24 April, 2024

Blog

මම ශ‍්‍රී ලාංකීය මුස්ලිම් අන්තවාදියෙකු වෙමි!

මොහොමඞ් ෆසල්

මොහොමඞ් ෆසල්

මොහොමඞ් ෆසල්

මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැුකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැුකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම යන අන්තවාදියෙක්මි.

දැන් එල්.ටී.ටී.ඊ. සංවිධානය මියගොස් ඇති තත්වය තුළ, බලකාමයෙන් මත්වූ පාලක පංතියේ අනුග‍්‍රහය ලබන ජාතිවාදී බලවේග, මේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ මිථ්‍යාව නිර්මාණය කොට ඇත. ඒ, මහජන මුදල් ඩොලර් ප‍්‍රකෝටි ගණනින් සොරකම් කරගනු ලැබීමෙන් සහ වෙනත් දේවල් අතරේ අධිකරණය අපහරණයට ලක්කරනු ලැබීමෙන් මහජන අවධානය වෙනතකට හරවනු පිණිස ය. බලය සිය සන්තකයේ තබා ගැනීම පිණිස ය. වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තව පරම්පරා දහයකට අවශ්‍ය ධනයෙන් සජ්ජිත වීම පිණිස ය.

බටහිර ලෝකයා විසින් නොපවතින හතුරෙකු නිර්මාණය කොට ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්’ (තෙල් සහ වෙනත් හේතු පෙරදැරිව) නිර්මාණය කළා සේ, රාජපක්ෂ මහතා ද, ලංකාවේ මෝඩ ජනයාගේ ඇස් ඉදිරියේ (නොපවතින) ‘රකුසෙකු’ නිර්මාණය කොට, ‘මුස්ලිම් අන්තවාදය’ නමින් එය භෞතීස්ම කොට තිබේ. පාලකයන් සිය සුජාත භාවය සඳහා පූජකයන්/භික්ෂූන් මත යැපෙන අතර, පූජකයන්/භික්ෂූන් තමන්ගේ ආරක්ෂාව සහ නඩත්තුව සඳහා පාලකයන් මත යැපෙන බව ඉතිහාසය අපට කියා දෙයි. රටේ ජනතාවගෙන් බහුතරයකගේ මානසිකත්වය ගැන හොඳින් දන්නා මහින්ද රාජපක්ෂ, දෛනික ජීවිතයේ දී දිළිඳු ජනයා මුහුණදෙන, දරිද්‍රතාව, අල්ලස, අපහරණය සහ අසාධාරණය ආදියෙන් අවධානය වෙනතකට හැරවීම සඳහා බොදුබල සේනාව, හෙළ උරුමය සහ රාවණා බලය වැනි සංවිධාන කපටි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට පටන් ගත්තේය.

ජනධිපතිවරයාගේ මේ වක‍්‍ර ක‍්‍රියාකලාපය සහ ඔහුගේ පෙරකලාසිකරුවන්ගේ සක‍්‍රීය සහභාගීත්වය හරහා, ‘වැටහීමක් නැති’ සිංහල බෞද්ධ බහුතර ජනතාවක් අතරේ වපුරන, හින්දු ක‍්‍රිස්තියානි සහ (විශේෂයෙන්)  මුස්ලිම් ‘පරදේසක්කාර ප‍්‍රජාවක්’ විසින් තමන්ගේ මාතෘ භූමිය වහා ගිල ගනිති යි යන භීතිය සහ අනාරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය, ඔවුන්ගේ පවුල්වලට සහ දරුවන්ට උණුසුම් කෑම වේලක් සැපයීමේ ප‍්‍රශ්නයට වඩා ‘හදිසියේ විසඳිය යුතු’ ප‍්‍රශ්නයක් බවට පත්කොට තිබේ.

එසේ හෙයින්, සැබවින් නොපවතින භීතියක් සහ සතුරෙකු ගැන ජාතිවාදී දෘෂ්ටිවාදයන් හරහා අහිංසක සුළුතර ප‍්‍රජාවන්ට එරෙහිව අන්ධ අනුගාමිකයන් මෙහෙයවනු වෙනුවට, මොහොමඞ් ෆසල් නැමැති ‘ශ‍්‍රී ලාංකීය මුස්ලිම් අන්තවාදියෙකු’ වන මම, පිට කොන්දක් නැති, බොහෝ සෙයින් දූෂිත, නීතිය ක‍්‍රියාවේ යොදවන නිලධාරීන්ටත්, කහ සිවුරු හැඳගත් ජාතිවාදී නඩයටත්, ඔවුන්ගේ පාලක හාම්පුතුන්ටත්, ‘අන්තවාදයේ තර්ජනය‘ යටතේ මට එරෙහිව ‘පිරිහුණු’ අධිකරණයක හෝ වෙනත් අධිකරණයක නඩු පවරන ලෙස අභියෝග කරමි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අභිප‍්‍රායයන් සහ ජාතිවාදී කෝලාහලයක් හෝ ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට එම ආණ්ඩුව දක්වන අපසහායකත්වය ගැන හෙළිදරව් කිරීම වැදගත් වෙතත්, වෙනත් ප‍්‍රශ්න අතරේ ඊට ප‍්‍රමුඛත්වය දීම, ආණ්ඩුව අපේක්ෂා කරන උගුලට විපක්ෂය හසු කර ගැනීමක් වනු ඇත. එවැනි ජාතිවාදී කෝලාහල හෝ ජාතීන් අතර විරසක ඇති වේ නම්, මුස්ලිම් පල්ලි කිහිපයක්, ක‍්‍රිස්තියානි පල්ලි කිහිපයක් හෝ සුළු ජාතික ප‍්‍රජාව සතු ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ගිනිගත්තාවේ. සමහර විට, ජීවිත කිහිපයක් නැති වන්නටත් බැරි නැත. එහෙත්, ඒ සියල්ලට වඩා, මේ ඒකාධිපති පාලනය හැකි සෑම මාර්ගයකින්ම ඉවරයක් කර දැමීම කෙරෙහි තත්පර වීමෙන් පමණක්ම, ‘විනාශයේ ගිනිදැල්වලින්’ මේ රට ගලවා ගැනීමට හැකි වනු ඇත.

‘මුස්ලිම් අන්තවාදියෙකු’ වීමේ සුදුසුකම් ගැන කියන්නේ නම් ඒ මෙසේ ය: ජනතාව එක්සත් කිරීමට, දූෂණය හෙළිදරව් කිරීමට, අසාධාරණයට එරෙහිව සටන් කිරීමට, අපරාධකරුවන්ට දඬුවම් කිරීමට සහ මේ රටේ සංවර්ධනය සඳහා වන නව දිශානතීන් වෙනුවෙන්, ජාතිවාදයකින් හෝ ආගම්වාදයකින් තොරව, නීතිමය ක‍්‍රියාමාර්ගයන්ගෙන් අන්තයටම යාම අදහස් කෙරේ, හොඳින් සිහියට ගන්න: වෙනසක් ඇති කිරීම සඳහා බලය හෙබවිය යුතුම නැත. මෙරටේ වෙසෙන සිහිබුද්ධිය ඇති සෑම පුරවැසියෙකුම තම තමන්ගේ දායකත්වය මේ සද්කාර්යය සඳහා සපයන්නේ නම්, එම ‘ජනතා බලයම’ වෙනසක් කිරීමේ තීරණාත්මක සාධකය වනු ඇත.

*2014 මැයි 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ I Am A Sri Lankan Muslim Extremist! නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comments

  • 3
    4

    you belong to black clad, face covered muslim racsists…you are spreading muslim extremism on our land..

    • 1
      0

      ela kolla and avatars,

      Did you return to Habaraduwa?

      A Monk in Habaraduwa gives proper education.

      https://www.youtube.com/watch?v=yNSC93mPs4I

      • 0
        1

        amASSiri, don’t worry pope will make you happy in the bed

  • 1
    2

    Did the planes that struck the twin towers of U S A were hijacked and directed by unseen and made-up enemies? Don’t try to fool the people of the world. Islam has become a threat to the civilized world. If you proclaim yourself as an “extremist” for such cause,you painted a target on yourself.

    • 0
      0

      I think you doesn’t know complete details about 9/11. you have to know so many things about 9/11. this gentlemen trying to say something but he doesn’t know how to expressed. I think he’s not a Muslim or Buddhist. someone else.

  • 0
    1

    මෙතුමා ඉතා සීතල ලෙස අපිව ගොනාට අන්දවන්න උත්සහ කරයි .බොදු බල සේනාවේ නොමේරු ළමා ක්‍රියා කලාප නිසා මෙවැනි අයට නොමිලේ ලකුණු දම ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබී ඇත.ඇත්ත වශයෙන්ම මුස්ලිම් ජනතාව තම වැඩක් බල ගෙන පාඩුවේ සිටියා නම් මෙවැනි ප්‍රශ්න කිසිසේත් ඇති නොවනු ඇත.සත්‍ය තත්වය එය නොවන බව දිනෙන් දින ඉහල යන මුහුණ වස ගත්තවුන්ගේ ගණනින් සහ හන්දියක් හන්දියක් ගානේ ඉදිවන පල්ලි වලින් ඉතා පැහැදිලිව පෙනේ.අපේ මෝඩ සිංහලන්ගේ ආවේගශීලී නොමේරු ක්‍රියා නිසා මොවුන්ට ඉතාමත් අහිංසක වේශයක් ලෝකයා ඉදිරියේ පෙන්විය හැක.එහෙත් ඇත්ත ඊට වැඩ බොහෝ තිත්තය.මොවුන් ඉල්ලන්නේ මොවුන්ට රිසි සේ රට ඉස්ලාම් කරණය කිරීමට ඉඩ දී අපට කට පියා ගෙන ඉන්නටය.ඔවුන් සාමකාමිය ,එය ඇත්ත.ඔවුන්ගේ කුට ව්‍යාපාරයට රණ්ඩු වීමට අවශ්‍ය නැත .ඉතා සුඋක්ෂම ලෙස මොවුන් තව අවුරුදු සියයකින් පමණ අපව නැත්තටම නැති කර දමනු ඇත.අපට කෙසේ වෙතත් අපේ දරු මුණුපුරන්ට මොවුන්ගේ දාසයන් සේ ජීවත් වීමට සිදු වනු ඇත.මොවුන්ගේ වර්දන වේගය අඩු කිරීමට යම් ක්‍රියා මාර්ගයක් ගත යුත්මය.සිංහල ජනතාව තම වර්ගයාගේ පැවැත්ම උදෙසා සක්‍රියව දායක විය යුතු කාලය පැමිණ ඇත.අපි අපගේ ජනතාව සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන සොයා නොබැලුවොත් අපේ ජාතියේ මළගම වැඩි අතක නොවෙනු නියතය.මේ සත්‍යය විකුර්ති කිරීමට මොවුන් නොයෙක් අයුරින් කස කවන බව පෙනේ.සිංහලයෙනි,මෙයට නොරැවටෙන්න.බොදු බල සේනාව වැනි අමනොඥ්ඥ ක්‍රියා වල නොදී තම ජාතියේ සුරක්ෂිත භාවය සඳහා ඉදිරිපත්වී ක්‍රියා කරන්න .මොවුන් කෙසේ කීවත් ඔබට ඒ සඳහා පුර්ණ අයිතියක් ඇත.දෙදහස් පන්සීය වසරක ශිෂ්ටාචාරය ඉදිරි පරපුරට දායාද කිරීමට පෙරමුණ ගන්න.එය ජාතිවාදී වීමක් නොව ජාතිය රැක ගැනීමට වෙර දැරීමක් පමණි.

  • 0
    0

    He is trying to do a ”diya redden bella kapanawa wage”thing.Yes violence against anyone is bad.However,muslims should understand they are very much a part of this problem.If they don’t have hidden agendas like spreading their religion and populating themselves which can threaten the existence of others,there will not be any problems like this.We cannot be like deaf and blind when they are slowly and silently eroding into our age old existence on this land.You are welcomed to co-excist peacefuly.But when you are threatening our existence,sorry brother, we cannot act as the old notion”sinhalaya modaya,kavum kanna yodaya”.I know you would love to see us like that so you can carry on your your agenda but we have to protect this land for our grand children also.Unlike for you guys, we have no where else in this world, for us to live in peace.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.