22 October, 2020

Blog

කොරෝනා කාලේ මුල්‍ය අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුව කැඳවනු

මංගල සමරවීර

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශවලින් අනතුරුව භාණ්ඩාගාර ලේකම් විසින් පසුගිය සඳුදා පූර්ව මැතිවරණ තත්ත්ව වාර්තාව- 2020  ප්‍රකාශයට පත් කරන ලදී. මැතිවරණයට පෙර මෙම වාර්තාව ප්‍රකාශයට පත් කිරීම 2003 මූල්‍ය කළමනාකරණ (වගකීම්) පනත යටතේ  නෛතික අවශ්‍යතාවයකි.

වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සාදරයෙන් පිළිගන්නා අතරම, අපගේ ආර්ථිකයේ හා ප්‍රජාතන්ත්‍රවාදයේ සුඛවිහරණය ට අදාළව මෙම වාර්තාවේ සඳහන් කනස්සල්ලට පත් විය යුතු කරුණු  කෙරෙහි රජය සහ මහජනතාවගේ අවධානය යොමු කිරීම අපගේ යුතුකමයි.

ව්‍යවස්ථා විරෝධීඅතුරු සම්මත ගිණුම

“රාජ්‍ය මූල්‍යය පිළිබඳ පූර්ණ පාලනය ඇත්තේ පාර්ලිමේන්තුවට” මෙය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පිළිබඳ පරිච්ඡේදයේ ආරම්භක වැකියයි. අපේ‍්‍රල් 30 වනදා දක්වා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අතුරු සම්මත ගිණුම අනුව – රජයේ ආදායම, වියදම් සහ ණය ගැනීමේ සීමාව නියම කර ඇති අතර  – රාජ්‍ය මූල්‍ය කි‍්‍රයාත්මක විය යුතු වන්නේ එම නෛතික රාමුව තුළයි.

කෙසේ වෙතත්, පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව තුළ මාර්තු, අප්‍රේල් සහ මැයි කාලය සඳහා ජනාධිපතිවරයා විසින් බලය පවරන ලද ඊනියා ‘අතුරු සම්මත ගිණුමක්’ ගැන සඳහන් වේ. මෙය පාර්ලිමේන්තුවේ සම්මතයකින් තොරවූ අතුරු සම්මත ගිණුමක පරස්පරතාවයක් මතු කරයි. ජනාධිපතිවරයාට අතුරු සම්මත ගිණුමක් සඳහා බලය පැවරිය නොහැක. අතුරු සම්මත ගිණුමක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණි. ජනාධිපතිගේ මෙම ක්‍රියාමාර්ගය බැලූ බැල්මට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන අතර පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතුරු සම්මත ගිනුම බලෙන් පැහැර ගැනීමක් වේ.

ඊටත් වඩා කනස්සල්ලට කරුණ නම් මෙය අධීක්ෂණ ක්‍රියාවළියක් ලෙස නොපෙනේ. මෙම අවිධිමත් පියවර සඳහා අධිකාරී බලය පැවරීමක්  ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 (3) වගන්තිය  සඳහන් කරයි. මෙය අපැහැදිලි ය. 150 (3) වගන්තිය පහත පරිදි කියවේ.

මූල්‍ය වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සම්මත වීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට, පාර්ලිමේන්තුව දැනටමත් ප්‍රතිපාදන සපයා නොමැති නම්, නව පාර්ලිමේන්තුව රැස්වීමට කැඳවූ දින සිට මාස තුනක කාලයක් ඉකුත්වන තෙක් රාජ්‍ය සේවයට අවශ්‍ය යැයි ඔහු සිතිය හැකි පරිදි ඒකාබද්ධ අරමුදලෙන් මුදල් නිකුත් කිරීමට සහ එම මුදල් වියදම් කිරීමට අවසර දෙන්න ඔහුට හැකිය.”

ඉහත පැහැදිලිව පෙනෙන පරිදි, මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගැනීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව පිළිබඳ වැදගත් සීමාවන් දෙකක් දක්වයි. 

පළමුවෙන්ම, එහි සඳහන් වන්නේ, “පාර්ලිමේන්තුව විසින් දැනටමත් ප්‍රතිපාදන සලසා නොතිබුණේ නම්” ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් ලබා ගත හැකි බවයි. අප්රේල් 30 න් අවසන් වන අතුරු සම්මත ගිණුම හරහා පාර්ලිමේන්තුව විසින් එවැනි විධිවිධාන සලසා ඇත. එබැවින් එතෙක් ඒකාබද්ධ අරමුදලෙන් කිසිදු අරමුදලක් අනුමත කිරීමට ජනාධිපතිවරයාට නොහැකිය.

දෙවනුව, අපේ‍්‍රල් 30 න් පසු ඒකාබද්ධ අරමුදලෙන් බලය පවරනු ලබන ඕනෑම අරමුදලක් විය හැක්කේ “රාජ්‍ය සේවයට අවශ්‍ය” වියදම සඳහාය. සාමාන්‍ය අර්ථයෙන් මෙයින් අදහස් කරන්නේ රජයේ වැටුප් සහ අත්‍යවශ්‍ය රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමයි. 150 (3)ඡේදය 150 (4) සමඟ කියවන විට මෙය පැහැදිලි වේ. එමඟින් රජයේ වැටුප් ගෙවීම හැර මැතිවරණයක් පැවැත්වීමේ කටයුත්තක් සඳහා මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට නිශ්චිත අවසරයක් ලබා දේ.

මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී රජයේ ප්‍රග්ධන වියදම රු. බිලියන 36 ක් විය. කෙසේ වෙතත්, මාර්තු සිට මැයි දක්වා එය රු. බිලියන 150 ක් ප්‍රාග්ධන වියදම් කිරීමට රජය අපේක්ෂා කරයි. මෙය “රාජ්‍ය සේවයට අවශ්‍ය අරමුදල්” විය නොහැක.

මෙම පියවර විධායකය විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාමය කාර්යභාරය පැහැර ගැනීමකි. බලතල බෙදීම මෙතරම් බැරෑරුම් ලෙස උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියේ ආධිපත්‍යයට හා මහජන මුදල් වගවීම සඳහා අත්‍යවශ්‍ය වන (Check and Balance )සංවරණ හා තුළනයන්ට බරපතල තර්ජනයකි.

මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර අයවැයක් සම්මත කිරීමෙන් හෝ වෙනත් අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය පහසුවෙන් වළක්වා ගත හැකිය.

මුදල් අර්බුදය  

ඉහත සඳහන් කළ පරිදි, පාර්ලිමේන්තුව අප්‍රේල් 30 දක්වා අතුරු සම්මත ගිණුමක් අනුමත කර ඇත. අතුරු සම්මත ගිණුම මඟින් රජයට ණය ගැනීමේ සීමාවක් නියම කරයි. රජයේ බදු කප්පාදුව සහ ආර්ථික ක්‍රියාකාරකම් පහත වැටීම හේතුවෙන් ආදායම විශාල ලෙස පහත වැටෙනු ඇත. මෙම තත්වය තුළ, රජයේ ණය ගැනීමේ සීමාව වැඩි විය යුතුය, නැතහොත් මුදල් අර්බුදයක් සිදුවනු ඇත. ඇත්ත වශයෙන්ම, භාණ්ඩාගාර සුරැකුම්පත් මිලදී ගැනීමෙන් මුදල් මුද්‍රණය කිරීම සඳහා පවා ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය යුතුය. දැනටමත් රජය විසින් රුබිලියන 100  භාණ්ඩාගාර සුරැකුම්පත් පසුගිය දෙසතිය තුළ මිලදී ගෙන තිබීමරුපියල අවප්‍රමාණයට ප්‍රධාන හේතුවකි. පාර්ලිමේන්තුව කැඳවීමකින් තොරව ණය ගැනීමේ සීමාව ඉහළ නැංවිය නොහැක. විධායක ක්‍රියාමාර්ගයෙන් පමණක් බදු කප්පාදුවෙන් හා වසංගතයෙන් ආර්ථිකය පහත වැටීම කළමනාකරණය කළ නොහැකිය.

සාවද්‍ය ඇස්තමේන්තු සහ වගකීම් විරහිත භාරකාරත්වය

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.5 ට සමාන අයවැය හිඟයක් වාර්තාව ඇස්තමේන්තු කරයි. 2017, 2018 සහ 2019 සඳහා පිළිවෙලින් සියයට 5.5%, සියයට 5.3% සහ සියයට 6.5% ක අයවැය හිඟයට සාපේක්ෂව මෙය ඉතා සැලකිය යුතු වැඩි වීමකි. වාර්තාවෙන් රජයේ ආදායම රජයේ වියදම් ඉක්මවා පොලී ගෙවීම් සඳහා ඉඩ සලසන – ප්‍රාථමික අතිරික්තයක් (Primary Balance surplus) ප්‍රක්ෂේපණය නොකෙරේ. ප්‍රාථමික ශේෂය 2017 සහ 2018 දී අතිරික්තයක් පෙන්නුම්කර ඇත. නොවැම්බර් ජනාධිපතිවරණය ප්‍රතිපත්ති වෙනස් කිරීමකට තුඩු දෙන තෙක් 2019 දී ප්‍රාථමික අතිරික්තයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ද ගමන් කරමින් සිටියේය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ඉතා අඩු දළ දේශීය නිෂ්පාදිතය හා බදු අනුපාතයයි. මෙය ඉතා බරපතල ගැටළුවක් වන අතර එමඟින් ආපදා සහන, රාජ්‍ය ආයෝජන, ණය සේවා කිරීමට ඇති හැකියාව, සාර්ව ආර්ථික ස්ථායිතාව සහ නැවත බෙදාහැරීම පහල දමනු ඇත. පසුගිය වසරවල මෙම ගැටලුව නිවැරදි කිරීම සඳහා පුළුල් දැනුමක් හා ඉතා බැරෑරුම් පියවරයන් ගෙන තිබුණද, පූර්ව මැතිවරණය තත්ත්ව වාර්තාව මඟින් එසේ ලබා ඇති ප්‍රගතිය ආපසු හැරවීමක් අපේක්ෂා කරයි. එහි සඳහන් වන්නේ, “රජයේ ආදායම 2019 දී පැවති සියයට 12.2 ට සාපේක්ෂව 2019 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10.6 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි”.

මෙම ඇස්තමේන්තු පවා සැලකිය යුතු තරමේ අධික විශ්වාසයක් පිළිබිඹු කරයි. ඒවා පැහැදිලිවම පදනම් වී ඇත්තේ 2020 සඳහා සියයට 4 ක වර්ධන වේගයක් උපකල්පනය කිරීම මත ය. කොරෝන වෛයිරස් වසංගතයට පෙර පෙබරවාරි 7 වන දින ජා.මූ.අ. වර්ධන වේගය සියයට 3.7 ක් ලෙස පුරෝකථනය කර තිබිණි. ජනවාරි මාසයේදී ලෝක බැංකුව සියයට 3.3 ක වර්ධන වේගයක් අපේක්ෂා කළ අතර ආසියානු සංවර්ධන බැංකුවේ ඇස්තමේන්තුව සියයට 3.5 කි.

අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 7.5 ක ඇස්තමේන්තුවක් තුළ ද අධික විශ්වාසයක් දක්නට ලැබේ. කොරොන වයිරස් වසංගතයේ බලපෑම පිළිබඳව වාර්තාව සාකච්ඡා කළද, සියයට 7.5 ක අයවැය හිඟ ඇස්තමේන්තුව එහි බලපෑමට හේතු වන බවක් නොපෙනේ. වසංගතය නිසැකවම ආදායම හා වියදම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇති බැවින් අයවැය හිඟය නිසැකවම ඇස්තමේන්තුවට වඩා විශාල වනු ඇත. ශ්‍රී ලංකාවේ වර්තමාන සන්දර්භය තුළ – ඉතා ඉහළ ණය මට්ටමක්, ගෝලීය අවපාතයක් සහ වෙළඳපල අවිනිශ්චිතතාවයක් පවතියි. එය ඉතා අවිනිශ්චිත අර්බුදකාරී අවස්ථාවක දී ශ්‍රී ලංකාව ඉතා අස්ථිර ස්ථානයක තබයි.

රාජ්‍ය ණය

2019 දී ශ්‍රී ලංකාවේ ඉහළම ණය ගෙවීම සිදු විය. ව්‍යවස්ථාමය අර්බුදය සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර තිබියදීත්, මෙම ගෙවීම පියවා ගැනීමට සහ වෙළඳපල විශ්වාසය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. 2019 ජුනි මාසයේදී බෝම්බ පිපිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳපොළවලින් සියයට 7.5% ප්‍රතිශතය අනුව ණය ලබා ගැනීමට හැකි විය. මෙම රජයේ වගකීම් විරහිත බදු කප්පාදුවේ ප්‍රතිඵලයක් ලෙස – ණය සමාව ඉල්ලා හිඟමන ඉල්ලීම්වලට තුඩු දී ඇති අතර, ණය ආපසු ගෙවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති නොකැළල් වාර්තාවට සදහටම හානි කරනු ඇත. මෙම වසරේ ආපසු ගෙවීම් 2019 ට වඩා සියයට 20 කින් අඩු වුවද.රජයේ ණය සඳහා පොලී අනුපාත දැන් මාර්තු මාසයේදී සියයට 18 ඉක්මවා ඇත.

විනිවිදභාවය නොමැතිකම

රජයේ ණය ගැනීම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක තොරතුරු ඇතුළත් කිරීමට ද වාර්තාව අසමත් විය. උදාහරණයක් ලෙස, “චීන සංවර්ධන බැංකුව (සීඩීබී) සමඟ ඇති විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් 2018 ඇමරිකානු ඩොලර් මිලියන 1,000 දක්වා වඩාත් වාසිදායක ලෙස ඉහළ නංවා තිබේ.” කෙසේ වෙතත්, එය මෙම ණය සඳහා පොලී අනුපාතය හෙළි නොකරයි. තවත් උදාහරණයක් නම් 2020 ජනවාරි සහ පෙබරවාරි සඳහා ආදායම් ඇස්තමේන්තු බිඳවැටීම අනාවරණය කිරීමට අපොහොසත් වීමයි.

ඉදිරියට යන මාර්ගය

බදු කප්පාදු ආදායම් බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක ඇස්තමේන්තු රජය විසින් තවමත් රාජ්‍ය මූල්‍ය කාරක සභාවට ලබා දී නොමැත. පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව– 2020 මගින් රජයේ  ආර්ථිකය පිළිබඳ වාර්තාව සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබේ. මෙම වාර්තාව පරීක්ෂා කර විවාද කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාව තිබිය යුතුය. මෙම අස්ථිර අවස්ථාවේදී රටට අවශ්‍ය සහන ලබා දීම සඳහා නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුවට හැකි විය යුතුය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    ඔබේ වෛරය පසෙකට දමා COVID-19 වෙතින් ඔබේ ජීවිතය සහ අනෙක් අය බේරා ගැනීමට සැලකිලිමත් වන්න. … යුරෝපයේ සිටින අපගේ ජීවිතයේ මේ තීරණාත්මක මොහොතේදී මට ඔබට නිවැරදිව ලබා දිය හැකි පණිවිඩය මෙයයි. අද වන විට ශ්‍රී ලංකාවේ ජනයා අපයෝජන දේශපාලනික උපක්‍රමවලට හසු වී සිටිති. ගුවන්තොටුපළට පැමිණෙන සියලුම මගීන්ගේ පාලනයන් සමඟ පාලකයන් එය තදින් අල්ලාගෙන නොමැත. මාර්තු 9 වන දිනට පසුව ඔවුන් රටට පැමිණියද නිරෝධායනය නොකළ බව සනාථ කරන සමහර වෛද්‍යවරුන් අප සතුව ඇති නමුත් යුරෝපයේ තවත් වෘත්තිකයන් මාර්තු 6 වන දින මෙරටට පැමිණියේ සති 2 ක නිරෝධායනයකිනි. නිරෝධායන උපදෙස් සම්බන්ධයෙන් බලධාරීන් අපක්ෂපාතීව තම රාජකාරිය ඉටු කළේ නම්, අද වන විට කුමන ආකාරයේ විෂමතා වාර්තා වී තිබේද? පසුගිය සතියේ ඉන්දියාවේ සිට පැමිණි වන්දනාකරුවන්ගේ පළමු කණ්ඩායම නිරෝධායනය කර නොමැත. ඔවුන්ගෙන් සමහරක් වෛරසය ආසාදනය වී ඇත්නම්, මේ වන විට එය ආසාදනය වී සිය ගණනක් දක්වා පැතිර යා යුතුය. එබැවින් අද රජයේ බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංඛ්‍යා සැබෑ සැඟවුණු අංකවලට වඩා බෙහෙවින් අඩු ය. සමහරු තමන් ආපසු රටට පැමිණි තැන සිට තම අදහස් බෙදා ගැනීමට ඉදිරිපත් නොවෙති.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.