3 December, 2023

Blog

කොරෝනා රෝගය පාලනය කර, ක්‍රමිකව සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීම

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය

කොවිඩ් -19 අලුත් රෝගයක් ලෙස ලෝක අවධානයට යොමු වූයේ මේ අවුරුද්ද මුලදීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම ඉතා අවංකව පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් බවත්, ඔවුනුත් මේ රෝගය ගැන තවමත් ඉගෙන ගනිමින්  සිටින බවය. 2020 පෙබරවාරි 29 වැනිදා වෙනතුරුත් ලෝක  සෞඛ්‍යය සංවිධානය සිටියේ ජාත්‍යන්තර ගමනාගමනය තහනම් නොකළ යුතුය යන ස්ථාවරයේය. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට අපහසු නම්,  මුඛ ආවරණයක් පාවිච්චි කළ යුතුය යන නිර්දේශය ඔවුන් නිකුත් කළේ අප්‍රේල් 6 වෙනිදාය. මේ රෝගය ගැන හැම රටක්ම ඉගෙන ගත්තේ අත්දැකීම් වලින්මය.

මේ උවදුරට ලංකාව කල්තියාම සූදානම් විය. ජනාධිපතිතුමා ජාතික කොරෝනා මර්ධන කාර්යසාධක කමිටුව පිහිටුවනු ලැබුවේ ජනවාරි 26 වැනිදාය. මාර්තු 4 වැනිදා ලංකාවේ එකම කොරෝනා රෝගියෙකු නැතුව වුවද හැඳල ප්‍රදේශයේ පළමු නිරෝධායන මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කරනු ලැබීය. ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගනු ලැබුවේ මාර්තු 10 වැනිදා රාත්‍රියේය.  ඊට පහුවදාම මාර්තු 11 වැනිදා සිට කොරෝනා රෝගය වැඩි වශයෙන් පැතිරෙන රටවල්වලින් ලංකාවට එන අය නිරෝධායනයට යොමු කිරීම සිදුවිය. මුල් අවස්ථාවේ සිටම රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගොස් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විසින් ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම නිසා මේ රෝගය සතුටුදායක මට්ටමකට පාලනය වී ඇත. 

මේ අවස්ථාව වනවිට, කොරෝනා රෝගය පාලනය කිරීම පැත්තෙන් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටකි. ඒ ගැන අපේ රජයේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය අංශයත්, රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සෙවීම සාර්ථකව සිදු කළ බුද්ධි අංශත්, මේ සටනේ පෙරමුණේ සිට ජනතාව මෙහෙයවීමේ කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුලු සියලුම පිරිස් ඔවුන් කළ මේ මෙහෙවර ගැන සැබවින්ම ආඩම්බර විය යුතුය. එංගලන්තයේ පදිංචි වී සිටි ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු  මේ වන විට කොරෝනා රෝගය හේතුවෙන් මිය ගොස් තිබුණද, ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙම රෝගය හේතුවෙන් මිය ගොස් ඇත්තේ නව දෙනෙක් පමණක් වීම සැලකිය යුතු කාරණයකි.  පසුගිය නොවැම්බර් 16 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති නොවුයේ නම්, මේ ජයග්‍රහණ එකක්වත් ජනතාවට ලැබෙන්නේ නැති බවත් කිව යුතුය. 

කොරෝනා වෛරස් රෝගය යම් පාලනයකට යටත් කිරීමත් සමඟම ඇඳිරිනීතිය ලිහිල් කිරීමට දැන් පටන්ගෙන ඇත. ඔබ කවුරුත් දන්නා පරිදි, ඇඳිරිනීතිය ප්‍රකාශ කොට  රට ‘ෂට් ඩවුන්’ කරන බවක් කීවද, ලෝකයේ මොනම රටක්වත් සම්පූර්ණයෙන්ම ‘ෂට් ඩවුන්’ කළ නොහැක.  ජනතාවගෙන් වැඩි පිරිස ගෙවල් වල සිටින අතර තවත් මිලියන ගණනක් ජනතාවට වැඩ කිරීමට සිදුවේ.  මුළු රට පුරාම ඇඳිරිනීතිය තදින්ම ක්‍රියාත්මක වූ දවස්වල පවා සෞඛ්‍යය අංශ,  ත්‍රිවිධ හමුදාව, පොලීසිය, වී ගොවීන්, එළවළු ගොවීන්, ධීවරයන්, ආහාර, බෙහෙත් වැනි ද්‍රව්‍ය බෙදා හරින අය හා ඇතැම් කර්මාන්තශාලා පවා වෙනදා මෙන්ම වැඩ කළේය. රට සාමාන්‍ය තත්වයට පත්කිරීම යනුවෙන් අදහස් වෙන්නේ, මුල සිටම පැවති ඒ තත්ත්වය ටිකෙන් ටික ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමයකටය.  

රාජ්‍ය අංශයෙත්, පුද්ගලික අංශයෙත් මුලින් සේවකයන් සුලු පිරිසක් වැඩපොලට ගෙන්වා, බස් රථවල, දුම්රිය මැදිරි වල එකවර ගමන් කළ හැකි මගීන්  ගණන සීමා කොට, පාසල්, උපකාරක පන්ති තවදුරටත් වසා තබා, හැකි තරම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන ගමන් රටේ සාමාන්‍ය වැඩ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දිනවලදී ක්‍රියාත්මක වීමට නියමිතය. මීට කළින් ඇතැම් දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය පැය ගණනකට ඉවත් කළ මුල් අවස්ථාවේ ජනතාව සමාජ දුරස්ථභාවය නොතකා කටයුතු කළ ආකාරය අපි දුටුවෙමු.  නමුත් කාලයකට පසු ජනතාව ඊට වඩා කල්පනාකාරීව  කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු. ඇඳිරි නීතිය ලිහිල් කලාට පසුවද, එවන් කල්පනාකාරී හැසිරීමක් අත්‍යාවශ්‍ය වෙනු ඇත. කොරෝනා වෛරස් අවදානම පාලනයකට යටත් කොට ඇතත්, සම්පූර්ණයෙන්ම නැති වී නැති බව අපි කවුරුත් මතක තබා ගත යුතුය. 

රෝගීන් සෙවීම සඳහා ජනතාව අතර නියැදි පරීක්‍ෂණ දිගටම සිදු වෙනු ඇත. නිරෝධායන මධ්‍යස්ථානද දිගටම පවත්වාගෙන යනු ඇත. ඉදිරියේදීත් කොරෝනා වෛරස් රෝගීන් හමුවිය හැකිය. නමුත් එවැනි තත්යවන් පාලනය කිරීමේ ක්‍රමවේදයන් අපේ සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රගුණ කර තිබෙන බව  මම විශ්වාස කරමි. ඉදිරියටද අවශ්‍ය වුවහොත් කලින් මෙන්ම යම් ප්‍රදේශ හුදකලා කිරීම,  පොලිස් බලප්‍රදේශ  තුළ ඇඳිරිනීතිය පැනවීම යනාදිය අවශ්‍ය වීමට ඉඩ ඇත. රෝගය පැතිරීම පාලනය කිරීමත්, හැකි හැම තැනකම  සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමත් සමබරව පවත්වාගෙන යෑම සිදු කළ යුතුය. ලංකාවේ පමණක් නොව කොරෝනා වෛරස් මරණ දස දහස් ගණන් වාර්තා වූ ඉතාලිය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකාව වැනි රටවල පවා මේ අවස්ථාවේදී සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමේ වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කර ඇත. 

කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත්, පොලීසියටත් ලැබුණු ආකාරයේම සහයෝගයක්, රට සාමාන්‍ය තත්වයට පත්කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.  

*මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය   

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    1

    මේකට පක්ෂව ලියන්න බැහැ අගමැතිතුමා. ඒ මොකොද කිව්වා නම් කොරෝනා රෝගයට ප්‍රතිකාරයක් ලංකාව හෝ ලෝකය හොයා ගෙන නැති නිසා.
    බටහිර ක්‍රමයට අනුව එන්නතක් සොයා ගන්න තුරු කිසි කෙනෙක්ට කොරෝනා වැළඳේන්නේ නැති බවට හෝ එයින් මිය යන්නේ නැති බවට සහතිකයක් දෙන්න බැරි වෙලා තියෙනවා.
    ඇමරිකාවේ වැඩි පුරාම මැරිලා තියෙන්නේ කළු මිනිස්සුද සුදු මිනිස්සුද කියන දත්ත එලියට ආව නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මිනිස් ජීවිත නැති වෙන එක ගැන වගේ වගක් නැත්තේ මොකොද කියල බලන්න පුළුවන්.
    ලංකාවේ දේශපාලකයන්ට මිනිස් ජීවිත වටින්නේ නැති බව පහුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරයෙන් ඔප්පු කළා. මේක දෙවෙනි එක වෙන්න පුළුවන්.
    ගම්බද දරුවන් ඉස්සෙල්ලම පාසල් යවන්න හදනව කියල ප්‍රවෘත්තියක් දැක්ක.
    මේකට සම්පූරණයෙන්ම විරුද්ධයි.
    ගම්බද වුනත් නගරබද වුනත් හැම දරුවම දරුවෙක්.
    යුද්ධෙට යන කොටත් බිල්ලට දුන්නේ හෙවත් යුද්ධෙන් වැඩිපුරම ජීවිත පූජා කලේ ගම්බද දරුවන්.
    ඒ හින්ද ආණ්ඩුව ගම්බද දරුවන් කොරෝනා ටෙස්ට් කරන්න පාවිච්චි කරන එකට සම්පූරණයෙන්ම විරුද්ධයි.
    අනිත් රටවල් ප්‍රතිශක්තිකරණ එන්නතක් හරහා කොරෝනා ටෙස්ට් කරන්න උත්සාහ කරද්දී ලංකාව මිනිසුන් පාවිච්චි කරලා කොරෝනා ටෙස්ට් කරන්න හදනව.
    අත දරුවන්ට මේ දවස් වල දද හා සමාන රෝගයක් පැතිරෙනවා කියල ප්‍රවෘත්තියක් දැක්ක. කොරෝනා රෝගී ලක්ෂණ විවිධ වේශයෙන් එන නිසා ලංකාවත් මේ ගැන හොයා බලන්න. එහෙම එක දරුවෙක්ට හැදිලා තියනව ලංකාවේ. තව දරුවන් කීදෙනෙක්ට තියෙවද දන්නේ නැහැ.
    බටහිර වෙදකම අනුව මුළු ලෝකෙම කොරෝනාවට එන්නතක් හොයන්න හදද්දී ලංකාණ්ඩුව හෙළ වෙදකමට අනුව බෙහෙතක් හොයන්න කිසි උනන්දුවක් තිබ්බෙත් නැහැ.
    රට සාමාන්‍ය තත්වෙට ගන්න පුළුවන් කියල ඔච්චරම විශ්වාසයක් තියෙනව නම් ඉස්සෙල්ල යන්න පුළුවන් කොරෝනා සාධක බලකායට, දේශපාලකයන්ට, ජනාධිපති කාර්යාලයේ උපදේශකයන්ට සහ නිලධාරීන්ට පාරට.
    ඒ ගොල්ලෝ පාරේ හැම තැනම ගැවසිලා ඔප්පු කරන්න රටේ ජනතාව සහ දරුවන් පාරට ආවට කොරෝනා වැළඳෙන්නේ නැහැ කියල.

    • 2
      2

      සමහර සැඟවුණු හේතූන් මත, ශ්‍රී ලංකා රජය කරුණු සඟවා ඇත. ජනතාව අර්බුදයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයට ප්‍රමාණවත් අරමුදල් ලැබී ඇති බවට විශ්වාස කිරීමට ඇති තරම් සාක්ෂි මොනවාදැයි අපි නොදනිමු. අද වන විට මහින්ද රාජක්ෂේගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය සත්‍යයන් අවතක්සේරු කිරීමට සෑම උත්සාහයක්ම දරයි. මේ පිටුපස ඇත්තේ කුමක්ද? හිටපු අගමැතිවරයා අද සවස ජාතියට ඉතා පැහැදිලිව පවසා ඇත්තේ – එවැනි අරමුදල් හිඟයක් නොමැති බවත් නායකත්වය රජය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කළ යුතු බවත් ය. අද ක්‍රියාකාරී පාර්ලිමේන්තුවක් නොමැතිව, පෙර මෙන් සත්‍යයන් පිළිබඳ කිසිවක් එළියට එන්නේ නැත. පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස වත්මන් නායකත්වයට කරන ඉල්ලීමට විපක්ෂය සහ සියලු දෙනා පාහේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමට හේතුව එයයි. රජයට ලැබෙන අරමුදල්වල විනිවිදභාවයක් නොමැති නම්, කිසිදු ලෝක ආයතනයක් එවැනි අරමුදල්, ප්‍රදාන හෝ ආධාර නැවත මෙම ජාතියට ලබා දීමට ඉඩ නොදේ. ඔබ මේ ආකාරයෙන් අරමුදල් සමඟ සෙල්ලම් කරන්නේ ඇයිද යන්න ජාතියට පැහැදිලි කළ යුතුය. ඔබ අද මේ ජාතියට බොහෝ ණයගැතියි.

      • 0
        2

        leelagemalla
        දන්නේ නැත්ද? කොරෝනා අරමුදල පාලනය කරන්නේ ජනාධිපති. අගමැති නෙමෙයි.
        ඔබ නොදන්න නිසා මෙහෙම ලියනවද? නැත්නම් දැනගෙනම නොදන්නවා වගේ ලියනවද?

        • 1
          1

          චම්පා, ඔබ වත්මන් නායකත්වයට සේවය කරන ආකාරය ඉතා හොඳයි. නමුත් ඕනෑවට වඩා ඕනෑම යහපතක් තවත් හොඳ නොවිය හැකිය. මහජනයාට වැදගත් වන්නේ මුදල් අමාත්‍යාංශය ඔවුන්ගේ කාර්යය නිසි ලෙස හා විනිවිදභාවයෙන් කරන්නේද යන්නයි. ඔබ වැනි ජ්‍යෙෂ් ors යන් බොහෝ දෙනෙක් තෝරාගත් ඩිමෙන්ශියාවෙන් පෙළෙන බවක් පෙනෙන්නට ඇති හෙයින් ඔබේ මිණිබිරියන්ට පවා මෙය ඔබට ඉගැන්විය හැකි යැයි මම සිතමි. වත්මන් අගමැතිවරයා එම තාවකාලික රැස්වීමේදී ඔහුගේ ලේකම්වරයාගෙන් විමසන වීඩියෝ පටය දෙස බලන්න. PM හි ශරීර භාෂාව අධ්‍යයනය කරන්න.
          මගේ අත්තම්මා මට ඉගැන්නුවා, ඔබට රත් වූ යකඩ පොල්ලකින් පහර දෙනු ලැබුවා නම්, ඔබ කලමෙදිරිය දැකීමෙන් සැමවිටම කුතුහලයට පත් වනු ඇත .. එම වාචික කියමනට අනුව, රාජාක්ෂේගේ ප්‍රකාශ ගැන සාමාන්‍ය ජනතාව දැඩි කනස්සල්ලට පත්ව සිටිති. ඔවුන් නිසැකවම විශ්වාස කරන්නේ සුනාමි අරමුදල් අවසන් වූ ආකාරයටම ඔවුන් විශාල මුදල් ගිල දමනු ඇති බවයි .. මතක තබා ගන්න, මේ මොහොතේදී, ජාතිය විශාල ණය බරින් මිරිකී සිටින අතර, ශතයක් පවා නාස්ති වීම හෝ දූෂිත වීම පිළිගත නොහැකිය. මේවා බදු ගෙවන්නන්ගේ අරමුදල් ය. පෙනෙන ආකාරයට මිනිසුන් මෝඩ නැත. අද ඔවුන්ට හැකි තරම් පුළුල් ලෙස ඇස් ඇරෙමින් තිබේ. සමාජ මාධ්‍ය වීඩියෝ විශාල ප්‍රමාණයක් ජනතාවගේ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමට සෑම උත්සාහයක්ම දරයි. ඉදිරි දිනවලදී, මිනිසුන් නිසැකවම රාජපක්ෂයට ගල් විසි කිරීමට පටන් ගනී. වෙනිසියුලාවේ තත්වය මෙයයි. අප්‍රිකාවේ බොහෝ රටවල තත්වය මෙයයි.

          https://www.youtube.com/watch?v=7BNhjAdnG44

          https://www.youtube.com/watch?v=OyBqN8LQjO0

          https://www.youtube.com/watch?v=adyrfnhCQZg

          https://www.youtube.com/watch?v=gHuveM5itBs

          https://www.youtube.com/watch?v=2-Wv9md1B1I

          https://www.youtube.com/watch?v=wssjUO0ARec

          • 0
            1

            Leelagemalla
            මම නම් කිසිම නායකත්වයකට සේවය කරලා නැහැ. කරන්නෙත් නැහැ. මම ලියන්නේ මගේ ස්වාධීන අදහස්. නමුත් ඔබ නම් කිසියම් කණ්ඩායමකට සේවය කරන බව පැහැදිලියි. ඔබ තවමත් හිතන්නේ ආණ්ඩුව මහින්දගේ කියලා. ඔබ ජනාධිපති කියන වචනය කියන්නත් බයයි. ඒ වගේම මුදල් අමාත්‍යංශයේ විනිවිද භාවය ගැන ඔබ පහුගිය ආණ්ඩුව තිබ්බ කාලේ කවදාවත් අහනව මට නම් මතක නැහැ. එක්කෝ ඉස්සෙල්ල Leelagemalla නෙමෙයි දැන් ලියන්නේ. අලුත් කෙනෙක් වෙන්න ඕනේ.

        • 1
          1

          මිලියන 5000 ක පරතරය පිළිබඳ ප්‍රමාණවත් සාක්ෂි තිබේ (රුපියල් 50000 x 100 000, නිවාස අලුත්වැඩියාවක් සඳහා නිවාස 10 000 ක් වැය වුවහොත් අතුරුදහන් වූ අරමුදල් සමඟ ආධාර කළ හැකිව තිබුණි). එකල සුනාමි අරමුදල් වලින් එම කාලය තුළ රාජපක්ෂේ ගිණුම්වල තැන්පත් කර තැන්පත් කරන ලදී. එම හසුරුවීම් සහ විමර්ශන රටේ වෙසෙන ජනතාව හොඳින් දන්නා නමුත් රාජපක්ෂේ පවුල විසින් අරමුදල් සපයන මාධ්‍ය මාෆියාව සත්‍යයන් පිළිබඳව ජනතාව දැනුවත් කළ බවක් නොපෙනේ. රටේ සමහර දේශපාලන politicians යින් විසින් දැන් විවෘතව හසුරුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මාෆියාවට වඩා මාධ්‍ය මාෆියාව ශක්තිමත් ය. ඔබ නෙගම්බෝ වෙත යන්නේ නම්, ඔබ drug ෂධ මාෆියාව පිළිබඳ බොහෝ යාවත්කාලීන කිරීම් එකතු කරනු ඇත.
          සුනාමි අරමුදල් අපයෝජනයට එරෙහි නඩුව රාජපක්ෂේ පවුල් දූෂණයට එරෙහි වඩාත් ප්‍රචලිත නඩුවක් වන අතර හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට ස්තූතිවන්ත වන මහින්ද රාජකේෂස් මෙම නඩුවෙන් පැන ගියේය. අගවිනිසුරු සරත් එන් සිල්වා ප්‍රසිද්ධ වේදිකාවකදී එය නැවත අවධාරණය කර තිබේ. ඔහු බුද්ධිමත් නම්, අප එය සත්‍ය තොරතුරු ලෙස සැලකිය යුතුය. නැත්නම් ඔබ සිතන්නේ චම්පා? එබැවින් ඔබට වාද විවාද තිබේ නම් ඔබට ඔහු හා සම්බන්ධ විය හැකිය – මම හිතන්නේ ඔහු තවමත් රට තුළ ජීවත් වේ. ආපසු හැරී බලන විට දුප්පත් අප්‍රිකානු රටකට වඩා වෙනස් නොවේ. කාටද දොස් පැවරිය යුත්තේ?

          • 0
            0

            රටේ බටහිර වෙරළ තීරයේ සුනාමියෙන් ජනතාව killed ාතනය කිරීමෙන් පසු අපට පොදු ගිවිසුමක් – ආපදා කළමනාකරණ ගිවිසුමක් ඇති බව ජේවීපීඑස් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. මෙම ගිවිසුම යටතේ, සියලු පක්ෂ හා රටවල් නායකයින්ට ආපදා කාලවලදී ජනතාවගේ යහපත උදෙසා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්නා අතරම ඔවුන් නියෝජනය කිරීමට අවස්ථාව ලැබේ. රාජපක්ෂේ සහෝදරයින්ට මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ නොහැක්කේ ඇයි? එය නැවතත් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලං is නය කිරීමකි. COVID 19 වැළැක්වීමේ සෝෆාර් සමඟ අසමත් වීමට ප්‍රධාන හේතු මේවාය.

    • 0
      0

      සම්මුතියකට පැමිණීමට නොහැකි වීම අද ශ්‍රී ලංකාවන්ට විශාල ගැටලුවක පවතී. බොහෝ දුප්පත් රටවල් පවා සම්මුතියකට පැමිණීමට අරගල නොකරනු ඇත, නමුත් මේ ආකාරයෙන් අසමත් වීමට ප්‍රධාන වශයෙන් බෞද්ධ රටක් ලෙස ශ්‍රී ලංකන්වරු COVID වැළැක්වීමේ පාලනයට බාධාවකි. අද. #.
      ඔවුන් අවසානයේ එකමුතු වීමට ඉගෙන ගත යුතුය. මේවා මූලික කරුණු වේ. අවම වශයෙන් වසංගතයකදී, වෙනස්කම් අමතක කර එකට එකතු වීමට අපට හැකි විය යුතුය. රාජපක්ෂයන් විපක්ෂයේ හා සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස් ගැන තැකීමක් නොකරයි. රෝගය පැතිරීම වැළැක්වීම තවමත් පාලනය කර නොමැති හේතුව එයයි. මහජනයාගේ අවදානම නොතකා මහජනයා මැතිවරණයක් පැවැත්වීම ඔවුන්ගේ ප්‍රමුඛතා වේ.

  • 0
    0

    ආණ්ඩුව සුරාසැල් “සඳුදා” විවෘත කරන්නේ නැහැ කියල සුරාබදු ලොක්ක කියල තියෙනව දැක්ක.
    ඒ කියන්නේ අඟහරුවාදා විවෘත කරනවද?
    නැත්නම් ඉන්දියාවේ වගේ ගෙදර වලටම සුරා පානය සපයන්න බලාපොරොත්තු වෙනවද?
    මේ සුරාසැල් ගැන සිංහල පත්තරේකට ලිව්වා ලංකාවේ කාන්තාවන්ට තමන්ගේ ශක්තිය නිහඬව පෙන්වන්න දැන් හොඳම අවස්ථාව. ඒ හින්ද සුරාසැල් නැවත විවෘත නොකරනවා කියල පොරොන්දුවක් ඉල්ලන්න. නැත්නම් චන්දෙ නොදී ඉන්න කියල. ඒක දාල තිබ්බේ නැහැ.
    ජනාධිපතිවරණ කාලේ හිටපු ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ මේ ගැන කතා නැහැ.
    මම ඉල්ලන්නෙ අගමැතිතුමා, සුරාසැල් නැවත අරින්නම එපා.
    බලන්න, මිනිස්සු මාස දෙකක් විතර මත්පැන් නැතුව හිටියනේ.
    වෙන විදිහකට කියනවා නම් රටේ බහුතර සුරාලෝලීන් මත්පැන් අතෑරලානේ හිටියේ.
    දැන් ඇයි ආණ්ඩුව මත්පැන් අතෑරපු මිනිස්සුන්ට බලෙන් පොවන්න යන්නේ?
    සුරාසල් වහල තිබිල ඇඳිරි නීතිය අයින් කරපු වෙලාවේ ඇරියට පස්සේ ගෘහාශ්‍රිත මිනීමැරුම් සිද්ධ වෙලා තියෙනවා.
    සුරා සොඬුන් නිසා කාන්තාවන් කොතරම් මානසික,ශාරීරික පීඩන වලට පත් වෙලා තියෙනවද කිව්වොත්, බිරියන් සැමියන් මරපු අවස්ථා දෙකක් සුරාසල් නැවත විවෘත කරපු ඒ එක දවසට සිද්ධ වෙලා තිබුන.
    මිනිස්සු ලෙඩ කිරීමට, මිනීමැරුම් වලට, කාන්තාවන්ට දරුවනට කරන අපරාධ වලට, කෲරකම් වලට, පවුල් කඩා වැටීමට, ගෘහස්ථ වධ හිංසා ඇතුළු මේ සියල්ලට මුල මත්පැන්.
    කොටින්ම කියනව නම් පවුල කියන ඒකකය මූලික කරගෙන පවතින සිංහල බෞද්ධ සමාජය අන්තෙටම පිරිහුනේ මත්පැන් නිසා.
    පස්වෙනි සිල් පදය සුරාවෙන් වැලකීම වුනාට සිංහල බෞද්ධ පවුල් වල සතුට සාමය සමගිය නැති වුනේ පවුලේ ගෘහ මූලිකයා සුරාවට ඇබ්බැහි වුනු නිසා.
    දැන් ඒ සුරාව සවභාව ධර්මය විසින්ම නතර කරලා දාල තියෙනවා.
    ඒ කියන්නේ කොරෝනා ලංකාවට හොඳ පාඩමක් කියල දුන්න.
    ටිකක් හිතන්න.
    සිංහල බෞද්ධ සමාජය ලේසියෙන්ම පුනරුත්ථාපනය කරන්න මඟක් කොරෝනා වෛරසය හදලා දීල තියෙනව.
    ආණ්ඩුව දැන් සුරා වලින් ආදායම් හොයන එක අතෑරලා දාන්න.

    • 1
      0

      මේ දිනවල සමහර ප්‍රදේශවල සිටින දුගී පවුල් කෙතරම් දුප්පත්ද යන්න පැහැදිලි වෙමින් තිබේ. ඔවුන් කොරෝනා පැතිරීම ගැන තැකීමක් නොකරන නමුත් අද දවසේ ඔවුන්ගේ ජීවන අරගලයක පැවැත්ම.
      මේ සියල්ල රාජපක්ෂ රජය විසින් ග්‍රාමීය සංවර්ධනයන් පිළිබඳ ව්‍යාජ තොරතුරු සඳහා ආවරණය කරන ලදී. රාජපක්ෂයන් මංගල උත්සව සමරන්නේ 5000 සිට 10 000 දක්වා ආරාධනා කරමිනි. ඔවුන්ට මෙතරම් ධනයක් ලැබුණේ කොහෙන්ද යන්න අද අසරණයන්ගේ ප්‍රශ්නයයි. ඔවුන්ගේ ස්වභාවයේ ලැජ්ජාශීලී නායකයින් කිසි විටෙකත් මේ ජාතියට ජීවිතයක් ලබා දෙන්නේ ඔවුන්ගේ පවුල්වලට පමණක් නොවේ. මගේ වැඩිහිටියන් අපට ඉගැන්නුවා, යමෙකු වැරදි මාර්ගයෙන් යමක් උපයා ගන්නේ නම්, ඔවුන්ට හෝ පසුව ඔවුන්ට කර්මය ද punishment ුවම් කිරීම නොවැළැක්විය හැකිය.
      . රට තුළ තවමත් දුප්පත් පවුල් 30-40% ක් වන අතර දිනකට ඩොලර් 5 ක් උපයා ගත නොහැක. වෙන් කරන ලද අරමුදල් සඳහා සමහරක් පරිත්‍යාග කරන ලෙස මහජන සේවකයන්ගෙන් ඉල්ලා සිටීමට පෙර රාජප්කාෂ් නඩත්තු කිරීම පිළිබඳ රාජ්‍ය අරමුදල් හොඳින් විමර්ශනය කළ යුතුය. ශිෂ් ized සම්පන්න ජාතීන් මෙතෙක් රාජපක්ෂගේ ආකාරයට මුදල් නාස්ති නොකරනු ඇත.

  • 0
    0

    කොරෝනා වෛරසය ඇති වෙන්න බලපෑවේ ලංකාවේ ඉරණම කියල මම තදින්ම විශ්වාස කරනවා.
    දැන් ලෝකේ පුරාම සුරාසැල් වැහුණු එක ගැන විතරක් බලන්න.
    මෙහෙම වුනේ කොහොමද?
    ශිවපුරාණය අනුව “සුර” කියන්නේ බ්‍රහ්මය මවපු දේව කණ්ඩායම. ආගම හින්දු. රාම අයිති එතෙන්ට. ශිවපුරාණය අනුව ඔවුන්ගේ පානය “සුරා” – ආත්මීය පානයක්.
    කොරෝනා එක්ක එන්නේ “අසුරයන්ගේ” කාලේ.
    “අසුරයන්” කියන්නේ දෙවියන්ට වඩා බලවත්, “සුර සහ සුරා” දෙකම ප්‍රතික්ෂේප කරපු ශක්‍රයාගේ පිරිස.
    ශක්‍රයා ගැන හරියට බෞද්ධ පොතපතේ සඳහන් කරල නැහැ. ශක්‍රයා ඇත්තටම යක්ඛ රජෙක්.
    “අසුරයන්” කියන්නේ, ශක්‍රයාගේ පාලනයට යටත්, “බ්‍රහ්මයා සහ සුරයන්” ප්‍රතික්ෂේප කරන, බුදුරදුන්ගෙන් බණ ඇසූ බෞද්ධයන්.
    “අසුරයන්” පෘථිවි වාසින් නෙමෙයි. ඔවුන් දෙවියනුත් නෙමෙයි. නමුත් දෙවියන්ට වඩා වැඩි ආධ්‍යාත්මික බලයක් තිබුන පිරිසක්.
    ලංකාවේ යක්ඛ ජනවර්ගය කියන්නේ, මිනිසුන් ලෙස නැවත ඉපදෙන “අසුරයන්.” (හැබැයි හැම සිංහලයම යක්ඛ නෙමෙයි.)
    ඇයි ලංකාවේම ඉපදෙන්නේ?
    බුදුදහම තියෙන්නේ ලංකාවේ නිසා.
    රාවණා රජු, මහාසේන රජු (කතරගම) “අසුරයන්.”
    “අසුරයන්” දශරාජ ධර්මයෙන් රජ කළා. පින්දහම් කළා. ආහාරය කිරි මිශ්‍ර බත්.
    දැන් “සුරයන්ගේ” කාලේ ඉවරයි.
    ඒකයි ලෝකේ පුරාම දේවාල, ආගමික ස්ථාන වැහුනේ. සුරාසැල් වැහුනේ.
    දැන් ඇවිල්ල තියෙන්නේ “අසුරයන්ගේ” කාලේ.
    “අසුරයන්” අතීතයේ මුළු ලෝකයම පාලනය කළා. ඔවුන්ට ඉර හඳ ග්‍රහලෝක තාරකා පාලනය කරන්න පුළුවන්.
    දැන්2020 “අසුරයන්” නැවත බලය පතුරනවා.
    හේතුව ලංකාවේ බුදුදහම ආරක්ෂා කරන්න.
    බුදුදහමට “සුරයන්ගේ” බලපෑම නිසා ඇති වෙන පිරිහීම නවත්තන්නයි “අසුරයන්” නැවත බලය පතුරන්නේ.
    “කොරෝනා” කියන නමින් මේ විදිහට කවදාවත් නොවුණු විදිහට මුළු ලෝකයම හසුරවන්නේ “අසුරයන්.”
    “කොරෝනා” නමටත් “අසුරයන්ගේ” මොකක්ම හරි සම්බන්ධයක් තියෙනව. හොඳටම විශ්වාසයි. නමුත් මටත් තවම පැහැදිලි නැහැ ඒ සම්බන්ධය.
    ඊළඟට වෙන්නේ මොකක්ද?
    මමත් දන්නේ නැහැ.
    අගමැතිතුමා, මම කියන හින්ද නැවත සුරාසැල් විවෘත නොකර ඉන්න.
    ඔබ ශක්තිමත් එඩිතර තීරණ ගන්න පුළුවන් නායකයෙක්.
    ඒ හින්දයි මේක ලියන්න හිතුවේ.

    • 0
      0

      රාවණා රජු, මහාසේන රජු (කතරගම දෙවියන්) “අසුරයන්” කියල ලියපු එකට තව ටිකක් එකතු කරන්න හිතුව.
      ලංකාවේ ජීවමානව වැඩ ඉන්න දෙවිවරු තුන් දෙනෙක් ඉන්නවා.
      ඒ තමයි කතරගම, ගම්භාර සහ දැඩිමුණ්ඩ.
      ඔවුන් ගැන තියෙන ජනකතා, විශ්වාස, ගති ලක්ෂණ සහ අපට දැනෙන දේ ගැන බලපුවහම, මේ දෙවිවරු තුන්දෙනාටම රාවණා රජ්ජුරුවන්ගේ සම්බන්ධයක් තියෙන බව හිතන්න පුළුවන්. බොහෝවිට රාවණා අවතාර වෙන්න පුළුවන්. හේතුව මේ දෙවිවරු තුන්දෙනාම ලංකාව සහ බුදුදහම ජීවමානව ආරක්ෂා කරනවා කියල විශ්වාසයක් පවතින නිසා. එහෙම නොවෙන්න අවුරුදු 2563ක් බුදුදහම ලංකාවේ ආරක්ෂා වෙන්න පුළුවන් කමක් නැහැ.
      අනිත් කාරණේ තමයි බුදුහාමුදුරුවෝ ඉස්සර දෙවියෙක්ද නැත්නම් යක්ඛ රජෙක්ද කියන එක.
      ශක්‍ර කියන්නේ ඇත්තටම දෙවියෙක් නෙමෙයි යක්ඛ රජෙක්. හිටියේ තව්සිතාවේ.
      අසුරයන් හිටියෙත් තව්තිසාවේ. නමුත් අසුරයන් දෙවියන් නෙමෙයි.
      දෙවියන් කියන්නේ සුරයන්. ඔවුන් සම්බන්ධ වෙන්නේ බ්‍රහ්මය එක්ක
      අපේ පොත පතේ ශක්‍ර සහ අසුරයන් දෙවියන් විදිහට හඳුන්වලා තියෙනවා. මම හිතන්නේ ඉන්දියාවේ අභාෂය නිසා.
      නමුත් ඒක වැරදියි. අපේ ඉතිහාසයේ ගොඩක් හදන්න වැරදි තියෙනවා.
      එහෙම බලාගෙන යනකොට බුදුහාමුදුරුවෝ විදිහට බුදු වෙන්නෙත් යක්ඛ රජ කෙනෙක් හෙවත් අසුර රජෙක්.
      ලංකාව සහ බුදුහාමුදුරුවන් අතර මේ තරම් දැඩි සම්බන්ධයක් ඇති වෙන්න හේතුව ඒකයි.
      අවුරුදු 5000කට වරක් බුදු වෙන්නේ අසුර හෙවත් අපේ සිංහල යක්ඛ රජෙක්. ඉන්දියානුවෙක් නෙමෙයි.
      ලෝකය පවතින්නේ එක බුදුවරයෙක් දේශනා කළ ධර්මය පවතින කාලය, එනම්; අවුරුදු 5000යි.
      වෙනත් විදිහකට කියනව නම් ලෝකයේ ඇතිවීම සහ නැතිවීම තීරණය කරන්නේ බුදුවරයෙක් විදිහට ඉපදෙන අපේ යක්ඛ රජෙක්.
      මම හැම තිස්සෙම හිතුව බුදුවරු එක්ක ලංකාව සම්බන්ධ වෙන, පොත පතේ නැති, අතීතයේ අපේ ඉතිහාසය ලියපු යක්ඛ නොවෙන මිනිස්සු හංගපු ලොකු හේතුවක් තියෙන්න ඕනේ කියල.
      එතකොට ඊළඟට බුදු වෙන්නේ නාථ දෙවියෝද? ම්හු. වෙන්න බැහැ.
      මගේ වැඩේ මේවා analyze කර කර බලන එක.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.