19 April, 2024

Blog

භූතානය, බුද්ධාගම සහ මරණ දඬුවම

මානෙල් ෆොන්සේකා

වෙනත් රටවල් මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් කටයුතු කර තිබෙන ආකාරය* දෙස බලන විට, භූතානය සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රවේශය සහ එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. මරණීය දණ්ඩනය අත්හිටුවීමේ දීර්ඝ කාල පරිච්ඡේදයකින් පසුව සහ ජාතික රාජ්‍ය සභාවේ බොහෝ විවාදවලින් පසු 2004 මාර්තු 20 වන දින රාජකීය නියෝගයෙන් මරණ දඬුවම අහෝසි කරන ලද අතර 2008 ජූලි මාසයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එය තහනම් කරන ලදී.

භූතානයේ ජනගහනයෙන් 75% ක් බෞද්ධයෝ වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 (1) (අධ්‍යාත්මික උරුමය) වගන්තියේ මෙසේ සඳහන් වේ: “සාමය, අවිහිංසාව, දයානුකම්පාව සහ සහනශීලීත්වයේ මූලධර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරන බුද්ධාගම යනු භූතානයේ අධ්‍යාත්මික උරුමයයි.“

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේභූතානයේ දේශපාලනයෙන් ආගම වෙන්  පවතින බව සහතික කරමින් රටේ ආධ්‍යාත්මික උරුමය ප්‍රවර්ධනය කිරීම ආගමික ආයතනවල සහ පුද්ගලයන්ගේ වගකීම වේ. ආගමික ආයතන සහ පුද්ගලයන් දේශපාලනයට වඩා ඉහළින් සිටිය යුතු වේයනුවෙනි. මූලික වගකීම් යටතේ 8 (3) වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “භූතාන පුරවැසියෙකු ආගමික, භාෂාමය, කලාපීය හෝ ආංශික විවිධත්වයන් ඉක්මවා යමින් භූතානයේ සියලු ජනතාව අතර සහනශීලිත්වය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහෝදරත්වයේ ජීවගුණය පෝෂණය කළ යුතුය“. 

භූතානයේ අවසාන වරට මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලද්දේ 1964 දී වුවද, මරණීය දණ්ඩනය නීති පොතේ දිගටම තිබුණි. විශේෂ තත්වයන් තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ජාතික රාජ්‍ය සභාව ඉල්ලා සිටියත්  1998 දී අධිකරණය විසින් බහුවිධ වැරදිකරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීම කැපී පෙනෙන සිද්ධියකි. අවස්ථාවේ අධිකරණය දැඩි විවේචනයට ලක් වූයේය. ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම පැහැදිලි කරමින් අධිකරණ නිලධාරියෙක් අවධාරණය කළේනීතිය පවතින්නේ හුදෙක් දඬුවම් දීමට පමණක් නොවන බවයි. අධිකරණයේ පරමාර්ථය වන්නේ මානව හා සමාජ සංවර්ධනය සඳහා ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස නොමග ගිය පුද්ගලයින් නිවැරදි කිරීම හා පුනරුත්ථාපනය කිරීමබවයි. එවකට සිටි ව්‍යවස්ථාදායකයින්ට වඩා අධිකරණයට එහි කාර්යභාරය පිළිබඳ වඩා බුද්ධිමත් මතයක් තිබූ බව පෙනේ.

මරණ දඬුවම ලබා දීම 2004 දී අහෝසි කරන ලදි. අහෝසි කිරීමට 2008 දී ව්‍යවස්ථාමය අනුමැතිය ලැබුණු අතර, මෙම පියවර බෞද්ධ සාරධර්ම මත පදනම් වූවක් බව පැහැදිලිය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේබෞද්ධ ආකල්ප හා විශ්වීය මානව සාරධර්ම මත බද්ධමූල වූ යහපත් සහ සානුකම්පිත සමාජයක සැබෑ හා තිරසාර සංවර්ධනයට පාදක වන තත්වයන් නිර්මාණය කිරීමට රජය උත්සාහ කළ යුතුයයි සඳහන් වේ. (2008 ආණ්ඩක්‍රම ව්‍යවස්ථාව, රාජ්‍ය ප්‍රතිපත්තියේ මූලධර්ම පිළිබඳ වගන්තිය 9 (20) .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. “පුද්ගලයෙකුට මරණ දඬුවම නියම නොකළ යුතුයසහවෙනත් පුද්ගලයෙකුට තුවාල කිරීම, වධහිංසා පැමිණවීම හෝ ඝාතනය කිරීම කිසිම පුද්ගලයෙකු විසින් නොඉවසිය යුතුය. එවැනි ක්‍රියාවන්ට සහභාගී නොවිය  යුතුය. එවැනි ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුය.“ (7 (18) සහ 8 (5) වගන්ති) (අවධාරණය එක් කරන ලදි)

සමහර විට, බුද්ධාගමේ ප්‍රගාමී භූමිකාව ගැන භූතානය දක්වන සැලකිල්ල හා එය ක්‍රියාවෙන් මෙන් භාවාර්ථයෙන් පිළිපැදීමට දරණ උත්සාහයෙන් අපට යමක් ඉගෙන ගත හැකියි.

*කාම්බෝජය 1989 දී මරණ දඩුවම අහෝසි කළ අතර  1993 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ. “සියලු මිනිසුන්ට ජීවිතයට, නිදහසට හා පුද්ගල ආරක්ෂාවට අයිතියක් තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ යුතුය.“ (32 වගන්තිය)

________________________________

Sources: ‘Transgressing the Law: Karma, Theft and its Punishment’ (2008), and ‘Severing the Silken Knot? Buddhism, Constitutionalism and the Dual System in Bhutan’ (unpublished paper 2006), by Richard W. Whitecross.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    Why , in Trinco, Buddist monks make problems,? . Sadu- gana dero. Telling that Trinco, police department not doing the job, true, only government pay good salary to them, why Trinco male Sinhala people ( not all) putting drank tea ,over Tamil Sadu, ? Why police man sanding and watching,?

    • 1
      0

      මොනාද මනුස්සයෝ තමුන්ට කියන්න ඕන?සිංහලෙන් දානවා ඉංග්‍රීසි බැරිනම්.

  • 1
    0

    A great beginning. We’ve got to get information across to non-users of English.
    .
    I will say more later.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.