25 April, 2024

Blog

වෛරී දේශපාලනය පිටුදැක ප්‍රජාතන්ත්‍රවාදී නව ගමනක් ඇරඹීම 

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

පැවති රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශවය ඉවත් වීම හේතුකොට ගෙන එම සභාග රජය අහෝසි විය. ඒ සමඟම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ආණ්ඩුවක් පත්කිරීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරුණි. ජනාධිපතිවරයා නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය තනතුර භාර ගන්නා ලෙස මට ආරාධනා කර සිටියේය. 

අද අපේ රට තුළ බරපතල අනාරක්‍ෂිත බවක් පැතිර ගොස් ඇත. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව තොරතුරු හෙලිවෙමින් තිබේ. කුමන්ත්‍රණයට සම්බන්ධ වූ පාර්ශවයන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් හෙළිදරවු වෙමින් පවතී.  පසුගිය වකවානුවේ  මුළු රට පුරාම අපරාධ රැල්ලක් පැතිර ගිය ආකාරය කවුරුත් දුටුවේය.  

රටේ ආර්ථිකය වේගයෙන් කඩා වැටෙමින් තිබේ. රුපියල භයානක ලෙස අවප්‍රමාණය වී ඇත. ලෝක ණය ශ්‍රේණිගත කිරීම් දර්ශක වල  අපේ රට පහළටම වැටී ඇත. ජීවන බරින් අපේ ජනතාව තැළී පොඩිවී, මිරිකෙමින් සිටී. එ.ජා.ප නායකයින්ගේ මහ බැංකු කොල්ලය හේතුවෙන් රටේ පොලී අනුපාතය දෙගුණයකට වඩා වැඩි වී ව්‍යාපාරිකයින් හා ජනතාව පීඩනයට පත්වී සිටී. ඒ අතරතුර එම අසාර්ථක ආණ්ඩුව වටිනා රාජ්‍ය සම්පත්, දේපල හා ව්‍යාපාර විදේශීය රටවල් වලට විකුණමින් සිටියේය.  

මේ අවදානම් සහගත මොහොතේදී ජනතාව අපගේ නායකත්වය හා රැකවරණය බලාපොරොත්තු වන බව මම දැන සිටි නිසා මම ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගෙන අග්‍රාමාත්‍ය තනතුර භාර ගතිමි. මෙහිදී අපගේ අභිප්‍රාය වන්නේ පසුගිය වකවානුවේ මේ රටට මහත් පිළිලයක් වූ වෛරී දේශපාලනය පිටු දැක සෑම පුරවැසියෙකුගේම මූලික  මානව අයිතීන් සුරකින, අධිකරණයේ ස්වාධීනත්වය හා ගරුත්වය රකින, රටේ නීතිය හා සාමය තහවුරු කරන, අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමයි. 

මේ සඳහා අප සමඟ එක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියළුම පක්‍ෂ වලට ගෞරවයෙන් ආරාධනා කර සිටිමි.  පසුගිය වකවානුවේ මේ රටේ පැතිරෙමින් පැවති ආරාජික තත්වය පිටුදැක ස්ථාවර පාලනයක් ඇති කිරීමට මේ රටේ සිංහල, දෙමළ මුස්ලිම් යන සියලුම ජාතීන් වලට අයත්  ජනතාවට සහ බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා ක්‍රිස්තියානි ආගම් අදහන සියලුම පුරවැසියන්ට මේ අත්‍යාවශ්‍ය දේශපාලන කර්තවයට සහභාගී වන මෙන් මම ආරාධනය කර සිටිමි. 

පසුගිය වකවානුවේ දිගින් දිගටම කල් දමමින් තිබුණු පළාත් සභා ඡන්ද වහාම පැත්වැත්වීමත්, හැකි තරම් ඉක්මණින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවා රට අද වැටී ඇති ප්‍රපාතයෙන් මුදවා ගන්නා නව වැඩපිලිවෙලකට, ජනතාවට තම අභිමතය පරිදි අනුමැතිය ලබා දීමට ඉඩ සැලසීම මා සමඟ සිටින දේශපාලන පක්‍ෂ නායකයන්ගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් ඒකායන අභිප්‍රාය වේ. 

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    1

    අවසානයේ අපගේ නිර්මල හදවත ජය ගනියි

    මෙය රනිල් වෙනයි – ප්‍රජාත්නත්‍රවාදය වෙනයි – මේ වෙලාවේ වී තිබෙන විපත වෙනයි – රනිල්ව පස්සේ විවෙචනය කරමු- මේ වෙලාවේ ඔහුව රකිමු “යන බොළඳ අඛ්යානය පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. මෙය රනිල්, මෛත්‍රී, මහින්ද, ජී එල්, රාජිත, කෙහෙළිය, බන්දුල, වීරවංශ, ගම්මන්පිල – මේ සියලු දෙනා පිලිබඳ ප්‍රජාතන්ත්‍රවාදයේ පැටලුනු සංකීර්ණ ප්‍රශ්නයකි. දේශපාලකයා ගැන නොව ප්‍රජාත්නත්‍රවාදය වෙනුවෙන් අපි වෙහෙසෙමු යන බොළඳ “සිත නිවන කතාව” අප කියාගෙන වැඩක් නැත. අපේ ජීවිත පරිත්‍යාගයෙන් ගොඩ යතොත් යන්නේ රනිල්, මලික්, සාගල, මංගල, රාජිත, චතුර, හිරුනිකා ආදී එකී නොකී ජන පීඩකයන්මය.

    නමුත් අපි මේ පටලැවිල්ල තුළ මොවුන්ගේ නිසසාර බව ප්‍රත්‍යක්ෂ ලෙසම දැකිය යුත්තෙමු.

    රාජපක්ෂ යුගයක අප කිසිවකුගේ ජීවිත සුරක්ෂිත නැත. රාජ්‍ය සේවකයන් සිය ගණනකගේ සැබෑ මරණය එහි ලියවී ඇත. ඔවුන් සියල්ලන්ම රාජ්‍ය සේවයේ තජුදීන්ලා වනු ඇත. රාජපක්ෂ යුගයක් නිර්මාණය වීම පරාජය කිරීම තුළ ඇත්තේ හෙට දිනයක මොවුන් සියලු දෙනාම 2020 දී පිටු දැක යම් තුන්වන බලවේගයක සිහිනය සැබෑ කර ගැනීමට ඇති අවකාශයයි. මීටත් වඩා දුර්දාන්ත පාලනයන් පරදවා, මිනී අළු ගසා දමා ඉතියෝපියාව වැනි රටවල් පවා ලෝකය තුල දිරියට යමින් පවතී.

    මේ අවස්ථාවේ රනිල් සහ ප්‍රජාත්නත්රවාදය යනු දෙකක් නොව එකක් යන යතාර්තයට මුහුණදීම අපේ හද කකියවන දුර්භාග්‍යයයි. නමුත් අපි යතාර්ථය මේ යයි දැන දැනම කෲරත්වය සහ දේශපාලන තක්කඩිකමට එරෙහිව අපේ දරුවන් වෙනුවෙන් නැගී සිටිය යුතු වෙමු.

    බ්‍රෙෂ්ට් කියූ ලෙස “ඔබ අරගල කළ යුත්තේ පාලකයා වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටය. අමන ජනතාව කිසිදා පාදඩ පාලකයන්ට එරෙහි වන්නේ නැත” ජනතාව වෙනස් කිරීමේ මොහොත අප විසින් උදා කරගත යුතුවෙමු. අවසානයේ අපගේ නිර්මල හර්දය ජය ගනු ඇත. එය රනිල්ට අයිති නැත. එම ජයග්‍රහණය අපගේ අහිංසක දරුවන්ට අයිතිවනු ඇත.

    මේ දූෂිත, ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, සිරිසේන-රාජපක්ෂ තක්කඩි කමට විරුද්ධ වීමට යථාර්ථයේ අසුන මත හිඳ ගෙන ඔබේ නිර්මල හදවතට කියන්න.

  • 1
    0

    මහා ප්‍රජාතන්ත්‍රවාදියා නෑවෑත ඈවිල්ලා එජාපය විසින් අහිමි කොරනා ලද ප්‍රජාතන්ත්‍රවාදය නෑවෑත ස්ථාපිත කොරන්න…

    හිටිය අවු 10 ඈති කොරාපු ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිදක්..

    ලසන්තව ඝාතනය කෙරුවා…
    ප්‍රගීත් එක්නෑලිගොඩ ඉස්සුවා අතුරුදන් කෙරුවා..
    තරුණයන් 11 දෙනෙකු උස්සලා අතුරුදන් කෙරුවා..
    වෑලිකඩ හිරගෙදර හිරකරුවන් 27 ඝාතනය කෙරුවා
    භාරත ලක්ෂමන්ට වෙඩි තිව්වා අපේ කෙනෙක්..
    වසීම් තාජුඩීන් ඝාතනය කෙරුවා…
    සුදු වෑන් වලින් ඉස්සුවා..ඈට කුඩු කොරලා දෑම්මා..

    කීත් නොයාර්…උපාලි තෙන්නකෝන්…පෝද්දල ජයන්ත…
    දසවද දුන්නා…..රටෙන් එලෙව්වා….
    තාරකී සිවරාම් ඝාතනය කෙරුවා..
    උදයන් ප්‍රවුර්ති කාර්යාලය ගිනි තිබ්බා
    සිරස රූපවාහිනිය ගිනි තිබ්බා..
    සියත රූපවාහිනිය ගිනි තිබ්බා..

    හලාවත ඈන්ටනීට වෙඩි තිව්වා…
    මීගමුවේ රොෂේන් චානකට වෙඩි තිව්වා
    රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලු අයට වෙඩි තිව්ව..

    පෑය 48 න් අගවිනිසුරුව පන්නා දෑමුව

    නීතිය ක්‍රියාත්මක වෙච්චි හෑටි බලන්න ඒකාලේ…
    පොලීසිය ..උසාවිය.. නීතිපති හිටියේ සාක්කුවේ..
    අගවිනිසුරු පත් කෙරුවේ ඕනෑ එක්කෙනා පමණයි..
    එසේ පත්වූ මොහාන් පීරිස් නීතිය නෑව්වා..
    ඔහු උසාවියේ ප්‍රකාශ කෙරුවා
    ප්‍රගීත් එක්නෑලිගොඩ ප්‍රංශයේ ඉන්නවා දෑක්කා කියලා..

    ගාමිණී සෙනරත්…උදයංග වීරතුංග.. ජාලිය වික්‍රමසූරිය..
    නාලක ගොඩහේවා…දිලිත් ජයවීර.. දෙරණ අමුණුගම ප්‍රනාන්දු
    හරිම හොදයි…විල්පත්තු ඉඩම් ලියවා ගත්තා

    බෑසිල් 10% කොමිස් ගත්තා…
    චීන කොමිස් වලින් මල්වානේ ගෙවල් හෑදුවා..

    මස්සිනා ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගිල්ලා..
    පාඩුව රුපි බිලි 4.0

    මාධ්‍ය නිදහස උපරිමයෙන් තුබුනා..
    මට ඕනි දේ පමණයි පුවත් පත් ..රූපවාහිනි ප්‍රචාරය කෙරුවේ
    කිසිම කෙනෙක් කතා කෙරුවේ නෑහෑ..
    විපක්ෂයට අද වාගේ කතා කොරන්න බෑරි වුන

    අද බලන්න ප්‍රජාතන්ත්‍රවාදය පොඩ්ඩක් වත් නෑහෑ නොවෑ..

    දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය හිමි වුනේ ප්‍රජාතන්ත්‍රවාදය නෑති නිසා

    නිකං නෑවෑත ඉපෑදුනා වාගේ කථා කොරන්න එපා…

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.