26 April, 2024

Blog

යහපාලනයෙන්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හා කොවිඩ්-19 වසංගතයෙන් පසු ලංකාව

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් විය. 2006-2009 යුද සමයේ වසරකට 6% ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4% දක්වා වැඩිවිය. 2005 දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90%ක් වූ සමස්ථ ණයබර 2014 අවසන් වන විට 75% ක් දක්වා අඩුවී තිබිණි. කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2005 දී 1,922 ක් වූ අතර, 2014 අවසන් වන විට එය 7,299 ක් දක්වා වැඩිවී තිබුණි. 2005 දී ඇමෙරිකානු ඩොලර් 1,242 ක් වූ ඒකපුද්ගල ආදායම 2014 අවසන් වන විට ඩොලර් 3,819 දක්වා තුන්ගුණයකින් වැඩිවී තිබුණි. නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේද 2006-2014 කාලපරිච්ඡේදය තුළදීය. මේ සියලුම ආර්ථික ජයග්‍රහණ අපි ලබා ගත්තේ 2007 ලෝක ආහාර අර්බුදයත්, 2008 – 2009 ගෝලීය මූල්‍ය අර්බුදයත්, ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මධ්‍යයේය. 2006-2009 කාලපරිච්ඡයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 74 ක් වූ අතර 2010-2014 කාලපරිච්ඡයේදී එය ඩොලර් 103 ක් විය.

2015 ජනවාරියේ සිට මේ සියල්ල කණපිට හැරුනේය. 2015 වසරේදී ආර්ථික වර්ධන වේගය 5%ක් දක්වා පහත වැටී ඉන්පසු සෑම වසරක් පාසාම ක්‍රමානුකූලව  අඩුවී 2019 වන විට 2.3% ක් විය. රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම 2014 දී  රුපියල් 130ක් වූ අතර, එය 2019 ඔක්තෝබර් වන විට රුපියල් 181 දක්වා වැඩිවී තිබුණි. රටේ සමස්ථ ණය බර 2014 අවසානයේ  රුපියල් ට්‍රිලියන 7.39 සිට 2019 ඔක්තෝබර් මාසය වනවිට රුපියල් ට්‍රිලියන 12.89 ක් දක්වා 74.4% කින් වැඩිවී තිබුණි. 2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වොප් වැනි නොයෙක් මූලාශ්‍ර වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක විදේශ විනිමය ණය  ලබා ගෙන තිබුණි. මේ ආකාරයට ණය ගත්තද යහපාලන ආණ්ඩුව කිසිදු කල් පවතින, ආදායම් ලබන වත්කමක් නිර්මාණය කළේ නැත. 2014 අවසානයේ 7,299 ක් වූ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2019 ඔක්තෝබර් මාසය වන විට 5,990 දක්වා අඩු විය. මෙවන් ආර්ථික බිඳවැටීමක් සිදුවූය්  2015 සිට 2019 දක්වා මුළු කාලපරිච්ඡේදය තුළම බොරතෙල් බැරලයක සාමාන්‍ය  මිල ඇමෙරිකානු ඩොලර් 60 ක තරම් මැත ඉතිහාසයේ පහතම අගයක පැවතියදීය.

යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ මේ දරුණු ආර්ථික බිඳවැටීමට කිසිදු බාහිර හේතුවක් නොවීය. 2015 හා 2019 අතර ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් වේගයෙන් වර්ධනය විය. 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ලංකාවේ ආර්ථික බිඳවැටීම තවත් උත්සන්න විය. 2019 නොවැම්බර් 16 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ සහමුලින්ම විනාශ වූ ආර්ථිකයකි. කොවිඩ් – 19 වසංගතය විසින් මුළු ලෝකයම ගිල ගනු ලැබුවේ එවන් තත්ත්වයක් යටතේය.  කොවිඩ් – 19 වසංගතයෙන් පසු 1930 ගණන්වල ඇති වූ මහා අවපාතයට සමාන ලෝක ආර්ථික අවපාතයක් ඇති වනු ඇති බවට පුරෝකථනය වී ඇත. එවන් තත්ත්වයක් යටතේ සියලුම රටවල් ආර්ථික දුෂ්කරතා හා මහා පරිමාණ විරැකියාවට පාත්‍ර වෙන නිසා ශ්‍රී ලාංකිකයන්ට සෞභාග්‍යය සොයා විදේශගත වීමට ඇති අවස්ථාවන්ද සීමා වනු ඇත. කොවිඩ්-19 නිසා සියලුම ශ්‍රී ලාංකිකයින්ට අද ඉතිරි වී ඇත්තේ එක විකල්පයක් පමණි – ඒ ශ්‍රී ලංකාව ගොඩනැඟීමයි. මේ සිදුවී ඇති විපතෙන් ගොඩ ඒමට අපි එකාවන්ව කටයුතු කළේ නැතිනම් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වෙනු ඇත.

මෑතකදී, රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරියා වන ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, තමන්ගේ වැටුපෙන් හැකි ප්‍රමාණයක් පරිත්‍යාග කරන මෙන් රජයේ සේවකයන්ගෙන්  ඉල්ලීමක් කළ විට, විපක්ෂය ඔහුව නිර්දය ලෙස විවේචනය කළේය. මෙහිදී සිදුවූයේ හුදෙක්ම ස්වේච්ඡා පරිත්‍යාගයක් සඳහා ඉල්ලීමක් බව දැන දැනත්, එය අනිවාර්ය වැටුප් කපාහැරීමක් හැටියට ඔවුන් හුවා දැක්වුයේය. ආචාර්ය ජයසුන්දර යනු 2006-2014 කාලයේ මේ රටේ ඇති වූ ආර්ථික පිබිඳීමට දායක වූ ප්‍රධානම රාජ්‍ය නිලධාරියෙකි. එවැනි දක්ෂ නිලධාරීන් තනිකොට පහරදී, ආණ්ඩුවේ ආර්ථික පුනර්ජීවන වැඩපිළිවෙල අඩාල කිරීම විපක්ෂයේ අරමුණ බව පැහැදිලිය.

මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ මේ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් කොවිඩ්-19 ලෝකය තුළ කිසිදු තැනක් නැති බව අපි වටහා ගත යුතුය. ඉදිරියට එන අසීරු ගෝලීය තත්වයන් යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා අපගේ දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මතය. ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මැතිනිය මෑතකදී පවසා සිටියේ ජර්මානු ආර්ථිකය ශක්තිමත්ව තිබුණ අවස්ථාවක කොවිඩ්-19 වසංගතය පැමිණි නිසා ඔවුන්ට එයට මුහුණ දීමට හැකියාව තිබුණු බවයි. නමුත් ලංකාවට මේ වසංගතයට මුහුණ දීමට සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් තත්වයක් යටතේය. 

මේ නිසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම මෙම කාරණා ගැන හොඳින් කල්පනා කර බලා, රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතුය. කොවිඩ්-19 වසංගතය ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම්, මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැත. වර්තමානයේ මේ රට පාලනය කරන ජනාධිපතිතුමාගේ සිට පහළට සියලුදෙනා, ජයග්‍රහනය කිරීමට නොහැකි යැයි කියූ යුද්ධයක් දිනූ, 2006 – 2014 අතර දැවැන්ත අභියෝග මධ්‍යයේ වුවත් මේ රටේ නිදහසින් පසු විශාලම ආර්ථික පිබිදීම ඇති කළ කණ්ඩායමකි. කොවිඩ්-19 වසංගතයෙන් පසු ලෝකය තුළ ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වන්නේ එවන් නායකත්වයකි.

Print Friendly, PDF & Email

Latest comments

  • 9
    1

    හිටපු ජනාධිපති, වත්මන් අගමැති @

    මෙම ජාතියෙන් අවම වශයෙන් 50% ක් තෝරාගත් විමුක්තියෙන් පීඩා විඳින්නේ නැත. 2015 වන විට ඔබේ පරිපාලනය අවසන් වූ ආකාරය ඔවුන්ට හොඳින් සිහිපත් කළ හැකිය.
    *
    ඔබේ සොරුන්ට පක්ෂව තීන්ත ආලේප කිරීමට ඔබ සෑම උත්සාහයක්ම ගන්නා විට මිනිසුන් එතරම් මෝඩයන් නොවේ.
    *
    2015 සිට ඔබ යමක් ඉගෙන ගනු ඇතැයි අපි සිතුවෙමු. නමුත් ඔබේ නින්දාසහගත ස්වභාවය නරකම බවක් පෙනෙන්නට තිබේ – එම කෙටි කාලය තුළ ව්‍යාජ රජයේ 52 ක් තුළ ඔබ දැක්වූ ප්‍රතික්‍රියා මගින් මෙය මනාව පෙන්නුම් කෙරිණි.
    *
    1) ඔබ විසින් මෙහෙයවන ලද ඔබේ කුරිරු හැඟීම් ජාතියට පොරොන්දු වූ පරිදි ඔවුන්ගේ මෙහෙවර ඉටු කිරීමට එම පරිපාලනයට ඉඩ දුන්නේ නම්, හිටපු ජනාධිපති සිරර්සේනා එතරම් පිස්සු වැටෙන්නේ නැතැයි අනුමාන කෙරේ.
    *
    2) මතක තබා ගන්න, දින 52 ක ව්‍යාජ රජයෙන් පසුව ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ග ගන්නා බවට ශ්‍රේෂ් SC ාධිකරණය තීන්දු කළ වහාම සිරිසේන ඔහුගේ සනීපාරක්ෂාව සඳහා පරීක්‍ෂා කිරීමට සූදානම්ව සිටියේය.
    *
    3) එහෙත්, බලයේ කෑදර උපක්‍රම මත පදනම් වූ ඔබේ මැදිහත්වීමෙන් ජනාධිපතිවරයා අභිබවා යමින්, ඔබේ අධිකරණ නඩු අවහිර කිරීමට සෑම උත්සාහයක්ම දරමින්, කලින් ඉදිරිපත් වූ රජයට සම්පූර්ණ දොස් පැවරීම, අද ඉදිරියට පැමිණ ප්‍රශ්නය මතු කිරීමට ඔබට තෙරපුමක් ඇතැයි මම සිතමි. ඉහළ අපරාධ සහ ඔවුන්ගේ පරීක්ෂණ.
    *
    4) දකුණු ආසියානු දේශපාලනය පදනම් විය හැක්කේ ඔබේ ස්වභාවයේ අන්ත ජාතිවාදීන් මත පමණක් බව ඔබ හෝ ඒ හා සමාන අතිශය අපයෝජන නායකයින් තවදුරටත් ඔප්පු කරති … එවිට එම රටවල වංචනික ජනතාවගේ ඡන්ද ලබා ගත හැක්කේ ඔබට හෝ ඒ හා සමාන අපරාධකරුවන්ට පමණි.

    • 1
      0

      රටක මුළු ජනතාවම ක්‍රියාකාරී දේශපාලනයේ යථාර්ථයන් පිළිබඳ කරුණු හා සංඛ්‍යා වලින් keep ත්ව සිටින තැන මෙය සාමාන්‍ය දෙයකි. සමාජ සංජානනය ඔවුන්ගේ දේශපාලන පැවැත්ම මත පමණක් රඳා පවතී. නමුත් මෙම කුහකයන් නිරන්තරයෙන් වෙනත් චරිතයක් රඟපාමින් ගීතයක් ගායනා කරති. එම ගීතය රට තුළ අවදානමට ලක්විය හැකි ජනතාව අතරට පැමිණේ. ඔවුන්ගේ සිතුවිලි සහ මනස ඔවුන්ගේ ඡන්දය උදුරා ගැනීම සඳහා ඒ ආකාරයෙන් අල්ලා ගනු ඇත. අමූලික බොරු රටේ සියලුම රූපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති ප්‍රවෘත්ති බවට පත්වේ. මෙය ජනතාව විසින් සුළු කොට තැකීමක් කර ඇත. රටේ මාධ්‍ය ආයතන තම රාජකාරිය නිසියාකාරව ඉටු කරනු ලැබුවා නම්, මෙය කිසිසේත් කළ හැකිද?

  • 2
    0

    මොකක්ද මේ ලියුමේ මේ කියන්නේ? දෙපාරක්ම කියැව්ව. මට නම් තේරෙන්නේ නැහැ.
    අන්තිම කොටසේ කියනව “මේ නිසා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙක්ම මෙම කාරණා ගැන හොඳින් කල්පනා කර බලා, රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතුලු.”
    මොකක්ද මේ කියන්නේ?
    මේ ලියුමේ වැඩි හරියක් වෙන් කරලා තියෙන්නේ විපක්ෂය වෙනුවෙන්.
    2015 ජනවාරි 9 වෙනිදා ඉඳන් සිංහල බෞද්ධයෝ අවුරුදු 5ක් තිස්සේ සියලු දුක් වේදනා හිත් වේදනා අගහිඟකම් මදි පුංචිකම් නින්දා අපහාස විඳගෙන ඉඳලා අන්තිමට 2019 අග වළලපු යහපාලනය ආයේ ගොඩට අරන් සෝද සෝද අලුත් ඇඳුම් අන්ද අන්ද අලුතින් එම්බාම් කර කර කරේ තියාගෙන ප්‍රදර්ශනය කරමින් යන්නේ ඔබයි, ඔබ ගෙනා ජනාධිපතියි, ඔබේ කඳවුරයි, අගමැතිතුමා.
    ලැජ්ජයි අනේ.
    මිනිස්සු වල දාපු යහපාලනය ගැන ඔච්චර කතා කරන්නේ වෙන කතා කරන්න දෙයක් නැති නිසාද? නැත්නම් මිනිස්සු ගැන විශ්වාසයක් නැති නිසාද?
    වළදාපු දේවල් මිනිස්සු නැවත ගොඩ නොගත්තට දේශපාලකයෝ ඒවා ගොඩ ගන්නවා.
    ඔබට මිනිස්සුන්ගේ තීරණය ගැන විචිකිච්චාවක් ඇති වෙලා නම්, ඒකට හේතුව මිනිස්සු වලදාපු යහපාලනය ඔබයි ඔබේ කඳවුරයි නැවත ගොඩට ගැනීම.
    ඒකෙ ප්‍රතිවිරුද්ධ පැත්ත කළා නම් ඔය විචිකිච්චාව නැති වෙයි.
    හැබැයි ඔබේ ජනාධිපති අර හොර නීතිඥයා එක්ක එකතු වෙලා ලොකු මැතිවරණ වංචාවක් කළා විතරක් නෙමෙයි කැත විදිහට මිනිස්සුන්ගේ බලාපොරොත්තුත් සුන් කළා.

  • 2
    0

    දැන් බලන්න පීබීගේ කතාව.
    පෞද්ගලික යෝජනාවක් කියලා පීබීව සුදු කරන්න යන්න එපා ඔන්න. ඒ මොකොද කිව්වා නම් පෞද්ගලික යෝජනාවක් කරන්න මොකෝ රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ පීබී අතින්ද?
    අනික දැන් ඕක කිව්වේ ජනාධිපතිතුමා නොදැනුවත්ව කියලද කියන්නේ?
    සාමාන්‍ය පන්තියේ රාජ්‍ය සේවකයෝ කියන්නේ ලංකාවේ අඩුම ආදායමක් තියෙන මිනිස්සු.
    සියයට 90ක් විතර රාජ්‍ය සේවකයන්ට සම්පූරණ වැටුප ලැබෙන්නේ නැහැ ණය වලට කැපිල කැපිල. පඩි අරන් සති දෙක යනකොට සුළු සේවකයෝ එනව ඊළඟ පඩියෙන් ගෙවන්නම් කියල ණය ඉල්ලගෙන. මිනිස්සු ජීවත් වෙන්නේ වැටුපෙන් වැටුපට. බොහෝ පවුල්වල ළමයි 3, 4 ඉන්නවා. සමහරු කොළොඹ සහ අවට නැවතිලා ඉන්නවා. එතකොට වියදම් දෙකයි.
    ලොක්කෝ ලොකු වැටුපක් ගන්නවා. තව දීමනා ලැබෙනවා. ඩියුටි ෆ්‍රී වාහනෙත් විකුණලා සල්ලි ගන්නවා. ඒ හින්ද පීබීගේ කතාව ඔවුන්ට අමාරුවක් නැහැ.
    කිසි ගානක් නැතුව පීබී මැයි මාසේ මුළු වැටුප ඉල්ලුවේ පීබී ඉන්නේ ගුවනේ හින්ද. මහ පොළොවේ පය ගහපු කිසි මිනිහෙක් ඒ වගේ කතාවක් කියන්නේ නැහැ. දැන් දවසක පඩි කපනවලු.
    මට තේරෙන්නේ නැත්තේ රටේ ආර්ථිකය කඩා වැටීමයි, රජයේ සේවකයන්ගේ වැටුපයි අතර තියෙන සම්බන්ධෙ මොකක්ද කියල. දේශපාලකයන්ගේ වැරදි තීරණ නිසා ආර්ථිකය කඩා වැටුනට රජයේ සේවකයෝ මක් කරන්නද?
    ඔබට මතක නම් අගමැතිතුමා, මිනිස්සු අවුරුදු 5ක් තිස්සේ ඉල්ලුවේ “මහින්දගේ ආණ්ඩුවක්.”
    හැබැයි ඔබ දුන්නේ “ගෝඨාභයගේ ආණ්ඩුවක්.” කිසි සමාන කමක් නැහැ.
    “පොඩි මිනිහගේ ආණ්ඩුවක්” ඉල්ලුවහම ඔබ දුන්නේ “ලොකු මිනිස්සුන්ට ආණ්ඩුවක්.”
    “සරම බැනියම අඳින මිනිහ” ගැන බලන්න ඔබ බලයට ගෙනාවේ “ටයි කෝට්කාරයන්ව.”
    ඒකයි පීබී වගේ, රට තෙරක් නොපෙනෙන ණය උගුලක දමපු මිනිස්සු, ජනාධිපතිගේ අනුදැනුම ඇතුව, කිසි තෙතමනයක් නැතුව පොඩි මිනිහව පික්පොකට් ගහන්න හදන්නේ.

  • 2
    0

    හිනා යන වැඩේ කටාර් වලින් ලාංකිකයෝ ගේන එක නවත්තනවා කිව්වහම අගමැතිතුමාට මැදිහත් වෙන්න කියල මම සිංහල පත්තරේට ලියපු කොමෙන්ට් දෙකම දාල නැහැ. හැබැයි වෙන කට්ටිය ඒක අරගෙන වැරැද්ද හරි ගස්සන්න හදනව කියල නම් තිබුන. ලැජ්ජයි. බංකොලොත්කම තමයි පෙන්වන්නේ.

    • 3
      1

      වත්මන් නායකත්වය විසින් සීෂෙල්ස් හි සංචාරකයින්ගේ යථාර්ථය හෙළි නොකළ බවට ඔප්පු කළ හැකි වාර්තා තිබේ. ඔවුන් අව්‍යාජ නම් මහජනයාගෙන් සැඟවීමට හෝ keep ත් කර තැබීමට ඇත්තේ කුමක්ද? මීට අමතරව, ශ්‍රී ලංකාවන් 400 කට අධික සංඛ්‍යාවක් නැවත සිය මව්බිමට පැමිණීමට අරගල කරන බව වාර්තා වේ. බලධාරීන් ඒවා නොසලකා හැරිය නමුත් සීෂෙලොයිස්ට ප්‍රමුඛතාවය දුන්නේ ඇයි? රාජපක්ෂේ විසින් සොරකම් කරන ලද මුදල් විශාල වශයෙන් එම රටේ ඉතිරිකිරීමේ බැංකුවල සඟවා ඇති බවට ප්‍රසිද්ධියේම චෝදනා එල්ල විය. ඉහත සඳහන් චෝදනාව කලින් පැවති රජය තුළ නැවත නැවතත් අසන්නට ලැබුණි. එහිදී රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කළේ එක ඩොලරයක්වත් ඔවුන් සොරකම් නොකළ බව පවසමිනි. මෙම සිද්ධිය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කළ යුතුය. මේ රටේ ජනතාව රාජකපක්ෂේ කල්ලියා විසින් අල්ට්‍රා මොඩයා බවට පත් කරනු ලැබේ. පින් ගෝනා වැනි අපේ ජනතාව කිසිවක් ගණන් නොගෙන තවදුරටත් වහලුන් ලෙස හැසිරෙනු ඇත.

    • 3
      0

      Now you ve been realizing it: Thank God… We thank you for your grasp.

  • 2
    0

    පාසල් අරින්න යනව කියල දැකල සිංහල පත්තරේකට කොමෙන්ට් එකක් දැම්ම, “ඩලස්ට.”
    නමුත් ඒක වැටෙයිද නැත්ද, නැත්නම් කවද වැටෙයිද දන්නේ නැති නිසා ඒකම මෙතනත් ලියන්න හිතුව.
    .
    පාසල් අරින එක නම් භයානකයි. චන්දෙ තියන්න දරුවෝ බිල්ලට දෙන්න හදන එක වැරදියි.
    වෙන විදි බලන්න.
    ඩලස් පිටරට හිටපු නිසා දන්නවා ඇති “open book exam” කියලා ජාතියක් තියෙනව.
    එහේ නම් කරන්නේ online.
    ලංකාවේ එහෙම කරන්න බැහැ ඒ මොකොද කිව්වා නම් ඉන්ටර්නෙට් තියා රූපවාහිනිවත් නැති දරුවෝ ඉන්න පවුල් බොහොමයක් තියෙන නිසා.
    (1). කරන්න පුළුවන් එකම දේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් හරහා දරුවන්ට ජනවාරි ඉඳන් මාර්තු වෙනකම් ඉගෙන ගත්ත කරුණු වලට අදාලව ප්‍රශ්න පත්තර බෙදා දීම.
    මුලින්ම කරන්න ඕනේ මේක. Revision paper එකක්.
    සතියක කාලයක් දෙන්න ඒක කරන්න. ඒ කියන්නේ “පොත බලාගෙන” උත්තර ලියන්න පුළුවන්.
    (2). ඊළඟට, දෙවනුව ඒ ප්‍රශ්න පත්තර වලට උත්තර ටික ප්‍රාදේශීය කාර්යාල සහ ග්‍රාම නිලධාරීන් හරහා ලබා දෙන්න.
    ප්‍රශ්න පත්තරයි උත්තරයි දෙකම එකට දෙන්න එපා. It doesn’t serve the purpose.
    උත්තර ටික අරගෙන දරුවන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරයන්ට හෝ වැඩිහිටියන්ට නැත්නම් ඉහල පන්තියක නම් දරුවාටම කියන්න දරුවාගේ ප්‍රශ්න පත්තර ලකුණු කරන්න කියල.
    (3). ඊට පස්සේ මාර්තු ඉඳන් ජුනි දක්වා තියෙන විෂය ධාරාවට අවශ්‍ය කරුණු ටික යවන්න.
    (4). ඊට පස්සේ ආයෙත් ඒකට “open book exam ” එකක් තියන්න.
    (5). A/L දරුවන්ට “mock exam” එකක් කරන්න මේ විදිහටම, කවද හරි නියම විභාගේ තියෙනකම්.
    .
    දරුවන්ට නිකම් ගෙදරට වෙලා ඉන්න අරින එක අපරාධයක්.
    හරි නම් මේවා සැලසුම් කරන්න තිබ්බේ මාර්තු මාසේ ඇඳිරි නීතිය දාන කොටමයි.

    • 1
      0

      ඉස්සෙල්ල comment එකේ අකුරු සීමාව ඉවර වුන හින්ද ඔක්කොම ලියන්න බැරි වුනා.
      .
      ඉහත අංක (1) අන්තිම පේලිය ගැන:-
      සතියක කාලයක් දෙන්න කිව්වේ ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්න නෙමෙයි. මේක කරන්නේ පළමු වතාවට නිසා ළමුන්ට සහ වැඩිහිටියන්ට හැඩ ගැහෙන්න.
      “Open book exam” වුනත් ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්න ඕනේ දීල තියෙන කාලය අතර තුර. ඒ කියන්නේ පැය 1, පැය 1 1/2 හෝ පැය 2 ආදී වශයෙන්.
      (6.) ඊළඟට ජූනි ඉඳන් අගෝස්තු නිවාඩුව දක්වා සාමාන්‍ය පාසල් කාලයට අදාළ විෂය කරුණු යවන්න සහ නැවත “open book exam” එකක් තියන්න.
      (7). දෙක වසර ඉඳන් උඩට මේක කරන්න.

    • 1
      0

      A/L දරුවන්ට “mock exam” එකක් තියන්න ඉස්සෙල්ල මාර්තු ඉඳන් අතපසු වෙච්ච සටහන් ටික යවන්න වෙයි කලින් කිව්ව ක්‍රමයටම.

      • 1
        0

        Champa,
        දෙමළ නායකයාගේ අභාවයත් සමඟ ජනතාව ක්‍රමානුකූලව වටහා ගනු ඇත, රාජපක්ෂගේ ජනප්‍රියත්වය තොන්ඩමන්ට සමාන වන අතර රාජපක්ෂේ සහ තොන්ඩමාන් යන දෙදෙනාම වෙනත් නායකයින්ට වඩා බොහෝ සෙයින් පොදු බව පෙනේ. දෙදෙනාම ඡන්දදායකයින්ගේ පිරිවැය මත ඔවුන්ගේ ජීවිත භුක්ති විඳින බව පෙනේ. දෙදෙනාම දශක ගණනාවක් තිස්සේ ඔවුන්ගේම හැඟීම් ඇති බවක් පෙනෙන්නට නැතත්, ඇත්ත වශයෙන්ම සහයෝගය අවශ්‍ය වන දුප්පතුන්ගේ ඡන්ද ලබා ගැනීමට පක්ෂව ගීතය ගායනා කරති. මෙය ශාපයක් නොවේද .. එසේ නම් මෙම දේශපාලනයේ ස්වභාවය හැර වෙනත් ශාපය කුමක්ද?

      • 2
        0

        ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේදී තොන්ඩමන් සාධකය ඉතා වැදගත්ය. නමුත් කිසි විටෙකත් මෙම දේශපාලන politicians යන් දුප්පත් ඡන්දදායකයින් වෙනුවෙන් ක්‍රියා නොකරනු ඇත. පසුගිය නොවැම්බරයේදී රාජපක්ෂ ඔවුන්ට පොරොන්දු වූ පරිදි එම දුප්පතුන්ට වැටුප් වැඩිවීමක් ලැබෙනු ඇතැයි මම නොසිතමි. ඔවුන් දුන් එක් පොරොන්දුවක් අදටත් ඉටු නොවේ. නමුත් ඔවුන් සුපුරුදු පරිදි ස්වයං සුබ පැතුම් සමඟ ඉදිරියට යති. ඔවුන් දුප්පතුන්ගේ ලේ උරා බොන අයට වඩා වෙනස් නොවේ. නිහතමානී දේශපාලන politicians යන් අව්‍යාජ වන්නේ කවදාද, එය උමග අවසානයේ පවා නොපෙනේ. අපි බොරු කිව්වොත් අපිට ඇස් වලින් පේනවා, නමුත් දේශපාලන politicians යන් ලෙස මේ මිනිසුන් බොරු කියන්නේ ඔවුන් ඉපදුණාක් මෙනි.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.