
ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කි‍්‍රයා කරන ආකාරය අනුව පැහැදිලි වන්නේ ඔහු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ යටතේ සිටින අන්තවාදී සහ ජාතිවාදී මන්ද බුද්ධිකයින්ගේ සිරකරුවකු බවට පත්ව ඇති බවයි.
ජනාධිපතිවරයා මේ අන්තවාදීන්ගේ සහ ජාතිවාදීන්ගේ සිර අඩස්සියෙන් නොගැල වුනොත් මීළඟ ඊළාම් කැරැල්ල මතු වන්නේ වන්නි කරයෙන්.
එක ජනවර්ගයක් තවත් ජනවර්ගයක් කෙරෙහි බිය වුණාම ඊට දේශපාලන විසදුමක් නොදුන්නොත් එම ප‍්‍රශ්නය ක‍්‍රමාණුකූලව ගැටුමක් දක්වා වර්ධනය වන අතර, ඊට ලෝකයේ ඕනෑ තරම් උදාහරණ සහ ආදර්ශ තිබෙනවා.
දූරදර්ශී නායකයෙකු ලෙස අපේ රටේ ජනවර්ගයා අතර තිබෙන මෙම ප‍්‍රශ්නය අපේ රටට ජාතික නිදහස ලැබීමටත් පෙර එනම්, මීට අවුරුදු 22 කට කලින් මුලින්ම හදුනා ගත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්. ආර්.ඞී. බණ්ඩාරනායක මහතායි.
මෝනින් ලීඩර් පුවත්පතට 1926 ජුනි 17 දා විශේෂ ලිපියක් ලියමින් එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා පැහැදිලිව අවධාරණය කර සිටියේ, ශී‍්‍ර ලංකාවට සුදුසු වන්නේ බලය බෙදන ෆෙඩරල් ක‍්‍රමයක් බවයි.
එමෙන්ම, කිසියම් ස්වයං පාලනයක් අපේක්‍ෂා නොකරන ජාතියක් ලෝකයේ නොමැති බව සිය ලිපිය මගින් පෙන්වා දුන් එතුමා එවැනි ස්වයං පාලනයක් එක් ජාතියක් තවත් ජාතියකට ලබා නොදෙන්නේ නම් එම ජාතිය ලෝකයෙන් කොන්වී යන බවද පැහැදිලිව සඳහන් කළා.
එමෙන්ම, ශී‍්‍ර ලංකාවට ජාතික නිදහස උරුම කර දුන් ජාතියේ පියා වන මහාමාන්‍ය ඞී.එස්. සේනානායක මහතා එක්සත් ජාතික පක්‍ෂය බිහි කරමින් එදා කියා සිටියේ, ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට සහ ඕනෑම කුලයකට අයත් වන පුද්ගලයින්ට මේ භූමිය අපේ භූමිය යැයි කියා මුළු ලොවටම කියන්න නිදහසක් තිබිය යුතු බවයි. එසේ කියා සිටීමට සියලූ ජාතිකයින්ට සහ සියලූ ආගමිකයින්ට හැකියාවක් සේම නිදහසක් තිබෙන්නේ නම් ඒ සියලූ දෙනාම සිය ජන්ම භූමියට ආශිර්වාද වේවා කියා ප‍්‍රාර්ථනා කරනු ඇතැයි එතුමා පෙන්වා දුන්නා.
මේ රටේ සියලූ ජාතීන්ගේ එක්සත්කම ගැන දුරදක්නා නුවණින් එතුමා කතා කළාසේම විශිෂ්්ඨ දේශපාලන ජන නායකයෙකු වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා එදා කියා සිටියේ මහ ජාතිය සුළු ජාතීන්ට පහර දුන්නොත් කෙදිනක හෝ එම පහර ආපසු මහ ජාතියටම එල්ල වන බවයි.
කෙසේ නමුත් මේ රටේ අන්තවාදී ජාතිවාදී සහ ඝෝෂාකාරී සුළු පිරිසක් නිසා අපේ රටටත් ජනතාවටත් තිස් අවුරුදු යුද්ධයකින් අනන්ත අප‍්‍රමාණ ලෙස දුක් විදීමට සිදුවුණා. ආරක්‍ෂක හමුදාවන් යොදා ගෙන ඒ ඒ ජාතීන් අතර භීතියක් ඇති කිරීම මගින් ගොඩනගන සාමය නියම සාමය නොවන බව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
ආසියාවේ ස්විට්සර්ලන්තය ලෙස 1948 දී ලෝකයා ශී‍්‍ර ලංකාව හැදින් වූ අතර, සිංගප්පූරුවේ බලයට පත් වූ ලීක්වාන් යූ අග‍්‍රාමාත්‍යවරයා 1965 දී ප‍්‍රකාශ කළේ සිය පාලනයේ ප‍්‍රථම පස් වසර ඇතුළත දී සිංගප්පූරුව ශී‍්‍ර ලංකාවක් බවට පත් කරන බවයි.
කෙසේ නමුත් අපේ රටේ සිටින අන්තවාදී ජාතිවාදී සහ ඝෝෂාකාරී මන්දබුද්ධිකයන් නිසා අපේ රටට මේ දක්වා දියුණුවීමට නොහැකි වී තිබෙනවා. ශී‍්‍ර ලංකාව ලෝකයේ අසාර්ථක රාජ්‍යයක් බවට පත්ව තිබෙන්නේ යැයි එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියන කතාව මේ අනුව අපට පිළිගැනීමට සිදුව තිබෙනවා.
අපේ රටේ ඇති වුනු ජනවාර්ගික ප‍්‍රශ්නය විසදීමට එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බන්ඩාරනායක, එස්.ජේ.වී. චෙල්වනායගම් සහ රජීව් ගාන්ධි වැනි නායකයින් උත්සාහ කළත්, අන්තවාදීන් සහ ජාතිවාදීන් නිසා රටේ යුද්ධයක් ඇති වුණා. බොහොම පහසුවෙන් විසදීමට තිබූ භාෂා ප‍්‍රශ්නය මත පදනම්ව ලෝකයේ දරුණුතම ත‍්‍රස්තවාදී සංවිධානය ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ බව මේ මොහොතේ සිහිපත් කළ යුතුයි.
මේ ප‍්‍රශ්නය මෙවසේ දුර දිග යද්දී දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්්ථා සංශෝධනය ඉදිරිපත් කළේ මේ සියලූ ප‍්‍රශ්න සදහා විසදුමක් ලෙසයි. ඒ සමගම සියලූ දෙනා අතර නව බලාපොරොත්තු ඇති වූ අතර, යම් යම් අඩුපාඩු සහිතව වුණත් ජේ.ආර්. ජයවර්ධන මහතා සද්භාවයෙන් යුතුව එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එදා 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වුණත් පසු කාලයේදී ගොඩනැඟූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුව එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම පිළිගත් බව කිව යුතුයි.
ඒ අනුව 1996 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මියගේ පාලනය යටතේ සුදු නෙළුම් ව්‍යාපාරය ආරම්භ කෙරුණු අතර, එහිදී එතුමිය පැහැදිලිව කියා සිටියේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පළාත් සභා ක‍්‍රමය පිළිගන්නවා සේම 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන අඩුපාඩු මඟ හරවා තව දුරටත් එම සංශෝධනය කි‍්‍රයාත්මක කරන බවයි.
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීමට එදා ගත් තීරණය වැරදි බව එහිදී පෙන්වා දුන් එස්.බී. දිසානායක කියා සිටියේ, ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ගත් තීන්දුව තමාද අනුමත කරන බවයි. එමෙන්ම, බලය බෙදීම තව තවත් පුළුල් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව අප සියලූ දෙනාම තේරුම් ගෙන සිටින්නේ යැයිද එස්.බී. දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
මේ තීරණය එදා මේ අයුරින් ගනු ලැබුවේ ජනාධිපතිනියගේ තනි තීරණයක් ලෙස නොව අප සියලූ දෙනාගේ පොදු සහ ඒකමතික තීන්දුවක් ලෙසයි. කළුතර ටැනිජරින් හෝටලයේදී එදා රැස් වූ පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ පළාත් සභා මන්තී‍්‍රවරුන් තෙදිනක් මුළුල්ලේ මේ කරුණු කාරණා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පුලූල් ලෙසද සාකච්ඡා කර ජනවාර්ගික ප‍්‍රශ්නයට 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය බලය බෙදීමේ දේශපාලන විසදුමක් ලබා දිය යුතු යැයි ඒකමතිකව තීන්දු කළා.
මේ ඒකමතික තීන්දුව ගත් පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ තෙදින වැඩමුළුවට වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද නියෝජනය කළ අතර, මේ තීන්දුවට අදාළ යෝජනාව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට යොමු කර ඒකමතිකව සම්මත කිරීමද සිදු කෙරුණා. ඊට පසු එම තීන්දුවට අදාළ යෝජනාව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාවේදී සහ පළාත් පාලන සම්මේලනයේදී ඒකමතිකව සම්මත කෙරුණු බව සිහිපත් කළ යුතුයි.
මම දන්නා තරමට නම් 1996 සහ 1997 වකවානුවේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රධාන පොදු ජන එක්සත් පෙරමුණ ගත් මේ ඒකමතික තීන්දුව සංශෝධනය කිරීම සදහා මේ වන විටත් කිසිදු යෝජනාවක් ඉදිරිපත්ව නැහැ. 2005 දී ජනාධිපති ධූරයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාද මේ තීන්දුව රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයට තිබෙන එකම විසදුම බව පිළිගත් අතර ඊට තිබෙන ජනවාර්ගික ප‍්‍රශ්නයට ඉතා ඉක්මනින් විසදුමක් දිය යුතු බවද අවධාරණය කළා.
ඊට හොදම උදාහරණය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මේ ආණ්ඩුව යටතේ මම කටයුතු කරද්දී මගේ අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු ලිපියයි. එම ලිපිය ආරම්භ කර තිබුණේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මේ ලිපිය ලියන බව සදහන් කරමිනුයි. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදීම ඉතාමත්ම උවමනාවෙන් යුතුව සිටින බවත් දෙමළ ජනතාවගේ දුක දුරු කිරීම සදහා ඉතා හොද විසදුමක් ලබාදිය යුතුය යන ස්ථාවරයේ එතුමා සිටින බවත් එම විසදුම ත‍්‍රස්තවාදයට එරෙහි ශක්තිමත්ම අවිය වනු ඇති බවත් එම ලිපියේ සදහන් වුණා.
ඒ අනුව බලන විට වර්තමානයේ සිටින්නේ එදා සිටි මහින්ද රාජපක්‍ෂ ද කියන ප‍්‍රශ්නය අප සියලූ දෙනාට මතුවන බව කිව යුතුයි. මේ ආණ්ඩුවේ සිටින ප‍්‍රබල යැයි කියා ගන්නා එක්තරා කොටසක් රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නැතැයි කියමින් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කරමින් සිටිනවා.
අවම මට්ටමේ බුද්ධියක් තිබෙන කෙනෙකුටවත් මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නැතැයි කියන හැකියාවක් නොමැති බව 1996 දී පැහැදිලිව කියා සිටි වර්තමාන විදේශ කටයුතු ඇමැති ජී.එල්. පීරිස් මහතා මේ ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසදුමක් අවශ්‍ය නැතැයි කියන්නේ දේශපාලන මන්දබුද්ධිකයන් බව පැහැදිලිව අවධාරණය කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට එකතු වී සිටින අන්තවාදී සහ ජාතිවාදී මන්දබුද්ධිකයින් පිරිසක් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බහුතර මතය යටපත් කිරීමේ කි‍්‍රයාවලියක යෙදී සිටිනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමැතිවරුන්ට කොන්දක් නොමැති බව අප දන්නා අතර, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බහුතරය 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවාට විරුද්ධ බව දොස්තර රාජිත සේනාරත්න නම් ඍජුව ප‍්‍රකාශ කළා. යුද්ධය ජයග‍්‍රහණය කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන අතර, මේ ප‍්‍රශ්නය විසදා ගැනීමට නම් දෙමළ ජනතාවගේ විශ්වාසය ආදරය සහ ගෞරවය දිනා ගත යුතු බව රෙජිනෝල්ඞ් කුරේ පැහැදිලිව ප‍්‍රකාශ කර සිටියා.
මේ රටේ සියලූ ජාතීන් සමගි සම්පන්නව එකට එක්සත්ව ජීවත් විය යුතු නම් 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ආණ්ඩුව වහාම නතර කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ආරක්‍ෂක ලේකම්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ යටතේ සිටින අන්තවාදී සහ ජාතිවාදී මන්දබුද්ධිකයන් පිරිසකගේ අත්අඩංගුවට පත්ව සිටින බව පැහැදිලිව කිව යුතුයි. ජනාධිපතිවරයා ආරක්‍ෂක ලේකම්වරයාගේ සිරකරුවකු බවට පත්ව සිටිනවාද නැද්ද යන්න පිළිබදව ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයින්ගෙන් අප ප‍්‍රශ්න කරනවා.
ජනාධිපතිවරයා මේ ජාතිවාදී සහ අන්තවාදී මන්ද බුද්ධිකයින්ගේ සිර කදවුරෙන් කෙසේ හෝ නොගැල වුණොත් මීළඟ ඊළාම් කැරැල්ල මතු වන්නේ වන්නිකරයෙන් නොවන බව අවධාරණය කරනවා. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කට ඇරියොත් දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් සිහිනය සැබෑ වන අතර, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය නොමැති මොහොතක තවදුරටත් දෙමළ ජනතාව පෙලූවොත් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් නිවැරදි බව දෙමළ තරුණ තරුණියන් සිතීමට ඉඩ තිබෙනවා.
එම නිසා 13 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ‘මයිනස්‘ කරනවා වෙනුවට 13 ‘ප්ලස්‘ විසදුමක් ජනවාර්ගික ප‍්‍රශ්නයට දිය යුතුයි. මේ ආණ්ඩුව නැවත හදා ගැනීමට නොහැකි ආණ්ඩුවක් නිසා වහා ආණ්ඩුව පෙරළා රටත් ජනතාවත් මුහුණ දී සිටින ප‍්‍රශ්නවලට සාධාරණ විසදුමක් ලබා දෙන නව ආණ්ඩුවක් අප ගොඩ නැඟිය යුතුයි.
මේ ක‍්‍රමය යටතේ සිදුව තිබෙන්නේ, ‘මහින්දං සරණං ගච්ඡාමි – ගෝඨාභයං සරණං ගච්ඡාමි – බැසිලං සරණං ගච්ඡාමි – චමලං සරණං ගච්ඡාමි සහ නාමල් සරණං ගච්ඡාමි‘ යන්නයි. මේ අනුව ඉදිරියට ගියොත් ජනතාවට බුදු සරණයි.
*කොළඹ රාජගිරිය ජාතික වතු කම්කරු ශාලාවේ අද (28) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී
karunarathnedissanayake / June 28, 2013
mema adahasa api anumata karamu,namut tawama meya samannaya janatawa atarata yana krama yak nata.sanniwedana balakayata hitawatunta email f.b haraha yana krmawedayata amatarawa patrika print kara beda hariya yutui .mama balaporottu wenne ratata honda palana kramayak.
/
sam / July 1, 2013
අනේ මෝඩ මී හරකෝ දැන් තියෙන්නේ හොද පාලන ක්‍රමයක් නෙමෙයිද??මුන් අවොත් තමා රට කන්නේ. මුන් කොහේ ජනතාව අතරට යනවද. මුන් ඒ වගේ වැඩ කරනවා නම් මෙහෙම පරාද වෙන්නේ නැ…ඇස ඇරලා බලනවා..දැන් කරන්න ඕනේ රට පස්සට අදින්නේ නැතුව ඉස්සරට යන එකට සහය දෙන එක නෙමෙයිද ?
/
james / June 30, 2013
MANGALA PLEASE DONT TALK BECAUSE U CAN TALK. U DONT KNOW WHAT U TALIKNG. MANGALA U BETRATE THE COUNTRY CAN PLEASE TELL US
WHEN SRILANKAN ARMY GETTING RIDE OF LTTE U CAME TO PARLIMENT AND MAKE BIG STATEMENT SAYING SRILANKAN ARMY NEVER REACH TO KILLINOCHI WHEN SRILANKAN ARMY CAPTURED THE KILLINOCHI U TOLD THTA IS FALSE , ARE U STILL STAND BY WHAT U SAY IN PARLIMENT AGAINST OUR BRAVE SOILDERS WHO SCRAIFICE THEIR LIFE?
OTHER THING LAST STAGE WHEN LTTE LOOSING WAR U OPEN MEDIA OUTLET ON UR OFFICE AND EVERY DAY U SAID HOW MANY SRILANKA SOLIDER KILL LAST NIGHT WHAT U THINKING WHEN U DID THAT ARE U HAPPY TO HERE HOW MANY SRILANKA SOLIDER KILLED LAST NIGHT. MANGALA U ARE LOW LIFER YES USA SUPREME COURT GAVE PERMISSION TO MARRY GAY NOW U CAN COME TO USA WITH UR BOY FRIEND AND GET MARRIED.
WE HEARD U TAKING ABOUT GOTTA HAVE SHARKS IN HIS FISH TANK MANGALA WHAT U HAVE IN UR FISH TANK JERBERLES.
/
sam / July 1, 2013
මුන් ට අමතකයි. පලවෙනි ඊළමේ ඇති කරන්න සාම ගිවිසුම් ගහලා …කොටින්නට උදව් කලේ මුන්ගේ ලොක්කනේ ද මුන්ට අමතක උනාට ජනතාවට මතකයි හැමදේම. මු කියන විදියට ඊලග ඊලාමයක් පටන් ගතහොත් ෂුවර් එකට ඒක පිට පස්සේ ඉන්නේ මුන්ගේ කට්ටිය තමයි
/
mithila / July 1, 2013
මන්ද බුද්දීකයා කවුද කියල මිනිස්සු දන්නවා මේ කියන කතාවෙන්ම.නිකන් නොදී යන්න මංගල.
/
sira line / July 1, 2013
ane baila kiyanna epa mangala mahaththo………..
/
සුකිරියා / July 1, 2013
ඔය කතාව මොලේ තියෙන කෙනක් කිව්වා නම් ටිකක් හරි පිලි ගන්න තිබුණ.ඔහේ මන්ද බුද්දික වුනේ යු.ඇන්.පී එකට ගිය දා ඉදලානේ නේ.
/
චුටීයා / July 1, 2013
මාමේ..එතකොට ඔයා කාගේ සිරකාරයෙක් ද අනේ.
/
රනිල / July 1, 2013
මොනවාද මේ කියවන්නේ.මන් ගැන දැන ගන්නවනේ දැන් ඉතින්. මෝඩ කොල්ල .
/
මලංගල / July 1, 2013
අනේ සොරි සොරි අයියා…. අයියා මන්දබුද්ධිකයි කියලා කාටවත් කියන්නේ නෑ….
/
harsha / July 3, 2013
[Edited out]
/
සාගර / July 1, 2013
සිරිකොතේ ඉන්න ඔක්කොම මන්දබුද්ධිකයි කියලා මුලු රටම දන්නවා…
/
සුටික්කා / July 1, 2013
මංගල කියන්නේ රනිල්ගේ සිරිකොතේ සිරකරුවක් තමා ඔයි….
/
විජේසිරි . / July 1, 2013
අයියෝ ඔයා අනිත් අයගේ මන්දබුද්දිකම හොයන්න කලින් ඔයාට බෙහෙතක් ගන්න…නැත්තන් ඔයත් මන්දබුද්දීකයි කියල සිරිකොතෙන් එලවයි ඔයාව…..කමක් නෑ ඉතින් එකේ ඉන්න බාගෙට බාගයක්ම මන්ද බුද්දිකයෝ තමයි…
/
කව්ද බෝයි / July 1, 2013
(රනිල්,මංගල පෙම් කුඩුවට ගිනි ඇවිලෙයි)
සිර ගෙයක් වෙලා ඇවිලෙයි හදවතේ ගින්දර
කුලගෙයක් කඩා බිද දැම්මා ඔබේ වෛරය
මතු පෙමක් පතා නෑ නොමැරි තිබු සෙනෙහස
මල ගෙයක් වෙන්නෙපා පෙම්බර ඔබේ කුඩුව
/