23 April, 2024

Blog

යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

මහින්ද රාජපක්‍ෂ

වැට්බද්ද වැඩි කරන්න, ආදායම් බදු වැඩි කරන්න හා ප්‍රාග්ධන බද්දක් හඳුන්වා දෙන්න සිදු වුණු කාරණා විස්තර කරමින් අගමැතිවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට කළ විශේෂ ප්‍රකාශයේ දී එතුමා කිවුවා මගේ ආණ්ඩුවෙන් ගත්ත ණය ගෙවන්න මේ බදු පනවන්න වුණා කියලා. මේක තමයි ඒගොල්ලො සමාජගත කරන්න හදන මතය. මේකට දැන් ‘රාජපක්‍ෂ බද්ද’ කියලා නමකුත් දාලා. මේ රට කවදාකවත් අත්දැකපු නැති ආකාරයේ ආර්ථිකඅර්බුදයකට අදඅපිමුහුණ දීලා තියෙනවා. මේ වගේ තත්වයක් ඇති වුණේ කොහොමද කියලා කරුණු කාරණා සහිතව හොයලා බලන්නඕන.

මේ ආණ්ඩුව බලයට ආවාට පස්සේ මාර්තු මාසේමූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබා ගත්තා. ඊට පසසේ මැයි මාසයේදී බැඳුම්කර නිකුතුවකින් ඩොලර් මිලියන 650ක් ගත්තා. ජූලි මාසයේ දී ආයෙත් පාරක් ඉන්දියාවෙන් මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඩොලර් මිලියන 1,100ක් ගත්තා. ඔක්තෝබර් මාසයේ දී බැඳුම්කර නිකුත් කරලා තවත් ඩොලර් මිලියන 1,500ක් ගත්තා.ඒ විතරක් නෙවෙයි, 2015 මාර්තු හා 2016 මාර්තු මාසය අතර අවස්ථා 12ක දී කෙටි හා මධ්‍ය කාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කරලා ඩොලර් මිලියන 2,711 කට වැඩි අතිවිශාල මුදලක් ඇඟට නොදැනීම මේ ගොල්ලෝ අරගෙන තියෙනවා. එක අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලියන 6,361කට වැඩි ණයක්. මේ වගේ විදේශ ණය ගැනිල්ලක් අපි කවදාවත් දැකලා නෑ.

මේ මුදල කොච්චරද කියලා කියනවනම් මත්තල ගුවන්තොටුපල හදන්න ගත්තෙ ඩොලර් මිලියන 190යි. හම්බන්තොට වරායට ගත්තෙ ඩොලර් මිලියන 426 යි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ඩොලර් මිලියන 1,340යි. කොළඹ – මාතර අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 630යි. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයට ඩොලර් මිලියන 248යි. යහපාලන ආණ්ඩුව එක අවුරුද්දක් තුළ ගත්ත ණය වලින් මේ කියපු සේරම ව්‍යාපෘති හදලාත්එකකට ඩොලර් මිලියන 1,400 බැගින් වරාය නගර එකක් නොව දෙකක්ම හදලා, සාම්පූර්වල හදන්න ඉන්න මෙගාවොට් 500ක ගල්අඟුරු බලාගාරයත් හදලා අන්තිමට ඉතුරුවෙන ටිකෙන් තව මත්තල ගුවන් තොටුපලකුත් හදන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව ගත්ත ඩොලර් මිලියන 6,361 න් ඒ ගොල්ලො එක බෝක්කුවක් වත් හදලා නෑ.

මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ ලෝක තෙල් මිල 70% – 75% කින් විතර පහළ ගියා. මේ නිසා අපට ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 2,500ක විතර ඉතිරියක් ලැබුණා. මේ වගේ ඉතිරියක් තිබිලත් ආණ්ඩුවට බැරි වුණා ඛනිජ තෙල් සංස්ථාවේ හා විදුලිබල මණ්ඩලයේ පාඩුවවත් පියවන්න. ඒ ගොල්ලො ණය ගත්ත ඒවයි ඉතිරිකර ගත්ත ඒවයි ඔක්කොම පරිභෝජනයට වියදම් කලා. ජාත්‍යන්තර මුදල් වෙළඳපොලේ අය මේවා බලාගෙන ඉන්නේ. ආණ්ඩුව මේ ආකරයට මූල්‍යමය වගකීම් විරහිතභාවය ලෝකයටම ප්‍රදර්ශනය කරපු හින්ද තමයි ෆිච් රේටින් ආයතනය හා ස්ටෑන්ඩට් ඇන්ඩ් පුවර් ආයතනය මීට ටික දවසකට කලින් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දැමුවේ.

ලංකාව සම්බන්ධයෙන් මේ වගේ තීන්දුවක් ගත්තේ ඇයි කියලා ෆිච් රේටින් ආයතනය හේතු දක්වමින් කියපු එක කාරණයක් තමයි 2016 අවුරුද්ද ඇතුළත ලංකාවේ ණය වලින් ඩොලර් මිලියන 4,000ක් ආපසු ගෙවන්න වෙලා තියෙන නිසා මේක ලංකාවේ විදෙස් සංචිත වලට බරපතල පහරක් වන බවයි. මේ අවුරුද්ද ඇතුළත ගෙවන්න තියෙනවයි කියන ඩොලර් මිලියන 4,000න් 2,497 ක්ම -ඒ කියන්නෙ 62% ක් – වත්මන් ආණ්ඩුව ගිය අවුරුද්දෙ ගත්ත ණය. මේ ආණ්ඩුව 2015 ජුලි මාසයේදී අත්සන් කරලා මාස හයකට සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 1,100 මේ අවුරුද්දේ ගෙවන්න වුණා. ඒවගේම මේ ගොල්ලො බලයට ආවට පස්සෙ ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර වලින් ලබා ගත්තු ණය වලින් ඩොලර් මිලියන 1,397 ක් මේ අවුරුද්දෙ අපහු ගෙවන්න ඕන.

මේ ආණ්ඩුව ගත්ත ණය ඇරුණාම ඊට කලින් පැවති හැම ආණ්ඩුවකම ණය වලින්මේ අවුරුද්දෙ ගෙවෙන්න තියෙන්නේ ඩොලර් මිලියන 1,500ක් වගේ ගාණක්. ඒ වගේ ණය ගෙවීමක් තිබුණයි කියලා ලංකාවේ ශ්‍රේණිගත කිරීම පහළ දමන්නෙ නැහැ.මේ ආණ්ඩුවෙ අවිධිමත් හා ඉවක් බවක් නැති ණය ගැනීම නිසා තමයි දැන් තිබෙන අර්බුදය ඇතිවෙලා තියෙන්නෙ.

ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පහළ දාලා තියෙන නිසා ජාත්‍යන්තර වෙළඳ පොළෙන් ණය ගන්න වෙන්නෙ ගිණි පොළියට. සමහරවිට ගිණිපොළියටවත් ණය ලැබෙන්නෙ නැහැ. ඉතින් ආණ්ඩුවට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහාට හැරෙන්න සිද්ධ වෙලා තියෙනවා. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් පුණ්‍යආයතනයක් නොවේ. ලබාගන්න මුදල් ආපසු ගෙවන්න පුළුවන් කියලා පෙන්වන්න රජයේ ආදායම් වැඩිකර ගන්න ඕන කියලා ඒ ගොල්ලො කොන්දේසි දානවා. ආණ්ඩුවෙන් බදු වැඩි කරන්නෙ ජාත්‍යන්තර අරමුදලෙන් ණය ලබා ගන්න හා ගත්තු ණය ආපසු ගෙවන්න. ඒකයි මෙතන සිද්ද වෙන්නෙ.ගිය සුමානේ මේ ආණ්ඩුවට ඉන්දියාවෙන් ගත්ත අර ඩොලර් මිලියන 1,100 ගෙවන්න සිද්ධ වුණා. ඒකෙන් අපේ විදේශ සංචිත තවත් අඩුවුණා.

මේ මාසයේ ආණ්ඩුව මාස තුනේ, පහේ කෙටිකාලීන ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුත් කරලා මුදල් ලබාගත්තා. සාමාන්‍යයෙන් සංවර්ධන බැදුම්කර නිකුත් කරන්නේ දිගුකාලීන ණය ලබාගන්න. නමුත් මේ ආණ්ඩුව ඒවායින් කෙටිකාලීන ණයත් ලබාගන්නවා. ඒ වගේම රටක් ණය ගන්නකොට, ආපසු ගෙවීම් කෙටි කාල පරාසයක් තුළ ගොඩගැහෙන්නේ නැති ආකාරයට තමයි ණය ගන්නෙ. නමුත් මේ ආණ්ඩුව ඒ මූලික සිද්ධාන්තයත් ගණන් ගන්නේ නැතුව තමයි ණය ගන්නේ.

2001 – 2004 අතර රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා ඉන්න කොට ඒ කාලපරිච්ඡේදය පුරාම දළදේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂව ණය බර තිබුණේ 102% කට වැඩියෙන්. මගේ ආණ්ඩුවෙන් අවුරුද්දක් පාසා මේ ණය ප්‍රතිශතය අඩුකරලා 2014 අන්තිම වෙනකොට 75.5 %ක් දක්වා පහළ දැමුවා. මේක තමයි 1979 පස්සෙ තිබුණ අඩුම ණය ප්‍රතිශතය. 2006 – 2009 යුද්ධය පැවතුණ කාලයේ ආණ්ඩුවේ වියදම් දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට තිබුණේ 23%ට විතර. නමුත් යුද්ධයෙන් පසු අපි ආණ්ඩුවේ වියදම අවුරුද්දෙන් අවුරුද්ද අඩුකරලා 2014 වන විට ඒක 18.3 %ක් දක්වාම අඩුකලා. අපි නිදහස ලැබූ දා සිටම දළදේශීය නිෂ්පාදිතයට සාපේක්‍ෂව ආණ්ඩුවේ වියදම් පැවති අඩුම ප්‍රතිශතය තමයි ඒක.

මේ ආකාරයට දැඩි මූල්‍යමය විනයක් ප්‍රදර්ශනය කරපු නිසා 2009 ලෝක ආර්ථික පසුබෑම හමුවේ අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආණ්ඩුවට දාන ආකාරයේ දැඩිකොන්දේසි මොනවත් නැතුව ඩොලර් මිලියන 2,600ක ණය පහසුකමක් අපට දුන්නා. මගේ ආණ්ඩුව ලොකු ව්‍යාපෘතිවලට ගත්තෙ 2%ට නැති නම් ඊටත් අඩු සහනදායි පොළියට දීර්ඝ කාලීන ණය. මේවායේ ණය ගෙවලා ඉවර වෙන්න ඉස්සෙල්ලා හදන්න ගිය ගාන හම්බකරන්න පුළුවන්. නොරොච්චෝලේ වගේ ව්‍යාපාර හදන්න ගියපු ගාන දැනටමත් පියවලා ඇති. ඒ වගේම අපි පරිභෝජණයට ණය ගත්තේ නැහැ. ඒ හින්ද තමයි අපේ කාලයේ අයවැය යෝජනා සංශෝධන, හදිසි බදු වැඩි කිරීම් වගේ මුල්‍යමය විගඩම් දකින්න නොතිබුණේ.

මගේ ආණ්ඩුව කාලේ සැඟවුණු ණය තිබුණයි කියලා අගමැතිවරයා කියපු කතාව සම්පූර්ණ බොරුවක්. සියළුම රාජ්‍ය ව්‍යාපාර වලට බැංකු සමඟ වෙනම ගණුදෙනු තියෙනවා. එවායේ ණය ගණුදෙනු පාලනය වෙන්නේ ඒ ආයතනවලට අදාල අණපනත් වලට අනුව කැබිනට් අනුමැතියක් ඇතුව. ඒ ව්‍යාපාර ගන්න ණය වලට මහා භාණ්ඩාගාරය ඇප වුණොත් ඒක පාර්ලිමේන්තුවට දන්වන්න ඕන.

ගිය සතියේ පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශයේ දී වත්මන් ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් වැඩිකරපු බවත් ඉන්ධන, ගෑස්, සීනි, ටින් මාළු වැනි භාණ්ඩ ගණනාවක මිල අඩු කළ බවත් අගමතිවරයා කිවුවා. පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය දිනා ගැනීමට දීපු වගකීම් විරහිත පොරොන්දු ඉටුකරපු බව තමයි එතුමා කියන්න හැදුවේ. නමුත් අද පැණනැගිලා තියෙන තත්වයෙන් පේන්නේ බදු ගෙවන්නාව ඇපේට තියලා ඡන්ද දිනාගන්න හදපු එකේ රඟේ තමයි. මේ ගොල්ලො ඡන්දේ දිනන්න පොරොන්දු දෙනවා. ඒවායේ බරපැන දරන්න වෙන්නෙ බදු ගෙවන ජනතාවට.

මේ ණය හා බදු අර්බුදය එන්න ඉස්සෙල්ලා ඉදන්ම ආර්ථිකය තිබුණේ අමාරු අඩියක. 2015 ජනවාරි 08 න් පස්සෙ සියළු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 1,500කින් පමණ අඩුවෙලා කොටස් වෙළඳ පොලේ ප්‍රාග්ධන වටිනාකමෙන් රුපියල් මිලියන 600,000 පමණ අඩුවෙලා තියෙනවා. මේ කාලය ඇතුළත ලංකාවේ රුපියල් බැදුම්කරවල විදෙස් ආයෝජන අඩකින් පමණ අඩුවෙලා තියෙනවා. මම බලයේ හිටපු කාලේ ආයෝජන අලුත් කරමින් දිගටම හිටපු ආයෝජකයෝ අලුත් ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති නිසා දැන් සල්ලි ආපහු ගන්නවා. අලුත් ආන්ඩුව බලය ගත්තට පස්සෙ රුපියල 10% කින් අවප්‍රමාණය වෙලා තියෙනවා. 2014 අන්තිමට ඩොලර් මිලියන 8,200 ක්ව තිබුණු විදෙස් සංචිත දැන් 5,000 ටත් වඩා අඩුවෙලා

මේ ආණ්ඩුවේ ආර්ථික අවපාලනය නිසා ඉදිරිකාලයේ දී තවත් බදු වැඩිකිරීම්, සුභසාධනය හා සහන කප්පාදු, ජලය, විදුලිය, විදුලි සංදේශ හා ගමනා ගමන ගාස්තු වැඩි කිරීම් හා විරැකියාව තවත් වර්ධනය වීම අපිට බලාපොරොත්තු වෙන්න සිදු වෙනවා. මේවායින් ජනතාවට ඇතිවෙන දුෂ්කරතාවලට මේ ආණ්ඩුව වගකියන්න වෙනවා.

*හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2016 මාර්තු 14 වෙනිදා බත්තරමුල්ල කාර්යාලයේ දී “යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය” ගැන පැවැත්වූ දේශනයේ පිටපත 

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    sampuurna aththa janapathithumani..

    • 1
      0

      තාරුණ්‍යයට හෙටක්’ කෝ? නාමල්ට ප්‍රශ්නයක්
      9 මාර්තු 2016 අවසාන වරට යාවත්කාලීන කළේ 18:52 GMT
      තමා නායකත්වය තාරුණ්‍යයට හෙටක් සංවිධානය පිළිබඳ පුවත් මධ්‍යයේ පළ නොවන්නේ වර්තමානයේ මතු වෙමින් පවතින ජන උද්ඝෝෂණ හේතුවෙන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
      මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය දැන් ක්‍රියාකාරී නැත්තේ රාජ්‍ය සම්පත් යොදගෙන එය පවත්වාගෙන ගිය නිසා බවට ඇතැම් කණ්ඩායම් නගන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සංදේශය විමසූ අවස්ථාවේදී.
      ”වෙනදා වගේ මාධ්‍ය තුළ අපි තාරුණ්‍යයට හෙටක් සංවිධානය ගැන දකින්නේ නැහැ. මොකද මාධ්‍යට මීට වඩා ජනතා ප්‍රශ්න තිබෙනවා වාර්තා කරන්න. අද කොයි වෙලාවේ කොහේ බැලුවත් උද්ඝෝෂණයක්”
      තාරුණ්‍යයට හෙටක් සංවිධානය තවමත් අධ්‍යාපනික ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බවයි ඔහු සඳහන් කළේ.
      මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සංදේශය විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ කරන්නේ විපක්ෂය මර්දනය කිරීමේ වෑයමේ කොටසක් වශයෙන් ආණ්ඩුව මෙවැනි චෝදනා එල්ල කරන බවයි.
      නීති විරෝධී අන්දමින් උපයා ගන්නා ලද රුපියල් කොටි 15 කට අධික මුදලක් යොදවා ‘හෙලිකොප්’ නමැති සමාගමක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
      ‘තාම අධිකරණය හමුවේ වරදකරුවෙක් වෙලා නැහැනේ.මේ කට්ටිය අර මැතිවරණය කාලේ ගෙනාපු චෝදනා ඒ විදිහටම අරගෙන යනවා. අපට ගරු අධිකරණයේ සහාය පමණයි පතන්න තියෙන්නේ’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියේය.
      සම්පුර්ණ සාකච්චා සඳහා හඬ පටයට සවන් දෙන්න
      නාමල් රාජපක්ෂට එරෙහි විමර්ශන ආරම්භ කෙරෙයි
      අපේ කිසිම ගිණුමක් පිටරට නැහැ -නාමල්

  • 0
    0

    wait and see how you would win it

    even very same idiotic folks cant not be fooled again and again .

  • 0
    0

    MARA! How come you are also, who banned the CT when you were in the all powerful seat, seeking indulgence. What a shame MARA. No one will endorse or believe you, except your PASSA HODAPU AYA. You are a damn liar Mara. A bloddy liar. You are CHETIYA 11.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.