
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ මේ දිනවල වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් බොහොම වේගයෙන් වැඩ. වැඩකරන ජනතාව වෙනුවෙන් මැයි දිනය සමරන්න විශාල උනන්දුවකින් මහන්සිවෙන බව පේනවා. මම කලපනා කලා වැඩකරන ජනතාවගේ අවධානය ඔවුන්ට වැදගත් වන කරුණු කරනා කීපයකට යොමු කලොත් වටිනවා කියල.
බලන්න මේ සමග පල කරලා තියෙන ඡායාරූපය. මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ අද මෑන් පවර් එජෙන්සියක වැඩ කරන සේවකයෙක්. මොහු සේවය කරන්නේ කොළඹ, රජයේ බදු අය කරන රේගු දෙපර්තමෙන්තුවෙ. දිනක වැටුප රුපියල් 490යි. රජය අදාල සමාගමට එක සේවයකුට ගෙවන මුදලින් අඩක්වත් මේ දුප්පත් සේවකයකුට නොලැබෙන බව බොහෝ අය නොදන්නවා වෙන්න පුළුවන්. මොවුන්ට මොනම සේවක අයිතිවාසිකමක්වත් නැහැ. ඔවුන් වෙනුවෙන් කතාකරන්න කවුරුවත් නැහැ. ඔබට මෙය අදයගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් වැඩ කරන දුප්පත් ජනතාවගේ ශ්‍රමය නුතන ලංකාවේ ගසා කන්නේ මෙහෙමයි.
මම එංගලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. ඒ රටේ මැයි දිනයට කිසිම දේශපාලන පක්ෂයක් කෑ ගසන්නේ නැහැ. මොනම රැස්වීමක්වත් නැහැ. මැයි දිනය සතිය මැද වැටුනොත් නිවාඩුව ලැබෙන්නේ වඩාත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්න සිකුරාදා දිනයේ.
කරන රැකියාව කුමක් වුවත් පැයකට අවම වශයෙන් පවුම් 7.20 ක් ගෙවන්න නීතියෙන් බැඳිලා ඉන්නව සෑම ආයතනයක්ම. ලැබෙන අදායම පවුල නඩත්තු කරන්න ප්‍රමනාවත් නොවෙයි නම් රජය වැඩ කරන ජනතාවගේ පෞරුෂය හැල්ලු කරමින් හිඟමනේ යන්න දෙන්නේ නැහැ. රජය ලබන බදු අදායමෙන් එම අඩු ආදායම් ලාභී පවුල් වලට working tax credit වගේම family tax credit නමින් ගෙවීමක් කරනවා, ඒක සැහෙන මුදලක්. රජය ඒ සඳහා පවුම් බිලියන ගණනාවක් වැය කරනවා. සුව සේවය සම්පුර්ණයෙන් රජයෙන් (බෙහෙත් ඇතුළුව). අධ්‍යාපනය සම්පුර්ණයෙන් නොමිලේ (අච්චු පොත් සහ කොපි පොත් ඇතුළුව)
ලංකාවේ වගේ කිසිවකුට රජයේ අදායමට ඇඟිලි ගහන්න බැහැ. එය බරපතල දඬුවම් ලැබිය යුතු වරදක්. රාජ්‍ය ආයතනයකට අයථා ලෙස අතපෙවිම කෙලින්ම ගෙදර යන්න වෙන බරපතල වරදක්. අයථා ලෙස මැදිහත් වෙමින් ටෙලිෆොනේ call එකක් දීම හොඳටම ප්‍රමාණවත්. එවැනි බලපෑම් කරන දේශපාලකයින්ව එලිකිරීමට රාජ්‍ය නිලධාරින්ට නීතියෙන්ම රැකවරණය ලබාදීල තියෙනවා (public interest disclosuere law)
වැඩ කරන ජනතාව කෙරෙහි සැබෑ වේදනාවක් අද ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති බව දැන් ඔබට වැටහෙනවා ඇති. ජනතා අයිතීන් රැකීමට කිසිම නීතියක් නැති බව ඔබට වැටහෙනවා ඇති. මේ රටවල් නමින් පමණක් ප්‍රජතන්රවාදී ක්‍රියාවෙන් ඊට හාත්පසින්ම පටහැනියි. නම “Democartic Republic of Sri Lanka “. හැමදාම කලේ රටේ ජනතාව වංචා කරන එක. අද ඉන්න දේශපාලකයින් එවකට හිටිය එන් එම්, පිලිප්, ඩඩ්ලි, වැන්න වුන්ගෙන් මයිල් ගහක්වත් තරම් නොවටිනා බව කනගාටුවන් වුවද කියන්න ඕන. සිංහල දෙමළ තරුණයෝ තොග පිටින්, දස දහස් ගණනින් වසර 25 කට පමණ වරක් පෝරකයට යන්නේ මේ නිසයි. ජීවිතය පරදුවට තබල මාලු අල්ලන වල්ලම් වලිම් වෙනත් රටවලට යන්න දුප්පත් ජනතාව පෙළඹෙන්නේ මේ නිසයි. අහුවුනම ඒ අහිංසක මිනිස්සුත් හිරේ දාල විදෙස් වලින් ගරු නම්බු ගන්න රටක් මේක. පවුල් නඩත්තු කරන්න බැරි අම්මල මැද පෙරදිග රටවල යවලා මිනී පෙට්ටිවල ආපසු එන රටක් මේක. එම දුප්පත් අය එවන විනිමය රටේ විශාලම ආදායම වශයෙන් පුරසාරම් දොඩන රටක් මේක.
මේ රටේ නීතියේ ස්වාධිපත්‍ය පොතට පමණයි. වෙන රටවල නීතිපති නීතියේ ආධිපත්‍ය රැකීමට කැපවෙලා, එම ධුරයේ කාර්ය හා කර්තව්‍ය එයයි. එත් ලංකාවේ නීතිපතිට ස්වාධීනව එම ධුරය කරන්න බැහැ. වංචා කරුවන් ආරක්ෂා කරන්න නීතිපතිට නිරන්තරයෙන්ම බලකරනවා. අධි චෝදනා ලැබ නීතිය ඉදිරියට පැමිණවූ (මහාධිකරණයේ) අපරාධකරුවන් නිදහස් කිරීමට නීතිපති ධුරය නින්දිත ලෙස පාවිච්චි කරන රටක් මේක.
රටම රවටන වංචනික දේසපාලුවන් පස්සේ යන වැඩ කරන ජනතාවට මේක හොඳ පාඩමක්. ජනතාව මෝඩ විදියට කොළ, නිල්, රතු වශයෙන් බෙදිලා අන්ධ බක්තියෙන් දේසපාලුවන් පස්සේ යනවා. දේසපාලුවන් අවුරුදු 5 කට පස්සේ ෆුල් පෙන්ෂන්. tax free car permit, නොමිලේ medical facilities, නොමිලේ කෑම, ජනතා බදු මුදලින් රට සවාරි. ජනතාව මත බදු පිට බදු, දිනෙන් දින දුකින් දුකටම තල්ලු කරන රටක් මේක.
තත්ත්වය ඉතා කණගාටුදායකයි. මේ රටේ ජනතාව තමන් ඉන්නේ පැදුරෙනුත් පල්ලෙහා කියල තේරුම් ගන්නේ කවදාද.