28 March, 2024

Blog

ශී‍්‍ර ලංකාව වගවීමෙන් බැඳ ගැනීම

‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ කතුවැකිය –

ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ මානව හිමිකම් අපහරණයන් ගැන සොයා බැලීම සඳහා විශ්වසනීය සහ ස්වාධීන විමර්ශන ක‍්‍රියාවලියක් අරඹන ලෙස ශ‍්‍රී ලංකා රජයට බල කිරීමට වොෂින්ටනය නැවතත් තැත් කරයි. ඒ ගැන රජයේ නිලධාරීන් සහ ප‍්‍රජා ක‍්‍රියාකාරිකයන් සමග සාකච්ඡුා කිරීම සඳහා ඇමරිකානු රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතවරියක් ගිය සතියේ ලංකාවට යැවීම කාලෝචිත ක‍්‍රියාවකි.

mahindaයුද්ධයේ අවසාන කාලයේ දී 40.000 ක තරම් වන සිවිල් වැසියන් පිරිසක් මියයන්නට ඇතැ යි, ඒ ගැන සොයා බැලීමට පත්කළ එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් මගින් වාර්තා කොට තිබුණි. එයින් බොහෝ පිරිසක් මියගොස් තිබුණේ ආණ්ඩුවේ ෂෙල් වෙඩිවලිනි. එහෙත් ඒ ගැන වගකිව යුත්තන් ගැන පියවර ගැනීමට ආණ්ඩුව අසමත්ව තිබෙනවා පමණක් නොව, එසේ කිරීමට ජාත්‍යන්තර ප‍්‍රජාව ගන්නා සෑම ප‍්‍රයත්නයකටමත් හරස්ව සිටී. රජයේ හමුදා මගින් මෙන්ම දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් ද කරන ලද අපරාධ සම්බන්ධයෙන් සොයා බලන්නැ යි ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මේ දක්වා සම්මත කරගෙන ඇති යෝජනා දෙකක්ම ශ‍්‍රී ලංකා ආණ්ඩුව නොසළකා හැර තිබේ. දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරියක් වන නිෂා බිස්වාල් මේ දිනවල ලංකාවේ සංචාරය කරන්නේ, එවැනිම තවත් තුුන්වැනි යෝජනාවක් ලබන මාර්තුවේ දී ඇමරිකාවෙන් ගෙන ඒමට සැලසුම් කෙරෙමින් තිබෙන පසුබිමක යැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

යුද්ධය අවසන් වී දැනට අවුරුදු පහක්ම ගත වී ඇති නිසා, වගවීම සඳහා කෙරෙන මෙම ඉල්ලීම් අමතක කර දැමීමට ලෝකයාට සහ ඇමරිකාවට අසීරු නැත. එහෙත් එසේ කිරීම ඛේදනීය තත්වයක් උද්ගත කරනු ඇත. මන්ද යත්, එය, වගවීමකින් තොරව මහ පරිමාණ මිනිස් ඝාතන කිරීමට තමන්ට ලැබෙන අවසරයකැ යි ඔවුන් සිතිය හැකි බැවිනි.

රාජපක්ෂ මහතාගේ අභිප‍්‍රායයන් සහ අරමුණු තේරුම් නොගැනීමට තරම් කෙනෙකු නියාලූ විය යුතු නැත. විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ඔහුට උනන්දුවක් නැත. එසේම මාධ්‍යවේදීන්ට එරෙහිව ඔහුගේ ආණ්ඩුව ගෙන යන තාඩනපීඩන මගින් පෙන්නුම් කරන්නේ ද, විවේචන ඉවසීමට ද ඔහු සූදානම් නැති බවයි. ඒ සමගම, ජාත්‍යන්තර බලපෑම් නිසා, අකමැත්තෙන් වුවත් ඇතැම් තීරණ ඔහු ගෙන ඇති බව ද සත්‍යයකි. උදාහරණයක් වශයෙන්, වසර ගණනක් තිස්සේ ඔහුගේ ආණ්ඩුවෙන් මගහරිමින් සිටි, දෙමළ බහුතරයක් වෙසෙන උතුරු පළාත් සභා මැතිවරණය ගිය සැප්තැම්බරයේ දී පැවැත්වුණි. එසේ තෝරාගත් පළාත් සභාව, ස්වාධීන යුද අපරාධ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට, පසුගිය දා යෝජනා සම්මත කරගත්තාය. යුද්ධය තුළ දී ඇති වූ දේවල් ගැන පූර්ණ වගවීමක් ඉල්ලා සිටින ශ‍්‍රී ලාංකිකයන් සමග ජාත්‍යන්තරය පෙළ ගැසීම වැදගත් ය.

*2014 පෙබරවාරි 3 වැනි දා ‘ඉන්ටර්නැෂනල් නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ Holding Sri Lanka to Account” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය 
‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    l.t.t.e. garilla sanvidanayak . anduvak kiyanne garilla sanvidanayak nove. aneka k.p. karuna amman lata eka neetiyak.samannaya game l.t.t.e.ayata vena neetiyak aneka api handapu l.l.r.c. kriyatmaka karanna bari hetuva kumakda.avasane dina keepaya nove manava himicam kadila tiyenne.yuddaya kalaya puravatama vela tiyenava. aneka demala muslim sinhala siyalu samanya janatavata sidda vela tiyenava siduvemin pavatinava. me palana kramaya venas viya yutui pudgalayo nove.

  • 1
    0

    40000ක් ජනතාව මැරුනේ හමුදාව අතින්ද කොටි අතින්ද කියල කොහොමද දන්නේ?කොටින්ට තිබුන හමුදාවට නොතිබුන යුධ උපකරණත්

  • 1
    0

    මැරුණ දෙමල ජනතාව වෙනුවෙන් වගකීම භාර දෙන්න හොයනවා.ඒ අය මැරුනේ අපේ හමුදාව අතින්ද කොටි අතින්ද කියල තවම දන්නෙ නැහැ.නමුත් ගෝනගල ගමට කොටි පැනල සිවිල් වැසියන් කපල කොටල ඝාතනය කළා.සාමනේර භික්ෂුන් වහන්සේලා අමානුෂික ලෙස ඝාතනය කළා.තව මේ වගේ අපරාධ කීයක් මේ රටේ උනාද ?අද වෙන තුරුත් කිසිම සංවිධානයක් මේ ගැන කිසිම දෙයක් නොකලෙ,සිංහලයන්ගේ ලේ දෙමලුන්ගේ ලේ තරන් රතු පාටින් අඩු නිසාද ?සිංහල අයගේ ලේ වල හිමොග්ලොබින් අඩුද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.