26 April, 2024

Blog

කෝවඩ් 19 ව්‍යසනය: කම්පන ප්‍රතිකාරය සහ ශික්ෂණය 

සුපුන් වික්‍රමරත්න –

සුපුන් වික්‍රමරත්න

පහත දැක්වෙන්නේ, දහහත්වන සියවස අවසානයේ ප්‍රකාශයට පත් කරන ලද නියෝගයකට අනුව, නගරයක වසංගතය ඇති වූ විට ගත යුතු ක්‍රියාමාර්ග .

පළමුව, දැඩි අවකාශීය බෙදීමක්: නගරය සහ එහි පිටත දිස්ත්‍රික්ක වසා දැමීම, මරණයේ වේදනාවෙන් නගරයෙන් පිටවීම තහනම් කිරීම, සියලු අයාලේ යන සතුන් ඝාතනය කිරීම;නගරය සමාන කොටස් හතරකට බෙදීම;  එක් ඒක් කොටස රජයේ ඉහල නිලධරයකු විසින් පාලනය. සෑම වීථියක්ම රජයේ නිලධාරියකුගේ අධිකාරිය යටතේ තබා ඇති අතර එය ඔහුගේ ආවේක්ෂණය යටගට පත් කිරීම. ඔහු වීථියෙන්ඉවත ගියහොත් ඔහුව මරණයට පත් කරනු ලැබේ. නියම කළ දිනයේ සිට, සෑම කෙනෙකුටම ගෘහස්ථව සිටීමට අණ කෙරිණි: මරණයේ වේදනාව මත ඉවත්වීම තහනම් විය. වීථිය භාර නිලධාරියා තමන් විසින්ම පැමිණ සෑම නිවසකම දොර පිටතින් අගුලු ලනු ඇත;ඔහු විසින් යතුරු රැගෙන ගොස්, නගරයේ කොටස් භාර රජයේ ඉහල නිලධාරියාට භාර දෙනු ඇත. ඔහු නිරෝධායනය අවසන් වන තෙක් යතුරු තබා ගනී. සෑම පවුලක් වෙතම ඔවුන්ගේ ආහාර සැපයෙනු ඇත; එහෙත්, පාන් සහ වයින් සඳහා, වීදිය සහ නිවාසවල අභ්‍යන්තරය අතර කුඩා ලී නල වලින් සැපයෙන අතර, සැපයුම්කරුවන් සහ අනෙකුත් නිවැසියන් සමඟ සන්නිවේදනයෙන් තොරව එක් එක් පුද්ගලයාට අදාල තම සලාකය පමණක් ලබා ගැනීමට ඉඩ සලසා ඇත.ලණු යෙදූ කූඩ ආධාරයෙන් කප්පි බොලොක්ක යොදාවා මස්, මාලු, කුළුබඩු නිවසට ඔසවාදෙනු ලැබේ. නිවසින් පිටවීම අනිවාර්‍ය අත්‍යවශ්‍යතාවක් නම්, මුණගැසීම් මගහැර තම වාරයේදී එය කළ හැක. ඉහළ රාජ්‍ය නිලධාරීන්ට, නිලධාරීන්ට, රැකවලුන්ට වීදි අතර සහ ආසාදිත නිවාස අතර, එක් මෘතදේහයක සිට තවෙකක් වෙතත් ගමන් කළ හැක.

[ Discipline and Punish. The Birth of the Prison”, Michel Foucault- translated by A. Sheridan, pp. 195-196 Vintage Books, 1995. මෙම කෘතියේ සිංහල පරිවර්ථනයක් නොමැති අතර උපුටාගැනීම සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ලිපියේ කර්තෘ විසිනි.]

කොරෝනා වෛරසය ලෝකය පුරා ව්‍යාප්ත වීමත් සමග ඊට පිළියමක් වශයෙන් සහ වසංගතයෙන් ආරක්ෂා වීමක් වශයෙන් නැතහොත් නිරෝධායන ක්‍රියාවලිය ලෙස යෝජනා කරන ලද ප්‍රධානතම ආරක්ෂිත උපක්‍රමය වූයේ පුරවැසියන් ස්වකීය නිවෙස්තුලටම වී සිටීන ලෙස යෝජනා කිරීමයි. යුරෝපය සහ ඇමරිකානු කලාපය තුළ අගුලු ලෑම(ලොක්ඩවුන්) ලෙසත්, දකුණු ආසියානු කලාපය තුළ විශේෂයෙන් මෙරට එය ඇදිරිනීතිය ලෙසත් ක්‍රියාත්මක විය.(රටක් හෝ ප්‍රදේශයක් අගුලු ලෑමත් ඇදිරිනීතියත් අතර බොහෝ වෙනස්කම් ඇති අතර මෙහි අරමුණ පිළිබදව සාකච්චා කිරීම නොවේ) උද්ගත වූ මෙම තත්වය යටතේ අගුලු ලැමේ පරමාර්ථය විය යුතුවන්නේ වෛරසය පැතිරීයාමෙන් ජනතාව ආරක්ෂා කරගැනීම වන අතර එමගින් සම්පූර්ණ සමාජ ආර්ථික පද්ධතියම ආරක්ෂා කරගැනීමයි. 

නමුත් මෙම තත්වයට සමගාමීව සමාජය තුළ සාකච්චාවට භාජනය වී ඇති ප්‍රධාන කථිකාමය ප්‍රවේශයන් දෙකක් දැකගත හැකි බව පෙනී යයි.

1. මෙම අගුලු ලෑම හමුවේ රටක ආර්ථිකය බිදවැටීමට භාජනය විය හැකි අතර එනිසාම රටක් හා සමාජයක් ලෙස අප ඉතාමත්ම පසුඝාමීත්වයක් කරා යා හැකි බවත් එබැවින් අනාගතයේදී රටක් ලෙස අප බරපතල අර්බුධ වලට මුහුණ දිය හැකි බවයි. එනිසා තවදුරටත් අගුලු ලා සිටීමේ තත්වයෙන් ඔබ්බට ගොස් රටේ සාමාන්‍යය ක්‍රියාවලිය ආරම්භ කළ යුතුබවයි. [මේ සදහා පාදක කරගන්නේ වර්ෂ 2020 අප්‍රෙල් 23 දිණමිණ පේපර් හි විශේෂාංගයේ පළවූ චිත්‍රාල් ජයවර්ණ විසින් රචනා කරන ලද කොරෝනා වෛරසය ගෝලීයකරණයට අභියෝගයක්ද යන ලිපියයි.]

2. මීට පටහැනිව දක්වන අදහස වන්නේ වසංගතයේ අවදානම් තත්වය සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බැවින් එම අනතුරුදායක තත්වය තිබියදී නැවත සාමාන්‍යය වැඩකටයුතු ආරම්භ කිරීම ජීවිත අවදානමේ යෙදීමක් බවයි. [මේ සදහා පාදක කරගන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අඩවියේ වර්ෂ 2020 අප්‍රෙල් 23 දින පානි විජේසිරිවර්ධන විසින් රචනා කරන ලද අශෝක හඳගමගේ ෆේස්බුක් සටහන: ධනේශ්වර ප්‍රිස්මයෙන් ලෝකය දකින්නෙකුගේ නරුම ප්‍රතිචාරයක් යන ලිපියයි.]

 මෙම ප්‍රවේශයන් ද්විත්වයෙන් පළමුවැන්න ධනවාදී ආරිථික හා දෘෂ්ඨිවාදීමය ප්‍රවේශයක් බවත් දෙවැන්න මානවවාදී මෙන්ම වාමාංශික ප්‍රවේශයක් ද නියොජනය කරන බව මතුපිටින් පෙනී ගියද, මෙම ප්‍රවේශන් දෙකකම නියෝජනය කරන්නේ පවතින ධනවාදී දෘෂ්ඨිවාදී යාන්ත්‍රණයට බව යෝජනා කර සිටින අති මූලික අදහසයි.

කෙසේද යත, උක්ත ගැටලුව කෙරෙහි කොමියුනිස්ට්වාදී ආස්ථානයකින් ප්‍රවේශ වන විට ඉතාමත් විධිමත් හා සංයුක්ත පර්යායලොකයකින් මේ කෙරෙහි ප්‍රවේශ විය යුතු වේ. එසේ නොවුන හොත් වැඩිදුරටත් අප ධනවාදී දෘෂ්ඨිවාදයේ සේවකයන් වන අතර “අප එය නොදනිමින්,නමුත් එය කරමින් සිටිමු”. [මෙම ප්‍රකාශ්‍ය මාක්ස්වාදය තුළ දෘෂ්ඨිවාදය හැදින්වීම සදහා යොදාගැනෙන සුප්‍රසිද්ධම උපුටනයයි. නමුත් පෙන්ගුවින් ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශිත ඉංග්‍රීසි බසින් පලව ඇති ප්‍රග්ධනය කෘතියේ 1වන වෙළුමේ 1වන පරිචේදයේ 4වන උපමාතෘතාව යටතේ166-167 පිටුව තුළ එය මේ ආකරයෙන්ම සටහන් නොවේ, නමුත් Marxist.org/archive/marx/work/1867-cl/commodity.htm හි “they do not know it, but they do it”ලෙස සටහන් වේ.]

සමාජයේ ඉදිරි සංවර්ධනයට බාධා පමුණුවන ඔනෑම ප්‍රතිඝාමී බලවේගයකට කොමියුනිස්වාදීන් ලෙස විරුද්ධ වන අතර, සමාජය ඉදිරියට පියමංවන ක්‍රියාමාර්ගයන්ට  සම්පූර්ණ සහය ලබාදීම සම්පූර්ණ දේශපාලනික සිතීමක් මෙන්ම දේශපාල ක්‍රියාමාර්ගයක්ද වන්නේය. එහිදී ශ්‍රමය යනු අතිශයින්ම වැදගත් සාධකයක් වන අතර ඓතිහාසික සමාජ සංවර්ධනයේදී එය ඉමහත් කාර්‍යභාරයක් ඉටකර ඇත. ඒ අනුව අප මේ සිටින සමාජ මොහොතේද සිට අනාගත දියුණු සාමාජීය තත්වතක් (කොමියුනිස් සමාජ තත්වයක් හෝ සමස්ත සමාජයට තිබෙන්නාවූ තත්වයට වඩා හොද) කරා සමාජය රැගෙන යන ගමනේදී ශ්‍රමයට ඉමහත් වූ කාර්‍යභාරයක් පැවරී ඇත්තේය. [වානරයාගේ සිට මිනිසා දක්වා පරිවර්ථනය වීමේදී ශ්‍රමය ඉටුකල කාර්‍යකොටසෆෙඩ්රික් එංගල්ස් (මාක්ස් සහ එංගල් තොරාගත කෘති 3 වෙලුම සිංහල පරිවර්ථනය)]

විශේෂයෙන්ම අප ශ්‍රමය හරහා නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වී ඇති අතර නිෂ්පාදන ක්‍රියාවලිය හරහා නිෂ්පාදන සම්බන්ධතා ගොඩනගාගෙන ඇත.(දැනට පවතින නිෂ්පාදන ක්‍රියාවලිය ධනවාදී නිසා ගොඩනගැගෙන ඇත්තේ ධනවාදී නිෂ්පාදන සබදතා වුවද) එකී නිෂපාදන සබදතා නිසාම අප සමාජයක් ලෙසත් එකී සමාජ ජීවිතය තුළ සංස්තකෘතික සත්වයකු ලෙසත් රූපාන්තරනය වී ඇත්තෙමු. එසේම මිනිසා යනු සම්පූර්නයෙන්ම සමාජශීලී සත්වයෙකි. ඔහු හුදකලා කර තැබීම කිසිසේත් නොකළ යුතු නොකළ හැකි ක්‍රියාවකි.

ඉහත උපුටනය මේ පවතින තත්වය සදහා මනාව ගැලපෙන්නක්,  ප්‍රංශ දාරශනිකයකු වන මිචෙල් ෆුකෝ සිය විනය සහ දඩුවම: සිපිරිගෙයි උපත නැමති කෘතියේ පැනොප්ටියවාදය [Discipline and Punish. The Birth of the Prison”, Michel Foucault- translated by A. Sheridan, Vintage Books, 1995. කෘතියේ 3වන කොටසේ 3පරිචෙදයේ මාතෘකාව වේ.]  ඉදිරිපත්කර සිටින්නේ මෙවැනි තත්වයක ඉදිරි ප්‍රතිඵල පිළිබදව ගැඹුරින් සාකච්චා කිරීමටයි. එසේම එකී වචනය පැනොප්ටිකන් [මෙම වචනය ජෙරමි බෙන්තම් විසින් විසින් වඩාත්ම පරමාදර්ශී සිපිරිගෙය පිළිබද හැදින්වීමට යොදාගන්නා ලද්දක්.] යන වචනයේන් වියුත්පන්න කරගන්නා ලද්දක්.  ‘පැනොප්ටිකන්’ යන වචනය 17වන සියවසේදී ජෙරමි බෙන්තම් විසින් ඉදිරිපත් කරන ලද්ද ඉතාමත් සංවිධිතව සකස් කරන ලද සිපිරිගෙය යන්න හදුන්වා දීමට. විවිධාකාර සාමාජ තත්වයන් වලදී හා කාලයන් වලදී මිනිසා විසින් දිනාගන්නා ලද නිදහස, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් පිළිබද කිසිදු වගවිභාගයකින් තොරව, වෛරසයේ හෙවනැල්ලට මුවාවෙමින් සමස්ත සමාජයේම නිදහස සීමාකිරීම වනාහි, මොහොතේ සමස්ත සමාජයම මුහුණදෙම්න් සිටින පැනොප්ටිකවාදයකට නොවේද?

එසේම අගුලු ලෑමට විරුද්ධව ඉදිරිපත් කෙරෙන තොමස් ෆ්‍රීඩ්මානියානු [නිව්යොර්ක් ටයිම්ස්  පුවත්පතේ තීරු ලිපි රචකයෙකි ඔහු විසින් 2020 මාර්තු 22 දින නිව්යොර්ක් ටයිම්ස් විද්‍යුත්  පුවත්පතේ ලියන ලද ලිපිය තීරණාත්මක එකකි.]  ආර්ථිකවාදී ප්‍රවේශ තුළ දී පැහැදිළි නොකෙරෙන්නේ, බිදවැයෙන්නේ,කඩාවැටෙන්නේ හෝ පසුපසට යන්නේ කාගේ ආර්ථිකයද යන්නයි. දැනටමත්  සමස්ත  සමාජයේම, මධ්‍යම පාන්තිකයාගේ, නිර්ධනයාගේ/ශ්‍රමිකයාගේ ආර්ථික ශක්‍යතාවය බිදවැටී හමාරය. “මෙම පංතිය වැඩ සොයාගත හැකි තාක් කල් පමණක් පවතී, එයට වැඩ ලැබෙන්නේද, එය සිය ශ්‍රම ශක්තියෙන් ප්‍රාග්ධනය වැඩිකරන තාක්කල් පමණි” [කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනයසිංහල පරිවර්ථනයප්‍රගති ප්‍රකාශක 1980-අනුවාදයදැදිගම වී රුද්රිගු] තවදුරටත් ඔහුට කඩාවැටීමට තැනැක් නැත. එසේම මේ මොහොතේ වසංගතය ව්‍යසනය දඩමීමා කරගනිමින් බොහෝ සමාගම් හා ආයතනත ප්‍රාග්ධනය සමුචනය නොකරන  සිය ශ්‍රමිකයන් රැකියවෙන් ඉවත් කිරීමේ කාර්‍ය ආරම්භ කර ඇත. ඒ අනුව කඩාවැටෙන්නේ කාගේ,කුමක්ද? 

ධනවාදය වූ කලී ලෙහෙසියෙන් ඉතිහාසයේ වේදිකාවේන බැස නොයන අර්බුද මතම සිය  පැවැත්ම සකසාගෙ ඇති යාන්ත්‍රනයකි මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ ධනවාදයේ ආපදාවාදී මුහුණුවරයි. එනම් දැන් අද්දකිමින් සිටින්නේ ආපදා ධනවාදයයි. [The Shock Doctrine: The Rise of Disaster Capitalism  by Nomi Klein(Metropolitan Book;2007)] එහි ස්භාවය වන්නේ යම් ව්‍යසනකාරී සමාජ මොහොතවල් උදාවන තුරු ඉතා පරිස්සමින් කල්මරමින් සිට එය උදා වූ මොහොතේම ඊට පිලියම් යෙදීමේ මුවාවෙන් ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් සීමාකරමින් සහ වෙළදපල  සහ ලාභය පුලුල් කරගැනීමේ ප්‍රවේශයයි. 

දැනටමත් මෙරට සහ වෙනත් රටවල ප්‍රදාන පෙලේ ජාතික හා බහුජාතික සමාගම් සිය සේවක කප්පාදුව ආරම්භ කර ඇති අතර ඒ සදහා පවතින රජයන් විසින් ඔවුනට සහන ලබාදෙනු ඇත. එසේම ඉතාම ඉක්මනින් මෙම සමාගම් වලට තවත් සහන සැලසීම සදහා නුදුර අනාගතයේදී ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සකස් කෙරෙනු ඇත. 

කම්කරුවා හෝ වේවා නිර්ධනයා හෝ වේවා ඔහු සවිඥානකත්වයට පත්කිරීම සමස්ත කොමියනුනිස්ට් ව්‍යාපාරයේම වගකීමයි. ඒ සදහා ඔහුට නිදහස් අවකාශයක් සපයාදීම වෙනුවෙන් සටන් කිරීමත් එහිම කොටසකි. ඒ සදහා සමස්ත සමාජයටම ස්වකීය සංස්කෘතික බුක්තිවිදීමටත් නිදහස් අවකාශයක සැරිසරන්නට  අවකාශ සලසා දිය යුතුව ඇත. අගුලු ලෑම විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ හෝ සීමා කර ඇත්තේ ඒ අවකාශයයි. 

ජනතාවගේ නිදහස සීමා කර ඇත්තේ(අගුලු ලෑම) ජනතා වාදී අර්ථයකින්ද? එය එසේ නොවේ, එය හුදු අලංකාරෝක්තියට නගන ලද නරුමවාදයකි. ශ්‍රමිකයාගේ ජීවිතය ආරක්ෂා වන විට ඔහුගේ රැකියාව අහිමි වී ඔහු සිය පවුල් ඒකකය සමගින් මරණයට කැදවා ඇත. එමෙන්ම තවදුරටත් ඔහුගෙන් ඔහුගේ සංස්කෘතික සමාජ ජීවිතයද උදුරාගෙන ඇත.ඔහුව එකවර මරණයන් දෙකකට ගොදුරු කිරීම පවතින ක්‍රමය සමත් වී ඇති අතර ඒ පිළිබද අනවබෝධි සිසිරමයනිද්‍රා සහගත තත්වයකට පත් කිරීමට ඔවුන් සමත් වී ඇත. ඒ සදහා ෆ්‍රීඩ්මානියානු [මෙමගින් නිව්යොක් ටයිම්ස් තීරු රචක තොමස් ෆ්‍රීඩ්මාන් මෙන්ම ධනවාදී ප්‍රතිපත්ති සම්පාදකයකු හා න්‍යායාචාර්‍යයරයකු වන මිල්ටන් ෆ්‍රීඩ්මාන්ද අදහස් කෙරේ] න්‍යායන්,අලංකාරොක්ති සහ දෘෂ්ඨිවාදීමය මැදිහතවීම අතිශයින්ම වැදගත් වේ. 

සංයුක්ත අර්ථයෙන් අගුලු ලෑම වනාහි යටි අරුතින් සමාජ ආතතිය විසින් නිර්මාණය කළහැකි ක්‍රම විරොධය නිශ්චිත ශික්ෂිත වැඩපිළිවෙළකට යටත් කිරීම මගින් පාලනඅධිකාරියේ සෘජු නිරීක්ෂණය යටතේ තබාගැනීමක් වන අතර, තවදුරටත් ධනවාදී විනය රාමුව තුලට නිර්ධන පංතිය සහ සමස්ත සමාජය යටත් කිරීමේ අධානග්‍රාහී ක්‍රමවේදයයි. 

නමුත් මෙහි සුවිශෙෂි රූපාකාරය නම්, මෙම ක්‍රියාත්මක කිරීම් වලට, තවදුරටත් පොදු ජනතාවගෙන් කිසිදු ප්‍රතිරෝධයක් එල්ල නොවීමය. ඒ සදහා රාජ්‍යය සිය දෘෂ්ඨිවාදී උපකරණ [On The Reproduction of Capitalism: Ideology and Ideological State Apparatuses-Louis Althusser translated by G.M.Goshgarian, Etienne Balibar, Jacques Bidet.]  යොදාගනු ලබන අතර “පංතිය, සමාජය මත පාලනයේ ද්‍රව්‍යයමය බලවේගය වන අතරම පාලනයේ දෘෂ්ඨිවාදීමය බලයද වන්නේය” යනුවේන් මාක්ස් ‘ජර්මන් දෘෂ්ඨිවාදය’ නැමති සිය ලියවිල්ලේදී දක්වා ඇත. ධනපති පංතිය රාජ්‍යයෙහි බලය භාවිතා කරමින් සමාජය තුල සිය බලය පවත්වාගන්නේද ව්‍යාප්ත කරන්නේද එය රැකගන්නේද දෘෂ්ඨිවාදී රාජ්‍යය උපකරණ මාධ්‍යය කොටගෙන ගොඩනගන හෙජමොනික බලය ප්‍රතිනිෂ්පාදනය තුළිනි. දෘෂ්ඨිවාදී රාජ්‍යය යාත්‍රණනයේ ප්‍රධාන උපකරන කිහිපය අතුරින් මේ මොහොතේ අති මූලිකව ක්‍රියාත්මක වන්නේ ජන මාධ්‍යන් ය.(රූපවාහිනී,ගුවන්විදුලි,අන්තර්ජාල ඇතුලු අනෙකුත් මාධ්‍යන්) මෙකී මාධ්‍යය ක්‍රියාන්විතයන් මගින් දිගින් දිගටම ආදරණිය ලෙස මර්ධනය ක්‍රියාත්මක කරනු ලබන අතර එය දෙවෙනි වන්නේ රාජ්‍යයේ සෘජු මර්දනීය උපකරන වලට පමනක් වේ.

ඉහත ආකාරයට පවතින රජයයන්ගේ අධානග්‍රාහී අරමුණු මුදුන්පමුනුවාගැනීම වෙනුවෙන් වසංගතයට මුවා වී අගුලු ලෑම  සාදාරණිකරණය කිරීමටත් එසේම තම පටු දේශපාලනික අරමුණු ඉටුකරගැනීම සදහා රටෙහි ආර්ථික කඩාවැටීම ඉදිරියට ගෙන එමින් නැවතත් රට විවෘත කිරීමත් පිළිබවත් කෙරෙන අමනොඥ සාධාරණීකරණයන් පිළිබදව සම්පූර්ණයෙන්ම ජනතාව සවිඥානික කිරීම වාමාශික ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්‍ය හා වගකීමක් වේ. එනිසාම කොමියුනිස්ට් ව්‍යාපාරයේ නැතහොත් වාමාංශයේ පොදු ව්‍යාපෘතිය විය යුත්තේ ඉදිරියේ සමස්ත නිරධන පංතියට හෝ  මුළු මහත් සමාජයටම ධනපති පංතිය සිය ආපදා ධනවාදයේ මහිමය පෙන්වමින ලබාදීම නියමිත කම්පන ප්‍රතිකාරය වෙනුවෙන් ශික්ෂණය වීම නොව, වසංගතයේ ව්‍යසනකාරී තත්වය සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බවට සහතිකයකින් තොරව වැඩට කැදවීමට, ව්‍යසනය හේතුවෙන් ආර්ථික කඩාවැටීමට මුවා වී ඉදිරියේදී සිදුකිරීමට නියමිත දැවැන්ත ජනතා විරෝධී ප්‍රතිසංස්කරණ  මෙන්ම අගුලු ලෑමටද එකවර විරුද්ධ විම සදහා වඩාත් නිර්මාණශීලී නැවත සිතීමකට සමග පොදු කථිකාවකට එළබීමයි.  

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    රවෘත්ති සෙවීමේදී මට හමු වූ දෙය නම් – රට බූරුවන්ගෙන් පිරී තිබේ නම් සිංහයෙකු නායකයෙකු වන්නේ කෙසේද යන්නයි. මෙය ආපසු හැරී බලන බුද්ධිමත් ප්‍රකාශයකි.
    මෑත කාලයේ දී රජයට ලැබෙමින් පවතින අරමුදල්වල විනිවිදභාවය වැනි අතිශය බරපතල කාරණාවලදී පවා, මුදල් අමාත්‍යවරයාගේ ලේකම්වරයා තවමත් කිසිවක් නොලැබෙන හෙයින් ජාතිය ඉදිරියේ මුසාවාදයක් ප්‍රකාශ කළේය. අද වන විට සිරාසා ප්‍රවෘත්ති මගින් හෙළි වූයේ විවිධාකාර ආයතන විසින් රටට විශාල අරමුදල් පරිත්‍යාග කර ඇති බවයි. සමහර තානාපති කාර්යාල සහ ආධාර දෙන රටවල් ඔවුන්ගේ පරිත්‍යාගවල ප්‍රමාණය ඉතා පැහැදිලිව දක්වා ඇත. ඉතින්, විශාල රැස්වීමක් සඳහා අගමැතිවරයා කියා සිටියේ කුමක්ද? … එක්කෝ ඔහු ජාතියේ මෝඩම පුද්ගලයා විය හැකිය, නැතහොත් එම රැස්වීමට සහභාගී වූ අය සම්පූර්ණයෙන්ම මෝඩයන් විය යුතුය.

    • 0
      0

      ප්‍රවෘත්ති සෙවීමේදී මට හමු වූ දෙය නම් – රට බූරුවන්ගෙන් පිරී තිබේ නම් සිංහයෙකු නායකයෙකු වන්නේ කෙසේද යන්නයි. මෙය හරියටම time ානවන්ත ප්‍රකාශයකි, කාලෝචිත ප්‍රකාශයකි. පසුගිය වසර 5 තුළ රාජප්කාෂ් රාජ්‍ය ධනය බිලියන ගණනක් කොල්ල කෑ බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, ප්‍රමාණවත් සාක්ෂි ද ඇත, කෙසේ වෙතත්, ඔවුන් ආපසු පැමිණීමට එරෙහිව ගොනු කර ඇති නඩු පිළිබඳ වැඩිදුර විමර්ශන අවහිර කරයි. රජයට ලැබුණු දැවැන්ත මුදල් ප්‍රතික්ෂේප කිරීම එකම පිරිමින් විසින්ම සිදුකරන ලද්දකි. එම පවුලේ සහෝදරයන් තිදෙනෙකු විනිවිදභාවයකින් හා වගවීමකින් තොරව ලැබෙන අරමුදල් අනිසි ලෙස භාවිතා කරන බව පෙනේ. එය ඇත්ත වශයෙන්ම සියලු ආචාර ධර්ම හා සදාචාරයන්ගෙන් ඔබ්බට ය. අද මේ රටේ යුක්තිය කොහිද? රාජාක්ෂයන් මේ රටේ හිමිකරු ද?

      මෑත කාලයේ දී රජයට ලැබෙමින් පවතින අරමුදල්වල විනිවිදභාවය වැනි අතිශය බරපතල කාරණාවලදී පවා, මුදල් අමාත්‍යවරයාගේ ලේකම්වරයා තවමත් කිසිවක් නොලැබෙන හෙයින් ජාතිය ඉදිරියේ මුසාවාදයක් ප්‍රකාශ කළේය. අද වන විට සිරාසා ප්‍රවෘත්ති මගින් හෙළි වූයේ විවිධාකාර ආයතන විසින් රටට විශාල අරමුදල් පරිත්‍යාග කර ඇති බවයි. සමහර තානාපති කාර්යාල සහ ආධාර දෙන රටවල් ඔවුන්ගේ පරිත්‍යාගවල ප්‍රමාණය ඉතා පැහැදිලිව දක්වා ඇත. ඉතින්, විශාල රැස්වීමක් සඳහා අගමැතිවරයා කියා සිටියේ කුමක්ද? … එක්කෝ ඔහු ජාතියේ මෝඩම පුද්ගලයා විය හැකිය, නැතහොත් එම රැස්වීමට සහභාගී වූ අය සම්පූර්ණයෙන්ම මෝඩයන් විය යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.