුවෙනු ඇත. නමුත් එතරම් දුෂ්කර ගමනක් මෙවන් දුෂ්කර අවස්ථාවක යනවා වෙනුවට පළමු සතියේ දී ම පාර්ලිමේන්තුවේ බලය ඩැහැ ගත්තා නම් රාජපක්ෂලා මේ වන විට ගෙදරය. එබැවින් හැකි පළමු අවස්ථාවේම පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම ජනතා අරගලය වෙනුවෙන් විපක්ෂයට මේ මොහොතේ දී කළ හැකි උසස්ම මෙහෙයයි. එසේ නොවුණහොත් ගෝඨා මෙන්ම 225ම ගෙදර යා යුතු යැයි වන වාඩිලා ගත් තරුණයන් ගේ මතය ඔබ තහවුරුකලා වනු ඇත.

ලද පළමු මොහොතේම බලය ලබා නොගැනීම තුල සිදුව ඇත්තේ අලුත් කැබිනට්ටුවක් හරහා රාජපක්ෂ රෙජීමය තව දින කිහිපයකට හෝ ස්ථාවර වීම පමණි. නමුත් සෑම අඳුරු වළාකුළකම රිදී රේඛාවක් ඇතැයි කියන්නා සේ එසේ නොකිරීමෙන් ලද යහපත ද අප හඳුනාගත යුතුය. එනම් පාර්ලිමේන්තුවේ කුමන ක්‍රියාවලියක් සිදු වුවද තමන්ගේ අරගලය අත්හැර දැමීමට ජනතාව සූදානම් නැති බව ඉතා ධෛර්යය සම්පන්නව දිනපතාම තහවුරු කර සිටීමය. තවද මෙවනි නිර්පාක්ෂික දේශපාලනික ක්‍රියාවලිය විසින් පවත්නා දේශපාලනයට නව අර්ථකථන සහ නව ප්‍රවේශයන් හඳුන්වාදීමට හැකිවීම ය. පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලයක් සඳහා වන සටන් පාඨ රැව් පිළිරැව් දීමය. අතිශයින්ම ප්‍රගතිශීලී මෙම ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදය, මානව ගරුත්වය, සහ සංවර්ධනය සදහා වන අපගේ උසස්ම බලාපොරොත්තු සනිටුහන් කරයි.

පාර්ලිමේන්තුවේ දැනට සිටින කතා සාප්පු කාරයන් ඔවුන්ගේ කාර්යය ඉටුකර බැහැර යන දිනය වැඩි ඈතක නොවනු ඇත. මෙම දූෂිත ක්‍රමයේම කොටසක් වන විපක්ෂයට අලුතින්ම හිතා බලා අලුත්ම ක්‍රියාමාර්ග ගැනීමට අරගලය විසින් බල කර ඇත. එසේම දිග්ගැසෙන අරගලය විසින් අලූත්ම පන්නයේ සමාජ ක්‍රියාකාරීන්, සමාජ සම්බන්ධතා හා අලූත් දේශපාලන නායකයින් හඳුනා ගනු ඇත. අපගේ හෙට දවස ගොඩනැගෙනු ඇත්තේ ඔවුන් අතරින් මතුව එන ජනතාවාදි, පුලුල් දැක්මකින් යුත් නායකයින් විසිනි. එබැවින් අලුත්ම පාලන තන්ත්‍රයකට අවැසි කරන අලුත් නායකයින් බිහි කරන තරුණ අරගලය විසින් පක්ෂ දේශපාලනය අතික්‍රමනය කරන, සම්ප්‍රදායික බල කේන්ද්‍රයෙන් එපිටට යන මහජන ව්‍යාපාරයක් විසින් සියලු බලය මහජනයා වෙතට ලබා ගන්නා දිනය වැඩි ඈතක නොවනු ඇත. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ, ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ බලය මිස පාලකයාගේ කැමැත්ත නොවන බව තහවුරු වෙන සමාජයක් දක්වා අපගේ අරගලය අප ගෙන යා යුතුය. සක්‍රීය පුරවැසි ක්‍රියාකාරිත්ව පාලන තන්ත්‍රයේ අත්‍යවශ්‍ය අංගයක් බව ද සංවර්ධනයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය ජනතා සහභාගිත්වයෙන් තොරව නොකල හැකි බව ද අප ව්‍යවස්ථාපිතව සහ ක්‍රියාත්මකව තහවුරු කර ගත යුතුය.

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    0

    Dear Mr Gunaratne,
    .
    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන සමාජයකට අප අපගේ අරගලය ගෙන යා යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදය යනු පාලකයාගේ කැමැත්ත නොව ජනතා බලයයි. සක්‍රීය පුරවැසි ක්‍රියාකාරීත්වය පාලනයේ අත්‍යවශ්‍ය අංගයක් බවත්, ජනතාවගේ සහභාගීත්වයෙන් තොරව සංවර්ධන තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදු කළ නොහැකි බවත් අපි සහතික කළ යුතුයි.”

    අපගේ යෞවනයන් විසින් සිදු කරන ප්‍රගතිය ගැන අපි ආඩම්බර වෙමු. ඔවුන් පළමු මුල්ගල තැබුවේ, ඉතිරිය තමන් විසින්ම පරිණාමය විය යුතු පරිදි ය, අපි අතිශයින් දූෂිත සාම්ප්‍රදායික දේශපාලනයෙන් මාරාන්තික අන්තයට පැමිණ ඇති බව හෙළි කරයි.

    අපේ රටේ අපේ ජීවිත කාලය තුළ සිදු වන තෙක් මම හරියටම බලා සිටියේ එයයි. මම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිහිප දෙනෙකු සමඟ කතා කළේ ඔවුන්ට කියන්නට ඇති දේ තෝරා ගැනීමටයි – ඔවුන් එය බටහිර විලාසයේ පැහැදිලි වෙනස්කම් සඳහා අරගල සමඟ සංසන්දනය කරයි. සමහරුන්ට ඒක හීනයක් වගේ දැනෙනවා.
    අපේ මිනිස්සු කිසිම දෙයක් ගැන හිතන්න වෙලාවක් ගන්නේ නැහැ. ඔවුන්ගේ චින්තන ස්වභාවය සුසමාදර්ශී වෙනසකින් වෙනස් විය යුතුය. අද තාරුණ්‍යය තම ලේ සහ දහඩිය පරදුවට තබමින් පළමු පියවර තබා ඇත- මේ වන විට තවත් ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් ඉදිරි සති කිහිපය තුළ තවත් බොහෝ දේ අත්කර ගැනීමට හැකි වී තිබේ. අපේ රටේ සාම්ප්‍රදායික දේශපාලනය නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සෘජු මැදිහත්වීමෙන් දේශපාලනඥයන් බවට පත්වීම බොහෝ විට දේශපාලන වශයෙන් ගත් කල දැනුමේ අඩුවක් හෝ දැනුමක් නොමැති වීමයි.

    to be c

  • 3
    0

    continuing.
    .
    ඕනෑම ඇදහිලිවන්තයෙකුට තම තමන්ගේ මාර්ගයට යාමට ඉඩ දෙමින් අනවශ්‍ය ලෙස ආගම ඇදහීමෙන් සමාජය වෙන් කළ යුතුය. එම නිල් මැස්සන් හෙවත් ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයින් සහ ඔවුන්ගේ අනාවැකි සමාජය සුනාමි බිමක් බවට පත් කරයි, සෑම දිනකම පාහේ. ඒවා ආයතන දෙකටම අන්‍යෝන්‍ය ව්‍යාපාරයක් වන බැවින් ඒවා ප්‍රධාන ප්‍රවාහ රූපවාහිනී මාධ්‍ය නාලිකාවලට හොඳින් සම්බන්ධ වී ඇත.
    බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස සමාජයේ මතුවන අයව ඔවුන්ගේ රාමුවෙන් ඔබ්බට නොදැමිය යුතුය, මන්ද එවිට ඔවුන් භික්ෂූන්ට වඩා ගිහියන් බවට පත් කරන බැවිනි. සිංහල භාෂාවේ සාමාන්‍ය කියමනක් තිබේ, බූරුවා බල්ලෙකු වෙනුවට වැඩ කිරීමෙන් වැළකී සිටිය යුතු නැත. අවාසනාවකට මෙන්, අන්තර්ජාලය ලෝකය විප්ලවයක් කළ දා සිට අපේ සමාජයේ ආධිපත්‍යය දැරූ ෆැසිස්ට්වාදීන් සහ ජාතිවාදීන් සංස්කෘතිය ඊටත් වඩා ප්‍රවර්ධනය කරයි. අද, එහි සාරභූත බව කුමක් වුවත්, ඔවුන්ගේ YOUTUBE නාලිකා හරහා නව පැතිරෙන්නන් ඇත. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වන්නේ ඔවුන්ගේ වීඩියෝවලට වැඩි කැමැත්තක් උපයා ගැනීමෙන් ඔවුන්ගේ ඩොලර් ඉපැයීමයි, ඔවුන් රැකියාව කරන විට ඔවුන්ගේ වීඩියෝවල බලපෑම ගෞරවනීය නොවනු ඇත. සරල ලෝකවල, ඔවුන්ගේ ඩොලර් ගිණුම් පිරෙන තාක් කල් ඔවුන්ගේ ආදරණීයයන් රිදවා හානි කළත්, ඔවුන්ගේ ආරංචිය ප්‍රවෘත්ති ලෙස ප්‍රවර්ධනය කිරීමට පෙර ඔවුන් දෙවරක් සිතන්නේ නැත.

  • 3
    0

    රසවත් ලිපියක් මහින්ද ගුණරත්න මහත්මයා.මට නම් හැබැයි මේ රටේ ගොඩ ඒමක් පෙනෙන් නෑ මොකද ඉන්න මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතුව දේශපාලනය විතරක් වෙනස් කරලා අමාරුයි රට හදන්න.මොකද මේ රටේ විනාශයට දේශපාලනය, නිලධාරීන් ව්‍යාපාරිකයින් සහ ආගමික නායකයින් මහජනතාව අඩු වැඩි වශයෙන් දායකවෙලා තියෙනවා. මං හැමදාම හිතන්නේ ආර්ථිකේ හදන්නේ නැතුව කවදාවත් system change එකක් වෙන්නේ නෑ මිනිසුන්ගේ ඡන්දෙ ටකරමක්,ආහාර මල්ලක් රස්සාවක් වගේ පටු තාවකාලික දේවල් දීලා ගන්න බැරි වෙනතරමට අපි ආර්ථිකේ ඉහළට ගියේ නැත්නම් වැඩක් නෑ දැන් කාලේ තියන ප්‍රශ්න නැතිවෙයි අරගලයෙන් පස්සේ හැබැයි බටහිර රටවල් වල අපි දකින liberal නිදහස් මිනිසුන් මෙහෙ හැදෙන්නේ නෑ.හැබැයි මේ වෙලාවේ රාජපක්ෂලා එලවන ඒක මුලින්ම කරන්න ඕනේ මොකද උන් කල්මරල අල්ලගන ඉන්න හදන්නේ බලය ගන්න තියන මුල්ම අවස්ථාවේ ගන්න ඕනේ පස්සේ ලොකු නයක් වත් ලැබිලා ආර්ථිකේ හොඩ පැත්තට අවොත් මිනිසු අරගලේ අත්හරිනවා රාජපක්ෂලා එලවනවා බොරු

  • 3
    0

    වේයන් ගුහාවක් ගොඩනඟා ගන්නවා සේම, පොදු අරමුණක් සඳහා දිනපතාම පාහේ වැඩ කිරීමට මිනිසුන් එක්විය යුතුය. එය ජාතික ජයග්‍රහණ සඳහා දීර්ඝ කාලීන සැලැස්මකි. අපට එය කෘමීන්ගෙන් ඉගෙන ගත හැකිය.

    කෘමීන් අතර, වේයන් සහ මී මැස්සන්ගේ පොදු කාර්යයක් සඳහා ඔවුන්ගේ භූමිකාව බෙදීම අප කාටත් පැහැදිලිය. එසේම ඕනෑම රටක් නැඟී සිටීමට නම් ජනතාව ශක්තිමත් නායකත්වයක් පිටුපස සිටිය යුතුය. තවද මෙහිදී නීතිය හා සාමය සැකසීම්වල කාර්යභාරය වෙනත් ඕනෑම දෙයකට ඉහළින් තිබිය යුතුය. නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් පොලිසිය සහ එහි උපන් දූෂණය පිරිසිදු කළ යුතුය. රටේ නීතීඥයින් දැන් නිර්භීත වන අතර නිර්භීත තරුණයින්ට සහ ඔවුන්ගේ අරගලයන්ට ඔවුන්ගේ අසීමිත ආධාර ලබා දෙමින් ඉලක්ක තබා ඇත. එබැවින් නුදුරු අනාගතයේ දී පවතින නීතිය හා සාමය පද්ධති සඳහා නව ප්‍රතිසංස්කරණ සඳහා නීතිඥයින් නිසැකවම කටයුතු කරනු ඇත.
    .
    සෑම අස්සක් මුල්ලක් නෑරම විසිරී සිටින ජනතාව බිම් මට්ටමේ සිට රට පුරා එය විසඳීමට නායකත්වයට හැකි විය යුතුය, කලාපීය සංවිධාන හරහා ඔවුන් සම්බන්ධ කර ගනිමින් ආමන්ත්‍රණය කළ යුතුය. සියලු පාර්ශවයන්ට සහ ඔවුන්ගේ යහපත් මිනිසුන්ට පොදු අරමුණක් සඳහා පොදු සම්මුතියක් ගොඩනගා ගත හැකි නම් මෙය ගොඩනැගිය හැකිය. ඉතා කුඩා කාර්යයකට පවා සම්මුතියක් ගොඩනගා ගැනීම අප සමාජයේ උභතෝකෝටික ගැටලුවක් බවට පත්ව ඇත. ඒකයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රණ්ඩු සරුවල් කරගෙන ඉන්න හේතුව. එහෙත් ඒ අනුව නායකත්වයට ඔවුන් මෙල්ල කළ හැකි නම් පෞද්ගලික සමාගම් මෙන් ඔවුන්ට ඉදිරියට යා හැකිය. නායකයන් පැමිණිය යුත්තේ ආදර්ශවත් වාර්තා රැගෙනය. මේ මොහොතේ, වත්මන් ජනාධිපතිවරයා ජාතියේ සුළු ප්‍රශ්න පවා විසඳීමට අපොහොසත් වී තිබේ, ඔහු හෝ ඒ හා සමාන ප්‍රාතිහාර්යයන් කිරීමට තබා? විලෝපිකයන් විසින් තම සෙසු තරඟකරුවන් පලවා හරින විට, ශ්‍රී ලංකා දේශපාලනය නැවත නැවතත් මිනිසුන්ගේ බදු නාස්ති කිරීම එකතැන පල් වේ.

    එබැවින් නාස්තිය සහ දූෂණයන් විශාල ලෙස ඉහළ යයි, ඵලදායිතාව ජනතාවගෙන් දුරස් වේ.

  • 4
    0

    ලංකාවේ ප්‍රධාන ගැටලු වන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය සහ එහි මාෆියා ජාලයයි. විශ්වාසදායක සත්‍ය සහ අර්ථාන්විත ප්‍රවෘත්ති කිසිවක් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු විසින් විකාශනය හෝ විකාශනය නොකෙරේ. ඔවුන්ගේ ප්‍රතික්‍රියා අඩු වැඩි වශයෙන් අපි මළකඳන් හෝ කුණු ගොඩවල් මත නිරීක්ෂණය කරන මැස්සන් වැනි ය. ඔවුන් විකාශය කරන දේවල බලපෑම ආධුනික යූ ටියුබ් වීඩියෝ ක්ලිප් වලට වඩා වෙනස් නොවේ. උපකල්පිත සහ තහවුරු නොකළ තොරතුරු ඔවුන්ගේ ප්‍රධාන පුවත් අයිතමවල ප්‍රධාන කොටස වේ, කෙසේ වෙතත්, ඒවා නරඹන්නන් නරඹමින් වේගයෙන් ව්‍යාප්ත කරයි.

    මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය දෙකම ආචාර ධර්ම පද්ධතියකට යටත් විය යුතුය. මෝඩි සහ ට්‍රම්ප් ඉහළින් තබා ගනිමින් ඔවුන් උදාහරණ ගෙන එන ආකාරය සිහිපත් කිරීම මෑත කාලයේ අපේ රටේ නිතර දක්නට ලැබුණි. එවැනි බොරු උදාහරණ දිවයින ජාතිය නොමඟ යැවීය. මට මතකයි සමහර මාධ්‍යවේදීන් කිව්වා මේ වගේ නායකයන් පිටුපස හිටගෙන ඉන්න එක තමයි ප්‍රවනතාව කියලා…. ලංකාවෙත් එහෙම වෙයි මේක ගෝඨා නායකයා කරන්න කලින් කියලා ශ්‍රී ලංකා මාධ්‍ය දිගටම කිව්වා.

    මේ වන තෙක් තේරී පත් වූ සහ පත් කරන ලද කිසිදු අමාත්‍යවරයකු කිසිදු ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී නැත.
    ශ්‍රී ලංකාවේ මාධ්‍ය සදාචාරාත්මක හෝ සදාචාරාත්මක වටිනාකම්වලට යටත් නොවී දැඩි ලෙස ප්‍රතිචාර දක්වන්නේ මන්දැයි සොයා බැලීමට වෘත්තිකයන් සහ විශ්ලේෂකයින් එක්ව කටයුතු කළ යුතුය. විශ්වවිද්‍යාල ප්‍රවීණයන් තම දීර්ඝ නිද්‍රාවෙන් එළියට පැමිණිය යුත්තේ මේ රටේ මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා වන ජාතික සැලසුම් සම්බන්ධයෙන් ඇති දීර්ඝ කාලීනව සාකච්ඡා කිරීමටයි. ඔවුන් පොදු ඉලක්කයක් සඳහා ජාතික සැලසුම් සකස් කරන්නේ නම් ඔවුන්ට දැඩි සහාය ලබා ගත හැකිය. විදේශගත ශ්‍රී ලාංකිකයන් වන අපට පොදු ජාතික අරමුණක් සඳහා ඔවුන්ට සෑම විටම උපකාර කළ හැකිය.

  • 4
    0

    “….අරගලයේ දිශානතිය සහ බලය…..” අවංකවම කියනවනම් ………අනේ මම නම් දන්නේ නෑ! හේතුව මේක සිරි ලංකාවනේ? අච්චර හොරකම් සහ මිනීමැරුම් කොරපු රාජපක්ෂලාට 2019 දී අපේ ගොන්නු 2/3 බලේ දුන්නනේ? ගෑස්, පෙට්‍රෝල්, ලයිට් …නැති උනාම තමා අපේ කෂ්ටියත් පාරට බැස්සේ. එතකං මනෝරාජික, දේශප්‍රේමී, දෙමල මුස්ලිම් විරෝධී ස්වයං වින්දනේක හොඳට ගිලිලා හිටියනේ? ඉතිං දැන්වත් මේ කුපාඩි හොරු ටික අවුරුදු 15ක් තිස්සේ දෙසා බාපු දේශප්‍රේමී ගජබින්න වලින් මිදිලා මහ පොළොවේ පය ගහල කරන්න ඕන කටයුත්ත කරා නම් හොඳයි කියලා තමා කියන්ට තියෙන්නේ!

    • 2
      0

      JIT/

      මේ මිනිස්සුන්ට අද ගොඩක් ජාති අමතක වෙලා 🐃🐕බලනකොට අර easter sunday ඇබැද්දිය පස්සේ අහිංසක මිනිස්සු මරලා දාන්න ගෙවල් කුඩු කරන්න මධුමාධව වගේ පාහර බල්ලන්ට එළියට ඇවිදින් රට කෑවා😎😎 ඒවායේ සාපය මිනිස්සුන්ට boomerang වෙනවා මේ රටේ දේශපාලකයාට විතරක් බැනලා වැඩක් නැහැ තිරිසන් බල්ලො වගේ මිනිස්සු ඉන්නවා කිසිම දෙයක් ගනන් ගන්නේ නැහැ උන්ගේ ප්‍රතිශතය ඉතා වැඩි අද වුණත් ගාලු මුවදොරට ගිහිල්ලා ජොලිය ගන්න බලන එවුන් රොත්ත වැඩියි ඒකයි ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය මම කියන්නෙ මේ බොහෝ දෙනෙක්😎😎😎

      එවුන් හොඳ ජාතිවලට හොඳ කියන්න තරං පිරිසුදු මානසිකත්වයක් උන්ට නැහැ 😎😎😎මේක අවුරුදු පහළොවක් තිස්සේ ඔයා කියන විදියට වෙනම මේ රටේ ඒව දැනගෙන මහින්ද රාජපක්ෂ කියන බලු තඩියා මේ රට විනාස කරා 🤔🤔🤔

  • 3
    0

    07:33
    මට එක වෙලාවකට හිතෙනවා මිනිස්සුන්ටත් හොඳ වැඩේ කියලා🤔🤔🤔 මොකද තිබුන රාජ කොච්චර බැන්නා කිව්වා වුණත් ඒ රජයට ජාති කරන්න දුන්නේ නැද් රාජපක්ෂගේ බලවේග🤔😎😎😎 ඒකට හේතුව තමයි කුහකකම තිබුන රජය රනිල් වික්‍රමසිංහ යටතේ

    රජයේ ආදායම වැඩි කර ගෙන ඇති මිනිහගෙන් වැඩියෙන් tax අරගෙන යම්තාක් දුරට නැති මිනිහා ගෙන ටැක්ස් අරගෙන රාජ වැඩිවූ ගොඩක් ජාති කරගන්න පුලුවන් උනා 🤔🤔🤔🤔අද වෙනකොට මොකක්ද වෙලා තියෙන්නේ හින්දයි අරවා මේවා කියලා කිව්වට රජය tax වලින් ගන්න බැරි වුණා ආදායම අඩුවීම නිසා තමයි රටේ ඉන්න ජනතාවට ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ ඉන්ධන වෙනුවට ගින්දර තමයි උන්ට ගේන්න ඕන මේක මහා බැරෑරුම් තත්වයක් එනමුත් කී දෙනෙකුට මේක තේරෙනවද රනිල් වික්‍රමසිංහ කියන නායකයා කවුරු කෙසේ කිවුවත්

    මේ මොහොතේ රටට ඉතා වැදගත් ඒ මනුස්සයා🤔🤔🤔 ඇර වෙන කිසිවෙක් පාර්ලිමේන්තුව ඇතුලේ නායකයින් යම් දෙයක් හරි විදියට මේ මොහොත කතා කරන්නේ වත් නැහැ ඒක කාටත් වැටහෙන්න ඕන 🐃🐃🐃🐃ඒ උනාට කුහකයන් වැඩියි පාදඩයන් වැඩි සමාජයක එවැනි කෙනෙකුට තැනක් නැහැ එයාගේ ඕනේ තරම් වැරදි තියෙන්න පුළුවන් ඒ වුණත් මේ මොහොතේ කටයුතු කරන විලාසය හැමදෙයක්ම දුරදිග හිතන විදිය ඉතා වැදගත් වලට යන්න 🤔🤔🤔🤔

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.