27 April, 2024

Blog

කොරෝනා උවදුර පසකෙ තබා දේශපාලනය කතා කිරීම

මහින්ද රාජපක්‍ෂ – 

ජනාධිපතිතුමාත්, ආණ්ඩුවත්, සමස්ත රාජ්‍ය යාන්ත්‍රනයත් තම සම්පූර්ණ අවධානය කොරෝනා මර්ධන ව්‍යාපාරය කෙරෙහි යොමු කර තිබෙන ආකාරයත්, ඉන් ජනතාවට ප්‍රතිඵල අත් වෙමින් පවතින ආකාරයත් කාටත් පෙනේ. මේ මහා ජාතික ආපදාව හා ලෝක ව්‍යසනය මධ්‍යයේ වුවත්, විසිරුවා හැර තිබෙන පරණ පාර්ලිමේන්තුව නැවත රැස් කළ යුතු බවත්, අප්‍රේල් 30 වෙනිදායින් පසු පැරණි පාර්ලිමේන්තුවේ අනුමැතිය නොමැතිව ආණ්ඩුවට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ඇතුලු රජයේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වෙන්කිරීමට නෛතික බලයක් නැති බවත්, පරණ පාර්ලිමේන්තුව නැවත රැස් නොකොළොත්, ජනාධිපතිතුමා ඇතුලු ආණ්ඩු පාර්ශවයේ සිටින අපගේ ප්‍රජා අයිතිය නැති විය හැකි බවත්,  දේපළ රාජසන්තක විය හැකි බවත් තර්ජනය කරමින්, මේ රටේ දේශපාලන විපක්ෂය රණ්ඩු කරන ආකාරය අපි දකිමු.

මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය

මාර්තු මස මුලදී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ ලංකාවේ එකම කොරෝනා රෝගියෙකුවත් නොසිටි අස්ථාවකය. ඊට සති එකහමාරකට පසු මුල්වරට රෝගියෙකු හමුවීම නිසා, මැතිවරණ කොමිසම විසින් ජුනි 20 වෙනිදා දක්වා මැතිවරණය කල් දමනු ලැබීය. සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව එම දිනයත් බොහෝ දුරට කල් යෑමට ඉඩ ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කොට ඇත. ස්වාධීන මැතිවරණ කොමිසමට හිමි බලතල අනුව සුදුසු අවස්ථාවක ඔවුන් මැතිවරණය පවත්වනු ඇත. ලංකාවේ කොරෝනා මර්ධන ව්‍යාපෘතිය ලෝකයේ බොහෝ රටවලට වඩා සාර්ථකත්වයක් පෙන්වා ඇති තත්වයක් යටතේ මැතිවරණයක් පවත්වනු ලැබුවහොත්, විපක්‍ෂයට අවාසිදායක වෙන නිසා, කෙසේ හෝ යලිත් පැරණි පාර්ලිමේන්තුව කැඳවාගෙන, ආණ්ඩුවේ මුදල් සැපයුම හිර කිරීම තුළින් කොරෝනා මර්ධන ව්‍යාපෘතිය කඩාකප්පල් කොට, මහා මැතිවරණයට පෙර ආණ්ඩුවේ ප්‍රතිරෑපය බිඳ දැමීම විපක්‍ෂයේ පරමාර්ථය වී ඇති බව පැහැදිලිය. 

කොරෝනා උවදුර ඒමට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී මේ යහපාලන පක්‍ෂ පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමි බහුතරය පාවිච්චි කොට ආණ්ඩුවේ පොහොර හා බෙහෙත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම වැලැක්වීම තුළින් රටේ පොහොර හා බෙහෙත් හිඟයක් ඇතිකොට අලුත් ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමට දැරූ උත්සාහය මුලු රටම දුටුවේය. දැන් ඔවුන් ඉදිරිපත් කරන තර්කය වෙන්නේ ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට රටේ සේවාවන් පවත්වාගෙන යෑමට මුදල් වැය කිරීමට බලය පවරා ඇත්තේ,  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පැවති ආණ්ඩුව විසර්ජන පනත් කෙටුම්පතක් සම්මත නොකර තිබෙන අවස්ථාවක පමණක් බවයි. කලින් පැවති යහපාලන ආණ්ඩුව 2020 අප්‍රේල් 30 වෙනිදා දක්වා   අතුරු සම්මත  ගිණුමක් සම්මත කර තිබුණු නිසා, අප්‍රේල් 30 වෙනිදායින් පසු ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමට බලයක්  නැතැයි ඔවුන් තර්ක කරයි. 

මෙය විකාර ස්වරූපී තර්කයකි. ව්‍යවස්තාවේ 150(3) වගන්තිය යටතේ,  පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට  පාර්ලිමේන්තුව විසින් මුදල් වෙන් කර නොමැති ඕනෑම කාරණයක් සඳහා මුදල් වෙන් කිරීමට බලයක් ඇත. අදාල කාරණය සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද මුදල් තිබේ නම් ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිතුමා පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවන්නේ නැත්තේ,  කොරෝනා මර්ධනයට පිටරටින් ලැබෙන මුදල් අවභාවිතා කිරීමට බව විපක්ෂය කරන තවත් චෝදනාවකි. ඒ මුදල් වියදම් වෙන ආකාරය ගැන අධීක්ෂණය කිරීමට පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවිය යුතු බව ඔවුන් කියයි. ආණ්ඩුවට පිටරටින් ලැබෙන සියලුම මුදල් මහ බැංකුවේ අදාල පද්ධතිය හරහා මහා භාණ්ඩාගාරයට යයි. මේ මුදල් වියදම් කිරීමේ දී අනුගමනය කළ යුතු නිශ්චිත ක්‍රියා පටිපාටියක් ඇත. යහපාලන ඇමතිවරු  මධ්‍යම සංස්කෘතික අරමුදලේ  මුදල්  වැය කළ ආකාරයට මහා භාණ්ඩාගාරයේ මුදල් වැය කළ නොහැක. 

අභිනව පාර්ලිමේන්තුව රැස්වූ පසු,  පරණ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද මොහොතේ සිට අලුත් පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාව දක්වා රජයේ මුදල් වැය වූ ආකාරය ගැන ප්‍රශ්න නැගීමට විපක්ෂයට අවස්ථාව ලැබෙනු ඇත. එතෙක් ඔවුන් ජනතාවට බොරු නොකියා සිටිය යුතුය. මේ අවස්ථාවේදී අපි මැතිවරණ හා දේශපාලනය ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම බැහැර කොට කොරෝනා වසංගතය පාලනය කිරීමටත්,  ජන ජීවිතය  සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමටත් අවධානය යොමු කළ යුතුය. කොරෝනා රෝගීන් සෙවීමේ මෙහෙයුමට එකතු වීම හේතුවෙන් නාවුක හමුදාවේ ඇති වූ කොරෝනා පොකුරේ තරම අපි කවුරුත් දුටුවෙමු. ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය මම ප්‍රාර්ථනා කරමි. අපේ සෞඛ්‍ය සේවකයන්, යුද, නාවුක, ගුවන් හමුදාව, පොලීසිය ඇතුලු මේ සටනේ පෙරමුණේම සිටින පිරිස් ජනතා සේවය වෙනුවෙන් මොන තරම් අවදානමක්  දරණවාද යන්න කාටත් පැහැදිලිවේ. මේ විරුවන්ට  ඔවුන්ගේ රාජකාරිය කිරීමට අපි කවුරුත්  උපරිම සහයෝගය දැක්විය යුතුය යන කාරණයත් මම මෙහිදී සිහිපත් කර සිටීමට කැමැත්තෙමි.

*මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    1

    ඔබ විසින්ම මෙහෙයවන ලද සහ එසේ නොකරන ලෙස අන් අයට දේශනා කරන විට ඔබ දකින ඉතා දේශපාලනික වීම, මේ මොහොතේ සියලු අනපේක්ෂිත අයිතියට වැටී සිටින ජනතාවගේ තුවාල වලට පහර දීම වැනි දෙයක් නොවේද? ඔබේ රජය විසින් සෑම පවුලකටම රුපියල් 5000 ක් බෙදා හැරීම 90% දේශපාලනීකරණය වී ඇත. . මේ පිළිබඳව සනාථ කළ හැකි කරුණු රාශියක් තිබේ. නමුත් ඔබේ ලිපි මගින් නොමඟ යැවිය යුතු ප්‍රේක්ෂකයින්, එසේ නොකිරීම සහ අන් අය එසේ නොකරන ලෙස ඉල්ලා සිටීම – ඔබේ දේශපාලන ප්‍රචාරකයා හිතාමතාම සැලසුම් කර ඇත. මිනිසුන් illing ාතනය කිරීම සහ එසේ නොකිරීමට යම් සිතුවිල්ලක් තැබීම ඔබේ පෙර අධිකාරී පාලන තන්ත්‍රය තුළ බොහෝ දේ අධ්‍යයනය කර ඇත. මේ සියල්ල දැන් සිතියම් ගත කර ඇත. මිනිසුන් සියල්ලන්ම මෝඩයන් නොවේ – මාව විශ්වාස කරන්න, මේ රටේ වේගයෙන් වර්ධනය වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඔබට වෛර කරනු ඇත.
    .
    මෙය ඔබේ මුග්ධ දේශපාලනයයි. මෙය ඔබගේ කිට්ටු අයට පවා පැහැදිලි නොවිය හැකිය. ආපසු හැරී බලන විට, ඔබ වෙඩි තැබීමට දිනකට පෙර ලසන්ත වික්‍රමතුංග සමඟ කතා කළේ රට කෙරෙහි අවධානය යොමු කළ යුතු තියුණු කාරණා පිළිබඳව ය. ඔහු රටේ බොහෝ ප්‍රවෘත්ති පත්‍රවල නිර්භීත කතුවරුන් කිහිප දෙනෙකුගෙන් කෙනෙකු ලෙස සැලකේ. ඔබේ අවජාතක පුතුන්ගේ එකම වයස් කාණ්ඩවල සිටින තරුණ රග්බි ක්‍රීඩකයා, නමුත් අමානුෂික ලෙස was ාතනය කරනු ලැබුවේ, ඉස්තාන්බුල් තුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදී ජමාල් කෂෝගි මරා දමා මරා දැමූ ආකාරය හා සැසඳිය හැකි ය. අද වන විට සදාකාලික වින්දිතයින් බවට පත්ව ඇති අතර, ඔවුන්ගේ මරණ සහ පිළිතුරු නොලැබූ අතපසු වීම් අද ප්‍රශ්නාර්ථයෙන් තොරය.

    • 2
      1

      ඔබ කවුදැයි ඔබ සිතන්නේද? කණ්ණාඩියකින් දැකීම සුදුසුය, ඔබ අවංකවම කියන්නේ ශෝචනීය දේශපාලනයේ ඉහළම වංචාවයි.
      ඇයි ඔබ නැවත නැවතත් අවදානමට ලක්වූවන්ගේ මනස වඩාත් සිත් රිදවන්නේ. ඔබ එය නවත්වන්නේ කවදාද? ඔබගේ මෙම ස්වභාවය ඉක්මනින් නතර නොවන්නේ නම්, ඔබ ඉක්මණින් ඔවුන්ගේ දර්ශනවලින් ඉවත් වනු ඇතැයි ප්‍රාර්ථනා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැත. කර්මය ඔබ ගැන ඉතා හොඳින් බලා ගනීවි – සෑම දිනකම පාහේ මගේ මතකයට එයි. මේ හැඟීම ඔබට අනපේක්ෂිත ලෙස ගණන් ගත යුතු යැයි මට හැඟේ – අද හෙට නොවේ නම් – ඔබ කුහක දේශපාලනයේ මේ ස්වභාවය දිගටම කරගෙන යන්නේ නම් එතරම් සැලකිල්ලක් නොදක්වයි ජනතාවගේ අනාගතය. මිනිසුන් ඔබට සදහටම වෛර කරනු ඇති බවට සැකයක් නැත. ඔබේ ප්‍රධාන ආහාරය පුන්නකු වන නමුත් අවම වශයෙන් ජාතියේ ඡන්දදායකයින් මිලියන 6 ක් වත් ඒවා අනුභව කරනු ඇත.

    • 3
      1

      ස්වයං උග්‍රවීම, ස්වයං ප්‍රකාශනය, ස්වයං ඇඩියුලේෂන් දිනෙන් දින වර්ධනය වන අතර ඔවුන්ගේ පරිපාලන ක්‍රමයට පෙර පැවති සිද්ධිය මෙන් නොව, විරුද්ධවාදීන්ට තම අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑම ඉඩක් තබයි – 2019 නොවැම්බරයට පෙර, සිහින් වීම.
      විවේචනවලට වඩා වැඩි ඉඩක් හා අවකාශයක් නිර්මාණය කිරීමට වඩා අත්අඩංගුවට ගැනීම්වලට වඩා පොදු සංසද හරහා නිර්මාණය කළ හැකිය. මේ සියල්ලම කොරෝනා අර්බුදය සමඟ අද දවසේ පසුබිමට පත්වෙමින් තිබේ. ඔවුන් නැවත මෝඩ කරන්නේ කවුද? එකම පුද්ගලයින් නොවේ නම්, 2015 දී ඔවුන්ට එරෙහිව ඡන්දය දුන්නේ කවුද? මතකද? පසුගිය ජනාධිපතිවරණයේදී ඔවුන් දක්ෂ විය යුතුව තිබූ නිසා මිනිසුන්ට ද දොස් පැවරිය යුතුය
      අද වන විට සෑම පවුලකටම 5000 බැගින් බෙදා හැරීම සඳහා ගොවීන්ගේ අස්වැන්න සියල්ලම පිරිසිදු ආකාරයකින් කළමනාකරණය කිරීමට නොහැකි වී තිබේ. ජනතාවගේ හදවත් දිනා ගැනීම සඳහා ඔවුන් තත්වය දේශපාලනීකරණය කරයි. ඒ රුපියල් 5000 පැමිණියේ මෙඩමුලනා පෞද්ගලික දේපළෙන්. එය ඔවුන්ට හ loud නඟා පැවසුවද, තණකොළ කන අය වැනි අය කිසිදු ප්‍රශ්නයක් මතු නොකරනු ඇත.

      නමුත් විශ්ලේෂකයින් ඉතා පැහැදිලිව පවසන පරිදි, ජනගහනය තුළ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ඉහළ අවදානම් සහිත රටකි. බෝවන රෝග පාලනය කිරීමේ ලෝක පුරෝගාමීන් වන ඉහළ මට්ටමේ විශ්ව විද්‍යාල විශේෂ experts යින් සමඟ නොව අදටත් ඔවුන් තම හෙංචයියන් සමඟ වැඩ කරති.

    • 2
      0

      අපේ ජනතාව පෙනෙන ආකාරයට වඩා මෝඩයන් ලෙස පෙනෙන්නේ ඇයි? දැනුවත්ව සත්‍යයන්, අපරාධ සහෝදර සමාගමට ඡන්දය දුන් අතර, අතීතයේ කිසි දිනක නොවූ විරූ අසරණ තත්වයකට පත්විය. ඔවුන් රැඳී සිටින්නේ පන්නකු ආහාරයට ගන්නා එළදෙනුන් දෙස බලාගෙනය. එළදෙන යනු අහිංසක සතෙකි, නමුත් හෝමෝ සේපියන්වරුන්ට කිසිවක් කිරීමට පෙර ප්‍රතික්‍රියා කිරීමට අවම වශයෙන් කුඩා මොළයක් තිබිය යුතුය. මේ කුඩා මොළය අපේ ජනතාවගෙන් ඉවත් කළේ කවුද? බැල්ලිගේ පුතුන් එකම අවදානම් සහිත පුද්ගලයින් දිවුරුම් දීමට පටන් ගත් නමුත් ඔවුන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කිසිවක් නොකරයි. ඒ අන් කිසිවෙකු නොව, උදේ සිට සවස දක්වා ඔවුන්ගේ පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති වාදනය කරන පක්ෂග්‍රාහී මාධ්‍යය. කතා කිරීමේ නිදහස දැනටමත් ජනතාවගෙන් උදුරාගෙන ඇත. යමෙක් සත්‍යය කථා කරන්නේ නම්, ද්‍රෝහීන් ලෙස පහර දෙනු ඇත. ඔවුන් ගෞරවනීය හා යහපත් ජීවන රටාවන් ප්‍රතිනිර්මාණය නොකරන්නේ ඇයි? රාජපක්ෂ පහත් මට්ටමේ සංකීර්ණයෙන් පීඩා විඳින්නේ ඇයි? එය ඔවුන්ගේ හැදී වැඩීමයි. ඔවුන් අද භුක්ති විඳිනවා නම්, එය බදු ගෙවන්නන්ගේ අරමුදල් වේ. මිනිසුන්ට ඒ ගැන කිසිම අදහසක් නැහැ. රාජපක්ෂයන් තම පවුලේ ධනයෙන් උපයන්නාක් මෙන් අරමුදල් බෙදා හරිනු ලැබේ. රාජපක්ෂේ මන්ත්‍රයට වඩා පුළුල් හා රසවත් පින්තූරයක් පින්තාරු කරන්නේ පක්ෂග්‍රාහී මාධ්‍යවේදීන් පමණි.

    • 0
      0

      වෛරය යනු මේ රටේ විශාලතම වෛරසය සංසරණය වීමයි. නිෂ්පාදකයින් වන්නේ රාජපක්ෂ සහ ඔවුන්ගේ නෑදෑයින් ය. අද විනිවිද පෙනෙන දේ කුමක්ද? මාධ්ය ? අද වන විට රාජ්‍ය සේවකයින් COVID අරමුදල් සඳහා පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටී. ඒ අතරම, මහින්ද රාජපක්ෂේ විසින් තමන්ගේම නඩත්තු කටයුතු සඳහා විශාල වශයෙන් රාජ්‍ය අරමුදල් නාස්ති කරයි. මෙම බැල්ලියගේ පුතුන් දිනපතාම නිරීක්ෂණය කරන්නේ මුළු ජනතාවම ඔවුන්ගේ ආහාර තුන සඳහා අරගල කරන ආකාරයයි. සංවෘත දොරවල් පිටුපස සකස් කර ඇති කැබිනට් තීරණ? පිස්සු බල්ලා හෝ ජරාව අනුභව කරන බල්ලා බන්දුල ගුණවර්ධන විසින් මුලුමනින්ම ව්‍යාජ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මාධ්‍යයට ඉදිරිපත් කරයි. මෙම සංඛ්‍යාලේඛනවලට කිසිදු පදනමක් නොමැත. නමුත් මිනිසුන් ඒවා වෙන්කර හඳුනා නොගනු ඇත. ඔවුන්ගේ COVID පැවැත්ම සමඟ පොරබදමින් සිටිති.

  • 0
    3

    Leelagemalla – දැන් ඕගොල්ලන්ගේ ආණ්ඩුවක් ඕගොල්ලන්ගේ ජනාධිපතිවරයෙක්, ඕගොල්ලන්ගේ අගමැති කෙනෙක් නේ හිටියේ අවුරුදු 5ක්ම තිස්සේ. විශේෂ උසාවිත් දැම්මනේ මතකද? හැබැයි ඔය කියන කිසි දෙයක් ඔප්පු කරගන්න බැරිවුනා. එතකොට අගමැතිතුමා සාමාන්‍ය මන්ත්‍රීවරයෙක්. ඉතින් ඔය චෝදනා ඔප්පු කරන්න ඕනේ තරම් කල් තිබුනනේ. ඔප්පු කරගන්න බැරි වුනාම ඒ චෝදනාව නිෂ්ප්‍රභා වෙනවා කියල දන්නේ නැත්ද?

    • 1
      0

      රාජපක්ෂේ ආධාරක ව්‍යායාම කරන්නන් මේ ජාතිය විනාශ කිරීමට හැකි සෑම දෙයක්ම කරති. ඉරාජ් වීරරත්න රාජපක්ෂගේ ආධාරකරුවෙකි. එහෙත් ඔහු නිහතමානී සංස්කෘතියට කරමින් සිටින්නේ ආචාර ධර්ම හා සදාචාරයෙන් ඔබ්බට ය. අද තරුණ ළමයින්ගේ විනාශය වෙනුවෙන් ඔහු මාධ්‍යයට අතවර කරන සෑම අවස්ථාවකම ඔහු කිසිදු වැරැද්දක් නොදකිනු ඇත.
      :
      එවකට සිටි ඊනියා කලාකරුවන්ගේ ආකාරයේ චර්යාත්මක හැසිරීම් වලින් තම පක්ෂය ඉදිරියේ ඇති අවදානම ආවරණය කිරීම සඳහා රාජපක්ෂේ කුඩා දරුවන් සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡා සඳහා කැඳවීය. ඔවුන් මේ ආකාරයෙන් රවටා ඇත්තේ කවුද? ඔවුන්ගේ මිනිසුන් දෙවරක් නොසිතන ලෙස ඔවුන් සිතන ඕනෑම දෙයක් කරති, එවිට ඔවුන්ගේ දේශපාලන නායකයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් වලක්වා ගැනීමට සෑම උත්සාහයක්ම දරති.

      ම්ලේච්ඡ නායක මහින්ද රාජක්ෂේ ද එවකට එය කළේ ඩ්‍රග් කිංපින් නිමල් ලන්සාගේ නිවස මීට වසර කිහිපයකට පෙර වැටලූ බවය. නිමල් ලන්සා හැදී වැඩී නොපැහැදිලි තත්වයකට පත්වූයේ කෙසේද සහ කුමන පසුබිමකින්ද යන්න එම ප්‍රදේශයේ ජනතාව හොඳින් දනී. ඔවුන් ඩ්‍රග් අලෙවි නියෝජිත drug ෂධ බාරොන් නොවූයේ නම් ඔහුට එම ධනවත් වීමට නොහැකි වනු ඇත. කෙසේ වෙතත්, මේ රටේ පවත්නා නීතිය හා සාමය නිසා මෙවැනි ආකාරයේ පරීක්ෂණවලට බාධා ඇති වේ. ඔබේ ඇස් ඉදිරිපිටම ඔවුන් සමඟ ගනුදෙනු කළත්, ඔබට මේ රටේ යුක්තිය ඉටු කිරීමට හෝ සේවය කිරීමට නොහැකිය.

    • 2
      0

      ආදරණීය Champia sister, කරුණාකර ඔබේ හදවතට සමීප වී එය ඔබෙන්ම ප්‍රශ්න කරන්න. ඔබ ඔබට අවංක නම් – අපට තවදුරටත් ඔබව පැහැදිලි කිරීමට අවශ්‍ය නැත. ඔබේ ප්‍රශ්නවල පදනම කුමක්ද? සිරිසේන, රාජපක්ෂේ අද මිය ගියහොත්, මේ රටේ බොහෝ දෙනෙක් දින ගණනාවක් සතුටින් ගත කරනු ඇත, මන්ද දෙදෙනාම ජීවතුන් අතර සිටීම පවා ඔවුන්ට කණගාටුදායක දසුනකි.

      සිරිසේන අපගේ ජනාධිපති නොවූ අතර ඔහු සිටි ආකාරය වඩාත් නින්දාසහගත මහින්ද රාජප්කාෂේගේ මග පෙන්වීම සඳහා වූ තවත් කුමන්ත්‍රණයකි.
      අහිංසක යාච් prayers ා 300 කට අධික සංඛ්‍යාවක් ඔවුන්ගේ යාච් ying ා සැසිවාරයේ දී කොළඹ සහ අවට ප්‍රදේශවල බෝම්බ හෙලන අතරතුර සිරිසේන සංචාරය කළ ආකාරය සිතා බලන්න. එම සංචාර සියල්ලම බදු ගෙවන්නන්ගේ අරමුදල්වල පිරිවැය මත විය. මහින්ද රාජක්ෂේ එවකට එය කළ නොහැක්කකි. ඔහු ඔබේ අනුමැතිය ඇතිව රාජ්‍ය අරමුදල් නාස්ති කළා. ඔබ මැටිවලින් පෝෂණය වූවාක් මෙන් දිගු කාලයක් රැඳී සිටින්න, ඔවුන් ඔබව හරයට අපයෝජනය කරනු ඇත. අද අපේ ජනතාව තම ජීවිතය වෙනුවෙන් අරගල කරන 40% කට වඩා වැඩි ප්‍රමාණයක් දෙස බලන විට මගේ හදවත දිය වේ. එය කොරෝනා නිසා පමණක් නොව, ඔවුන්ගේ ජීවිත ගත කිරීමට නිසි මාර්ග නොමැති වීමද?

      ඉන්දියානු බුද්ධි අංශයේ විවිධ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා හදවතක් ඇති ඕනෑම කෙනෙකුට කවදා හෝ ප්‍රතික්‍රියා කළ හැකිද? මෝඩකම සහ නූගත්කම සහ තවත් සාධක කිහිපයක් මෙම මිනිසුන් එසේ හැසිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි. මගේ ජීවිතය නම්, මම මගේම සගයන්ට එරෙහිව නැගී සිටින්නේ නම්, එදිනම හෝ පසු දින ඔවුන් සමඟ එය ඉවත් කිරීමට මම සෑම උත්සාහයක්ම දරමි. එසේ නොමැතිනම් මට ඔවුන් සමඟ වැඩ කළ නොහැක. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ යුරෝපීයයන් ය. ඇමරිකානුවන් සහ ඉංග්‍රීසි ජාතිකයන් ද ඇත.

    • 1
      0

      Champawathiyo,

      I am NOT living in SL, nor have i done so for ages.
      I dont think that anyone make changes towards the serving the justice in that coutnry. If you live there, Champiyo, you may know it better. Each time visitng back to my country, I only become allegic. Whatever my eyes catch are beyond my understanding. Be it travellingn in a tuk tuk or cab, or in a bus or train, or crossing the road or at buying my daily needs, I get hurt down there. I really cant understand why people behave as if they are beyond far tribal folks.

    • 1
      0

      අද අපේ රට දෙස බලන විට – 80 දශකයේ අග භාගය වන විට රට ද එකම අවුල් ජාලයක පැවතුනි. එතැන් පටන් බැල්ලිගේ පුත් රාජක්ෂේ භාර ගන්නා තෙක්, රට දරුණු සිවිල් යුද්ධයක යෙදී සිටි කාලය වන අතර එය රට පුරා දහස් ගණනක් killed ාතනය කළ නමුත් උතුරු ප්‍රදේශවල වැඩි පිරිසක් මිය ගියහ. අභාවප්‍රාප්ත කදිර්ගමාර්ට ස්තූතිවන්ත වන ඔහු ජර්මනිය සහ අනෙකුත් යුරෝපීය රටවල් ඇතුළු කැරලිකරුවන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් තහනම් කළේය. එය පසුව හර්කියුලස් කර්තව්‍යයක් ලෙස සලකනු ලැබීය. අද බැල්ලිගේ පුතුන් ඔහුගේ නමවත් සඳහන් නොකරයි.
      මම එය ජර්මනියේ සහ ස්විට්සර්ලන්තයේ අත්දැක ඇති අතර මා කතා කරන්නේ කුමක් ද යන්න මම හොඳින් දනිමි. මම කවදාවත් කිසිම පැත්තක් ගත්තේ නැහැ. එවිට මගේ දෙමළ හා මුස්ලිම් මිතුරන් මට කීවේ ඔවුන්ගේ ත්‍රස්තවාදී සංවිධානය සඳහා තවත් අරමුදල් එකතු කිරීමක් සිදු නොවන බවයි. මෙම මාතෘකා පිළිබඳව අපට WORLD විශ්ව විද්‍යාල සේවා සැසි පැවතුනි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ත්‍රස්තවාදී ආධාරකරුවන් නොව, ඕනෑම පාකිස්තානුවන්, අරාබිවරුන් හෝ වෙනත් ජාතිකයන් මෙන් යහපත් ජීවිතයක් අපේක්ෂා කරන ආර්ථික සරණාගතයින් අද පවා කරනු ඇත. අද යුරෝපයේ විසිරී සිටින මෙම සංක්‍රමණික ප්‍රජාවන්ගෙන් හොඳ දෙවන පරම්පරාවන් බිහි විය. සමහරු වෛද්‍ය විශේෂ experts යන් ලෙසත් තවත් සමහරු ආසියානු සංස්කෘතිය අනුව උසස් තනතුරුවලත් සේවය කරති. දෙමව්පියන් තම දරුවන්ගේ යහපත් අනාගතයක් සඳහා සටන් කරයි.

      අද මුලික කරුණු නොදැන මහාචාර්ය හූල්ට රාජ්‍ය නොවන සංවිධාන සේවකයෙකු, ඩයස්පෝරා ආධාරකරුවෙකු වීමට පහර දෙයි. නමුත් ආපසු හැරී බලන විට ඔහු එවකට කැරලිකරුවන්ගේ සතුරන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටියේය. හොඳ මහාචාර්යතුමනි, මම සැමවිටම ඔහුගේ හෘදයාංගම කැපවීම් අගය කරමි.
      .
      යුද්ධයෙන් පසු, මිනිසුන් සිතුවේ ඔවුන් නාස්තිකාර යුද්ධයක් සඳහා බිලියන ගණනක් වැය කළ මුදල පාරිසරික උත්පාතයන් සඳහා ප්‍රභවයක් වනු ඇති බවයි, නමුත් යථාර්ථය වූයේ රාජපක්ෂේ ගෝත්‍රික ධර්මය රටේ වත්කම් සහ තමා ම්ලේච්ඡ චීනයට විකුණා දැමීමයි. මේ රටේ දුප්පත් ජනතාවගේ යහපත උදෙසා රාජපක්ෂයන් තම සොරකම් කළ ධනය පරිත්‍යාග කළ බවට මට උදාහරණ නැත. ඇයි ඒ ? එසේ වුවද අසරණ වූවන් ඔවුන්ගේ මහිමාන්විත වාචාල කතා නිසා නොමඟ යවනු ලැබේ.

      අද පවා මහින්ද රාජක්ෂේට එය නිවැරදිව දැකීමට මොළයක් නොමැත. ඔහුගේ හැසිරීම සිම්බාබ්වේ අග මුගාබේගේ හැසිරීමට භයානක ක්‍රමයකි. කළු ජාතිකයා මුගාබේ ජාතික වීරයෙකු ලෙස රඳවාගෙන සිටියත් මුගාබේ මිය යන විට කළු ජාතිකයින්ගෙන් බොහෝ දෙනෙක් ඔහුට වෛර කිරීමට පටන් ගත්හ.

  • 2
    0

    ජනාධිපතිතුමාට ඔහු පෞද්ගලිකව තෝරා ගත්ත සුළු පිරිසක් එක්ක රට ආණ්ඩු කරන්න දීම නරක පූර්වාදර්ශයක්.
    ඊළඟට පාර්ලිමේන්තුව තියෙත්දිත් ඔහු ඒ ක්‍රමයම අනුගමනය කරන්න ඉඩ තියෙනවා.
    අනිත් අතට ජනාධිපතිතුමාගේ කොරෝනා මර්ධන ක්‍රියාවලියේ එක තැනකවත් අගමැතිතුමා හෝ මහජන නියෝජිතයන් කිසිවෙක් නැහැ. ප්‍රශ්නයක් ඇහැව්වත් උත්තර දෙන්නේ උපදේශකයෙක් නැත්නම් හමුදා නිලධාරියෙක්.
    මිනිස්සු චන්දෙ දීල ජනාධිපතිවරයෙක් පත් කරගත්තට තනිකරම රට පාලනය කරන්නේ මහජනතාව එක්ක කවදාවත් නොහිටපු ජන මනස ගැන මෙලෝ හැඟීමක් නැති උපදේශකයන්. දැක්කනේ ඇඳිරි නීති නියෝග වැනි ඉතා සුළු දෙයක් කී පාරක් වෙනස් කලාද?
    මිනිස්සු ඔබේ අපේක්ෂකයාව ජනාධිපති කලේ ඔබ මූලික වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් රටේ ඇති වෙනවා දකින්න මිසක් තනි පුද්ගල පාලනයක් දකින්න නෙමෙයි. හැබැයි පත් වෙච්ච දවසේ ඉඳල ජනාධිපතිවරයා කලේ ඔබවත් අනිත් මන්ත්‍රීවරුන්වත් නැතුව වෙනම කණ්ඩායමක් එක්ක රට පාලනය කිරීම.
    මුදල් සහ පරිපාලනය තනි පුද්ගලයෙක් අතට දීම භයානකයි. ඒකට හේතුව තීරණ ගන්නේ ඔහු නොවෙන නිසා සහ තීරණ ගන්න උපදේශකයන්ද ජනතාවට වග නොකියන පිරිසක් නිසා.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම පෙන්වල තියෙනවා ජනාධිපතිවරයා යම් පාලනයකට යටත් විය යුතුයි කියලා. ඒ නිසයි ඔහුට ඉහලින් අධිකරණයකුත් මහජන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුවකුත් පිහිටුවල තියෙන්නේ.
    කිසිවිටක රාජ්‍ය මුදල් පරිහරණය තනි පුද්ගලයෙක් අතේ තිබිල නැහැ. විනිවිද භාවය සහ වගවීම ජනතා මුදල් පරිපාලනයේදී වැදගත්.
    ඒහින්ද පාර්ලිමේන්තුව කියන ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය ඔළුගෙඩි 225ක් විදිහට හෑල්ලු කරන්න ජනාධිපතිවරයාට ඉඩ දෙන්න එපා. ඉස්සර වේදිකා දෙවනත් වෙන්න ප්‍රජාතන්ත්‍රවාදය ගැන මහා ඉහලින් කතා කරපු ගිහි පැවිදි හොර දේශප්‍රේමියෝ අද පාර්ලිමේන්තුව එපා කියනව. ජනාධිපතිවරයාට තනි බලයක් දෙන්න කතා කරනවා. හමුදා ආණ්ඩු ගැන කතා කරනවා. පාර්ලිමේන්තුව නැතුව රට පාලනය කරන්න කියනව.
    පාර්ලිමේන්තුවේ වැඩි පිරිසක් අනිත් පැත්තේ වුනාට අගමැති සහ ආණ්ඩුවේ ප්‍රධානියා ඔබ.
    ඔබේ යුතුකම තමයි පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර දීම.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.