25 April, 2024

Blog

ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමඟි ජන බලවේගය

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ – අග්‍රාමාත්‍ය

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, 2019 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා  හැටියට ‘ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු.’ යන මැයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15-16 පිටුවල ‘ජනතාවගේ ව්‍යවස්ථාව’ පිළිබඳ පරිච්ඡේදයේ, පහත දැක්වෙන යෝජනා  ඇතුළත් විය. 

* ඒකීය රාජ්‍යය සංකල්පය අතහැර “නොබෙදුනු හා වෙන්කළ නොහැකි රාජ්‍යයක්” ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම. 

* මධ්‍යම ආණ්ඩුව සතු බලතල උපරිම ලෙස පළාත් සභා වලට බෙදා හැරීම. 

* පළාත් සභා නියෝජිතයන්ගෙන් සෑදුනු දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ඇති කොට මධ්‍යම ව්‍යවස්ථාදායකයේ  (පාර්ලිමේන්තුවේ) බලය තවත් සීමා කිරීම.

* පාර්ලිමේන්තුවේ  මුදල් බලය අහෝසි කොට පළාත් සභාවලට ස්වාධීනව මුදල් රැස් කිරීමට ඉඩ හැරීම.

* දැනට මධ්‍යම ආණ්ඩුව යටතේ සිටින දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් පලාත් සභා යටතට පත්  කිරීම. 

* පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවන ආරවුල් විසඳීමට වෙනම ව්‍යවස්ථාමය අධිකරනයක් පිහිටුවීම.

2019 මුලදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත්, සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ යෝජනාත් අතර කිසිදු වෙනසක් නැත. මේ රට බෙදා වෙන් කිරීමට නම් ජාත්‍යන්තරයට පෙනෙන ආකාරයට ඒකීය රාජ්‍ය නැතිනම් ‘යුනිටරි ස්ටේට්’ නමැති විශේෂ තාක්ෂණික අර්ථයකින් යුත් ඒ ඉංග්‍රීසි වදන අපේ ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුමය.

මේ ආකාරයට රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම අතිශයින්ම බරපතල කාරණයකි. මේ ලියවිල්ල ඔවුන් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් අතිපූජනීය මහා නාහිමිවරුන්ටත් අනුනාහිමි වරුන්ටත් පිළිගැන්වූයේ එහි අන්තර්ගතය ගැන උන්වහන්සේලාට පූරව දැණුම් දීමකින් තොරවය. යම් හෙයකින් මොවුන් පසුගිය ජනාධිපතිවරණය දිණුවේ නම්, ඒ බෙදුම්වාදී ප්‍රතිපත්තිය ඔවුන් ක්‍රියාත්මක කරන්නේ එයට මහජනතාවගෙන් ජනවරමකුත්, මහා සංඝරත්නයේ ආශිර්වාදයත් ලැබුණු බව කියමිනි.

2010දී, 2015දී  සහ 2019දී පවත්වන ලද ජනාධිපතිවරණ වලදී ජනාධිපතිධුරයේ බලය අල්ලාගෙන රටේ බහුතර ජනතාව පාගා දමා, රට බෙදා වෙන් කිරීම සඳහා එකට එක්වූ දේශපාලනික මාර සේනාව එකම පිරිසකි. මුලින් එක්සත් ජාතික පක්‍ෂය සමඟ සිටි මේ පිරිස් අද “රනිල්ට සිංහල ඡන්ද ලබාගන්න බෑ, සජිත්ට පුලුවන්” යැයි කියමින් සමගි ජන බලවේගය වටා රොක් වී සිටී. මේ ගනුදෙනුවේ තමන්ගේ කොටස ඉටු කිරීම සඳහා පුලුවන් තරම් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සමඟි ජන බලවේගය සෑම පවුලකටම රුපියල් විසිදාහක දීමනාවක්,  වැනි පොරොන්දු දෙන හැටි අපට පෙනේ. මොවුන් ජනාධිපතිවරණය ජය ගැනීමට උත්සාහ කළේත් විවිධ දේවල් නොමිලේ ලබා දෙන බව කියමිනි. 

යම්කිසි ජනවර්ගයක් නැති නම් ආගමක් මුල්කරගෙන ඇතිවන දේශපාලන පක්ෂ කරන්නේ තමන්ගේ ජනවර්ගයට හෝ ආගමට අයත් ජනතාවට පමණක් සලකා වෙනත් ජාති හා ආගම් වලට අයත් පිරිස් පිටස්තරයන් නැතිනම් හතුරන් හැටියට සැලකීමයි. මේ දේශපාලනය නිසා සිදුවිය හැකි භයානක ආනිසංශ අපි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අත්දුටුවෙමු. යම්කිසි දේශපාලන පක්‍ෂයක් එක ජනවර්ගයකට හෝ ආගමකට අයත් ජනතාවගෙන් පමණක් ඡන්ද ලබාගැනීමෙන් ඔවුන්ද එක්තරා ආකාරයක දේශපාලන සිරකරුවන් බවට පත්වේ. 

සහරාන් හසීම්  නැමති අන්තවාදියා මඩකලපු දිස්ත්‍රික්කයේ අනුගාමිකයන් සුලු පිරිසක් හදාගත් පසු, ඒ ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට එම ප්‍රදේශයේ දේශපාලන පක්‍ෂ අතර තරඟයක් ඇති විය.  එවිට අදාල දිස්ත්‍රික්කයට තරග කරන සියලුම අපේක්ෂකයන් ගෙන්වා ඔවුන් මත කොන්දේසි පැනවීමට පවා මේ අන්තවාදියාට හැකියාව ලැබුණි. මේ ආකාරයට අන්තවාදියා ජාතිවාදී දේශපාලන පක්ෂය පාලනය කරන අතර, ජාතිවාදී දේශපාලන පක්‍ෂය රටේ බලය හොබවන ජාතික දේශපාලන පක්ෂය පාලනය කරනු ලබයි. අවසානයේදී බලන විට ආණ්ඩුව වක්‍රාකාරයෙන් පාලනය කර තිබුණේ අන්තවාදීන්ය. යහපාලන ආණ්ඩුවට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වාගැනීමට නොහැකි වූයේද මේ දේශපාලනයට ඔවුන් නතු වී සිටි නිසාය.

1948 න් පසු ජී.ජී. පොන්නම්බලම් නිදහස් ලංකාවේ පළමු ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ අතර ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙකු නොවුවත්, සේනානායකවරුන්ගේ සමීපතම දේශපාලන සගයෙකු විය. 1975 වන තෙක් ඇල්ෆරඩ් දොරෛයිඅප්පා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ බලකනුවක් විය. එක්සත් ජාතික පක්‍ෂෙය් ඒ.සී.එස්. හමීඩ්, එම්.එච් මොහොමඩ්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බදුයිදීන් මොහොමඩ්, අලෙවි මවුලානා වැනි නායකයන් එදා සිටියේය. මොවුන් සියලු දෙනාම දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කළ අතර, එක්කෝ එක්සත් ජාතික පක්‍ෂයේ නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පතාක යෝධයන් විය. බහුතර ජනතාව පාගා දාමා තමන්ගේ ගොඩ පමණක් වැඩිකරගැනීමට උත්සාහ දරණ, මේ ගනුදෙනුකාරී, කප්පම්කාරී දේශපාලනය එකළ නොවීය. මේ විසකුරු දේශපාලන සංස්කෘතිය අද අපි දකින තැනට වර්ධනය වී ඇත්තේ මෙතෙක් එයින් අදාල අයට විශාල ප්‍රතිලාභ ලැබුණු නිසාය. 

මේ දේශපාලනය 2019 ජනාධිපතිවරණයේදී ජනතාව පරාජය කළේය. මේ රටේ ජාතීන් හා ආගම් අතර මීට කළකට පෙර තිබුණු ආකාරයේ සමඟියක්, අනෝන්‍ය සහයෝගයක් යළි ඇති කිරීමට නම්, පටු ජාතිවාදී දේශපාලනයෙන් ප්‍රතිලාභ අත් නොවෙන තත්වයක් ඇතිවිය යුතුය. එවිට, තරුණ පරපුර අතරින් නැවතත් පොන්නම්බලම්ලා, දොරෛයිඅප්පලා, හමීඩ්ලා, මවුලානලා මේ රටේ බිහිවෙනු ඇත. පටු ජාතිවාදයටත් කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජනවරමක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට ලබාදෙන මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි. 

*මහින්ද රාජපක්‍ෂ, අග්‍රාමාත්‍ය

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    1

    වර්තමානයේදී, අපරාජිත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය 2015 දී අප අත්විඳින ලද දෙය බවට පත්ව ඇත. එහිදී, ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ට වඩා මර්දනය තබා ඇති අතර, කුරිරු දවස් ජනතාව අමතක නොකරනු ඇත. රාජාක්ෂයන් තම ප්‍රතිවාදීන් කොක්කෙන් හෝ වංචාවෙන් පරාජය කිරීම සඳහා අමූලික බොරු පතුරවන බවක් පෙනේ. මහින්ද රාජක්ෂේගේ සැබෑ තරඟය තවමත් ජනතාව දැනගෙන නැත. ඔවුන් දුප්පතාගේ දුක්ගැනවිලි ගැන තැකීමක් නොකරන නමුත් ඔවුන්ගේ බලය උපක්‍රම උපයා ගන්නා අතර බදු ගෙවන්නන්ගේ අරමුදල්වල පිරිවැය පිළිබඳ ඔවුන්ගේ මන as කල්පිතයන් අනුව ජීවත් වේ. අන් සියල්ලටත් වඩා බලයේ මේ ආකාරයේ කෑදරකම ජනතාව දන්නා වන්නේ ගෝත්‍රික කළු අප්‍රිකානු රටවල පමණි. උදාසීන හා ස්නායු බහුතරයක් රාජපක්ෂේ සහ ඔවුන්ගේ මිනිසුන්ගේ මැර දේශපාලනය ගැන කතා නොකරති. 2005 සිට 2015 දක්වා රාජපක්ෂ පාලන සමයේ පැවති කුරිරු පාලනයේ දී මෙන් අදත් ඕනෑම විරුද්ධවාදීන්ට තමන්ගේ අයිතියක් නැත. මර්දනය ඉහළ යමින් තිබේ. උත්ප‍්‍රාසාත්මක ලෙස, ඔවුන්ගේ ආධාරකරුවන් සමහර කලාපවල තමන්ගේ ආධාරකරුවන්ට එරෙහිව ප‍්‍රචණ්ඩකාරී බව පෙනේ. රාජපක්ෂයන් ඔවුන්ගේ තරඟකරුවන් දිනා ගැනීම සඳහා විශාල සටනක් ලබා දෙන බව පිළිබිඹු කරයි.

    • 2
      0

      ශ්‍රී ලංකාවන්ගෙන් බහුතරයක් එය නිවැරදිව නොදකින හෙයින් ඔවුන්ගේ ජීවන මට්ටම ඔවුන්ට අද දවසේ කිසිවක් ගැන විස්මයට පත් වීමට ඉඩ නොදේ. ඔවුන් ආහාර වේල මත දෛනික අවශ්‍යතා සඳහා වන මිල වැඩි කිරීම් සමඟ ඔවුන්ගේ ආහාර වේල් තුන සඳහා අරගලයක යෙදී ඇත. ඔවුන්ගේ අවසන් ඡන්ද ලබා ගැනීම සඳහා පහසු ඉලක්ක සඳහා අහස-පොළොව පොරොන්දු කරමින් ඔවුහු නැවත බලයට පැමිණියහ. වේදිකාවට හයියෙන් දුන් එක පොරොන්දුවක්වත් තවමත් සම්පූර්ණ වී නැති නමුත් තවත් 2/3 ක් විමසීමට කිසිදු ලැජ්ජාවකින් තොරව එකම ප්‍රේක්ෂකයා ඉදිරියට පැමිණීමට එකම මිනිසාම සිටියි. මහින්ද රාජකෂේට බලය අල්ලා ගැනීමට අවශ්‍ය නම් තම බිරිඳ සහ පුතුන් තිදෙනා විකුණනු ඇත. ජාතිය ව්‍යසනයෙන් මිදීමට නම්, මෙම බලයෙන් කුසගින්නෙන් පෙළෙන මිනිසා දිව්‍යමය බලවේගයන් විසින් අල්ලා ගත යුතුය. අතීතයේ වෙන කවරදාටත් වඩා මම අද දෙවියන් සහ අදෘශ්‍යමාන බලයන් විශ්වාස කරමි. අපේ ජනතාව ගැන මම බෙහෙවින් කලකිරී සිටිමි. මිනිසුන්ගේ දැනුම සහ කුඩා දේ ග්‍රහණය කර ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාව මට මහත් දුකකි. මේ සියල්ල අප රටින් බැහැරව සිටින බව නිරීක්ෂණය කරන අතර, එසේ කිරීමට අපට වඩා සැසඳීමක් තිබේ. COVID 19 හි ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට පමණක් නොව අප්‍රිකාවේ සහ දකුණු ආසියාවේ (නේපාලයේ) දුප්පත් ජාතීන්ට පවා හැකි විය. එහෙත් අපගේ නායකයන් ශෝකයට පත්වන ජනතාවගේ පැත්ත ගැනීමට තරම් නිර්භීත නම් අපට තවත් බොහෝ දේ කළ හැකිය. මැතිවරණයක් පැවැත්වීම සඳහා ඔවුන්ගේ කේන්ද්‍රීය න්‍යාය පත්‍ර. මම හිතන්නේ මිනිසුන් සත්‍යයන් සලකා බලා ප්‍රතිචාර දක්වනු ඇත. මම තවමත් ප්‍රාතිහාර්යයන් විශ්වාස කරමි.

      • 1
        0

        නායකයන් බූරුවන් මෙන් මෝඩ නම්, ඔවුන් මහජනතාවගේ යහපත උදෙසා කිසිවක් අත්කර ගනු ඇතැයි අපේක්ෂා කරන්නේ කෙසේද? එය සුකරයාන් අහසේ පියාසර කරනු ඇතැයි අපේක්ෂා කරන අහස දෙස බැලීම හා සමාන විය හැකිය.
        :
        1) ගෝටා බලයට පත්වූයේ ජාතියට උපරිමයෙන් කටයුතු කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් අප හොඳින් දන්නා පරිදි මෙම පුද්ගලයාට ශ්‍රී ලංකා දේශපාලනය පිළිබඳ අවම දැනුමක් නැත. ඔහුට රාජ්‍ය නිලධාරියෙකු ලෙස වැඩ කළ හැකි නමුත් දේශපාලන නායකයෙකු ලෙස ඔහුට නිහතමානී දේශපාලනය පිළිබඳ දැනුමක් නොමැත. ඔහුගේ පූර්වගාමියා වූ සිරිසේන ග්‍රාමසේවාක නිලධාරියෙකු ලෙස සිය වැඩ ජීවිතය ආරම්භ කර ඇති අතර ඔහු දශක ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේ අත්දැකීම් ලබා ගෙන ඇත. නමුත් සිරිසේන අද වන විට මිනිසුන්ගේ දරුණුතම සතුරා බවට පත්වූයේ කෙසේදැයි අපි දනිමු.

        පසුගිය මාස 8 තුළ ගෝටා රට වෙනුවෙන් අත්කර ගෙන ඇත්තේ කුමක්දැයි මොහොතකට සිතමු. ඔහුගේ මැතිවරණ පොරොන්දු වලින් ඔහු සම්පූර්ණ කර ඇත්තේ කුමක්ද? ඔහුගේ ජනාධිපති ධුරයට පෙරට වඩා අද හොඳ කුමක්ද? දෛනික අවශ්‍යතා පවා ලාභදායී නොවේ. සිරිසේන-රනිල් පාලනයට පවා නැවත නැවතත් පහර දෙන ලදී.

        2) COVID අර්බුදය ඔවුන්ගේ ස්වයං ප්‍රකාශනයන්ට අනුව රාජපක්ෂ පාලනය විසින් පාලනය කරනු ලැබේ, නමුත් අද වන විට තවත් සිය ගණනක් ආසාදනය වී ඇති බවට වාර්තා වී ඇත. බොහෝ දුප්පත් නේපාලය, වියට්නාමය සහ අප්‍රිකාවේ දුප්පත් රටවල් කිහිපයක් පවා අර්බුදකාරී අවස්ථාවන්හිදී උපරිම උත්සාහයක් ගත්තද, අපගේ නායකත්වය ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇත.

        • 1
          1

          ශ්‍රී ලංකාව පසුපසට ගමන් කරයි. අප ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය බව අපව එවකට හැඳින්වීය. දැන් සමහර වංක දේශපාලන politicians යන්ට ස්තූතිවන්ත වන අතර, රට සහ ජාතිය මෝඩ නායකයින් පසුපස යති. අද දින ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රූපවාහිනී නාලිකා හරහා අපහාසාත්මක බොරු පතුරුවා හැරීමෙන් මාධ්‍ය මාෆියාව ද ජාතියේ පහසු ඉලක්ක හසුරුවයි. අතීතයේ වෙන කවරදාටත් වඩා අද දින අවනීතිය පාලනය වේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.