20 April, 2024

Blog

අතුරුදන්වූවන් සඳහා බාධා නොමැති ගමනක්

මංගල සමරවීර​ –

මංගල සමරවීර​

ජනාධිපති සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ නායකත්වය දෙන මෙම රජය මෙරට ජනතාවට දුන් වැදගත් පොරොන්දුවකට ප‍්‍රාණය දුන් මේ මොහොත දැකබලා ගැනීමට අපි වාසනාවන්ත වෙමු.  අතුරුදන්වූවන් සඳහා වූ කාර්යාල පනත වසර 2016 අගෝස්තු මාසයේ දී සම්මත වූ අතර එහි රාජකාරී කටයුතු කරගෙන යාමට හා පරීක්ෂණ ඉක්මනින් ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 27 වැනි දින සත් පුද්ගල කොමිෂන් සභාවක් ප‍්‍රකාශයට පත්කරන ලදී.

අතුරුදන්වූවන් සඳහා අරගලයට මාගේ කැපවීම මගේ දේශපාලන ගමන තරම් ඈතට ගමන් කරයි. විශාල වශයෙන් පුද්ගලයින් අතුරුදන් වන බියකරු කාල පරිච්ජේදයක් වූ 80 දශකය මගේ සිහියට නැගේ. මගේ නගරාශ්‍රිතව සිදුවූ එකී ක්‍රෲර ක්‍රියාකාරකම් මා උද්වේගයට පත්කළ අතර එය මගේ ජීවිතය දේශපාලනයට කැප කිරීම සඳහා තීරකයක් වූ අතර එම ක්‍රෲරත්වයෙන් අගතියට පත් පවුල්වලට සාධාරණය ඉටුකිරීමේ ප්‍ර​බල ආශාව මා තුළ ඇතිවිය. කාලය තුළ එම ක්‍රෲරත්වයට එරෙහි සටන්කළ නායකයින්ගේ වදන් මා මෙම අරගලය සඳහා පෙළඹවීමට ප්‍ර​ධාන කරුණක් වූ අතර එකී නායකයින් අතර හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා එක් අයෙකු වීම දෛවයේ විශාලතම සරදමක් විය හැකිය. එකී අතුරුදන්වූ පුද්ගලයන් සෙවීම හා ඊට සමාන සැහැසි ක්‍රියා අනාගතයේ සිදුවීම වැළැක්වීම සම්බන්ධව ඔහු මහත් උනන්දුවෙන් කාලයේ දී කථා කළේ . ඔහුගේ හද සසල කරවන වචන හා එදා අවශ්‍යව තිබූ අරගලය සඳහා ඔහුගේ කැපවීම මා සිත්තුළ තදින් ධාරණය වූ අතර කාරණයම නිසා අපි සාධාරණය සොයා ගමනක් ආරම්භ කළෙමු.

වසර 1990 දී දියත් කළ මව්වරුන්ගේ පෙරමුණේ සම කැඳවුම්කරුවන් වුයේ රාජපක්ෂ මහතා සහ මම . මෙය දකුණේ අතුරුදන් වූ ළමුන් සෙවීම උදෙසා ආරම්භ කළ ව්‍යාපාරයක් වූ අතර මෙකී සංවේදී මාතෘකාව වටා දේශනාවක් සිදුකිරීමට එම ව්‍යාපාරය මහත් බලපෑමක් ඇතිකළේ . අද මෙරට අහිංසක මව්වරුන්ගේ වේදනාව දුරලීම උදෙසා රැගෙන ඇති පියවර කඩාබිඳ දැමීමට හඬනගන සංවේදී හා ඝෝෂාකාරී උත්සාහයන් සම්බන්ධව මම කණගාටුවට පත්වෙමි.

මේ අන්දමට මෙතෙක් මෙම ගමන ඉතා දිගු මෙන්ම පහසු එකක් නොවේ. අතුරුදන්වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීමට අද දවසේ සැබවින්ම අවශ්‍යතාවක් ඇති කළේ වසර 30කට ආසන්න ඉතිහාසයක් ඇති ප‍්‍රචණ්ඩත්වය යි. එය පෙරටත් වඩා දැඩි ලෙස දැන් අවශ්‍ය වී ඇත. පශ්චාත් යුධ ප‍්‍රචණ්ඩත්වයට වසර කීපයකට පෙර 70 සහ 80 දශකවල JVP කැරලි සමයේ සිට අපි බොහෝ ගැටුම්වලින් පීඩාවිඳ ඇත්තෙමු. මෙකී පීඩාකාරී කාල වකවානුවල දී අතුරුදන්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් තිබූ අවධියක මෙම ගමන සම්පූර්ණයෙන් නිමා කිරීමට කිහිප දෙනෙකු අප සමඟ එකට එක මඟ ගමන් කළහ. මෙම සාහසික අපරාධවලට එරෙහිව දුක්ඛප‍්‍රාප්තියෙන් කථාකළ හඬවල් හදිසියේම ඔවුන්ගේ එකී හෙඬේ ස්වරය වෙනස් කිරීමට පටන් ගත්හ. එලෙස හඬනැගූ පුද්ගලයෝම බලාපොරොත්තු රහිත ලෙස තම කඳවුරු වෙනස් කරමින් අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ප‍්‍රහාර එල්ල කළ අතර ඒවා මෙහෙයවන ලැබුවේ රාජපක්ෂ මහතා ගේ පාර්ශවය විසිනි.

වාර්තාවන ආකාරයට අතුරුදන්වන පුද්ගලයන්ගේ ප‍්‍රමාණය දිනපතා ඉහළ යමින් අතුරුදන්වූවන්ගේ ප‍්‍රශ්නය තවමත් න්‍යාය පත‍්‍රයේ ඉහළින් තිබේනම් වෙනුවෙන් සටන් නොකරන්නේ මන්දැයි යන ප‍්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ. උත්තරය සරල හා කණගාටුදායක යි. පසුගිය වසර 30 ක් පුරාවට අතුරුදන්වූවන්ගේ පවුල්වල දුක්ගැහැට පරයමින් ආත්මාර්ථකාමී ප‍්‍රතිපත්ති හා පක්ෂ දේශපාලනය ප‍්‍රමුඛස්ථානය ගෙන ඇති බවයි.

1989 දී මේ කාරණය රාජපක්ෂ මහතා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඔවුන් සම්බන්ධ ලේඛන සහ තොරතුරු රැගෙන යන අවස්ථාවේ ඔහුව ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගැනීමට හේතුවූ අතර එතුමා සටන් වැදි එම කාරණයම ඔහුගේ කඳවුර විසින් අද දින රණවිරුවනට පහර ගසන ව්‍යාපාරයක් ලෙස ආලේඛනය කර තිබේ.  දේශපාලන ලාභ තකා සත්‍ය කාරණය විකෘතිකර බලලෝභී කිහිප දෙනෙකුගේ අතට පත් උපකරණයක් වී එය සටකපට ලෙස මෙහෙයවා ඇත. පොදු ජනතාව ව්‍යාකූලත්වයට පත්කිරීම සඳහා දුර්මත ඉදිරිපත් කර ඇති අතර ඒවායින් අගතියට පත්වී ඇත්තේ අන් කවුරුන් හෝ නොව තම සමීපතමයන් අහිමිවීමෙන් දුකට පත් පවුල්වල සාමාජිකයින් පමණි. නමුත් වැරැද්දක් නොකර සිටිනු! මෙකී ආත්මාර්ථකාමී කිහිප දෙනෙකුගේ අගතිගාමී ක‍්‍රියාකාරකම් හේතුවෙන් අපේ ගමන නිමාවකට පත් නොවේ.

අතුරුදන්වූවන්ගේ කාර්යාලය එක් ප‍්‍රජාවකට පමණක් ප‍්‍රතිලාභ ගෙනදී තවත් ප‍්‍රජාවකට තර්ජන කිරීමට අරමුණුකර නොමැත. එය හුදෙක් සත්‍ය සෙවීමේ ක‍්‍රියාදාමය කි. එහි අරමුණ අතුරුදන්වූ ලෙස හඳුනාගත් පිරිස් හෝ ගැටුම් පැවැති කාලය තුළ අතුරුදන්වූ පිරිස් පිළිබඳ පරීක්ෂණ කර සත්‍ය කුමක්දැයි සෙවීම යි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන ආකාරයට සිවිල් යුද්ධය පැවැති කාලසීමාව තුළ පුද්ගලයින් 16,000 පමණ අතුරුදන්වී තිබේ. ඉන් 5100 පමණ හමුදා අංශවලට අයත් සෙබලූන් වේ. මෙසේ අතුරුදන් වී ඇත්තේ එල්ටීටීඊය විසින් නිර්මාණය කරන ලද ත‍්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ හමුදා සෙබලූන්ම . මෙසේ අතුරුදන්වූවන් කොහේ සිටින්නේදැයි යන සත්‍ය සොයා ඔවුන්ගේ පවුල් සාමාජිකයින් හා අනෙකුත් ආදරණියයන්ගේ සන්තාපයන් නිමා කිරීමට කටයුතු කිරීම ජාතියක් ලෙස අපට වගකීම තිබේ.

අතුරුදන්වූවන් සඳහා පිහිටුවා ඇති කාර්යාලයට ලැබී ඇති වරය නම් සියලූ වර්ග හා ආගම් සීමා මායිම් නොතකා කටයුතු කිරීම යි. උතුරු නැගෙනහිර පැවති ගැටුම් කාලය තුළ හා ඉන් පසුව අතුරුදන්වූවන් පිළිබඳ විමර්ෂණය කිරීමට මෙම කාර්යාලය බලාපොරොත්තු වේ. හමුදා හා පොලිස් සාමාජිකයින් ඇතුළුව සියලූ ජන වර්ගවලට අයත් අතුරුදන්වූවන් “ක‍්‍රියාන්විතයේ දී අතුරුදන්වූ” ලෙස මෙහිදී හඳුන්වන ලැබේ. නොසන්සුන් දේශපාලන වාතාවරණය තුළ හෝ දකුණේ පැවති සිවිල් කලබල අවස්ථාවල මෙන්ම දිවයින පුරා බලහත්කාරයෙන් සිදුකරන ලද බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් මෙම කාර්යාලය විසින් විමර්ෂණය කරනු ඇත.  අතුරුදන්වූවන් සෙවීමේ කාර්යය කරගෙන යාම, එබඳු පුද්ගලයින් සෙවීම, එබඳු පුද්ගලයින් අතුරුදන්වීමට බලපෑ කරුණු කාරණා හා එසේ අතුරුදන්වූවන්ගේ ඉරණම පැහැදිලි කර ගැනීම, අදාළ බළධාරීන්ට එවැනි සිදුවීම් අඩුකර ගැනීමට නිර්දේශ ඉදිරිපත් කිරීම හා අතුරුදන්වූවන්ගේ පවුල්වලට කළහැකි නිසියාකාර සහන සැපයිය හැකි මාර්ග නිර්දේශ කිරීම හා එම ක‍්‍රියාමාර්ග අගතියට පත් පවුල් වෙත දැනුම් දීම යනාදිය අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ලබාදී ඇති මෙම වරය මගින් සහතික කරදී තිබේ.

විමර්ෂණ ආයතනයක භූමිකාව හැර අතුරුදන්වූවන්ගේ කාර්යාලය උසාවියක් බඳු නීතිය පසිඳලීමේ හෝ අධිකරණ ආයතනයක් නොවේ. මීට අදාළ නීතිය පැහැදිලිවම සඳහන් කරන්නේ “අතුරුදන්වූවන්ගේ කාර්යාලය සොයාගන්නා කරුණු කිසිදු අපරාධ හෝ සිවිල් අධිකරණ ක‍්‍රියාවකට” ඉඩකඩ ලබා නොදෙන බවයි.

අපගේ රණවිරුවන් දඩයම් කර ඔවුනට නීතීය මඟින් කටයුතු කිරීමේ අරමුණින් මෙය පිහිටුවා ඇතැයි පතුරුවා ඇති මිත්‍යා මතය සම්පූර්ණ අසත්‍යයකි. ප‍්‍රචණ්ඩත්වය ඇතිකළ වරදකරුවන්ට එරෙහි අභිචෝදනා ගොනු කිරීමට අතුරුදන්වූවන් ගේ කාර්යාලයට හැකියාවක් නොමැත. සාමය හා සංහිදියාව ඇතිකිරීම වෙනුවෙන් මෙම රජය ගෙන ඇති අවංක හා සාධාරණ ක‍්‍රියාමාර්ග නැවැත්වීමට එසේ කටකථා පතුරුවන ලද්දේ යම් යම් දේශපාලන මෙහෙයවීම් විසිනි. අතුරුදන්වූවන්ගේ කාර්යාලය යනු ගැටුම් කාලසීමාවේ දී අතුරුදන්වූ පුද්ගලයින්ගේ පවුල් සාමාජිකයින්ගේ හා ඔවුන්ගේ මිතුරන්ගේ දුක් ගැනවිලි ආමන්ත‍්‍රණය කිරීම සඳහා හා අනාගතයේ දී ඔවුන්ගේ එකී දුක්ගැනවිලි යහපත් ලෙස පිරියම් කිරීම උදෙසා පිහිටුවන ලද කාර්යාලයක් පමණි. තම සමීපතයන් හා මිතුරන් අහිමිවූ පුද්ගලයනට විශ්වාසය හා බලාපොරොත්තු අලූත්කර ගැනීමට අතුරුදන්වූවන්ගේ කාර්යාලය ඉඩප‍්‍රස්ථාව ලබාදේ. එය එක් ප‍්‍රදේශයකට හෝ ජන වර්ගයකට සීමා නොවන අතර සියලූ ජන කොටස්වලට ආත්මාභිමානය හා සමෘද්ධිය පොරොන්දු ළඟාකරදීමට වේ. මෙකී පියවර අගතියට පත් ප‍්‍රජාව හුදෙකලාවීමෙන් හා අන්තගාමීත්වයට යටවීමෙන් වලක්වන අතර එය අප රටේ හා ජාතියේ සාමය හා ස්ථාවරත්වයට යම් දිනෙක බලපෑම් එල්ලවිය හැකි නව ප‍්‍රවණතාවේ ත‍්‍රස්තවාදය මෙරට බිහිවීමේ ඉඩකඩ වලක්වනු ඇත.

වසර 2015 දී සම්මුතිවාදී දේශපාලන සංස්කෘතියක් ගොඩනැංවීමට පොරොන්දු දෙන ලදී. සාමාන්‍ය වැසියා හා සිවිල් සමාජ සංවිධාන විසින් ලබාදෙන ලද නිර්දේශ මත අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ගැන ප‍්‍රබල සැලකිල්ලක් දක්වන ලදී. අගතියට පත් පවුල් මේ පිළිබඳ ප‍්‍රබල අදහස් දැක්වූ අතර අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිවුවීමේ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීමේ දී ඔවුහු ඔවුන්ගේ හැකි උපරිම සැලකිල්ලක් සඳහා දැක්වීය. අද ඔවුන්ගේ හඬට ඇහුම්කන් දී තිබේ. අනුව ජනවර්ගය, ආගම හෝ භූගෝලීය පිහිටීම නොතකා සියලූ දෙනාගේ වටිනා අදහස් හා තොරතුරු ලබා ගැනීම සඳහා සියලූ කණ්ඩායම් සමඟ එක්කාසු වී කටයුතු කිරීමට අතුරුදන්වූවන් පිළිබඳ පිහිටුවා ඇති කාර්යාලය සූදානමින් සිටී. ජනතාව විසින් ඉල්ලා සිටි පරිදි එසේ කිරීමට මේ තීරණය ගන්නා ලදී.

අපගේ දේශපාලන වෙනස දුර නොදක්නා දේශපාලන ප‍්‍රතිපත්තීන් සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධව හොරණෑ ගසන ක‍්‍රමවේදයට අවසානයක් ගෙන එමින් තිබූ බව 2015 වසරේ පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී මම ප‍්‍රකාශ කර සිටියෙමි. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම මම එදා දුන් එකී පෙරොන්දු ඉටුකිරීමේ පළමු උදාහරණය යි. රජයේ වුවමනාවන්හි වෙනස්වීම නොතකා මෙම ස්වාධීන ආයතනයට තම විමර්ෂණ කටයුතු දිගටම කරගෙන යාමට හැකි පරිදි එය සංස්ථාපනය කර ඇත. මෙය  ඕනෑම දේශපාලන නැමියාවන් හෝ බැ`දීම්වලට ස්වාධීනව ක‍්‍රියා කරන ස්වතන්ත‍්‍ර පාරදෘෂ්‍ය කොමිසමකි.

මෙම බහුවාර්ගික දිවයිනට තිර සාමය හා සමෘද්ධිය කරා තැබීමට ඇත්තේ තව එක් පියවරක් පමණි. මෙම ශ්‍රේෂ්ඨ දිවයිනේ පුරවැසියන් ලෙස අපි මෙම පියවර එකාමෙන්ව ගත යුතුය. බැරෑරුම් කාලපරිච්ජේයක් පසුකරමින් අපි එය කර ඇත්තෙමු. විවිධාකාර කෙණහිලිකම් අපි විඳදරා ගත්තෙමු. අද අපි මෙහි සිටින්නේ වඩා යහපත් අනාගතයක් අපේක්ෂාවෙනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ලංකාවේ කුණු වී ගඳ ගහන දේශපාලනඥයන් අතරේ මංගල සමරවීර සෑහෙන දුරකට ප්‍රතිපත්තිගරුකව කටයුතු කරන්න වෑයම් දරන අයෙකු විදියට කාලයක් තිස්සේ පේන්න තිබෙනවා. ඔහු මේ ලිපියේ ලියා ඇති අදහස් ඔහුගේ ඒ ප්‍රතිපත්තිගරුක ශිෂ්ඨ සම්පන්නභාවය තහවුරු කරන බව කියන්න පුලුවන. නමුත් ඉතා පැහැදිලිවම මේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් අතුරුදහන් වූවන්ට යුක්තියක් සාධාරණයක් ඉෂ්ට නොවන බව අපට පේනවා අපි දන්නවා. මේක තවත් එක ඇස් බැන්දුම් කොමිසමක් වගේ එකක් වන බවට අපට සැකයක් නෑ. පොලිසිය හා අධිකරණය දරුණු ලෙස වෙනස් නොකර, දමන මේ පැලැස්තරවලින් ඇති ප්‍රයෝජනය මොකක්ද? මේක ජාත්‍යන්තරය සතුටු කරන්න ගහන බෝඩ් ලෑල්ලක් විතරයි. නීතියේ ආධිපත්ය‍ය හා යහපාලනය යන වචනවලින් අප රවටා බලයට පැමිණි ජනාධිපති ප්‍රම්‍රඛ මේ ආණ්ඩුවට වැහි නැති හෙණ ගහන්න කියලා දෙයියන්ගෙන් ඉල්ලන එක විතරයි දැන් ඡන්දය දුන් අපට ඉතුරු වෙලා තියෙන්නෙ.

  • 0
    0

    “රණවිරු දඩයම සඳහා බාධා නැති ගමනක්” යන්න හදා ගත්ත අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට මගේ සම්පූරණ විරෝධය පල කරනවා. අපේ විරෝධය අද ඊයේ ඉඳන් නෙමෙයි 2016 ඔය අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම් පිලිබඳ පනත ගැන කතාව ආව 2016 ඉඳන්. මට මතකයි විමල් ඕක හැඳින්නුවේ “බොරු චෝදනා ෆැක්ටරියක්” හදන පනතක් විදියට. ඒකෙ තිබුන මුලදී ඕනේ රටකින්, ඕනේ ජාත්‍යන්තර සංවිධානයකින්/රාජ්‍ය නොවන සංවිධානයකින් මුදල්/ත්‍යාග/දීමන ලබා ගන්න පුළුවන් කියලා. අපි ඇහැව්වා එතකොට ඒක ස්වාධීන අපක්ෂපාති ආයතනයක් වෙන්නේ කොහොමද කියල. ඊට පස්සේ මම හිතනවා රනිල් ඒ කොටස අයින් කළා. ඒ කාලේ ඉඳන්ම මිනිස්සු මේකට විරුද්ධ වුන. නමුත් අවාසනාවකට රටේ ජනතාවගේ හඬ පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනය වෙන්නේ නැති නිසා, මේ පනත ගෙනාපු වෙලාවේ මේ පනතට විරුද්ධව එක චන්දයක් වැටුනේ නැහැ. මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි මේ පනතට චන්දය නොදී හැන්ගුනා. මේ පනතට විරුද්ධ මිනිස්සු හමුදාව වෙනුවෙන් නඟපු හඬ නියෝජනය කරන්න එදා එක සිංහලයෙක් හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ . අදටත් එහෙමයි. බහුතර සිංහලයගේ හඬ පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනය කරන්න එක සිංහලයෙක් නැහැ. මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ තනිකරම ආත්මාර්ථකාමී බලලෝභී න්‍යායපත්‍රයකට මිසක රට වෙනුවෙන් නෙමෙයි. අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම් පිලිබඳ පනත පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ ඒකට විරුද්ධ නොවුනට, ඒක සම්මත වෙන්න ඉඩ ඇරලා ඒ කාර්යාලයට මිනිස්සු දැම්මහම බොරුවට කෑගහනවා. දැන් තව සති දෙක තුනක් යනකම් රූපවාහිනී වල, වේදිකා වල මේකට විරුද්ධව බෙරිහන් දෙයි මිනිස්සුන්ව රවට්ටන්න. මිනිස්සුන්ගේ චන්ද ගන්න ලංකාව පුරා රැලි පිට රැලි තියන ඒකාබද්ධ විපක්ෂෙ, මේ පනත පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ එක විරෝධතාවයක් කලේ නැහැ. අඩු ගානේ පාර්ලිමේන්තුවෙන් පිටතවත් නාමික විරෝධයක් කලේ නැහැ. සිංහලය වෙනුවෙන් හමුදාව වෙනුවෙන් කතා කරනවා වගේ පෙන්නුවට, ක්‍රියා කරන්නේ හමුදාව වෙනුවෙන්වත් රට ජාතිය වෙනුවෙන්වත් නෙමෙයි, දෙමල මුස්ලිම් චන්ද වෙනුවෙන්. රට ජාතිය හමුදාව වෙනුවෙන් පෙනී ඉන්න කියලා පාර්ලිමේන්තු යවපු මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි කරපු පාවාදීම් සහ මුලා කිරීම්, වහල් ආණ්ඩුව කරපු පාවාදීම් වලට වඩා හුඟක් අමිහිරියි, ඉතාම වේදනාකාරියි. අපේ වේදනාව කේන්තියක් වෙලා එලියට එනවා දවසක. එදාට වහල් ආණ්ඩුවට වඩා වැඩි හානියක් වෙන්නේ ඒකාබද්ධ විපක්ෂෙට.

    • 0
      0

      අතුරුදහන්වූවන්ගේ කාර්යාලයට නම් කරපු කොමසාරිස්වරුන්ට සම්පූරණ විරෝධය පල කරනවා. මේ කාර්යාලය කරන්න හදන්නේ අපේ හමුදවට තියෙන බොරු චෝදනා වලට නීතිමය බලයක් දෙන එක. දඬුවම් දෙන්න බලයක් මේ කාර්යාලයට නැති එක ඒකට අදාළ නැහැ. පස්සේ මේ කාර්යාලයේ වාර්තාව අවභාවිත කරලා අපේ හමුදාවට ජාත්‍යන්තර අධිකරණයකට ගෙනියන්න පුළුවන්. අනිත් එක මේ කාර්යාලයේ නම සඳහන් වෙන හමුදා නිලධාරීන්ට මේකෙන් ලොකු අගතියක් වෙනවා. JVP පරණ කතා අරව මේවා කියන්නේ මේ කාර්යාලයට සුදුහුණු ගාල ඒකේ තියෙන කොටි පුල්ලි ටික මකල දාන්න. මම කියනව කිසි සිංහලයෙක් මේකට තමන්ගේ නැති වුනු මිනිස්සු හොයන්න යන්න එපා කියලා. එතකොට මේකට තවත් නීත්‍යානුකූල භාවයක් ලැබෙනවා. ඒක රට වෙනුවෙන් ජීවිත පූජා කරපු, අතපය අහිමි කර ගත්ත සහ හමුදා වල සේවය කරපු සහ සේවය කරන නිලධාරීන්ට කරන අවැඩක්.
      .
      අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ සංයුතිය අන්තිම අසාධාරණයි, අයුක්ති සහගතයි, අගතිගාමීයි. මේකේ ඉන්න නිමල්කා තනිකරම කොටි ඒජන්තවරියක්. සිංහලයට විරුද්ධව හමුදාවට විරුද්ධව එළිපිටම කටයුතු කරපු ගැහැනියකගෙන් කොහොමද අපක්ෂපාති විනිශ්චයක් බලාපොරොත්තු වෙන්නේ? අනික එයා යැපෙන්නේ/යැපුනේ රාජ්‍ය නොවන සංවිධානය වලට ගෙවන මුදලින්. ඊළඟට අනිත් නම් වල ඉන්න මිනිස්සු කවුද කියල හොයන්න වුන සෝමසිරි හැර. සෝමසිරි ලියනගේ නීතිඥයෙක් බන්ධනාගාරයේ ඇතිවුණු කෝලාහලය ගැන වැඩ කරන. ජයදීපා පුන්‍යමූර්ති, මිරාක් රහීම්, කනපතිපිල්ලේ වේන්දන් මේ හැමෝම සිවිල් ක්‍රියාකාරීන් අතුරුදහන් වූවන් ගැන කියමින් හමුදාවට විරුද්ධව චෝදනා කරන. කනපතිපිල්ලේ කලින් ICRC එකේ වැඩ කරපු කෙනෙක්. මේ හැමෝම, නිමල්කා, ජයදීපා, සෝමසිරි, මිරාක්, කනපතිපිල්ලේ ඒ කියන්නේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට පත් කරපු 7 දෙනාගෙන්, 5 දෙනෙක්ම යැපෙන්නේ NGO සල්ලි වලින්. පැහැදිලිවම මේ නම් 5 දෙමල ඩියස්පෝරාව, NGO හසුරුවන මිනිස්සු. කොහොමද මේ වගේ රාජ්‍ය නොවන සංවිධාන වලින් යැපෙන මිනිස්සුන්ගෙන් සාධාරණයක් අපක්ෂපාති ව්නිශ්චයක් බලාපොරොත්තු වෙන්නේ? ඔවුන් වැඩ කරන්නේ NGO, කොටි ඩියස්පෝරාව කියන කියන විදියට. දැන් මේ කාර්යාලය විත්තිය විදියට ගන්නේ අපේ හමුදාවනේ. ඉතින් කොයි ලෝකෙද විත්තියට විරුද්ධව එළිපිටම වැඩ කරන සිවිල ක්‍රියාකාරීන් 5ස් දෙනෙක්ම, අතුරුදහන් වූවන් ගැන හොයා බලන කාර්යාලයට පත් කරන්නේ කොමසාරිස්වරු විදියට? ඕනේ බූරුවෙකුට පේනවනේ එතනම අගතියක් වෙනවා කියල අපේ හමුදාවට, කරුණු හොයන්නත් ඉස්සෙල්ල? There is obvious conflict of interest.

  • 0
    0

    හමුදාව වෙනුවෙන් සිංහල ජනතාව මේ වෙලාවේ ඉස්සරහට එන්න. මේ වෙලාවේ එන්නේ නැතුව කවදා එන්නද? රට වෙනුවෙන් වෙනදට ඉස්සරහට ඇවිල්ල හඬ නගන මහා සංඝරත්නය, සිංහල මිනිස්සු ඔහොම කලකිරිලා හිටියොත් අපේ ජාතිය වැනසිලාම යයි. ජීවිත පූජාවෙන් රට බේරා ගත්ත අපේ හමුදාව අපේ ඇස ඉදිරිපිටම වැරදි කාරයෝ කරලා ජාත්‍යන්තර අධිකරණයට අරන් යයි. මම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ට, මහා සංඝරත්නයට, සිංහල ජනතාවට මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට නම් කරලා තියෙන NGO කුක්කන්ට විරුද්ධව හඬක් නඟන්න කියලා.
    .
    ත්‍රෛනිකායික මහනාහිමිවරු ඇතුළු මහා සංඝරත්නය මහනුවර සංඝ සභාවක් තියල අර අතුර්දහන් වූවන් පිලිබඳ හොයා බලන ජාත්‍යන්තර සම්මුතිය (ICPPED) ගැන පාර්ලිමේන්තුවට ගෙනාපු පනතට ප්‍රභල විරෝධයක් පාල එදා ඒක නතර කරගත්ත. අදත් ඒ විදියට NGO/කොටි ඒජන්තවරු 5ස් දෙනෙක් මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට පත් කරපු එක නතර කරන්න කියලා ඒ විදියටම එකමුතු වෙලා හඬක් නඟන්න කියලා මම ඉල්ලා හිටිනවා. එදා මහනායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය ඉදිරියට ආපු වෙලාවේ මුළු රටම අවදි වුනා. සිංහලයන්ට ලොකු හයියක් ආව, අපේ ශක්තිය ගැන අභිමානයක් දැනුන.. මගේ නම් ඇස් වලට කඳුලුත් ආව. ඒ වගේ ශක්තියක් අදත් පෙන්වන්න ඕනේ
    .
    කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ ජනතා හඬ අද පාර්ලිමේන්තුව ඇතුලෙන් ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ බලය පවත්වා ගෙන යන්න සහ බලය ඩැහැ ගන්න කරන කතා. විමල් විතරයි ටිකක් හරි කතා කරන්න ඉන්නේ. අපිට එදා මේ අතුරුදහන් වූවන් පිහිටුවන කාර්යාලය (OMP) ගැන ගෙනාපු පනත නවත්ත ගන්න බැරිවුනා. ඒ මොකොද කිව්වා නම් අපි හිතුව ඒකාබද්ධ විපක්ෂය ජනතව වෙනුවෙන් ඒ දේ පාර්ලිමේන්තුව ඇතුලේ කරයි කියලා. හැබැයි එහෙම වුනේ නැහැ. අදත් එහෙම වෙන්න පුළුවන් අනුන් කරයි කියලා බලා හිටියොත්. ඒ හින්ද මේ කාර්යාලයේ සංයුතියෙන් අපේ හමුදාවට වෙන අගතිය ගැන මහා සංඝරත්නය ඉස්සරහට ඇවිල්ල හඬක් නඟන්න. කතා කරන්න ඕනේ වෙලාවේ කතා නොකර ඉඳලා පස්සේ පසු තැවෙන්න එපා. බෙල්ලන්විල හාමුදුරුවෝ අපවත් වුනු එක ලොකු පාඩුවක්. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ගැන මම මුකුත් කියන්නේ නැහැ. හැබැයි මොහාන්ති පීරිස් දාපු එකේ කිසිම පදනමක් නැහැ. නියෝජනය කරන්නේ හමුදාව නෙමෙයි UNP ආණ්ඩුව.

  • 0
    0

    අතුරුදහන් වූවන්ගේ කාර්යාලය දැන් පිහිටුවල ඉවර නිසා අපිට ඒක නැති කරන්න කියන්න දැන් පරක්කු වැඩියි. නමුත් අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සංයුතිය ගැන කතා කලොත් ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට තිබුන මීට වඩා සාධාරණ, යුක්ති සහගත විදියට මේ නම් කිරීම් කරන්න. උදාහරණයක් විදියට:
    .
    1. සභාපති (සාලිය පීරිස් ගැන මට ප්‍රශ්නයක් නැහැ.)
    2. ගෞරවනීය රැකියාවක් කරන අපක්ෂපාති සිංහල ජාතිකයෙක්‌
    3 සහ 4 – සිංහල දෙමල මුස්ලිම් – කාන්තාවන් සහ පිරිමින් හැමෝගෙම ගෞරවයට පාත්‍ර වුනු ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනෙක්.
    5 සහ 6 – හමුදාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින්න, LTTE සංවිධානය සමඟ පැවති යුද්ධය ගැන මුල සිට අගටම මනා අවබෝධයක් තිබෙන, යුධ පිටියේ ඉදිරියෙන්ම සිටි මේජර් ජනරාල්වරු දෙදෙනෙක්.
    7. මුස්ලිම් ජාතියෙක්.
    .
    මට පුළුවන් මේකට ඉතාම සාධාරණ යෝජනාවක් කරන්න අපේ හමුදාව සහ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයන් වෙනුවෙන් මේ විදියට:
    .
    1. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා – සභාපති.
    2. ගරු කරු ජයසුරිය මැතිතුමා, කතානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
    3. විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා, යාපනය මහාධිකරණය.
    4. අරුනේත්වරත්තම් රවිකුමාර් මහතා, සභාපති, යාපනය දෙමළ බෞද්ධ සංවිධානය.
    5. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) චාගි ගාල්ලගේ මහතා.
    6. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් ඩයස් මහතා.
    7. මුස්ලිම් ජාතික මහත්මයෙක්.
    .
    කොටි ඩියස්පෝරාවෙන් සල්ලි අරන් පිහිටුවා ගත්ත, බටහිර රටවල සපත්තු ලෙවකන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගැත්තෙක් වෙලා ඉන්න වහල් ආණ්ඩුවට, ඕනේ ඕනේ විදියට නටන්න දෙන්න බැහැ. 30 අවුරුදු යුද්ධයේදී මව්බිම වෙනුවෙන් ඉදිරයට ඇවිල්ල, අන්තිම සටනේදී තමන්ගේ ජීවිතය, අඹුදරුවෝ දෙමව්පියෝ ගැන නොහිත තමන්ගේ මව්බිම ගැන විතරක් හිතල 27,000ස් ගානක් ජීවිත පූජා කරලා තව 24,000ක් විතර ඇස්, අත්, පා අහිමි කරගත්ත අපේ වීරෝධාර හමුදාවට එරෙහිව අතුරුදහන් වූවන්ගේ කාර්යාලය හරහා කොටින්ගේ බොරු චෝදනා වලට එළිපිටම නීත්‍යානුකූලභාවය දෙන්න මේ කරන දේශද්‍රෝහී ජාතිද්‍රෝහී ක්‍රියාව, පලිගැනීම්, බිලිදීම් නතර කරන්න කොන්ද පණ තියෙන සිංහලයන් ඉදිරියට එන්න ඕනේ. මේ කාර්යාලයේ 7න් 5ක්ම එළිපිටම හමුදාවට චෝදනා කරන මිනිස්සු. අඩු ගනනේ අපේ හමුදාව රට වෙනුවෙන් කරපු ජීවිත පරිත්‍යාගය ගැනවත් කිසි හැඟීමක් නැතුව, හමුදාවට තමන් වෙනුවෙන් කතා කරන්න තියෙන අයිතියවත් නොදී, මේ කාර්යාලයට කරලා තියෙන පත්වීම් වලට විරුද්ධව කොන්දක් තියෙන සිංහලයෝ නැඟී හිටින්න ඕනේ.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.