27 April, 2024

Blog

දණගැස්වීම වනාහි අමානුෂික ක‍්‍රියාවකි: ලැප්ටොප් දීමෙන් ජනමාධ්‍යවේදීන්ද දණගස්වනු ලැබේ

මිල්ටන් රාජරත්න

මහාචාර්ය මිල්ටන් රාජරත්න

පෙර සිරිතට අනුව දෙමාපියන් විසින් ¥දරුවන් ද ගුරුවරුන් විසින් සිසුන් ද දඬුවම් පිණිස දණගස්වනු ලැබේ. එසේ වුව ද වර්තමාන සමාජයේ දණගැස්වීම වනාහි අමානුෂික ක‍්‍රියාවකි. ඒ මක් නිසාද යත් දණගැස්වීම දඬුවම ඉක්මවා ගිය පුද්ගල යටත්කිරීමක් වන බැවිනි. දණගැස්වීමෙන් ද, නඩු කටයුතු මගින් ද, යුද්ධයෙන් ද, භීෂණයෙන් ද යනාදී වශයෙන් නොයෙකුත් ක‍්‍රම මගින් යටත්කිරීම කළ හැකිය. පුද්ගලයන් දණගස්වා යටත්කිරීම බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි. මානව හිමිකම් ප‍්‍රඥප්තියේ මූලික දාර්ශනික පදනම වන්නේ මිනිසාගේ පැවැත්ම හා අභිමානය තහවුරු කිරීමයි. ඒ අර්ථයෙන් ගත් කල දණගැස්වීම වනාහි මිනිසාගේ ක‍්‍රියාකාරිත්වය හා අභිමානය නිර්දය ලෙස බිඳ දැමීමකි. දණගැස්වීම වනාහි මිනිසා යටත්කිරීමේ ක‍්‍රියාවකි.

දණගැස්වීමෙන් අපේක්ෂා කරන්නේ දණගසන පුද්ගලයාගේ අභිමානය කෙළෙසා නිවටයකු කිරීමය. එසේ දණගසන පුද්ගලයා අභියස දණගස්වන පුද්ගලයා උදාර උත්තුංග පුද්ගලයකු වන අතර දණගසන පුද්ගලයා නිවටයකු වේ. එනයින් බලන කල දණගැස්වීම වනාහි පුද්ගලයකු නිවටයකු බවට පත්කිරීමේ ක‍්‍රමයකි. වැඩවසම් යුගයේ කුල හීනයන් වංශවතුන් හා බලවතුන් ඉදිරියේ දණනමා නිවටකම් පෑවේය. වහල් බැමි බිඳීගිය නූතැන සමාජය දේශපාලකයන් ඉදිරියේ දණගසන්නේ නැත. දණනොගැසීම වනාහි දේශපාලකයන්ට ඉවසිය නොහැකි මානසික පීඩාවකි. ඒ මක් නිසා ද යත් ඔවුන්ගේ මනස තවම වැඩවසම් යුගයේ පැවතීමය.

දණගැස්වීම මෙන්ම දණගැසීමේ සිරිතක් ද සිංහලයා අතර තිබේ. දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට ආචාර කිරීම පිණිස දණගැසීම ඉන් එකකි. දෙමාපියන් අභියස දණගැසීමෙන් අප නිවටයන් වන්නේ නැත. තවත් දණගැසීමේ අවස්ථාවක් වන්නේ බුදුන් හා සඟුන් වන්දනාවේ දී දණගැසීමය. එය ද නිවටයන් වීමට හේතු ප‍්‍රත්‍ය වන්නේ නැත. ආචාර කිරීම පිණිස ගුරුවරුන් අභියස දණගැසීම තවත් අවස්ථාවක් වේ. මාතෘභූමියට දණගැසීම වනාහි තවත් දණගැසීමේ අවස්ථාවකි. මෙවැනි දණගැසීම් කිසිවකුගේ අණ පරිදි සිදුකරන්නක් නොව භක්තිය කරණකොට ගෙන කරනු ලබන ක‍්‍රියාවකි. එබැවින් එහිලා ගැටළුවක් පැනනගින්නේ නැත. සිඟාලක ගෘහපති පුත‍්‍රයා දණගසා ගෙන සදිසා නමස්කාරය කළේය; නැගෙනහිර නම් දෙමාපියෝය, දකුණුදිග නම් ගුරුවරුය, බටහිර නම් අඹුදරුවෝය….

වර්තමානයේ රටවැසියා නිවටයන් ලෙස සැලකීම දේශපාලකයාගේ සාමාන්‍ය සිරිතක් බවට පත්වී තිබේ. ඒ මක් නිසාද යත් දේශපාලකයන් උදාර උජාරු පුද්ගලයන් ලෙස ඔවුන් විසින්ම සිතා සිටින බැවිනි. එපමණක් ද නොව ඡුන්ද දායකයා ද ඔවුන්ගේ උජාරුකම් බලබලා ඔවුන් නැවත නැවත බලයට ගෙන ඒමට තරම් නිවට වී සිටින බැවිනි. තවද, රටවැසියා සිය මානව අයිතිවාසිකම් පිළිබඳ උනන්දුවක් නොදක්වන බැවිනි.

දණගැස්වීම වනාහි පුළුල් අර්ථයෙන් බැලිය යුතු සංසිද්ධියකි. මිනිසුන් ගස් බැඳීම වනාහි දණගැස්වීමකි. මිනිසුන් සුදුවෑන් තුළ දමාගෙන ගොස් මර්දනය කොට ඇතමකු මරා දමනු ලැබීම ද දණගැස්වීමකි. රජය විවේචනය කරනු ලබන ජනමාධ්‍යවේදීන් ලූහුබැඳ ගොස් තර්ජනය කොට උන්හිටි තැන් අහිමි කරනු ලැබීම ද දණගැස්වීමකි. එතකුදු නොව ලැප්ටොප් දීමෙන් ද ජනමාධ්‍යවේදීන් දණගස්වනු ලැබේ. එසේ දණනොගසන මාධ්‍යවේදීන් දණගැස්වීම පිණිස ජනමාධ්‍ය සදාචාරය පිළිබඳ පණත යොදාගනු ලැබේ. ඒ වූකලි සදාචාර සම්පන්න දණගැස්වීමේ කලාවකි. නිළධාරීන් හා මැති ඇමැතිවරුන්ගේ ¥ෂණ සම්බන්ධ ලිපිගොනු පවත්වාගෙන යමින් ඔවුන් ද දණගස්වා හීලෑ කොට ඔවුන්ගෙන් වැඩකරවා ගනු ලැබේ. දණගැස්වීම පිළිබඳ මහජනයාගේ ඇස් ඇරී තිබෙන්නේ එසේ දණගැස්වීමට ලක්ව පීඩා විඳි දහස් සංඛ්‍යාත පිරිස අතුරින් එක් ගුරුවරියක් නිසාය.

යුද්ධය දිනුවේ කොටියා දණගැස්වීමෙනි. දණගැස්වීමේ ආශ්චර්යය උදාවන්නට පටන්ගත්තේ එතැන් පටන්ය. කොටියා දණගැස්වූ ජෙනරල් සරත් ෆොන්සේකා දණගැස්වීම එහි ඊළඟ පියවර විය. නඩු පිට නඩු දමා සහ හිරේ දමා ඔහු දණගස්වනු ලැබීය. ඉන් පසු විපක්ෂයේ මන්ත‍්‍රීන් රැසක් මුදල් දී හෝ බියවද්දා හෝ දණගස්වා ආණ්ඩුවට ඈඳාගෙන තුනෙන් දෙකේ බලය ගොඩනගා ගත්තේය. දේශපාලන අණට කීකරු නොවූ සංස්ථා සභාපතිවරුන් දණගස්වනු ලැබීය. අග‍්‍රවිනිශ්චයකාරවරිය දණගස්වනු ලැබීය. දොළපිදේනි, ගෞරව බහුමාන ප‍්‍රදානය කොට පූජ්‍ය පක්ෂය දණගස්වනු ලබන්නේය. දණගස්වා නිහඬ කිරීම පිළිබඳ නිදසුන් නිමක් නැත. දණගැස්වීම ආශ්චර්යයක් බවට පත්විය.

දණගැස්වීමේ තවත් පැත්තක් වනාහි ආයතන දණගැස්වීමයි. ආයතන දණගැස්වීම වනාහි ඒවා දේශපාලනයට නතුකොට යටපත් කිරීමය. පෞද්ගලික අංශයේ ආයතන රජයට පවරාගැනීම පිණිස හදිසි පණතක් ගෙනවිත් එමගින් අප රටේ ප‍්‍රබල ව්‍යාපාරිකයන් ගණනාවක් දණගස්වනු ලැබීය. දාහත්වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය ඉවත්කිරීම මගින් පොලිස්, රාජ්‍ය සේවා, මැතිවරණ යනාදී ආයතන සියල්ල දණගස්වනු ලැබීය. එබැවින් අද පොලීසිය ද අනෙකුත් රාජ්‍ය සේවා ද දේශපාලන බලය අභියස දණින් වැටී ඇත. සෞඛ්‍ය, අධ්‍යාපන, රේගු සහ ප‍්‍රවාහන සේවා මෙන්ම සංස්ථා සහ මණ්ඩල යනාදිය ද දේශපාලන බලය විසින් දණගස්වනු ලැබ තිබේ. විශ්වවිද්‍යාල පාලක සභාවලට සහ උපකුලපතිවරයාගේ පටන් අධ්‍යයනාංශ ප‍්‍රධානීන් දක්වා දේශපාලන බලය ව්‍යාප්ත කොට දණගැස්වීම ආරම්භ කොට තිබේ. සරසවි ඇදුරන් සහ ශිෂ්‍යයන් දණගැස්වීම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මූලික අරමුණක් බවට පත්ව තිබේ. සරසවි දණගැස්වීමේ සාකච්ඡුාව ආණ්ඩු විරෝධී විශ්වවිද්‍යාල ප‍්‍රජාව ඩිසපියර් කිරීම හෙවත් අතුරුදන් කිරීම දක්වා දුර දිග ගොස් තිබේ.

මේ අනුව දණනොගැස්වූ නිළධාරියෙක්වත්, ආයතනයක්වත්, ව්‍යාපෘතියක්වත් සොයාගැනීමට නොමැති තරම්ය. දේශපාලන බලය අමුතු අමුතු මාදිලිවලින් කරළියට පැමිණ නවීන පන්නයේ දණගැස්වීම් මාලාවක් ද සමාජ ගතකර තිබේ. ඉන් එකක් නම් බොදුබල සේනාවේ දණගැස්වීමය. ඔවුන් විසින් දණගස්වනු ලබන්නේ තනි පුද්ගලයන් නොව ජාතීන් සමූහ වශයෙනි. හලාල් ආහාර ක‍්‍රමයම දණගැස්වූයේ ඔවුන් විසින්ය. රාවනා හමුදාව සහ සිංහල රාවය හමුදාව විසින් මස් කඩ කරුවාගේ පටන් තානාපති කාර්යාල දක්වා දණගැස්වීමේ කාර්යයක නිරතවී සිටී. එපමණක් ද නොව දහතුන්වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේිනයි-දත්’ ගැලවීම නොහොත් පළාත් සභා දණගැස්වීමේ වැඩසටහනක් ද ඊට සමගාමීව ක‍්‍රියාත්මක කරනු දක්නා ලැබේ. නිවාස සංවර්ධන ඇමැතිවරයා විසින් ඇමෙරිකාවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් දණගැස්වනු ලැබීය. දණගැස්වීම විෂයෙහි ලා අප රට කිසිදු රටකට දෙවැනි වන්නේ නැත. හෙට අනිද්දා වන විට ඉන්දියාව ද දණගැස්වීමට හැකි වන්නේය. දැන් අප පසඟ පිහිටුවා දණනමා සිටින චීනා වුවද අපට එරෙහිවුවහොත් දණගැස්වීම මහ කජ්ජක් නොවන්නේය.

දණගැස්වීමේ චක‍්‍රය ආරම්භ වන්නේ දණගැසීමට පුරුදුවීමත් සමගය. මැති ඇමැතිවරු පළමුව සිය ලොක්කන් අභියස දණගසති. එසේ දණගසා සිය අභිමානය කෙලෙසා ගනිති. අභිමානය කෙළෙසාගත් උදවියට යළි අභිමානවත් වීමට නම් යටත් නිළධාරීන් හෝ රටවැසියන් ඔවුන් ළඟ දණගැසිය යුතුය. පුද්ගලයන් හා ආයතන දණනොගසන තාක් දේශපාලන උජාරුව පවත්වා ගැනීමට නොහැකිය. නානාවිධ ක‍්‍රමෝපායයන් යොදාගනිමින් රටවැසියා බලහත්කාරයෙන් දණගැස්වීම ආරම්භ වන්නේ ඒ අනුවය. දණගැස්වීමේ ආකාර කීපයකි. ඒවා නම් නිළධාරීන් දණගැස්වීම, ආයතන දණගැස්වීම, ව්‍යාපාරිකයන් දණගැස්වීම, විරුද්ධ මතධාරීන් දණගැස්වීම, පූජ්‍යපක්ෂය දණගැස්වීම, ජනමාධ්‍ය දණගැස්වීම හා ආර්ථිකය දණගැස්වීම යනාදියයි.

දැනට සිදුකෙරෙන දණගැස්වීම වනාහි සංවිධානාත්මක පදනමකින් තොර අපිළිවෙලට සිදුකරනු ලබන දණගැස්වීමකි. එබැවින් මහජනතාවට වඩාත් ගුණාත්මක හා විශ්වාසනීය දණගැස්වීමේ සේවාවක් ලබාදීම පිණිස දණගැස්වීමේ අමාත්‍යංශයක් පිහිටුවිය යුතුය. තවද දණගැස්වීමේ ප‍්‍රඥප්තියක් ද සම්මත කොට ගෙන එමගින් දණගැස්වීමේ සේවාව මහජනයාට වඩාත් සමීපකරවීම පිණිස ප‍්‍රාදේශීය සභා, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග‍්‍රාමසේවා කොට්ඨාශ මට්ටමෙන් දණගැස්වීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට ක‍්‍රියා කළ යුතුය. එමගින් ලෝකයේ දණගැස්වීමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් හබ් එකක් ලෙස අප රටට විරුදාවලි ලැබිය හැකිය. දණගැස්වීම වනාහි අප රටේ මහජනයා ආණ්ඩුවෙන් නොමිලේ ලබන පොදු සේවාවක් වන බැවින් එය එක්සත් ජාතින්ගේ මානව සංවර්ධන දර්ශකයට ද ඇතුළත් කිරීමට ක‍්‍රියා කළ යුතුය. එතෙකුදු නොව පරිනාමය විසින් කොඳු ඇට පෙළ සිරස්කොට නිමවා අභිමානවත් ලෙස කෙලින් සිටවූ මිනිසා දණින් සිටුවීමේ “ර්‍දණනැගුම” වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කළ යුතුය. තවද එම දණනැගුම වැඩසටහනේ චිරස්තිථිය පිණිස ධජග්ග පිරිත හා මෝර පිරිත වැනි පිරිත් සූත‍්‍ර ද සජ්ජායනා කළ යුතුය. මැතිවරණවල දී වත්මන් පාලකයන් නැවත නැවතත් තෝරා පත්කර ගෙන චිරං ජයතු කළ යුතුය. ඒ මක් නිසාද යත් දණගැස්වීම වනාහි විසිඑක් වෙනි සියවසේ අප ලද උදාරතර භාග්‍යයක් වන බැවිනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    අපේ රටේ බබ්බු නෙමේ ඉන්නේ ලැප්ටොප් දීල දන ගස්සන්න.අද රටේ ඉන්නේ බුද්දිමත් ජනතාවක්.ඔය වගේම ඉගෙන ගත්ත මිනිස්සු තමා ඒ.ඔයා හිතාගෙන ඉන්නේ ඔයා තමා මිනිහ කියලා නේද ඔයා විතරක් නෙමේ ඉගෙනගෙන ඉන්නේ.ඔයාට ඉගෙන ගත්තට බුද්දිය නැහැ එකයි ගැටලුව.ඔයා කරන්නේ කාටද කඩේ යන එක.රටේ අනාගතය ගැන හිතන මනුස්සය හැමදාම ජනාදිපතිතුමා එක්ක ඉන්නවා.

    • 0
      0

      Mithila,

      you and the ilk represent those fools that would allow any kind of ruling thugs to brainwash you. But believe me the days are numbered…

      Enough is enough – Rajakshas have gone to the stinking levels of this society today.

      What more to be happened to us, you the fools to grasp it ?

      • 0
        0

        You are the real fools not us Mr.Jaya.sri lankans are not mad like you to cheat them from giving laptops.dont speak like that for our nation are you a sri lankan??????????

        • 0
          0

          Mithila is just a mad man. They are the majority in SL. So, let him continue eating bath packets. But the ignorance is the most dangerous act – as I see it today in Lanken society.
          How can they grasph this if they have no brains even to see it if not fully but to some extent ?

    • 0
      0

      You guys would do anything for ” free rice packets”. So, all what you have to say about is clear to us all.

  • 0
    0

    mithila ;

    “රටේ අනාගතය ගැන හිතන මනුස්සය හැමදාම ජනාදිපතිතුමා එක්ක ඉන්නවා.”

    Api Dannawa,
    Horu, Kudu Mudalaalila, Mineemaruwo {killers, kudu mudalaalis, National tresure looters, contarct killers] are with
    Oaya KAPATY Janadipathi ekka kiyala.

    KONDE KAPAAPU CHEENNU DEA EWITH INNAWANE,
    OYA KATHAWA UNTA KIYANAWA.

    LANKAAWE MINIUSSU DANNAWA JARAPAASSALA HORU KIYALA.

    අපේ රටේ බබ්බු නෙමේ ඉන්නේ, කාටද කඩේ යන එක කරන්නේ mithila,

    YOU ASK FOR A SOME MORE EXTRA PAYMENT FROM YOUR BOSSES.

    • 0
      0

      Amare,

      all these are like playing a violin to deaf elephant.

      So long those idiot majority are in the same view of Mithila, they would never be able to recognize good from the bad. In the past few years to date, they remain so, but how long they would stay indifferent is questionable. Today, everything has become a wave to destroy the society. Perhaps, their IQ should be lower than to the 60% illiterate pakistanis.

      Mithila and the like folks CANT be a part of a society whose social indicators are the highest in south asian region. Gullible folks cant let it happening again and again.

    • 0
      0

      අනේ බෝල හොරු තක්කඩි ඔක්කොම ඉන්නේ යු.න් .පි එකේ.අද පාරකවත් බැහැලා පුලුවන්ද ඔහෙලට අපේ ජනාදිපතිතුමා නැත්තම්.ඔහෙලා වගේ එවුන් නිසා තමා කවද හරි මේ රට විනාශ වෙන්නේ.මොකද රට ගැන හිතනවට වැඩ හිතන්නේ කෑම ගැනයි බිම ගැනයි තමන්ගේ පක්ෂේ ගැනයිනේ

    • 0
      0

      අනේ බෝල හොරු තක්කඩි ඔක්කොම ඉන්නේ යු.න් .පි එකේ.අද පාරකවත් බැහැලා පුලුවන්ද ඔහෙලට අපේ ජනාදිපතිතුමා නැත්තම්.ඔහෙලා වගේ එවුන් නිසා තමා කවද හරි මේ රට විනාශ වෙන්නේ.මොකද රට ගැන හිතනවට වැඩ හිතන්නේ කෑම ගැනයි බිම ගැනයි තමන්ගේ පක්ෂේ ගැනයිනේ.මම කට කඩේ ගියත් ඔහේ කඩේ යන්නේනම් යු.න් .පි එකට කියලා තේරෙනවා.කොටින්ට මායිම් ලියල දුන්න යක්කු.හරි ආදරේ ඇති රටට.

      • 0
        0

        Rajapassa den oya searatama PUNAKKU saha Thankola mitya gaane dennda poronduwela field ekata daalathiyenne.
        all those SIRI, KICHIKICHI,AIYALA, LEAKAMS WILL not only GET Laptops,
        Janadipathy Rajapassa will give One bundle of grass and bucket of punak also ,to all those donkies who are going behind him .

        they, all inthe same group or one donkey writing with defferent names.
        licking all politikkas Axxxx.

        BECAUSE PEOPLE WHO UNDERSTAND ABOUT JARAPASSA CLAN,
        KNOWS THAT, THERE ARE ONE GROUP ASSIGNE TO WRITE AGAINST THE COMMENTERS,
        WHO SPEEK AGINST GOVERNING LIERS

        JARAPASSA, He knows that , he will never ever get this type of Mannar donkies IN HIS LIFE.

        UNP eke Raniltah punnakku BAAldiyak deela, den UMBE, UMBE GA ANAWA,
        Sajith udu burnaw araka wetenakan.,

        thawa Ekek kiyanawa MAHINDA SARANNAN GACHCHAAMEE kiyala.

        Ane SAAADHU, SAADHU . poson ekata pin siddha wenna.

        Jvp kattiya kasa kasa duwanava, kahabhiliya gevila vage,
        Boru Bana Sena Harak Allanna yanava, minissu marunata/ maruwata kamak nehe,
        Haebaei, Harak maranna epaalu.

        Muslim Naanala Halal passe duwnawa, KUDU business ahaka daala.
        Mervinta Commis denna behe kiyala.

        kudu dumindaya thavath Anthakpuryak open karanna margayak hoyanawa

        API mae wage Devadaththaingen bana ahanna oneda.

        oya Bana Rajapassa Samagamata Hondai.

        Den HATURUSINGHO Jaffna walin Demalunge/ Kotinge Yakada patwala
        bossata bank account wedikaranawa,
        laksha walin neme, miliyana walin.
        Not Laks BUT MILLIONS.

        F KING, APITA KIYANNE MAMA SUDANA KIYALA.

        Mun serama ASOUCHI KANA JATHIYAK.

        THERE IS ANOTHER GROUP WHO ARE BELLOWING WITH UNP RANIL BASS.
        AND ANOTHER GROUP bellowing WITH JVP.

        Any way To all Of you,

        Blessing From TRIPLEGEM.

        BUDUSARANA WAEWA.

        JULAMPITIYE AMARAYA , I.R.C,[ WELIKADA],
        [CHANGI, SINGAPORE]

  • 0
    0

    දැනට සිදුකෙරෙන දණගැස්වීම වනාහි සංවිධානාත්මක පදනමකින් තොර අපිළිවෙලට සිදුකරනු ලබන දණගැස්වීමකි. එබැවින් මහජනතාවට වඩාත් ගුණාත්මක හා විශ්වාසනීය දණගැස්වීමේ සේවාවක් ලබාදීම පිණිස දණගැස්වීමේ අමාත්‍යංශයක් පිහිටුවිය යුතුය. තවද දණගැස්වීමේ ප‍්‍රඥප්තියක් ද සම්මත කොට ගෙන එමගින් දණගැස්වීමේ සේවාව මහජනයාට වඩාත් සමීපකරවීම පිණිස ප‍්‍රාදේශීය සභා, ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සහ ග‍්‍රාමසේවා කොට්ඨාශ මට්ටමෙන් දණගැස්වීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට ක‍්‍රියා කළ යුතුය. එමගින් ලෝකයේ දණගැස්වීමේ කේන්ද්‍රස්ථානයක් හෙවත් හබ් එකක් ලෙස අප රටට විරුදාවලි ලැබිය හැකිය. දණගැස්වීම වනාහි අප රටේ මහජනයා ආණ්ඩුවෙන් නොමිලේ ලබන පොදු සේවාවක් වන බැවින් එය එක්සත් ජාතින්ගේ මානව සංවර්ධන දර්ශකයට ද ඇතුළත් කිරීමට ක‍්‍රියා කළ යුතුය. එතෙකුදු නොව පරිනාමය විසින් කොඳු ඇට පෙළ සිරස්කොට නිමවා අභිමානවත් ලෙස කෙලින් සිටවූ මිනිසා දණින් සිටුවීමේ “ර්‍දණනැගුම” වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කළ යුතුය. තවද එම දණනැගුම වැඩසටහනේ චිරස්තිථිය පිණිස ධජග්ග පිරිත හා මෝර පිරිත වැනි පිරිත් සූත‍්‍ර ද සජ්ජායනා කළ යුතුය. මැතිවරණවල දී වත්මන් පාලකයන් නැවත නැවතත් තෝරා පත්කර ගෙන චිරං ජයතු කළ යුතුය. ඒ මක් නිසාද යත් දණගැස්වීම වනාහි විසිඑක් වෙනි සියවසේ අප ලද උදාරතර භාග්‍යයක් වන බැවිනි.

  • 0
    0

    Shuting their mouths providing them each laptops is their cheap tricks.

    There, the mahadanamutta -MR is clever enough but to see the real problems of the people, he is not intelligent enough.

  • 0
    0

    some in the country be like mike tyson today – how far it has become today.

    UNP MP to appear in court for allegedly biting nose

    View(s): 375

    UNP Ratnapura District MP Dunesh Gankanda was ordered to appear before court on August 8, by Colombo Fort Magistrate Thilina Gamage, for allegedly assaulting and biting the nose of a businessman. Businessman V.N. Thivakaran, a resident of Colombo 3, has lodged a complaint against the politician saying he has sustained serious injuries following an assault on him by MP Gankanda on May 27, 2013, at a five-star hotel in Colombo.

  • 0
    0

    අනේ මුන්ටත් ඉතින් මොකක් හරි මගුලක් අල්ලගෙන කියවන්න තමා දන්නේ..දැන් ඒ පාර දන ගස්සවන එක ගැන කියවනවා .. කාගේ හරි නිවුස් එකක එන්න බැ ඉතින් වචෙන් වචෙන් විස්තර කරනවා අනේ මන්ද මුන්ට වෙන වැඩ නැද්ද

  • 0
    0

    රාජපක්ෂ කෙනෙක් නොහිටින්න ඔයාට ප්‍රබකරන්ට දැනගහන් ඉන්න තිබුන දිගටම.මේ මිනිස්සුන්ට මුල අමතක වෙන ඉක්මන.මෙතෙක් ලංකාවේ හිටිය එකම ජනාධිපති වරක්වත් යුද්දය නතර කරන්න ක්‍රියා කලේ නැහැ .යුද්දය වාවගන කන්න උත්සාහ කලා මිසක්.ඔයා කඩේ යන අය බලයට ආවානම් මේ රට පාවා දීලා ඉවරයි.එහෙනම් කාට කාටත් දනගහන් ඉන්න තිබුන.

  • 0
    0

    අද වර්තමානයේ සිටින්නේ බුද්ධිමත් පිරිසකි …..කලගුණ දන්නා සියලු දෙනා ජනාධිපතිතුමා සමගයි …..සුළු පිරිසක් ජනතාව නොමග යවමින් කඩේ යාමට දරන වියර්ථ උත්සාහය මම සංවේගය පල කරන්න කැමති

  • 0
    0

    රනිල් මිනිස්සුන්ට චුයින්ගම් දීලා චන්ද ගන්න හැදුවට ජනාධිපතිතුමාට චන්දෙ දින්නේ මේ රට කොටින්ගෙන් බේරාගෙන..මේ රටේ මිනිස්සු චන්දෙ දෙන්නේ වැඩක් කරන මනුස්සයට…නැතුව නොකරන මනුස්සයට නෙමේ…ලැප්ටොප් දීල දන ගස්වන්න තරම් අපේ රටේ මිනිස්සු ඔයාල වගේ මෝඩ නෑ…ඒ නිසා ඔය වගේ කතා යු.න්.පී. කාරයන්ටම හොදයි…

  • 0
    0

    මොකද්ද බන් මේ කතාවේ තේරුම.ලැප්ටොප් දුන්නම ජනමාද්‍ය වෙදින්ටමනේ හොද.නිකන් ලැබෙන අශ්වයාගේ දත් ගනින්න හදනවනේ ඉතින්.අනේ මන්ද .

  • 0
    0

    ඔය ලිපිය ලිව්ව එකාට ලැප්ටොප් එකක් දෙන්න ජනාධිපතිතුමාට මගහැරෙන්න ඇති.ඉන්නකෝ මම වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිතුමාව දැනුවත් කරන්න මිල්ටොන් අයියටත් ලැප් එකක් දෙන්න කියල.

  • 0
    0

    මගේ රනිල් අයියත් වැඩ කාගත්තේ නංගිලාට මල්ලිලාට බබල්ගම්,බ්‍රේස්ලට්,මාල,වළලු වගේ ඒවා දෙන්න ගිහින් තමා.

  • 0
    0

    මල්ලි මම උබට ලැප්ටොප් එකක් දෙන්නද??හවස් වෙලා සිරිකොත පැත්තට එමුකෝ…..

  • 0
    0

    ලැප්ටොප් එකක් දුන්නු පලියට එම ජනමාධ්‍යවේදියා දණගසනවානම් ඔහු සැබෑ ජනමාධ්‍යවේදියෙක්ද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාරණයකි.

  • 0
    0

    මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ ජනමාධ්‍යවේදියෝ කියන්නේ මෝඩයෝ කියලද ?ලැප්ටොප් දීල එයාලව රවට්ටන්න තරම් එයාල පොඩි ලමයිද ?මේවා මේ ඊරිසියාවට කියන කතා !!! unp යට කවදාවත් බලයට එන්න බෑ කියල දන්නා නිසා මේ බොරුවට එක එක කතා හදනවා.එහෙමනම් මේ රජය තව කී දෙනෙකුට laptop දීල තියනවද?ඒවාට ත් මොනවා හරි කතාවක් හදාගන්න බැරිවුණාද දන්නේ නෑ

  • 0
    0

    Nothing comes free – there is an expected return

  • 0
    0

    ලංකාවේ පාටකයාගේ තත්වේ හොඳට පෙනෙනවා ඔවුන් දාන කමෙන්ට්ස් වලින්. සියලු දෙනාම මොනවහරි ක්‍රමයකට දනගස්වලයි ඉන්නේ. සිරසේ නිව්ස් වලට රාජපක්ෂ යන වචනේ වෙනුවට ටිට්…. කියලනේ දාන්නේ. ඔබලාගේ කමෙන්ට්ස් වලින් පෙනෙන්නේ දැනගස්වීමට කැමති බවයි. ලියුම් කරු දනනැගුම වැඩ සටහනක් මගින් ක්‍රමවත් දනගස්වීමක් යෝජනා කරන්නේ ඒ නිසා වෙන්න ඇති.

  • 0
    0

    this is the sad story about Sri Lanka. Ignorent people like mithila etc cannot identify the concepts of “indipendency.” these are the products that Mahinda Rajapaksha is in want off. dumb idiots,, who cant think. Seems Mahinda is sucessful. we already have lot of coconut donkey e.g : Mithila, Sama, Rohith

    Enjoy !!!!

    • 0
      0

      you are a dog who barking for Ranil..we are jst sri lankans who helping a saviour….

      • 0
        0

        Puh……….

    • 0
      0

      I would not say they ignorant – they have no brains to take the issues that serious. Majority folks are like that. I guess, this mentality would stay so longer, the media and rulers would not do anything to change the attitudes. I remember one politician added a comment saying the very same people that put their signatures of the affidavit finalized by Weerawansa^s lately, would do the same if anyone else came with contradictory statements. So having read the comments, specially on to sinhalese written articles, I realized – people that these commentators represent should have no brains at all. They just live the life, not taking things that serious. Very same people have voted for idiotic PC nominees – the consequence is seen today, they are all criminals – their civil servants are eminence prises carry on whatever inhuman activities in the country today.
      I personally believe, religious leaders, professionals of the universities and other institutions should work hard to change the attitude of the people, THOUGH it is a mammoth task that goes to a longer period.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.