19 April, 2024

Blog

වසංගත ඉතිහාසයෙන් උගත් පාඩම් සහ අනාගතය වෙත අනතුරු හැඟවීමක්

මහාචාර්ය යුවාල් හරාරි –

මේ චීනයේ South China Morning Post පුවත්පත සඳහා ලින්ඩා ලියූ (Linda Lew) මාධ්‍යවේදිනිය විසින් මහාචාර්ය යුවාල් හරාරි සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය යි. මෙම සාකච්ඡාවේදී යුවාල් හරාරි මිනිසා විසින් ගොඩ නගන ලද ජීවතාක්ෂණික ප්‍ර​වික්ෂණ (Surveillance) මෙවලම් රාජ්‍ය පාලනය සහ ගෝලීය සහයෝගීතාව කෙරෙහි කොරෝනා වෛරසය සිදු කර ඇති අසම සම අභියෝග සාකච්ඡාවට බඳුන් කරයි. මහාචාර්ය යුවාල් හරාරි ප්‍ර​කට ග්‍ර​න්ථ කතුවරයෙකු මෙන්ම Sapiens: A Brief History of Mankind (2011) iy Home Deus: A Brief History of Tomorrow (2015)  නැමැති ග්‍ර​න්ථවල කතෘවරයා ය. මහාචාර්ය හරාරි ජෙරුසලමේ හිබ්රූ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වරයෙකි. අප්‍රේල් මස පළමුවන දින මෙම සම්මුඛ සාකච්ඡාව උක්ත පුවත්පතේ පළවිය.

මහාචාර්ය යුවාල් හරාරි

දුර්භික්ෂ, රෝග උවදුරු සහ යුද්ධ ධමනය කිරීමට මිනිසාට හැකි වී ඇතැයි ඔබ ‘හෝමෝ දෙයුස්’ කෘතියේ සඳහන් කරනවා. කොරෝනා වෛරසය ලෝක පරිමාණයෙන් ශීඝ‍්‍රව ව්‍යාප්ත වෙන තත්ත්වයක් තුළ මිනිසාට තවදුරටත් මෙවැනි ව්‍යසනයක් පාලනය කිරීමට හැකියාවක් ඇතැයි ඔබ සිතනවා ද ?

කලින් කල මතුවෙන නව වෛරස මගින් මිනිස් ප්‍ර​ජාව වෙත එල්ල කරන අභියෝග සහමුලින් පාලනය කිරීමට අපට හැකියාව ඇතැයි කියා මා කියන්නේ නැහැ. රෝග කාරක විශබීජ සත්වයින්ගෙන් මිනිසාට නිරන්තරයෙන් විසරණය වෙන බවත්, ඒවායේ ව්‍යාප්තිය මාරාන්තික බවත් අපට අමතක කරන්නට බැහැ. නමුත් මිනිසාට මෙකී වසංගත පාලනය කිරිමට හැකියාවක් තිබෙනව. මිලියන ගණනින් මිනිසුන් මියයාමත් එමගින් ආර්ථිකයට කරන බලපෑමත් පාලනය කිරීමට හැකියාවක් තිබෙනවා.

ඉතිහාසයේ විවිධ යුගවල මිනිසා වසංගත රෝග සමග කළ අරගලය සහ අප අද අත්විදින තත්ත්වය අපට සංසන්දනය කළ හැකියි. පූර්ව නුතන අවධියේදී මිනිසා වසංගත රෝග වලින් මිය යන විට මේ වසංගත පැතිරෙන්නේ කෙසේ ද? ඒවා ට අභියෝග කළ හැක්කේ කෙසේ දැයි මිනිසාට අදහසක් තිබුණේ නැහැ. ඔවුන් ඒ වෙනුවට කළේ එම වසංගතයට බැන වැදීම, කෝපාවිශ්ඨව දෙවියන්ට දෝශාරෝපණය කිරීම හෝ හදි හූනියමක් යැයි විශ්වාස කිරීමයි. මේ තත්ත්වයට මුහුණ දීමට ඔවුන් කළ දේ වන්නේ දෙවියන්ට යාඥා කිරීමට දේව මෙහෙය පැවත්වීමයි. මින් සිදුවූයේ තවදුරටත් රෝග කාරක විෂබීජ ජන කණ්ඩායම් අතර බහුල ලෙස පැතිර යාමයි. 14 වන ශතවර්ෂයේදි ‘කලූ මරණය’ විසින් යුරෝපයේ සහ ආසියාවේ ජනගහනයෙන් හතරෙන් එකක් පමණ බිලි ගත්තා. නමුත් මිනිසාට හැකි වුනේ නැහැ මෙයට හේතුව සොයා ගැනීමට. 16 වන ශතවර්ෂයේ දී ඇති වූ වසූරිය සහ වෙනත් වසංගත රෝග නිසා ඇමරිකාවේ ඇස්ටෙක්ස් මායා, සහ ඉන්කා වැනි ශිෂ්ඨාචාරයවල සියයට අනූවක් පමණ වන පිරිසක් මිය ගියා. එහෙත් කිසිවෙකු දැන සිටියේ නැහැ. ඇයි මෙපමණ ප්‍ර​මාණයක් මිනිසුන් මේ වසංගත වලින් මිය යන්නේ කියා.

කොරෝනා වෛරසය හඳුනා ගත් මුල් අවස්ථාවේ එම වෛරසයේ ව්‍යුහය සහ එය ශරීරගත වී ඇත්දැයි හඳුනා ගැනිමට අවශ්‍ය තාක්ෂණය සහ පරීක්ෂණ මොනවා ද යන්න නිර්ණය කරගැනීමට විද්‍යාඥයින් හට සති දෙකක පමණ කාලයක් ගත වුනා. විෂබීජ කාරක සමඟ වෛද්‍යවරු කරන සටනේදී පෙනී ගියේ විශබීජ කාරකය හැසිරෙන්නේ අන්ධ විකෘතියකින් බවයි. නමුත් දොස්තරවරු මේ සටනින් ජය ගන්නේ ඔවුන් තොරතුරු මත පදනම් වන නිසායි. කොරෝනා වසංගතය මැඩලීම සඳහා රටවල් අතර සහයෝගය වර්ධනය කළ යුතු අතර මේ කරුණට අදාළ තොරතුරු, විශේෂඥ සේවාව මෙන්ම තාක්ෂණික මෙවලම් ද එකිනෙකාට හුවමාරු කරගත හැකියි. ආර්ථික අවපාතය සමනය කරගැනීමට රටවල් පොදු සහයෝගීතාවයකින් කටයුතු කළ යුතුයි.

නමුත් එක් ප්‍ර​ධාන ගැටලූවක් තවමත් පවතිනවා. කොරෝනා වසංගතය මැඩලීමට අවශ්‍ය කරන ශක්තිය සහ දැනුම මිනිස් වර්ගයාට පැවතියත් ඒ සඳහා අවැසි අධිෂ්ඨනය හෝ ප්‍ර​ඥාව නිවැරදි ආකාරයට යොදා ගන්නේ ද යන්න ප්‍ර​ශ්නකාරීය. මා 2015 දී ‘හෝමෝ දෙයුස්’ යන මගේ කෘතිය රචනා කළ අතර එහි මෙසේ සඳහන් වෙනවා; ”ඉබෝලා හෝ හඳුනා නොගත් යම් උන වෛරසයක් මුළු ලෝකයේම පැතිරී ගොස් මොන යම් මොහොතක හෝ මිලියන ගණනක් ජනයා මරණය වැළඳ ගනී දැයි අපට කිව නොහැකියි. නමුත් එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා වගකිවයුතු ප්‍ර​ධානීන් ප්‍ර​ශ්න කිරීමටත් ලක් කළ යුතුයි. වසංගතයකින් ගැලවීමට අවශ්‍ය ඥාණය දැනටමත් මිනිසා සතුව පවතී. නමුත් මෙවැනි ව්‍යසනකාරි වසංගතයක් අපගේ පාලනයකින් තොරව අයාලේ වර්ධනය වන්නේ නම් එහි වරද මිනිසා ගේ නොහැකියාවයි. එසේ නොමැතිව දෙවියන්ගේ කෝපවීමක් නිසා සිදුවන්නක් නොවේ.”

මා සිතන්නේ, වසර කිහිපයකට මත්තෙන් මා ප්‍ර​කාශ කළ දේ තවමත් වලංගු බවයි. මේ මොහොතේ අප දකිමින් සිටින්නේ ස්වභාවධර්මයේ විපර්යාසයක් නිසා හටගත් ව්‍යසනයක් නොවේ. මෙය මිනිසාගේ අසමත් භාවයේ ප්‍ර​කාශනයක්. වගකිම් විරහිතව කි‍්‍රයා කරන රාජ්‍ය නායකයින් තමන්ගේ රටවල සෞඛ්‍ය සේවය පිළිබඳව පවතින අඩු සැලකිල්ල, කලට වේලාවට කි‍්‍රයාත්මක නොවිමේ අඩුපාඩු, සහ ජාත්‍යන්තර මට්ටමෙන් සකි‍්‍රයව සහ සාර්ථකව සහයෝගීතාවන් පවත්වා ගැනීමට අපොහොසත් වීම මේ කෙරෙහි තදින් බලපා ඇති බව මගේ අදහසයි. අපට මෙය වලක්වා ගැනිමට අවශ්‍ය ශක්තිය තිබෙනවා. නමුත් අපට නැත්තේ ඒ සඳහා අවැසි සබුද්ධිකත්වයයි, ප්‍ර​ඥාවයි.

රට අභ්‍යන්තරයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහමුලින්ම සීමා කිරීමට හැකියාව ලැබි ඇතැයි කොරෝනා වෛරසය සාර්ථකව මර්ධනය කරන චීන බලධාරීන් ලෝකයට ප්‍රකාශන සෙයක් පේනවා. බටහිර ප්‍ර​ජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන්ට වඩා අධිකාරිවාදි රාජ්‍යයන් මෙවැනි ව්‍යසනයක දි සාර්ථකව මුහුණ දෙනවා යැයි ඔබ විශ්වාස කරනවා ද?

ඇත්තෙන්ම නැහැ. මෙවැනි සංකීර්ණ මොහොතකදී මෝඩ, තැතිගත් ප්‍ර​ජාවක් පාලනය කිරීමට වඩා ස්ව්‍යං අවබෝධයක් ඇති, ශික්ෂිත ප්‍ර​ජාවක් සමඟ ගනුදෙනු කිරීම වඩා පහසු යැයි මා සිතනවා. මිනිසුන් ගේ ස්නානාගාරවල කැමරා සවිකොට පොලිස් ආරක්ෂාව යොදා, මිලියන ගණනක් ජනතාවගේ අත් සේදීමේ කි‍්‍රයාවලිය නිරීක්ෂණය කිරීමකට රජයකට කළහැකි යැයි ඔබ සිතනවා ද? එය කළ නොහැක්කක්. නමුත් ඔබට හැකි නම් ප්‍ර​ජාව හොඳින් දැනුවත් කරන්න, එමෙන්ම ඔබ ලබා දෙන තොරතුරු එම ප්‍ර​ජාව විශ්වාස කරන්නේ නම් කිසිවෙකුගේ බලකිරීමකින් හෝ මැදිහත්විමකින් තොරව ඔවුන්ට ඒ කාර්යය කිරීමට ඉඩප්‍ර​ස්ථාව ඔවුන් විසින් ම උදාකරගන්නවා.

බැක්ටීරියා සහ වයිරස් මගින් රෝගාබාධ ඇතිවන බව මා ඉගෙන ගත්තේ පාසලේ දී. ඒනිසාම මේ දැනුම මා විශ්වාස කරනවා. ඒ නිසා මා කිසිවෙකු ගේ මැදිහත්වීමකින් තොරව මගේ දෙඅත් පිරිසිදුව තබාගන්නට උත්සුක වෙනවා. අනෙනක් ප්‍ර​ජාව ද එසේම යි.

නමුත් ගැටලූව වන්නේ පසුගිය කාල වකවානුව තුළ දී මහජන ආයතන පිළිබඳව, විද්‍යාව සහ ජන මාධ්‍ය පිළිබඳව ප්‍ර​ජාව තුළ තිබුණු විශ්වාසය, ජනපි‍්‍රය දේශපාලනයේ නියුතු දේශපාලනඥයින් විසින් විනාශ කර දැමුවා. ඒ නිසා විශ්වාසය බිඳුණු ජනතාව කළ යුත්තේ කුමක්ද කියා නොදැන අතරමන් වී සිටිනවා. විසඳුම වන්නේ මිනිසා පෙළන අධිකාරීවාදී රාජ්‍ය තන්ත‍්‍රයන් තවදුරටත් ස්ථාපිත කිරීම නොවේ. අභියෝගය වන්නේ නැවත වරක් විද්‍යාව, මහජන ආයතන, සහ ජනමාධ්‍ය කෙරෙහි මිනිසාගේ විශ්වාසය ගොඩගැනීමයි. මෙවැනි විශ්වාසයක් ගොඩ නැගුණු විට නීති රීති මගින් හෝ නිරන්තර බුද්ධි තොරතුරු රැස් කරමින් මිනිසුන් ගේ චර්යාවන් නිරීක්ෂණය කරනවා වෙනුවට මිනිසුන් ස්වභාවයෙන්ම නිවැරදි දේ කිරීමට පෙළඹෙන අයුරු දැක ගන්නට පුළුවන්.

කොරෝනා වසංගත මර්ධනය කිරීමේ දි චීන රජය ජනතාවගේ චර්යා නිරීක්ෂණය කිරීමටත් සෞඛ්‍ය දත්ත සහ තොරතුරු රැස් කිරීමටත් ජංගම දුරකථන භාවිතා කළ බව අපි දුටුවා. මෙවැනි තත්ත්වයක් තුළ ගෝලිය ජීව දත්ත රැුස් කරනා ප්‍ර​වනතාවක් දක්වා ගමන් කළහොත් ඒ පිළිබඳව ඔබ සිතන්නේ කෙසේද?

ඔව්. මෙය එක්තරා තර්ජනයක් තමයි. කොරෝනා වෛරස් වසංගතය එක්තරා ආකාරයකට මහජන ප්‍ර​වික්ෂණය පිළිබඳ හැරවුම් ලක්ෂයක් බට පත් වෙනවා. මෙතෙක් කලක් මහජනයාගේ චර්යාවන් නිරීක්ෂණය කිරීම සඳහා රජයන් විසින් යෝජිත මහජන ප්‍ර​වික්ෂණ මෙවලම් නව තත්තවය යටතේ සාධාරණිකරණය වීමක් සිද්ධවී ඇති බව පේනවා. දෙවනි කරුණ වන්නේ මෙකී මහජන ප්‍ර​වික්ෂණය මෙතෙක් පැවති බාහිර ශරීරය ප්‍ර​විෂණය කරනවාට අමතරව එය මිනිස් ශරීරයේ අභ්‍යන්තරයට ද කිදා බැසීමට සමත්ව තිබෙනවා. පෙර පැවති තත්ත්වය නම් ඔබ යන්නේ කොහේ ද, ඔබ කරන්නේ කුමක් ද යන්න රාජ්‍ය යාන්ත‍්‍රණය නිරීක්ෂණය කිරිමයි. නමුත් දැන් ඔවුන් ඔබගේ ශරීර සෞඛ්‍යය, ශරීර උෂ්ණත්වය, ඔබගේ රුධිර පීඩනයේ තොරතුරු ගබඩා කරගන්නට සමත්ව තිබෙනවා. මෙවැනි ජිව දත්ත තොරතුරු වලින් රාජ්‍යයකට ඔබ පිළිබඳව විශ්වාස කළ නොහැකි මට්ටමේ තොරතුරු සමුදායක් ප්‍ර​කාශ කිරීමට හැකියාව ලැබෙනවා.

ඉදිරි වසර දහය ඇතුලත දී යම් ඒකාධිපති රජයක් ඔබට නියෝග කළහොත් ජීව දත්ත රැස් කර ගැනීම සඳහා පැය 24 පුරාම ඔබ විසින් අත් පළදනාවක් පැළදිය යුතු යැයි කියා තත්ත්වය කෙබඳු විය හැකිද? මිනිසා අද දවසේ අත්කරගෙන තිබෙන තාක්ෂණික දියුණුව හා සම කොට බලන විට, ඉතිහාසයේ පළමු වතාවට එවැනි රජයකට, තම ජනතාව මේ මොහොතේ අත් විඳිමින් සිටින්නේ කුමක් ද? ඔවුන්ගේ හැඟීම් සහ දැනීම් පිළිබඳ තොරතුරු ඉතා නිරවද්‍ය ආකාරයට ප්‍ර​කාශ කිරීමට හැකියාව ලැබෙනු ඇත. උදාහරණයක් ලෙස ඔබ යම් දේශපාලන නායකයෙකු ගේ කතාවක් රූපවාහිනියෙන් නරඹමින් සිටිනවා යැයි සිතමු. මේ අවස්ථාවේ දී, ඔබගේ ශරීරයේ සවිකොට ඇති ජීව දත්ත උපකරණයෙන් ඔබගේ රුධිර පීඩනය, රුධිර උෂ්ණත්වය, ඔබගේ මොළයේ හැගීම් පාලනය කෙරෙන කොටස එනම් ‘අමිග්දලය’ උත්තේජනය වන බව ඔබගේ උපකරණය විසින් තොරතුරු සන්නිවේදනය කෙරෙනු ඇත. ඒ නිසා ඒ මොහොතේම රෙජිමයට ඔබ පිළිබඳ කරුණු එක් රැස් කර ගැනීමට සහ කි‍්‍රයාත්මක වීමට අවස්ථාවක් උදා වනු ඇත.

අනාගතයේ දිනෙක රජයක් පීඩනකාමී රාජ්‍ය තන්ත‍්‍රයක චර්යාව ප්‍ර​කට කරයි ද එවිට එම දිස්ටෝපියානු තත්ත්වය පිළිබඳ රජය කියනු ඇත්තේ කොවිඞ් 19 මර්ධනය කිරීමට ගත් කි‍්‍රයාමාර්ග කිසිලෙසකින්වත් එම පීඩන කොන්දේසිවලට බල නොපාන බවයි. ඔවුන් තව දුරටත් කියනු ඇත්තේ ගනු ලැබූ ආරක්ෂණ සහ නිරීක්ෂණ පිළිවෙත් තාවකාලික ලෙස මිනිසාගේ චරියාවන් අධ්‍යයනයට භාවිත කළ ඒවා පමණක් බවයි. නමුත් ගැටලූව වන්නේ මෙවැනි තාවකාලිකව ගනු ලබන බොහොමයක් පීඩන යාන්ත‍්‍රණයන් නැවත නැවතත් කරලියට පැමිණීමේ තර්ජනයක් පැවතීමයි. ඔවුන් කියනු ඇත්තේ නැවත වරක් කොරෝනා වැනි ආසාදනයක් හෝ ඉබෝලා වන්නි වසංගතයක් පැමිණියහොත් එයට මුහුණ දීම සඳහා තවදුරටත් මෙකී ජීව තාක්ෂණික ප්‍ර​වික්ෂණයන් බල පැවැත්විය යුතු බවයි. යටත් පිරිසෙයින් සීත කාලෙට මතුවන උණ රෝග වැලක්වීම සඳහා වුව ද මේ තාක්ෂණය භාවිතා කිරීම අවශ්‍ය වන බව ඔවුන් තර්ක කරනු ඇත.

පසුගිය කාල වකවානුව දෙස බලන විට පෙනී යන්නේ මිනිසා ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීම් සඳහා රාජ්‍යයන් බලවත් උත්සහයක් දරන බවයි. පුද්ගලකත්වය සහ සෞඛ්‍ය යන කරුණු ද්වයය අප ඉදිරියට පමුණුවන විට අප නිතැතින්ම තෝරා ගන්නේ සෞඛ්‍යයයි. නමුත් ප්‍ර​ශ්නයේ මූලය තිබෙන්නේ ද මෙහියි. මෙය ව්‍යාජ සහසම්බන්ධ ප්‍ර​තිපක්ෂයක්. මිනිසාට තම පුද්ගලිකත්වය මෙන්ම සෞඛ්‍ය ද ඉතා වැදගත් කරුණු වේ. ඒ නිසා අපගේ සෞඛ්‍ය රැක ගැනීමේ කි‍්‍රයාමාර්ග වලට අමතරව ඒකාධිපති රජයන් විසින් යෝජනා කරනන ජිව තාක්ෂණ ප්‍ර​වික්ෂණයන්ගෙන් තොරව අපට කොරෝනා මර්ධනය කිරීමට හැකියාවක් තිබේ. එය කළ හැක්කේ මහජනයා අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීමයි. අප මතක තබා ගත යුත්තේ මිනිසා විද්‍යාවෙන් සන්නද්ධ වූ විට, මහජන ආයතන සත්‍ය හෙළි කරන බවට විශ්වාසය ගොඩ නැගුණු විට, මිනිසා නිවැරදි දේ තෝරාගැනීමට පෙළඹෙන බවයි.

චීනයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී කාලයක් ගත වී තිබුනත් යුරෝපයේ සහ ඇමරිකාවේ නිලධාරීන් ගත යුතුව තිබුණු ආරක්ෂණ පිළිවෙත් කලට වේලාවට නොගැනීමේ නිද්‍රාශිලීත්වය ඔබ දකින්නේ කෙසේ ද? අප මෙයින් උගත යුතු පාඩම කුමක් ද?

අප උගත යුතු විශාලම පාඩම වන්නේ අප සියල්ලෝම මෙහි කොටස් කරුවන් වන බවයි. මෙය චීන අර්බුදයක් හෝ ඉතාලියානු අර්බුදයක් හෝ නොවේ; මෙය ගෝලිය අර්බුදයක්. මේ මොහොතේ අප සියල්ලෝම භයන්කාරත්වය අත් විඳිමින් සිටිනවා. වෛරසයේ දෘෂ්ටිකෝණයෙන් බලන විට අප සියල්ලෝම එහි වින්දිතයෝ. මිනිසාගේ දෘෂ්ටියෙන් බැලූවද, එක රටක එහි ව්‍යාප්තිය ගෙන බැලූවද අපට පෙනෙන්නේ ඉන් අපේ ජීවිත අනතුරට පත් කර තිබන බවයි. එනිසයි අපට මේ අනතුර පරාජය කිරීම සඳහා ලෝක ව්‍යාප්ත සටනක් අවශ්‍ය වන්නේය.

මේ වසංගතය විසින් ගෝලීයකරණය පිළිබඳ නව අර්ථ සොයා යාමට රාජ්‍ය නායකයින්ට බල කරනවා නේද? උදාහරණයක් ලෙස නව දේශ සීමා, වෙළඳ සහ සංස්කෘතික ක්ෂේත‍්‍රයේ නව සීමා ඉදිරි කාලයේ දී මතු වනු ඇති නේ ද?

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නිසා සමහරක් පුද්ගලයින් ගෝලීයකරණයට චෝදනා එල්ල කරන බවක් පේනවා. ලෝකය නිර්-ගෝලියකරණය කළ යුතු බවයි තව කොටසකගේ යෝජනාව. නමුත් මෙය විශාල අත්වැරැද්දක්. වසංගත, ලෝකයේ ව්‍යාප්ත වුනේ ගෝලීයකරණය එන්නට සතවර්ෂ ගණනාවකට කලින්. මධ්‍යකාලීන යුගයේ දී පැතිරුණු වසංගත ඉතා ශීග‍්‍රයෙන් ගම්දනව් කරා විසරණය වූ අතර තවත් අවස්ථාවක දී එයට හැකියාව ලැබුණේ කුඩා නගර සහ ගම් ආසාධනය කිරීමට පමණයි. නමුත් මිනිසා අත්දුටු ‘කළු මරණය’ වැනි ව්‍යසනයක් අප අද අත් දකින වසංගතයට වඩා කිහිප ගුණයකින් මාරාන්තිකයි. ඔබට වසංගතයකින් සම්පූර්ණයෙන්ම මිඳී සිටින්නට නම් ඔබ නැවත ගල් යුගයට ගමන් කළ යුතුයි. ගල් යුගයේ දී තමයි මිනිසා අවසන් වරට වසංගත වලින් වැලකී සිටි සමය. මන්ද එවකට මිනිසා ජීවත් වුනේ කුඩා කණ්ඩායම් වශයෙන් වන අතර ඔවුන් අතර සම්බන්ධතා පැවතියේ ඉතා අල්ප වශයෙන්.

කොරෝනා වෛරසය සඳහා නියම පිළියම වන්නේ ‘තනිවී සිටීම’ නොව ‘සහයෝගීතාව’ සහ නිවැරදි ‘තොරතුරු’ සංසරණයයි. මිනිසාට ඇති එක විශේෂ වාසියක් වන්නේ ඔවුනට සහයෝගයෙන් වැඩ කිරීමට ඇති හැකියාව යි. ඇමරිකාවේ හෝ චීනයේ කොරෝනා වැළඳුනේ කෙසේ ද යන්න සොයා බලනවාට වඩා චීනයට හැකියාව තිබිය යුතුයි කොරෝනා වෛරසය සමඟ සිදු කළ අරගලය පිළිබඳ අත්දැකීම් ඇමරිකාව සමඟ බෙදා ගැනීමට. එපමණක් නොවේ. චීනයේ විශේෂඥයින් සහ උපකරණ ඇමරිකාවට යැවීමට ඔවුනට හැකියි. වෛරසයකට මෙය කරන්නට බැහැ.

නමුත් අවාසනාවකට නායකත්වයේ අර්බුද හේතුවෙන් අප සතු සහයෝගීතාවයේ ශක්‍යතා අප නිවැරදිව යොදා ගන්නා බවක් පෙනෙන්නට නැහැ. පසුගිය වසර ගණනාව තුළ අප දකින්නේ ලෝකයේ විවිධ කලාපවල වෙසෙන වගකීම් විරහිත දේශපාලනඥයින් විසින් අන්තර්ජාතික සහයෝගීතාවයේ ශක්‍යතාව අවතක්සේරු කර ඇති බවයි. ඒ නිසා අප අද ඒ සඳහා වන්දි ගෙවමින් සිටිනවා. මුහුකුරා ගිය වැඩිහිටියෙක් පේනතෙක් මානයක නැහැ.

කෙසේ වෙතත් අනාගතයේදීවත් ලෝක නායකින්ගේ සාමූහික අවධානය පහත කරුණු කෙරෙහි යොමුවේ යැයි අප බලාපොරොත්තු වෙනවා;

1. පිළිගත හැකි තත්‍ය තොරතුරු හුවමාරුව. දැනටමත් වසංගත තත්ත්වයන් අත් දැක ඇති රටවලින් අනෙකුත් රටවල් පාඩම් ඉගෙන ගැනීම. දැනට තිබෙන අත්දැකීම් සහ තොරතුරු ශීඝ‍්‍රයෙන් රටවල් අතර හුවමාරු කර ගැනීම සහ වෛද්‍ය උපකරණ මෙන්ම එන්නත් හුවමාරු කර ගැනීම.

2. පරීක්ෂණ උපකරණ, වෛද්‍ය උපකරණ සහ ආරක්ෂණ ඇඳුම් කට්ටල වැනි දේ සාමූහිකව නිපදවා සාධාරණ පදනමකින් බෙදා හැරීම. මෙහිදී වඩාත් අසීරු අවස්ථාවන්ට මුහුණ දෙන රටවල් තෝරාගෙන ඒවා සදහා සම්පත් බෙදාහැරීම අත්‍යවශ්‍යය.

3. කොරෝනා වෛරසයෙන් ආසාධනය නොවූ රටවල වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් විශේෂඥයින්ගේ සේවාව ගැටළුවලට මැදි වි ඇති රටවල ට ලබා දීම. එමගින් එම රටවල විශේෂඥයින්ට කරුණු අධ්‍යයන කිරීමට මඟ පෑදිම. වසංගතයේ කේන්ද්‍රය කෙමෙන් කෙමෙන් විතැන් වෙත තත්ත්වයක් තුළ සෑම රටකටම මෙහි අනතුර ඇති බැවින් තම තමන්ගේ රටවල වෛද්‍යවරුන් සහ අනෙකුත් සේවකයින් හුවමාරු කරගැනීම සඳහා සැලසුම් සකස් කිරීම.

4. දරුණු ලෙස වසංගතයට මුහුණ පෑ රටවල්වල ආර්ථිකය මේ වන විට ද ඉතා සෝචනීය ලෙස පහත වැටී ඇති බැවින් ආර්ථිකය ගොඩ ගැනීම සඳහා සාමූහික ආරක්ෂණ ජාලයක් දියත් කිරීම. ඇමරිකාව, ජපානය හෝ ජර්මනියට මෙය එතරම් සංකීර්ණ ගැටලූවක් නොවනු ඇතත් අපි‍්‍රකාව, ලතින් ඇමරිකාව හෝ මධ්‍යම ආසියානු රටවලට මේ උපකාරය අවැසි වනු ඇත. ඔවුන් ආරක්ෂා කරගැනීමට වැඩ පිළිවෙලක් නොමැති වුවහොත් ආර්ථික අවපාතයට එම රටවල් නතු වීම වැලක්විය නොහැකි වනු ඇත.

5. මේ මොහොතේ අත්‍යවශ්‍ය මිනිස් සංචරණ පමණක් සලකා බැලිය හැකි ක‍්‍රමවේදයක් ගොඩ නැගීම සහ එමගින් එම අත්‍යවශ්‍ය සංචරණ සඳහා ඉඩකඩ සලසා දීම.

*පරිවර්තනය – සෞම්‍ය ලියනගේ. මෙම ලිපිය සැකසීමේ දී සිංහල යතුරු ලියන කටයුතු සිදු කළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ යශෝධා ගමගේ මෙනවියට පරිවර්තකගේ ස්තූතිය පිරිනැමේ.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    correction… South China Morning Post (SCMP) is Hong Kong’s oldest English Language newspaper and its confusing to say its China’s though its recently acquired by a consortium controlled by Jack Ma of Alibaba. But they still have so much editorial independence.

    • 1
      0

      යුරෝපයේ ජීවත්වන උගත් සිංහලයන් වන අපි කිසි විටෙකත් ජාතිවාදය හා අන්තවාදය ප්‍රවර්ධනය කරන කිසිදු විෂම යාන්ත්‍රණයක කොටසක් නොවනු ඇත. අප මෙහිදී මතු කළ යුතු ප්‍රශ්නය අපේ ජාතිය නොව අප සියල්ලන්ම එක හා සමාන නම්? ඔබ කුමන ජාතියක්, ආගමක් හෝ වෙනත් බැනර් හෝ ස්ටිකර් රැගෙන ගියත්, COVID 19 ඔබට පහර දෙනු ඇත. හෝමෝ සේපියන්වරුන් සියල්ලන්ම එක හා සමාන බව අද වන විට ඔප්පු වී ඇත. ශ්‍රී ලංකා පොලිසිය නිරන්තරයෙන් හෙළි කරන පරිදි ඇඳිරි නීතිය උල්ලං tors නය කරන්නන්ගේ සංඛ්‍යාව ඉක්මවා ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ඔවුන්ගේ ප්‍රජාව විසින් 90% සිංහල. නමුත් සමහර සමාජ මාධ්‍ය මුස්ලිම්වරුන්ට පහර දීම කිසිසේත් පිළිගත නොහැකිය. මුස්ලිම් ජ්‍යෙෂ් senior ඇමතිවරයකු දන්නා හඳුනන ආදාහනයකින් පසු ප්‍රකෝප කිරීම් ඉදිරිපත් කිරීම සුදුසු නැතැයි මම සිතමි. නමුත් එය එක් සිදුවීමක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුව මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳව බොහෝ මුස්ලිම් ශ්‍රී ලංකාවෝ එකඟ වෙති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් වලට ගරු කිරීම හැර වෙනත් සියලුම සිංහල, මුස්ලිම් හෝ දෙමළ හෝ වෙනත් අයට ව්‍යතිරේකයක් නොමැත. මෙම තත්වය සැලකිල්ලට ගනිමින්, සමහර ජාතිවාදීන් විෂම අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ වර්ගවාදය වැපිරීමට සෑම උත්සාහයක්ම දරති. ඕනෑම ආකාරයක කුරිරු හා නපුරු කුහකකම් නීතිය හා සාමය විසින් තලා දැමිය යුතුය, එසේ නොවුවහොත්, මේ රටේ වඩා හොඳ පශ්චාත්-කොවිඩ් -19 අනාගතයක් නොතිබෙනු ඇත, නමුත් එය ජාතිවාදය මත පදනම් වූ වෙනත් විවිධ බෙදීම් මත පදනම් වනු ඇත.

      • 1
        0

        මනුෂ්‍යයෙක් මිය යමින් සිටින අවස්ථාවක, ඔහු හෝ ඇය සැනසීමට පූජකවරයෙකුට ඔහු හෝ ඇය ළඟට යන්න බැරිවේවි කියලා කවුද හිතුවේ?”

        “කවුද හිතුවේ මහජනයා වෙනුවෙන් අවමඟුල් මෙහෙයක් කරන්න අපට බැරිවේවි කියල?”

        මරණයක් නිසා ශෝකයට පත් ජනයා එහා කෙළවරක සිට දුරකතනයක් ඔස්සේ සැනසීම පහසු නොවන බව පූජකවරයා පවසයි.

        ”දැඩි සත්කාර වාට්ටුවක ඉන්න රෝගියෙකුට දුරකතනයෙන් කතා කරලා සනසන්න මම කවදාවත් උත්සහ කරලා තිබුණේ නැහැ. අද එකත් කරන්න සිද්ධ වෙලා,” බ්‍රයන් පූජකවරයා සඳහන් කළේය.

        ”කොරෝනාවෛරසය මිනිස් ජීවිතයක අන්තිම පැයේදී පැවැත්වෙන සම්බන්ධතාවත් මහජනයාගෙන් පැහැර ගත්තා. තමන් ආදරය කරන මනුෂ්‍යයෙකුගේ ජීවිතයේ අන්තිම මොහොතේ ඔහු හෝ ඇය ළඟට ගිහින් බලන්න – ස්පර්ශ කරන්න – කතා කරන්න තිබුණ අවස්ථාව පැහැර ගත්තා.”

    • 1
      0

      මිනිසාගේ අරගලය ඉතිහාසයේ විවිධ යුගවල වසංගතය හා අද අප අත්විඳින දේ සමඟ සැසඳිය හැකිය. පූර්ව නූතන යුගයේ මිනිසුන් වසංගතයෙන් මිය යන විට මෙම වසංගත පැතිරෙන්නේ කෙසේද? ඔවුන්ට අභියෝග කරන්නේ කෙසේදැයි මිනිසුන්ට අවබෝධයක් නොතිබුණි. ඒ වෙනුවට, ඔවුන් වසංගතයට දොස් පැවරුවා, කෝපයට දෙවියන් වහන්සේට දොස් පැවරුවා හෝ එය ප්‍රෝඩාවක් යැයි විශ්වාස කළා. මෙම තත්වය තුළ ඔවුන් කළේ දෙවියන් වහන්සේට යාච් prayer ාවෙන් ස්වාමින්ව මෙහෙයවීමයි. මෙයට හේතුව රෝග කාරක විෂබීජ පැතිරීමයි. 14 වන ශතවර්ෂයේදී කළු මරණය යුරෝපයේ හා ආසියාවේ ජනගහනයෙන් හතරෙන් එකක් පමණ මරා දැමීය. නමුත් මිනිසාට හේතුව සොයාගත නොහැකි විය. 16 වන ශතවර්ෂයේදී වසූරිය සහ වෙනත් වසංගත නිසා ඇස්ටෙක් සහ ඉන්කා වැනි ඇමරිකානු ශිෂ් izations ාචාරවලින් සියයට 90 ක් පමණ මිය ගියහ. නමුත් කිසිවෙකු දැන සිටියේ නැත. මෙම වසංගතවලින් බොහෝ දෙනෙක් මිය යන්නේ ඇයි? අද ඔබ නිදිබර ගතියෙන් පෙළෙන නමුත් ඔබ පිළිගැනීමට ප්‍රමාදයි. එබැවින් ජනතාවගේ තොරතුරු ඔවුන්ගේ ජීවන රටාව අනුව යම් කලකට පෙර මිශ්‍ර වේ. ජ්යෝති gy ශාස්ත්රය හා වෙනත් විවිධ මිථ්යාවන් පසුකර යන අයට එය පහසුවෙන් වටහා ගත නොහැකිය. ඔවුන් සිටින්නේ ඔවුන්ගේ විශ්වාසයන් සහ මාධ්‍ය විසින් සපයනු ලබන තොරතුරු අතර ය. සංවර්ධිත ලෝකය, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා ඔවුන් තම ජනතාව පෝෂණය කරන ආකාරය ආචාරධර්ම සංග්‍රහය සමඟ බෙහෙවින් සම්බන්ධ වී ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල් එය ඔවුන්ගේ වාණිජමය වාසි සමඟ මිශ්‍ර කර ඇත. පසු කාලීනව පිළිකා වැනි තත්වයන් දක්වා වර්ධනය වී ඇති අතර එමඟින් නරඹන්නන් පහසුවෙන් නොමඟ යවනු ලැබේ. අද, රූපවාහිනී ප්‍රවෘත්ති හරහා ඔවුන්ව දැනුවත් කරන බොහෝ දේ. එහෙත්, රූපවාහිනී ප්‍රවෘත්ති නපුරු සිහිනයක් බවට පත්ව ඇත. පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති ඔවුන්ගේ සිරස්තල බවට පත්වන අතර එමඟින් පහසු ඉලක්ක නොමඟ යැවීමට බල කෙරෙයි. මෙය විශේෂ expert යාගේ විශ්ලේෂණයට අනුව දරුණු දේශපාලන යටහත් පහත්කම සහ මාධ්‍ය හිමිකරු අතර සහජීවනයක ප්‍රති result ලයකි.

    • 1
      0

      ව්‍යාජ ප්‍රවෘත්ති සඳහා රාජධානිය මේ රටයි. අසභ්‍ය මාධ්‍ය හරහා දේශපාලන politicians යන් ඡන්ද ලබාගෙන තිබේ. ඒ ආකාරයෙන් ඔවුන් නැවත බලයට පැමිණ ඇත. දැන් ඔවුන්ගේ අපරාධ දේශපාලනය මේ රට පාලනය කරයි. හිරු ටීවී සහ ඩෙරානා ටීවී වෙතින් මාධ්‍ය ලෝකයේ සත්‍යතාවයක් නොමැත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ නමුත් ඔහුගේ තත්වය ස්ථාවර බව වාර්තා වේ. නමුත් අග්‍රාමාත්‍යවරයාගේ සෞඛ්‍යය නරක අතට හැරෙන බව හිරූ රූපවාහිනී විකාශය කරයි. ඔයාට හිතාගන්න පුලුවන්ද ?

    • 1
      0

      අපේ රට අද පුදුම රටක්. පාලක දේශපාලන politicians යන් මේ දිනවල බෙදා හරින ආහාර සලාකවල තම පක්ෂ සංකේත පින්තාරු කරති.
      :
      ත්‍රි රාජපක්ෂයන්ට පක්ෂව පින්තූරය පින්තාරු කිරීම සඳහා බදු ගෙවන්නන්ගේ අරමුදල් අපයෝජනයට ලක් වේ.
      .
      2015 වන විට වරක්. රාජ්‍ය අරමුදල්වල ඉහළ දූෂණය සම්බන්ධයෙන් අමතර සැතපුමක් ගිය ඔවුන් පරාජයට පත් විය. නමුත් එකම පුද්ගලයින් සහ ඔවුන්ගේ මතකය නැතිවීම නිසා ඔවුන් නැවත කොල්ලකෑමට ලක් විය.

      මේ දෙදෙනාම (ජාතිය සහ බැලිගෙපුතා රාජක්ෂේ) නිර්ලජ්ජිත ලෙස උපත ලැබූ මෝඩයන්ද?

    • 2
      0

      අද නිව්යෝර්කර් ඔවුන්ගේ ජනාධිපතිවරයාට පහර දෙන්නේ මීට පෙර කළ යුතු දේ නොකළ බවය. අපේ ජනාධිපතිට සහ ඔහුගේ අතිශය අපරාධ සහෝදර මහින්දට ද එය අදාළ විය හැකිය. ඔවුන් අද කරමින් සිටි දෙය බොහෝ කලක් තිස්සේ කළ යුතුව තිබුණි … එවිට අපට වෛරසය පාලනය කර ගත හැකිව තිබුණි. දූපත් ජාතියක් වශයෙන් අපට ඇති ලොකුම වාසිය නම්, මාර්තු මුල වන විට කිසියම් පැමිණීමක් සඳහා රජය ගුවන් තොටුපල වසා දැමුවේ නම්, බීඅයිඒ හැර වෙනත් ප්‍රධාන ගුවන් තොටුපලක් අප සතුව නොමැති වීමයි. වියට්නාමය එය කළ අතර අද වන විට මිලියන 100 ක ජාතියක් COVID-19 ලෙස එක මරණයක්වත් ප්‍රකාශ කර නැත. ඔවුන් අපට වඩා දුප්පත් වුවත් නේපාලයේ තත්වය ද එසේමය.

    • 1
      0

      කොරෝනා අර්බුදය අද අපේ මව්බිමෙහි දුප්පතුන් කොපමණ සංඛ්‍යාවක් සැබෑ දුප්පතුන් ද යන්න සනාථ කිරීමට සමත් වී තිබේ. ලෝක මූල්‍ය අරමුදල සනාථ කිරීම සඳහා, ඔවුන් රාජ්‍යයේ සැබෑ දරිද්‍රතා මට්ටම් පිළිබඳව ව්‍යාජ සංඛ්‍යා සම්මත කර ඇත. දැන් මේ සියල්ල හෙළි වේ. අද වන විට, ඉතිරිව ඇති තෙල් මිල ලෝක වෙළඳපොලේ 50% කින් අඩුය. සෑම මිනිත්තුවකම එය විධිමත් ලෙස වෙනස් කිරීම නිසා, අපි යුරෝපයේ ජීවත්වන අතර සහන භුක්ති විඳින්නෙමු. නමුත් ශ්‍රීලංකාවේ තත්වය එසේ නොවේ. මෙයින් අදහස් කරන්නේ ඕනෑම රටක් තෙල් මිලදී ගැනීමේදී 50% ක් ඉතිරි කර ගත හැකි බවයි. රාජ්‍යයන් මෙම සහනය මහජනයාට ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට අවම වශයෙන් ජාතියට ආහාර සලාක ලබා දිය හැකිය. එවකට සුනාමි අරමුදල් මුහුණ දුන් ඉරණම කොරෝනා අර්බුදයෙන් මේ දිනවල රජයට ලැබෙන අරමුදල් සහ සහනවලට සමාන වනු ඇතැයි අපේක්ෂා නොකරමු. අපි අපේ ජනතාවට සුබ පතමු. කුරිරු හා ආක්‍රමණශීලී දේශපාලන politicians යින්ට ප්‍ර wisdom ාවෙන් ආශීර්වාද ලැබේවා

    • 1
      0

      සාමාන්‍ය ජනගහනය අතර වැඩි දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් COVID 19 රෝග වේගයෙන් පැතිරීම වළක්වා ගත හැකිය. වැළැක්වීම ගැන තවත් බොහෝ දේ සාකච්ඡා කිරීම සෑම කෙනෙකුටම උපකාරී වේ. මෙය අපට එකිනෙකා සමඟ කළ හැකිය. නූගත් අය හා අවදානමට ලක් වූවන් දැනුවත් කිරීම අපගේ යුතුකම විය යුතුය. එය අවබෝධ කර ගැනීම වෙනුවට බොහෝ ශ්‍රී ලංකාවන් එය දෙස බලන්නේ එය සංවර්ධිත ජාතීන්ට වැඩි ද ished ුවම් ලබා දෙන ආකාරයට ය. නමුත් එය දරාගත නොහැකි ශීත in තුවේ දී යුරෝපයට පැමිණියේය. යුරෝපීය සමාජවල එය පැහැදිලිව පෙනේ, නමුත් සෘතුමයභාවය ඔවුන්ට වඩාත්ම බලපා ඇත. මෙය අපගේ අවාසනාවට ශ්‍රී ලංකාවන්ට තේරුම් ගත නොහැකි ය. මාරාන්තික වෛරසයට හසු වීමෙන් බේරීම සඳහා ශ්‍රී ලංකන් දිව්‍යමය හෝ වෙනත් අදෘශ්‍යමාන බලවේග පසුපස යති. පිරිත් ගායනා කිරීමෙන් මිනිසුන්ට ඔවුන්ගේ අධ්‍යාත්මික බලවේග ශක්තිමත් කර ගත හැකි නමුත් ඔවුන් මුලින්ම වෛරසය පැතිරීමෙන් keep ත්ව සිටිය යුතුය. ඔවුන් පිටතට යන සෑම අවස්ථාවකම සමාජ දුරස්ව සිටින ලෙස ඔවුන්ට පැවසුවද, අදටත් ඔවුන් අනුගමනය කර නොමැත. ඒයි මුඛ නාසයේ ආවරණ පැළඳ සිටියත් සමාජ දුරස්වීම ඔවුන්ට විහිළුවක් වී තිබේ. යුරෝපයේ, සමාජ දුරස්ථභාවය ඔවුන්ගේ අද දවසේ ජීවිතයේ කොටසකි. කිසිවෙකු එය උල්ලං have නය කර ඇති බවට වාර්තා නොවේ, මන්ද එය ඔවුන්ට පහසුවෙන් තේරුම් ගත හැකි බැවිනි

    • 0
      0

      මෙහි අරමුණ වන්නේ ඔබ ගැන දැනුවත් කිරීම ය. මිනිසුන්ගේ රෝග සුව කිරීමට විවිධ ක්‍රම තිබේ. මේ තීරණාත්මක මොහොතේ අපට එම අයිතිය ගැන තර්ක කිරීමට අවශ්‍ය නැත. දිව්‍යමය හා වෙනත් අදෘශ්‍යමාන බලවේග සහ උපාංග ද ඔවුන් අතර තිබිය හැකිය. එහෙත් මාරාන්තික වෛරස් ආසාදන වලදී, මිනිසුන් නොපැහැදිලි විකල්ප medicine ෂධ සමඟ රැඳී නොසිට බටහිර වෛද්‍ය විද්‍යාව මත රඳා සිටිය යුතුය. විකල්ප ක්‍රම මගින් ඔබව පෝෂණය කිරීම නොමඟ යැවීමට සෑම උත්සාහයක්ම ගන්නා විවිධ පුද්ගලයින් සිටිය හැකිය. COVID 19 වැනි වෛරස් රෝග වලදී, ඔබ වහාම හා ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය යුතුය, මන්ද එහි ප්‍රතිවිපාක භයානක ය – මැණික් ව්‍යාපාරිකයාට අවුරුදු 48 කට දින කිහිපයකට පෙර ඒ ආකාරයෙන් මිය යාමට සිදු වූයේ ඔහුගේ සම්පූර්ණ නොදැනුවත්කම හෝ මුරණ්ඩුකම නිසාය. ඔහුගෙන් කීදෙනෙකු ආසාදනය වී ඇත්ද යන්න සහ ඔහුගේ මෝඩ සම්බන්ධතා තවමත් තක්සේරු කර නොමැත. මෙය එක් තනි පුද්ගලයෙක් පමණි. නමුත් ඉතාලියේ සිට නැවත ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් සිටිය හැකි බවට පොලිසිය අනතුරු අඟවයි, නමුත් තවමත් පොලිසියට වාර්තා කර නැත. එබැවින් ඉතාලියේ හෝ කොරියාවේ සිට නැවත මෙරටට පැමිණි අයගෙන් කිසිවෙකු අවම වශයෙන් අද දින පිළිගෙන ඔවුන් සිටින ස්ථානය හෙළි කළ යුතුය. එවිට ආසාදනය වීමෙන් ජනතාව බේරා ගත හැකිය. එමගින් ජනතාවගේ ජීවිත බේරා ගත හැකිය.
      ඔස්ට්‍රියාවේ ටිරෝල්හි මෙන් වෛරස් ආසාදනය හා එහි අන්තරාය පිළිබඳ මූලික දැනුමට වඩා බොහෝ දුරින් සිටින පුද්ගලයින්ට සුපිරි ව්‍යාප්තියක් ඇතිවිය හැකිය. දියවැඩියාවෙන් පෙළෙන අය විකල්ප වෛද්‍ය විද්‍යාව මත රඳා නොසිටින බැවින් හෘද රෝගීන් ඔවුන්ගේ ස්වදේශික වෛද්‍ය වාහකයන් නොසලකා බටහිර හෘද රෝග විශේෂ to යින් වෙත යාමට යොදා ගනී. දේශීය විකල්ප වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීමට සැමවිටම බැඳී සිටින බොහෝ ප්‍රසිද්ධ වෛද්‍ය නාලින් ද සිල්වාගේ ප්‍රායෝගික ස්වභාවය මෙයයි. ඔහු බොහෝ දේ දේශනා කර ඇති නමුත් ඔහු හෘදයාබාධවලින් පෙළෙන විට බටහිර වෛද්‍ය ප්‍රතිකාර මත රඳා සිටී. දේශීය දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කරන ජ්යෝති log ශාස්ත්ර ists යින්ගේ තත්වය ද එයමය. මෙම පණ්ඩිතයන් මේ රටේ අවදානමට ලක්විය හැකි අය නොමඟ යවන විහිළුකාරයෝ ය. බුදුන්ගේ සැබෑ ඉගැන්වීම් වලින් සැමට ආශීර්වාද ලැබේවා.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.