20 April, 2024

Blog

වැරදුනේ කොතනද​?

මංගල සමරවීර​ –

මංගල සමරවීර​

2015 ජනවාරි 8 වන දින මෙරට බහුතර ප්‍රගතිශීලීන්ගේ සම්මුතියෙන් ඉදිරිපත්වන ලද ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන ලද දර්ශනයට ශ්‍රී ලාංකිකයන් 51%ක් තම ඡන්දය පළ කළහ. මෙරට පැවති ඒකාධිපති ආඥාදායකත්වයේ කාලය අවසන්ව ඇත. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිස්ථාපිත කිරීම සඳහා එක් වූ සියලු දෙනා එක පවුලක් හෝ ඔවුන්ගේ අතවැසියන්ට පමණක් සේවා සපයන රජයක් වෙනුවට පොදු මහජනතාවට සේවය කරන රජයක් පවත්වා ගැනීම සඳහා යළි එකාවන්ව පෙළ ගැසිය යුතුය.

එදින එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියකාරීන් කිහිප දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිස් කොංග්‍රසය, දෙමළ ජාතික සංධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ 30ට අධික දේශපාලන කණ්ඩායම් සහ පුද්ගලයන් පිරිසක් විසින්, භීතිය වෙනුවට නීතිය රජයන සමාජයක් උදෙසා වූ තම දැක්ම බෙදා හදා ගත්හ.

රාජ්‍ය සේවය ස්වාධීන කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ නීති පද්දතිය තුළ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අපි ව්‍යවස්ථාව සංශෝධනයක් ඇති කිරීමට පොරොන්දු වීමු.

අද මහජනතාව විසින් අප පොරොන්දු වූ කාරණා අවශ්‍ය පමණ ඉටු නොකළ බව ඡන්ද ප්‍රතිඵලයෙන් පවසා ඇත.

අබලන්ව පැවති යුක්තිය පසිඳවීමේ ක්‍රියාවලිය යළි ගොඩ නැංවීම සඳහා කඩිනම් සහ ස්වාධීන ක්‍රියාමාර්ග ගැනීමට අප පසුගිය වසර තුන තුළදී කටයුතු කළෙමු. සංකීර්ණ අපරාධ, මිනීමැරුම් සහ වංචා විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය වූ උපකරණ සහ තාක්ෂණය ලබා දී පොලිසිය බල ගැන්වීමට අප කටයුතු කළෙමු.

වැරැද්දක් පිළිබඳ චෝදනාවක් ලද විගස අමාත්‍යවරුන් සිය ධුරයෙන් ඉවත් විය යුතු බව බල කළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම රජය බවට අප පත් වීමු.

ඇත්ත වශයෙන්ම, රජයේම පාර්ශවකරුවන් සමබන්ධ චෝදනා පිළිබඳව විමර්ෂණය කර ස්වාධීනව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ විවර කළ ප්‍රථම රජය බවට පත් වීමු.

නමුත් ජනතාව වෙනත් අප සිදුකළ ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව පවසා ඇත.

ජනතාවගෙන් මෙම පණිවුඩය එජාපයට තදින්ම දැනී ඇති අතර අප වසර තුනකට පෙර වූ පොරොන්දු ඉටුකිරීමටත්, මහජන විශ්වාසය පවත්වා ගැනීමටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපි කැපවී සිටිමු. අපි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතාවේ මෙම නව පරිච්ඡේදය ආරම්භ කරන විට, පසුගිය සෙනසුරාදා අප දුටු විශිෂ්ට කාරණා දෙකක් පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බර විය හැකිය.

ජනතාවගෙන් මෙම පණිවුඩය එජාපයට තදින්ම දැනී ඇති අතර අප වසර තුනකට පෙර වූ පොරොන්දු ඉටුකිරීමටත්, මහජන විශ්වාසය පවත්වා ගැනීමටත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපි කැපවී සිටිමු.

පළමුවැනි කාරණය වූයේ ස්වාධීන මැතිවරණ කොමිසම සහ පොලිසියේ අනුග්‍රහය යටතේ මැතිවරණයක් පැවැත්වීමයි. රාජ්‍ය සේවකයන්, අරමුදල්, සම්පත් සහ රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයෙන් තොරව හැසිරවීම මින් පෙර මෙරට කිසිඳු රජයක් විසින් සිදු කර නොමැත. මෙම ස්වාධීන ආයතන යටතේ අප අපගේ මැතිවරණයට බාධා කරන දූෂණය, බිය ගැන්වීම් හා ප්රචණ්ඩත්වය පිළිබඳ අවසන් වතාවට ශ්රී ලංකාව දැක තිබේ. මෙම ස්වාධීන ආයතන යටතේ අප, අපගේ මැතිවරණයට බාධා කරන දූෂණය, බිය වැද්දීම් සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ශ්‍රී ලංකාවාසීන්ගේ පිළිකුල් අත්දැකීම්හි අවසානය සනිටුවහන් කරමු.

2015 ජනවාරි මාසයේදී සිය ජනාධිපතිවරණ සටන තුළදී මිලියන 5.77ක් (47.6%) ඡන්ද ලබා ගැනීමට සමත් වූ ඒ මහින්ද රාජපක්ෂම, පසුගිය සතියේ පැවති මැතිවරණයේදී ඡන්ද මිලියන 4.95ක් වත් ලබා ගැනීමට අසමර්ථ වූ බව ඉතා පැහැදිලි කාරණයකි. අප වෙනුවෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ 46%ක් වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පමණක් නොව, නැවත රාජපක්ෂ පාලනයක් පැමිණීම වැලැක්වීම උදෙසා ඡන්දපොළට ගිය මිලියන 6.1ක් වූ (55.3%) සමස්ථ බහුතර පුරවැසියන් පිළිබඳව අත් නොහැරිය හැකි භාරධුර වගකීමක් එක්සත් ජාතික පක්ෂය පිට පැටවී ඇත.පොරොන්දු සහ වගකීම් නිවැරදිව ඉටු කිරීම මඟින් අපගේ ඡන්ද දායකයන් පිරිස තව දුරටත් නංවා ගනිමින් අවංක සහ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන කණ්ඩායම් සමඟ අත්වැල් බැඳ අපගේ මාතෘ භූමිය ඔසවා තැබීමත් මැර බලයෙන් පාලනය කරන යුගයක් නැවත ශ්‍රී ලංකාවට ලැබීම වැලැක්වීමත් අපේ ප්‍රමුඛ වගකීම වේ. මේ අපගේ අභිප්‍රාය වන අතර අප අසමත් නොවිය යුතුය. මන්ද අපගේ ප්‍රජාතන්ත්‍රවාදය, අපගේ ජනරජය අපගේ එම අභිප්‍රාය මත රඳා පවතී.

Print Friendly, PDF & Email

Latest comments

  • 2
    3

    UNP was clearly 1.3 million behind Mr. Mahinda , so UNP does not have any right to govern the country by any means

    • 0
      0

      Mahinda have you read the 19th amendment that was passed in parliament by a huge majority?

  • 1
    2

    Out of all the three top level politicians Maithreee is the only person that could be considered as not corrupted yet. He understands the political, social and religious realities of this country and has a well-balanced perspective. He should take steps to appoint Karu Jayasuriya as the prime minister (there is no other person ) and must appoint a group of honest, talented and efficient group of cabinet ministers from all the parties. If he does so he would be supported by the majority of Parliamentarians and by the whole country except small group of Rajapakse slaves.

  • 1
    1

    වැරදුනේ කොතනද? තැනක් නොතැනක් නැහැ, රවුමටම වැරදුන ඕගොල්ලන්ට. දෙනව කිව්ව wifi අලියාගේ නැට්ටට තමයි දැන් දෙන්න වෙන්නේ.
    .
    පව් සමහර කාන්තාවෝ උසාවිත් ගිය මංගල, කාන්තාවන්ට සම අයිතිය අරන් දෙන්න මත්පැන් ගන්න සහ ඒ තැන් වල වැඩ කරන්න තියෙන තහනම අයින් කලාම මෛත්‍රී එක නතර කළා කියල. හැබැයි පස්සේ තමයි තේරුනේ මංගල බාර් රෑ වෙනකම් ඇරලා බියර් මිල අඩු කරලා කාන්තාවන්ට බොන්න දෙන්නත් හැදුවේ ඇලෝසියස්ගේ Mendis Distilleries එකට බිස්නස් අරන් දෙන්න කියල. පව් ඒ කාන්තාවෝ. පිරිමි කරන හැම මැරකම්, හොරකම්, ජඩකම් කරන්න තමන්ටත් ඉඩ දෙන්න කියන්න මේ කාන්තාවන්ට තියෙන ඕනෑකම හරි පුදුමයි. ලංකාවේ දරුවොයි කන්තාවොයි අන්තිම අනාරක්ෂිතයි. පිරිමින්ට වගේ තමන්ටත් කාගෙවත් අතවර, හිරිහැර, ගැරහුම්, විහිළු තහළු, බිය ගැන්වීම්, තර්ජන වලට ලක් නොවී ඉන්න ගමන් බිමන් යන්න සම තැන දෙන්න කියල ඉල්ලන්න කවුරුවත් නැහැ.

  • 1
    0

    දැන් මාර්තු මාසේ ඉඳන් තමයි නියම සෙල්ලම. ඒ මොකොද කිව්වා නම් එතකොටනෙ මිනිස්සුන්ට පේන්නේ තමන්ගේ පක්ෂ වලට දීපු චන්ද වලින් පළාත් පාලන ආයතන වලට පත් වෙලා ඉන්නේ කවුද කියල. ජුවානිස්ල බබානිස්ල නෙමෙයි පත් වෙලා ඉන්නේ mini-මගෝඩිස්තුමාල වගේ දේවල්.
    අර කවුද තැනක ලිව්වා වගේ මිනිස්සු තෝරාගෙන තියෙන්නේ හොරා නොම්මර 1 සහ හොරා නොම්මර 2 ලු. දැන් විමල් තරහ වෙයි මාත් එක්ක මෙහෙම කිව්වවට. අනේ මට මොකොද මේ දෙකටම මම support කලේ නැහැ.
    මිනිස්සු එතැන සිද්ධ වෙන දේවල් ගැන හැව්වොත් mini-මගෝඩිස් තුමාල මිනිස්සුන්ගෙන් අහයි:-
    – ඇයි මොකෝ ලොක්කන්ට විතරද හොරකම් කරන්න හොඳ, ඇයි අපිට නරකද. අපි කළුද,
    – ඇයි වික්කමසිංහ විකුනොවොත් විතරද විකිනෙන්නේ, අපි විකුනොවොත් විකුනෙන්නේ නැත්ද, නිකං පලාන් ඩෝ යන්න.
    – කුණු කන්දෙන් කොමිස් ගහන්න පුළුවන් නම්, කුණු ට්‍රැක්ටරෙන් කොමිස් ගැහැව්වහම මොකොද.
    – අධිවේගෙන් කොමිස් ගහන්න හොඳ නම් ගමේ පාරෙන් කොමිස් ගැහැව්වහම මොකොද. ඇයි උඹල විතරද ජීවත් වෙන්න හොඳ. අපිට නරකද.
    – විල්පත්තු අධි ආරක්ෂක කලාපේ වනාන්තර පිටින් එලි කරන්න පුළුවන් නම්, පොඩි ගානක් අරන් ගමේ ගහක් කපන්න දුන්නම ගෙවෙනවද,
    – ආණ්ඩුවේ විභාගෙ පාස් කරපු උඹේ පුතාගේ නම කපල පහල ඉන්න මගේ මිනිහෙක්ගෙ කොල්ලෙක්ගෙ නම උඩට දාන්න මට අවසර ගන්න ඕනෙද,
    – විභාග මොකොටද interview මොකොටද මගෙ එවුන්ට විතරයි ආණ්ඩුවේ රස්සාවල්. නිකම් පලයව් යන්න,
    – ඉස්කෝලේ ඉස්සරහ කඩේ මත්පෙති විකුණන්න පුලුවන්නම් ඉස්කොළ ළඟ තැබෑරුම් අරින්න බැරි මොකොද, පොඩි එකෙක් බියර් එකක් බොනවට ඉරිසියා කරන්න එපා යකෝ. ළිං මැට්ටෝ.
    .

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    වයිමා ශක්‍රයව ඉස්සරහට දාල චන්දෙ දිනල පාරම් බානවා සලකුණට ගිහිල්ල.
    මහින්ද පැරදිච්ච වෙලාවේ, මුළු රටක්ම මහින්ද වෙනුවෙන් අඬපු වෙලාවෙ, කිසි හිතක් පපුවක් නැතුව තමන්ගෙම ලේ දාල පැනල ගියපු මිනිහව කොහොමද රටේ අනිත් මිනිස්සු විශ්වාස කරන්නේ?

  • 0
    0

    I think Mangala Samaraweera is campaining for the PM pist in case Ranil decides to leave. I heard Kiriella is another contender and there is more to it.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.