3 December, 2022

Blog

උද්ඝෝෂණයෙන් පසු පාලන රික්තය පුරවන්නේ කෙසේද?

එම් එම් ජනප්‍රිය

වෛද්‍ය​ එම් එම් ජනප්‍රිය

උද්ඝෝෂණ ව්‍යාපාරයට සහභාගී වීම අප කාගේත් යුතුකමකි. එනමුදු මා මේ අභිමතාර්ථය ඉටුකර ගැනීමට ව්‍යායාම සඳහා ළඟ ඇති රනින් ට්‍රැක් එකට යන විලසින් නිවසින් පිටව මහමගට පිවිසියේ ගෙදර උදවියගෙන් මීට අවසර නොලැබුන නිසාය. බත්තරමුල්ලේ සිට ගාලු මුවදොර දක්වා නොකඩවා ජෝග් (හෙමින් දිවීම) කලෙමි. ගූගල් මැප්ස් වල හැටියට පැය දෙකහමාරක කාලයක් ගතවන නමුදු විනාඩි සියයක් පමණ කාලයක් තුල මට ගාලු මුවදොරට ලඟා වීමට හැකි විය.

අතිවිශාල ජනකායක් ඈතින් දිස්වෙමින් තිබේ. විඩා නිවෙනුවස් මම සෙමෙන් ඒ දෙසට ගමන්කලෙමි. ඔවුන් සියල්ලෝම එකහඬින් කියමින් සිටියේ ජනාධිපති ඇතුළු 225ම ඉවත්විය යුතු බවය. මෙතන පමණක් නොව විශාල ප්‍රමාණයේ ජනඝෝෂා ශ්‍රී ලංකාවේ සෑම නගරයකම පාහේ ක්‍රියාත්මක වන බව රුපවාහිනී ප්‍රවෘත්ති මගින් මොනොවට පැහැදිලිවේ.

මේ ලින්ක් එක මගින් මා විසින් එදා පටිගත කරන ලද දර්ශන නරඹන්න (20+) Facebook

ජාතිභේදවලින්, ආගම්භේදවලින් හෝ වෙනයම් බෙදුම්භේදවාදයකින් තොරව එක්වුණ මේ ජනයාගේ අරමුණ එකමය. එනම් දශවර්ෂ ගනනාවක්ම මෙරටේ දියුණුවට අවහිරයක් වී තිබෙන බෙදුම්වාදී සහ අති දූෂිත දේශපාලකයින් පලවා හැර රටේ සුක්කානම අවංක දූරධර්ශී ලන්කාහිතයිශී උගත් කණ්ඩායමකට භාර දීමය. ඔවුන්ගේ මෙම කර්තව්‍යය හුදෙක් තම හද පත්ලෙන් නැගුනු සත්කාර්යයක් සඳහාම මිස කිසිම කෙනෙකුගේ උසිගන්වීමක් නිසා නොවන බව සක්සුදක්සේ පැහැදිලිය. මේ සඳහා කිසියම් යායුතු දුරක් ඇත්නම් ඒ සම්පූර්ණ දුර යාමට ඔවුහු ප්‍රතිඥා දී තිබේ. ඔවුන් දිරිගැන්වීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වුන කණ් ඩායම් වේ. මේ අතර ඔවුනට ආහාර පානාදිය සපයන අය, වැසිකිලි පහසුකම් සපයන අය, එම වැසිකිලි කැසිකිලි නිතර පවිත්රකරණය සඳහා අයකිරීමකින් තොරව සම්පාදනය කරනලද අබාන්ස් සේවා කණ්ඩායමට අමතරව අතිවිශිෂ්ට ජ්‍යෙෂ්ටයින්ගෙන් හෙබි නීතිඥ කණ්ඩායමක්ද වේ.

මොවුන්ගේ අධි අධිෂ්ඨානශීලී සහ අවිහිංසාවාදී උද්ඝෝෂණයට බිය වැදුන පාලකයින්ගේ පුද්ගලික කුලී හෙවායන්ද, චක්ගෝලයින්ද පවුලේ සමහර ගැහැණු උදවියද රටින් පැන ඇති බව ආරංචි මාර්ග පවසති. අවිහිංසාවාදී උද්ඝෝෂණ කලහැක්කේ ස්වයං හික්මීමක් ඇති සමාජයකට පමණි. මෙවැනි උද්ඝෝෂණවලින් යකඩ මෙන් දරදඬු පාලන පවා කඩා බිඳහෙලීමට හැකි බව මහාත්ම ගාන්ධිගේ සිවිල් අකීකරුකම (Civil disobedience) මගින් ගිලිහුණු මහා බ්‍රිතාන්‍ය පාලනය කදිම සාක්ෂියකි. මෙවැනි උද්ගෝෂණ බිඳදැමීම ඉතා අසීරු කාර්යයකි. එමනිසාම මේ අහිංසක ජනතාවගේ අවිහිංසාවාදී විරෝධය කඩා කප්පල් කිරීමට පාලක වැටුප් රෝලේ සිටින අවන්ටේ ආරක්ශේ වැනි නිවටයින් උපයෝගී කරගෙන උද්ඝෝෂණ පිරිස තුලසිට හිංසාකාරී සහ පොදු දේපල විනාශ කිරීම වැනි පහත් දේ කිරීමට පාලක පක්ෂය යුහුසුළු වීම පුදුමයට පත්වියයුතු දෙයක් නොවේ. තවද කළු ඇඳගත් සහ මුහුණු වසාගත් සන්නද්ධ කණ්ඩායම් යතුරු පැදිවලින් උද්ඝෝෂණ පිරිස් අතරට එවීම රජය මානසික බංකොලොත් භාවයට පත්වී ඇතිබව මොනොවට කියා පෑවේය.

රජයේ සහ පාලක පවුලේ නිම් හිම් නැති දුෂිත ක්‍රියාකලාපය රටවැසියාට තව දුරටත් ඉවසිය නොහැකි විය. රජයේ ඉත්තන්ට සම්බන්ධ අතුරුගිරියේ පිහිටි මුද්‍රණාලයක සල්ලි අච්චුගැසූ බව නොබෝදා ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙකු විසින් චමුදිතගේ යු ටියුබ් මගින් රට්ටුන්ට දන්වන ලදී. මේ සල්ලි වලින් මොවුන් ඩොලර් මිලදීගත් බවට පුරසාරම් දොඩපු හැටිද මෙම වෛද්‍යවරයා විසින් සඳහන් කරන ලදී. මෙසේ අච්චුගසන මුදලින් ගත් ඩොලර් තම පුද්ගලික ගිණුම් වලට රටපැටවීම ඩොලර් හිඟයට සැලකියයුතු හේතුවක් බවද මෙම වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. මුන්ගේ මේ නොමනා ක්‍රියාකලාපය නිසා රට අගාධයට ඇදවැටුණු බව මෙම වෛද්‍යවරයා තවදුරටත් පෙන්වා දුන්නේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ දුලභ විය. ඒවා ලබාගැනීම සඳහා දිගු පෝලිම් වල ලැගීමට රට්ටුන්ට සිදුවිය. මේ පෝලිම් වල වයෝවෘද​ පුද්ගලයින් සිවුදෙනෙක් මරුමුවට පත්වුහ. තරුණයෙක්ද​ පිහි ඇනුමකින් ජීවිතක්ෂයට පත්විය. මිනිසුන් පාරට බැස්සේ කෙසේ හෝ මේ නොමනාකම් පිටුදැකීමටය. ඔවුන්ගේ විජයග්‍රහණය නොදුරු අනාගතයේදී සිදුවීම වැළක්විය නොහැක. උද්ඝෝෂකයන් ඉල්ලන්නේ ජනපති ඇතුළු මන්ත්‍රීවරු 225ම ඉවත් කරන ලෙසය. මෙය ක්ෂණිකව කිරීම ප්‍රායෝගික නැත. මන්ද? ආර්ථිකය ගොඩනැගීම සඳහා ස්ථාවර රජයක් අවශ්‍ය බැවිනි.

මේ 225 සහ ජනපති ඉතා ඉක්මනින් හෝ මාස කිහිපයකින් හෝ ඉවත්වූ නැතහොත් ඉවත්කළ පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුය. මෙම මැතිවරණයෙන් ජයගෙන අර්ථයෙන් ධර්මයෙන් රට ආණ්ඩු කිරීම සඳහා අවශ්‍ය තුන්වන බලවේගය තවම ගොඩනැගී නොමැත. මෙසේ හෙයින් කනෙන් අල්ලා දොරට දැමූ 225න් කොටසක් නැවත දියවන්න ගමට අවතීර්ණවීමේ අවකාශය ඉවත නොහැකි මට්ටමක ඇත.

පොහොට්ටු පක්‍ෂය උගතුන්ට සහ මධ්‍යම පන්තියට එපා වුවාට ආධාර මලු එනකන් නොඉවසිල්ලෙන් බලාසිටින පිටිසර දුප්පත් මිනිසුන්ට දෙවිවරු සේ පෙනෙන්නට පුළුවන. දේශපාලන කාලකන්නින්ට පොදු දේපොළ මංකොල්ල කෑම සඳහා කිසිම පිළිසරණක් නැති දුප්පත් මිනිසුන් අවශ්‍යය. එනිසාම දැනට පවතින තත්වය අනුව පොදුජන එක්සත් පෙරමුණට ආසන පනහක් හෝ හැටක් ලැබීමට ඉඩ ඇත. මේ සඳහා ජාතිවාදී චීවරධාරීන්ගේ කළු බනද 2009 දී කොටින් පරදවා රට ඔවුන්ගෙන් බේරා ගත්තා යන ශීර්ෂ පාඨයද ඉවහල් කරගනු නොඅනුමානයි.

දිග ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයෙන් (ඒ.ජා. ප.) කැඩීගිය සමගි ජන බලවේගයේ (ස.ජ. බ.) ප්‍රගතියද එතරම් සතුටුදායක නැත. ඔවුහු, විශේෂයෙන් ඔවුන්ගේ ප්‍රධානියා තම ජනාධිපති සිහිනය සැබෑ කරගැනීමට වෙහෙසෙන බව පෙනේ. උගත් අවංක මන්ත්‍රීන් අතලොස්සකටද දූෂිත බහුතරයකටද මෙම පක්ෂය උරුම කියයි. මහජනතාව විසින් මොවුන්ද ප්‍රතික්ෂේප කොට ඇති නමුත් ආසන 60 හෝ 70ක් ඔවුන් විසින් ලබා ගන්නවා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ) ජාතික ජන බලවේගය ලෙස ඡන්දයට​ පිවිසෙනු ඇත. ඉහතකී පක්ෂ දෙකට සාපේක්ෂකව ඔවුහු ඉදිරියෙන් සිටිති. ඉහල පෙලේ සතරදෙනෙක් සේපාල් අමරසිංහ නමැති යු ටියුබර් සමග කල සම්මුඛ සාකච්ඡා සියල්ල මම අධ්‍යයනය​ කලෙමි. ජවිපෙ ය ඔවුන් ගැනම කර ඇති ස්වයං තක්සේරුව යථර්ථවාදි නැත. මේ සිවුදෙනාම කීවේ ජවිපෙට මෙවර මැතිවරණය ජයග්‍රහණය කොට තම පක්ෂයේම ආණ්ඩුවක් පිහිටු වීමේ හැකියාව තිබෙන බවය. ඉතිහාසය පෙන්වන්නේ මීට හාත්පසින්ම විරුද්ධ දෙයකි. ජවිපෙයට සැලකියයුතු ආසන ප්‍රමාණයක් ලැබුනු සෑම අවස්ථාවකම ඔවුන් තරඟ කොට ඇත්තේ ලොකු පක්ෂයක සභායගයක් ලෙසය. මෙයට හේතුව වන්නේ ඡන්දදාකයින්ට​ ජවිපෙ කෙරෙහි තිබෙන හුඹස් බයමය. රට වැසියන්හට ජවිපෙය කෙරෙහි පැහැදීමක් ඇත. ඔවුහු ජවිපෙට දානව මයි කියා ඡන්දපොලට ගොස් වෙන පක්ෂයකට තම ඡන්දය දැමු බවයි පෙනීයන්නේ. මෙය සමනය කරගැනීමට ජවිපෙය කලයුත්තේ කුමක්ද? රට පිළිගත් අවංක විද්වතුන් තම පක්ෂයට බඳවා ගැනීමේ ව්‍යාපෘතියක් වහාම දියත්කල යුතුව ඇත. ඔවුහු පසුපුටුවලට තල්ලු නොකොට ඉදිරිපස අසුන්ගැන්විය යුතුය. තවද එයින් දක්ෂ කථිකයන් කිහිපදෙනෙක් හඳුනාගෙන ඔවුන් ලවා රට්ටුන් ඇමතීම නිතර කල යුතුය. ඔවුහු අලුත බැඳුනු අය බැවින් මැති ඇමතිකම් බලාපොරොත්තු නොවනු ඇත. එනමුදු උගත් අවංක හා කාර්යක්ෂම අය සුදුසු නිලවලට පත්කිරීම පක්ෂයේ සුභසිද්දියට ධනාත්මකව බලපානු ඇත. ජවිපෙය මෙසේ නවීකරණය කිරීමට අපොහොසත්වුවහොත් වැඩිම වශයෙන් ඔවුන්ටත් පාර්ලිමේන්තු ආසන පනහකට වඩා නොලැබෙනු ඇත.

ඉතිරි ආසන 40 හෝ 45 ටැමිල් නැෂනල් එලයන්ස්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රෙසය, ඕල් සිලෝන් මක්කල් කච්චි, ඊලාම් පීපලස් ඩිමොක්‍රටික් පාටි, සිහල උරුමය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර බෙදී යනු ඇත. මේ අතර තනිව තරඟ කලොත් නව ප්‍රජචන්ත්රවාදී පෙරමුණ සහ සිහල උරුමය දේශපාලන ක්ෂේත්‍රයෙන් සදහටම අතු ගෑවී යෑමට බෙහෙවින් ඉඩ ඇත.

රට්ටුන් ඉල්ලන්නේ දූෂිත​ 225න් තොර නව පක්ෂයකි. භාරකාර ආණ්ඩුවක් මගින් වසරක් රට පාලනය කළහොත් මේ වසර තුල අපට මෙවැනි පක්ෂයක් ගොඩනැගීමට හැක. තරුණ උද්ඝෝෂකයින් ඉල්ලන්නේ තරුණ ආණ්ඩුවක්සේ පෙනෙන නමුත් එය එසේ වීම ප්‍රයෝගික නැත. මාගේ යෝජනාව ඔවුන්ගේ සටන් පාඨයට ප්‍රතිවිරුද්ධ දෙයකි. සත්තකින්ම අවංක උගත් ක්‍රියාශීලී සහ නිරෝගී විශ්‍රාමිකයින්ට පමණයි මෙය කල හැක්කේ. ඔවුනට ඔටුනු පැලඳවීමට කුමාරවරු නැත. නැගීමට තනතුරක් නැත. කෙසේ හෝ මුදල් ගොඩ ගැසීමේ අරමුණක් නැත. මාසික වැටුපක් අවශ්‍ය නැත. (අතින් වන ව්යදම් සැපයිය යුතුය) තවත් විශ්‍රාම වැටුපක් අවශ්‍ය නැත. විශාල සුඛෝපභෝගී වාහන අවශ්‍ය නැත. පොදු වාහන සංචිතයක් හොඳටම ප්‍රමාණවත්ය.

රටේ ආර්ථිකය ආපසු හැරවීම රොකට් විද්‍යාව මෙන් අසීරු නැත. අපේ රට ආර්ථික ආවාටයකට වැටීමට හේතු බැලුවහොත් දූෂණය, නාස්තිය සහ බාලාංශ පන්ති මට්ටමේ කළමනාකරණය යන තුන්කට්ටුව සතර දිගින් හොල්මන් කරනු පෙනේ. එසේ හෙයින් දූෂණය සහ නාස්තිය පමණක් නැවත්වුවහොත් වසර දෙකකට අඩු කාලයකින් ලාංකිකයන්ගේ ජීවන තත්වය සතුටුදායක මට්ටමකට උසස්වීම සක්‍රියව කලයුතු වන්නේ නැත. ඊළඟ වසර තුන සක්‍රියව ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කරගත යුත්තේ ආර්ථික විශේෂඥයන්ගේ නොමසුරු සහාය සමගය.

මෙවැනි කණ්ඩායමකට අවුරුදු 5ක කාලය තුල මේ රට මැදි ආදායම් රටක් බවට පත්කිරීමට පුළුවන. ඉන්පසු මොවුන් ඉවත්වී තවත් මෙවැනිම කන්ඩායමක් හෝ සුදුසු තරුණ කණ්ඩායමක් රට භාරගෙන ඉදිරියට ගෙනයා යුතුය. මෙසේ පූර්ණ වසර දහයකින් මේ රට සංවර්ධිත​ රටක් බවට පත්කිරීමට හැකිවේයයි මාගේ විශ්වාසයයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    1/2
    උපුටා ගැනීම
    මගේ යෝජනාව ඔවුන්ගේ සටන් පාඨයට විරුද්ධයි. ඇත්ත වශයෙන්ම මෙය කළ හැක්කේ අවංක උගත් ක්රියාකාරී සහ සෞඛ්ය සම්පන්න විශ්රාමිකයින්ට පමණි. ඔටුනු පළඳින්න ඔවුන්ට කුමාරවරු නැහැ. නැගිටීමට ඉරියව්වක් නැත. කොහොමත් සල්ලි ගොඩ දාගන්න අරමුණක් නෑ. මාසික වැටුපක් අවශ්‍ය නොවේ. (අතින් වියදම් සැපයිය යුතුය) තවත් විශ්‍රාම වැටුප් අවශ්‍ය නොවේ. ලොකු සුඛෝපභෝගී වාහන අවශ්‍ය නැහැ. පොදු වාහන සංචිතයක් ප්රමාණවත්ය.
    UNQUOTE

    මෙය සම්පුර්ණයෙන්ම පරස්පර විරෝධීයි, වියපත් මහින්ද අද වන විට ප්‍රතිචාර දක්වන ආකාරය දෙස බලන විට සියලු තරාතිරම්වල ජනතාව ඔහුට ඉවත් වන ලෙස ඉල්ලා කරන විරෝධතාවලට එරෙහිව ප්‍රතිචාර දක්වයි. ඊට හේතුව ඔහුගේ පැතුම වන්නේ තම පාදඩ පුතුට මේ දඩුවම් ලද ජාතියේ නායකත්වය ලබා දීමට ඉඩ දීමයි. සමහර විට අන්ත දූෂිත මහින්ද බලයට ඇති කෑදරකම අත් නොහරිමින් අවසන් හුස්ම හෙළනු ඇත.

    ඊට අමතරව, සමස්තයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ නාකි මයිනා පිරිසිදු හා අපක්ෂපාතී නම්, මුස්ලිම්වරුන් විසින් මිශ්‍ර කර සපයනු ලැබේ යැයි ඔවුන් සිතන “වඳ කොත්තු – වන්දා වඳ බෙහෙත් ප්‍රවර්ධනය කිරීමට විවිධ උපක්‍රම භාවිතා කළ අවධියේ ඔවුන්ට සැක දුරු කර ගත හැකිව තිබුණි. සහ ඒ හා සමාන කල්පිත කතා:
    සත්‍ය පදනම් වූ තොරතුරු අද වන විට එම වින්දිත පාර්ශවයන් ඉදිරියේ ඔවුන් දණගස්වා ඇත. “සත්‍ය දිනක සාර්ථක වේවි” යන්නට මෙය කදිම නිදසුනකි: කෙසේ වෙතත්, වඩාත් ප්‍රසිද්ධ නාකි මයිනා, මහින්ද, ජනතාවගේ හඬට ගරු කරනවා වෙනුවට, ලේ උරා බොන කූඩැල්ලෙකු මෙන් ප්‍රතිචාර දක්වනු ඇත.

    අවාසනාවකට මෙන්, සැක දුරු කර ගැනීම වෙනුවට, විශ්‍රාමික වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් රාජපක්ෂ උද්ඝෝෂකයන් විසින් ප්‍රසිද්ධියේ කරන ලද ජාතිවාදී ප්‍රකාශයන් එකසේ නොසලකා හැරිය අතර, අද ඔවුන් නැවත ඉපදෙනවා සේ, එහි ප්‍රතිවිරුද්ධ දෙය පෙන්වීමට සෑම උත්සාහයක්ම දරයි.

    විශ්‍රාමික පිරිමින්ට සහ කාන්තාවන්ට එවැනි තණ්හාවක් නැතත්. naki mynah හෝ එවැනි අය ඔවුන්ගේ ආකල්ප සමඟ කිසිදා වෙනස් නොවනු ඇත. රටේ අන් අයට වඩා සුළු ජාතීන්ට එරෙහි සිංහල බෞද්ධකම සහ ජාතිවාදය ඔවුන් තුළ තහවුරු වී ඇත. ඒ අය තමයි මේ වෛරය තමන්ගේ දෙවැනි පරම්පරාවට පතුරවන්නේ. විශ‍්‍රාමික වෘත්තිකයන් මේ ජාතිය යළි ගොඩනැගීම සඳහා තම රාජකාරිය නොකළ බවට සැකයක් නැත. එහෙම කළා නම් රාජපක්ෂලා මේ ජාතිය කොල්ල කන්නේ නැහැ.

    tbc

  • 0
    0

    2/2
    ඔවුන් අවසන් හුස්ම හෙළන තුරුම කුණු වී සිටිනු ඇත. එතෙක් තරුණයින්ට තම අරගලය සාර්ථක කර ගැනීම පහසු නොවනු ඇත. කෙසේ වෙතත්, ඔවුන්ට තවමත් ඔවුන්ගේ අරමුණු යම් දුරකට ජය ගත හැකිය. මෙය අප දකින අතර අද වන විටත් අපගේ ඇස් මෝහනය කරයි.
    යමෙක් කරුණාකර කියවන්නේ නම්, ඔබේ සමහර ලිපි වාර්ගික බව ඔවුන්ට දැනගත හැකිය. සිංහල බෞද්ධ ජාතිවාදය පසුගිය වසර කිහිපය තුළ අතීතයට වඩා මේ ජාතිය විනාශ කළ ප්‍රධාන සාධකයකි.

    . මේ සියල්ල සලකා බලන විට තරුණ පරපුර පමණක් බලගතු වන්නේ නම් පැහැදිලිව පෙනෙන ආකල්පමය වෙනස්කම් ඇති විය හැකිය.

    හුදකලා ගාලුමුවදොර විරෝධතා ඔවුන්ට මෙතෙක් විවිධ පාඩම් උගන්වා ඇත. ඔවුන් පළමු පියවර තබන තුරු, ඔබ වැනි විශ්‍රාමික වෘත්තිකයන් සහ ජනතාව කිසිවක් නොකළ නමුත් සම්පූර්ණයෙන්ම නූගත්ව සිටියහ – ඔවුන්ගේ හඬ ඇසෙන්නේ නැතැයි ඔවුහු සිතූහ.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සහ ඇයගේ තරුණ කාලය යකඩ තරුණියන් ලෙස සියලු තරාතිරම්වල මිනිසුන්ගේ සම්පූර්ණ උදාසීනත්වය බිඳ දැමුවාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අදටත් අපි ආචාර කරමු.

    අපි හොඳින්ම දනිමු, කපුටා වැනි හෝ ඒ හා සමාන සටන් පාඨ ඉතා පහසුවෙන් ප්‍රචාරය වන අතර, ඒ ආකාරයෙන්ම, අතීතයේ ඕනෑම අවස්ථාවකට වඩා අද රටේ තරුණයින්ගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් මිනිසුන් අනුකරණය කරනු ඇත. කපුටන් කෑදරකමේ සංකේත වන අතර එය රාජපක්ෂලාට උපරිමයෙන් ගැලපේ.

    ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිනිසුන් එසේ නොවුවහොත්, අසාධාරණයට එරෙහිව නැගී නොසිටිනු ඇත, සමහර හේතු නිසා, එය අපගේ සාමාන්‍ය ස්වභාවයයි.

    Mlechcha Rajapakshe ට විරෝධය නොපෙන්වන, මෝඩ ස්වභාවයේ සැලකිය යුතු කොටස් තවමත් සිටිති.

  • 0
    0

    1/2
    ශ්‍රී ලංකාවට නව මුහුණුවරක් දීමට තරුණ හා තරුණ බලවේගවලට නිසැකව ම හැකි ය. කෙසේ වෙතත්, ඔවුන් විදේශ කටයුතු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයන් සමඟ කටයුතු කළ යුතුය, මන්ද ශ්‍රී ලංකාව හෝ ඒ හා සමාන දුප්පත් රටවලට බාහිර රටවල නිසි පිටුබලය නොමැතිව තනිවම සිටිය නොහැක. මම හිතන්නේ නැහැ JVPR බලයට එයි කියලා මොකද ඔවුන් ඇත්තටම නැති දේ වෙන්න හදන නිසා. බහුතර ඡන්දදායකයින් කෑදරකමට සහ ඉහළ දූෂණයට ඇලී සිටින රටක එය 100% පිරිසිදු විය නොහැක.
    අනෙක් කාරණය නම්, එක් බලවත් රටක් සමඟ පමණක් නොව, ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන් ජාතියේ දියුණුව සඳහා වෙනත් විවිධ බලවත් රටවල් සමඟ කටයුතු කළ යුතුය. අද ශීඝ්‍රයෙන් වර්ධනය වන ඉතියෝපියානුවන් තුළ දක්නට ලැබෙන්නේ මෙයයි. අද ඔවුන්ගේම ආයෝජන චීන ජාතිකයින්ට සීමා නොවේ. ඔවුන්ගේ පොලී අනුපාත සාධාරණ නොවූවත් චීන ජාතිකයින්ට පිළිගත හැකි වනු ඇත, නමුත් යුරෝපීයයන්, ජපන් සහ වෙනත් අය අපගේ භෞතික සංවර්ධන ව්‍යාපෘතිවල කොටසක් විය හැකිය.

    අපේ මාතෘභූමිය දශක 3ක් හෝ ඊට වැඩි කාලයක් සිවිල් යුද්ධයකින් බැට කෑ බැවින්, විවිධ ආකාරයෙන් විදේශ ආධාර උපකාර ලබාගෙන සමාජය යළි ගොඩනැඟීම අතිශයින් වැදගත්ය. මෙයින් අදහස් කරන්නේ මානව සම්පත් වැඩිදියුණු කළ යුතු බවයි. මිනිසුන්ගේ ස්පර්ශීය ස්වභාවයේ ආකල්පමය වෙනස්කම් අන් සියල්ලටම වඩා අපව ඉදිරියට ගෙන යා හැකිය. ඔය ජ්‍යෝතිඃ ශාස්ත්‍ර කාරයන්ටයි, හිටගෙන ඉන්න උන්ටයි මිනිස්සුන්ව රවට්ටන එක ඇරෙන්න සෞඛ්‍ය වෘත්තීන් හඳුන්වා දීලා හොඳ පාඩමක් ඉගැන්විය යුතුයි.

    tbd

    • 0
      0

      2/2
      කාලෝචිත ලෙස මිනිසුන්ගේ මනස දියුණු නොවන්නේ නම්, කිසිදු භෞතික සංවර්ධනයකින් කිසිදු ප්‍රගතියක් නොලැබෙන්නේ නම්, දූෂණ විරෝධී ක්‍රමවේදයන් ප්‍රාථමික පාසලේ සිටම විෂයයක් ලෙස සකස් කළ යුතුය.

      ඉදිකටුවක් හෝ ඩොලර් මිලියන ගණනක් සොරකම් කිරීම දූෂිත හැසිරවීමක් ලෙස ඉගැන්විය යුතුය. යෞවනයන් එය මුල සිටම ඉගෙන ගන්නේ නම්, දේවල් අඩු දූෂිත හෝ දූෂිත නොවන ලෙස පරිණාමය වනු ඇත.
      ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය මානසිකත්වයට අප කිසිදා අනුමාන කරනවාට වඩා ඉක්මනින් ඔවුන්ව සංවර්ධිත ජාතියකට යොමු කළ හැකිය. සාමාන්‍ය වැඩමුළු හරහා සාම්ප්‍රදායික ආකල්ප වෙනස් කිරීම ආරම්භ කළ යුතුව තිබුණේ 2009 යුද්ධය සහ භීෂණය තුරන් කළ වහාමය. කෙසේ වෙතත්, රාජපක්ෂ නායකත්වයේ ඔවුන්ගේ නොසැලකිලිමත්කම සහ බලයට හා ද්‍රව්‍යවලට ඇති කෑදරකම නැති නිසා ජාතිය කබලෙන් ලිපට damma.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.