25 April, 2024

Blog

ඊජිප්තුවේ මුබරාක් වසර 30 කට හොරකම් කළේ ඩොලර් බිලියන 2.5 ක්, රාජපක්‍ෂ රෙජිමය වසර 07 කදී ඩොලර් බිලියන 3.5 ක්වත් අවම වශයෙන් ගසා කාලා

 මංගල සමරවීර

යුද්ධය අවසන් කිරීමෙන් පසුව අප රටටත්, ජනතාවටත් යහපත්, ගුණගරුක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් බිහි කිරීමට හොඳම අවස්ථාවක් උදාවී තිබුණද, රාජපක්‍ෂ රෙජිමය එම අවස්ථාව තමන්ගේ පවුල් පාලනය ස්ථාපිත කිරීමටත්, ඒකාධිපති පාලනයක් කරා ගමන් කිරීමට තීරණය කර ඇති බවට විපක්‍ෂයේ බොහෝ දෙනා දිගින් දිගටම කරන ලද චෝදනාව, එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියද පිළිගෙන තියෙනවා.

මංගල සමරවීර

තම රාජකාරිය භාරගත්තායින් පසුව, වැඩිම කාලයක් ගත කළ රට අප රට බව එතුමිය ප‍්‍රකාශ කරමින් කියා සිටියේ,

“I am deeply concerned that sri lanka despite the opportunity provided by the end of the war to construct a new vibrant, all embracing state, is showing signs of heading in and increasingly authoritarian direction” යන්නයි.

මේ ප‍්‍රකාශයේ මේ රටේ නීතියේ ආධිපත්‍ය කඩා වැටීම ගැන උතුරේත්, දකුණේත් ජනතාවගේ මානව අයිතීන් උල්ලංඝණය කිරීම් ගැන එමෙන්ම, මුළු රටම මිලිටරිකරණයකට ලක්වීම ගැන මෙන්ම, මේ රටේ නිදහස් ජනමාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය කලාවට ඇති මාරාන්තික බලපෑම් ගැන සඳහන් කර ඇතත්, එහි සඳහන් නොවන ඉතාමත්ම වැදගත් කාරණාවක් තියෙනවා.

අද අප රට අධිපතිවාදී රාජ්‍යයක් පමණක් නොව, චෞර රාජයක් බවට පත්වී තිබෙන බව එතුමිය සඳහන් කර සිටියා.

Sri lanka today is not only an increasingly authoritarian state but is also a fully fledged kleptocracy.

අද මේ රටේ සිදුවෙමින් තිබෙන බොහෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිටුපස ඇත්තේ මේ කාරණාවයි. විශේෂයෙන්ම ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට කරන බොහෝ බලපෑම් සහ පහරදීම් පිටුපස ඇති යථාර්ථය වන්නේද අද පාලක පවුලේ හොර වංචා දූෂණ වසං කර ගැනීමේ ඇති උවමනාවයි.

පසුගියදා සන්ඬේ ලීඩර් පුවත්පතේ මන්දනා ස්මයිල් මහත්මියට සහ එතුමාගේ කුඩා දැරිය සහ දෙමව්පියන්ට තර්ජනය කිරීමේ සිද්ධිය පිටුපස ඇත්තේද රාජපක්‍ෂ රෙජිමයට සම්බන්ධ තවත් මහා වංචාවක් හෙළිදරව් කිරීම නවත්වා ගැනීමට ඇති උවමනාව බව දැනටම හෙළිදරව් වී තියෙනවා.

මේ ආණ්ඩුව මේ ලෝකේ දූෂිතම ආණ්ඩුවලින් එකක් බවට පත් වී තිබෙනවා. මේ දූෂණය නිසා මේ රටේ ජනතාවට සැනසීමේ ජීවත්වීමේ අයිතිය නැතිවෙලා. කන්න, අඳින්න, හොඳ සෞඛ්‍ය පහසුකම්වලට, දියුණු අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය අහිමි වෙලා. ඒ නිසා මේ ආණ්ඩුව දිගින් දිගටම මේ රටේ පුරවැසියන්ගේ මානව අයිතීන් සහ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුවක් බවටත් පත්ව තිබෙනවා.

අද බැලූ බැලූ තැන දූෂණ. අද මහ මහා සංවර්ධන ව්‍යාපෘති ගැන කතා කළාට රට තුළ ඇත්තෙන්ම තියෙන්නේ කොමිස් කුට්ටි සංවර්ධනයක්. ගමේ කොන්කී‍්‍රට් පාරෙනුත් ගසා කනවා. අධිවේගී මහාමාර්ගයෙනුත් ගසා කනවා. වරායවල් හදලා, ගුවන් තොටුපොළවල් හදලා ගසා කනවා. ජනතාව ඉල්ලන වතුර බිංදුවෙනුත් මේ දූෂිත රජය ගසා කනවා. දැන් බලන්න රතුපස්වල ජනතාවට වතුර වෙනුවට වෙඩි උණ්ඩ දීලා, අනෙක් අතට මේ ආණ්ඩුවේ හෙන්චයියන්ට වතුර නිසා ඩොලර් මිලියන ගානක් සාක්කුවල පුරවනවා. මේ ගැන නායකතුමා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළා.

මොකක්ද එතන කරන්නේ? ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩට බස්නාගොඩ ජලාශය ඉදිකිරීමද ඇතුළුව ඒකාබද්ධ ජල සම්පාදන ක‍්‍රමයක් ගෙන්න යනවා ඉතාම දූෂිත විදියට.

මෙහි ආරම්භක පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට 2012 නොවැම්බර් මස අමාත්‍ය මණ්ඩලය තීරණය කළා. ඒක ඉතා සැක කටයුතුයි. මොකක්ද මේ පිරිවැය සංශෝධනයට හේතුව? සංශෝධනයට පසු ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 229.5 ක් දක්වා වැඩි කළා. ඇත්තටම මේ කොන්ත‍්‍රාත්තුව දුන්නේ CMEC (China Machinery Engineering Corporation) – චීන යන්ත්‍රෝපකරණ ඉංජිනේරු සංස්ථාවට. මේ සමාගම තමයි 4 වතාවක් කැඩිච්ච නොරිච්චෝලේ බලාගාරය හැදුවේ. සාමාන්‍යයෙන් කලින් ව්‍යාපෘතිය හරියට ඉටු නොකරපු සමාගමකට ආණ්ඩුවේ තව කොන්ත‍්‍රාත්තු හම්බවෙන්නේ නැහැ. එත් අරුම පුදුම විදියට මේ CMEC සමාගමට මේක හම්බවුනා. ඒ විතරක් නෙමෙයි, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ මාවතගම ප‍්‍රදේශයේත් මහා ජල ව්‍යාපෘති දෙකක් කෙලින්ම මෙම කොම්පැණියට භාරදීලා තවත් මහා කොමිස් කුට්ටියක් කඩා ගන්න දැන් සාකච්ඡා වෙනවා. ඛනිජ තෙල් සංස්ථාවත් මේ කොම්පැණියට විකුණන්නයි සූදානම් වෙන්නේ.

අනික මේ CMEC සමාගම මින් පෙර මේ වගේ ජල සම්පාදන කටයුතු සඳහා සම්බන්ධ වූ මුල් පෙළේ සමාගමක් නෙමෙයි. මෙයාලා කරන්නේ ආණ්ඩුවෙන් කොන්ත‍්‍රාත්තුව අරන් එය තව සමාගමකට උප – කොන්ත‍්‍රාත්තුවක් දෙන එක. ඒ හේතුව නිසා දැනට ඇස්තමේන්තු කර ඇති විදියට කෙලින්ම ජල සම්පාදන කටයුතුවල ප‍්‍රවීනත්වය ඇති සමාගමකට මේ කාර්යය පැවරුවා නම් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 කට මේ කාර්ය නිම කරන්න තිබුනා. ඒ අනුව පෙනෙන විදියට CMEC සමාගමට මේ කොන්ත‍්‍රාත්තුව භාර දීපු නිසා රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක් නිරපරාදේ අහිමි වුනා. එක ගියේ කාගේ සාක්කුවටද කියා හොයා බැලිය යුතුයි. මේ මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් කිසි ප‍්‍රශ්නයක් නැතුව වැඩි කරන්න තිබුනා. ආණ්ඩුවේ මේ දූෂණ නිසා මිරිකෙන්නේ පොඩි මිනිස්සු. මේ ගනුදෙනුව පිටිපස්සෙත් ඉන්නේ ලෝලිත අබේසිංහ කියලා කෙනෙක්. පිටකොටුවේ ටෙක්නිකල් හන්දියේ අක්කර 19 ක ඉඩමක්, බුලත් කඬේකටත් වඩා අඩු වත්කමක් ඇති රුපියල් 30 ක් වටිනා සමාගමකට පවරන්න ගියෙත් මෙන්න මේ පුද්ගලයාටමය. ලෝලිත අබේසිංහ කියන්නේ, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, ඒ වගේම ජනාධිපතිවරයාගේ නිල නොවන මුදල් ලේකම් ගාමිණී සෙනරත් මහත්තයාගේ බොහොම කිට්ටු ඥාතියෙක්. මොහු රාජපක්‍ෂ රෙජිමයේ කළු සල්ලි සුදු කරන තවත් ඉත්තෙක් පමණක් බව දන්න අය හොඳින් දන්නවා.

ආණ්ඩුවේ තවත් දූෂිත ගනුදෙනුවක් තමයි ක‍්‍රිෂ් ගනුදෙනුව. අපි දන්නවා මේ ගනුදෙනුව නිසා ආණ්ඩුවේ ප‍්‍රභල නිලධාරියෙකුට සහ රජ පුතෙකුට රුපියල් මිලියන 400 ක් කොමිස් මුදලක් ලැබුණු බව. මේ දූෂණය ගැන වහාම ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි. මේ ගැන මුදල් අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කළා කියලා ආරංචියි. කෝ ඒ වාර්තා?

කොළඹ කොටුවේ ගොඩනැගිලි, හෝටල්, නිවාස, සහ කාර්යාල සඳහා ගොඩනැගිලි 4 ක් හදන්න ක‍්‍රිෂ් සමාගමට ආණ්ඩුව පසුගිය වසරේ (2012) කොටුවෙන් අක්කර 4.3 ක ඉඩමක් ලබා දුන්නා. ඒ 99 අවුරුදු බදු පදනම යටතේ. ඒ අනුව මෙය ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ‘උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක්’ ලෙස  සැලකුණා. එසේම මේ ව්‍යාපෘතියට අවුරුදු 25 කට නොයෙක් ආකාර බදු සහන ලබා දී තිබෙනවා.

එත් මුලින්ම මේ ඉඩමේ බදු මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක් සම්පූර්ණ වශයෙන් පසුගිය ජූලි 15 වනවිට ගෙවන්න නියමිත වෙලා තිබුනා. තාමත් මේ මුදල සම්පූර්ණයෙන් ගෙවා නැහැ. එය සම්පූර්ණ නීති වීරෝධී ක‍්‍රියාවක්. ඒ නිසා මේ ක‍්‍රිෂ් ගනුදෙනුව අහෝසි කළ යුතුයි.

ඒ වගේම මේ ඉඩම පවරන්නත් කලින් මේ ගොඩනැගිල්ලේ නිවාස ප‍්‍රසිද්ධියේ මේ සමාගම විසින් අලෙවි කර තිබෙනවා. එයත් නීති විරෝධියි.

දැන් මේ ගනුදෙනුවේ රුපියල් මිලියන 400 ක් බලවතුන්ගේ බැංකු ගිණුමට සිංගප්පූරුවේදී දාපු රිසිට් පතේ පිටපතක් ලංකාවට ලැබිලා තියෙනවා. ආරංචි විදියට එක හොයන්න තමයි ඉකුත් 24 දා පාන්දර මාධ්‍යවේදී මන්දනා ඉස්මයිල් අබේවික‍්‍රම මහත්මියගේ ගෙට මැරයෝ ඇවිත් මහා විනාශයක් කළේ.

අප පක්‍ෂය විසින් රාජපක්‍ෂ රෙජිමයේ දූෂණයේ තරම විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා තියෙනවා. ඒ සඳහා අපට ජාතික මෙන්ම, ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහයෝගය ලබා ගෙන ඇති අතර, හෘද සාක්‍ෂියෙන්ම මේ ජාතික අපරාධයන්ට විරුද්ධ වන මේ රජයේ ඉහළ නිලධාරීන්ගෙන්ද අපි තොරතුරු ලබා ගන්නවා. එපමණක් නෙවෙයි, අද කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමැතිවරු සතිපතා මෙම දූෂිත කැබිනට් පති‍්‍රකා අපිට එවමින් කියන්නේ, මුන්ගෙ මේ ජාතික අපරාධ කොහොම හරි හෙළිදරව් කරන්න කියලා. කැබිනට් ඇමැතිවරු රාජපක්‍ෂ රෙජිමයේ අපරාධ ඉදිරියේ අසරණ වෙලා ඒවා හෙළිදරව් කරන්න කියලා අපිට කියනවා. මේ අද අපි ළඟ තියෙන්නෙත් ඒ ඇමැතිවරුන්ගෙන් ලැබුණු කැබිනට් පති‍්‍රකා තමයි. අපි දැනට ගණන් බලා ඇති ආකාරයට මේ ආණ්ඩුව ගුවන් හමුදාවට ගෙනා මිග් ප‍්‍රහාරක යානා කොමිස් ගනුදෙනුවේ සිට අද දක්වා සිදු වූ විවිධ දූෂිත ගනුදෙනු නිසා පසුගිය අවුරුදු 07 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් අප රටට අහිමි වී තියෙනවා. මෙය අවුරුදු තිස් ගාණක් තුළදී ඊජිප්තුවේ නායක හොස්නි මුබරාක් හොරකම් කළා යැයි වාර්තාවන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ට වඩා වැඩියි. මේක ලෝක වාර්තාවක්.

මේ දූෂිත ගනුදෙනු සියල්ලක්ම වැඩිපුර සිදු වන්නේ අමාත්‍යංශ කිහිපයක් හරහාය. අද රටේ වඩාත්ම දූෂිත අමාත්‍යංශයක් බවට පත්ව ඇත්තේ, ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයයි. එමෙන්ම, මහා පරිමාණයේ දූෂණ, වරාය සහ මහාමාර්ග අමාත්‍යංශය හරහාද, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය හරහාද සිදුවන බවටද අපට පෙන්වා දිය හැක. මේ සියලූම අමාත්‍යංශවල පොදු සාධකය වී ඇත්තේ රාජපක්‍ෂ සාධකයයි.

මෙම මහා පරිමානයේ හොරකම් දියත් කිරීම සඳහා මේ රජය තුළම චෞර මාෆියාවක් පිහිටුවමින්, අයථා ලෙස සොයා ගන්නා ලද මුදල් විදේශ රටවල්වල රහසිගතව ආයෝජනය කිරීමත්, කළු සල්ලි සුදු කිරීමත් ඔවුන්ට භාර දී ඇත. මේ සම්බන්ධයෙන් ගාමිණී සේනාරත්න, දිලිත් ජයවීර, ධම්මික පෙරේරා වැනි නිලධාරීන්ගේ වාර්තාවක්ද අපි සකස් කර තියෙනවා.

අපි දැනටමත් මේ සියලූ ගනු දෙනුවල විස්තර සොයා ගැනීමට ලෝක බැංකුවේ ස්ථාපිත කර ඇති Stolen Asset Recovery Initiative (STAR) (හොරකම් කරන ලද දේපල සොයා ගැනීමේ ඒකකයේ) සහාය අපි ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා.

ලෝක බැංකුවේ Star ඒකකය ලෝක බැංකුව විසින් 2007 දී පිහිටවනු ලද්දේ විවිධ රටවල්වලින් මේ ආකාරයට අහිමි කරන ලද මුදල් ඒ රටවල්වලට නැවත සොයාදීමට සහයෝගය ලබාදීම පිණිසයි.

Established in 2007, the Stolen Asset Recovery Initiative (STAR) works to end safe havens for corrupt funds. StAR is a partnership between the World Bank and the UN Office on Drugs and Crime (UNODC).

StAR provides developing country governments with advice, knowledge and technical assistance on how to effectively recover stolen assets. On the policy front, StAR works with regulatory agencies, governments, global forums and other partners towards building stronger international standards against corruption and collective responsibility and action to detect, prevent and recover stolen assets.

StAR assists countries around the world and is working in Haiti, Indonesia, Senegal and Tunisia, to name a few.

2014 දී මේ රටේ පිහිටවන එක්සත් ජාතික පක්‍ෂ රජය විසින් මේ අයගේ සහයෝගය ලබාගෙන රටට අහිමි වූ මේ විශාල ධනස්කන්ධය නැවතත් රටේ සංවර්ධන කි‍්‍රයාවලියට යොමු කිරීමට අපි කටයුතු කරනවා.’’

*2013-09-05 වැනි දින කොළඹ – රාජගිරිය, ජාතික වතු කම්කරු සංගම් ශාලාවේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක් වූ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන අංශ ප‍්‍රධානි සහ මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    “ගාමිණී සේනාරත්න, දිලිත් ජයවීර, ධම්මික පෙරේරා වැනි නිලධාරීන්ගේ වාර්තාවක්ද අපි සකස් කර තියෙනවා.”

    ගාමිණී සේනාරත්න ද? ගාමිණී සෙනරත් ද?

  • 0
    0

    මංගල සමරවීර ලා අලුත් සමාජයක් ගොඩ නඟන්න යන්නේ රටට සමාජයට වෛරය වපුරමින් තරුණ පරපුර මානසික රෝගීන් බවට පත් කරමින් සිටින [Edited out] වැනි මනෝ විකාර කාරයන් සමඟද? මංගල සමරවීර ට මාධය න්‍යාය කියාදෙන්නේ [Edited out] කියන්නේ ඇත්ත ද?

  • 0
    0

    mangalat mewata vagakiwa yutui.meyat chandrka kalaye karapu de matakade.api edat sunandala sunil jayasekarala api madyata erehiwa katayutu karanavita meyage piliruwa pilussuwa matakada api obalage sama wadeth hitiya.obala eda uture chande walakwuye natnam loku wenasak anek ekkena hitapu aga vinisuru panina mantri warunta mantrekama rakadeema.aneka j.r.ge manapa kramaya aneka mahinda rajapaksa gevivasta sansodanaya ha comition saba bala rahita kireema aneka polis departamentuwata haudawe aya lekam tanaturata patkireema janadipati yatate tabagannema aneka pahadili sanvad amadaya tulin atinowema. pradana hetuwa janatawa porondu desapalanaya piliganeema varaprasadawalata yataweeme ratata jatika pratipattiyak nativeeme mawa gana janatawa sanwada nokireema.tawa tiyenawa dan ati.

  • 0
    0

    We like guys like Mangala coming foreward to reveal Rajapakse Looters game show in Sri Lanka.

    Rajapakses are the Thug, murderous Economic and Social Assasins in Sri Lanka.

    Please keep all the documents preserved and safe, so one day even our children could go after Rajapakse Economic Assasin Alibabas.

    Also please see if you could get some consulting from CHOGM heads in this regard…….like a travel ban or arrest while on a tour or in Transit etc…

    The sooner you get rid of the Blood sucking Leech the better for our country. Very soon he will feed Punnakku and Grass to the people.

  • 0
    0

    ඔහොම නෙමේ ඔලුවෙන් හිට ගෙන මෙයා කෑ ගැහැව්වත් එජාපය ගොඩ එන්නේ නෑ….මුන් ට චන්දේ දෙන්න අපිට පිස්සුවක් ඇතැයි….

  • 0
    0

    UNP ආණ්ඩුව කාලේ වංචා දුෂණ සිද්ද උනේ නැද්ද .රවී කරුණානායක සතොසේ මුදල් වංචා කලේ නැද්ද ?මේ ආණ්ඩුව ඒකාධිපති ආණ්ඩුවක් කියනවා එතකොට 2002 වර්ෂයේ රනිල් වික්‍රමසිංහ කොටින්ට රට පාවල දීල උදා කරන්න හැදුවේ ඒකාධිපති පාලනයක් නෙමේද ?රණසිංහ ප්‍රේමදාස කොටින්ගේ උදව්වෙන් ජනාධිපති පුටුවට ඇවිත් කොටි පහර දීල යනකල් ආරක්ෂක අංශ වල අත් බැඳන් ඉන්න කියල කලේ ඒකාධිපති පාලනයක් නොවේද ?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.