19 November, 2018

Blog

ගෝඨාගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය හා ගෝල කමල්ගේ ජාතිවාදී වැසිකිළි කට

මංගල සමරවීර

මංගල සමරවීර

පසුගිය දා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති “වියත්මග” නම් වූ උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියකු පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවය. 88 – 89 භීෂණ යුගය යළි සිහිගන්වමින් ඔහු වැඩිදුරටත් ‘දේශද්‍රෝහීන්ට මරණය’ යන ලේබලය ගසා එය කළ යුතු බවත්, එසේ මරා දමනවුන්ගේ දේහයන් දණහිසෙන් ඉහළට නොගත යුතු බවත්, ගෞරව නොදැක්විය යුතු බවත් පවසා ඇත.

එවැනි අතිශය බියකරු ප්‍රකාශයක් සිදුකර ඇත්තේ, මේ රටේ හැටතුන් ලක්ෂයක ජනතාවක් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාවර සාමය, සංහිඳියාව සහ සංවර්ධනය වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළයුතු බව 2015 දී ජයග්‍රාහී ලෙසම සහතික කොට තිබියදීය. ජනතාවාදී, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් වශයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සම්මුතිවාදී ආණ්ඩුව ඒ වගකීම ඉටුකිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටියදී ය.

ප්‍රධාන නායකයන් දෙපළම රටේත් ලෝකයේත් විශ්වාසය දිනාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ සාර්ථකව ඉදිරියට ගමන් කිරීම ඉවසාගත නොහැකිව, ප්‍රජාතන්ත්‍රවාදය නොඉවසන බලලෝභී පරාජිත බලවේග වියරු වැටී ඇති බව මේ දිනවල ඇසෙන විවිධ ප්‍රකාශයන් දෙස බැලූ විට පැහැදිලිව තේරුම් ගත හැකිය. ජාතිවාදී වැසිකිළි කටවල්වලින් නිකුත් කෙරෙන එවැනි අසූචි ප්‍රකාශවලට පිළිතුරු ලබා නොදිය යුතු තරම්ය. නමුත් මල මිනී මත පිනුම් ගසමින් ලේ රස බැලීමේ නොහැකියාවෙන් වියරු වැටී සිටින ලේ පිපාසිතයන්ගේ උඩු බිරුම්වලට එරෙහි, ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් වෙනුවෙන් යමක් කිවයුතුය.

ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන අරමුණ සපුරා ගැනීමේ ක්‍රියාමාර්ගයක් වශයෙන් වියත්මග ව්‍යාපාරය ආරම්භ කළ මුල් දිනවලදී මා ප්‍රකාශ කර සිටියේ එය ‘රටට විපත්මග කැඳවන්නට’ දරණ උත්සාහක් බවය. එය ඔවුන් විසින්ම දැන් රට හමුවේ ප්‍රසිද්ධියේ සනාථ කර ඇත.

සුදුවෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය තවම නිමා වී නැති බව, ඔහු වෙනුවෙන් අටවාගෙන ඇති මෙවැනි ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය මිනීමරු ප්‍රකාශ හමුවේ යලි යලිත් හෙළිදරව් වෙමින් ඇත.

කමල් ගුණරත්න නමැත්තා සිය ‘හන්දිකඩාල්‘ නම් කෘතියක් මගින් උතුරේ අහිංසක ජනතාවට එල්ල කළ මාරාන්තික ප්‍රහාරයන් හා දේපළ කොල්ලකෑම් සම්බන්ධව කරුණු දක්වමින් ශ්‍රී ලංකා හමුදාව අමු අමුවේ පාවා දුන් අතර, එවැනි සිද්ධි දෙස බලමින් සිය වියරු අශාවන් සන්තර්පනය කරගත් ආකාරය පවා හෙළිදරව් කර ඇත. එපමණක් නොව ඔහු තානාපති සේවයේ යෙදී සිටියදී ලාංකේය සේවකයකුගේ අභිරහස් මරණයක් පිළිබඳ ඔහුට එරෙහිව පරීක්ෂණ තවම විභාග වෙමින් ඇත.

මේ මොහොතේ සිය හාම්පුතාගේ ලේ පිපාසිත ආශාවන් ඉටුකිරීම වෙනුවෙන් ඔහු මේ කරන්නේ, ආරක්ෂක හමුදාවට එරෙහිව ඇතැම් පාර්ශ්වයන් ගෙන එන ‘යුධ අපරාධ චෝදනා’ වලට තර්කානුකූල පසුබිම සැකසීමක් නොවේද?

ජාතිවාදී සාහසිකයකු ලෙස දිගින් දිගටම කටයුතු කරමින් සිටින සරත් වීරසේකර නමැත්තා ද “නව ව්‍යවස්ථාවට පක්ෂ වූවන් මරා දැමිය යුතු”  බව පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂගේ සුවච කීකරු ප්‍රකාශකයා වෙමිනි.

ජාතිවාදී තක්කඩිකම සිය දේශපාලන උපායමාර්ගය කරගත් විමල් වීරවංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද “ව්‍යවස්ථාව සම්මත කරගත නොහැකිවන පරිදි පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු” බවට ප්‍රකාශයක් කර තිබේ. ඔහු එදා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ සිය මස්සිනාගේ ආදර්ශය අනුව යමින් 88-89 යුගය නැවත මේ සමාජයට සිහිගන්වන්නට උත්සාහ කරනුයේ වියරු දේශපාලන තක්කඩිකම රටට හෙළිදරව් කරමිනි.

රාජ්‍ය බලය නොමැති සිවිල් වේදිකාවක සිට මෙවැනි මිනීමරු ප්‍රකාශ කළ හැකි නම්, රාජ්‍ය බලය සහිතව නිල ආයතන තුළ සිට මොන තරම් අපරාධ කරන්නට ඇත්දැයි සිහිබුද්ධිය ඇති පුරවැසියන්ට අනුමාන කළ හැකිය. එපමණක් නොව, මෙම තත්වය තුළ නව ව්‍යවස්ථාවට පක්ෂ, ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි බුද්ධිමත් පුරවැසියන්ගේ ජීවිත අවදානමක අනතුරක් මතුකරයි.

කැළය මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු නොවන බව සිහිගන්වමින් මේ සහසික කණ්ඩායමට බලය තිබුණත් නැතත් ඔවුන් මිනිස් ඝාතකයන් බව, ලේ පිපාසිතයන් බව සමාජය හමුවේ අනාවරණය කර ඇත. සුදු වෑන්වලින් පැමිණ විවිධ ඝාතක කල්ලි යොදවා සිවිල් පුරවැසියන්, මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ රහසිගත ඝාතක කල්ලි ක්‍රියාත්මක වූ රාජපක්ෂ යුගය මේ රටේ මිනිසුන්ට තවම අමතක වී නැත.

මේ රටේ හැට දෙලක්ෂයකට අධික ජනතාවක් නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටියේ එවැනි භීෂණකාරී පාලනයක් නැවත නිර්මාණය වීමේ අනතුර වළක්වා ගැනීම වෙනුවෙනි. වරක් නොව දෙවතාවක්ම එකී වියරු පාලකයන් පරාජය කරනු ලැබුවේ මේ රටේ මිනිසුන් ඒ බියකරු බවේ සාහසිකත්වය හොඳින් අත්විඳ ඇති බැවිනි. ඒ නිසා නැවත ඔවුන්ට ඉඩ ලබා දිය යුතු නැත.

ශ්‍රී ලංකාව තුළ සාමය සහ සංහිඳියාව නිර්මාණය කිරීම වෙනුවෙන් ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගැනීමටත්, සංවර්ධනයේ දිශානතිය ගොඩගැනීමේ කාර්ය වියරු බලලෝභී කිසිදු බලවේගයකට නතර කළ නොහැකි බවත් ප්‍රකාශ කර සිටිමු. එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියලු බලවේග සමග අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බව ප්‍රකාශ කර සිටිමු.

Print Friendly, PDF & Email

Latest comments

  • 4
    7

    ඒ කතාවේ කිසි වැරැද්දක් නැහැ. අනිවාර්යයෙන්ම, එහෙම තමයි මිනිස්සුත් හිතන්නේ.

    තමන්ගේ රටට ද්‍රෝහී වෙන ද්‍රෝහීන්ට කිසි රටක් සමාව දෙන්නේ නැහැ. බල්ලෝ වගේ වෙඩි තියල දානවා.

    රට බෙදන ව්‍යවස්ථාවට ඡන්දේ දීල රටයි ජාතියයි පාවලා දෙන ….ගෙ පුතාලට බෝම්බ ගහල මදි, බේරිලා එලියට ආවොත් වෙඩිත් තියන්න ඕනේ.

  • 1
    3

    රැකෙව් නැතහොත්
    මියෙව් සගයිනි
    වරෙව් සටනට
    එක… දැයක් වී
    .
    ගසව් අඬබෙර
    යමව් ගෙන්ගෙට
    කියව් රණ ගී
    සක්… හඬක් වී
    .
    රකිව් ලක්මව
    දියව් පණ නල
    නඟව් රණගොස
    රට… ගිගුම් දී
    .
    දැයයි අප දිනු
    එයයි හදවත
    නැගෙව් එක විට
    මහ… රළක් වී
    .
    ගනිව් මුගුරක්
    ගලක් අවියක්
    බසිව් පාරට
    ජන… ගඟක් වී
    .
    ලෙයයි සිංහල
    වෙයව් එඩිතර
    කියව් එක ලෙස
    එක… රටක් මේ
    .
    ඉරව් ගිවිසුම
    දමව් ගින්නට
    නැතොත් බෙල්ලට
    එල්ලයක් වී
    .
    එයයි විසඳුම
    මෙහෙව් නරි රැල
    දෙතොත් මව් රට
    දෙකඩ… කර දී

  • 0
    4

    “එසේම අති බහුතරයක් වූ මානවවාදී මිනිසුන්ගේ සියලු බලවේග සමග අත්වැල් බැඳගෙන ලේ පිපාසිත වියරු බලවේග නැවත පරාජය කරන්නටත් අපි සූදානම් බව ප්‍රකාශ කර සිටිමු.” How are you going to do it? By joining hands with blood thirsty brutal LTTE remnants in the diaspora and buying people with their black money, like last time? Or with Tamil Eelam to TNA? Or offering Dual Citizenship to Tamil terrorists? I forgot, how about jailing war heroes? For mere 500,000 Tamil votes in the North, you have promised too much. You have nothing for Sinhalese. Therefore you will receive nothing next time.

  • 1
    3

    1988-89 කාලේ තරුණයො 60,000ක් මරපු මිනීමරුවගෙ ආණ්ඩුවේ ඉන්න මංගල, කතාවක වචන දෙකක් අල්ලන් කරලා තියෙන ප්‍රකාශය විහිළුවක්.
    .
    හංගන් ඉන්න බටලන්ද වාර්තාවේ සවිස්තරව තියෙනවා 60,000ක් මරපු හැටි, මැරෙව්වේ කවුද කියලා. තමන්ගෙ අතින්ම සමහර තරුණයො පන පිටින් ගින්දරට වීසි කරපු මිනීමරුවාව, මංගල එල්ලුම් ගස් යවන්නේ කවදාද? කමල්වත්/විමල්වත් ප්‍රයෝගිකව කිසි දෙයක් කලේ නැහැ. හැබැයි සාක්ෂි සහිතව මිනීමරුපු එවුන් ගැන මංගල කියන්නේ මොකක්ද? මම JVPකාරයෙක් නෙමෙයි, නමුත් එදා මැරුවේ නැත්නම් අද පාර්ලිමේන්තුවේ ඉන්නේ, රට පාලනය කරන්නේ ඒ තරුණයෝ.
    .
    ටිල්වින් කියල තියෙනවා කමල් ගැනයි විමල් ගැනයි පරීක්ෂණ කරන්න ඕනේ කියල. ඒ දෙන්න වචන දෙකක් පාවිච්චි කළා විතරයි. මිනී මැරුවේ වත් බෝම්බ ගැහැව්වෙවත් නැහැ. හැබැයි ටිල්වින්ට නම් මිනීමැරුම් චෝදනාවක් තියෙනවා. යට ගහලා තියෙන ටිල්වින්ගේ මිනීමැරුම ගැනයි ඉස්සෙල්ල පරීක්ෂණ කරන්න ඕනේ.
    .
    කුරුඳු පොලු හමුදාවක් යවලා දකුණේ මිනිස්සුන්ට පන්න පන්න ගහපු මර්දනකාරී අතීතයක් තියෙන මංගලට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න අයිතියක් නැහැ.
    .
    දෙමල බෙදුම්වාදීන්ට තියෙන ලොකුම තර්ජනේ විමල්. ආණ්ඩුවට තියෙන ලොකුම තර්ජනෙත් විමල්. විමල් නොහිටින්න හුඟ දෙනෙක් ව්‍යවස්ථාවේ හංගලා තියෙන දේවල් දන්නෙත් නැහැ.
    .
    මහා සංඝ රත්නයයි රටේම ජනතාවයි විරුද්ධව ඉන්දත්දිත් රට බෙදන ව්‍යවස්ථාවක් හදා ගෙන අත්තනෝමතික ඒකාධිපති ගමනක ආණ්ඩුවක් යනකොට ඊට ප්‍රතිවිරෝධී රැල්ලක් එනවා. ඒක තමයි සවභාවධර්මය. මිනිස්සු හිතනවා තවත් ඉවසල වැඩක් නැහැ කියලා. ඒකට දේශපාලකයෝ ඕනේ නැහැ. වෙන රටවල් එක්ක බලපුවහැම අපේ රටේ මිනිස්සු ඉවසනවා. හැබැයි ඉවසීමට සීමාවක් තියෙනවා.
    .
    මේ යහපාලන ආණ්ඩුව ඇතුලේ මොන තරම් මිනීමරුවෝ ඉන්නවද? ස්ත්‍රී දූෂකයෝ ඉන්නවද? පාතාලය හදා වඩාගන්න ඇමතිවරු ඉන්නවාද? ත්‍රස්තවාදියෝ ඉන්නවද? LTTE සංවිධානයේ, පුනරුත්ථාපනය නොකරපු දේශපාලන අංශය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා. එකෙක් විපක්ෂ නායක. තව දෙමල ඇමතිවරියක්, විජයකලා ඉන්නවා ස්ත්‍රී දූෂකයෙකුට උදව කරපු. කෝ පරීක්ෂණ? කතානායකතුමා, ඔබෙනුයි අහන්නෙ, කෝ විජයකලාට විරුද්ධව පරීක්ෂණ? වෙන එකක් තියා මංගලටත් චෝදනාවක් තිබුන ගෙදර හොරකම් කරපු පිරිමි හොරෙක්වත් දූෂණය කළා කියලා. ඇත්තට මොකොද මචං ඒ පරීක්ෂනෙට වුනේ?
    .
    යහපාලනය ආණ්ඩුව බලයට ගෙනාපු ජාත්‍යන්තර ප්‍රජාව, මානව හිමිකම් කාරයෝ දන්නේ නැහැ ඇත්තටම තමන් බලයට ගෙනාවේ මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ පිරිමි දූෂකයන් කියලා. ජාත්‍යන්තරය දැනුවත් කරන්න කාලේ හරි.

    • 1
      1

      චම්පා කමෙන්ට් එක දාලා, කවියකුත් ලියලා, රචනාවකුත් තියලා. රටවල ද්‍රෝහියෝ ඇතිවෙන්නේ තියෙන දේශපාලන තත්වයේ නොඉවසන කමට සාපේක්ෂව නේ. ඉතින් 80 දශකයෙන් පස්සේ ඔය වචනෙ වැඩි වැඩියෙන් තමන්ගේ වාසියට යොදා ගැනෙනවා.

      හැබැයි, කවුරු කාට ද්‍රෝහියා උනත් වෙඩි තියන්න, මරන්න, ගල් ගසන්න අවශ්‍ය නැහැ. මොකද, දේශපාලනය කියන්නේ එහෙම පවතින තත්වයන් එක්ක වෙනස් වෙන දෙයක්. චමපාගේ ඉහලින් තියෙන කමෙන්ට් වලිනුයි කවි වලිනුයි පේන්නේ චම්පාගේ වෙස් මූණෙ යටින් තියෙන පාට විතරයි. ඒක හරිම ප්‍රාථමික දේශපාලන-සමාජ ප්‍රවේශයක මුග්ධම අවස්ථාව. වෙන වචන වලින් කිව්වොත් පරිනතභාවයෙන් ඉතාම හීන, කිසිම තුලනාත්මක කියවීමකින් තොර ආවේගශීලී බොල් ශබ්දයක් පමණයි. ඒ අදහස් වලින් රටක මානව සමාජයේ සංවර්ධනයට ගත හැකි දෙයක් නැහැ.

      • 1
        0

        කවුද මේ? රට බෙදල දෙන්න හවුල් වුනොත්, කිසි සමාවක් දිය යුතු නැහැ. ගහනව නෙමේ මැරුවත් මදි කියලා කියන්න මම බයත් නැහැ.

        මට නම් කවදාවත් වෙස් මුහුණක් තිබුනේ නැහැ. මම කවදත් ලිව්වේ මේ විදියට. 2015 මම මීට වඩා හුඟක් දරුණු දේවල් ලිව්වා. රටයි ජාතියි පාවාදීපු එවුන් එකෙක් වත් ඉතුරු කරන්න එපා කියලා එදත් මම ලිව්වා. අදත් ඒකම කියනව, එදා මම සහයෝගය දීපු, එදා දාගෙන හිටියෙ වෙස් මුහුණක් බව මම එදා දැනගෙන නොහිටපු මිනිස්සුන්ටත් එක්ක.

        “කවුරු කාට ද්‍රෝහියා වුනත්” කියන එකයි “තමන්ගේ රටටයි ජාතියටයි ද්‍රෝහී වෙන එකයි අතරේ” තියෙන වෙනස මට බණ කියන්න ඉස්සෙල්ල තමන් තේරුම් ගත්ත නම් තමා හොඳ. අපි විශ්වාසය තියපු දේශපාලකයෝ තමන්ගේ භූමිකාව හරියට කළා නම්, මිනිස්සුන්ට ජාතිද්‍රෝහීන් විනාශ කරන්න තරම් ආවේගයක් එන්නේ නැහැ.

        රටක “මානව සංවර්ධනයක්” කරන්න ඉස්සෙල්ල රටක පැවැත්ම ගැන හිතන්න ඕනේ. “මානවයෝ” කිව්වේ වඳුරන්ට නම් ප්‍රශ්ණයක් නැහැ. වඳුරන්ට නම් තමන්ට වැඩිපුර නිදහස තියෙන තැන, අවස්ථා තියෙන තැන, වැඩිපුර වැඳිරියො ඉන්න තැන, වැඩිපුර කෑම තියෙන තැන, හොයා හොයා ගහෙන් ගහට පැන පැන යන්න පුළුවන්, හරියට දේශපාලකයෝ වගේ. හැබැයි සිංහල මානවයාට, තමන්ට ඉතිහාසයක් තියෙන ජාතියකට, තමන්ට ආවේනික සංස්කෘතියක්, සභ්‍යත්වයක්, වටිනාකම් තියෙන ජාතියකට, ලෝකය එක්ක බැලුවොත් සුළු ජාතියක් වුනු සිංහලයන්ට, එහෙම යන්න බැහැ, තමන්ගේ භූමිය ආරක්ෂා කර ගන්න ඕනේ.

        “මානව සංවර්ධනය” කියන්නේ ජනතාවට ඉඩ ප්‍රස්තා හදල, නිදහස දීල, පුද්ගල සංවර්ධනය, සමාජ සාධාරණය, සමාජ සුභ සාධනයට අවශ්‍ය සාධක හදලා මිනිස්සුන්ගේ ජීවිත වඩා යහපත් අතට හරවන එකට. ඕක මේ අවුරුදු 30-40 කට ඉස්සෙල්ල ආපු බහුබූත සංකල්පයක්නේ. ඕකයි, මම උඩ ලියල තියෙන එකයි අතරේ කිසි සම්බන්ධයක් නැහැ.

        පරිණතභාවය කියලා කිව්වේ මොකොටද? කෙලින් කතා නොකර, කෙලින් තීරණ ගන්න බැරුව, එහෙටත් නැතුව මෙහෙටත් නැතුව, අර පැත්තයි මේ පැත්තයි දෙකම බේර ගන්න ඕනේ හින්දා, දෙපැත්තේම කකුල් තියාගෙන ඉන්න එකටද? එහෙනම් මම පරිණත නැහැ. ඒ මොකොද කිව්වා නම්, මම කියන්න තියෙන එක කාට වුනත් කෙලින් කියන, තීරණ ගන්න බය නැති, කිසි දවසක වචන දෙකේ වැඩ නැති නිසා. විරුද්ධ වුනොත් අන්තෙටම විරුද්ධයි, කැමති වුනොත් පණ හරි දෙනව.

      • 0
        0

        මහින්ද බය ගුල්ල.
        .
        මිනිස්සුන්ට අවශ්‍ය හැම වෙලාවෙම රටින් එලියට යනව. මේ පාරත් පැනලා දුවනව.
        .
        පහුගිය අවුරුදු දෙකේම මෙහෙමයි. රටට ඉතාම තීරණාත්මක පනතක් පාර්ලිමේන්තුවට ගේන හැම වෙලාවෙම රටින් එලියට පැනලා යනව. මිනිස්සුන්ගේ හදවත ගැහෙන රාවය හඳුනන්නේ නැහැ. චන්ද ගන්න විතරක් රට ගැන කියාගෙන පපුවට ගහගෙන මිනිස්සු ඉස්සරහට එනවා. රටට ඉතාම හානිකර දෙයක් වෙන හැම වෙලාවෙම මඟ ඇරලා යනව. තනිකරම වෙස් මුහුණක්.
        .
        ලැජ්ජයි, හිටපු ජනාධිපතිතුමා.
        .
        රට බේරා ගනියි කියලා ඔබතුමාට චන්දෙ දීපු මිනිස්සුන්ට දැන් ඒ මිනිස්සු චන්දෙවත් නොදීපු, ද්‍රෝහියා කියලා සලකපු, සිරිසේනගෙ පස්සේ යන්න වෙලා රනිල්ගෙන් රට බේරලා දෙන්න කියලා.
        .
        එන්න නම් එපා ආයෙ චන්දෙ ඉල්ලගෙන, තේරුණාද. මේව ඔක්කොම මතක් කරලා දෙනවා මිනිස්සුන්ට එදාට.

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    Why you are supporting the constitution ?. Is it because it is going to bury the Sinhala buddhists for ever. “IS it because your opinion that Sangamiththa brought buddhism and not Arahant MAHINDA. Why you are silent about the Central robbery by Ranil, RAVI the LIAR and the gang emptying Central bank, State banks, EPF funds and selling parts of Commercial bank to foreigners. Some say, even you got 200 million during the MAhinda Rajapakse time and you may be involved in the Central bank robbery too. Who owns the seond house coming near Bolgoda lake ? Why do you want to come to Bolgoda. Are you going to camp with muslims because MAtara is too dangerous for you,

  • 0
    0

    This comment was removed by a moderator because it didn’t abide by our Comment policy.For more detail see our Comment policy https://www.colombotelegraph.com/index.php/comments-policy-2/

  • 0
    0

    I heard you are asking help from Ven Galaboda Aththe Ghanasara. What are the conditions for that?

    • 0
      0

      I don’t think Venerable Galabodaaththe Gnanasara Thero will help this traitor. Venerable Thero is against the federal constitution.

  • 0
    0

    මේක ආපහු ලියන්නේ ගරුතර මහා සංඝ රත්නයට:
    .
    සිංහලයන්ට අද නායකත්වයක් නැහැ. කවදාවත් නැති තරමට ජාතිය මහා සංඝ රත්නයෙන් ඉල්ලා හිටිනවා රට වෙනුවෙන් ඉදිරිපත් වීම විතරක් නෙමෙයි ජාතිය වෙනුවෙනුත් නායකත්වය දෙන්න කියලා.
    .
    “තාම හදලවත් නැහැයි කියපු” ව්‍යවස්ථා කෙටුම්පත අන්න පාර්ලිමේන්තුවට ගේනවා විවාදෙකට 30ස් වෙනිද.
    .
    ඇයි අපේ හාමුදුරුවරු කොන්ද පණ තියාගෙන අහන්නේ නැත්තේ “නැහැයි කියපු ලියවිල්ලක්” ගැන එක දවසකුත් නෙමෙයි, දවස් 3ක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවාදයක් තියන්නේ කොහොමද කියලා?
    .
    පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බට පස්සෙ රනිල් හදිසියේ චන්දෙකට ගියොත් ඔය “නැහැයි කියන රට බෙදන ලියවිල්ල” සම්මත වෙනවා. ඊට පස්සේ මොන විරෝධතා දැම්මත් වැඩක් නැහැ. චන්දයක් නොතිබ්බත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාට පස්සේ නීතිමය බලයක් ලැබෙනවා.
    .
    බෙල්ලන්විල හාමුදුරුවෝ වගේම පහුගිය දවස් වල මාධ්‍ය හමුවට ඇවිල්ල රට වෙනුවෙන් එඩිතර නොසැලෙන හඬකින් කතා කරපු හැම හාමුදුරුකෙනෙකුටම මගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා. (සමාවෙන්න ඕනේ නම් ඔක්කොම මෙතැන නොලිව්වට) හැබැයි තාම මේ හාමුදුරුවන්ගේ ගැම්ම මදි. බෙල්ලන්විල හාමුදුරුවන්ගේ නම ලිව්වේ උන් වහන්සේ කියපු දෙකට මට දෙයක් පැහැදිලි කරන්න ඕනේ වුන නිසා. ඒක පස්සේ කියනව.
    .
    හාමුදුරුවනේ, පැහැදිලිවම පේන විදියට මහා නායක හාමුදුරුවන්ව රටෙන් පිට කරලා තියෙනව මේ “නැහැයි කියන” ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදෙට ගන්න දවස් වල. මම දන්නා විදියට මහනායක හාමුදුරුවරු නැවත වඩින්නේ 30ස් වෙනිදයින් පස්සේ. එතකොට විවාදේ පටන් අරන් ඉවරයි. මම ඇත්තටම හිතුව මේ සීත සෘතුවේ කවදාවත් නැතුව මහනායක හාමුදුරුවරු ලන්ඩන් වගේ රටකට වඩින්නේ ඇයි කියල. එහෙම නැත්නම් මහනායක හාමුදුරුවරු රටේ නොහිටින වෙලාවක මේ විවාදෙ පටන් ගන්න සැලසුම් කරලා තියෙනව. මේක සැලසුම් සහගත කුමන්ත්‍රණයක්.
    .
    මහනායක හාමුදුරුවරු රටේ නැති නිසා, අනිත් හාමුදුරුවරු රට රැක ගන්න සටන අතට ගන්න ඕනේ.
    .
    30 වෙනිදා “මේක” පාර්ලිමේන්තුවට ගෙනාවොත්, එදාට මුළු රටෙම හාමුදුරුවරු මහ පාරට බස්සනවා, පාර්ලිමේන්තුව ළඟ රැස් කරනවා කියල කොන්ද පණ තියාගෙන ආණ්ඩුවට තර්ජනය කරන්න හාමුදුරුවනේ. අපේ හාමුදුරුවරු තමන්ගේ ශක්තිය පෙන්වන්න තවත් බලා ඉන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ.
    .
    තමන්ගේ පපුවට තුවක්කු බට එල්ල වෙත්දීත්, මරණය පෙනී පෙනීත්, සුද්දන්ට තර්ජනය කරපු හාමුදුරුවරු හිටපු රටක, මේ පඟර නැට්ටන්ට රට බෙදන්න දීලා බලා ඉන්නවා. ලැජ්ජයි.
    .
    Contd’1/2

  • 0
    0

    Contd’ 2/2
    .
    අපේ හාමුදුරුවරු මීට වඩා වැඩි හයියකින් මේ “නැහැයි කියන ලියවිල්ල” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එපා කියන්න ඕනේ. මේ විදියටම ජනවාරි 9ත් මේක ගේන්න හැදුව. ඊට පහුවෙනිදා-10 වෙනිදා කලින් සැලසුම් කරපු විදියට විමල්ව හිරේ දැම්ම ඒකට විරෝධයක් එන එක නවත්තන්න. හැබැයි ජනාධිපතිතුමා එදා ඒක නැවැත්තුව. අද එතුමාගේ භූමිකාව මට තේරෙන්නේ නැහැ. එතුමා අන්දන්න හදන්නේ මහා සංඝ රත්නය සහ ජනතාවද එහෙම නැත්නම් රනිල් සහ යුඑන්පි කාරයන්ද කියල මට තේරෙන්නේ නැහැ. හැබැයි දෙන්නම සිංහලයන්ට වඩා අදින්නේ දෙමළුන්ගේ පැත්තට කියන එක නම් පැහැදිලියි.
    .
    රනිල් කරන්නේ තනිකරම හාමුදුරුවරු සහ ජනතාව නොමඟ යවලා මේ ලියවිල්ල විවාදෙට ලක් කරලා ඒකට නීතිගරුක භාවය දෙන්න. ඒ නිසා අපේ හාමුදුරුවරු එක හඬින් කියන්න ඕනේ “තාම ලියලවත් නැහැයි” කියලා රටටම බොරු කියල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන “වංචා සහගත ලියවිල්ල” වහාම ඉවත් කරන්න කියල. නැත්නම් මුළු රටේම හාමුදුරුවරු පාරට බහිනවා කියලා. ලංකාවේම හාමුදුරුවරු කොලොඹට වැඩම කරවන්න ඕනේ.
    .
    මහනායක හාමුදුරුවරු නැවත වඩිනකම් බලා ඉන්න බැහැ. එතකොට පරක්කුයි. සිංහල ඉතිහාසයේ මෙහෙම පරක්කු වෙච්ච අවස්ථාවල අපිට හුඟක් දේවල් නැතිවුන. ඒවා ලබා ගන්න අපිට හුඟක් සටන් කරන්න වුන. ජීවිත නැතිවුන. වෙල්ලස්ස කැරැල්ල සහ සිංහලයන්ගේ සමූල ඝාතනය හොඳම උදාහරණය. එක ලේ බිඳුවක්වත් හොලවන්නෙ නැතුව මේක නවත්තන්න පුළුවන් වෙලාවේ නවත්තන්න හාමුදුරුවනේ. පස්සේ පසු තැවෙන්න එපා.
    .
    ඇත්තමයි, ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ ගැන මොනව හිතුවත්, උන්වහන්සේගේ එඩිතර හඬේ වටිනාකම දැනෙන්නේ මේ වෙලාවට තමයි.
    .
    සිංහලයන්ට අද හරි නායකයෙක් නැහැ. අපි නායකයෝ කියලා හිතපු මිනිස්සු අද දේශපාලනයේ ඉන්නේ තමන්ගේ ආත්මාර්ථ අභිප්‍රායයන් මුදුන් පත් කරගන්න විතරයි කියන එක හොඳටම පැහැදිලියි. රට බෙදන ව්‍යවස්ථාවට විරුද්ධව රටට නායකත්වය නොදුන්නට, සිංහලයට මේ අවස්ථාවේ ඉතාම අවශ්‍ය විධායක ජනාධිපති අහෝසි කරනවා කිව්වා නම් පැනල නායකත්වය දෙනවා. ඒ මොකොද ඒකෙන් තමන්ට බලයට එන්න තල්ලුවක් ලැබෙන නිසා. දේශපාලකයන්ගේ පැත්තෙන් පාට පක්ෂ නැතුව ජනතාවට නායකත්වය දෙන්න, ජනතාව පාරට ගේන්න ඉන්නේ විමල් විතරයි. මම විමල්ට සහයෝගය දෙන්නේ විමල් රට රැක ගන්න ඉදිරිපත් වෙන නිසා. විමලුත් දේශප්‍රේමියෙක් නොවී, අනිත් අය වගේ ආත්මාර්ථකාමී බල ලෝභී දේශපාලකයෙක් වුනා නම් මම කවදාවත් විමල්ට සහයෝගය දෙන්නේ නැහැ.

  • 0
    0

    බෙල්ලන්විල හාමුදුරුවො කියල තිබුන රට බෙදන ව්‍යවස්ථාව සම්මත වුනොත් ජනමත විචාරණෙන පරද්දන්න පාරට වැඩම කරනවා කියල. ගරුතර හාමුදුරුවනේ, ජනමත විචාරණයකට යන්න හිතන්නවත් එපා. ඒක අපිට හුඟක් අවාසියි. ඒක අපි විහින්ම ඊලමට හදල දෙන “වක්‍ර පාරක්.”
    .
    ඒ කියන්නේ මුළු රට පුරාම ෆෙඩරල් ව්‍යවස්ථාවට කැමතිද කියල ජනමත විචාරණයක් තිබ්බොත්, උතුරු සහ නැගෙනහිර දෙමල මුස්ලිම් හැමෝම කැමැත්ත දෙනවා. සිංහලයෝ ඔක්කොම විරුද්ධ වුනත්, ෆෙඩරල් ව්‍යවස්ථාවට කැමති සුළු ජාතිකයන්ගේ කැමැත්ත තියෙන විදිය පළාත් වශයෙන් වෙන් වෙන්ම විශ්ලේෂණයක් කරන්න පුළුවන්. එහෙම කරලා කියන්න පුළුවන් උතුරු පළාතේ වැඩි ජනගහනය (දෙමල කියලා නොකිය) සහ නැගෙනහිර පළාතේ වැඩි ජනගහනය (දෙමල සහ මුස්ලිම් කියල නොකිය) වඩාත් කැමති වෙන්ව, ෆෙඩරල් ප්‍රාන්ත පාලනයකට කියලා. මේක ජාත්‍යන්තරය පිලි ගන්නවා උඩින්ම. එතකොට මීට වඩා වැඩි බලපෑමක් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එකඟ වෙනවා ඔවුන්ට ඒ අයිතිය දෙන්න ඕනේ කියල. මේකට කියන්නේ “Majoritarian Rule” කියල. එකයි මං කිව්වේ “වක්‍ර ආකාරයෙන්” අපිම රට බෙදල දෙනවා ජනමත විචාරණයකට ගියොත්, ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ නැහැ.
    .
    මම හිතන්නේ සිංහලයන්ට තේරුම් යන්න ඕනේ “මොන තරම් සූක්ෂම විදියට අපිව කොටු කරලා දෙමල ඊලම ගන්න” යනවද කියලා.
    .
    සම්පන්තන් සහ සුමන්තිරන් කිව්වහම ගිය අවුරුද්දේ “අපි කැමති සිංහලයන්ගේ කැමැත්ත උරගාල බලන ජනමත විචාරණයකට යන්න, එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය” කියල, “එදා” ගම්මන්පිල වගේ මිනිස්සු සම්පන්දන් ගැන මහා ඉහලින් කතා කළා. සම්පන්තන් සිංහලයන්ගේ කැමැත්තට ගරු කරනව කිව්වා. මම නම් එදත් කිව්වා මේ උගුලට අහු වෙන්න එපා කියල. මුන්, ජාතිවාදී දෙමල බෙදුම්වාදියෝ, හිතා ඉන්නේ අපි මහ මෝඩ රැළක් කියලා. ඒ නිසා ජන මත විචාරණය ගැන කතා කරන්න එපා හාමුදුරුවනේ.
    .
    එක මතයේ ඉන්න, හාමුදුරුවනේ. — “දෙමල ඊලමට පාර කපන අළුත් ව්‍යවස්ථාවක් එපා, සංශෝධනත් එපා, ව්‍යවස්ථාවට අත නොතබනු” !!! එච්චරයි.
    .
    .Contd’ 1/2

    • 0
      0

      මේකේ එක කොටසක් අඩු වෙලා. අර “Majoritarian Rule” කියපු එකේ.
      .
      ජනමත විචාරණයෙන් ව්‍යවස්ථාව පරාද කලත්, ජනමත විචාරණයට කැමති, උතුරු නැගෙනහිර බහුතර චන්ද සංඛ්‍යාව අනුව ස්වයං පාලනයක් ලබා ගන්න පුළුවන්. ඊටත් වඩා පැහැදිලිව කියනව නම් දෙමල ඊලමක්. ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව, ව්‍යවස්ථාව වෙනස් නොකර වුනත් ස්වයං පාලනයක් ගන්න පුළුවන්.
      .
      නැගෙනහිර වුනත්, දෙමල මුස්ලිම් එකතු වෙලා Tandem Rule එකක් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ නිකම් අර Diarchy කියනව වගේ (තනි සිංහල වචනයක් මම දන්නේ නැහැ). ඒ කියන්නේ උතුරු සහ නැගෙනහිර දෙමල, මුස්ලිම් දෙගොල්ල එකතු වෙලා එක පාලනයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අර Co-rule කියල කියන්නේ. එතකොට පළාත් දෙක එකතු කර ගනියි. අපිට කරන්න කිසිම දෙයක් නැහැ, අපිට පළාත් දෙකකුයි මුහුදෙන් තුනෙන් දෙකකුයි නැති වෙනවා.
      .
      රනිල්ගේ අනිත් යෝජනා වලට අනුව ජනාධිපතිට බලය නැහැ පළාත් සභා විසිරුවන්න, ඒ විතරක් නෙමෙයි, ඊළඟ චන්දෙදි ජනාධිපතිව පාර්ලිමේන්තුවෙන් පත් කරන යෝජනාවකුත් තියෙනව. රනිල් කරන්න හදන්නේ උතුරු නැගෙනහිරත් දීල, 2025 වෙනකනුත් ඉන්න. මේක හැම අතින්ම භායනක තනිකරම ඒකාධිපති යෝජනාවලියක්.

  • 0
    0

    Contd’ 2/2
    .
    ප්‍රභාකරන් අවි අතට ගත්තේ මේකට. 27,000ක් අපේ සොල්දාදුවෝ ජීවිතේ පූජා කලේ, තව 20,000ස් ගානක් අත පය අහිමි කරගත්තේ මේක නවත්තවන්න. හෙණ ගහනව මුන්ට. – මේ ව්‍යවස්ථාවෙන් රනිල් උතුරු නැගෙනහිරට දෙන්න හදන්නේ ප්‍රභාකරන් ඉල්ලුවටත් වඩා වැඩි උපරිම ඒකාධිපති බලයක්.
    .
    ප්‍රභාකරන් සහ ත්‍රස්තවාදීන් ඉවර කලාට, පරාද කලාට ඔවුන්ගේ මතවාදය හෙවත් බෙදුම්වාදය පරාද වුණේවත් විනාශ වුනේවත් නැහැ. අපි බෙදුම්වාදය අවතක්සේරු කළා. නැතිනම්, යුද්ධෙ දිනුවට පස්සේ පළාත් සභා අහෝසි කළා නම්, (මොකොද පළාත් සභා පිහිටිව්වේ යුද්ධෙ ඉවර කරන්න නිසා), බෙදුම්වාදය පරාද වෙනවා. අපි ඒක කලේ නැහැ.
    .
    මේ ආණ්ඩුවට බෙදුම්වාදයට කලින් තිබුනත් වඩා ජීවය දුන්න. දැන් අපි අනාගතේ ලේ හැලෙන රටක් බවට පත් වෙන තැනටයි මේ යන්නේ. මහා සංඝ රත්නය මේ ලේ හැලීම නවත්තන්න ඉදිරපත් වෙන්න ඕනේ. හෙට අනිද්දා දෙකේ පාරට බහින්න හාමුදුරුවනේ, අනිත් හාමුදුරුවරුත් එක්ක. පාර්ලිමේන්තුවට යන පාර අවහිර කරල හිට ගෙන හරි වාඩි වෙලා හරි කියනන ඕනේ පාර්ලිමේන්තුවට 30 වෙනිදා ගේන රට බෙදන ලියවිල්ල සදහටම අයින් කර ගන්න කියල. මේක අන්තිම අවස්තාව විදියට පාවිච්චි කරන්න ඕනේ. මොකොද ඒක ගේන්න නොයෙකුත් දේවල් කරන්න පුළුවන් නිසා. ලොකු හාමුදුරුවරු ඔක්කොම පාරට වැඩිය නම් හරි. පාර්ලිමේන්තුව ගැන විශ්වාස කරන්න එපා.
    .
    සටන් කරන්න ඕනේ අවස්ථාවේ පන්සල් වලට වෙලා භාවනා කරලා හරි යන්නේ නැහැ. මොන රජවරු හිටියත්, හැම තීරණාත්මක අවස්ථාවකම මේ රට බේරලා දුන්නේ හාමුදුරුවරු. අදටත් එක එහෙමමයි.
    .
    මගේ ඉල්ලීම මහා සංඝ රත්නයට::: වහාම ඝාන්ඨාර ගහල පන්සලට මිනිස්සු කැඳවන්න. හෙට-අනිද්දා දවස් දෙකේ, ඝාන්ඨාරේ නොනවත්වා ගහන්න. එතකොට මිනිස්සු පන්සලේ කරදරයක් කියලා දුවගෙන එනව. ඉස්සර හාමුදුරුවරු මෙහෙම කළා කියලා පොඩි කාලේ අහලා තියෙනව. 30 වෙනිදා පාර්ලිමේන්තුවේ කරන්න හදන දේ ගැන මින්ස්සුන්ව දැනුවත් කරන්න. දායක සභාව රැස් කරවන්න. අනිත් පන්සල් වලට, ඈත පළාත් වල පොඩි පන්සල් වලටත් පණිවුඩේ කියන්න. ගම්වල මිනිස්සුන්ට කියන්න කියන්න 30වෙනිදා පාර්ලිමේන්තුවේ මෙහෙම දෙයක් වෙනවා කියලා. රටම පාරට බහින්න ඕනේ. පුළුවන් අය පාර්ලිමේන්තුව ලඟට එන්න ඕනේ. මේ “ෆෙඩරල් ව්‍යවස්ථාව නැවත කිසි දවසක ගේන්නේ නැහැ” කියලා පොරොන්දුවක් දෙනකම් පාරෙන් අයින් වෙන්න එපා!!! Come or go, guys.

  • 0
    0

    වැඩි අටුවා ටීකා ‌ටිප්පනි අවශ්‍ය නැත. මංගල සම‌ෙර ‌ෙගන් ‌ෙමරටට සිදු වී ඇති එක් යහපත් ‌ෙදයක් ‌ෙහා් ඇද්ද? නැත. කිසි‌ෙස්ත්ම නැත. රටට ‌ද්‌ෙරා්හී වීම හැරැණු ‌ෙකාට ‌ෙම්කා කළ සත පහක ‌ෙදයක්‌‌‌ ‌ෙනාමැත. නමුත් කමල් ගුණරත්නලා කළ ‌ෙද් නිසා රටට වූ ‌ෙසත ‌ෙම‌ෙතකැයි කිව ‌ෙනාහැක. මංගල සම‌ෙර වැනි දුෂ්ටයින්ටත් නිරැපද්රිතව පා‌ෙර යන්ට හැකි වාතාවරණයක් සැකසූ කමල් වැනි මිනිසුන්‌ෙග් ඇස් ඉදිරිපිටම ‌ෙබදුම්වාදීන්ට රට පාවා දීමට මංගල සම‌ෙර ද ප්රාධාන කාරියබාරයක් ඉටු කරන විට, රට ‌ෙවනු‌ෙවන් කැපවූ කමල් වැනි ‌මිනිසුන්ට ‌ෙම් ද්‌ෙරා්හීනුත් මරා‌ෙගන මැ‌ෙරන සිතක් පහල වීම අරැමයක් ‌ෙනා‌ෙවයි.

Leave A Comment

Comments should not exceed 300 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically shut off on articles after 10 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.